• Home
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Fiverr Sinhalen — FUPS

SLMarketer

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන්න ඉගෙනගන්න

Earn Free Bitcoin
  • Social Media Marketing
  • Affiliate Marketing
  • Online Marketing
  • WordPress
  • BlogSpot
  • Blogging
  • SEO
You are here: Home / Archives for Rosponsive Design

ඔබගේ ළඟ ඇති ජංගම උපකරණය හරහා අන්තර්ජාල අලෙවිකරණය කිරීම

July 23, 2013 By ෂ්‍යාම් චතුරංග 3 Comments

SLMarketer Mobile Responsive Design

අද වෙනකොට ලංකාවේ බොහෝ දෙනා අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් බව දන්නවා, ඒ වගේම සැලකියයුතු පිරිසක් අන්තර්ජාලයෙන්ම තමන්ගේ ජීවන වියදම උපයාගන්නවා. තවත් පිරිසක් අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමැත්තෙන් ඉන්නවා. ඉතින් මේ හොයන, නොහොයන දෙපිරිසටම තමන්ගේ අන්තර්ජාල අලෙවිකරණ කටයුතු ඉතාමත් සාර්ථකව පටන්ගැනීමට හා පවත්වාගැනීමට උපදෙස් ලබාදීමයි SLMarketer වන අපගේ මූලික අරමුණ.

මේ ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් කියලා අහන පළවෙනි වතාව වෙන්න පුලුවන්. එහෙනම් ඔබට මෙය ඇත්තටම කරන්න පුලුවන් දෙයක්ද කියන ප්‍රශ්ණය මතුවෙන්න පුලුවන්. කෙටියෙන්ම ඒ ප්‍රශ්ණයට උත්තරයක් දුන්නොත්, ඔව් අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන්.

නමුත් ඔබට එකවර හිතුන විදිහටනම් නෙවෙයි. ඒ ලංකාවේ ගොඩක් දෙනා අන්තර්ජාලයෙන් මුදල් ඉපැයීම කියන දෙය වැරදියට වටහාගන්න නිසා. බැලූ බැල්මට අන්තර්ජාලයෙන් මුදල් ඉපැයීම කියන දෙය කිසිම මහන්සියකින් තොරව නිකං මුදල් ඉපැයීමක් කියලයි ගොඩක් දෙනාට හිතෙන්නේ.

නමුත් අන්තර්ජාලයෙන් මුදල් උපයනවා කියන්නේ ව්‍යාපාරයක් කරනවා කියන එකයි. මෙතනදි වෙනසකට තියෙන්නේ ඔබ ව්‍යාපාරය කරන්නේ Online වීමයි. ඒ වගේම මෙතනදි ඔබ ව්‍යාපාරයක් කරන නිසා, Offline ව්‍යාපාර වලට ඇති අවදානම් හා වාසි ඔක්කොම වගේ මේකෙත් තියෙනවා. එහෙනම් දැන් අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් බව ඔබට පැහැදිලියි.

සමහරවිට ඔබ දැන් හිතනව ඇති එහෙනම් මේක ඔබගේ වෘත්තිය විදිහට කරන්න පුලුවන්ද කියලා, අන්තර්ජාල අලෙවිකරණය ඔබගේ වෘත්තිය කරගන්න එකේ කිසිම ගැටළුවක් නැහැ, මොකද මේක අනිත් හැම වෘත්තියක්ම වගේ වැදගත් වෘත්තියක් වන නිසා.

SLMarketer තුලින් අන්තර්ජාලයෙන් ඔබගේ ජීවන වියදම උපයා ගැනීමට අවශ්‍ය දැනුම, උපදෙස් හා අප විසින්ම පිළිපඳින උපායන් වැනි දෑ ඔබට ඉගැන්වීම අපගේ ඊළඟ අරමුණයි.

එම අරමුණට ළඟා වීමේදී ඔබට අන්තර්ජාලයෙන් මුදල් ඉපැයිය හැකි සාර්ථකම ක්‍රම පමණක් ඉගැන්වීමට අප තීරණය කරන ලදි. ඔබ SLMarketer තුලට නවකයකු නම් අපගේ පළමු ලිපිය කියවීමෙන් අප ඔබව දැනුවත් කිරීමට තෝරාගෙන ඇති අංශ පිළිබඳව පැහැදිලි අදහසක් ගැනීමට පුළුවන. ඒසේම ඉදිරියේදී ලිවීමට ඇති දෑ එම සඳහන් කළ අංශ වලට පමණක් සීමා නොවන බව කිව යුතුමය.

