• Home
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Fiverr Sinhalen — FUPS

SLMarketer

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන්න ඉගෙනගන්න

Earn Free Bitcoin
  • Social Media Marketing
  • Affiliate Marketing
  • Online Marketing
  • WordPress
  • BlogSpot
  • Blogging
  • SEO
You are here: Home / Archives for SEO

Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්

January 16, 2014 By ෂ්‍යාම් චතුරංග 9 Comments

Bounce rate explained in Sinhala language for better content creation

Search Engine Optimization කියන වචන ටික දැන් Blogging එක්ක ප්‍රබලව කාවැදුනු දෙයක් වෙලා. 2013 Googleගේ Hummingbird Algorithm Update එකත් එක්ක ඔයාගේ Blog එකට Organic Traffic එකක් එන්නේ නැද්ද? නැත්නම් ඔයා හිතන්නේ SEO Dead කියලද?

නැහැ! කවදාවත් SEO ප්‍රථිපළ නොදෙන්නේ නැහැ.

SLMarketer වලින් Search Engine Optimization ගැන ඔයාට තේරුම්ගන්න පුලුවන් හැකියාව දියුණුකරන්න ලංකාවේ හොඳම සිංහළ SEO Definitions List එක ලිව්වා. ඒක ඔයා කියෙව්වද? ඔයා ඒක කියවලා ගන්න ඕනා දේවල් ගන්න ඇති කියලා හිතනවා.

ඒ සිංහළ SEO Glossary එකේ එක තැනක Bounce Rate කියලා වචනයක් තියෙනවා. ඒක ගැන ඔයා මොනවද දන්නේ? කැමතිද ඒක ඔයාගේ වාසියට Use කරලා Organic Traffic ගොඩක් ඔයාගේ Blog එකට ලබාගන්න.

The Thing Called Bounce Rate …

Bounce Rate is just like rubber ballඔයා Bounce Rate කියන දේ හරියටම තේරුම්ගත්තද SEO Definitions ලියපු පෝස්ට් එකේ? කොහොමවුනත්, මේ Post එකෙන් ඔයාට Bounce Rate ගැන ගොඩක් දේවල් කියවන්න පුලුවන්.

ඇත්තටම Bounce Rate කියන දේ කෙටියෙන් කියනවා නම් Rubber Ball එකක් වගේ. ඔයා දන්නවනේ Tennis Ball එකට වඩා Rubber Ball එක Bounce වෙනවා කියලා වැඩියෙන්. ඒ වගේ දෙයක් තමයි SEO වල එන මේ Bounce Rate එකත්. ඔයාගේ Content එකේ වැදිලා විසික්වෙනවා

ඔයා Blog එකේ Posts ලියන්නේ මිනිස්සුන්ට කියවන්න. ඉතින් මේ එන Visitor කෙනෙකුව Reader කෙනෙක් බවට පත්කරන්න බැරි ඕනම Content එකක් Bounce Rate එකට අහුවෙනවා.

[Read more…]

Filed Under: SEO

High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න

January 10, 2014 By ෂ්‍යාම් චතුරංග 3 Comments

Image SEO Tips & SEO Tool

Images කියන්නේ කවුරුත් දකින්න ආස දෙයක්. ඕන කෙනෙක්ගේ Attention එක තත්පරයකටත් වඩා අඩු කාලයකින් ගන්න පුලුවන් බලවත් හැකියාවක් මේ Images වලට තියෙනවා. නමුත් අවාසනාවකට ඇත්ත කතාවක් වගේ Images කියන දේ දකින්න පුලුවන් මිනිස්සුන්ට විතරයි, – Search Engines වලට මේවා දකින්න බැහැ.

Pictures, Photos, Pics කියන මේ මොන දේ කිව්වත් මේවා දකින්න වගේම විදින්න පුලුවන් වෙන්නේ මිනිස්සුන්ට විතරයි. ඉතින් Search Engines වලට මේ තිබෙන අපහසුතාව මඟහරවගෙන SEs වලටත් Images දකින්න පුලුවන් හැකියාවක් ලබාදෙන්නේ කොහොමද කියලා තමයි දැන් කියන්න යන්නේ.

SEO!

