• Home
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Fiverr Sinhalen — FUPS

SLMarketer

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන්න ඉගෙනගන්න

Earn Free Bitcoin
  • Social Media Marketing
  • Affiliate Marketing
  • Online Marketing
  • WordPress
  • BlogSpot
  • Blogging
  • SEO
You are here: Home / Online Marketing / ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද?

ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද?

March 21, 2013 By ෂ්‍යාම් චතුරංග 91 Comments

අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවට ගන්න පුලුවන්ද කියන ප්‍රශ්ණය ගොඩක් දෙනාට තියෙන එකක්. ඔයා අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවට ගන්න තියෙන ක්‍රම තමයි,
1. Check එකක් මඟින්.
2. Bank Account එකට ගැනීමෙන්.
3. වෙනත් Debit, Credit Card මඟින්.(Visa, MasterCard, AMEX)
3. Payoneer Account එකක් මඟින්.

ඒත් ඔය කියපු හැම ක්‍රමයෙන්ම මුදල් ගන්න නම් බෑ, මොකද, ඔයා සම්බන්ධ වෙලා ඉන්න Program එකෙන් ඉඩ සලස්වලා තියෙන ක්‍රම වලින් විතරයි ඔයාට සල්ලි Withdraw කරන්න පුලුවන්. ලෝකෙම ප්‍රසිද්ධ Online Payment Processor එකක් වන PayPal හරහා තමයි ගොඩක් සයිට් ගණුදෙනු කරන්නේ, නමුත් ලංකාවට එහි තිබෙන සම්පූර්ණ පහසුකම් දීලා නැහැ. ඒ නිසා PayPal හරහා ඔයාට මුදල් ගන්න දැනට නීත්‍යානුකූල ක්‍රමයක් නැහැ. මේ ප්‍රශ්ණය නිසා ලංකාවේ අන්තර්ජාල අලෙවිකරුවන්ට විවිධ ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධවෙනවා.

දැන් එහෙම කිව්වම බය වෙන්න එපා. සල්ලි අතට ගන්න අමාරු එක තමයි ගැටළුව වෙන්නේ. හැබැයි ඒවටත් ක්‍රම තියෙනවා.PayPal වල සම්පූර්ණ පහසුකම් දෙන්නේ නෑ කියන්නේ ලංකාවේ Account වලට සල්ලි එන්නේ නෑ. මොකද ලංකාව තියෙන්නේ Send Only කියන Group එකේ. මේක වෙන්න හේතුව නම් මං තාම දන්නේ නෑ. මේ කොහොම උනත් වෙනත් ක්‍රම වලින් සල්ලි ලංකාවට ගන්න පුලුවන්. ඒ වගේම PayPal වලින් උනත් සල්ලි ලංකාවට ගන්න ක්‍රම තියෙනවා.

Sri Lanka Belongs to Send Only Group In PayPal<

හැබැයි අද මේ පෝස්ට් එකෙන් කියන්න යන්නේ Payoneer ගැන. සමහරවිට ඔයා මේ කාඩ් එක ගැන දන්නවත් ඇති නොදන්නවත් ඇති. ඔයාට මේ පොස්ට් එක ඉවරවෙද්දි Payoneer කාඩ් එකකුත් ලැබෙයි. හැබැයි, එකක් කියන්න ඕනා මුලින්ම, මේ කාඩ් එක ගන්නේ පාවිච්චි කරන්න මිසක් අරගෙන ගෙදර තියන්න නෙමෙයි. මේ අයත් කරන්නේ ව්‍යාපාරයක්, ඒ නිසා ඔයා කාඩ් එක ආවට පස්සේ සල්ලි ඒකට නොදා ඉන්නනම් හදන්නේ මේ කාඩ් එකට Apply කරන්න එපා. එහෙමනම් ඔන්න අපි යනවා..

What Is Payoneer..?

මේකත් සාමාන්‍ය බැංකුවකින් දෙන කාඩ් එකක්. ඒ කියන්නේ සල්ලි ණයට දෙන්නේ නෑ, ඔයාගේ ගිණුමේ තියෙන සල්ලි තමයි ඔයා පාවිච්චි කරන්නේ. මේ Payoneer කාඩ් එක දෙන්නේ Payoneer.com එකෙන්. මෙයාලා 2005 ඉඳලා මේ වෙනකම්ම මේ කාඩ් නිකුත්කරනවා. ඒවගේම Payoneer කාඩ් දෙන්නේ බැංකු කිහිපයක් එක්ක සම්බන්ධ වෙලා, ඒ,
1. Choice Bank.
2. First Covenant Bank.
3. First Century Bank.

මේ Payoneer කාඩ් Apply කරන අයට ඇමරිකාවේ Bank Account එකකුත් ලබාගන්න පුලුවන් ඔය කිව්ව බැංකුවකින්. මේ කාඩ් එක දෙන්නේ Identity Card එකක් තියෙන අයට ඒ කියන්නේ 18ට වැඩි අයට. ඒත් ඔයා තාම 18ට අඩුනම් ඔයාට පුලුවන් ගෙදර වැඩිමල් කෙනෙක්ගේ(තාත්තා, අම්මා, අක්කා, අයියා උනත් ප්‍රශ්ණයක් නැහෑ) නමට කාඩ් එක ගන්න. තවත් දෙයක්, මේ කාඩ් එක ගත්තා කියලා කිසිම ප්‍රශ්ණයක් වෙන්නෙත් නෑ, මේක නීත්‍යානුකූල කාඩ් එකක්.

ඕනම නීත්‍යානුකූල වැඩකට මේක පාවිච්චි කරන්න පුලුවන්. ආහ්.. තවත් දෙයක්, සාමාන්‍යයෙන් කවුරු හරි Debit Card එකක් ගන්නේ මොකක් හරි Bank එකකින්නේ, ඉතින් ලංකාවේ බැංකුවකින් එහෙම ඇහුවොත් Payoneer කාඩ් එකේ බැංකුව මොකක්ද කියලා ඔයා කියන්න ඕනා Choice Bank එක කියලා නැත්නම් බැංකුව මොකක්ද කියලා ඇහුවම දන්නේ නෑ කියලා කිව්වොත් තවත් ප්‍රශ්ණ ඇතිවෙනවා.

