• Home
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Fiverr Sinhalen — FUPS

SLMarketer

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන්න ඉගෙනගන්න

Earn Free Bitcoin
  • Social Media Marketing
  • Affiliate Marketing
  • Online Marketing
  • WordPress
  • BlogSpot
  • Blogging
  • SEO
You are here: Home / Archives for Website Performance

Website Speed ගැන ඔයා දැනගතයුතුම දේවල් කිහිපයක්

January 3, 2014 By ෂ්‍යාම් චතුරංග 2 Comments

website speed importance

ලෝකයේ හැමදේම අලුත් වෙනවා, දියුණු වෙනවා. හිතුවට වඩා වේගයෙන් 2013 අවුරුද්ද ඉවරවෙලා 2014 අලුත් අවුරුද්ද උදාවෙලා තියෙනවා. ඔයාගේ හිතෙත් ගොඩක් බලාපොරොත්තු ඇති මේ අවුරුද්දේ කොහොමහරි ඉටුකරගන්නවා කියලා.

ඒ බලාපොරොත්තු පැත්තකින් තියලා ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි කියලා ප්‍රාර්ථනා කරන්නම්. ඒත් එක්කම මේ 2014 අවුරුද්ද ඔයාගේ Internet Marketing Life එකේ සාර්ථකම වර්ෂය වෙන්න වගේම පිස්සු හැදෙන Spikes ඔයාගේ Stats වලට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා.

2014 වර්ෂයේ SLMarketerහි ලියවෙන පළමු Post එක විදිහට තමයි අද වැදගත් දෙයක් කියන්න යන්නේ. නමුත් ඒකට කලින් ඔයාට SLMarketer ගැන කියන්න දෙයක් තියෙනවා. 2013 March 9 වෙනිදා තමයි SLMarketer Launch වුනේ. ඉතින් දැන් SLMarketer කියන්නේ මාස 8 වයස Blog එකක්. මේ මාස 8දී ගොඩක් දේවල් කළා වගේම ගොඩක් නිෂ්ශබ්දවත් හිටියා.

2014 කියන්නේ අලුත් අවුරුද්දක්. මේ අවුරුද්දේ ගොඩක් ලොකු වෙනස්කම් කිහිපයක් කරන්න Plan කරලා තියෙනවා. ඒ මොනවද කියලා ඔයාටම ඉස්සරහට තේරේවී. ඔයාට අන්තර්ජාලයෙන් මුදල් හොයන්න හා අන්තර්ජාල අලෙවිකරණය ගැන ගොඩක් දේවල් කියන්න මේ අවුරුද්ද හොඳටම ගැළපෙනවා.

ඉතින් ඒ ගොඩක් දේවල් වලින් එකක් විදිහට අද කියන්න යන්නේ Website Speed එක ගැන. තවත් විශේෂ දෙයක් තමයි 2013 වර්ෂයේ SLMarketer විසින් ලියපු පළවෙනි සිංහළ Guest Post එකෙන් ඔයාට තවත් දේවල් මේ ගැන කියවන්න පුලුවන්.

SLMarketer Website Speed

SLMarketer Loading Time

Importance of Website Speed

Website Speed එක කියන්නේ ඔයාගේ වෙබ් අඩවිය හෝ බ්ලොග් එක Web Browser එකේ Load වෙන්න ගන්න කාලයයි. මේකත් බැලූ බැල්මට එතරම් වැදගත් දෙයක් වගේ පේන්නේ නෑ නේද? හැබැයි, ඇත්තටම ඒක එහෙමනම් නෑ.

Website Speed එක කියන්නේ 2014 වර්ෂයේ ඔයා හිතන්නම ඕන දෙයක්.

ඔයාගේ බ්ලොග් එක Load වෙන්න තත්පර 10ක් විතර ගතවෙනවා නම්, බ්ලොග් එකට එන First Time Visitorsලගෙන් 70% වත් ආපහු යනවා Load වෙලා ඉවරවෙන්න කලින්. ඒකට හේතුව තමයි බලාගෙන ඉන්න බැරිකම.

අන්තර්ජාලය පාවිච්චිකරන හැම කෙනාම වගේ ඉක්මනින් දේවල් කරන්න, බලන්න, කියවන්න වගේම Download කරන්නත් කැමතියි. මං දන්නවා ඔයත් ඒ බෝට්ටුවෙම තමයි කියලා!

ඒ වගේම කාලය කියන්නේ සල්ලි දීලා ගන්න පුලුවන් දෙයක් නෙමෙයි. හොඳ Website Speed එකක් තියන Blog එකක් කවදාවත් Readersලගේ වටිනා කාලය නාස්ති කරන්නේ නැහැ. අද අන්තර්ජාලයේ Information වලට Competition එක ගොඩක් වැඩියි. එකම දේ තැන් 2ක 3කින් ලබාගන්න පුලුවන්. (eg: Services) ඉක්මනින් අවශ්‍ය දේ ලබාගන්න පුලුවන් තැනට තමයි මිනිස්සු යන්නේ.

