SLMarketer

ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද?

අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවට ගන්න පුලුවන්ද කියන ප්‍රශ්ණය ගොඩක් දෙනාට තියෙන එකක්. ඔයා අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවට ගන්න තියෙන ක්‍රම තමයි,
1. Check එකක් මඟින්.
2. Bank Account එකට ගැනීමෙන්.
3. වෙනත් Debit, Credit Card මඟින්.(Visa, MasterCard, AMEX)
3. Payoneer Account එකක් මඟින්.

ඒත් ඔය කියපු හැම ක්‍රමයෙන්ම මුදල් ගන්න නම් බෑ, මොකද, ඔයා සම්බන්ධ වෙලා ඉන්න Program එකෙන් ඉඩ සලස්වලා තියෙන ක්‍රම වලින් විතරයි ඔයාට සල්ලි Withdraw කරන්න පුලුවන්. ලෝකෙම ප්‍රසිද්ධ Online Payment Processor එකක් වන PayPal හරහා තමයි ගොඩක් සයිට් ගණුදෙනු කරන්නේ, නමුත් ලංකාවට එහි තිබෙන සම්පූර්ණ පහසුකම් දීලා නැහැ. ඒ නිසා PayPal හරහා ඔයාට මුදල් ගන්න දැනට නීත්‍යානුකූල ක්‍රමයක් නැහැ. මේ ප්‍රශ්ණය නිසා ලංකාවේ අන්තර්ජාල අලෙවිකරුවන්ට විවිධ ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධවෙනවා.

දැන් එහෙම කිව්වම බය වෙන්න එපා. සල්ලි අතට ගන්න අමාරු එක තමයි ගැටළුව වෙන්නේ. හැබැයි ඒවටත් ක්‍රම තියෙනවා.PayPal වල සම්පූර්ණ පහසුකම් දෙන්නේ නෑ කියන්නේ ලංකාවේ Account වලට සල්ලි එන්නේ නෑ. මොකද ලංකාව තියෙන්නේ Send Only කියන Group එකේ. මේක වෙන්න හේතුව නම් මං තාම දන්නේ නෑ. මේ කොහොම උනත් වෙනත් ක්‍රම වලින් සල්ලි ලංකාවට ගන්න පුලුවන්. ඒ වගේම PayPal වලින් උනත් සල්ලි ලංකාවට ගන්න ක්‍රම තියෙනවා.

<

හැබැයි අද මේ පෝස්ට් එකෙන් කියන්න යන්නේ Payoneer ගැන. සමහරවිට ඔයා මේ කාඩ් එක ගැන දන්නවත් ඇති නොදන්නවත් ඇති. ඔයාට මේ පොස්ට් එක ඉවරවෙද්දි Payoneer කාඩ් එකකුත් ලැබෙයි. හැබැයි, එකක් කියන්න ඕනා මුලින්ම, මේ කාඩ් එක ගන්නේ පාවිච්චි කරන්න මිසක් අරගෙන ගෙදර තියන්න නෙමෙයි. මේ අයත් කරන්නේ ව්‍යාපාරයක්, ඒ නිසා ඔයා කාඩ් එක ආවට පස්සේ සල්ලි ඒකට නොදා ඉන්නනම් හදන්නේ මේ කාඩ් එකට Apply කරන්න එපා. එහෙමනම් ඔන්න අපි යනවා..

What Is Payoneer..?

මේකත් සාමාන්‍ය බැංකුවකින් දෙන කාඩ් එකක්. ඒ කියන්නේ සල්ලි ණයට දෙන්නේ නෑ, ඔයාගේ ගිණුමේ තියෙන සල්ලි තමයි ඔයා පාවිච්චි කරන්නේ. මේ Payoneer කාඩ් එක දෙන්නේ Payoneer.com එකෙන්. මෙයාලා 2005 ඉඳලා මේ වෙනකම්ම මේ කාඩ් නිකුත්කරනවා. ඒවගේම Payoneer කාඩ් දෙන්නේ බැංකු කිහිපයක් එක්ක සම්බන්ධ වෙලා, ඒ,
1. Choice Bank.
2. First Covenant Bank.
3. First Century Bank.