ඔව්, මේක කරන්නේ SEO Strategy එකකින්. ඔයා දන්නවද SEO කියන්නේ මොකක්ද කියලා? ඊයේ Publish කරපු සිංහළෙන් SEO Glossary Post එක කියෙව්වානම් දැනටමත් ඔයා දන්නවා SEO කියන්නේ මොකක්ද කියලා. ගොඩක් අයට SEO කියන්නේ මොකක්ද කියලා Transparent Idea එකක් නැතුව SEO කරනවා, ඉතින් මේ අය ගොඩක් වෙලාවට ගන්නේ වැරදි තීරණ.

ඒක නිසා SEO කියන්නේ මොකක්ද කියලා නිවැරදි Transparent අදහසක් ගන්න එක ඉතාමත් වටින දෙයක්.

SEO: The Transparent Idea

SEO එහෙමත් නැත්නම් Search Engine Optimization වල ආරම්භය 90s දක්වා ආපස්සට යනවා. මොකද ලෝකේ මුලින්ම Search Engines බිහිවෙන්න පටන්ගත්තේ මේ කාලයේ නිසා. SEO වලට ආරම්භයක් ලැබුනේ SEs බිහිවුණ නිසා. කෙටියෙන් කිව්වොත් SEO වලදී වෙන්නේ Search Engine එකක් කියන Program කරපු System එකක් Feed කිරීමයි, නැත්නම් කෑම කැවීමයි.

[Read more…]

Filed Under: News, SEO

SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

January 9, 2014 By ෂ්‍යාම් චතුරංග 11 Comments

Best Sinhala SEO Glossary

SEO කියන්නේ අපි කවුරුත් කියවන්න වගේම අත්හදා බලන්නත් ආස දෙයක්. ඒත් ඔයාගෙන් SEO කියන්නේ මොකක්ද කියලා මම ඇහුවොත් ඔයාට පිළිතුරක් දෙන්න තරම් දෙයක් දන්නවා කියලා විශ්වාසද?

ඔව්, සමහරවිට ඔයාට ඒ විශ්වාසය ඇති, නමුත් ඔයාට ඒ විශ්වාසය නැත්නම් අද එහෙම විශ්වාසයක් ඔයාට එන බව නම් අනිවා කියන්න ඕනා. 🙂

මොකද, මේක තමයි SLMarketer එකෙන් මෙතෙක් ලියපු දිගම ලිපිය වගේම ලංකාවේ වෙන කොහෙවත් ලියවෙලා නැහැයි කියලා කියන්න පුලුවන් Uniqueම ලිපිය. දිග ගැන දැන්ගන්න ඔයත් කැමති ඇති …
Sinhala SEO Glossary

මේ SEO Glossary Post එකේ වචන 4410ක් තියෙනවා.

SEO ගැන දන්න අය වගේම චුට්ටක්වත් නොදන්න අයටත් එක වගේ මේ ලිපිය වැදගත් වෙයි, මේක ගැන ඔයාගේ අදහසත් යන්න කලින් කියලා යන්න අමතක් කරන්න එපා.

තවත් දෙයක් තමයි ඔයා SLMarketer එකේ මොනාමහරි ලිපියක් Bookmark කරගන්න ඕනනම් ඒ වෙනත් ලිපියක් නෙමේ, මේ SEO Glossary සිංහළෙන් ලිපිය තමයි ඔයා Bookmark කරගන්නම ඕනා. Just Click Ctrl + D

ඔයාට Search Engine Optimization වල තිබෙන වචන 57+ ප්‍රමාණයක සිංහළ තේරුම උදාහරණත් එක්කම මේ SEO Glossaryයෙන් කියවන්න පුලුවන් වගේම කැමති වචනය පහළින් තෝරන්න, SLMarketer Lift එකෙන් ඔයාට තැනටම යන්න පුලුවන්.

විශාලතම සිංහළ SEO Glossary : Lift

[Read more…]

Filed Under: SEO

Google Authorship මඟින් Blog එකේ Search Rank එක දියුණුකරන්න

January 4, 2014 By ෂ්‍යාම් චතුරංග Leave a Comment

Google Authorship Guide

Google එකයි Facebook එකයි නිතරම #1 වෙන්න වෙර දරනවා කියන එක ඔයා දැනටමත් දන්නවා. සමහර වෙලාවට Facebook Alexa Rank එකේ #1 වෙනවා, අනිත් හැම වෙලාවකම වගේ Google තමයි #1 වෙන්නේ. මේ කොහොමවුනත් Youtube කියන්නෙත් Google Service එකක් කියලා අමතක කරන්න බැහැ.

