• Home
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Fiverr Sinhalen — FUPS

SLMarketer

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන්න ඉගෙනගන්න

Earn Free Bitcoin
  • Social Media Marketing
  • Affiliate Marketing
  • Online Marketing
  • WordPress
  • BlogSpot
  • Blogging
  • SEO
You are here: Home / Archives for US Payment Service

Payoneer හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න

April 5, 2013 By ෂ්‍යාම් චතුරංග 94 Comments

Payoneer US Payment Service With PayPal

ලංකාවේ අන්තර්ජාල අලෙවිකරුවන්ට Payoneer කියන්නේ ගොඩක් වටින දෙයක්. PayPal ලංකාවට නැති වුනත් ඒකත් ඔයාට වටිනවා. ඉතින් PayPal ලංකාවට මුදල් එවන්නේ නැතිවුනත් ඔයාට පුලුවන් මේ Payoneer කාඩ් එක හරහා ඒ මුදල් ලංකාවට ගෙන්වන්න. ඔයා Payoneer හරහා ලංකාවට මුදල් ගෙන්වද්දී ඒක නීත්‍යානුකූල ගණුදෙනුවක් වෙනවා. ඒ නිසා ඔයාට බය වෙන්න කිසිම හේතුවක් නැහැ.

Payoneer එක ගැන ගොඩක් දේවල් මං කලින් ලිපිවලදී කිව්වනේ, අන්තිමට ලියපු ලිපියෙන් කිව්වා PayPal මුදල් ලංකාවට ගන්න හැටි කියනවා කියලා. මේකට ඔයාට අනිවාර්යයෙන් Payoneer Account එකක් තියෙන්න ඕනා, ඔයාට තාමත් Payoneer Account එකක් නැත්නම් එකකට Apply කරන හැටි ලියපු ලිපිය කියවන්න.

හරි ඔයාට දැනටමත් Payoneer Account එකක් තියෙනවනම වැඩේ කරමු. මෙතනදී ඔයා මුදල් ගන්න යන්නේ සාමාන්‍ය විදිහට කාඩ් එක Link කරලා නෙමෙයි, ඔයාට එහෙම කරන්න බැහැ. ඒකට හේතුව මං කලින් ලිපියේ කිව්වා. සාමාන්‍ය විදිහට Link එක කරලා ඔයාට මුදල් ගන්න බැරි, PayPal මුදල් එවන්නේ Visa Card වලට විතරක් නිසා. Payoneer කාඩ් එක කියන්නේ Visa Card එකක් නෙමෙයි, Payoneer කාඩ් එක MasterCard එකක්, ඒක ඔයාට Payoneer කාඩ් එකෙන්ම බලාගන්න පුලුවන් MasterCard Logo එක තියෙන හින්දා.
ඔයා දැන් එහෙමනම් කොහොමද PayPal සල්ලි ගන්නේ කියලා හිතනවා ඇති. Payoneer කාඩ් ගන්න අයට නොමිලේ US Bank Account එකකට Apply කරන්න පුලුවන් කියලා මං කලින් Payoneer ගැන ලියපු පළවෙනි ලිපියේ කිව්වනේ. ඉතින් ඔයා ඒ US Bank Account එක Link කරලා තමයි දැන් PayPal මුදල් Payoneer වලට ගන්නේ.

ඔයාට පුලුවන් Partner Programs වලින් කාඩ් ලබාගන්නත්, කෙලින්ම Payoneer සයිට් එකෙන් Apply කරලා ලබාගන්නත්. ඔයාට දැනටමත් Partner Program එකකින් ගත්තු කාඩ් එකක් තියෙනවනම් ඔයාට US Bank Account ලැබිලා නැතුව ඇති. නමුත් ඔයා කෙලින්ම Payoneer සයිට් එකෙන් Apply කරලා ගත්තු කෙනෙක්නම් ඔයාට US Bank Account තියෙන්න ඕනා. මොකද කෙලින්ම Apply කරන අයට තියෙන්නේ පුන්චි Tick එකක් දාන්න විතරයි Apply කරද්දී.