මේ Payoneer කාඩ් Apply කරන අයට ඇමරිකාවේ Bank Account එකකුත් ලබාගන්න පුලුවන් ඔය කිව්ව බැංකුවකින්. මේ කාඩ් එක දෙන්නේ Identity Card එකක් තියෙන අයට ඒ කියන්නේ 18ට වැඩි අයට. ඒත් ඔයා තාම 18ට අඩුනම් ඔයාට පුලුවන් ගෙදර වැඩිමල් කෙනෙක්ගේ(තාත්තා, අම්මා, අක්කා, අයියා උනත් ප්‍රශ්ණයක් නැහෑ) නමට කාඩ් එක ගන්න. තවත් දෙයක්, මේ කාඩ් එක ගත්තා කියලා කිසිම ප්‍රශ්ණයක් වෙන්නෙත් නෑ, මේක නීත්‍යානුකූල කාඩ් එකක්.

ඕනම නීත්‍යානුකූල වැඩකට මේක පාවිච්චි කරන්න පුලුවන්. ආහ්.. තවත් දෙයක්, සාමාන්‍යයෙන් කවුරු හරි Debit Card එකක් ගන්නේ මොකක් හරි Bank එකකින්නේ, ඉතින් ලංකාවේ බැංකුවකින් එහෙම ඇහුවොත් Payoneer කාඩ් එකේ බැංකුව මොකක්ද කියලා ඔයා කියන්න ඕනා Choice Bank එක කියලා නැත්නම් බැංකුව මොකක්ද කියලා ඇහුවම දන්නේ නෑ කියලා කිව්වොත් තවත් ප්‍රශ්ණ ඇතිවෙනවා.

Payoneer කාඩ් මුල්ම දවස් වල දුන්නේ එයාලගේ Partner Programs හරහා ගන්න අයට විතරයි, නමුත් දැන් අවුරුද්දක විතර ඉන්දලා මෙයාලා Direct කාඩ් Application බාරගන්නවා.තවත් දෙයක් මේකට Apply කරන්න ඔයාට රුපිලක්වත් යන්නේ නෑ, මේක සම්පූර්ණයෙන්ම Free තමයි දැන් දෙන්නේ, නමුත් මෙයාලා මේ Free දෙන එක කවදා නතර කරයිද කියන්නත් බෑ. මොකද මෙයලා කාලයකට කලින් Partner Programs හරහා බාරගත්තු Applications දැන් Direct බාරගන්නවා, ඒ හින්දා ඔයා ඇතත්ටම මේ කාඩ් එක අරගෙන පාවිච්චි කරනවා නම් විතරක් අදම Apply කරන්න.

Why You Should Get A One..?

  1. ප්‍රදානම හේතුවක් විදිහට PayPal වල මුදල් ලංකාවට ගෙන්න ගන්න පුලුවන් නීත්‍යානුකූල විදිහට.
  2. ගොඩක් ප්‍රසිද්ධ සයිට් වලින් අනුමත කරන නිසා, PayPal වලට මුදල් නොගෙන කෙලින්ම Payoneer වලට මුදල් Withdraw කිරීමට හැකි වීම.
  3. සමහර Company වලින් ගෙවන්නේ කෙලින්ම US Bank Account එකකට, ඉතින් ඒ වගේ Company එකකින් උනත් ඔයාට මුදල් Payoneer එකට Withdraw කරගන්න පුලුවන්.
  4. ඔයාට මුදල් හදිස්සියක් ආපුගමන් ලඟම තියෙන ATM එකෙන් මුදල් අතට ගන්න පුලුවන්.
  5. 100% නීත්‍යානුකූල වීම.
  6. ඒ තරම් ලොකු Fees නැති වීම.
  7. Online Shopping කරන්න, Hosting & Domain ගන්න පුලුවන් වීම.
  8. US Bank Account එකක් හිමි කරගැනීමේ අවස්ථාව.

Payoneer Fees

ගොඩක් අයට Payoneer ගැන කිව්වම මේකේ Fees ගැන අහනවා. ඒත් මං කලින් කිව්වා මෙයාලා මේක මුලින්ම දුන්නේ Partner Programs හරහා කියලා. මෙයාලා තාමත් අලුත් Partners ලා ඇතුලත් කරගන්නවා. ඉතින් ඔයා Partner Program එකක් හරහා කාඩ් එක ලබාගත්තොත් ඔයාට වලංගු වෙන Fees වෙන්නේ ඔයා ගන්න Partner Program එකේ Fees.

