• Home
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Fiverr Sinhalen — FUPS

SLMarketer

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන්න ඉගෙනගන්න

Earn Free Bitcoin
  • Social Media Marketing
  • Affiliate Marketing
  • Online Marketing
  • WordPress
  • BlogSpot
  • Blogging
  • SEO
You are here: Home / Online Marketing / Payoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්න

Payoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්න

April 2, 2013 By ෂ්‍යාම් චතුරංග 66 Comments

PayPal කියන්නේ ලෝකයේ වැඩියෙන්ම අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු වන Online Payment Processor එකක්. නමුත් අපිට මේකේ සමහර Features ගන්න නම් Verify කරන්න ඕනා. ඉතින් මේ ලිපියෙන් PayPal Verify කරන හැටි ලියන්නම්. මං කලින් Payoneer Master කාඩ් එකකට Apply කරන විදිහ ලියපු ලිපියේ කිව්වා PayPal වල සම්පූර්ණ පහසුකම් ලංකාවට ලැබිලා නැහැ කියලා. ඉතින් මේ PayPal Account එක Verify කලා කියලා වත් අපිට ඒ දේවල් ලැබෙන්නේ නෑ. නමුත් PayPal Verify කරාම යම්කිසි දේවල් ටිකක් ලැබෙනවා.

Why Should You Verify..?

Verify කරාම ලැබෙන වාසි මොනවද කියලා කියන්නම් දැන්,

  • eBay භාණ්ඩ ගන්න පුලුවන් වීම. සමහර Sellersලා Verify කරපු PayPal Account වලින් විතරයි ගණුදෙනු කරන්නේ.
  • PayPal Account එකට Verified Status එක ලැබීම.
  • Buyer කෙනෙක් විදිහට Sellerගේ විශ්වාසය ලැබීම.
  • Seller කෙනෙක් විදිහට Buyerගේ විශ්වාසය ලැබීම.
  • Payment එක කරද්දී Recipientගේ Account එක Verifiedද නැද්ද කියලා බලාගන්න පුලුවන්.
  • ඔයාට මුදල් ආවාම, එවපු කෙනා Verifiedද නැද්ද බලාගන්න පුලුවන්.
  • PayPal Community එක තුල විශ්වාසනීයත්වය ලැබීම.
  • PayPal Account එකේ Sending Limits නැතිවීම. – PayPal Account එකකින් යවන්න පුලුවන් උපරිම ගානක් තියෙනවා, ඒක නැති වෙනවා Verify කරාම.
  • බැංකු ගිණුමට, Visa Debit/Credit Card වලට මුදල් ගෙන්වගන්න පුලුවන්.
  • ඕනෑ තරම් මුදල් යවන්නත්(Sending), ගෙන්වන්නත්(Receiving) පුලුවන් වීම.

හිතුවට වඩා වාසි තියෙනවා ඔයා PayPal Account එක Verify කරාම. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ PayPal Account එක Verify කරගන්න. ඔයාට තියෙන්නේ ලංකාවේ PayPal Account එකක් උනත් කමක් නෑ, මොකද ඔයා eBay එහෙම Shopping කරන්න තෝරගන්නවනම් Verified PayPal එකක් තියෙන එක හොදයි.

ඔයාට PayPal Account එක Verify කරන්න කිසිම ගානක් යන්නේ නෑ, PayPal එකෙන් Verification එක කරන්නේ නොමිලේ. නමුත් එයාලා ඔයා සම්බන්ධ කරන Credit/Debit Card හෝ බැංකු ගිණුමෙන් පොඩි මුදලක් ගන්නවා, ඔයා Add කරපු ඒවා Validද කියලා බලන්න. ඒත් ඒක ආපහු ඔයාටම එවනවා.

PayPal Verification Guide With Payoneer

PayPal එකට Credit/Debit කාඩ් Add කරලා Verify කරන්න පහසුකම් දීලා තියෙන නිසා, ඔයාට පුලුවන් ඔයාගේ Payoneer Account එක PayPal Account එකට Add කරලා Verify කරගන්න. PayPal එකෙන් පිළිගන්න Credit/Debit කාඩ් වර්ග තමයි,

  1. Visa Credit/Debit.
  2. MasterCard Credit/Debit.
  3. AmEx Credit/Debit.
  4. Discover Credit/Debit.

ඔයා සමහරවිට Credit, Debit කාඩ් ගැන නොදන්නවත් ඇති. Debit කාඩ් එකක් කියන්නේ ඔයාට බැංකුවකින් ගන්න පුලුවන් කාඩ් එකක්, නමුත් මේ කාඩ් එකේදී ඔයාට ණය නෙමෙයි ලැබෙන්නේ. ඔයාගේ බැංකු ගිණුමෙන් තමයි මේ කාඩ් එකට මුදල් ලැබෙන්නේ. ඒ කියන්නේ ඔයා Debit Card එකක් පාවිච්චි කරනවා නම් ඒවගේම ඒක පාවිච්චි කරලා මොනාහරි දෙයකට මුදල් ගෙව්වොත් එහෙම මුදල් අඩු වෙන්නේ ඔයාගේ බැංකු ගිණුමෙන්. බැංකු ගිණුමේ මුදල් නැති උන ගමන් ඔයාට Debit Card එකෙන් ගෙවන්න බැහැ. ඒත් PayPal මුදල් එහෙම ගෙන්වන්න පුලුවන්. Credit කාඩ් එකක් කියන්නේ ණයට බැංකුවකින් ගන්න පුලුවන් කාඩ් එකක්. මේකේදී ඔයාට ණය දෙන ප්‍රමාණයක් තියෙනවා, ඒක තීරණය වෙන්නේ ඔයාගේ අදායම මත. මේකට ඔයාට මුදල් ගෙන්වන්නත් පුලුවන් ඒක Visa Credit Card එකක් නම්.

දැන් ඔයා Payoneer කාඩ් එක දාලානේ Verify කරන්න යන්නේ, ඔයා PayPal Account එක Payoneer කාඩ් එක දාලා Verify කරාට ඔයාට මුදල් ගන්න බැහැ. මොකද ඒක Visa Card එකක් නෙමෙයි, ඒක MasterCard එකක්. ඒ නිසයි ඔයා කොච්චර Payoneer කාඩ් එක Add කරන්න ගියත් Add වෙන්නේ නැත්තේ. PayPal එකෙන් මුදල් Withdraw කරන්න ඉඩදීලා තියෙන්නේ Visa කාඩ් වලට විතරයි. නමුත් ඔයාට පුලුවන් අර කිව්ව ඕනම කාඩ් එකක් Add කරලා,

  1. Verify කරගන්න.
  2. Pay කරන්න.

ඔයාට PayPal මුදල් Withdraw කරන්න ඕනනම් ඒකට බැංකු ගිණුමක් Add කරාම හරි, PayPal එකෙන් ගොඩක් රටවල ගිණුම්වලට US Bank Accounts පිළිගන්නවා Withdrawal වලට. ඒක ගැන වැඩි විස්තර ඊළඟ ලිපියෙන් ලියන්නම්.මං දැනටමත් PayPal Verify කරලා තියෙන නිසා ටිකක් වෙනස් විදිහකට තමයි කියලා දෙන්නේ. හරි එහෙනම් Verify කරන විදිහ කියන්නම්.