Payoneer කාඩ් මුල්ම දවස් වල දුන්නේ එයාලගේ Partner Programs හරහා ගන්න අයට විතරයි, නමුත් දැන් අවුරුද්දක විතර ඉන්දලා මෙයාලා Direct කාඩ් Application බාරගන්නවා.තවත් දෙයක් මේකට Apply කරන්න ඔයාට රුපිලක්වත් යන්නේ නෑ, මේක සම්පූර්ණයෙන්ම Free තමයි දැන් දෙන්නේ, නමුත් මෙයාලා මේ Free දෙන එක කවදා නතර කරයිද කියන්නත් බෑ. මොකද මෙයලා කාලයකට කලින් Partner Programs හරහා බාරගත්තු Applications දැන් Direct බාරගන්නවා, ඒ හින්දා ඔයා ඇතත්ටම මේ කාඩ් එක අරගෙන පාවිච්චි කරනවා නම් විතරක් අදම Apply කරන්න.

Why You Should Get A One..?

  1. ප්‍රදානම හේතුවක් විදිහට PayPal වල මුදල් ලංකාවට ගෙන්න ගන්න පුලුවන් නීත්‍යානුකූල විදිහට.
  2. ගොඩක් ප්‍රසිද්ධ සයිට් වලින් අනුමත කරන නිසා, PayPal වලට මුදල් නොගෙන කෙලින්ම Payoneer වලට මුදල් Withdraw කිරීමට හැකි වීම.
  3. සමහර Company වලින් ගෙවන්නේ කෙලින්ම US Bank Account එකකට, ඉතින් ඒ වගේ Company එකකින් උනත් ඔයාට මුදල් Payoneer එකට Withdraw කරගන්න පුලුවන්.
  4. ඔයාට මුදල් හදිස්සියක් ආපුගමන් ලඟම තියෙන ATM එකෙන් මුදල් අතට ගන්න පුලුවන්.
  5. 100% නීත්‍යානුකූල වීම.
  6. ඒ තරම් ලොකු Fees නැති වීම.
  7. Online Shopping කරන්න, Hosting & Domain ගන්න පුලුවන් වීම.
  8. US Bank Account එකක් හිමි කරගැනීමේ අවස්ථාව.

Payoneer Fees

ගොඩක් අයට Payoneer ගැන කිව්වම මේකේ Fees ගැන අහනවා. ඒත් මං කලින් කිව්වා මෙයාලා මේක මුලින්ම දුන්නේ Partner Programs හරහා කියලා. මෙයාලා තාමත් අලුත් Partners ලා ඇතුලත් කරගන්නවා. ඉතින් ඔයා Partner Program එකක් හරහා කාඩ් එක ලබාගත්තොත් ඔයාට වලංගු වෙන Fees වෙන්නේ ඔයා ගන්න Partner Program එකේ Fees.

උදාහරණයක් විදිහට ගමුකෝ Fiverr, ඕකේන් කාඩ් ගත්තු අයට වලංගු වෙන්නේ Fiverr Partner Program එකේ Fees. මං මේ කාඩ් එක ගත්තේ ShareCash එකෙන්, ඉතින් මට වලංගු වෙන Payoneer Fees වෙන්නේ පහලින් තියෙන ඒවා. හැබැයි මේ Feesම නෙමෙයි ඔයාටත් වලංගු වෙන්නේ. නමුත් මේ ගණන් ලොකුවට වෙනස් වෙන්නේ නෑ. පොඩ්ඩක් එහා මෙහා වෙයි. විශ්වාස නැත්නම් මේ දෙක බලන්නකෝ, මේ තියෙන්නේ එකිනෙකට වෙනස් Partner Programs 2ක Fees.

Super Affiliados Card Fees.
Synterra Health Card Fees.

හරි එහෙමනම් දැන් බලමු මට වලංගු වෙන Fees මොනාද කියලා.

→ Card Activation Fee – $12.95
→ Loading Fees

  • සාමාන්‍ය මුදල් දැමීමකදී $1 – දවස් 2කින් තමයි මුදල් ගන්න පුලුවන්. දිගටම මුදල් කාඩ් එකට දාද්දී මේ ගාන $1 වගේ වෙනවා.
  • ඉක්මන් මුදල් දැමීමකදී $5 – මේ ක්‍රමෙන් නම් මං අරන් තියෙන්නේ එක පාරයි. හැබැයි පොරොන්දු වෙන පැය 2කට කලින්ම මට සල්ලි ආවා, විනාඩි 11කින් වගේ.

→ Card Maintenance Fee $3 මේ නඩත්තු කිරීමේ ගාස්තු කැපෙන්නේ ඔයා කාඩ් එකේ මුදල් තිව්වොත් විතරයි, ඒ කියන්නේ කාඩ් එකේ මුදල් නැතිඋනොත් මේවා කැපෙන්නේ නෑ. ඒ නිසා කාඩ් එකේ මුදල් තියන්න එපා.
→ ATM එකෙන් ගාන බලන්න – $1
→ ATM මුදල් ගැනීම් – $3.15
→ Purchase Fees – ඔයා අන්තර්ජාලයෙන් Shopping කරොත් කිසිම Fee එකක් කැපෙන්නේ නෑ. ඒක නොමිලේ.

ඔයාට දැනටමත් කාඩ් එකක් තියෙනවනම් මෙහෙම ගිහින් ඔයාට වලංගු Fees බලාගන්න පුලුවන්, ඔයා දැන් Apply කරනවනම් කාඩ් එක ආවාමත් මෙහෙම Fees බලාගන්න පුලුවන්.

Account Dashboard > General Information > Pricing & Fees.

හරි දැන් ඔයාට Payoneer ගැන මොනාහරි අදහසක් ඇතිනේ, දැන් Apply කරන හැටි කියන්නම්. තවත් දෙයක් මේ දවස් වල Apply කරන අයට $25ක Free Bonus එකක් ලැබෙනවා. හැබැයි ඔයා $1000 වගේ ගාණක් කාඩ් එකට දැම්මට පස්සේ තමයි. මට මෙච්චර කාලයක් කැපුන Fees යටින් බලාගන්න පුලුවන්. ඒ වගේම ATM එකෙන් මුදල් ගත්තු ATM Receipt එකකුත් ඇති.

Few Payoneer Transactions

Few Payoneer Transactions

Payoneer Cash ATM Withdrawal Receipt

Payoneer Cash ATM Withdrawal Receipt

ATM එකෙන් මුදල් ගන්නවා වගේම Payoneer හරහා ඔයාගේ බැංකු ගිණුමටත් මුදල් ගන්න පුළුවන් Fees කියලා දෙයක් ගෙවන්නෙම නැතුව. ඒක කරන හැටි මේ Video එකෙන් බලන්න. වැඩි විස්තර අළුත් ලිපියකින් කියන්නම් වෙලාව ලැබුන ගමන්.

Ultimate Guide to Apply!

