SLMarketer

Fiverr v2 එක්ක Long-Term Fiverr Business එක පටන්ගන්න

Fiverr Strong Account Guide

කාලෙකට කලින් 2009 අවුරුද්දේ ව්‍යවසායකයන් දෙන්නෙක්ට අලුත් අදහසක් ආවා. ඒ අඩු මුදලකට වටිනාකමක් ඇති සේවයන් පිරිනැමීමයි. මේ ව්‍යවසායකයන් දෙන්න නම්වලින් Micha Kaufman හා Shai Winingerය. මෙයාලට මේ Idea එක ආවාම මෙයාලා කරේ ‘$5ට සලසන්න පුලුවන් මොනාද’ කියන ප්‍රශ්ණය යටතේ එයාලගේ Product එක 2010 වසරේ පෙබරවාරි වලදී වෙළදපොළට Beta Version එකක් විදිහට නිකුත් කලා, ඒ Fiverr(Five-er) කියන නමින්.

මෙන්න මේ විදිහට එයාලට ආපු Idea එක අත්හදා බලපු ඒ අය මේක සාර්තක Business Model එකක් කියන තීරණයට ආවා, ඊට පස්සේ පුන්චි පුන්චි වෙනස්කම් අලුත් Features එකතු කරලා කාලයක් කිසිම සද්දයක් නැතුව හිටියා. ඒ ජුනි මාසේ 26 වෙනි දවස එනකං. මේ දවසේ තමයි Fiverr v2 Design & Features ඔක්කොම මුළු ලෝකෙටම විවෘත වුනේ. ඒ නිසා මේ වෙනකොට ඔයා මේ අලුත් Fiverr v2 Design එක පාවිච්චි කරන එක ගැන නම් කිසිම සැකයක් නැහැ..!

Fiverr v2 එක Officially Worldwide Release වෙලා අදට දවස් 14 ගිහින්, ඒ වගේම අලුත් Fiverr v2 එකේ හොඳ වගේම නරක ගැනත් කියන්න දේවල් ගොඩයි. ඒ දේවල් ඔක්කොමත් එක්ක අද කියන්න යන්නේ Fiverr Account එකක් හදලා ගින්දර වගේ Professional Gig එකක් හදන හැටි වගේම Fiverr v2 Tools & Features වලින් උපරිම විදිහට වැඩ ගන්න හැටියි, තව වැඩි කලක් ආයුෂ නැති පුන්චි Tips ටිකකුයි.

First Finger on Fiverr v2

දැන් හැමෝටම Fiverr v2 Officially Release කරලා තියෙන නිසා අලුතෙන් මුකුත් කරන්න දෙයක් නැහැ, මේ කියන්න යන්නේ Fiverr Account එකක් හදන හැටි. හැබැයි ඊට කලින් කියන්න දෙයක් තියෙනවා, ගොඩක් අය ලංකාවේ විදිහට Fiverr Account හදන්න කැමති නැහැ. ප්‍රධාන හේතුව විදිහට කියන්නේ, ලංකාවේ Account වලට Sales එන්නේ නෑ කියලා…!

ඒත් මෙතනදි එහෙම දෙයක් වෙන්නේ නෑ, Fiverr Gigs ටික දාලා බලාගෙන ඉන්න හැමෝටම වගේ Fiverr Sales එන්නේ නැත්තේ එයාලගේ තියෙන Mistakes හින්දා මිසක් ලංකාවේ Flag එක තියන හින්දා නෙමෙයි.

ඔව්, සමහරවිට ඔයා දෙන Service එකට ගැලපෙන්නේ US Fiverr Account එකක් වෙන්න පුලුවන්. ලංකාවේ Fiverr Account එකකට Sales එන්නේ නැත්තේ නෑ, අවශ්‍ය වෙන්නේ හොඳ කැපවීමකුයි මහන්සිවෙලා වැඩ කරන්න පුලුවන් ශක්තියකුයි විතරයි. කොහොමත් US, UK රටවල මිනිස්සුන්ට ලෝකේ අනිත් මිනිස්සුන්ට වඩා සැලකිල්ලක් තියෙනවා. මේ කියන්නේ ඔයා US Account එකක් හැදුවොත් අනිවාර්යයෙන් Sales එනවා කියලා නෙමෙයි, ඒකට පොඩි Influence එකක් තියේවී කියලා.

මොනාවුනත් අන්තිම තීරණය ඔයා අතේ, ඒත් ලංකාවේ Fiverr Account වලට Sales එන්නේ නෑ කියන මිත්‍යාව හිතින් අයින් කරගන්න.

Simple Registration as a World Wide Freelancer!

මුලින්ම Fiverr.com වලට යන්න, ගිහින් ඔකේ උඩම කොනේ තියන Join Click කරන්න, එතකොට පහළ විදිහට PopUp එකක් Load වෙයි.