❶PayPal Account එකට Sign In වෙන්න.
❷මේ Page එකට යන්න මෙහෙම My Account » Profile » Add/Edit Credit Card.
❸Card Type එකෙන් MasterCard එක තෝරන්න.
❹නම, කාඩ් නම්බර් එක, කාඩ් එක Expire වෙන දිනය, CVV එක ලියන්න.
❺Billing Address එකත් ලියන්න.
❻Add Card ඔබන්න.

PayPal Verification With Payoneer

PayPal Card Add Page

ඔයාට ඔය දේවල් හොයාගන්න පුලුවන් කාඩ් එකේ පිටිපස්සෙනුයි, ඉස්සරහා පැත්තෙනුයි. ඒ වගේම මේවත් මතක තියාගෙන වැඩේ කරන්න පටන් ගන්න.

➽ඔයා PayPal එකට Add කරනකොට ඔයාට කාඩ් එකේ Surname එක වෙනස් කරන්න බැහැ ඔයාට ඕන විදිහට, ඒ නිසා ඔයා PayPal Account එක හදනකොට අනිවාර්යයෙන් Last Name එකට ඔයාගේ Surname එක දාන්න. කොහොමහරි ඔයාගේ PayPal Account එකේ හෝ කාඩ් එකේ Surname එක සමාන නොවුනොත් Add කරන්න බැරි වෙයි.

➽ඔයාට Payoneer කාඩ් එකේ Number එක කාඩ් එක ඉස්සරහ පැත්තේ හොයාගන්න පුලුවන්. ඒක ඉලක්කම් 4 ගානේ 16 තියෙන එකක්. මේ නම්බර් එකට යටම තියෙනවා කාඩ් එකේ අයිතිකරුගේ නම, අන්තිමට තියෙන්නේ Surname එක.

➽Card එක Expire වෙන දිනය තියෙන්නෙත් කාඩ් එක ඉස්සරහ පැත්තේ කාඩ් නම්බර් එකටයි අයිතිකරුගේ නමටයි මැද.

➽CVV එක කියන්නේ කාඩ් එකේ Security Number එකක්. ඒක තියෙන්නේ කාඩ් එක පිටිපස්සේ අත්සන් කරන්න තියෙන තැන. එතන දකුණු අත පැත්තේ ඉලක්කම් 19 නම්බර් එකක් තියෙනවා, ඒ නම්බර් එකේ අන්තිමට ඉලක්කම් 3ක් විතරක් ඇති, ඒක තමයි කාඩ් එකේ CVV එක.

➽ඔයා PayPal Account එක හදලා තියෙන්නේ වෙනත් රටක විදිහට උනත් කාඩ් එකේ Billing Address එක ලියන්න ඕනා ඔයාට කාඩ් එක ආපු Address එක. රට වෙනස් කරන්න බැහැ ඒත් අනිත් ඒවා හරියට දාන්න.

හරි දැන් ඔය විදිහට කාඩ් එක Add කරාම Verify වෙන්න ඕනා, මං දැන් ගොඩක් කාලයක් වෙනවා Verify කරලා, ඉතින් මට හරියටම මතක නෑ, ඒ හින්දා Miss උන තැනක් තියෙනවානම් Comment කරන්න. ඒ වගේම මේ ලිපියෙන් ඔයා PayPal Account එක Verify කරගත්තානම් මේ ලිපිය ඔයාට වැදගත් උනානම් ඔයාගේ යාළුවන්ටත් වැදගත් වෙයි, ඉතින් මේ ලිපිය Facebook Share කරන්න, Google +1 එකක් දාන්න…!

Tweet
Email

Filed Under: Online Marketing

මේ වගේම තවත් ලිපි

  • Payoneer හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්නPayoneer හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න (94)
  • Payoneer Account එකට මුදල් දැමීමට හැකි ක්‍රමPayoneer Account එකට මුදල් දැමීමට හැකි ක්‍රම (20)
  • ඔයාගේ Payoneer Account Fees අඩුකරගන්න මෙහෙම කරන්නඔයාගේ Payoneer Account Fees අඩුකරගන්න මෙහෙම කරන්න (15)
  • අන්තර්ජාලයෙන් ඇත්තටම මුදල් හොයන්න, ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්ද..?අන්තර්ජාලයෙන් ඇත්තටම මුදල් හොයන්න, ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්ද..? (7)
Sovrn
හැම ලිපියම කාටත් කලින් ඔයාගේ ඊ-මේල් එකට එවන්නද..? එහෙමනම් ඔයාගේ ඊ-මේල් එක ඔතන ලියලා Subscribe ඔබන්න. ඔබලා මේල් එකක් එයි, ඒකේ Link එකත් Click කරන්න.

About ෂ්‍යාම් චතුරංග

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 5ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.

Comments

  1. Amil says

    April 2, 2013 at 9:15 pm

    වැදගත් දෙයක් ගැන කියලා දිලා තියෙනවා. බොහොම ස්තුතියි. මමත් හොය හොයා හිටියේ මගේ PP එක verify කරගන්න විදියක්. මොකද මම ගිය අවුරුද්දේ verify කරේ $ 20ක් දිලා vcc card එකක් අරගෙන. නමුත් මේ Aprill වලින් පස්සේ කාඩ් එක එක්ස්ෆයර්. මගේ ගාව payoneer card එකක් තිබුනත් දෙගිඩියාවෙන් හිටියේ මේක ඇඩ් කරගන්න..

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 2, 2013 at 10:27 pm

      මාත් Verify කරේ මුලින්ම Payoneer Card එක දාලා. දැන් US Bank Account එකකුත් දාලා තියෙනවා.
      Good Luck!

      Reply
  2. Amil says

    April 2, 2013 at 11:15 pm

    මචන්, පොඩ්ඩ්ක් කියලා දෙනවද කොහොමද US bank account එකක් හදා ගෙන paypal වලට ඇඩ්කරන්නේ කියලා.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 3, 2013 at 10:05 am

      ඊලඟ ලිපිය ඒක ගැන තමයි, ඉකමනින් ලියන්න පටන් ගන්නම්.