ඔන්න එහෙමනම් Payoneer කාඩ් එකකට Apply කරන හැටි පින්තූර වලින්ම, හරියට බලලා Fill කරන්න පටන් ගන්න. පොඩි වැරදීමකින් Payoneer කාඩ් එක නොලැබෙන්න පුලුවන්. පින්තූර වල නොදාපු දේවල් ටිකක් දැන් කියන්නම්. මේවත් මතක තියාගෙන පුරවන්න යන්න.

  1. ඔක්කොම ඔයාගේ ඇත්ත තොරතුරු දන්න.
  2. උපන් දිනේ හරියට දාන්න.
  3. National ID එකේ තියෙන විදිහට නම ලියන්න.
  4. Last Name එකට වාසගම දාන්න.
  5. ගෙදර Address එක හරියට දාන්න.
  6. වැඩකරන දුරකථන අංක 2ක් දාන්න.
  7. Security Question එකට දාන ප්‍රශ්ණය හොඳට මතක තියාගන්න.
  8. Username එකයි, Password එකයි, Security Question එකයි කොහෙහරි ලියාගන්න.
Payoneer Card Application Process 1

Payoneer කාඩ් එකකට Apply කිරීමේ පලමු පියවර

Payoneer Card Application Process 2

Payoneer කාඩ් එකකට Apply කිරීමේ 2 පියවර

Payoneer Card Application Process 3

Payoneer කාඩ් එකකට Apply කිරීමේ 3 පියවර

Tweet
Email

Filed Under: Online Marketing

මේ වගේම තවත් ලිපි

  • Fiverr Privacy Policy එක සිංහලෙන් කියවන්න කැමතිද?Fiverr Privacy Policy එක සිංහලෙන් කියවන්න කැමතිද? (1)
  • අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථක ක්‍රම 3ක්අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථක ක්‍රම 3ක් (9)
  • අන්තර්ජාලයෙන් ඇත්තටම මුදල් හොයන්න, ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්ද..?අන්තර්ජාලයෙන් ඇත්තටම මුදල් හොයන්න, ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්ද..? (7)
  • SLMarketer වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමිSLMarketer වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමි (4)
Sovrn
හැම ලිපියම කාටත් කලින් ඔයාගේ ඊ-මේල් එකට එවන්නද..? එහෙමනම් ඔයාගේ ඊ-මේල් එක ඔතන ලියලා Subscribe ඔබන්න. ඔබලා මේල් එකක් එයි, ඒකේ Link එකත් Click කරන්න.

About ෂ්‍යාම් චතුරංග

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 5ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.

Comments

  1. Geeth says

    March 26, 2013 at 12:56 pm

    වටිනා post එකක්. කරුණාකර කියන්න පුලුවන්ද මොන partner ගෙන් apply කලොත්ද හොදම ?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      March 31, 2013 at 9:11 pm

      ඔයා Partner කෙනෙක්ගෙන් Apply කරනවා නම් ඒ Partner Program එකේ Fees ටිකක් බලන්න. Partner Programs ගොඩක් තීන නිසා මොන එකද වාසි කියලා කියන්න අමාරුයි. තවත් දෙයක් ඔයා Partner Program එකකින් ගත්තම $25 Bonus එක ලැබෙන්නේ නෑ.

      බ්ලොග් එකේ පළවෙනි Comment එකට Thanks..!

      Reply
      • Geeth says

        April 1, 2013 at 12:17 pm

        උත්තර දුන්නට Thanks.
        Payoneer + PayPal post එකක් ඉක්මනින් ලියයි කියල බලාපොරොත්තු වෙනවා.

      • ෂ්‍යාම් චතුරංග says

        April 1, 2013 at 1:14 pm

        අදම ලියන්න පටන් ගන්නම්.

  2. Amil says

    April 2, 2013 at 9:27 pm

    මචන් මමත් මේ කාඩ් එකෙන් සල්ලි withdraw කරනවා. සමහර දාට අඩු ගානක් ගනිද්දි ($40ක් වගේ $ එකක ගාන රු 105ට විතර වෙනවා. නමුත් $ 100ක් විතර ගනිද්දෛ හැම දාම $1ක් රු 111 ක් වගේ ගානක් වෙන්නේ . මම withdraw කරන්නේ කොමර්ශල් බැංකු ATM එකෙන්. උබ withdraw කරනකොට $1ක් රු කීයක් විතර වැටෙනවද? ($ 1ක් රු 130 කාලයේදිත් අපි ATM withdraw කරන කොට මේ තරම් අඩුවට wijthdraw වෙන්නේ ඇයි)

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 2, 2013 at 10:38 pm

      අඩු ගානක් ATM එකෙන් ගත්තා කියලා එහෙම අඩු වෙන්න විදිහක් නෑ. ඔයා ගන්න කලින් Commercial Bank එකේ $ එක Buying Rate කීයද කියලා බලන්න. මං ගන්නේ HNB ATM වලින් විතරයි, මට හැමපාරම 123, 124, 125 වගේ ලැබෙනවා. Fees එහෙමත් කැපෙන නිසා ඔයා ගාන වැරදියට හදලා ඇති. නිතරම ගන්න කලින් අරම බලලා ගන්න.

      Reply
  3. Amil says

    April 2, 2013 at 11:24 pm

    නැ, මචො. මම ගාන නම් හැඩුවේ fee එක අඩු කරලා. ඔන්න මම ගත්තු ගානක් එක්කම කියන්නම්. මම රු 8500ක් withdraw කලා. එතකොට payoneer එකේ පෙන්නනේ $72.54 withdraw කලා කියලා. මගේ fee එක $1යි කැපෙන්නේ. එතකොට $73.54 කියමු. බලන්න එතකොට $ එකක් වෙන්නේ රු115.58 (8500/73.54) . මට කවදාවත් 115ට වැඩිය $ 1කට ලැබිලා නැ. මම HNB ATM එකෙනුත් withdraw කරලාම බලලා කියන්නම්..

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 3, 2013 at 10:04 am

      ඔයා සල්ලි ගන්න ATM එකේ බැංකුවටත් ගානක් යනවා, ඒකත් අඩු කරලා බලන්න. Google එකේ 1$ කියලා බලලා වැඩක් නැහැ, නිතරම බැංකුවෙන් අපිට සල්ලි දෙන්නේ ටිකක් අඩුවෙන් එයාලටත් ගානක් තියාගෙන.