උදාහරණයක් විදිහට ගමුකෝ Fiverr, ඕකේන් කාඩ් ගත්තු අයට වලංගු වෙන්නේ Fiverr Partner Program එකේ Fees. මං මේ කාඩ් එක ගත්තේ ShareCash එකෙන්, ඉතින් මට වලංගු වෙන Payoneer Fees වෙන්නේ පහලින් තියෙන ඒවා. හැබැයි මේ Feesම නෙමෙයි ඔයාටත් වලංගු වෙන්නේ. නමුත් මේ ගණන් ලොකුවට වෙනස් වෙන්නේ නෑ. පොඩ්ඩක් එහා මෙහා වෙයි. විශ්වාස නැත්නම් මේ දෙක බලන්නකෝ, මේ තියෙන්නේ එකිනෙකට වෙනස් Partner Programs 2ක Fees.

Super Affiliados Card Fees.
Synterra Health Card Fees.

හරි එහෙමනම් දැන් බලමු මට වලංගු වෙන Fees මොනාද කියලා.

Card Activation Fee – $12.95
→ Loading Fees

Card Maintenance Fee $3 මේ නඩත්තු කිරීමේ ගාස්තු කැපෙන්නේ ඔයා කාඩ් එකේ මුදල් තිව්වොත් විතරයි, ඒ කියන්නේ කාඩ් එකේ මුදල් නැතිඋනොත් මේවා කැපෙන්නේ නෑ. ඒ නිසා කාඩ් එකේ මුදල් තියන්න එපා.
→ ATM එකෙන් ගාන බලන්න – $1
→ ATM මුදල් ගැනීම් – $3.15
→ Purchase Fees – ඔයා අන්තර්ජාලයෙන් Shopping කරොත් කිසිම Fee එකක් කැපෙන්නේ නෑ. ඒක නොමිලේ.

ඔයාට දැනටමත් කාඩ් එකක් තියෙනවනම් මෙහෙම ගිහින් ඔයාට වලංගු Fees බලාගන්න පුලුවන්, ඔයා දැන් Apply කරනවනම් කාඩ් එක ආවාමත් මෙහෙම Fees බලාගන්න පුලුවන්.

Account Dashboard > General Information > Pricing & Fees.

හරි දැන් ඔයාට Payoneer ගැන මොනාහරි අදහසක් ඇතිනේ, දැන් Apply කරන හැටි කියන්නම්. තවත් දෙයක් මේ දවස් වල Apply කරන අයට $25ක Free Bonus එකක් ලැබෙනවා. හැබැයි ඔයා $1000 වගේ ගාණක් කාඩ් එකට දැම්මට පස්සේ තමයි. මට මෙච්චර කාලයක් කැපුන Fees යටින් බලාගන්න පුලුවන්. ඒ වගේම ATM එකෙන් මුදල් ගත්තු ATM Receipt එකකුත් ඇති.

Few Payoneer Transactions

Payoneer Cash ATM Withdrawal Receipt

ATM එකෙන් මුදල් ගන්නවා වගේම Payoneer හරහා ඔයාගේ බැංකු ගිණුමටත් මුදල් ගන්න පුළුවන් Fees කියලා දෙයක් ගෙවන්නෙම නැතුව. ඒක කරන හැටි මේ Video එකෙන් බලන්න. වැඩි විස්තර අළුත් ලිපියකින් කියන්නම් වෙලාව ලැබුන ගමන්.

Ultimate Guide to Apply!

ඔන්න එහෙමනම් Payoneer කාඩ් එකකට Apply කරන හැටි පින්තූර වලින්ම, හරියට බලලා Fill කරන්න පටන් ගන්න. පොඩි වැරදීමකින් Payoneer කාඩ් එක නොලැබෙන්න පුලුවන්. පින්තූර වල නොදාපු දේවල් ටිකක් දැන් කියන්නම්. මේවත් මතක තියාගෙන පුරවන්න යන්න.

  1. ඔක්කොම ඔයාගේ ඇත්ත තොරතුරු දන්න.
  2. උපන් දිනේ හරියට දාන්න.
  3. National ID එකේ තියෙන විදිහට නම ලියන්න.
  4. Last Name එකට වාසගම දාන්න.
  5. ගෙදර Address එක හරියට දාන්න.
  6. වැඩකරන දුරකථන අංක 2ක් දාන්න.
  7. Security Question එකට දාන ප්‍රශ්ණය හොඳට මතක තියාගන්න.
  8. Username එකයි, Password එකයි, Security Question එකයි කොහෙහරි ලියාගන්න.

Payoneer කාඩ් එකකට Apply කිරීමේ පලමු පියවර

Payoneer කාඩ් එකකට Apply කිරීමේ 2 පියවර

Payoneer කාඩ් එකකට Apply කිරීමේ 3 පියවර