      Reply
  3. පුබුදු says

    April 3, 2013 at 8:49 am

    මම දැනට පේපල් වෙරිපයි කරගෙන තියෙන්නෙ කොමර්සල් බෑන්ක් විස ඩෙබිට් කාඩ් එකෙන් පේපල් එකෙන් විත්ඩෝ කරල කාඩ් එකට එන්න දවස් 05 විතර යනව තව ඒක නිති විරෝධියි කියලත් සීන් එකක් යනව මම ගාව පයනියර් කාඩ් එකක් තියෙනව දරන් එයාගෙ ඩොක් එකේ සම්පුර්න විස්තර තියෙන නිසා ඇඩ් කරන්න ඒනෙ තෑන්ක්ස්

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 3, 2013 at 9:52 am

      සල්ලි Payoneer එකට ගන්න US Bank Account එක Add කරලා, ඒක නීත්‍යානුකූලයි ලංකාවට සල්ලි ගනිද්දි. 🙂

      Reply
  4. lakmal says

    April 3, 2013 at 2:59 pm

    ilaga lipiya ikmanata dhanna. eka thamai mata wadhagath.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 3, 2013 at 3:05 pm

      ඒක දැන් ලියන ගමන්, අදම දාන්න බලනවා.

      Reply
  5. Geeth says

    April 5, 2013 at 1:01 pm

    මට තියෙන්නේ Verified Malaysian PayPal එකක්. Payoneer card එක add කරන්නැතුව US Bank Account එක add කරන්න බැරිද ?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 5, 2013 at 3:15 pm

      Payoneer Debit Card එක Add නොකර US Bank Account එක කරන්න පුලුවන්.

      Reply
      • Geeth says

        April 5, 2013 at 9:01 pm

        Thanks.

  6. Dulan says

    April 8, 2013 at 9:46 pm

    man paypal ekata card eka add karanna gihama mehema enone!

    “This credit card has been denied by the bank that issued your credit card. For details on why your card was denied, please contact your credit card issuer’s customer service department. Or, you may want to try adding a different credit card”

    meka hadaganne kohomada?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 9, 2013 at 10:07 am

      ඔයා පොස්ට් එකේ තිබුන විදිහටද Add කරන්න ගියේ? ඒ විදිහට ගිහිල්ලත් ඔහොම එනවනම් මේවා ගැන චුට්ටක් බලන්න.
      1. PayPal Account එකේ Surname or Last Name එකයි Payoneer එකේ Surname or Last name එකයි සමානද?
      2. හරියට Name Expiration Date, Card Number, CVV, ටික දැම්මද?

      Reply
      • Dulan says

        April 10, 2013 at 10:32 am

        okkoma tika hariyata damma ban.eth hari giye naa..meka add karanna payoneer eke salli thiyenna onada?

      • ෂ්‍යාම් චතුරංග says

        April 10, 2013 at 10:39 am

        ඔව් Payoneer Card එකේ පුන්චි ගාණක් තියෙන්න ඕනා. Verify කරද්දි චූටි ගාණක් කැපෙනවා, හැබයි ඒක ආපහු ලැබෙනවා PayPal Balance එකට.

  7. Kalum says

    April 21, 2013 at 9:03 am

    Macho Shyam mage payPal account ekak thiyenawa,eka mama active kare Sampath Web card eken.Mata freelancer eke ebay job ekak krnawanam macho thawa paypal ekak hadaganna ekada honda Payoneer Master card eka dala,nathnam thiyena account ekatama mekath add karana ekada honda macho..
    Anith eka macho oya danata PTC-Investigation kiyana site eka use karanawada..?
    eken hoyaganna puluwan Scam site monaweada kiyala.Try karala balapan macho,mata reply ekakuth deepan.Thanks

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 21, 2013 at 11:08 am

      තවත් PayPal Account එකක් හදනවට වඩා තියෙන එක පාවිච්චි කරන එක හොදයි. කොහොමත් මං කියන්නේ නෑ ඔයාට PayPal වලට සල්ලි ගන්න කියලා. Freelance සයිට් හැම එකටම Payoneer MasterCard එක Link කරගන්න පුලුවන්. ඉතින් එහෙම එකේ ඔයාට සල්ලි PayPal එකට ගන්න ඕන නෑනේ. හදිස්සියේවත් Limit වුනොත් එහෙම…
      eBay වල සල්ලි නම් ගන්න පුලුවන් PayPal විතරයි මං දන්න විදිහට. අනික ඔයාගේ Illegal PayPal එකත් එක්ක eBay ගාවගන්න එපා. මොනවා වෙයිද දන්නේ නෑ. මං eBay Affiliate කරලා වත් eBay Seller කෙනෙක්වත් නෙමෙයි. ලංකාවේ ඔය දෙක කරන අය ඉන්නවද කියලා මං දන්නෙ නැහැ. ලංකාවේ අය කරන්නේ වලින් ගෙන්නලා මෙහේ විකුණන එක වෙන්න ඕනා. ටිකක් හොයලා බලන්න.

      මං අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පටන් ගත්තේ 2008 මැද. ඒ පටන්ගත්තේත් PTC වලින් තමයි. හැබැයි මං PTC විතරක් කලේ නැහැ, Real Internet Marketing ක්‍රම ගැනත් ඉගෙනගත්තා. මං PTC කරපු අවුරුදු 2කේ ඔය PTC-Investigation සයිට් එකත් පවිච්චි කලා. ඒත් PTC කියන්නේ හොන්ද Business Model එකක් නෙමෙයි. මං PTC හොන්ද නැහැයි කියන්නේ ඇයි කියලා ඉස්සරහට පොස්ට් එකක් ලියන්නම්.

      Good Luck!
      Shyam.

      Reply
  8. radika says

    May 11, 2013 at 7:18 am

    මචන් HNB කාර්ඩ් එක details ඔක්කොම දීල continue කලාම bank Transaction එකට ඉලක්කම් හතරක Code එකක් එනවනේ ඒ ඉලක්කම් හතරේ Code එක payoner වල එවන්නේ නැද්ද එනවා නම් කොහෙටද එන්නේ

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      May 11, 2013 at 8:10 am

      Card එකකින් PayPal Verify කරද්දී PayPal එකෙන් පුන්චි ගාණක් කපාගන්නවා. ඒ කැපෙන ගාණ Card Statement එකේ තමයි වැටෙන්නේ. Payoneer වල නම් Account එකට ලොග් වෙලා බැලුවම ඔය නම්බර් එක හොයාගන්න පුලුවන්. මං පින්තූරයකුත් දාලා ඇති(PAYPAL*123). Payoneer වලින් Verify කරපු ගමන් බලන්න බැරිවෙයි. මොකද Real-time Transactions පෙන්වන්නේ නැති නිසා.(පැය 6 යනවා වෙන්න )

      HNB Card එකේනම් Card Statement ගෙදරට එනවා ඇති. නැත්නම් Bank එකට Call කරලා ගන්න පුලුවන් වෙන්න ඕනා.