Fiverr v2 Account Creation

ඔය ඉල්ලලා තියෙන දේවල් කරලා Fill කරන්නයි ඕනා, මෙතනදි Username එක තෝරගනිද්දි වැඩේට ගැළපෙන එකක් නම් හොඳයි, ඒ කිව්වේ ඔයා කරන්න ඉන්නේ Video Intro සම්බන්ධ දේවල් නම් Intro කියන වචනයත් එක්ක ඔයාගේ Username එක හදාගන්න පුලුවන්.(eg.IntroSoul) මෙහෙම කරන්න කියලා අනිවාර්ය නැහැ, ඒත් මෙහෙම කලොත් පොඩි SEO Benefit එකක් තියෙනවා.

Fiverr Activation Email

හරි, ඔයා Join Click කරාම ඔයාට මෙන්න මේ වගේ Confirmation ඊමේල් එකක් එයි. ඒකේ තියෙන Confirmation Link එක කරලා Fiverr Account එක Confirm කරන්න. දැන් ඔයාගේ Fiverr Account එක හදලා ඉවරයි, දැන් තියෙන්නේ Details Fill කරලා වැඩ පටන්ගන්නයි.

Updating Fiverr v2 Profile…

දැන් ඔයා Fiverr Account එකට ලොග්වෙන්න, එතකොට මේ වගේ Interface එකක් එයි.

Fiverr v2 Account Dashboard

තාම ඔයාගේ Fiverr Account එක හැදුවා විතරයි, ඉතින් ඕකේ Gigs දාන්න කලින් කරන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. ඒ,
1. Fiverr Profile එකට හොඳ පින්තූරයක් දැමීම.
2. Fiverr Profile එකට About Description එකක් දැමීම.
3. ඔයාගේ Facebook Account එක Fiverr Account එකත් එක්ක Link කිරීම.
4. PayPal Account එක Associate කිරීම.

1. Fiverr Profile එකට හොඳ පින්තූරයක් දැමීම.

Fiverr v2 Account Settings Path

අලුත් Fiverr v2 Design එකේ Profile Image එක ටිකක් ලොකුයි, ඒත් හරියටම Image Size එක ගැන Fiverr Settings Page එකේ කියලා නැහැ. නමුත් ඔයාගේ Image Size එක වෙන්න ඕනා 250px*250px. එහෙම කියන්නේ Image Size එක Check කරලා බලලා. මේ Profile Image එකට මොනාහරි එකක් දාන්න එපා. ඔයා කරන්න ඉන්න වැඩේට සම්බන්ධ විදිහේ Image එකක් අලුතෙන්ම හදලා දාන්න.

Fiverr Editorsලා කැමතියි Fiverr Logo එක ඔයා නිතරම පාවිචිකරනවනම් ඒ නිසා ඔයාගේ Fiverr Profile Image එකට Fiverr එකේ Official Logo එකත් එකතුකරන්න.

වෙනත් තැන්වලින් මේ Fiverr Logo එක ගන්න ඕන නැහැ, එයාලගේ Press Kit එකෙන්ම Original Quality Logo එක ගොඩක් Formats & Sizes වලින් ගන්න පුලුවන්, ගිහිල්ලම බලන්නකෝ.

2. Fiverr Profile එකට About Description එකක් දැමීම.

Fiverr v2 Profile About Description

මෙතන ලියන්න ඕනේ ඔයා ගැන පුන්චි විස්තරයකුයි, ඔයා කරන්න ඉන්න Services මොනවද කියලා. මොනා කරන්නත් තියෙන්නේ අකුරු 300ක ඉඩක් විතරයි. දන්නවද… SEO වලින් මේක දිහා බැලුවොත් ඔයා මෙතන ලියන About Description එක තමයි ඔයාගේ Fiverr Account එකේ Meta Description එක, වෙනත් විදිහකින් කිව්වොත් Search Engine Result එකේ එන පුන්චි විස්තරය තමයි මේක.

ඔයා Search Optimized About Description එකක් ලියනවා නම් ඔය අකුරු 300, අකුරු 150ට අඩු වෙනවා. මොකද Google එකේ Meta Description එකට උපරිම ගන්නේ 160 නිසා. මේ වගේ තව SEO Tips තියෙනවා Fiverr එක්ක පාවිච්චි කරන්න පුලුවන්, ඒවා වෙනත් පෝස්ට් එකකින් තමයි කියන්න ඉන්නේ.

වචන වලින් ගොඩක් දේවල් කරන්න පුලුවන්, කාලයක් අර Fiverr eBook එකේ තිබුන About Description එක හැමෝම දැම්මා, ඒ About Description එක දැන් නිකන් Rape වෙලා වගේ..!! ඔයා තාමත් ඒක නම් පාවිච්චි කරන්නේ දැන් ඒක ඔයාගේම ලස්සන About Description එකකට මාරු කරගන්න. ඔව් ඒ Description එක Nice Creative වැඩක්, නමුත් දැන් ඒක හැමෝම පාවිච්චි කරන සාමාන්‍ය දෙයක් වෙලා.