SLMarketer Becomes Mobile Responsive…

ඔබගේ පහසුව සඳහාම අප විසින් SLMarketer අඩවිය තුලට යම් යම් දෑ එකතුකරමින් ඔබට SLMarketer පාවිච්චි කිරීමේදි ඉතාමත් හොඳ ඇත්දැකීමක් ලබාදීමට කටයුතු කර ඇත. එනිසාම ඔබට SLMarketer අඩවිය සමඟ සම්බන්ධ වීමේදි ඇතිවිය හැකි ගැටළුවකට පිලිතුරක් ලබාදී ඇත.

SLMarketer Responsive Design

SLMarketer in iPhone, iPad, Small Tablet & PC

ඔබට දැන් SLMarketer සමඟ සම්බන්ධ වීමේදී ඔබගේ Desktop පරිගණකය මෙන්ම ඔබගේ ජංගම උපකරණද රිසි සේ භාවිතා කළ හැක. අප මෙහිදී Industry-Leading Technology එකක් වන Mobile Responsive Design භාවිතා කර ඇති අතර ඔබට පහත සඳහන් කර ඇති ඕනෑම Screen-Size Mobile Device එකකින් SLMarketer සමඟ කිසිදු ගැටළුවකින් තොරව සම්බන්ධ වීමට හැකි බව සතුටින් දන්වා සිටිමු.

1. Small Phones – 240px * 320px Size.
2. iPhone – 320px * 480px Size.
3. Small Tablets – 480px * 640px Size.
4. iPad – 768px * 1024px Portrait Size.
5. iPad – 1024px * 768px Landscape Size.

ඔබගේ Mobile Device එක ඉහත Screen Size වල එකක් නොවේ නම් සුළු අපහසුතා ඇතිවිය හැකිය. මෙම Feature එක තාමත් පරීක්ෂණ මට්ටමේ පවතින බැවින් යම් ගැටළුවක් ඇතිවුවහොත් ඒ බව SLMarketer හට දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

මෙම Mobile Responsive Feature එක සමඟ තව බොහෝ දෑ ඔබවෙත ගෙන ඒමට අප බලාපොරොත්තුවෙන් සිටිමු.

ඔබ වෙනුවෙන් අප අඩවිය තුලට එක්කළ Mobile Responsive Feature එක ගැන ඔබගේ අදහස කුමක්ද? එය ඔබට පහසුවක්ද..?

Filed Under: News

Email Newsletter!

අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හැටි හා එම ව්‍යාපාරය නිවැරදිව සාර්ථක කරගන්න හැටි කියවන්න කැමතිද?

ඒ වගේම Internet Marketing ගැන SLMarketer විසින් ලියවෙන හැම ලිපියක්ම ඔයාගේ Inbox එකට ගන්න කැමතිද?

එහෙනම් SLMarketer Email Newsletter එකට දැන්ම Join වෙන්න.

Fiverr Success

What’s Your Passion?

ඔයාගෙන් මම ඇහුවොත් ඔයා කියවන්න ආසම කරන Topic එක මොකක්ද කියලා, ඔයා මොකක්ද දෙන උත්තරය? SLMarketer එක ඔයත් මීට කලින් එකපාරක් හරි කියවලා ඇති.


දිගටම ඔයා අන්තර්ජාල අලෙවිකරණය ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ Survey එක Fill කරලා ඒක ගැන අපට කියන්න.


→ Tell Us Your Passion NOW
Get Targeted Traffic, Increase Sales! Get Your Own Domain Name Shrink Your Links Get Your Payoneer Card With $25 Earn by Sharing Internet Earn Free Crypto Get Your Crypto Wallet on Coinbase Get Your Crypto Wallet on Binance

සම්බන්ධ වෙමුද?


Follow @SLMarketer

SLMarketer RSS Feed Subscription!

හොඳම Shared Hosting!

HostGator Discount

අලුත්ම ලිපි

  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්
  • High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න
  • SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

කර්තෘ ගැන…

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 6ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.   Read More…

Email Newsletter

විශේෂ ලිපි, ඊ-පොත්, වීඩියෝ මග පෙන්වීම් ආදිය හා පළවන සෑම ලිපියක්ම ඔබේ ඊ-මේල් එකටම ගෙන්වා ගන්න.

හොයන්න

[footer_backtotop]

Copyright © 2026 SLMarketer.com • අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සින්හලෙන් ඉගෙනගන්න.
සියලුම අන්තර්ගතයේ අයිතිය SLMarketer.com අඩවිය සතුය. · A Site By ScorpionGod Lair