SLMarketer

SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

Best Sinhala SEO Glossary

SEO කියන්නේ අපි කවුරුත් කියවන්න වගේම අත්හදා බලන්නත් ආස දෙයක්. ඒත් ඔයාගෙන් SEO කියන්නේ මොකක්ද කියලා මම ඇහුවොත් ඔයාට පිළිතුරක් දෙන්න තරම් දෙයක් දන්නවා කියලා විශ්වාසද?

ඔව්, සමහරවිට ඔයාට ඒ විශ්වාසය ඇති, නමුත් ඔයාට ඒ විශ්වාසය නැත්නම් අද එහෙම විශ්වාසයක් ඔයාට එන බව නම් අනිවා කියන්න ඕනා. 🙂

මොකද, මේක තමයි SLMarketer එකෙන් මෙතෙක් ලියපු දිගම ලිපිය වගේම ලංකාවේ වෙන කොහෙවත් ලියවෙලා නැහැයි කියලා කියන්න පුලුවන් Uniqueම ලිපිය. දිග ගැන දැන්ගන්න ඔයත් කැමති ඇති …

මේ SEO Glossary Post එකේ වචන 4410ක් තියෙනවා.

SEO ගැන දන්න අය වගේම චුට්ටක්වත් නොදන්න අයටත් එක වගේ මේ ලිපිය වැදගත් වෙයි, මේක ගැන ඔයාගේ අදහසත් යන්න කලින් කියලා යන්න අමතක් කරන්න එපා.

තවත් දෙයක් තමයි ඔයා SLMarketer එකේ මොනාමහරි ලිපියක් Bookmark කරගන්න ඕනනම් ඒ වෙනත් ලිපියක් නෙමේ, මේ SEO Glossary සිංහළෙන් ලිපිය තමයි ඔයා Bookmark කරගන්නම ඕනා. Just Click Ctrl + D

ඔයාට Search Engine Optimization වල තිබෙන වචන 57+ ප්‍රමාණයක සිංහළ තේරුම උදාහරණත් එක්කම මේ SEO Glossaryයෙන් කියවන්න පුලුවන් වගේම කැමති වචනය පහළින් තෝරන්න, SLMarketer Lift එකෙන් ඔයාට තැනටම යන්න පුලුවන්.

විශාලතම සිංහළ SEO Glossary : Lift


SEO

SEO කියන්නේ Abbreviation එකක් එහෙමත් නැත්නම් කෙටි යෙදුමක්. SEO වල දිගු නම තමයි Search Engine Optimization කියන්නේ. සිංහලෙන් කිව්වොත් සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණයයි. එහෙම කිව්වමත් ඔයාට මේ ගැන පුන්චි අවබෝධයක්වත් එන්නේ නැතුව ඇති.

තවත් මේ වචන 3න Explain කලොත් SEO කියන්නේ ඔයාගේ වෙබ් අඩ්විය හරි Blog එක හරි Google වගේ Effective සෙවුම් යන්ත්‍ර වලට හොඳින් අහුවෙන්න, පහසුවෙන් ගණුදෙනු කරන්න වගේම ලබාදෙන දේ – Post, Video, Image, Service etc – තුල ඇති ගුණාත්මකබව ගැන සෙවුම් යන්ත්‍ර වලට තේරුම්ගැනීමට හැකිවන විදිහට සකස්කරන එකයි.

SE

උඩ තියෙන SEO වගේම කෙටි යෙදුමක් තමයි SE කියන්නේ. මේක ගැන නම් දැනටමත් ඔයාට හිතාගන්න පුලුවන් ඇති. SE කියන්නේ Search Engine එකට.

Google තමයි හොඳම Search Engine එක, සරලව Search Engine එකකින් කරන්නේ ලෝකේ තියෙන Sites වලින් ඔයාට අවශ්‍ය කරන දේ ලබාගන්න පුලුවන් High Quality, Useful Sites හොයලාදෙන එක.

ගොඩක් වෙලාවට Search Engine Optimization ගැන ලියන Posts වල Search Engine වෙනුවට පාවිච්චි කරන්නේ SE කියන මේ Abbreviation එක තමයි.

SERPs

ආයෙත් SERPs කියන්නෙත් Search Engine Optimization වල පාවිච්චිකරන කෙටි යෙදුමක්. ඔයාට Google එකේ Search කරනකොට එකපාර පෙන්වන්නේ Results 10ක් විතරයි, තවත් විදිහකට මේ දේම කිව්වොත් Results පෙන්වන එක Page එකක තියෙන්නේ Search කරලා ලැබෙන ඔක්කොම Results වලින් 10ක් විතරයි.

මේකට තමයි Search Engine Results Page(s) එක කියන්නේ, එහෙමත් නැත්නම් SERPs යන Abbreviation එකෙන් හඳුන්වන්නේ.

OnSite SEO

මෙන්න තියෙනවා තවත් වැදගත් වචනයක්. SEO කියන ක්‍රියාවලිය කොටස් 2කට බෙදන්න පුලුවන්. කෙටියෙන් ඒ කොටස් 2ක වෙන්නේ, Site එක ඇතුලේ කරන්න පුලුවන් දේවල් හා Site එකෙන් පිටත කරන්න පුලුවන් දේවල්.

ඉතින් මේ OnSite SEO කියලා හඳුන්වන්නේ, ඔයාගේ Blog එක ඇතුලේ කරන්න පුලුවන් දේවල්, උදාහරණ කිහිපයක් විදිහට – Meta Tags, Navigation, Website Speed දෙන්න පුලුවන්. තවත් වැදගත් Fact එකක් විදිහට, OnSite SEO කියන්නේ සම්පූර්ණයෙන් ඔයාගේ අතේ රැදිලා තියෙන SEO Practices ටිකක්.

ඉතින් වැරදෙන්න පුලුවන් අවස්ථා තියෙනවා කියලා මතක තියාගන්න.

OffSite SEO

ඉහත OnSite SEO වලදී කිව්වා SEOවල කොටස් 2ක් තියෙනවා කියලා. දැන් මේ ඔයා කියවන්නේ ඒකේ දෙවනි කොටස ගැනයි, ඒ OffSite SEO. එහෙමත් නැත්නම් ඔයාගේ Site එකෙන් පිට, ඔයාට චුට්ටක් හෝ කිසිම පාලනයක් නැති Practices කිහිපයකට තමයි OffSite SEO කියලා හඳුන්වන්නේ.

මේකට උදාහරණ විදිහට අපි කවුරුත් දන්න Link Building දෙන්න පුලුවන්. නමුත් Link Building නෙමෙයි එකම OffSite SEO Factor එක. – Website Reputation, Engaging Social Presence etc.

