SLMarketer

SLMarketer වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමි

SLMarketer.com යනු නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි බව පෙන්වාදෙන, ඒ පිළිබඳව සිංහලෙන් උගන්වන වෙබ් අඩවියකි. මෙය ලංකාවේ එකම හා සම්පූර්ණ අන්තර්ජාල අලෙවිකරණය නොමිලේ කියාදෙන වෙබ් අඩවියක් ලෙස දැකිය හැකියි කියා සිතන්න පුළුවන, මන්ද දැනට ඇති වෙබ් අඩවි අතලොස්සක් ඇරෙන්න අන්තර්ජාලයෙන් මුදල් සේවීමට කියාදෙන Blog නැති බැවිනි.

දැනට තිබෙනා Blog වැඩි ප්‍රමාණයක තිබෙන්නේ මිත්‍යාවන් පමණකි. මෙම අඩවියෙන් ඔබට උගන්වන්නේ ජීවත් වීමට ප්‍රමාණවත් මුදලක් සොයා ගැනීමට බව සඳහන් කළ යුතුය. එම නිසා මෙහි අසාර්ථක ක්‍රමය වන PTC or Bux වලට පෙළඹවීමක් නැත. මෙම අඩවියේ ප්‍රදාන අරමුණක් වන්නේ, ඔබව PTC or Bux වලින් හැකි තාක් ඈත් කර තැබීමයි. මන්ද එය යල් පැන ගිය Business Model එකක් වන නිසාය.

මම ෂ්‍යාම් චතුරංග, අවුරුදු 6ක දැනුම හා අත්දැකීම් ඔබට නොමිලේ දීමට බලාපොරොත්තු වන අතර, මෙම ශේස්ත්‍රයේ ඉහළ සාර්ථකත්වයක් ළගා කර ගැනීමට හැකි අයුරින් උපකාර කිරීමට බලාපොරොත්තු වෙමි.
ඒ අනුව මෙම අඩවියෙන් ඔබට පහත ඇති ප්‍රදාන මාතෘකා ඉගෙනීමට හැක.

  1. Affiliate Marketing – වෙනත් කෙනෙකුගේ නිෂ්පාදනයක් අලෙවි කරදීමෙන් මුදල් සෙවීම.
  2. Online Marketing – අන්තර්ජාලයේ තමන්ගේම නිෂ්පාදනයකින් මුදල් සෙවීම.
  3. Social Media Marketing – සමාජජාල වෙබ් අඩවි මඟින් අලෙවිය වර්ධනය කරගැනීම.
  4. Blogging – තවත් කෙනෙකුට කියවන්න වැදගත් යමක් ලිවීමෙන් මුදල් සෙවීම.
  5. SEO – වෙබ් අඩවි සෙවුම් යන්ත්‍ර සමඟින් සෑහීමට ගත යුතු ක්‍රියාමාර්ග.
  6. WordPress & Blogspot – වෙබ් අඩ්වියක් ආරම්භ කිරීමට ඇති ප්‍රදාන සේවයන් 2ක්.

ඉදිරියේදී තවත් මතෘකා ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන අතර එයට ඔබගේ සහය අපේක්ෂා කරනු ලැබේ. පෞද්ගලික වැඩත් සමඟ මෙය කරගෙන යන බැවින් සතියට ලිපි 1-2 අතර පළකිරීමට උත්සහා කරමි.