• Home
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Fiverr Sinhalen — FUPS

SLMarketer

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන්න ඉගෙනගන්න

Earn Free Bitcoin
  • Social Media Marketing
  • Affiliate Marketing
  • Online Marketing
  • WordPress
  • BlogSpot
  • Blogging
  • SEO
You are here: Home / Archives for Fiverr Gig Creation

ඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව Publish කරන්න

October 15, 2013 By ෂ්‍යාම් චතුරංග 16 Comments

Fiverr Gig Creation & Publishing Tutorial

ඔයාට මතකද කලින් පෝස්ට් එකක Gig Ideas Brainstorm කරලා අන්තිමට එන Filtered Quality Gig Ideas වලට අවශ්‍ය දේවල් හදාගන්න කියලා? ඔයා තාමත් ඒ Steps කරලා නැත්නම් ඒවා ටික කරලා මේක කියවන්න. මොකද මේ පෝස්ට් එකෙන් කියන්නේ කොහොමද Fiverr System එකට Note වෙන Gig එකක් Publish කරන්නේ කියලා.

ඔයා කලින් පෝස්ට් වල තිබුන විදිහට වැඩ කරානම් දැන් ඔයාට පහළ තියෙන අත්‍යවශ්‍ය දේවල් තියෙන්න ඕනා. ඔයාගේ Fiverr Business එකේ Gigs කීයක් දානවද කියලා අන්තිමට ආපු Gig Ideas වලින් දන්නවා ඇතිනේ. ඒ හැම Gig Idea එකකටම මේ දේවල් දැන් ලෑස්තිකරගන්න කාලය ඇති කියලා හිතනවා – ටික කාලයක් බ්ලොග් එක ලිව්වෙත් නෑනේ!
1. Gig Title.
2. Gig Images(3).
3. Gig Description.
4. Tags.
5. Buyer Instructions.
6. Gig Video.

Fiverr Gig Creation

දැන් ඒ හදපු දේවල් ටික අරගෙන Fiverr Gig එක හදන්න ලෑස්තිවෙන්න. මුලින්ම Fiverr.com ගිහින් Username & Password ගහලා Login වෙන්න. ඊට පස්සේ උඩම කොනේ ‘Sales’ කියන එක Click කරලා දකුණු පැත්තේ Sidebar එකේ කොළ පාටින් Highlight කරලා තියෙන ‘Create Gig’ කියන එක Click කරන්න. එතකොට Fiverr Gig Creation Page එක Open වෙයි.

දැන් තියෙන්නේ කලින් ලියලා තියාගත්තු Title, Description ටික Paste කරගෙන යන්න තමයි.

Fiverr Gig Creation Title & Category

Fiverr Gig Creation Title & Category

Fiverr Gig Title එක නිතරම වගේ ‘Just Perfect’ කියන Green Message එකේ තියාගන්න බලන්න, මොකද Fiverr System එක ඒකට කැමතියි.

ඊටපස්සේ ඔයා Gig එකෙන් දෙන්න ඉන්න Service එකට හොඳටම ගැළපෙන Category එකයි, Sub-Category එකයි තෝරන්න.

Fiverr Gig Creation Images

Fiverr Gig Creation Images

ඔයාට මං කිව්ව විදිහට ඒ Tips පිළිපැදලා ලස්සන Gig Images 3ක් මේ වෙනකොට ඇති කියලා හිතනවා. ඔයාටම මේ Gig Images 3 අලුතෙන්ම හදන්න කිව්වේ එතකොට Copyright Ownership එක තියෙන්නේ ඔයාට නිසා. පේනවනේ Gig Images Select කරන්න තියන තැනම ආයෙත් Reminder එකක් දාලා තියෙනවා. ඔයා හිතනවට වඩා Copyright, Intellectual Property Rights කියන දේවල් බරපතලයි.

Fiverr Gig Creation Description

Fiverr Gig Creation Description

ඔන්න දැන් තමයි වැදගත්ම තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඔයාට කලින් ලිපියේ මං Gig Description එක ලියන්න Layout එකක් දුන්නා, ඔය පින්තූරයේ තියෙන්නේ අලුත් Layout එක කැමතිනම් ඒ විදිහට Gig Description එක වෙනස් කරගන්න මොකද මේක කලින් එකට වඩා ආකර්ශණීයයි. Online Marketing වලදී Product or Service Description එකට Sales Pitch කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ Gig Description එක තමයි Sales Pitch එක වෙන්නේ.

Fiverr Gig Creation Tags Delivery Date

Fiverr Gig Creation Tags & Duration

හරි දැන් තියෙන්නේ කලින් ලියලා තියාගත්ත Tags ටික Paste කරන්නයි. මතක තියාගන්න හොඳටම ගැළපෙන Tags 5ක් තෝරගෙන මෙතනට දාන්න, ඒක ඔයාට ලැබෙන OnSite Fiverr Promotion එකට බලපානවා.

ඔයාට වැඩේ ඉවර කරන්න යන කාලයත් එක්ක බලලා තමයි Delivery Date එක දාන්න ඕන. ඉක්මනින් Deliver කරන Gigs වලට වැඩියෙන් Sales එනවා කියලා හිතලා අඩු කාලයක් දාන්න එපා. මොකද Delivery Date එක පයිනවා කියන්නේ Fiverr එකෙන් ඔයාගේ Gigs වලට ලැබෙන Promotion එක හොඳටම අඩුවෙනවා.