OnPage SEO

OnSite SEO කියන දේත් ඔයාට පුලුවන් ආයෙත් කොටස් 2කට බෙදන්න. ඒ නිසා මෙතනදි OnPage SEO කියන්නේ ඔයාගේ Site එකේ එක විශේෂ Webpage එකකට කරන SEO Tweaks කිහිපයක්.

ඒ වගේම මේක OnSite SEO කියන එකට වඩා වැඩි වෙනසක් නැහැ. නමුත් මේකේදී විශේෂ අවධානයක් යොමුවෙන්නේ මේ Page එකට හොඳ SEO Strength එකක් ලබාදීමයි. උදාහරණයක් විදිහට Page එක ඉහළ තැනකට ගන්න බලාපොරොත්තුවන විශේෂිත Keyword එක තෝරාගැනීම දෙන්න පුලුවන්.

OffPage SEO

එතකොට මේ OffPage SEO කියන්නේ කලින් OnPage SEO වලදී ඔයා තෝරගත්තු Page එකට ඔයාගේ Site(Page) එකෙන් පිටත කරන්න පුලුවන් SEO Actions කිරීමයි. සමහරවිට ඔයා මොනවාහරි Service එකක් දෙනවා ඇති, ඉතින් ඒ Service එකේ True Review එකක් වෙනත් වෙබ් අඩවියක පළවුනොත් ඒ Service එකේ Sales Page එකට Link එකකුත් එක්ක.

අන්න ඒ දේ OffPage SEO වලට උදාහරණයක් විදිහට දෙන්න පුලුවන්. තවත් එකක් විදිහට කලින් තෝරගත්තු Page එකේ Keyword එක Anchor Text එක විදිහට Use කරලා Backlink එකක් හදන එකත් කියන්න පුලුවන්.

Backlink එකක් කියන්නේ කෙටියෙන් Link එකට තවත් නමක්. නමුත් මේ Link එක ඔයාගේ Site එකෙන් පිටත තමයි තියෙන්න ඕනා. මේක නිකන් හරියට අර ජන්දේ ඉල්ලනවා වගේ වැඩක්.

ඒවුනත් Search Engines වලින් Rank කරද්දී Site එකට තියෙන Votes (Backlinks) ගාණ වගේම Votes එන තැන්වල Quality එකයි Relevancy එකයි දෙකම බලනවා.

Link Building

Link Building කියන්නේ SEO ගැන අකුරක්වත් දන්නේ නැති බ්ලොග් එකක් තියෙන හැමෝම වගේ අහලා තියෙන වචනයක්. ඉතින් ඔයත් මේ ගැන අහලා ඇති. ඇත්තටම OffSite SEO වල ලොකුම කණුව තමයි මේ Link Building කියලා කියන්නේ! මේකෙදි වෙන්නේ ඔයාගේ Site එකට High Quality, Relevant Sites වලින් Backlinks හදන එක.

Link Building කියන දේ කෙටියෙන් හැදින්වුවොත්, Backlinks හැදීම කියලා කියන්න පුලුවන්.

Meta Tags

Meta Tags තමයි කවුරුත් දන්න පළවෙනි OnSite SEO Factor එක. ඉතින් දැනටමත් ඔයාගේ Blog එකෙත් Meta Tags දාගෙන ඇති.

ඇත්තටම Meta Tags කියන්නේ HTML Document එකක විස්තර කියන්න පාවිච්චි කරන HTML Tag එකක්, මේ විස්තර වලට සාරාංශය, කතෘ, Keywords හා තවත් දේ ඇතුලත්වෙනවා. ඒ වගේම Meta Tags ඇතුලත්වෙන්නේ Head Tag එක ඇතුලේ.

මේ දේවල් Google ඇතුලුව අනිකුත් Search Engines විසින් ඔයාගේ Blog එක Rank කරද්දී පාවිච්චිකරනවා.

ALT Attribute

Search Engines කියන්නේ Program කරපු System එකක්. මේ නිසා SEs වලට පින්තූරයක තියෙන්නේ මොනවද කියලා හරියටම අඳුනගන්න බැහැ. (නමුත් දැන්නම් Google වලට පින්තූර ගැන අඳුනගන්න පුලුවන් හැකියාව ගොඩක් වැඩියි)

ඒක නිසා මේකට පිළියමක් විදිහට පින්තූරයේ තියෙන්නේ මොකක්ද කියලා කෙටියෙන් විස්තරයක් ලියන්න ALT Attribute එක පාවිච්චිකරනවා. ඒ වගේම මේකම තමයි සමහර අය ALT Tag කියලා කියන්නේ. 😉

Traffic

Google Analytics Traffic Pie Chart for SLMarketer

අන්තර්ජාලයේ ජීව වායුව විදිහට Traffic හඳුන්වන්න පුලුවන්. මොකද Traffic නැති Blog එකක් කියන්නේ මැරිච්ච කාන්තාරයක් වගේ තැනක් 😉 ඇත්තටම මේ Traffic කියන්නේ සෙනඟට. ඔයා පාරේ වාහනයකින් යද්දී ඔයාට තව කට්ටිය එයාලගේ වාහනවලින් යනවා පේනවා නේද? වාහන තදබදය ඇතිවෙන්නේ වාහන වැඩිවෙන තරමටයි.

ඒ වගේම කතාවක් තමයි අන්තර්ජාලයෙත් සිද්ධවෙන්නේ. නමුත් මෙතනදි Traffic කියලා හඳුන්වන්නේ ඔයාගේ Blog එක බලන්න එන පිරිසටයි. කලින් කිව්ව තදබදය Blog වලට ඇතිවෙන්නේ ඔයාගේ Server එකේ Resources මදිනම් විතරයි.

Targeted Traffic

Traffic ගැන තියන පොදු වැරදි වැටහීමක් තමයි Traffic සමානයි සල්ලි කියන එක. නමුත් ඒක එහෙම නැහැ. ලොකු Traffic එකක් ආවට වැඩක් නැහැ, ඒ එන කිසිම කෙනෙක්ට ඔයා ලියන දේ කියවන්න කැමති නැත්නම්, තවත් විදිහකින් කිව්වොත් Convert වෙන්නේ නැත්නම්.

මෙන්න මෙතනදියි Targeted Traffic කියන දේ කතාවට එකතුවෙන්නේ. Targeted Traffic කියන්නේ ඉලක්කගත පිරිස කියන එකයි. තවත් මේ දේ පැහැදිළි කලොත්, ඉලක්කගත පිරිස කියන්නේ ඔයා බ්ලොග් එකේ ලියන දේ, දෙන සේවය ලබාගන්න කැමති පිරිසකටයි.