එහෙමනම් හරියටම ලෝකේ #1 වෙන්නේ Google.

දැනට ගොඩක් Google Services අන්තර්ජාලයට නිකුත්කරලා තියෙනවා. මගේ Favoriteම තමයි,

  1. Google Webmaster Tools
  2. Google Analytics
  3. Google Feedburner
  4. Google+
  5. Google Search

මේ Google Services ඔයාට ගොඩක් වැදගත් වෙයි, මොකද ඔයා මේ උත්සහා කරන්නෙ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න.

අන්තර්ජාලයේ ගොඩක් නිවැරදි දේවල් කරන්න Google ඔයාට උදව්කරනවා. කෙටියෙන් කිව්වොත් අවශ්‍ය හැමදෙයක්ම වගේ සපයනවා, ඒ දේවල් නිසියාකාරව පාවිච්චිකරන්න ඔයා ඉගෙනගත්තොත් ලොකු වෙනසක් දකින්න පුලුවන්.

Blogger කෙනෙක් විදිහට ඔයාට වැදගත් වෙන Google Services බොහෝ ප්‍රමාණයක් තියෙනවා, ඒ හැමදේම ගැන Posts 1000ක් ලිව්වත් කියලා ඉවරකරන්න බැරිතරම්. නමුත් මේ Post එක වෙන්වෙන්නේ Google Authorship කියන Google Service එක ගැන කියන්නයි.

Google Authorship

Google Authorship කියන්නේ හොඳ වගේම නරක කරන්න පුලුවන් Service එකක්. ඒකේ හොඳ ප්‍රථිපළ ලැබෙන්නේ ඔයාගේ වැඩ හොඳ වුනොත්. ඒ දේවල් වලට කලින් කියන්නම් G Authorship කියන්නේ මොකක්ද කියලා.

ඔයාගේ Blog එකේ ලියන ඔක්කොම Posts ඔයා විසින් ලියන ලද, ඔයා කතෘ වන බවට Googleට වගේම මුළු ලෝකයටම පෙන්වන්න පුලුවන් අවස්ථාවක් තමයි G Authorship කියන්නේ. ඒක කරන්නේ කොහොමද කියලා LionLK එකේ මම ලියපු දෙවනි Guest Post එකෙන් පුලුවන් වගේම ඒකේ සඳහන් නොවෙන තවත් දේ ගැන මේ Post එකෙන් කියවන්න පුලුවන්.

SLMarketer Google Authorship Test Result

SLMarketer Google Authorship Test Result

Top #5 Benefits of G Authorship

Google Authorship වලින් ගොඩක් Benefits ලැබෙනවා, ඒවා වලින් හොඳම 4 කිව්වොත් කියන්න තියෙන්නේ මේ ටික තමයි.

  1. ඔයාගේ Blog එකේ පළකරන ලිපිවල අයිතිය ඔයාට ලැබෙනවා. ඒ වගේම Googleම ඒ ලිපිය ඔයාගේ කියලා මුළු ලෝකෙටම කියනවා. මේ නිසා ඔයාගේ ලිපි කවුරුවත් Copy කරාට අයිතිය තියෙන්නෙ ඔයාට කියලා Google දන්නවා.
  2. G Authorship තියන High Quality Content ලියන කෙනෙක් විදිහට ඔයා වැඩකරනවා නම්, Author කෙනෙක් විදිහට ඔයාට ලොකු සැළකිල්ලක් Googleගෙන් ලැබෙනවා. ඔව්, ඒ සැළකිල්ලේ එක තැනකින් ඔයාගේ ලිපිවලට Google Search එකේ ඉහළ ස්ථානයක් ලැබීම පෙන්වන්න පුලුවන්.
  3. දවසෙන් දවස දිගටම වැඩිවෙන Competition එකත් එක්ක අලුත් Bloggersලා බිහිවෙනවා, නමුත් G Authorship තියෙන Blogger කෙනෙක් විදිහට ඔයාට ඒ සාමාන්‍ය Level එකෙන් උඩ Level එකට යන්න පුලුවන්. මොකද, ඔයා කවුද කියලා Googleම Search කරන පුද්ගලයට පෙන්වනවා. ඉතින් ඔයට තියෙන Credibility එක, Trust එක වැඩිවෙනවා.
  4. G Authorship ඔයාගේ Google+ Profile එකත් එක්ක කෙලින්ම සම්බන්ධයි, ඉතින් G+ Profile එකට Targeted Promotion එකක් නිකන්ම ලැබෙනවා, හැබැයි ඒකත් Google එකෙන්ම. මේ නිසා ඔයාට ගොඩක් Google+ Circles වැඩිවෙන්න පුලුවන්. High Quality Content ලියනවානම් මේ Chance එක නිසා G+ Circles ලේසියෙන්ම වැඩිවෙනවා.