      Reply
  9. Dinesh says

    May 25, 2013 at 11:20 pm

    We have disabled the use of this card on PayPal. You can add a different card. If you’d still like to use this card with PayPal,send us some documents.

    මචං මම paypal එකට කාර්ඩ් එක දෙපාරක් විතර දාන්න හැදුවා දැන් මෙහෙම එනවා මට දැන් paypal එක ඇක්ටිව් කර ගන්න විදියක් නැද්ද… කොහොම හරි මේකට මට හෙල්ප් එකක් දෙන්න… send us some documents කියන තැනට ගියාම මෙහෙම දේවල් ටිකක් ඉල්ලනවා කොහොමද මම මේවා යවන්නේ

    You have reached the limit of attempts allowed to confirm your card. If you’d still like to use this disabled card with PayPal, we need you to send us some documents.

    Please upload the following documents:
    A valid photo ID (front/back copy)
    A recent card statement showing the last four digits of the card, your billing address and your full name as registered on your PayPal account

    මගේ ලග පාස්පෝට් එකක් වත් නැහැ. id එක යවන්න පුලුවන්ද, එහෙම උනොත් මම ලංකාවේ කියලා උන් දැන ගන්නවා නේද…..

    අනේ මචෝ මට මේක ගොඩ දා ගන්න විදියක් කියනවද…

    Reply
    • Dinesh says

      May 25, 2013 at 11:22 pm

      මම සරසවි බූක් ෂොප් එකෙන් පොත් වගයක් ගත්තා ඒ රිසිට් එක යැවුවොත් හරිද.. නැත්තමි මොකක්ද යවන්න ඕනේ ..

      Reply
      • ෂ්‍යාම් චතුරංග says

        May 26, 2013 at 9:09 am

        ආහ් අන්තිම ටික කියෙව්වේ දැන්. එතකොට මේ අවුල ඇවිල්ලා තියෙන්නේ Fake PP Account එකේ. එහෙනම් වැඩේ තව ටිකක් අමාරු වෙයි. ඒකනේ හරියට පොස්ට් එක බලලා කරානම් ඔහොම කරදරයක් එන්නේ නෑනේ.

        Passport එක, National ID එක නැත්නම් Driver’s License එක යැව්වත් Country of Issue තියෙනවනේ, ඉතින් English වලින් තිබුනොත් වැඩේ අහුවෙනවා. ඒ නිසා National ID එක යවන්න. උන්ලට Sinhala දන්නේ නැති නිසා, Accept කරොත් ඒ වැඩේ හරි. Try එකක් දෙන්න.

        ඒක යවද්දි ඔයාට

    • ෂ්‍යාම් චතුරංග says

      May 26, 2013 at 8:56 am

      ඔයාගේ PayPal Account එක Limit වෙලාද තියෙන්නේ? නැත්නම් Payoneer කාඩ් එක Confirm කරගන්න බැරිවුන හින්දා පුන්චි අවුලක්ද තියෙන්නේ? කොහොම වුනත් මං පොස්ට් එකේ ලියලා තිබුනනේ කොහොමද PayPal Card Verification Code එක බලාගන්නේ කියලා. Payoneer Account එකට Log වුනාම මෙන්න මෙහෙම PP*1234(Example) Description එකක් එක්ක Transaction එකක් තියෙනවා. ඒ අංක 4 තමා යවන්න ඕනා.

      පළවෙනියට ඉල්ලලා තියෙන එකනම් කිසිම අවුලක් නැතුව දෙන්න පුලුවන්. ඒත් දෙවනියට ඉල්ලල තියෙන එක දෙන්න අමරුයි.

      1. ඔයාගේ PP Account එක හදලා තියෙන්නේ ඔයාගේ NIC(National Identity Card) එකේ නමටනේ? ඔයාගේ NIC එකේ දෙපැත්තම Scan කරලා හරි Photo එකක් අරන් හරි යවන්න.

      2. Payoneer Card වලට Postal Card Statements එන්නේ නැහැ. ඉතින් ඔයාට යවන්න වෙන්නේ Payoneer Account එකේ එක Page එකක Screenshot එකක් තමයි. මෙහෙම යන්න.

      Payoneer Account > Tools > My Billing Address

      දැන් ඔය Page එකේ Screenshot එකක් අරගෙන යවන්න. ඊට පස්සේ සමහර විට කාඩ් එකේ Photo එකකුත් ඉල්ලයි. ඒකත් යවන්න ඉල්ලුවම.

      ඔයා ගණුදෙනු කරන්නේ ලංකාවට නැති PayPal එක්ක. ඉතින් මොනහරි කරනකොට ඔයිට වඩා සැලකිල්ලෙන් කරන්න. නැත්නම් Account එක Limit වෙයි ආයේ හදාගන්න බැරි විදිහට.

      Good Luck!
      Shyam.

      Reply
  10. ලංකා says

    June 7, 2013 at 12:35 pm

    මේකයි මට මහත්තයෝ තියෙන ප්‍රශ්නේ. මම කලින් හදපු පේ පෑල් එකවුන්ට් එකක් තිබ්බා. ඒක මැලේසියන් විදියට හදපු එකක්. ඒකට HNB ඩෙබිට් කාඩ් එක ලින්ක් කරා පෙරේදා. ඒකට කීයක්ද කොහේදෝ කැපිලත් තිබ්බා. ඊට පස්සේ 4 digit කෝඩ් එකක් ගන්න එපැයි. ඒකට දවස් දෙකක් විතර යනවනේ. ඉතින් ඔහොම මම ඔය 4digit කෝඩ් එක ඉල්ලගන්න කියලා දැහැමෙන් සෙමින් දවසක් විතර ඉන්නකොට මම දැක්කා මොකෙදෝ තියෙනවා මැලේසියන් විදියට හදපු පේ පෑල් එකකින් ලංකාවේ HNB එකට මුදල් බැරකරන එක නීතිවිරෝධී කියලා.

    ඇත්තම කිව්වොත් මහත්වරුනි මම නීතිවිරෝදී වැඩ වලට කැමති නෑ. මම ඉතින් නීතියට ගරු කරන මනුස්සයා වෙච්චි. මම විජයට කරේ මොකද මගේ මැලේසියන් පේ පෑල් එකෙන් ඩෙබිට් කාඩ් එක රිමුව් කරලා පේපෑල් එකවුන්ට් එකත ක්ලෝස් කරා.:P

    ඊට පස්සේ මහත්තයෝ මම කොම්පීතරේ කුකිස්‌ ෆයිල් ඩිලීට් කරලා ආයේ හැදුවා පේ පෑල් එකවුන්ට් එකක් ලංකාවට. ඉතින් ඕක හදලා අර මුලින් කිව්ව කාඩ් එක ලින්ක් කරද්දී ආපු මැසේජ් එක දැක්කම ඇත්තම කිව්වොත් මට ඇඩුනා මහත්තයෝ. මේ තියෙන්නේ මැසේජ් එක.