      Reply
  4. Samith says

    April 4, 2013 at 12:19 pm

    මචන්, අපිට පුළුවනිද අපේ payoneer card එක pay pal එකට ලින්ක් කරාම paypal එකේ තියෙන සල්ලි, මේ payoneer card එක හරහා ලංකාවේ ATM වලින් ගන්න පුළුවනිද? හැබැයි මගේ paypal එක තියෙන්නේ තාත්තාගේ නමින්, පිටරට විදියට හදලා. නමුත් payoneer card එක තියෙන්නේ මගේ නමින්. මේ paypal එකට මේ කාඩ් එක ඇඩ් කරොත් නම් වෙනස් නිසා අවුලක් වේවිද?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 4, 2013 at 8:50 pm

      ඔව් PayPal වල සල්ලි Payoneer Card එකට ගන්න පුලුවන්, US Payment Service තියෙනවනම්. ඊළඟ ලිපිය ඒක කරන විදිහ තමයි, අද ඉවර කරන්න හිටියේ, ඒත් පොඩි වැඩවගයක් Set උනා. ඔයා මෙතනදි කාඩ් එක නෙමෙයි Link කරන්නේ US Bank Account එක, ඒ නිසා අවුලක් නැහැ.!

      Reply
  5. Geeth says

    April 9, 2013 at 6:25 pm

    ඔන්න ඔයාගේ post එකේ උදව්වෙන් මමත් අද card එකට apply කලා.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 9, 2013 at 8:31 pm

      Thanks..! හොන්දට පාවිච්චි කරන්න.

      Reply
  6. sanka says

    April 14, 2013 at 10:06 am

    අපිට මේ කාඩ් දෙකක් හදන්න පුලුවන්ද?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 14, 2013 at 2:12 pm

      ඔයාට කවදාවත් Payoneer කාඩ් 2ක් අවශ්‍ය වෙන්නේ නෑ නේද? නොමිලේ ගන්න පුලුවන් වුනා කියලා ඕනවට වඩා ගන්න එපා. ඔයාට 1ක් තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න. ඒකේ Fees වැඩියි නම්, ඒ කාඩ් එක Payoneer Customer Support එකට කියලා Cancel කරලා අලුත් එකක් ගන්න.

      Reply
      • sanka says

        April 14, 2013 at 7:30 pm

        සුබ අලුත් අවුරුද්දක් වේවා යාලු. ඒක දිග කතාවක්. එහෙම දෙයක් දැනගත්තොත් කියනකො. ජය වේවා.

      • ෂ්‍යාම් චතුරංග says

        April 14, 2013 at 7:37 pm

        ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා. දිග කතාව කෙටියෙන් කියන්න පුලුවන් නම් විසදුමක් දෙන්න පුලුවන් වෙයි.!

  7. NipunaLanka says

    April 27, 2013 at 12:03 am

    apiwa accept karanna api monawa hari file upload karanna oneda?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 27, 2013 at 8:13 am

      Payoneer වල කරන්න දෙයක් නැහැ. මේක International MasterCard Debit Card එකක්. ඔයාට තේරුනේ නැත්නම් ආයෙත් කියවන්න.

      නැත්නම් ඔයා Apply කරන්න හදන්නේ ShareCash හරහද? එහෙම කරන්න නම් ඉන්නෙ ඊට කලින් මේක කියවන්න.

      >> https://www.slmarketer.com/minimize-your-payoneer-card-fees/

      Reply
      • NipunaLanka says

        April 28, 2013 at 3:00 am

        hari eka clear una wadee.:) payoneer mama site eken ganne.machan malayasiya account ekata me card eka add karala eken verify karanawa.dan ape account eka limit una kiyahanko machan.ethakota api document yawanna onane.ekata api passport ekayi card site eken sheet ekak aran add karanna puluwanda?eka address eka case ekak wenne nathda? digatama blog eka karanna.fiverr eka gana danna.mama mage firend dethun denekutath dunna mee link eka 😉

      • ෂ්‍යාම් චතුරංග says

        April 28, 2013 at 8:21 am

        අපි Payoneer Card එක දාලා Verify කලත් නැතත් පිටරට විදිහට හදන PayPal වල Risk එක ඒ විදිහටම තියෙනවා. මගේ තාම Limit වෙලා නැහැ. Limit වුනාම බලන්නේ දීලා තියෙන හරිද කියලනේ. ඉතින් Malaysia Address එකක් නෙමෙයි නම් අවුලක් වෙයි මං හිතන්නේ.

        Support එකට Thanks!.

  8. Chathumal says

    May 21, 2013 at 7:15 pm

    GOOD postt.. meka mata nam godaak watinawa.. MATA KIYANNA PULUWANDA me widiyata details dala finish karata passe wena karanna ksisima mukuth karanna one ne nada? card eka gedaratama enawa nada???

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      May 21, 2013 at 8:12 pm

      ඔව් මේ විදියට කරලා යැව්වම හරි. Approve වුනාම තමයි එක එන්නෙ. එතකන් එන්නේ නෑ. ඔයා පාවිච්චි කරනවනම් ගන්න. Good Luck!

      Reply
      • Chathumal says

        May 21, 2013 at 9:16 pm

        kk mam me tika fill karala finish kala ikmanin ei kiyala hithanawa thankzzz.

      • Chathumal says

        June 1, 2013 at 2:33 pm

        Payoneer Eke mage password Eka amathaka wela reset karaganna email ekaii thawa( Type the last 4 digits of your card) kiyala illanawa mekata mokadda denne? thama card eka aweth ne mail 2k awa ekak log wenna thiynawa but pw mathaka ne.. PLZZ HELP ME

      • ෂ්‍යාම් චතුරංග says

        June 1, 2013 at 3:02 pm

        ඔයාට තාම Payoneer Card එක ආවේ නැත්නම් ඔයා කාඩ් නම්බර් එකේ අන්තිම අංක 4 දන්නේ නෑනේ. ඒ නිසා කාඩ් එක ගෙදරට එනකං ඉන්න. නැත්නම් Payoneer Customer Support එකට කියලා කරගන්න.

      • Chathumal says

        June 1, 2013 at 3:41 pm

        ne mam oya step tika kara thama card eka awe ne mata enakn balagena idala meka karanna puluwan eth mam hithuwe meka conform wenna log wenna one kiyala yata thiyna link eken ehma awshya neththam card eka kohomath enawanam aulak ne k thankzz

  9. ashan says

    June 4, 2013 at 7:48 pm

    mama mewidiyata card ekata apply kara.mama direct ma apply kare enisa mata bank account ekath thiyenawa . appy karala 2days withara yaddi card eka approve 2nd step eka complet kiyala email ekak awa mamath id copy uploard karanna oneda?dan 3rd step eka thiyenne mama dan mokada karanna one?????please help me…………………………..

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 4, 2013 at 8:10 pm

      Approve Email එක ආවා නම් ඔයාට දැනට කරන්න දෙයක් නැහැ. Payoneer MasterCard කාඩ් එක ආවාම ඒක Confirm කරන්න ඕනා Payoneer Account එකට වෙලා. Payoneer එකෙන් Email එකක් එයි ඒ Documents(ID Copy) ඉල්ලලා, එතකොට තමයි ඒ දේවල් යවන්න ඕනා.