Warning: Be Smart! Be Useful!

කලින් කිව්වනේ Google Authorship වලට ඔයාට නරක ප්‍රථිපළ දෙන්නත් පුලුවන් කියලා, ඒ මෙහෙමයි. Google ඉහළින්ම අගයන්නේ High Quality, Useful Content. මෙතනදි High Quality, Useful Content කියලා කියන්නේ Search Engine එකෙන් එන කෙනෙකුගේ අවශ්‍යතාවයට නියම පිළිතුරක්, අදහසක්, උපදෙසක් හෝ සේවයක් දෙන්න පුලුවන් Content වලටයි.

Google වගේම ඔයත් දන්නවා Google Search Engine එක කියන්නේ ලෝකේ තියන තවත් එක System එකක් කියලා. ඒවගේම ඔයා දන්නවා ඇති කිසිම System එකක් මනුස්සයෙක් වගේ නැහැ, මේ නිසා ඕනම System එකක් Trick කරන්න හෝ රවට්ටන්න පුලුවන්.

Blackhat SEO කියන්නේ ඒ වගේ Search Engines Trick කරන්න පාවිච්චිකරන ක්‍රමයි. මේ විදිහට ඔයා Content ලියනවා නම් Google Authorship තියාගෙන, එතනින්ම ඔයාගේ Author Score එක ඉවරවෙනවා.

මොහොතකට හිතන්න, ඔයා Keyword Stuff කරලා සත කාලකටවත් එන පුද්ගලයට වැදගත්කමක් නැති Article එකක් ලියනවා ඔයාගේ නමින් වගේම G Authorship හදාගෙන. එතකොට ඔයා කෙලින්ම Googleට කියනවා ඔයා තමයි මේ චාටර් Article එක ලිව්වේ මෙන්න මේ Keyword එකට Rank කරන්න ඕන නිසා කියලා.

ඔය උඩ කිව්වේ එක අවස්ථාවක් විතරයි GA වලින් ඔයාට වැරදෙන්න පුලුවන්. ඒ නිසා මේක හදාගත්තට පස්සේ Low Quality Content ලියලා Blacklisted Author කෙනෙක් වෙන්න නම් එපා.

Get Google Authorship Within 60 Seconds

ඔව්! බොරුවක් නම් නෙමෙයි, ඔයාට පුලුවන් G Authorship වලට අවශ්‍ය දේවල් විනාඩියකින් ලෑස්තිකරගන්න. කැමතිද ඒක කරන්නේ කොහොමද කියලා කියවන්න? සමහරවිට ඔයා කැමති ඇති හරියටම ඔයාට මේක ලැබෙයිද කියලා දැනගන්නත්. ඒකටත් Google එකෙන්ම Testing Tool එකක් නිකුත්කරලා තියෙනවා, LionLK එකේ ලියපු මගේ දෙවනි Guest Post එකෙන් මේ ඔක්කොම දේවල් දැනගන්න පුලුවන්.

ඒකත් කියවලම කියන්නකෝ කොහොමද කියලා.

UPDATE: 2014 වර්ෂයේ අගෝස්තු මාසයේ සිට Google Authorship සම්පූර්ණයෙන්ම නවතාදමා ඇත.