Apply For US Payment Service

US Payment Service නැති අයට මෙහෙම කරාම US Bank Account එකක් ගන්න පුලුවන්, හැබැයි මේකට ඔයාගේ National ID Copy(Scanned or Picture) එකක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒකත් ලෑස්ති කරගෙන වැඩේ කරන්න පටන් ගන්න.

Payoneer US Payment Service

Payoneer US Payment Filling Guide

❶මුලින්ම මේකට යන්න → http://www.payoneer.com/emailform.aspx
❷ඔයා කාඩ් එක ගත්තු නම, ඊමේල් එක, කාඩ් එකේ අන්තිම ඉලක්කම් 4 අවශ්‍ය තැන්වල පුරවන්න.
❸අනිත් දේවල් ඔය පින්තූරේ තියෙන විදිහට දාන්න. අන්තිමට ලියන දේ අනිවාර්යයි.

**මං ඔය අන්තිමට English වලින් ලියලා තියෙන එකට එහෙම කලේ හේතුවක් ඇතුවයි. මං දන්නවා ඔයාට ඒ දේවත් ලියාගන්න English Knowledge එකක් නැතිවෙන්න පුලුවන් කියලා. ඒත් එහෙම කියලා Payoneer එකට ලංකාවෙන් එන Application වලට Red Flag එකක් උස්සන්න මට අවශ්‍ය නැහැ. ඕක මං සම්පූර්ණයෙන් පේන්න දැම්මොත් English Knowledge එකක් නැති අය තනිකර ඔය ටිකම කොපි කරලා යවයි, ඔය ටිකම ගොඩක් දෙනෙක් යවද්දී ඉතින් මොකද වෙන්නේ කියලා තේරෙනවා ඇතිනේ. ඒ නිසා ගෙදර English දන්න කාටමහරි කියලා ඒක ලියාගන්න.

ඔයා මුලින්ම යවන්න ඕනා ඔයාට US Payment Service එකට Apply කරන්න ඕනා. ඔයා දන්න තරමින් අවශ්‍ය Identity Copy එකක්, ඒක ඔයා Attach කලා කියලා(මතක ඇතුව ඒක යවන්න Attach කරලා). ඊට පස්සේ එන විදිහට යවලා අවශ්‍ය Documents ටික යවලා වැඩේ කරගන්න. මේකට මාසයක් විතර යන්න පුලුවන්, මට මාසයකට වඩා ගියා පොඩි පෞත්ගලික අවුලකුත් හින්දා.
කොහොමහරි අන්තිමට US Payment Service Approve උනාම මෙන්න මේ වගේ Email එකක් එනවා. මේ මේල් එකේ තමයි US Bank Account එකේ විස්තර තියෙන්නේ.

US Payment Service Approved Email

US Payment Service Approved Email

Withdrawing Funds From PayPal to Payoneer

ඔය මේල් එක ආවට පස්සේ තමයි ඉතුරු වැඩේ තියෙන්නේ, දැන් ඉතින් ඔය ව්ස්තර ටිකත් අරගෙන PayPal එකට Log වෙන්න. ඊටපස්සේ පහළ විදිහට යන්න. ආහ්.. තවත් දෙයක්, ඔයාට කලින් ඉඳලම US Payment Service තියෙනවනම්, ඒ ආපු Approved මේල් එක හොයාගන්න බැරිනම් ඔයාට මෙහෙම ගිහින් ඒ විස්තර හොයාගන්න පුලුවන් ඕනම වෙලාවක.
Member Dashboard » Services » US Payment Service.

හරි එහෙනම් PayPal එකට US Bank Account එක Link කරමු.
❶My Account » Profile » Add/Edit Bank Account.
❷ඔයා කාඩ් එක ගත්තු නම, ඊමේල් එක, කාඩ් එකේ අන්තිම ඉලක්කම් 4 අවශ්‍ය තැන්වල පුරවන්න.
❸ඊට පස්සේ Country එක විදිහට United States තෝරන්න.
❹දැන් Account Type එක Checking කියලා තෝරලා, අනිත් ඒවා ඔයාට ආපු මේල් එකේ හෝ කලින් කිව්ව විදිහට ගියාම තියෙන විස්තර Bank Name, Routing Number, Account Number වලට පුරවලා Continue කරන්න. එතකොට US Bank Account එක Add වෙන්න ඕනා.

