SLMarketer

Payoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්න

PayPal Verification With Payoneer

PayPal කියන්නේ ලෝකයේ වැඩියෙන්ම අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු වන Online Payment Processor එකක්. නමුත් අපිට මේකේ සමහර Features ගන්න නම් Verify කරන්න ඕනා. ඉතින් මේ ලිපියෙන් PayPal Verify කරන හැටි ලියන්නම්. මං කලින් Payoneer Master කාඩ් එකකට Apply කරන විදිහ ලියපු ලිපියේ කිව්වා PayPal වල සම්පූර්ණ පහසුකම් ලංකාවට ලැබිලා නැහැ කියලා. ඉතින් මේ PayPal Account එක Verify කලා කියලා වත් අපිට ඒ දේවල් ලැබෙන්නේ නෑ. නමුත් PayPal Verify කරාම යම්කිසි දේවල් ටිකක් ලැබෙනවා.

Why Should You Verify..?

Verify කරාම ලැබෙන වාසි මොනවද කියලා කියන්නම් දැන්,

හිතුවට වඩා වාසි තියෙනවා ඔයා PayPal Account එක Verify කරාම. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ PayPal Account එක Verify කරගන්න. ඔයාට තියෙන්නේ ලංකාවේ PayPal Account එකක් උනත් කමක් නෑ, මොකද ඔයා eBay එහෙම Shopping කරන්න තෝරගන්නවනම් Verified PayPal එකක් තියෙන එක හොදයි.

ඔයාට PayPal Account එක Verify කරන්න කිසිම ගානක් යන්නේ නෑ, PayPal එකෙන් Verification එක කරන්නේ නොමිලේ. නමුත් එයාලා ඔයා සම්බන්ධ කරන Credit/Debit Card හෝ බැංකු ගිණුමෙන් පොඩි මුදලක් ගන්නවා, ඔයා Add කරපු ඒවා Validද කියලා බලන්න. ඒත් ඒක ආපහු ඔයාටම එවනවා.

PayPal Verification Guide With Payoneer

PayPal එකට Credit/Debit කාඩ් Add කරලා Verify කරන්න පහසුකම් දීලා තියෙන නිසා, ඔයාට පුලුවන් ඔයාගේ Payoneer Account එක PayPal Account එකට Add කරලා Verify කරගන්න. PayPal එකෙන් පිළිගන්න Credit/Debit කාඩ් වර්ග තමයි,

  1. Visa Credit/Debit.
  2. MasterCard Credit/Debit.
  3. AmEx Credit/Debit.
  4. Discover Credit/Debit.

ඔයා සමහරවිට Credit, Debit කාඩ් ගැන නොදන්නවත් ඇති. Debit කාඩ් එකක් කියන්නේ ඔයාට බැංකුවකින් ගන්න පුලුවන් කාඩ් එකක්, නමුත් මේ කාඩ් එකේදී ඔයාට ණය නෙමෙයි ලැබෙන්නේ. ඔයාගේ බැංකු ගිණුමෙන් තමයි මේ කාඩ් එකට මුදල් ලැබෙන්නේ. ඒ කියන්නේ ඔයා Debit Card එකක් පාවිච්චි කරනවා නම් ඒවගේම ඒක පාවිච්චි කරලා මොනාහරි දෙයකට මුදල් ගෙව්වොත් එහෙම මුදල් අඩු වෙන්නේ ඔයාගේ බැංකු ගිණුමෙන්. බැංකු ගිණුමේ මුදල් නැති උන ගමන් ඔයාට Debit Card එකෙන් ගෙවන්න බැහැ. ඒත් PayPal මුදල් එහෙම ගෙන්වන්න පුලුවන්. Credit කාඩ් එකක් කියන්නේ ණයට බැංකුවකින් ගන්න පුලුවන් කාඩ් එකක්. මේකේදී ඔයාට ණය දෙන ප්‍රමාණයක් තියෙනවා, ඒක තීරණය වෙන්නේ ඔයාගේ අදායම මත. මේකට ඔයාට මුදල් ගෙන්වන්නත් පුලුවන් ඒක Visa Credit Card එකක් නම්.