Organic Traffic

දැන් මිනිස්සු තමන්ට අවශ්‍ය දේවල් ගැන කියවන්න, Shopping කරන්න වගේම ගොඩක් දේවල් කරන්නේ අන්තර්ජාලය හරහා. ඉතින් මේ අය ඒකට පාවිච්චි කරන්නේ Google වගේ Search Engine එකක්. මෙහෙම ඒ අයට අවශ්‍ය දේ SE එකේ හොයනකොට, ඒ අයට ඔයාගේ Blog එක හමුවෙනවා.

මේ විදිහට ඔයාගේ Blog එකට එන පිරිසට තමයි Organic Traffic කියලා කියන්නේ. ඒ වගේම Organic Traffic තමයි දැනට තියන Effectiveම Targeted Traffic Type එක වෙන්නේ.

Search Engine Traffic

ගොඩක් වචනවලට සමාන පද තියෙනවා. මේ SEO Glossary Post එකෙත් දෙක තුනක්ම හමුවුනා, ඔන්න ආයෙත් තියෙනවා ඒ වගේ වචනයක්. Search Engine Traffic කියන්නෙත් Organic Traffic වලටම තමයි.

ඔයා මේ SE Traffic ගන්න තමයි SEO ගැන ඉගෙනගන්නේ. නමුත් එන SE Traffic එකට වතුර වගේ ගළාගෙන යන්න ඉඩදෙන්න එපා. HINT: Convert Them(Leads)

Referral Traffic

ඔයාගේ Blog එකට Traffic ගන්න පුලුවන් එකම විදිහ Search Engines විතරක් නෙමෙයි. තව ක්‍රම ඕනතරම් තියෙනවා වගේම මේ ක්‍රම වලින් එන Traffic වලට විවිධ නම් තියෙනවා.

මෙතනදි Referral Traffic කියලා හඳුන්වන්නේ SEs හා Social Media Sites යටතට නොවැටෙන Sites වලින් එන Traffic එකටයි. උදාහරණයක් විදිහට DailyBlogTips.com වල ඉඳලා SLMarketer.com එකට එන Traffic එක Referral Traffic එකක්.

Social Media Traffic

Social Media Traffic කියන්නේ සමාජජාල වෙබ් අඩවි වලින් ඔයාගේ Blog එකට පැමිණෙන Traffic එකයි. මෙතනදි Social Media Sites විදිහට Google+, Facebook, Twitter, Pinterest වගේ Social Media Sites හැම එකක්ම සඳහන් කරන්න පුලුවන්.

ඒ වගේම Referral Traffic එකෙනුයි, Social Media Traffic එකෙනුයි දෙකෙන්ම Targeted Traffic ගන්න පුලුවන් වෙන්නේ ඔයා Blog එකට දෙන Marketingවල හැටියටයි.

Inbound Links

Inbound Links කියන්නේ අන්තර්ජාලයේ තිබෙන අනිත් Sites වලින් ඔයාගේ Site එකට එන Links වලට. ඔව්, මේකත් Backlinks වලට Use කරන්න පුලුවන් තවත් සමාන පදයක්. මේ Inbound Links කියන වචනය ගොඩක් වෙලාවට Analytics Software වලදී දකින්න පුලුවන්.

Outbound Links

ඔයාගේ වෙබ් අඩවියේ ඉඳලා ඔයා විසින් අනිකුත් වෙබ් අඩවිවලට හදන හැම Link එකක්ම Outbound Links කියලා හඳුන්වන්න පුලුවන්. උදාහරණයක් විදිහට ඔයාගේ Blog එකෙන් SLMarketer එකට Link එකක් ඔයා හැදුවොත් ඔයාට ඒ Link එක හඳුන්වන්න වෙන්නේ Outbound Link විදියටයි,

මම ඒ Link එක හඳුන්වන්න ඕනා Inbound Link එකක් එහෙමත් නැත්නම් Backlink එකක් විදිහටයි. මේ විදිහට තවත් Website එකකට Link කිරීමෙන් ඔයාගේ Site එකට මුකුත් වෙන්නේ නෑ. Outbound Links වලට තවත් නමක් තමයි External Links කියන්නේ.

Anchor Text

ඔයා වෙබ් අඩවියකට Link කරනකොට පහත HTML Code එක තමයි අනුගමනය කරන්නේ.

<a href="http://www.example.com" title="An example link">Example Link</a>

ඔය උඩ HTML Code එකේදී ‘Example Link’ කියන වචනය තමයි Anchor Text එක වෙන්නේ. Anchor Text එකක් කියන්නේ Hyperlink එකක Click කරන්න පුලුවන් වචනය හෝ කිහිපයයි. ඒ වගේම Keyword Rich Anchor Text කියන්නේ “Click Here”, “Go Here” වගේ කිසිම SEO වැදගත්කමක් නැති Anchor Text භාවිතා නොකර Link එකෙන් ගියාම තියෙන Site එකේ මොනවද තියෙන්නේ කියලා ලියන එකයි.

මේ හේතුව නිසා ඔයා හදන හැම Link එකටම Keyword Rich Anchor Text භාවිතාකරන එක හොඳයි.

Keyword

SEO වල වැදගත් තැනක් Keyword වලට ලැබෙනවා. Keyword එකක් කියන්නේ ඔයාගේ Site එක Search Engine එකේ Rank කරන්න බලාපොරොත්තු වෙන වචනයයි. මෙතනදි Keyword කියන්නේ එක වචනයයි. උදාහරණයක් විදිහට ‘Glossary’ කියන්නේ Keyword එකක්.

Keyphrase

මෙතනදි Keyphrase කියන්නෙත් Keyword එකටමයි, නමුත් වචන කිහිපයක් Keyphrase එකට අයත් වෙනවා. උදාහරණ විදිහට ‘SEO Glossary’ හා ‘Make Money Online’ දෙන්න පුලුවන්. ඒ වගේම වචන 2ක 3කට වඩා දිග Keyphrases වලට Long Tail Keywords කියලත් කියනවා.

Indexing

Google වගේ Search Engines වලින් ලෝකයේ තිබෙන Websites ගැන විස්තර එකතුකරලා එයාලගේම Database එකක ඒවා තැන්පත් කරනවා. එහෙම තැන්පත් කරන්නේ එතකොට කවුරුහරි කෙනෙක් Google එකේ ඒ තැන්පත් කරන දේට සම්බන්ධ දෙයක් ගැන Search කරනකොට ඉක්මනින්ම හොයලා දෙන්න පුලුවන් නිසයි.