දැන් ඔයාට පුලුවන් PayPal මුදල් ඔයාගේ Payoneer එකට ගෙන්නගන්න. ඒකට මෙතනට My Account ➠ Withdraw ➠ Withdraw to your Bank Account ගිහින් කැමති ගානක් දීලා Continue කරන්න. දවස් 3-4 වගේ යයි, පහළින් තියෙන්නේ මං Payoneer එකට ගත්තු මුදල් වල පින්තූරයක්.

PayPal To Payoneer Transfer Through US Payment Service.

PayPal Funds To Payoneer

ගොඩක් අය මේ Post එක ඉක්මනින් දාන්න කිව්වා, ඉතින් මං හිතනවා ඒ අයට මේ ලිපිය වැදගත් උනා වගේම තවත් අයට මේක වැදගත් වෙයි කියලා. මේ ලිපිය අනිත් යාලුවන්ට දැනගන්න මේල් කරන්න, Facebook, Twitter, Google Plus Share කරන්න කියලා ඉල්ලනවා. මොකද PayPal වල සල්ලි තියාගෙන ගන්න විදහක් නැතුව ඉන්න අය තව ගොඩක් ඇති ඔයා වගේම. ඊළඟ ලිපිය ඊමේල් එකට ගැනීමට පහළින් Subscribe වෙන්න.

UPDATE: 2014 ඉඳලා මේ ක්‍රමය PayPal එකෙන් Block කරලා තිබුනේ, ඒත් මමත් ඇතුලුව තව ටික දෙනෙක් සාර්තකව Payoner US Bank Account එක PayPal එකට Link කරලා 2020දී මුදල් අරගන තියෙනවා. වැඩි විස්තර මාත් තවම හොයන ගමන් …

Filed Under: Online Marketing

Email Newsletter!

අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හැටි හා එම ව්‍යාපාරය නිවැරදිව සාර්ථක කරගන්න හැටි කියවන්න කැමතිද?

ඒ වගේම Internet Marketing ගැන SLMarketer විසින් ලියවෙන හැම ලිපියක්ම ඔයාගේ Inbox එකට ගන්න කැමතිද?

එහෙනම් SLMarketer Email Newsletter එකට දැන්ම Join වෙන්න.

Fiverr Success

What’s Your Passion?

ඔයාගෙන් මම ඇහුවොත් ඔයා කියවන්න ආසම කරන Topic එක මොකක්ද කියලා, ඔයා මොකක්ද දෙන උත්තරය? SLMarketer එක ඔයත් මීට කලින් එකපාරක් හරි කියවලා ඇති.


දිගටම ඔයා අන්තර්ජාල අලෙවිකරණය ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ Survey එක Fill කරලා ඒක ගැන අපට කියන්න.


→ Tell Us Your Passion NOW
Get Targeted Traffic, Increase Sales! Get Your Own Domain Name Shrink Your Links Get Your Payoneer Card With $25 Earn by Sharing Internet Earn Free Crypto Get Your Crypto Wallet on Coinbase Get Your Crypto Wallet on Binance

සම්බන්ධ වෙමුද?


Follow @SLMarketer

SLMarketer RSS Feed Subscription!

හොඳම Shared Hosting!

HostGator Discount

අලුත්ම ලිපි

  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්
  • High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න
  • SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

කර්තෘ ගැන…

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 6ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.   Read More…

Email Newsletter

විශේෂ ලිපි, ඊ-පොත්, වීඩියෝ මග පෙන්වීම් ආදිය හා පළවන සෑම ලිපියක්ම ඔබේ ඊ-මේල් එකටම ගෙන්වා ගන්න.

හොයන්න

[footer_backtotop]

Copyright © 2026 SLMarketer.com • අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සින්හලෙන් ඉගෙනගන්න.
සියලුම අන්තර්ගතයේ අයිතිය SLMarketer.com අඩවිය සතුය. · A Site By ScorpionGod Lair