Filed Under: SEO

Website Speed ගැන ඔයා දැනගතයුතුම දේවල් කිහිපයක්

January 3, 2014 By ෂ්‍යාම් චතුරංග 2 Comments

website speed importance

ලෝකයේ හැමදේම අලුත් වෙනවා, දියුණු වෙනවා. හිතුවට වඩා වේගයෙන් 2013 අවුරුද්ද ඉවරවෙලා 2014 අලුත් අවුරුද්ද උදාවෙලා තියෙනවා. ඔයාගේ හිතෙත් ගොඩක් බලාපොරොත්තු ඇති මේ අවුරුද්දේ කොහොමහරි ඉටුකරගන්නවා කියලා.

ඒ බලාපොරොත්තු පැත්තකින් තියලා ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි කියලා ප්‍රාර්ථනා කරන්නම්. ඒත් එක්කම මේ 2014 අවුරුද්ද ඔයාගේ Internet Marketing Life එකේ සාර්ථකම වර්ෂය වෙන්න වගේම පිස්සු හැදෙන Spikes ඔයාගේ Stats වලට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා.

2014 වර්ෂයේ SLMarketerහි ලියවෙන පළමු Post එක විදිහට තමයි අද වැදගත් දෙයක් කියන්න යන්නේ. නමුත් ඒකට කලින් ඔයාට SLMarketer ගැන කියන්න දෙයක් තියෙනවා. 2013 March 9 වෙනිදා තමයි SLMarketer Launch වුනේ. ඉතින් දැන් SLMarketer කියන්නේ මාස 8 වයස Blog එකක්. මේ මාස 8දී ගොඩක් දේවල් කළා වගේම ගොඩක් නිෂ්ශබ්දවත් හිටියා.

2014 කියන්නේ අලුත් අවුරුද්දක්. මේ අවුරුද්දේ ගොඩක් ලොකු වෙනස්කම් කිහිපයක් කරන්න Plan කරලා තියෙනවා. ඒ මොනවද කියලා ඔයාටම ඉස්සරහට තේරේවී. ඔයාට අන්තර්ජාලයෙන් මුදල් හොයන්න හා අන්තර්ජාල අලෙවිකරණය ගැන ගොඩක් දේවල් කියන්න මේ අවුරුද්ද හොඳටම ගැළපෙනවා.

ඉතින් ඒ ගොඩක් දේවල් වලින් එකක් විදිහට අද කියන්න යන්නේ Website Speed එක ගැන. තවත් විශේෂ දෙයක් තමයි 2013 වර්ෂයේ SLMarketer විසින් ලියපු පළවෙනි සිංහළ Guest Post එකෙන් ඔයාට තවත් දේවල් මේ ගැන කියවන්න පුලුවන්.

SLMarketer Website Speed

SLMarketer Loading Time

Importance of Website Speed

Website Speed එක කියන්නේ ඔයාගේ වෙබ් අඩවිය හෝ බ්ලොග් එක Web Browser එකේ Load වෙන්න ගන්න කාලයයි. මේකත් බැලූ බැල්මට එතරම් වැදගත් දෙයක් වගේ පේන්නේ නෑ නේද? හැබැයි, ඇත්තටම ඒක එහෙමනම් නෑ.

Website Speed එක කියන්නේ 2014 වර්ෂයේ ඔයා හිතන්නම ඕන දෙයක්.

ඔයාගේ බ්ලොග් එක Load වෙන්න තත්පර 10ක් විතර ගතවෙනවා නම්, බ්ලොග් එකට එන First Time Visitorsලගෙන් 70% වත් ආපහු යනවා Load වෙලා ඉවරවෙන්න කලින්. ඒකට හේතුව තමයි බලාගෙන ඉන්න බැරිකම.

අන්තර්ජාලය පාවිච්චිකරන හැම කෙනාම වගේ ඉක්මනින් දේවල් කරන්න, බලන්න, කියවන්න වගේම Download කරන්නත් කැමතියි. මං දන්නවා ඔයත් ඒ බෝට්ටුවෙම තමයි කියලා!

ඒ වගේම කාලය කියන්නේ සල්ලි දීලා ගන්න පුලුවන් දෙයක් නෙමෙයි. හොඳ Website Speed එකක් තියන Blog එකක් කවදාවත් Readersලගේ වටිනා කාලය නාස්ති කරන්නේ නැහැ. අද අන්තර්ජාලයේ Information වලට Competition එක ගොඩක් වැඩියි. එකම දේ තැන් 2ක 3කින් ලබාගන්න පුලුවන්. (eg: Services) ඉක්මනින් අවශ්‍ය දේ ලබාගන්න පුලුවන් තැනට තමයි මිනිස්සු යන්නේ.