මේ විස්තර වලට Site එක මොකක්ද, මොනවගේ දේවල්ද තියෙන්නේ වගේම මොන මාධ්‍යයන් වලින්ද තියෙන්නේ කියන දේත් සමඟ තව ගොඩක් දේවල් අයත්වෙනවා.

Webmasters

Webmaster කියන වචනය ගොඩක් වෙලාවට Website එකක් තියන කෙනෙකුගේ ඉඳලා Web Developer කෙනෙක් දක්වා හඳුන්වන්න පාවිච්චිකරනවා. ඉතින් Site එකක් Maintain කරන කෙනෙකුට, Blogger කෙනෙකුට වුනත් පාවිච්චිකරන්න පුලුවන්.

ඒ වගේම වෙබ් අඩවිය සම්බන්ධ සියළුම කාර්යයන් මේ Webmasterගේ යටතේ තමයි සිද්ධවෙන්නේ. Google Webmaster Tools කියන්නේ SEO වලට අවශ්‍යම කරන Google Service එකක්.

Whitehat SEO

SE එකක් කියන්නේ, මනුස්සයෙක් වගේ දෙයක් හිතලා කරන්න පුලුවන් System එකක් නෙමෙයි. ඉතින් තනියම ඔයාගේ අලුත්ම Blog එක හොයාගන්න බැහැ, තනියම Webpage එකක තියන පින්තූරයක ඇතුලත්වන දෙයක් හොයාගන්න බැහැ වගේම තනියම ඔයාගේ Blog එක හොඳටම ගැළපෙන මාතෘකා මොනවද කියලත් හොයාගන්න බැහැ.

ඉතින් මේකට විසදුමක් විදිහට SEs විසින් පිළිපැදිය යුතු දේවල් කිහිපයක් කියලා තියෙනවා. මේ දේවල් නිවැරදිව කියලා තියෙන විදිහට පිළිපැදීම Whitehat SEO කියලා හඳුන්වන්න පුලුවන්.

Blackhat SEO

මේ SEO Glossary Post එක පටන්ගනිද්දි මං කිව්වා SE එකක් කියන්නේ Program කරපු System එකක් කියලා. ඉතින් ඔයාට පුලුවන් SE එකක් Trick කරන්න, ඒ කිව්වේ Search Engines විසින් කියලා තියන Guidelines වලට පටහැනිව Optimize කිරීමයි.

මේක තවත් විදිහකට කිව්වොත් නරක විදිහට Optimize කිරීම කියලත් කියන්න පුලුවන්.

Restaurant in GTA San Andreas

ඔයා GTA San Andreas ගහලා තියෙනවද? ඒකේ CJට Pizza 10ට වඩා කැව්වම මොනවද වෙන්නේ කියලා ගහපු අය දන්නවා, ඒ වගේ දෙයක් තමයි Blackhat SEO කියලා කියන්නේ.

මම නම් කවදාවත් Blackhat SEO Recommend කරන්නේ නෑ ඔයාට තියා ඔයාගේ Customer කෙනෙකුටවත්, මොකද Blackhat SEO කියන්නේ Short-term Fun දීලා කරදර ගොඩක් දෙන දෙයක්.

Keyword Density

Keyword Density කියන්නේ OnSite SEO වල තියන ප්‍රධාන Factor එකක් එහෙමත් නැත්නම් OnSite SEO Signal එකක්. ඔයාගේ Blog එකේ තියන Post එකක් යම්කිසි Keyword එකකට හෝ Keyphrase එකකට Rank කරන්න ඔයාට අවශ්‍යයි.

ඒ වගේම මේ Rank කරන්න හදන Post එකේ වචන 1000 තියෙනවා, Rank කරන්න හදන Keyword එක මේ වචන 1000 ඇතුලේ 15පාරක් තියෙනවා.

එතකොට 15 ඔය 1000න් බෙදලා 100න් වැඩිකරාම එන්නේ Keyword Density Percentage එකයි. එහෙනම් Keyword Density කියන්නේ ඔයා Target කරන Keyword එක කීපාරක් Content එකේ තියෙනවද කියන එකයි.

Keyword Stuffing

මෙහෙම හිතන්නකෝ, ඔයා දැන් GTA 5 ගැන Post එකක් ලියනවා ඉතින් මේ GTA 5 ගැන Post එක ලියනකොට ඔයාට ඉබේම GTA 5 කියන Keyword එක ලියවෙනවා. වෙනත් විදිහකින් කිව්වොත් ඔයා මේ Post එකේ ලියන්නේ GTA5 ගැන නිසා ‘GTA 5’ කියන Keyword එක Naturally Content එකට එකතුවෙනවා.

මෙන්න මේ Naturalභාවය පැත්තකින් තියලා අම්බානෙට Target කරන Keyword එක Content එක ඇතුලට ඔබන එක තමයි Keyword Stuffing කියන්නේ. ඒවගේම Keyword Stuffing කියන්නේ Blackhat SEO Tactic එකක්, මේකෙන් ඔයාගේ Rankings වලට ප්‍රබල හානියක් වෙනවා!!!

Ranking Algorithm

Search Engine එකක තියන ලොකුම අවුල ඒක Trick කරන්න පුලුවන් වීමයි. ඉතින් මේ Cheat කිරිල්ල අල්ලගන්න ඕන නිසාම SE විසින් 200ට අධික Ranking Signals or Ranking Factors ප්‍රමාණයක් අනුගමනය කරනවා ඔයාගේ Blog එක Rank කරද්දී.

ඒ වගේම System (eg: Search Engine) එකක් යම්කිසි දෙයක් Calculate කරන්නේ Algorithm එකට අනුවයි. උදාහරණයක් විදිහට ඔයාගේ Post එකේ Keyword Density එක ගණනය කරන්නෙත් Algorithm එකකට අනුව.

මේ වගේ පුන්චි පුන්චි Algorithm ගොඩක් එකතුවෙලා තමයි Googleගේ අලුත්ම Algorithm එක Google Hummingbird මාස කිහිපයකට කලින් නිකුත්වුනේ.

Google PageRank

Google PR එහෙමත් නැත්නම් Google PageRank කියන්නේ Googleගෙම අලුත් පන්නයේ තාක්ෂණයක්. මේක ගැනනම් වචන 30කින් කියලා ඉවරකරන්න බැහැ, ඒ තරමට දේවල් තියෙනවා කියන්න.