      Reply
  10. Gayan says

    June 5, 2013 at 5:56 pm

    chathuranga malli us account eka hadanne payoneer card eka apply karanakotamada mamath payoneer card ekak hadanna inne paypal ekata link karanna podi help ekak one

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 5, 2013 at 6:31 pm

      US Payment Service Payoneer Card Apply කරද්දිත් හදන්න පුලුවන් වෙනම Apply කරලා හදාගන්නත් පුලුවන්, ඒත් Payoneer Card Apply කරනකොටම හදාගන්න එක ගොඩක් ඉකමනට වෙනවා. මට වෙනම හදාගන්න මාස 2ට වඩා ගියා.

      US Bank Account එක PayPal එකට Link කරන හැටි සම්පූර්ණයෙන් මේ ලිපියේ තියෙනවා.
      >>> https://www.slmarketer.com/withdraw-your-paypal-money-to-payoneer-mastercard/
      ඒකත් කියවන්න, අවුලක් ආවොත් Comment එකක් දාන්න ඒ පොස්ට් එකේ.

      Reply
  11. Chathumal says

    June 12, 2013 at 7:59 pm

    me widiyata kala Payonner card eka gedatama awa ilagata mam karanna one mokakda https://www.slmarketer.com/verify-your-paypal-account-with-payoneer-master-card/ mekada MEKATA KALIN CARD EKA ACTIVE karanna one nada? ea gena post ekak nadda??

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 12, 2013 at 8:21 pm

      ඊළඟට කරන්න ඕන මේකයි කියලා නැහැ, ඔයා Payoneer Card එක ගත්තේ සල්ලි ගන්නනේ. ඔව් Activate කරන එක ගැන පෝස්ට් එකක් දැම්මේ නැහැ. Payoneer Card එක Activate කරන හැටි Video එකක් Payoneer.com එකේම තිබුනා.

      Reply
  12. Ishara Ruwan says

    June 30, 2013 at 12:13 pm

    Yaluwa mama den Payoneer card ekata apply kala. Order confirmation eka awilla next mage order eka decline una kiyala awa. mokakda mekata hethuwa? mama 100% correct details demme. please mage problems tika wisandala denna.

    1. mage payoneer account ekata log wenna be. Card eka gedarata lebunata passeda account ekata log wenna puluwan?
    2. why Order eka decline kale ?
    3. New registration application ekak danna, old application eka cancel karanne kohomada?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 30, 2013 at 12:25 pm

      ඔයාට ආපු මේල් එකේ හේතුවක් කියලා තිබුනේ නැද්ද ඇයි Declined කරලා තියෙන්නේ කියලා. ගොඩක් වෙලාවට එන ඊමේල් එකේ ඒක ගැන කියන්න ඕනා.
      1. වයස 18ට අඩු නම්.
      2. දීලා තියෙන Details වැරදි නම්.

      ඔය වගේ හේතු තමයි ගොඩක් සමාන්‍ය, එහෙම හේතුවක් කියලා මේල් එකක් ආවේ නැත්නම්, Payoneer Live Support එකෙන් ගිහින් අහන්න ඇයි Declined වුනේ කියලා.

      1. ඔයාගේ Application එක Declined කරාට පස්සේ ඔයාට Payoneer එකේ Account එකක් නැහැ.
      2. අර විදිහට හේතුව මොකක්ද කියලා දැනගෙන හදාගන්න බලන්න.
      3. දාපු Application එකක් ආයෙත් Cancel කරන්න බැහැ. “හරියටම Delined වුනේ ඇයි?” කියන ප්‍රශ්ණයට උත්තරයක් නොදැන අලුතෙන් Apply කරන්න එපා.

      Reply
  13. Ishara Ruwan says

    June 30, 2013 at 12:59 pm

    Thanks Yaluwa. mama customer support eken ahuwa. Eyalage system eken auto generate karapu mail ekaklu. within 4 business days contact karannam kiwwa. yaluwa ehema approve kalata passeda mage account ekata log wenna puluwan? Help me.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 30, 2013 at 1:04 pm

      ඔව් එතකන් බැරි වෙයි. ඔක්කොම දේවල හරිනම් ඉකමනින්ම Approval ලැබෙයි. හොඳට Payoneer Card එක පාවිච්චි කරන්න. 🙂

      Reply
  14. Ishara Ruwan says

    June 30, 2013 at 1:02 pm

    Oyage blog eka excellent. Mama me balagena inne fiverr ithiri post tika balanna. oya kiyapu widiyata gig proposals hadagena inne. Thanks oyata apita mehema help karanawata. Digatama liyanna api balagena innawa.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 30, 2013 at 1:11 pm

      Fiverr එක ගැන අලුත් පෝස්ට් එකක් ළඟදීම එනවා Jul 01 – Jul 05 ඇතුලත අලුත් එක Publish වෙයි, ඒ වගේම කියවලා නිකන් ඉන්න එපා,(Learning Is Half Of The Battle) ඒ දේවල් කරන්න. ඔයා දැනටමත් ඒ දේවල් කරන එක ගැන ගොඩක් සතුටුයි, මගේ ලොකුම Mistake එකක් තමයි දන්න දේවල කරන්නේ නැතුව හිටිය එක. (Not Taking Action)

      ඔයාට Good Luck.!

      Reply
  15. Ishara Ruwan says

    July 1, 2013 at 8:38 am

    Yaluwa mama yesterday Payoneer card ekata apply kala. ID copy ekak ewanna kiyala mail ekak awith thiyenawa. But eke language eka english newei nam Passport eke scan ekak ewannalu. Mata passport ne. National ID eka yawwoth aulak weida? nethinam Passport copy ekak hoyagena edit karannada? edit karanahetith mata kiyala denawada please.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      July 2, 2013 at 7:01 am

      මං නම් යැව්වේ National ID එකේ Scanned Copy එකක්. ඔයාට Passport නැහැ කියලා කියන්න, තියෙනවනම් ඒක යවන්න. හොරට හදන්න එපා.

      Reply
      • Ishara Ruwan says

        July 2, 2013 at 12:38 pm

        Thanks yaluwa oyage answer eken heart ekata kik ekak awa. me case eka nisa e money epa wela hitiye. mama HNB card eka paypal ekata link karala thiyenne. eth eka legal nethi nisa & oyage post eka dekala payoneer card eka hadanna hithuwe. Card ekata approve eka awa gaman mama post ekak danawa.
        Thanks.