    ” This credit card has been denied by the bank that issued your credit card. For details on why your card was denied,
    please contact your credit card issuer’s customer service department. Or, you may want to try adding a different credit card. ”

    මම ඊට පස්සේ දාන්න තියෙන දාංගැට ඔක්කොම දැම්මා මේක හදා ගන්න. වෙන බ්‍රවුසර් එකකින් බැලුවා, සල්ලි තියෙනවද බැලුවා එකවුන්ට් එකේ,කාඩ් එකේ ඔන්ලයින් පේමන්ට් ඇක්ටිවේට් ද බැලුවා. බැංකුවට කෝල් කරලා කිව්වා. කිසිම දෙකින් හදාගන්න බැරි උනා. මට මේක හදාගන්න විදියක් කියලා දෙන්ට මිත්‍රවරුනි.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 7, 2013 at 2:51 pm

      ඔයා දැනට කරලා තියෙන දේවල් එක්ක මේවා සම්බන්ධව දැනුමක් තියෙනවනේ, ඉතින් ලංකාවේ එකකට සල්ලි ගන්න බෑ කියලත් දන්නවා කියලා හිතනවා.

      1. Credit/Debit Card එකක් PayPal Account එකට Link කරද්දී Security Verification එකක් විදිහට පොඩි ගාණක් කැපෙනවා. ඒ කැපෙද්දී Card Statement එකේ ඒ Transaction එක ගැන විස්තර තියෙනවා. ඒකේ තමයි 4 Digit Code එක තියෙන්නේ. මං නම් HNB Debit Card Use කරලා නැහැ, ඒත් Card Statement එක ගෙදරට එනකං බලන් ඉන්න ඕන වෙන එකක් නැහැ. බැංකුවට Call කරාම ගන්න පුලුවන් වෙන්න ඕනා. Payoneer Card වල නම් ඒ වෙලාවෙම ඕක බලාගන්න පුලුවන්.

      2. ඔයා HNB Debit Card එක PayPal Account එකට Link කරලා 4 Digit Code එක ගහලා Verify කරේ නැද්ද Close කරපු PayPal Account එකේ? එහෙම කරන්නේ නැතුව කරානම් එතන අවුලක් වෙන්නත් පුලුවන්. මොකද ඒ Close කරපු PayPal Account එක PayPal Security System එකට හොර එකක් කියලා අහුවුනා නම් එතනදි ඔයාගේ කාඩ් එකට ප්‍රෂ්ණයක් එනවා PayPal එකෙන්.

      3. ඔයා උඩ දාපු Error Message එක එන්නේ මෙන්න මේ හේතුවලට තමයි ගොඩක් වෙලාවට. ඒවගේම මේක PayPal වල ප්‍රශ්ණයක් වෙන්න බැහැ.
      > HNB Debit කාඩ් එක Online එහෙමත් නැත්නම් International Transaction වලට Active කරලා නැත්නම්.
      > මට අහන්න ලැබුන දෙයක් තමයි, දැන් HNB එකට PayPal එකෙන් සල්ලි ගන්න බැහැ කියලා. ඉතින් බැංකුවෙන් දැන් PayPal වලට Link කරන එක Disable කරලද දන්නේ නැහැ.
      > එහෙම කරලා නැත්නම් HNB Bank එකෙන් හේතුවක් කියන්න ඕනනේ.එතකොට ඉතින් කරන්න පුලුවන් දෙයක් තිනවනම් කරන්න.
      > Payoneer MasterCard Debit Card එකක් හදාගන්න..!

      ***තව දෙයක් ඉස්සරහට Comment කරනකොට ඔයාගේ නමින්ම වගේම ඇත්ත Details එක්ක Comment කරන්න.

      Good Luck!
      Shyam.

      Reply
  11. Mohamed says

    June 7, 2013 at 1:09 pm

    Hello chathuranga!
    Mama payoneer card ekete apply kara eke labane mase wage evi,
    Dan mata daneganne one
    Kohomedhe payoneer card eke activate karaganne nattam verify karaganne kohomedhe kiyela ?
    I am waiting for ur reply.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 7, 2013 at 3:36 pm

      Payoneer Card එක Avtivate කරන්න පුලුවන් ඔයාට ඒක ආවාම. කරන්න තියෙන්නේ Payoneer Account එකට ලොග් වෙලා Payoneer Card Number එකයි ඔයා ATM එකෙන් සල්ලි ගන්නකොට ගහන්න ඕන PIN Number එකයි ගහලා Activate කරන එක. ඊට පස්සේ සල්ලි දාන්න $100 විතර, එතකොට Payoneer Card එක Full Activate වෙනවා. Full Activate වෙනකන් ATM වලට දාන්න එපා. ඒ වගේම ඔයාට $25 ලැබෙයි. 🙂

      Reply
      • Mohamed says

        June 7, 2013 at 3:41 pm

        Thank you chathuranga!
        ehenam fiverr eken salli gannekote payoneer eke activate vela thiyenne onede nadde?
        anith eke mage fiverr account eke mage country ekete india vatila thiyenne ekete monawai karanne?
        im waiting for ur reply

      • ෂ්‍යාම් චතුරංග says

        June 7, 2013 at 3:46 pm

        ඔව් Payoneer Card එක Avtivate වෙලා තියෙන්න ඕනා සල්ලි ගන්නනම්. ඒක Fiverr Customer Support එකට කියලා හදාගන්න පුලුවන්. එයාලා වැඩි කතන්දර අහන එකක් නැහැ, ඔයා පාවිච්චි කරපු හැම IP එකක්ම Sri Lanka නම්.

  12. ලංකා says

    June 7, 2013 at 4:20 pm

    කාඩ් එක ඇඩ් කරා මහත්තයෝ. මම ආයේ බැංකුවට කෝල් කරලා කිව්වම කෝල් එක ගත්තු ගෑල්ළමයා ආයේ විස්තර අහලා දැන් කාඩ් එක ලින්ක් කරන්න කිව්වා. ඊට පස්සේ බලද්දී හරි ගියා. මම හිතන්නේ බැංකුවේ මොකක් හරි අවුලක් තිබිල තියෙන්නේ.

    දැන් කොහොම හරි කාඩ් එක ඇඩ් කරා කියමුකෝ, ඉතින් මහත්තයෝ මම ඉතා සතුටෙන් දෑස නොපියා ඊළගට මොකද කරේ කාඩ් එක Confirm කරන්න ට්‍රයි කෙරුවා. ඊට පස්සේ පේ පෑල් අප්පුහාමි කිව්ව දෙයින් ගීක්‌ මහත්තයෝ මට යට ඇදුමේ පිප්පී ගියේ නැතිටික විතරයි.