Google PR එක කියන්නේ ඔයාගේ Site එකට තියෙන Backlinks ප්‍රමාණය අනුව, Site එකේ ඉන්න Time එක අනුව වගේම අලුත් Content Publish වෙන ප්‍රමාණය අනුව ඔයාගේ Site එකට ලැබෙන Score එකක්. මේ Score එක 0 ඉඳලා 10 වෙනකන් තමයි ලැබෙන්නේ. මෙතනදි Backlinks තමයි වැඩිපුර Google PR එකක් ලැබෙන්න බලපාන්නේ.

අනිත් කියපු Factors 2ත් එක්ක Secret Factors එකතුවෙලා තමයි ලැබුන PR එක දිගටම තියෙනවද කියන එක තීරණය වෙන්නේ. SLMarketer කියන්නෙත් දැන් PR1 Blog එකක්.

Ranking Signals

SE එකකින් ඔයාගේ Site එක Rank කරද්දී එකිනෙකට වෙනස් වගේම එකිනෙකට ගැළපෙන දේවල් ටිකක් Use කරනවා. ටිකක් කිව්වට ඒක 200ට වඩා වැඩියි කියලා තමයි ප්‍රසිද්ධියේ Search Engines විසින් කියන්නේ.

ඉතින් මේ දේවල් වලට SEO Industry එකේදී Use කරන නම තමයි Ranking Signals කියන්නේ.

Ranking Factors

ඉහතදී කිව්ව Ranking Signals වලට තවත් සමාන පදයක් තමයි Ranking Factors කියන්නේ. උදාහරණ විදිහට Website Speed, Site Structure & Mobile Responsiveness දෙන්න පුලුවන්.

NoFollow

Backlinks කියන්නේ මහා පරිමාණයෙන් ඔයා හදන්න ඕන දෙයක් නෙමෙයි.

Google, Backlink එකක් පාවිච්චිකරන්නේ Public Vote එකක් විදිහට. ඔයා Fake Votes (Backlinks) හදලම ඔයාට නොලැබෙන්න ඕන, Genuine Votes තිබෙන කෙනාට ලැබෙන්න ඕන තැන හොරකන් කරනවා නම් ඒකෙන් අන්තිමට වෙන්නේ Google එකේ Market Share එක අඩුවෙන එකයි, Usersලට චාටර් අත්දැකීමක් ලබන්න වෙන එකයි.

ඒ වගේම මහා පරිමාණයෙන් Backlinks මිලදීගැනීමෙනුත් මේ කතාවම තමයි වෙන්නේ.

ඉතින් NoFollow Value එක පාවිච්චිකරන්න කියලා Google මේ පිරිසට කියනවා. මේක පාවිච්චි කරාම Backlink එක එන Blog එකෙන් Flow වෙන PR Juice වගේම Trust Juice ඔයාගේ Blog එකට Flow වෙන එක ගොඩාක් අඩුවෙනවා.

DoFollow

DoFollow කියන්නේ Google එකෙන් SEO Juice ඔක්කොම කිසි අඩුවක් නැතුව Flow කරන Links ජාතියයි. NoFollow වලදි වගේ DoFollow Link එකක් දාන්න විශේෂයෙන් Rel Attribute එකට DoFollow Value එකක් දෙන්න අවශ්‍ය නැහැ. ඔයා නිතරම ගන්න බලන්නේ DoFollow Backlinks විතරක්ද?

NoFollow වලිනුත් වැඩක් වෙනවා නමුත් බොහොම ටිකයි.

Spam

කාටවත් සත කාලකට වැඩක් නැති, කරන පුද්ගලයට පුන්චි හරි වාසියක් ඇති දේවල් Spam කියලා හඳුන්වන්න පුලුවන්. Spam වලදි වැඩිපුර කරන්නේ අනවශ්‍ය තැන්වල අනවශ්‍ය දේ පළකරන එකයි.

උදාහරණයක් විදිහට ප්‍රෂ්ණයක් අහලා තියෙන Forum Thread එකකට ඔයාගේ නොගැළපෙන Blog එක ගැන Link එකක් දීම Spam කියලා පෙන්වන්න පුලුවන්. ඒවගේම තවත් එකක් විදිහට ඔයාගේ Blog එකේ නමින් හෝ Rank කරන්න බලාපොරොත්තු වෙන Keyword එක පාවිච්චිකරලා Comment කිරීමත් Spam කියලා සඳහන් කරන්න පුලුවන්.

Link Cloaking

Cloaking කියන්නේ සැඟවීමයි, නමුත් මෙතනදි මං Cloaking කියලා සඳහන් කරන්නේ Link Cloaking ගැනයි. ඒ වගේම මේක කිසිම විදිහකින් Blackhat SEO Tactic එකක් වෙන්නේ නැහැ. Link Cloaking කියන්නේ ඇත්ත Long Link එක සඟවලා කෙටි ලස්සන Link එකක් විදිහට පාවිච්චි කිරීමයි.

ඒ වගේම Link Cloaking කියන එක වැඩිපුර පාවිච්චිකරන්නේ Affiliate Links Cloak කරන්න තමයි. eg: https://www.slmarketer.com/adfly

Duplicate Content

එකම Post එක එකිනෙකට වෙනස් තැන් දෙකක ඒ විදිහටම හෝ ඉතාමත් සුළු සුළු වෙනස්කම් සමඟ පැවතීම Duplicate Content යනුවෙන් හඳුන්වන්න පුලුවන්. Duplicate Content ගැනත් ඔයා නිතරම වගේ අහලා ඇති.

ඇත්තටම Post එකකින් පුන්චි Paragraph එකක් Copy කිරීම වගේ දෙයක් Duplicate Content යටතට ගැනෙන්නේ නැහැ. සමහරවිට ඔයා Affiliate Marketing කරනකොට එකම Affiliate Post එක Article Directories 2ක 3ක Publish කරනවා ඇති,

ඒත් මේ ඔක්කොම Posts Google Index කරනකොට මේ එකම Post එක කියලා තේරුම්ගන්නවා, ඊට පස්සේ ඒවයින් එකක් Index කරන්නත් පුලුවන් නැත්නම් ඔක්කොම Index නොකර ඉන්නත් පුලුවන්.

Authority

ඔයා දැන් Blog එකක් පටන්ගත්තා කියලාවත් තව අවුරුදු ගාණක් Blog එකක් කෙරුවත් ඒක Authority Blog එකක් කියලා කියන්න බැහැ. Authority Blog එකක් කියන තැනට එන්න ගොඩක් මහන්සි වෙලා වැඩකරන්න ඕනා.