Website Speed කියන දේ ප්‍රබල මාතෘකාවක් වෙන්න ගත්තේ 2010 April 9 Google වල වුනු වෙනස්කමක් සමඟයි. මේ දවසේ තමයි Google විසින් Website Speed එක එයාලගේ Search Ranking Algorithm එකේ Factor එකක් බවට ප්‍රසිද්ධියේ පිළිගැනීම සිද්ධවුනේ. දැන් Web Speed එක කියන්නේ OnSite SEO වල Major Signal එකක්. ඉතින් ඔයාගේ Blog එක Search Optimized කරනකොට Speed එක ගැන අනිවාර්යයෙන් හිතන්න ඕනා.

#1 Tip For Speed Boost

ඔයාගේ Blog එකේ Loading Time එක තත්පර 2ට අඩුවෙන් තියාගන්න පුලුවන්නම් හොඳයි. ඒක තමයි සාමාන්‍යයයෙන් අවශ්‍ය අගය, නමුත් තත්පරයකටත් වඩා අඩුවෙන් (Milliseconds) කාලය වැයවෙනවා කියන්නේ නියමයි. ඒ වගේම Organic Traffic එක සැලකියයුතු මට්ටමකින් වැඩිවෙනවා කියලා ඔයාටම තේරේවී.

Blog එකේ Speed එක වැඩිකරගන්න වගේම Loading Time එක අඩුකරගන්න ක්‍රම ගොඩක් තියෙනවා. දැන් කියන්න යන්නේ ඒ වගේ එක වැදගත් ක්‍රමයක් ගැනයි.

ඒ Image Optimization.

බ්ලොග් එකේ ගොඩක් Images දාන්න එපා, මොකද Images තමයි Web Page එකක බර වැඩිම දේ. ඉතින් Images පාවිච්චිය ගැළපෙන තැන්වලට පමණක් සීමාකරන එක හොඳයි.

තවත් දෙයක් තමයි, ඔයාට පුලුවන් Image එකක් Optimize කරන්න. ඒ කිව්වේ Image එකේ Quality එක අඩු නොකර File Size එක අඩුකරන්න පුලුවන්. මේ වැඩේට Photoshop භාවිතා කරන්න පුලුවන්.

ඒක කරන්නේ මෙහෙමයි. File > Save for Web

Want More …

SLMarketer PageSpeed Score

SLMarketer PageSpeed Score


Website Speed එක ගැන තව දේවල් කියවන්න කැමතිද? ඔයාගේ Blog එක Load වෙන්න කොච්චර වෙලාවක් ගන්නවද කියලා බැලුවොත් මොකද? TricksLanka එකේ තියෙනවා ඔයාට මේකෙන් ලැබෙන ප්‍රතිලාභ 4ක්, ඉතින් ඒකත් කියවන්න.

UPDATE: TricksLanka වෙබ් අඩවිය සංස්කරණය වීම නිසා Article එක සොයා ගැනීමට නොහැක.

Filed Under: SEO

Email Newsletter!

අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හැටි හා එම ව්‍යාපාරය නිවැරදිව සාර්ථක කරගන්න හැටි කියවන්න කැමතිද?

ඒ වගේම Internet Marketing ගැන SLMarketer විසින් ලියවෙන හැම ලිපියක්ම ඔයාගේ Inbox එකට ගන්න කැමතිද?

එහෙනම් SLMarketer Email Newsletter එකට දැන්ම Join වෙන්න.

Fiverr Success

What’s Your Passion?

ඔයාගෙන් මම ඇහුවොත් ඔයා කියවන්න ආසම කරන Topic එක මොකක්ද කියලා, ඔයා මොකක්ද දෙන උත්තරය? SLMarketer එක ඔයත් මීට කලින් එකපාරක් හරි කියවලා ඇති.


දිගටම ඔයා අන්තර්ජාල අලෙවිකරණය ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ Survey එක Fill කරලා ඒක ගැන අපට කියන්න.


→ Tell Us Your Passion NOW
Get Targeted Traffic, Increase Sales! Get Your Own Domain Name Shrink Your Links Get Your Payoneer Card With $25 Earn by Sharing Internet Earn Free Crypto Get Your Crypto Wallet on Coinbase Get Your Crypto Wallet on Binance

සම්බන්ධ වෙමුද?


Follow @SLMarketer

SLMarketer RSS Feed Subscription!

හොඳම Shared Hosting!

HostGator Discount

අලුත්ම ලිපි

  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්
  • High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න
  • SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

කර්තෘ ගැන…

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 6ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.   Read More…

Email Newsletter

විශේෂ ලිපි, ඊ-පොත්, වීඩියෝ මග පෙන්වීම් ආදිය හා පළවන සෑම ලිපියක්ම ඔබේ ඊ-මේල් එකටම ගෙන්වා ගන්න.

හොයන්න

[footer_backtotop]

Copyright © 2026 SLMarketer.com • අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සින්හලෙන් ඉගෙනගන්න.
සියලුම අන්තර්ගතයේ අයිතිය SLMarketer.com අඩවිය සතුය. · A Site By ScorpionGod Lair