  16. harindu says

    July 2, 2013 at 9:20 am

    1 payoneer card 1 ta ලංකාවේ account එකකින් සල්ලි දාන්න පුලුවන්ද?,Paypal account එකකින් payoneer card 1 ta සල්ලි දාන්න පුලුවන්ද?
    2මගේ Paypal account 1 sri lankan කියලා තියෙන්නේ එක malaysia විදිහට වෙනස් කරන්න පුලුවන්ද
    3 payoneer card එකේ රහස් අංකය අරගන්නෙ කොහොමද?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      July 4, 2013 at 3:53 pm

      Payoneer Card එකට සල්ලි දාන්න පුලුවන් ලංකාවේ International Transactions වලට Active කරපු Visa, MasterCard වලින්, PayPal Account වලින්.
      >> https://www.slmarketer.com/payoneer-card-loading/

      PayPal Account එකක Country එක වෙනස් කරන්න බැහැ. වෙනත් Account එකක් හදන්න වෙනවා, නැත්නම් ඔයාට Legal Documents යවලා වෙනස් කරගන්න පුලුවන්. (ඔයා එහේ Citizen කෙනෙක් වුනොත් පුලුවන් වෙයි කියලා කිව්වේ)

      ඔයා තමයි Payoneer Card එක Confirm කරනකොට PIN Number එක දෙන්න ඕනා. ඒක දීලම තමයි ඔයාට ATM වලින් සල්ලි ගන්න පුලුවන්.

      Reply
      • harindu says

        July 6, 2013 at 9:53 am

        thanx machan

  17. Ishara Ruwan says

    July 9, 2013 at 3:24 pm

    Shyam yaluwa mama payoneer card ekata apply karala approve karanna ID copies illala ewath yawalai inne. ID copies sent kale 30/06/2013. Thamath kisima reply ekak ne (Approved or Reject). case ekakda?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      July 9, 2013 at 4:36 pm

      අපොයි අවුලක් නැහැ.! Payoneer එකේ Ticket Support එක ගැන කිසිම විදිහකින් Satisfy වෙන්න බැහැ. මොකද අවුරුදු ගණන් යනවා සමහර වෙලාවට Reply කරන්න. ඊමේල් එකක් එනකන් Application එකේ Status එක ගැන කියන්න බැහැ. ගොඩක් වෙලාවට අර Documents ඉල්ලන්නේ Approval ලැබුනම වගේ තමයි.

      Reply
      • Ishara Ruwan says

        July 9, 2013 at 5:06 pm

        Thanks friend.

  18. sahan says

    July 25, 2013 at 9:00 am

    macho good work!

    Reply
  19. wasantha says

    August 26, 2013 at 10:36 am

    dear mata kiyanna. mamath payoneer card akakta aflay kara. mata kiyanna card aka anakal mata maga payoneer account akata log wanna barida. mama ehama log wanakota “Account Blocked! (#MA104) Please contact customer support” massage akak anawa . mata kiyanna me ai kiyala.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      October 13, 2013 at 10:30 am

      Wasantha, Oyata Payoneer Card eka Approve vela gedarata enakan Payoneer Account log venna baha. Oyata Approval Email eka avada?

      Reply
  20. Naveen says

    November 8, 2013 at 6:04 pm

    macho mage payoneer account ekala log wenna giyama mage account eka block karala kiyala msg ekak awa. amam unge customer support ekata mail ekak damma.
    un mata mail ekak ewala.

    but mata therenne ne mokakda karanne kiyala
    pl help me macho

    menna mail eka

    “Reference number: LTK

    Subject: [WEB Form] Category: Blocked or Inactive Account, Subject: My Account is blocked, error code MA104, Program: Fiverr

    Dear Naveen J,

    Thank you for your email.

    Your Payoneer account has been disabled due to an extended period of inactivity. In order to enable your account, you must first resume activity in receiving payments from Bluesnap, or any other company/website that pays with Payoneer.

    For instructions on how to receive a payment from Bluesnap please contact them directly. If you would like to receive payments from a company not currently associated with your Payoneer account, please reply to this e-mail with the name of the company and we will assist you further.

    Once you receive a new payment to your Payoneer account, please reply to this e-mail and we will assist you in having your account enabled.

    Sincerely,

    Andrew

    Payoneer Customer Support”

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      November 8, 2013 at 6:14 pm

      Payoneer Card එකට සල්ලි නොදා ගොඩක් කල් හිටියම Block කරනවා. දැන් Card එක Fiverr එකට ලින්ක් කරලානේ තියෙන්නේ? එකේ තියන සල්ලි Payoneer Card එකට Withdraw කරන්න. ඊට පස්සේ ඔය Email එකට Reply කරන්න, ඔයා සල්ලි Fiverr වලින් Withdraw කරා කියලා.

      Reply
  21. Naveen says

    November 8, 2013 at 6:27 pm

    ne macho mama thama fiverr walata link karala ne

    Reply
  22. Shyaman says

    November 18, 2013 at 11:20 pm

    apita athe thiyena salli me card ekata diposit karanna barida ?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      November 18, 2013 at 11:25 pm

      බැහැ! අලුත් Usersලට Private Load කරන්න කලින් Online Site එකකින් Or US Bank Account එකට අරගෙන ඉන්න ඕනා.

      Reply
  23. Dasantha says

    December 2, 2013 at 8:51 pm

    මචන් මම odesk site එකේ රෙජිස්ටර් වුනා කාලෙකට කලින්
    ඒකෙන් මට paioneer card එකක් නොමිලේ ලැබුණා
    එක 2014/02 expire වෙනවා මම ඒත පාවිච්චි කළේ නෑ
    මට මේ card එක පාවිච්චි කරන්න පුඵවන්ද ?
    නැත්තම් අඵත් එකක් ගන්න ඕනද ?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      December 2, 2013 at 9:05 pm

      ඒ Payoneer Account එකම පාවිච්චි කරන්න පුලුවන්. අලුත් කාඩ් එකක් ගන්න පුලුවන් ඔය Payoneer Account එකටම. Dashboard එකට ගියාම තියෙන්න ඕනා පුන්චි Notification එකක්. එහෙම එකක් නැත්නම් Payoneer Account Department එකට Ticket එකක් දාන්න. හැබැයි එතකොට $25 බෝනස් ලැබෙන්නේ නෑ!

      Reply
  24. Dasantha says

    December 2, 2013 at 9:36 pm

    thanks මචන් reply ekata
    ඒත් Account එකට log වෙන්න බැහැ Account Blocked! කියල කියනවා
    අඵත් එකක් හදන්න වෙයිද ?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      December 2, 2013 at 9:53 pm

      ටික කාලයක් Account එකට ලොග් වෙන්නේ නැතිවුනාම Block කරනවා. කැමතිනම් ඒ Account එකම ආයේ Active කරගන්න පුලුවන්.