එහෙනම් Authority Blog එකක් කියන්නේ එක Niche එකක ලොකු Audience එකක් ඉන්න, ඒ Audience එක හරහා ඒ Niche එකේ පැවැත්මට ලොකු බලපෑමක් කරන්න පුලුවන්, Niche එක ගැන නිතරම ලියවෙන මිනිස්සුන්ට වගේම Googleවලටත් ඉහළින්ම Trusted Blog වලට තමයි Authority Blog එකක් කියන්නේ.

Crawling

SE එකක් විසින් Index කරන්න වෙබ් අඩවි හොයාගන්න ඕනා. ඉතින් මෙතනදි Algorithm එකකට අනුව එක Website එකක් හමුවුනාම ඒක Index කරගෙන ඒකේ තියෙන අනිත් ඔක්කොම External Links To-Do List එකට දාගන්නවා.

ඒ කිව්වේ ඊළඟට ගිහින් බලලා Index කරන්න ඕන List එකට දාගන්නවා. මේ Procedure එකට තමයි Crawling කියන්නේ. Web Crawler එක නැත්නම් Web Spider කියලා කියමුකෝ, මෙයාට Crawl කරන්නත් බැරි තරම් ප්‍රමාණයක් Sites ලෝකේ තියෙනවා, ඒ වගේම දවසකට අලුත් Webpages බරගාණක් අන්තර්ජාලයට එකතුවෙනවා,

මේ Crawling කියන වැඩෙත් කරන්නේ Algorithm එකේ Prioritize කරලා තියෙන Qualifications වලට අනුවයි.

Mobile Responsiveness

දැන් Desktop PCs වලට වඩා හැමදෙනාම නිතරම පාවිච්චිකරන්නේ තමන්ගේ Mobile Devices ටිකයි. එහෙම නැතුව තව විදිහකට කියනවා නම් මේ 2014 කියන්නේ Mobile Devices වැඩිපුරම පාවිච්චිවෙන වර්ෂයයි. ඉතින් Mobile Responsiveness කියන දේ Google විසින් Mobile SEO වලට ප්‍රසිද්ධියේ ඇතුලත් කරගන්න අමතක කරේ නැහැ.

සරලව, Mobile Responsiveness කියන්නේ ඔයාගේ Blog එකේ දැනට තියෙන Design එකම Mobile Device එකේ Size එකට අනුව නිරායාසයෙන් හැඩගැසීමට කරන ක්‍රියාවලියයි. ඔයාගේ Browser එක දැන් පොඩ්ඩක් පොඩි කරලා බලන්න, එතකොට ඔයාටම තේරේවී SLMarketer කියන්නෙත් Mobile Responsive Blog එකක් කියලා.

Mobile Responsiveness is Just Like Water In a Bottle, Bucket, Tank

Sitemap

Sitemap එකක් කියන්නේ වෙබ් අඩවියේ තිබෙන සෑම Page එකක් සමඟම සම්බන්ධ වෙන්න පුලුවන් URL List එකකට. Sitemaps වර්ග 2ක් තියෙනවා. එකක් තමයි XML Sitemap, මේ ජාතිය විශේෂයෙන් Use කරන්නේ SEsලා විසින් පමණයි, මොකද XML Sitemap එකක් User-Friendly නැහැ HTML Sitemap එකක් වගේ.

එහෙනම් අනිත් ජාතිය තමයි HTML Sitemaps කියන්නේ, මේක තියෙන්නේ Humansලට Website එකක තිබෙන Pages මොනවද කියලා බලාගන්න. Web Crawler එකට තනියම ඔක්කොම Webpages හොයාගන්න පහසුකරන්න තමයි Sitemaps නිපදවලා තියෙන්නේ.

Linkbait

හ්ම්! Bait කියන්නේ මොකක්ද කියලා දන්නවද…? Bait කියන්නේ ඇම, සමහරවිට ඔයත් අර මෝරාගේ Bait Movie එක බලලා ඇති, ඒ වගේ ඇමක් දාලා Baclinks ගොඩක් ගන්න එක තමයි Linkbait කියන්නේ.

මේකේ මැජික් මුකුත් නෑ, තියෙන්නේ High Quality, Useful Concrete වගේ කරුණු Pack වුන Content විතරයි.

මිනිස්සු බලාපොරොත්තු වෙන ප්‍රමාණයටත් වඩා දුන්නම මාර Fun එකක් දැනෙනවා, ඉතින් මේ Fun එක – මේ Motivation එක – මේ Kick එක ඔයාට Backlinks ගොඩක් ගෙනල්ල දෙනවා. ආහ්! කියන්න බැරිවුනා Linkbait කියන්නේ Backlinks ගන්න පුලුවන් අමාරුම වගේම Sure-Fire Link Building Strategy එකක්.

Internal Links

ඔයාගේ වෙබ් අඩවියේ තිබෙන ඔක්කොම Links වලට කියන නම තමයි Internal Links කියන්නේ. මොකද, ඒවා ඔක්කොම තියෙන්නේ ඔයාගේ Site එක ඇතුලේ. ඔයාගේ එකට ආවම, එයා මේ Pages, Posts & Files වල කැරකිලා ඒ හැම එකක්ම වගේ Index කරනවා. ඒකට තමයි Sitemap එකේ ඔක්කොම Internal Links පිළිවෙලට සඳහන් වෙන්නේ.

Interlinking

SEO වලදී Link Building කරන්න පාවිච්චිකරන තවත් ක්‍රමයක් තමයි Interlinking කියන්නේ. මෙතනදි වෙන්නේ ඔයාගේ Blog එකේ තියන Posts, Pages වලට ඒවට ගැළපෙන Posts, Pages වලින් Link කිරීමයි.

උදාහරණයක් විදිහට දැන් මම මේ Glossary Post එකේදී කියවුන දේවල් වලට සම්බන්ධ දේවල් තියෙන කලින් ලියපු Posts වලට තැන් ගොඩකදී Link කරා. අන්න ඒ වගේ ගැළපෙන Posts වලට එක Blog තුලම Link හැදීම තමයි Interlinking වෙන්නේ.

Search Queries

Google Webmaster Tools පාවිච්චි කරනවා නම් ඔයාට Search Queries කියන වචන 2ක නිතරම වගේ දකින්න ලැබෙනවා. ඔයාට පුලුවන් මේ Search Queries කියන වචන 2ක Keywords, Keyphrases යන නම් වලින්ද හඳුන්වන්න.

කෙනෙක් Google එකේ මොනාහරි වචන ටිකක් ලියලා Search කරනවා, මෙන්න මේ වචන ටික තමයි Search Query එකක් කියලා කියන්නේ. Google Webmaster Tools වල Search Queries කියලා පෙන්වන්නේ Google එකේ එහෙම Search කරලා ඔයාගේ Blog එක පෙන්වපු වාර ගාණයි,

ඒ වාර ගාණෙන් ආපු Clicks ගාණයි. දැන් GAnalytics වල Keyword Data පෙන්වන්නේ නැති නිසා Keyword Data බලාගන්න පුලුවන් එකම තැන මෙතනයි.