Fiverr Gig Creation Buyer Instructions

Fiverr Gig Creation Buyer Instructions

අන්තිමටම තියෙන්නේ Buyer Instructions ටික ලියන්න, කලින් ලියාගත්තු Instructions ටික මෙතන ඔය පින්තූරයේ තියන විදිහට ඒවත් එකතු කරලා දාන්න. Gig එකට Payment එකක් කරපු ගමන් එයා ඔයාගේ Customer කෙනෙක් වෙනවා, ඔයා කොයිතරම් Professionalද, කොච්චර හොඳට Communication එක ගැන හිතනවද වගේම හොර බොරු නැති කෙනෙක්ද කියලා අදහසක් දෙන්න හොඳම අවස්ථාව තමයි Buyer Instructions කියන්නේ.

මොකද Gig එක Purchase කරපු ගමන් Customer ඔයාගෙන් දකින එකම වචන ටික Buyer Instructions ටිකයි.

ඔය පින්තූරයේ තියන එක කියෙව්වම Customerට ඔයා ගැන හොඳ පැහැදීමක් ඇතිවෙනවා. ඒ වගේම එයා අහන ඕනම ප්‍රශ්ණයකට හොඳට උත්තර දෙන්න. එයාට පෙන්වන්න ඔයා සේවය දෙන Industry එකේ Expert කෙනෙක් කියලා.

මේ Perfect Communication එකක තියන වැදගත්කම වෙනම ලිපියකින් මං කියන්නම් මොකද මට ආපු එක පුන්චි Message එකකට වචන 800 විතර විස්තරයක් එක්ක මං ඒ වැඩේ කරන්නේ කොහොමද කියලා කිව්වම කෙනෙක් මගේ Customer වුනා. නිකමට Guess කරන්න එයාගෙන් මං කොච්චර Profit එකක් Earn කරාද කියලා…?

$524 හෙව්වා .

ඒත් තාමත් එයා මගේ Customer කෙනෙක්. මේ ගැන ලියන පෝස්ට් එකේ Screenshots එක්කම දාන්නම් එතකොට ඔයාට කම්මැලි නැතුව දිග Message එකක් ලියන්න Strong Motivation එකක් එයි!

හරි දැන් ඔක්කොම කරලා ඉවරවුනාම ‘Save & Continue’ Click කරන්න ඊට පස්සේ එන්නේ Gig Video එක දාන්න. ඔයා හදපු Gig Video එක Select කරලා ආයෙත් ‘Save & Continue’ Click කරන්න. ඔයාගේ Gig එකෙන් Physical Product එකක් Sell කරන්නේ නැති නිසා Shipping Charges Skip කරන්න. අන්තිමටම තියෙන්නේ Gig එක Publish කරන්න.

ඔයාගේ Live Fiverr Gig එකට ගිහින් එතනින් Gig එක Facebook එකෙයි, Twitter වලයි Share කරන්න. ඔයාට Pinterest, Google+ එහෙමත් තියෙනවානම් ඒවා වලත් Share කරන්න. එතකොට Fiverr System එකට Note වෙනවා ඔයා OffSite Self-Promotion කරනවා කියලා ඒක ඔයාගේ Sales වලට කෙලින්ම බලපානවා.

ඔයා මොකද හිතන්නේ Fiverr Gigs වලට Self-Promotion එකක් දෙනවා කියන එකෙන් Sales වලට බලපෑමක් තියෙනවද නැද්ද? නැත්නම් ඔයා දැනටමත් ඔයාගේ Gigs Promote කරනවද?

ඔයාගේ Living Income එක Fiverr හරහා හොයන්න කැමතිද? FUPS එකේ සඳහන් නොවන Fiverr Strategies දැනගන්න ආසද? එහෙනම් ඔයාගේ Email එක ලියලා Subscribe වෙන්න.!

Filed Under: Online Marketing

Email Newsletter!

අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හැටි හා එම ව්‍යාපාරය නිවැරදිව සාර්ථක කරගන්න හැටි කියවන්න කැමතිද?

ඒ වගේම Internet Marketing ගැන SLMarketer විසින් ලියවෙන හැම ලිපියක්ම ඔයාගේ Inbox එකට ගන්න කැමතිද?

එහෙනම් SLMarketer Email Newsletter එකට දැන්ම Join වෙන්න.

Fiverr Success

What’s Your Passion?

ඔයාගෙන් මම ඇහුවොත් ඔයා කියවන්න ආසම කරන Topic එක මොකක්ද කියලා, ඔයා මොකක්ද දෙන උත්තරය? SLMarketer එක ඔයත් මීට කලින් එකපාරක් හරි කියවලා ඇති.


දිගටම ඔයා අන්තර්ජාල අලෙවිකරණය ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ Survey එක Fill කරලා ඒක ගැන අපට කියන්න.


→ Tell Us Your Passion NOW
Get Targeted Traffic, Increase Sales! Get Your Own Domain Name Shrink Your Links Get Your Payoneer Card With $25 Earn by Sharing Internet Earn Free Crypto Get Your Crypto Wallet on Coinbase Get Your Crypto Wallet on Binance

සම්බන්ධ වෙමුද?


Follow @SLMarketer

SLMarketer RSS Feed Subscription!

හොඳම Shared Hosting!

HostGator Discount

අලුත්ම ලිපි

  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්
  • High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න
  • SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

කර්තෘ ගැන…

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 6ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.   Read More…

Email Newsletter

විශේෂ ලිපි, ඊ-පොත්, වීඩියෝ මග පෙන්වීම් ආදිය හා පළවන සෑම ලිපියක්ම ඔබේ ඊ-මේල් එකටම ගෙන්වා ගන්න.

හොයන්න

[footer_backtotop]

Copyright © 2026 SLMarketer.com • අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සින්හලෙන් ඉගෙනගන්න.
සියලුම අන්තර්ගතයේ අයිතිය SLMarketer.com අඩවිය සතුය. · A Site By ScorpionGod Lair