Website Speed කියන දේ ප්‍රබල මාතෘකාවක් වෙන්න ගත්තේ 2010 April 9 Google වල වුනු වෙනස්කමක් සමඟයි. මේ දවසේ තමයි Google විසින් Website Speed එක එයාලගේ Search Ranking Algorithm එකේ Factor එකක් බවට ප්‍රසිද්ධියේ පිළිගැනීම සිද්ධවුනේ. දැන් Web Speed එක කියන්නේ OnSite SEO වල Major Signal එකක්. ඉතින් ඔයාගේ Blog එක Search Optimized කරනකොට Speed එක ගැන අනිවාර්යයෙන් හිතන්න ඕනා.

#1 Tip For Speed Boost

ඔයාගේ Blog එකේ Loading Time එක තත්පර 2ට අඩුවෙන් තියාගන්න පුලුවන්නම් හොඳයි. ඒක තමයි සාමාන්‍යයයෙන් අවශ්‍ය අගය, නමුත් තත්පරයකටත් වඩා අඩුවෙන් (Milliseconds) කාලය වැයවෙනවා කියන්නේ නියමයි. ඒ වගේම Organic Traffic එක සැලකියයුතු මට්ටමකින් වැඩිවෙනවා කියලා ඔයාටම තේරේවී.

Blog එකේ Speed එක වැඩිකරගන්න වගේම Loading Time එක අඩුකරගන්න ක්‍රම ගොඩක් තියෙනවා. දැන් කියන්න යන්නේ ඒ වගේ එක වැදගත් ක්‍රමයක් ගැනයි.

ඒ Image Optimization.

බ්ලොග් එකේ ගොඩක් Images දාන්න එපා, මොකද Images තමයි Web Page එකක බර වැඩිම දේ. ඉතින් Images පාවිච්චිය ගැළපෙන තැන්වලට පමණක් සීමාකරන එක හොඳයි.

තවත් දෙයක් තමයි, ඔයාට පුලුවන් Image එකක් Optimize කරන්න. ඒ කිව්වේ Image එකේ Quality එක අඩු නොකර File Size එක අඩුකරන්න පුලුවන්. මේ වැඩේට Photoshop භාවිතා කරන්න පුලුවන්.

ඒක කරන්නේ මෙහෙමයි. File > Save for Web

Want More …

SLMarketer PageSpeed Score

SLMarketer PageSpeed Score


Website Speed එක ගැන තව දේවල් කියවන්න කැමතිද? ඔයාගේ Blog එක Load වෙන්න කොච්චර වෙලාවක් ගන්නවද කියලා බැලුවොත් මොකද? TricksLanka එකේ තියෙනවා ඔයාට මේකෙන් ලැබෙන ප්‍රතිලාභ 4ක්, ඉතින් ඒකත් කියවන්න.

UPDATE: TricksLanka වෙබ් අඩවිය සංස්කරණය වීම නිසා Article එක සොයා ගැනීමට නොහැක.

Filed Under: SEO

Fiverr Business එකට ගින්දර Boost එකක් දෙන්න SEO වලට පුලුවන්ද?

October 18, 2013 By ෂ්‍යාම් චතුරංග 29 Comments

Fiverr SEO Strategies for Lot of Sales

ඔයාගේ ජිවීතේ පළවෙනි $4 දැනටමත් ඔයා උපයලා ඇති… ඔව් ඔයා අන්තර්ජාලයෙන් උපයපු ගාණ ගැන තමයි. සමහරවිට ඒ Fiverr වලින් වෙන්නත් පුලුවන්. ඔයා සමහරවිට කලින් කියලාදීපූ උපක්‍රමත් පාවිච්චිකරන්න ඇති, ඒත් දන්නවද … මට Fiverr වල පළවෙනි Sale එක ආවේ ඒ කිසිම දෙයක් නොකර වගේම….

පළවෙනි සතියෙමයි!

Fiverr 1st Sale 1st Week

තවත් දෙයක් තමයි මං අන්තර්ජාලයෙන් මුලින්ම හොයපු $1 එතන තිබුනේ නැහැ. එහෙම කියනකොට ඔයාට හිතෙන්න ඇති ඔයා ඒ හැමදේම කලොත් ඔයාට පළවෙනි සතියේ කොච්චර ලැබෙයිද කියලා.