Sitelinks for SLMarketer


මේ කියන්නේ Google එකේ වැඩක්. Google කියනවා ඔයාගේ Blog එකේ නිතරම Visitorsලා එන Pages අනිත් අයටත් වැදගත් වෙයි කියලා, ඉතින් එහෙම වැදගත් කියලා හිතන Pages තියන Site වලට Google විසින් මේ Sitelinks කියන Feature එක ලබාදෙනවා.

මෙතනදි Sitelinks කියන්නේ ඔයාගේ Blog එකේ නමින් හෙව්වම Main Result එකට අමතරව යටින් එන Six Pack එකයි.

ඔයත් Six Pack එකක් ගන්න ආස ඇති නේද?

Impressions

Impressions කියන්නේ පෙන්වන වාර ගණනයි. මෙතනදි G Webmaster Tools එකේ Impressions කියන්නේ කවුරුහරි ඔයාගේ Blog එකේ ලියවුන දෙයක් ගැන Search කරද්දි ඔයාගේ Post එකට High Rank එකක් ලැබිලා Userට පෙන්වපු වාර ගණන.

මතක තියාගන්න කවදාවත් Impressions කියන දේ Click එකක් වෙන්නේ නෑ. ඒ කිව්වේ එක Impression එකක් කියන්නේ එක Click එකක් කියන වැරදිමතය අයින්කරන්න කියලා.

Pageviews

ඔයාගේ Blog එකට Visitorsලා ආවම එයාලට අවශ්‍ය දේ එයාලා කියවනවා, ඉතින් මේ මුලින්ම කියවන දේ එයාට වැදගත්, ඒ නිසා එයා බලනවා තව මොනවද මේකේ තියෙන්න මට වැදගත් කියලා. ඔය විදිහට First Time Visitor කෙනෙක් දෙවනි Post එකකුත් කියවනවා. අන්න ඒ පිටු පෙරළීම තමයි Pageviews කියන්නේ.

ඒ වගේම ඔයා නිතරම බලන්න ඕනා Pageviews නෙමෙයි ඊළඟට කියන්න යන එක ගැනයි. Pageviews වැඩියි කියන්නේ ඔයාගේ Content එක Useful කියන එකයි.

Unique Visitors

මේක තමයි වැදත්ම Metric එක. Unique Visitors කියන්නේ පැය 24 ඇතුලත එකම IP Address එකකින් ඔයාගේ Blog එකට එන පුද්ගලයෙකුටයි.

මේ විදිහට එන Visitorsලට තමයි Unique Visitors කියලා කියන්නේ. ඔයා පැය 24 ඇතුලත සියපාරක් Site එකක් බැලුවත් එකපාරක් බැලුවත් ඔයාව Count වෙන්නේ 1 Unique Visitor කෙනෙක් විදිහට විතරයි.

ඉතුරු 99ම ඔයා විසින් කරපු Pageviews විදිහටයි Count වෙන්නේ.

Bounce Rate

Bounce Rate කියන්නේ Google එකෙන් ඔයාගේ ලකුණු කපාගන්න පුලුවන් Negative Ranking Signal එකක්. මේක අඩුකරගන්න තරමට ඔයාගේ Blog එකේ Rankings ඉහළ තැනක තියෙනවා. Bounces තියනවා කියන එකෙන් ඔයාගේ Blog එකේ User Engagement එක ගොඩක් අඩුබව පෙන්වනවා.

වෙනත් විදිහකින් කිව්වොත් ඔයාගේ Blog එකට එන Visitorsලා Satisfy වෙන්නේ නැහැ කියලා පේනවා. දැන් කියන්නම් Bounce Rate කියන්නේ මොකක්ද කියලා, ඔයාගේ Blog එකට පළවෙනි පාරට එන Visitor කෙනෙක් තත්පර 30වත් Post එකේ ඉන්නේ නැතුව පිටව යන එක හෝ එක Pageview එකක් පමණක් දීලා පිටවයන අයට තමයි Bounces කියන්නේ, මේක Percentage එකක් විදිහට බලන එක තමයි Bounce Rate කියන්නේ.

40% අඩුවෙන් තියාගන්න පුලුවන්නම් එළ!

Conversion Rate

ඔයා Blog එක කරන්නේ මොන අරමුණටද? ඔයාට මතකද, මං මේ ප්‍රෂ්ණයම ඔයාගෙන් මීට කලින් ඇහුවා? ඒක ඔයා ලියන දේ කියවන්න වෙන්න පුලුවන්, ඔයාගේ eBook එක මිලදීගන්න වෙන්න පුලුවන් නැත්නම් ඔයාගේ Mailing List එකට Subscribe වෙන්න පුලුවන්.

මේ කෝක වුනත් ඔයා යම්කිසි Action එකක් ඔයාගේ Audience එක විසින් කරයි කියන බලාපොරොත්තුව යටතේ තමයි Blog එක කරන්නේ. මෙන්න මේ ඔයා බලාපොරොත්තුවන Action එක ඔයාගේ Audience එක ගන්න එකට තමයි Conversion කියන්නේ. එතකොට Conversion Rate කියන්නේ එහෙම වෙන Percentage එකයි.

මේ Percentage එක වැඩියි කියන්නේ ඔයා සාර්ථකයි කියන එකයි.

Canonical URL

Canonical URL කියන්නේ Googleලට එකම Page එකක් දෙවිදිහට පේන එක වගේම එක සමාන Content තියන Pages වලින් නියම එක මොකක්ද කියලා Google එකට මඟපෙන්වන විදිහක්. උදාහරණයක් විදිහට ඔයාගේ Blog එකට WWW දාන්නත් පුලුවන් නොදාන්නත් පුලුවන් එහෙමත් නැත්නම් අගට / (Forward Slash) එකක් දාන්නත් පුලුවන් නොදාන්නත් පුලුවන්.

මේ ඔක්කොම Pages ඔයාට එකක් වෙයි. නමුත් Search Engine එකකට ඔය ක්‍රම 4න්ම එකිනෙකට වෙනස් එක සමානම Content තියෙන Pages 4ක් තමයි පේන්නේ. ඉතින් මේක Duplicate Content විදිහට අහුවෙන්න තියන Chance එක ගොඩක් වැඩි නිසා තමයි Canonical Link එකක් දාන්න ඕනා.