හැමෝම කරන දේ ඔයත් කරන එක කවදාවත් ‘Unique’ කියන වචනය ඇතුලට ගන්න බැහැ. ඒ වගේම Internet Marketing වල සාර්ථක වුන මිනිස්සු ඔක්කොම වගේ Unique Ideas ගැන හිතන්න පුලුවන් අය. ඉතින් ඔයා ටිකක් හිතන්න ඔයාට කොයි වගේ දෙයක් ලියන්න පුලුවන් වෙයිද කියලා. ඔයා සමහරවිට Internet Marketing දිහා Simple ඇහැකින් බලනවා ඇති, ඒත් මේක ඔහේ කරන්න පුලුවන් දෙයක් නෙමෙයි, හොඳ StartUp එකක් ගන්න නම් Unique විදිහට හිතන්න ඕනා. ඒ විදිහට හිතපු මිනිස්සු තමයි අද ලෝකෙම ආදරය කරන පට්ට Company නිර්මාණය කරලා තියෙන්නේ. ආයෙත් මේ පෝස්ට් එකේ පළවෙනි ජේදය කියවන්න…!

3. ඔයාගේ Facebook Account එක Fiverr Account එකත් එක්ක Link කිරීම.

Name, PayPal + Facebook Connect Page

මේක අලුත් Fiverr v2 වල ආපු අලුත් Feature එකක්. මේක කරන්න අනිවාර්ය නැහැ, කරන එකෙන් මොනාහරි Influence එකක් තියෙනවා කියලා තමයි හිතෙන්නේ.

4. PayPal Account එක Associate කිරීම.

ඔයාගේ Fiverr Earnings Withdraw කරන්න පුලුවන් PayPal Account එකකට, ඉතින් PayPal Email එක Fiverr Account Settings Page එකේ දාලා Save කරන්න. සමහරවිට ඔයා Payoneer Card or Fiverr Revenue Card එකට මේ මුදල් ගන්න කැමති ඇති. ඒත් Payoneer Card එකකට Withdraw කරන්න පුලුවන් වෙන්න නම් අඩුම තරමේ ඔයා Fiverr Level 1වත් වෙන්න ඕනා. ඔයාට මුදල් ගෙදරට ගන්න අවශ්‍ය නම් Fiverr Level 1 වෙලාම Withdraw කරන එක තමයි හොඳ.

හරි, දැන් මේ දේවල් ඔක්කොම කලාම Fiverr System එකේ ඔයාගේ Account එක Safe Zone වෙනවා. පහළ පින්තූරය බලන්නකෝ, ඒ තියෙන්නේ මේ දේවල් කලාම Fiverr Profile එකේ Completion Percentage එක පෙන්වන පින්තූරයක්. Fiverr Business එක පටන්ගන්න කොට Fiverr System එකට ඔයා Professional කියලා පෙන්වන්න ඕනා වගේම ඔයා එහෙම Fiverr System එකට පෙන්වනකොට Fiverr Visitorsලටත් නිකන්ම පේනවා.

කවුරුත් කැමති නෑ අහසින් පාත් වෙච්ච කෙනෙක් එක්ක එකපාර ගණුදෙනුවක් කරන්න. ඉතින් ඔයා ඇත්තම කෙනෙක්, ඔයා මේ දේවල් වලට දක්ෂ කෙනෙක් කියලා පෙන්වන්න ඕනා. Fiverr Profile Image එකයි, Fiverr Profile Description එකයි කියන දෙක Visitor කෙනෙක්ගේ විශ්වාසය ගන්න උදව් වෙනවා වගේම ඔය ඔක්කොම දේවල් Fiverr System එකේ විශ්වාසය ගන්න උදව් වෙනවා.

තව ගොඩක් දේවල් Fiverr Business ගැන කියන්න තියෙනවා, ඒවා ඉස්සරහට ලියන ලිපිවලින් කියවන්න පුලුවන්. තව දෙයක්, ඔයාට මොනාහරි විශේෂ දෙයක් Fiverr ගැන දැන ගන්න කැමතිද..? ඒක Comment එකකින් ලියන්න පුලුවන් නම් උත්තරයක් දෙන්න පුලුවන් වෙයි.

ඔයා අලුත් දෙයක් මේ Fiverr Ultimate Post එකෙන් ඉගෙනගත්තද..? එහෙනම් ඒක ගැන ඔයාගේ Facebook එකේ යාළුවෝ ඔක්කොටම කිව්වොත් මොකද? පෝස්ට් කියවන හැමෝම Share කරනවා කියන්නේ ඉක්මනින් තව High Quality පෝස්ට් ලියවෙනවා කියන එකයි..!

ඔයාගේ Living Income එක Fiverr හරහා හොයන්න කැමතිද? FUPS එකේ සඳහන් නොවන Fiverr Strategies දැනගන්න ආසද? එහෙනම් ඔයාගේ Email එක ලියලා Subscribe වෙන්න.!