    We’re sorry, but this card is being added to another PayPal account. Please try again in 5-7 days.If you’re the card holder and are not aware of this activity, contact our

    මම ඉතින් පේ පෑල් එකට විස්තරේ කියලා ඊමේල් එකක් දැම්ම. දැන් ඉතින් බලං ඉමු ඊළගට මොකෑ වෙන්නේ කියලා.

    (මම මේ කොමෙන්ට් එක උඩ මම දාපු කොමෙන්ට් එකට රිපල්යි එකක් විදියට දැම්මේ නැත්තේ රිප්ලයි දාන කොමෙන්ට් පෙන්නේ මහා අජුත විදියටනේ පුතේ. එකයි. ඒක දෙපැත්තෙන් චප්ප වෙලා,දිගැටි වෙලා කැතේ බෑ)

    මේක තමයි මගේ නම. නම කියන්නේ නමේ කොටසක තියෙනවා මෙහෙම. මම geek එකෙත් ඉන්නේ මෙහම්. උත්තර දුන්නට ස්තුතියි මහත්තයෝ.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 7, 2013 at 5:11 pm

      ටික දවසක් ඉඳලා බලන්න ඒත් හරියන්නේ නැත්නම් ඉතින් Payoneer Card එකක් හදාගෙන Link කරන්න.

      Reply
  13. Bina says

    June 11, 2013 at 5:52 pm

    මේක කදිම ලිපි පෙළක්. ඔබට‍ ස්තුතියි මේ වගේ ලිපි වලින් දැනුවත් කරනවට.

    මට තියෙනවා පේ පෑල් එකවුන්ට් එකක්. මම එකට HNB එකෙ කාර්ඩ් එක තමයි ඇඩ් කරලාට් තියෙනේ. හැබැයි කාඩ් එක verify කරලා නෑ. ඉතින් මට දැන ගන්න ඕනි එහෙම verify කරලා නැති පේපෑල් එකවුන්ට් එකක් භාවිතා කරලා ඊබේ එකෙන් මොකුත් ගන්න බැරිද? එහම නං verify කරන්නේ නැතිව භාණ්ඩ ගන්න පුළුවන් සයිට් මොනාද තියෙන්නේ?

    පිළිතුරක් ලබා දෙනවා නං මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබට.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 11, 2013 at 7:44 pm

      ලංකාවේ PayPal Account එකකින් තමයි ඔයාට eBay එකේ Shopping කරන්න වෙන්නේ. මෙතනදි ඔයාට කිසිම අවුලක් නැහැනේ, ඉතින් PayPal Account එකයි HNB Visa Card දෙකම Verify කරාම මොකද වෙන්නේ?

      eBay Sellersලා ගොඩක් වෙලාවට Payment ගන්න බලන්නේ Verified PayPal Account වලින් විතරයි, ඉතින් PayPal Verify කරගන්නම වෙනවා.

      මං eBay වලිනුත් තාම 3-4 වගේ Shopping කරේ, eBay හැර Shopping කරලා තියෙන්නේ MiniInTheBox.com එකේ විතරයි. PayPal Account එක Verify කරලා eBay එකෙන් Shopping කරන්න.

      Reply
  14. aruna says

    July 10, 2013 at 6:26 pm

    machan paypal New Zealand valata hadala thiyanne… payoneer card eka bank eka theyanne First Century Bank eke. payoneer card eka paypal valata Verify karanna barida …

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      July 10, 2013 at 6:32 pm

      Payoneer Card එක දාලා PayPal Verify කරද්දි Credit/Debit Card Add කරන්න පුලුවන් ඕනම රටක PP Account එකක් verify කරන්න පුලුවන්. කැමති නම් US Bank Account එක Add කරලත් Verify කරන්න පුලුවන්.
      Comment එක Submit කරන්න කලින් ආයෙත් පාරක් කියවන්න මට Comment එක හරියටම පැහැදිලි නෑ. Good Luck!

      Reply
  15. Prabath says

    July 14, 2013 at 5:29 pm

    එල වැඩක්.
    Dear මම fiverr වැඩ කරනවා.මම payoneer card එක හදාගත්තේ fiverr මගින්.card එක Fiver කියන නමින් තමයි තියෙන්නෙ.එතකොට මට US BANK Account එකක් තියෙද කියලා දැන ගන්නෙ කොහොමද?මට US BANK Account එකක් හදාගන්න,මම ඔයාගේ ලිපියට අනුව request එකෙක් දැම්ම.
    මට තියෙන අවුල, Fiver කියන නමින් තියෙන නිසා අවුලක් වෙවිද?
    එහේම නම් තියෙන එක cancel කරල direc payoneer cardඑකක් හදාගන්න පුලුවන්ද?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      July 14, 2013 at 5:32 pm

      නැහැ, Payoneer Card එක Fiverr Partner Program එකෙන් ගත්තට අවුලක් නැහැ. Card Fees ටිකක් වැඩියි.(Card Fees අඩුකරගන්න කියලා ලියපු ලිපිය කියවන්න ඒ ඇයි කියලා දැනගන්න )

      Reply
  16. Prabath says

    August 1, 2013 at 12:36 pm

    mama US bank service apply kala.denata dawas 16k wenawa.kisima update ekak nem nehe.mokakda karanna oni.mama try kala customer service eka over the phone contact karaganna,thamnma beriuna.phone contact ekakin wasiyak weida?
    mama yaluwakuta payonerr card ekak apply kala.eakanam us service ekkama apply kalala mail ekak awa bank details ekkama.it will be work for fiverr or?
    what can I do for my card.if I cancel my current account and get again new card for same details.(same profile)
    Thank you for reply me.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      August 1, 2013 at 12:47 pm

      වෙනම US Payment Service Apply කරනකොට Reply එකක් එන්න ටික කාලයක් යනවා. මට මාස 2කට වඩා ගියා Reply එකක් එන්න. අනිත් හැම Contact Method එකකටම වඩා Phone එකෙන් Contact කරන එක හොඳයි. ඒත් මේ ප්‍රශ්ණෙදි Phone Contact කරාට වැඩක් නැහැ. එයාලා Application එක බලන වෙලාවට තමයි බලන්නේ. එතකන් ඉන්න වෙනවා.

      මමත් Support Ticket 2කුයි, Live Chat 4පාරකුයි ගියා ඔය වැඩේටම ඒත් උන්ලා කියන්නෙම Department එකෙන් බලනකන් මුකුත් කරන්න දෙයක් නැහැ කියලා.