ඒ වගේම Syndicator එකක Content Syndicate කරද්දීත් Duplicate Content Risk එකක් එන්න පුලුවන් නිසාම Canonical Link එක විදිහට දෙන්න ඕනා Original Content එක අයිති Blog Post එකටයි.

දන්නවද ලංකාවේ අනිත් Syndicators වලින් මේ දේ නොකරට SLMarketer Service එකක් වන SLTownship Syndicator එකේනම් Canonical Link එක දීලා තියෙන්නේ ඔයාගේ Blog එකේ Original Post එකටයි.

Keyword Research

Google SE එක දැනට ලෝකේ හැම කෙනාම වගේ පාවිච්චිකරන Search Engine එකයි. ඉතින් මිනිස්සු මොනාහරි දෙයක් හොයන්න පාවිච්චිකරන Keywords ගැන Google දන්නවා. මේ Data වලින් පුලුවන් මාසයකට කීදෙනෙක් එක Keyword එකකින් Google එකේ Search කරනවද කියලා දැනගන්න.

Internet Marketersලා කරන්නේ මේ Data තමන්ට අවශ්‍ය විදිහට අරගෙන වැඩියෙන්ම පාවිච්චිකරන Keywords ටික හොයාගන්න එකයි. මේ Research එකට තමයි Keyword Research කියන්නේ.

Google Keyword Planner කියන්නේ නොමිලේ Keyword Research කරන්න පුලුවන් තැනක්.

Landing Page

Landing Page එකක් කියන්නේ Advertisement එකක් දාලා Visitorsලා එද්දී ඒ අය මුලින්ම දකින Page එකයි. මේ Landing Page එකෙන් ගොඩක් වෙලාවට කෙලින්ම කරන්න හදන්නේ මොනාහරි දෙයක් විකුණන එක හරි Email List එකට Join වෙන්න කියලා Invite කරන එක හරි තමයි.

Landing Page එකට තවත් නම් විදිහට Squeeze Page & Lead Capture Page දෙන්න පුලුවන්.

NoIndex

ඔයාගේ Blog එකේ මොනාහරි Page එකක් තියෙනවද Google Bot විසින් SE එකේ Index කර නොගතයුතු? එහෙනම් ඒ Page එකට NoIndex Value එකත් එක්ක Robots Meta Tag එක දැම්මානම් හරි. මේ විදිහට දැම්මාම Google Bot විසින් එම Pages Index කරන්නේ නැහැ.

NoIndex Use කරන්නේ ගොඩක් වෙලාවට Page එකක් Private තියාගන්න ඕන වුනාම, නැත්නම් Duplicate Content තියෙන Archive Pages වලට වගේ තමයි.

NoArchive

ඔයාගේ Blog එක 24/7 Online කිව්වට තත්පර කිහිපයකට හරි Down වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ Down වෙන වෙලාවක වුනත් Google එකේ Search කරන කෙනෙකුට ඔයාගේ Blog එකට එන්න පුලුවන්.

ඉතින් එන කෙනාට අවශ්‍ය දේ බලන්න බැහැ, නමුත් Google විසින් එම Page එකේ Cached Copy එකක් Google Servers වල තියාගෙන ඉන්නවා. Google Cache ගැන දන්න අයට පුලුවන් Cached Copy එක බලන්න කිසි අවුලක් නැතුව. eg: http://webcache.googleusercontent.com/search?q=cache:www.slmarketer.com/

මෙන්න මේ Cached Copy එකක් Google වල තියාගන්න එක වළක්වන්න තමයි NoArchive Value එකක් දීලා තියෙන්නේ Robots Meta Tag එකට කරන්න. කලින් NoIndex වලට කිව්ව හේතුම මේ NoArchive එක Use කරන්නත් හේතු වෙනවා.

Google Sandbox

අලුතෙන් අන්තර්ජාලයට එකතුවන Websites ප්‍රමාණය එදාට වඩා අද ගොඩක් වැඩියි, නමුත් Google Sandbox කියන්නේ එදා ඉඳලා පැවතගෙන එන දෙයක්.

ඉතින් මේ අලුතෙන් Sites එන වල තියෙන Content එක ඇත්තටම High Qualityද කියලා Googleට කෙලින්ම කියන්න අපහසුයි. ඉතින් මේ නිසා අලුතෙන් එන Sites ඔක්කොම මුලින්ම යන්නේ Google Sandbox එක තුලට. ඔයා කොච්චර හොඳට OnSite SEO කරලා අද Launch කරන Site එකට කවදාවත් අදම Google එකෙන් Organic Traffic එන්නේ නෑ.

ඒකට ටික කාලයක් යනවා, ඒ යන කාලයත් එක්ක ඔයාගේ OffSite SEO Strength වලින් Googleට පුලුවන් වෙනවා ඔයාව Trust කරන්න පුලුවන් Source එකක්ද නැද්ද කියන දේ තීරණය කරන්න. එහෙම තීරණය කරන්න අපහසුතාවයක් තියන තාක්කල් ඔයාගේ Site එක තියෙන්නේ Googleට විශ්වාස නැති Sites එකතුකරලා තියෙන Google Sandbox එකේ තමයි.

What Now? Share Some Love!

හරි, දැන් ඉතින් ඔයාගේ වාරේ, ඔයාට මොනවද දැනට බිහිවුණු හොඳම SEO Glossaryය ගැන හිතෙන්නේ? මෙතන තියෙන්නම ඕන SEO වචනයක් මට මඟ ඇරුණද? එහෙම එකක් තියෙනවා යටින් Comment එකක් දාලා ඒ ගැනත් කියන ගමන් ඔයාට හිතෙන දේත් ලියන්න.

ලංකාවේ හැමෝටම තියන ප්‍රෂ්ණයක් තමයි SEO ගැන හරියට නොදැනීම, ඉතින් අද ඔයා මේකෙන් SEO Definitions එකක් හෝ 2ක් ඉගෙනගන්න ඇති, සමහරවිට ඔක්කොම ඉගෙනගන්න ඇති. මේ Post එකට පහළ තියෙන Google +1 Button එකයි Facebook Share Button එකයි Click කරලා ඔයාගේ යාළුවොන්ට, Company එකේ Team Matesලත් එක්ක වගේම SEO ගැන කියවන්න කැමති හැමෝම එක්ක බෙදාගන්න එක හොඳයි.

ඒ වගේම සමහරවිට ඔයාට මේක Email කරන්නත් ඕනා ඇති, ඒකටත් අවස්ථාවක් යට තියෙන Email Icon එක Click කරාම ලබාගන්න පුලුවන්.