ඒ ගාණ ගැනනම් මට කියන්න බැහැ ඒත් ඔයාට අනිවාර්යයෙන් Sale එකක් එන එකනම් මට Sure එකටම කියන්න පුලුවන්.

සාර්ථකත්වයේ එක වැදගත් තැනක අත්නොහරින උත්සහය කියලා දෙයක් තියෙනවා, ඉතින් ඒක ඔයා ළඟ තියාගෙන දිගටම උත්සහා කරන්න. ඉතින් කලින් කිව්ව හැමදේම කරලත් ඔයාට තාම ප්‍රථිපළයක් නැතිනම් ඔයාට ඒ දේවල් කරද්දී කොතනද වැරදුනේ කියලා හොයාගෙන එතනට Optimization එකක් දෙන්න.

හරි, ඔයා දැන් කියවන්නේ Ultimate Fiverr Post Series එකනේ, අදත් ඔයාගේ Fiverr Business එක තියෙන තැනින් තව ටිකක් උඩට ගෙනියන්න වැදගත් Strategies ටිකක් දෙන්නම්.

කැමතිද ඔයාගේ Fiverr Business එකට ගින්දර Boost එකක් දෙන්න? මං ඒක තවත් පැහැදිලි කලොත් SEO කියන අකුරු තුනෙන් කියල…?

[Read more…]

Filed Under: Online Marketing, SEO

Email Newsletter!

අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හැටි හා එම ව්‍යාපාරය නිවැරදිව සාර්ථක කරගන්න හැටි කියවන්න කැමතිද?

ඒ වගේම Internet Marketing ගැන SLMarketer විසින් ලියවෙන හැම ලිපියක්ම ඔයාගේ Inbox එකට ගන්න කැමතිද?

එහෙනම් SLMarketer Email Newsletter එකට දැන්ම Join වෙන්න.

Fiverr Success

What’s Your Passion?

ඔයාගෙන් මම ඇහුවොත් ඔයා කියවන්න ආසම කරන Topic එක මොකක්ද කියලා, ඔයා මොකක්ද දෙන උත්තරය? SLMarketer එක ඔයත් මීට කලින් එකපාරක් හරි කියවලා ඇති.


දිගටම ඔයා අන්තර්ජාල අලෙවිකරණය ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ Survey එක Fill කරලා ඒක ගැන අපට කියන්න.


→ Tell Us Your Passion NOW
Get Targeted Traffic, Increase Sales! Get Your Own Domain Name Shrink Your Links Get Your Payoneer Card With $25 Earn by Sharing Internet Earn Free Crypto Get Your Crypto Wallet on Coinbase Get Your Crypto Wallet on Binance

සම්බන්ධ වෙමුද?


Follow @SLMarketer

SLMarketer RSS Feed Subscription!

ජනප්‍රිය ලිපි

  • අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඔයාගේ Skill එකෙන් පටන්ගන්න හොඳම තැන
  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Payoneer හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න
  • ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද?
  • ඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව Publish කරන්න
  • අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථක ක්‍රම 3ක්
  • Payoneer Account එකට මුදල් දැමීමට හැකි ක්‍රම
  • සාර්ථක Fiverr Gigs කිහිපයකින් Living Income එකක් හොයන්න
  • Payoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්න
  • ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හෝ Internet Marketing වලට නවකයෙක්ද?

හොඳම Shared Hosting!

HostGator Discount

අලුත්ම ලිපි

  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්
  • High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න
  • SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

කර්තෘ ගැන…

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 6ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.   Read More…

Email Newsletter

විශේෂ ලිපි, ඊ-පොත්, වීඩියෝ මග පෙන්වීම් ආදිය හා පළවන සෑම ලිපියක්ම ඔබේ ඊ-මේල් එකටම ගෙන්වා ගන්න.

හොයන්න

[footer_backtotop]

Copyright © 2025 SLMarketer.com • අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සින්හලෙන් ඉගෙනගන්න.
සියලුම අන්තර්ගතයේ අයිතිය SLMarketer.com අඩවිය සතුය. · A Site By ScorpionGod Lair