      Reply
  25. Dasantha says

    December 2, 2013 at 10:06 pm

    ඒ කොහොමද ?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      December 2, 2013 at 10:16 pm

      Payoneer Customer Support එකට Ticket එකක් දාලා තමයි.

      Reply
  26. Dasantha says

    December 2, 2013 at 10:32 pm

    මම Try කරල බලන්නම්
    and good luck to you..

    Reply
    • [email protected] says

      December 14, 2013 at 6:52 pm

      Local bank charges apply wenawada? samanyayen withdraw ekakata keeyak wageda?

      Reply
      • ෂ්‍යාම් චතුරංග says

        January 3, 2014 at 11:24 am

        ඔව්, ගන්න ATM එකේ Bank එකේ ගන්න දවසේ තියෙන $ Buying Rate එකට තමයි Withdrawal වෙන්නේ. ඒකට අමතරව මුකුත් මගේනම් කැපිලා නැහැ.

  27. hasitha says

    December 17, 2013 at 3:11 pm

    mchn mata ube num eka diyan..mage payonner card eka eka atm ekakawath demmata balance eka pennane ne..

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      January 3, 2014 at 11:04 am

      Payoneer Card එකේ Balance බලන්න බැහැ නිකන්. balance එක බලන්න නම් ATM එකෙන් Request කරන්න ඕනා වගේම $1කුත් කැපෙනවා (Per Request). Online Account එකෙන් Balance එක බලාගත්තනම් හරි.

      Reply
  28. Asiri Nilupul says

    January 16, 2014 at 6:17 pm

    අයිය මන් හදලා එක්වුන්ට් 1ක පැයක් ගියෙ නෑ. ලොග් වෙද්දි
    Account Blocked! (#MA104) Please contact customer support
    මෙහෙම එරෝ 1ක් එනව

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      January 16, 2014 at 8:37 pm

      පැයක් ගියේ නැහැ! එහෙනම් Payoneer CS එක Contact කරලා බලන්න අවුල මොකක්ද කියලා.

      Reply
  29. kanishka says

    January 21, 2014 at 1:36 pm

    machan niyama post ekak.math dan apply kara mekata.Fiverr eke revenue card eka widiyata meka use karala withdraw karanna puluwanda machan ? digatama liyapan machan blog eka.thankyou

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      January 21, 2014 at 2:31 pm

      ඔව්, මේ විදිහට Card එක අරගෙන Fiverr එකට Link කරලා Fiverr මුදල් Withdraw කරන්න පුලුවන්. Thanks!

      Reply
  30. Kanishka says

    February 12, 2014 at 7:29 am

    dan machan mama payoneer card eka order karala step 2k complete wela thiyenne.Registration ekai , Approval ekai complete.dan card eka enakan karanna deyak na neda ? 2014 feb 27 – march 06 athulatha enawa kiyala thiyenne.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      February 12, 2014 at 8:02 am

      ඔව්, මුකුත් කරන්න දෙයක් නෑ. ඒත් සල්ලි ගන්නේ Fiverr වලින් නම් ඒකේ වැඩකරන්න. 😉 ඔයාව Payoneer Approve කලේ February 3 වගේනම් හෙට වගේ Card එක එයි. 2Weeks වලට කලින් Card එක එනවා. ආවට පස්සේ PIN එක ගහලා Confirm කරලා සල්ලි දාන්න $100. එතකොට $25 Bonus එකත් ලැබෙයි.

      Reply
  31. Kanishka says

    February 12, 2014 at 10:35 am

    hari mama fiverr eken thama order kare,fiverr ekenma 100$ withdraw karaama hari neda ? approve karala nam tikak kal dan,hari hari thank you machan.ubage post kiyawala thamai mama order kare. 🙂 🙂

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      February 12, 2014 at 10:43 am

      ඔව්, Fiverr එකෙන් $100 Withdraw කරාම හරි. හැබැයි ඔයා Fiverr එකෙන් Payoneer Card එකට Apply කරානම් $25 එක ලැබෙන්නේ නැහැ.

      Reply
  32. Kanishka says

    February 16, 2014 at 9:33 am

    mama hithanne machan card eka late wage,mata approval email eka awe jan 29.eke kiyala thieyenne “Your card is estimated to arrive between 27 Feb 2014 and 06 Mar 2014”
    onna ohoma meka late da ? nathnam normal da ? uba ara approve karala sathi 2n enawa kiwwa nisa ahuwe bn.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      February 16, 2014 at 9:58 am

      ලංකාවේ Post එකෙන් Deliver කරන්න වෙලාව ගන්නවද දන්නෙ නෑ. මටයි, අපේ පවුලේ දෙන්නෙකුටයි සති 2ට කලින් ආවා. ළඟදිම ගත්තු එක January වල, ඒකත් ආවා සති 2ට කලින්. (Within 14Days)

      Reply
  33. kanishka says

    March 4, 2014 at 7:32 am

    machan Card eka nam awa , activate kara number ekai pin numbers dunna,dan 100$ kma danna oneda ? eeta aduwen dammata kamak nadda ? thank you machan 🙂

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      March 4, 2014 at 7:38 am

      😀 ඔව්, $100 වත් දාන්න ඕනා $25 Bonus එක ලැබෙන්න. අඩුගාණක් වුනත් දාන්න පුලුවන්, ඒත් Bonus එක ලැබෙන්නේ නැහැ අඩු ගාණකට. දෙපාරක් තුන්පාරක් දාලා $100 වලට වඩා දැම්මත් මං හිතන්නේ Bonus එක ලැබෙනවා.

      Reply
      • kanishka says

        March 4, 2014 at 7:47 am

        haha thanks machan ubage post balala thama card eka genna gaththe mama 😀 mata poddak card eka load karana widiya kiyannako.eeta passe api card ekata salli withdraw karapu gaman salli ganna ba neda ? partner programme walin order karama bonus 25$ hambenawada ?

  34. Chathura says

    March 16, 2014 at 8:06 am

    මේ කිව්ව විදිහට මං card එක apply කළා. දැන් card එක ඇවිල්ල තියෙන්නේ. මං එක activate කළා. මට තාම Documents මුකුත් එවන්න කිව්වේ නෑ. මගේ ප්‍රශ්නේ, මං මගේ middle name එක දාල නෑ. first name එකයි last name එකයි විතරයි දැම්මේ. මගේ ID එකේ middle name එකක් තියන නිසා Documents එවන්න කිව්වොත් අව්ලක් වෙයිද?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      March 20, 2014 at 2:30 pm

      සමහරවිට අවුලක් වෙන්නත් පුලුවන්. Payoneer Support එකට කියලා ඒක හදාගන්න. එහෙම හදාගන්න පුලුවන් කිව්වොත් ඔයාට Replacement Card එකකුත් ගන්න වෙයි Fee එක ගෙවලා.