දැන් ඔයා Payoneer කාඩ් එක දාලානේ Verify කරන්න යන්නේ, ඔයා PayPal Account එක Payoneer කාඩ් එක දාලා Verify කරාට ඔයාට මුදල් ගන්න බැහැ. මොකද ඒක Visa Card එකක් නෙමෙයි, ඒක MasterCard එකක්. ඒ නිසයි ඔයා කොච්චර Payoneer කාඩ් එක Add කරන්න ගියත් Add වෙන්නේ නැත්තේ. PayPal එකෙන් මුදල් Withdraw කරන්න ඉඩදීලා තියෙන්නේ Visa කාඩ් වලට විතරයි. නමුත් ඔයාට පුලුවන් අර කිව්ව ඕනම කාඩ් එකක් Add කරලා,

  1. Verify කරගන්න.
  2. Pay කරන්න.

ඔයාට PayPal මුදල් Withdraw කරන්න ඕනනම් ඒකට බැංකු ගිණුමක් Add කරාම හරි, PayPal එකෙන් ගොඩක් රටවල ගිණුම්වලට US Bank Accounts පිළිගන්නවා Withdrawal වලට. ඒක ගැන වැඩි විස්තර ඊළඟ ලිපියෙන් ලියන්නම්.මං දැනටමත් PayPal Verify කරලා තියෙන නිසා ටිකක් වෙනස් විදිහකට තමයි කියලා දෙන්නේ. හරි එහෙනම් Verify කරන විදිහ කියන්නම්.

PayPal Account එකට Sign In වෙන්න.
මේ Page එකට යන්න මෙහෙම My Account » Profile » Add/Edit Credit Card.
Card Type එකෙන් MasterCard එක තෝරන්න.
නම, කාඩ් නම්බර් එක, කාඩ් එක Expire වෙන දිනය, CVV එක ලියන්න.
Billing Address එකත් ලියන්න.
Add Card ඔබන්න.

PayPal Card Add Page

ඔයාට ඔය දේවල් හොයාගන්න පුලුවන් කාඩ් එකේ පිටිපස්සෙනුයි, ඉස්සරහා පැත්තෙනුයි. ඒ වගේම මේවත් මතක තියාගෙන වැඩේ කරන්න පටන් ගන්න.

ඔයා PayPal එකට Add කරනකොට ඔයාට කාඩ් එකේ Surname එක වෙනස් කරන්න බැහැ ඔයාට ඕන විදිහට, ඒ නිසා ඔයා PayPal Account එක හදනකොට අනිවාර්යයෙන් Last Name එකට ඔයාගේ Surname එක දාන්න. කොහොමහරි ඔයාගේ PayPal Account එකේ හෝ කාඩ් එකේ Surname එක සමාන නොවුනොත් Add කරන්න බැරි වෙයි.

ඔයාට Payoneer කාඩ් එකේ Number එක කාඩ් එක ඉස්සරහ පැත්තේ හොයාගන්න පුලුවන්. ඒක ඉලක්කම් 4 ගානේ 16 තියෙන එකක්. මේ නම්බර් එකට යටම තියෙනවා කාඩ් එකේ අයිතිකරුගේ නම, අන්තිමට තියෙන්නේ Surname එක.

Card එක Expire වෙන දිනය තියෙන්නෙත් කාඩ් එක ඉස්සරහ පැත්තේ කාඩ් නම්බර් එකටයි අයිතිකරුගේ නමටයි මැද.

CVV එක කියන්නේ කාඩ් එකේ Security Number එකක්. ඒක තියෙන්නේ කාඩ් එක පිටිපස්සේ අත්සන් කරන්න තියෙන තැන. එතන දකුණු අත පැත්තේ ඉලක්කම් 19 නම්බර් එකක් තියෙනවා, ඒ නම්බර් එකේ අන්තිමට ඉලක්කම් 3ක් විතරක් ඇති, ඒක තමයි කාඩ් එකේ CVV එක.

ඔයා PayPal Account එක හදලා තියෙන්නේ වෙනත් රටක විදිහට උනත් කාඩ් එකේ Billing Address එක ලියන්න ඕනා ඔයාට කාඩ් එක ආපු Address එක. රට වෙනස් කරන්න බැහැ ඒත් අනිත් ඒවා හරියට දාන්න.

හරි දැන් ඔය විදිහට කාඩ් එක Add කරාම Verify වෙන්න ඕනා, මං දැන් ගොඩක් කාලයක් වෙනවා Verify කරලා, ඉතින් මට හරියටම මතක නෑ, ඒ හින්දා Miss උන තැනක් තියෙනවානම් Comment කරන්න. ඒ වගේම මේ ලිපියෙන් ඔයා PayPal Account එක Verify කරගත්තානම් මේ ලිපිය ඔයාට වැදගත් උනානම් ඔයාගේ යාළුවන්ටත් වැදගත් වෙයි, ඉතින් මේ ලිපිය Facebook Share කරන්න, Google +1 එකක් දාන්න…!