      Cancel කරලා ආයෙත් Apply කරන්න මෙතන ඔයාගේ Payoneer Account එකට මුකුත් අවුලක් වෙලා නෑනේ. Payoneer එකෙන් Reply කරනකං ඉන්න. අනික Fiverr එකට Payoneer Link කරන්න US Payment Service අවශ්‍ය නැහැ.

      Reply
      • Prabath says

        August 1, 2013 at 2:41 pm

        I just contact with them by live chat,
        un mata mail ekak ewwa details ahala.

        “Thank you for contacting us about joining the Payoneer US Payment Service. This premium service allows you to receive US transfers from select corporations including PayPal, Amazon, Skrill (Moneybookers), and more! Get paid directly to your Payoneer Prepaid Debit MasterCard® card!
        To submit your application, simply reply to this e-mail with the following details:
        1. What services or products do you offer (include website URLs if applicable)?
        2. Please provide us with direct web links showing some examples of your products, services and other online activity. Please make sure the links include mention of your name or shows your relation to the product/service.
        3. Please send us a screenshot of your online account with the company you wish to receive payments from (e.g.: PayPal, Amazon, Skrill, etc.). The screenshot should include your name and account balance.
        4. Please provide a copy of a government-issued photo ID. You can send your driver’s license, passport or national ID. If your ID is in a different language than English, we prefer an international passport.
        You can scan/take a photograph of your ID and attach it to your reply to this e-mail. Please send both sides of the document where relevant. We prefer jpeg format under 1MB.”

        So ,I will send those details .

  17. RNB says

    September 16, 2013 at 1:14 pm

    The bank that issued your card didn’t approve this transaction. Please contact the card issuer.s customer service department if you have any questions. Or you can add a different card now to continue.

    meka hadaagenne kohomada machan..

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      October 13, 2013 at 10:36 am

      Payoneer Card eke salli tinavada? Active karalada? Oya vage aulak enne arama vunoth tamay Payoneer Card ekata.

      Reply
      • Priyamal Jayathilaka says

        December 24, 2013 at 10:29 am

        matath oya awlama enawa… payoneer 1 salli na.

  18. Sayuru Sandeepa says

    September 24, 2013 at 3:40 pm

    මචා… මට පොඩි අවුලක් තියෙනවා.. මගේ PP එකේ සල්ලි වගයක් මොනවා හරි Card එකකට අරන් පොඩි බඩු වගයක් http://www.aliexpress.com/ එකෙන් ගන්න තියෙනවා… ඒකට හරියන VCC එකක් නැද්ද… Paypal වලින්ම ගන්න පුලුවන් VCC එකක්.. පුලුවන්නම් හොයලා දෙන්නකෝ… ලොකු උදව්වක්…

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      October 13, 2013 at 10:45 am

      AliExpress eka eBay ekath ekka business ekak nattam oyata puluvanne Direct PayPal Payment karanna. Note ekak danna Shipping Address eka mekay kila. Nattam Payoneer Card ekakata araganna.

      Reply
  19. danuja says

    September 30, 2013 at 8:02 pm

    මචන් මට පොඩ්ඩක් කියනවද අපි debit card (HNB) number 1 paypal එකට දුන්නොත් අපෙන් ගානක් කපා ගන්නවද? කොච්චරක් විතර කපනවද?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      October 13, 2013 at 10:46 am

      HNB Debit Card PayPal ekath ekka use karanna epa. Ow Card Verification ekata punchi Fee ekak tinava eath eka ayeth labenava Verify karata passe.

      Reply
      • danuja says

        October 14, 2013 at 5:00 am

        Thank you machan!

  20. prabath says

    October 1, 2013 at 12:22 pm

    චතුරංග,
    මගේ paypal එක register කරල තියෙන්නෙ ලංකාවෙන්.එහෙම උනාම මට PayPal Account එක Verify කරගන්න payoneer card එක use කරන්න පුලුවන් වෙයිද?අනික එහෙම තියෙද්දි US bank ac add කරගන්න පුලුවන්ද?දැනට මම sampath
    debit card එකකින් Verify කරලා තියෙන්නෙ. තව දෙයක්…fiverr එකෙන් එන money කෙලින්ම paypal දාන එකද එහෙම නැත්නම් payonerr card එකට දාන එකද වැඩිය වාසිදායක?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      October 13, 2013 at 10:49 am

      SL PayPal Account verify karanna Payoneer Card use karanna puluvan, US Bank Account add karanna baha.
      SL PayPal Account valata oyata Fiverr Funds danna baha. Ea nisa kelinma Payoneer Card ekata withdraw karanna Level 1 unama. Ow Directly Payoneer Card ekata withdraw karana eka tamay vasi.

      Reply
  21. ගයාන් says

    November 1, 2013 at 7:58 pm

    මචං Payoneer Card ඇඩ් කරන්න ගියාම,…….. The bank that issued your card didn’t approve this transaction. Please contact the card issuer.s customer service department if you have any questions. Or you can add a different card now to continue…. ඇයි මෙහෙම වැටෙනවනේ ?!…
    අනිත් ප්‍රශ්ණේ,….. Card 1e පිටිපස්සේ ඉලක්කම් 19ක නෑනේ” මගේ තියෙන්නේ 7i නේ ?!…

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      November 1, 2013 at 8:26 pm

      Payoneer Card එක PayPal එකට Add කරන්න ගියාම එන අවුලට Solution එකක් උඩ Comments වල ඇති. ඒවා ටික කියවලා ඒ විදිහට කරන්න එතකොට Add කරගන්න පුලුවන්.

      ඒක අවුලක් නෑ සමහර Card වල Numbers 19ක් නැහැ. අන්තිමට තියෙන Numbers 3න තමා CVV එක.

      Reply
      • ගයාන් says

        November 1, 2013 at 9:58 pm

        Solution 1e,…………………. Card 1t සල්ලි Add කිරීම ද ?…

      • ෂ්‍යාම් චතුරංග says

        November 1, 2013 at 10:43 pm

        ඒකත් එක Solution එකක් තමයි. PayPal CS එකෙන් තමයි අනිත් Solution එක වැඩි විස්තර Commentsවල බලන්න.

  22. Senith says

    November 23, 2013 at 4:46 pm

    Shyam,
    mama oyage post godak kiyawala iwarai. mama payoneer card 1i,us payment service 1i dekama hadagena thiyanawa, fiverr account 1kuth lagadi haduwa, mage payoneer card 1 salli nathi nisa mata papal varify karanna vidiyak naha.
    fiverr 1ta payoneer card 1 thawama link kale na. fiverr salli payoneer card 1 through one shot ganna puluwanda

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      November 23, 2013 at 6:50 pm

      ඔව්, මං Withdraw කරපු හැම පාරම ගත්තේ Payoneer Card එකට තමයි.