      Reply
  35. Varuna says

    March 17, 2014 at 9:55 am

    Machan, godak pin me dala thiyana post walata.

    Api Fiverr revenue card eka haraha salli gannakota, e gena ATM eka aythi bank eka danuwath karanna onada ? e bank eke Ape account ekak thiyenna onada ?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      March 17, 2014 at 10:02 am

      නැහැ! දැනුවත් කරන්න ඕන නැහැ වගේම Bank Account එකක් තියෙන්න ඕනත් නෑ. මං හිතන්නේ වැඩිම Exchange Rate එකක් තියෙන්නේ HNB වල විතරයි කියලා. ඒ නිසා HNB ATM වලින් ගන්න, මාත් ගන්නේ HNB ATM වලින්.

      Reply
  36. Varuna says

    March 17, 2014 at 10:06 am

    Thanks machan, oya karana hema wadakma hariyanna kiyala parthan karanawa.

    Reply
  37. Isuru Dileepa says

    April 2, 2014 at 6:19 am

    Post eka gadak watinawa.Mama card ekata apply kala. E card eka apita hamba wenne kohomada?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 2, 2014 at 10:18 am

      Card එක ලැබෙන්නේ Air Mail එකකින්. Postman ගෙනල්ලා දෙනවා ගෙදරට.

      Reply
  38. Isuru Dileepa says

    April 2, 2014 at 7:14 am

    mama oya kiyapu vidihata kala. dan payoneer account ekata log wenna den na. error ekak enawa. mage email eakata massege ekak ewwa.

    We’re sorry, but your recent application for a Prepaid MasterCard® has been declined.

    Should you believe this to be an error please contact us at Payoneer Contact Form

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 2, 2014 at 10:22 am

      ඔයාගේ Payoneer Application එක Approve වෙලා නෑ. ඔයාගේ වයස කීයද? 18ට වඩා වැඩිද? ඔක්කොම Details හරියට Fill කරාද? මෙහෙම නිකන් Deny කරන්නේ නෑ. මොනාහරි අවුලක් වෙන්න ඇති, ආයෙත් Try කරන්න ඔයා ඇත්තටම Qualify වෙනවානම්.

      Reply
  39. nipun says

    May 13, 2014 at 9:15 am

    maga papal akata hnd debit card akak anter karaddi 4digital pin aka 4parak varadiyata gahuwa itapssa card deasble kiyala watenawa kohomada aka hadagnna email akai danawada

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      May 13, 2014 at 10:30 am

      HNB Debit Card PayPal වලට Add කරාම Verify කරන්න පුන්චි ගාණක් කපනවා. ඉතින් ඒ ගාණ කපන ගමන් Transaction Details වල ඔය කියන 4 Digit PIN එක තියෙනවා. ඔයාට HNB Online Banking තියෙනවනම් Last Transaction බලන්න Log වෙලා. නැත්නම් HNB Account එකේ Monthly Statement එකක් එනකන් ඉන්න, එහෙම එකකුත් එන්නේ නැත්නම් ඔයාගේ HNB Book එක Update කරගන්න. එතන වැටෙයි 4-Digit PIN එක PP**** කියලා.

      ඔය PIN එක වැරදියට ගහනවා කියන්නේ Card එක හොරෙන් Add කරගන්න යනවා වගේ වැඩක්. ඉතින් PayPal CS එකට කියලා Add කරගන්න දැන්. නැත්නම් ටික දවසකින් Card Disabled කියන එක හරියන්නත් පුලුවන්.

      Reply
  40. Amil says

    July 8, 2014 at 4:32 pm

    එක වරකට Payoneer කාඩ් එකෙන් ලංකාවේ ATM එකකින් කීයක් withdraw කරන්න පුළුවනිද?

    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Email Newsletter!

අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හැටි හා එම ව්‍යාපාරය නිවැරදිව සාර්ථක කරගන්න හැටි කියවන්න කැමතිද?

ඒ වගේම Internet Marketing ගැන SLMarketer විසින් ලියවෙන හැම ලිපියක්ම ඔයාගේ Inbox එකට ගන්න කැමතිද?

එහෙනම් SLMarketer Email Newsletter එකට දැන්ම Join වෙන්න.

Fiverr Success

What’s Your Passion?

ඔයාගෙන් මම ඇහුවොත් ඔයා කියවන්න ආසම කරන Topic එක මොකක්ද කියලා, ඔයා මොකක්ද දෙන උත්තරය? SLMarketer එක ඔයත් මීට කලින් එකපාරක් හරි කියවලා ඇති.


දිගටම ඔයා අන්තර්ජාල අලෙවිකරණය ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ Survey එක Fill කරලා ඒක ගැන අපට කියන්න.


→ Tell Us Your Passion NOW
Get Targeted Traffic, Increase Sales! Get Your Own Domain Name Shrink Your Links Get Your Payoneer Card With $25 Earn by Sharing Internet Earn Free Crypto Get Your Crypto Wallet on Coinbase Get Your Crypto Wallet on Binance

සම්බන්ධ වෙමුද?


Follow @SLMarketer

SLMarketer RSS Feed Subscription!

ජනප්‍රිය ලිපි

  • අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඔයාගේ Skill එකෙන් පටන්ගන්න හොඳම තැන
  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Payoneer හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න
  • ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද?
  • ඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව Publish කරන්න
  • අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථක ක්‍රම 3ක්
  • Payoneer Account එකට මුදල් දැමීමට හැකි ක්‍රම
  • සාර්ථක Fiverr Gigs කිහිපයකින් Living Income එකක් හොයන්න
  • Payoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්න
  • ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හෝ Internet Marketing වලට නවකයෙක්ද?

හොඳම Shared Hosting!

HostGator Discount

අලුත්ම ලිපි

  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්
  • High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න
  • SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

කර්තෘ ගැන…

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 6ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.   Read More…

Email Newsletter

විශේෂ ලිපි, ඊ-පොත්, වීඩියෝ මග පෙන්වීම් ආදිය හා පළවන සෑම ලිපියක්ම ඔබේ ඊ-මේල් එකටම ගෙන්වා ගන්න.

හොයන්න

[footer_backtotop]

Copyright © 2025 SLMarketer.com • අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සින්හලෙන් ඉගෙනගන්න.
සියලුම අන්තර්ගතයේ අයිතිය SLMarketer.com අඩවිය සතුය. · A Site By ScorpionGod Lair