      Reply
  23. මනෝජ් says

    January 9, 2014 at 12:21 pm

    මම ඔයාගේ පෝස්ට් එක කියවල payoneer card එකක් ගත්ත.මම ඉන්ටෙනෙට් money වලට අලුත්.තවම මම සතයක්වත් හොයල නෑ.ඔයාගේ එක මට සල්ලි හොයන්න ගොඩක් උදව් වේවි.මම ebay වලනම් බඩු ගොඩක් අරගෙන තියෙනවා.ආවේ නැති ඒවාට සල්ලි නැවත අරගෙනත් තියෙනවා.එහෙම කලේ srilankan paypal එකකින්.මම payoneer card එක අරගෙන active කලා.මම ඒක ටේලර් එකකටත් දමල බැලුව.මම දැන් malesian paypal එකක් හදල ඒක වෙරිෆ්ය් කරනවානම් payoneer එකට සල්ලි දාන්න ඕනද?කියක් දාන්න ඕනද?කොහොමද දාන්නේ?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      January 9, 2014 at 12:28 pm

      ඔයා Card එක Confirm කරාද Card Numbers එහෙම Payoneer Account එකේ ගහලා. එහෙම කරානම් දැන් තියෙන්නේ Activate කරන එක. ඒකට $100 වගේ දැම්මොත් $25 Bonus එකත් ලැබෙන ගමන් $24 activation Fee එක කැපෙනවා. PayPal Verify කරන්න $5 වගේ Balance එකක් තිබුනත් ඇති. Verify කරන හැටි ලිපියක් තියෙනවා. Card එකට සල්ලි දානහැටිත් තියෙනවා.

      ඒත් ඔයාට සල්ලි දාන්න වෙන්නේ Online Account එකකින් තමයි මුලින්ම. eg: Fiverr, Clickbank etc.

      Reply
  24. Duleep says

    January 12, 2014 at 4:58 pm

    I GOT THE PAYNONEER CARD & THERE IS NO BALENCE IN MY CARD & I TRY ADD TO THE PAYPAL ACCOUNT & I UNABLE TO DO IT & HOW CAN I LOAD THE MY PAYNONEER CARD.PLEASE HELP ME

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      January 12, 2014 at 9:01 pm

      ඔයා අහපු ගොඩක් ප්‍රෂ්ණවලට උත්තර Payoneer ගැන ලියපු Post Series එකේ තියෙනවා. ඒ Posts ටිකක් කියවලා බලන්න. PayPal වලට Add කරන හැටිත් Comments වලින් කියලා තියෙනවා.

      Reply
  25. Priyantha says

    February 21, 2014 at 1:01 pm

    මට සිරිලන්කන් පේ පෑල් එකවුන්ට් එකක් තියෙනවා. ඒකට us payment service Ac එක ඇඩ් කරන්න බැරි නිසා මට අලුත් pay pal Ac එකක් හදාගන්න ඕන. මගේ personal details වෙනස් නොකර, රටයි email එකයි වෙනස් කරල ආපහු ඇප්පලයි කරොත් අවුලක් වේවිද?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      February 28, 2014 at 11:15 pm

      Payoneer US Payment Service වලට ආයේ Apply කරන්න දෙයක් නැහැ. PayPal Account එකට Apply කරන්න දෙයක් නැහැ. කෙලින්ම අලුත් PP එකක් හදන්න පුලුවන්. ළඟදීම PayPal Full Service එක ලැබුනම චාටර් කාලෙට “Bye” කියන්න පුලුවන්! 😉

      Reply
  26. Nilani says

    March 18, 2014 at 2:03 pm

    Dear, mama hadapu paypal ekek thiyenawa lankawe address deela pitarata widihata.. eka yearly receive limit ekak thiyenawa… limit eka arinna adress proof ekakui photo proof ekakui illanawa.. mata thiyena prshne mewa lankawe widihatada denna oni kiyana ekai.. Pls help me as soon as possible..
    Thx!!!

    Reply
  27. Vijitha kumara says

    April 17, 2014 at 9:11 pm

    macho mama kiyapu vidiiyatam visthre demma eathkota mae error massage eaka eanawane. eay eahema eanne kiyanawada?. The bank that issued your card didn’t approve this transaction. Please contact the card issuer.s customer service department if you have any questions. Or you can add a different card now to continue.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 20, 2014 at 10:36 am

      ඔයාගේ Payoneer Account එකේ සල්ලි තියෙනවද? නැත්නම් මුලින්ම Account එකට සල්ලි දාලා ඉන්න.

      Reply
      • harsha says

        August 5, 2014 at 7:03 am

        macho payoneer account ekata paypal walin salli danna puluwanda?
        e kohomada?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Email Newsletter!

අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හැටි හා එම ව්‍යාපාරය නිවැරදිව සාර්ථක කරගන්න හැටි කියවන්න කැමතිද?

ඒ වගේම Internet Marketing ගැන SLMarketer විසින් ලියවෙන හැම ලිපියක්ම ඔයාගේ Inbox එකට ගන්න කැමතිද?

එහෙනම් SLMarketer Email Newsletter එකට දැන්ම Join වෙන්න.

Fiverr Success

What’s Your Passion?

ඔයාගෙන් මම ඇහුවොත් ඔයා කියවන්න ආසම කරන Topic එක මොකක්ද කියලා, ඔයා මොකක්ද දෙන උත්තරය? SLMarketer එක ඔයත් මීට කලින් එකපාරක් හරි කියවලා ඇති.


දිගටම ඔයා අන්තර්ජාල අලෙවිකරණය ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ Survey එක Fill කරලා ඒක ගැන අපට කියන්න.


→ Tell Us Your Passion NOW
Get Targeted Traffic, Increase Sales! Get Your Own Domain Name Shrink Your Links Get Your Payoneer Card With $25 Earn by Sharing Internet Earn Free Crypto Get Your Crypto Wallet on Coinbase Get Your Crypto Wallet on Binance

සම්බන්ධ වෙමුද?


Follow @SLMarketer

SLMarketer RSS Feed Subscription!

හොඳම Shared Hosting!

HostGator Discount

අලුත්ම ලිපි

  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්
  • High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න
  • SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

කර්තෘ ගැන…

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 6ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.   Read More…

Email Newsletter

විශේෂ ලිපි, ඊ-පොත්, වීඩියෝ මග පෙන්වීම් ආදිය හා පළවන සෑම ලිපියක්ම ඔබේ ඊ-මේල් එකටම ගෙන්වා ගන්න.

හොයන්න

[footer_backtotop]

Copyright © 2026 SLMarketer.com • අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සින්හලෙන් ඉගෙනගන්න.
සියලුම අන්තර්ගතයේ අයිතිය SLMarketer.com අඩවිය සතුය. · A Site By ScorpionGod Lair