SLMarketer

Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න

Fiverr කියන නම ඇහෙනකොටත් ඔයාට ගොඩක් Happy එකක් දැනෙනවා ඇති. සමහරවිට දුකක් දැනෙනවත් ඇති “මට තාමත් Fiverr Sale එකක් නෑනේ” කියලා. ඉතින් ඔයා එහෙම කෙනෙක් නම්, ඔයාට උදව්කරන්න SLMarketerට පුලුවන්.

ඔයා මේ Blog එක එදා ඉඳලම කියවන කෙනෙක්නම්, ඔයාට මතක ඇති Fiverr Ultimate Post Series එක ලියන්න පටන්ගත්තේ April 21st of 2013. ඉතින් April 21st ඉඳලා ඔයාට Fiverr Business එක $0 ඉඳලා හොඳට Sales එන Online Business එකක් කරගන්න විවිධ දේවල් කියලා දුන්නා. ඒ නිසා මම එක ප්‍රෂ්ණයක් අහන්නම්.

ඔයා Fiverr Ultimate Post Series එකේ කිව්ව දේවල් ඇත්තටම කරාද?

මං දන්නවා ගොඩක් අය කරන්නේ නැහැ. ඒත්…

දන්නවද, මොනාහරි දෙයක් ගැන ඔයා දන්නවද නැද්ද කියන එක නෙමෙයි වැදගත්. ඔයා ඒ දන්න දේ පාවිච්චිකරනවද කියන එකයි වැදගත්!

ඒ නිසා, ඔයාගේ කම්මැලිකම පැත්තකින් තියලා ඉගෙනගන්න දෙයින් වැඩක් කරන්න.

කම්මැලිකම පැත්තකින් තියලා මහන්සිවෙලා Fiverr Ultimate Post Series එක ඒ විදිහටම Follow කරපු අය නැත්තේ නෑ. නමුත් ඒ ටික දෙනා නොකරපු අයට වඩා 300% විතර සාර්ථකත්වයකට ගිහිල්ලා තියෙනවා එයාලගේ Fiverr Business එකේ, එයාලගේම කැපවීම නිසා.

එහෙම ටික දෙනෙක් ගැන ඔයාට කියන්නම්, ඒ අයට Fiverr Ultimate Post Series එකේ කිව්ව ඔක්කොම Strategies වැඩකරා නම් ඔයාට වැඩනොකර ඉන්නේ නැහැ නේද?

අද උදේම තාරක කියලා කෙනෙක් Comment කරලා තිබුනා එයාට Fiverr Ultimate Post Series එකෙන් කරන්න පුලුවන් වුන දේ ගැන. මෙන්න ඒ Comment එක එයාගෙම වචන වලින්.

ෂ්‍යාම් අයියෙ මම ඔයාගෙ බ්ලොග් 1 කියවලා එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩාක් කල් ට්‍රයි කලාට මගෙ පරන ෆයිවර් 1ට ඕර්ඩර්ස් ආවෙම නෑ.මම එක අයින් කරල ෆයිවර් එකේ රෙජිස්ටර් වුනා ආයි. ජනවාරි 31 තම රෙගිස්ටර් උනේ.මට පෑය 24ක් යන්න කලින් පලවෙනි ඔර්ඩර් 1 ආවා. ඔයගෙ පොස්ට් ටික නම් ෆයිවර් ගන ලියවුන නියම පොස්ට් ටිකක්. තව හොදට මේ බ්ලොග් 1 කරගෙන යන්න.

බොහොම ස්තූතියි අයියෙ

Pazan Vidumal කියන්නේ FUPS එක Follow කරපු තවත් කෙනෙක්, එයා SLMarketer Facebook Page එකෙන් Message එකක් එවලා කිව්වේ මෙහෙම දෙයක්.

මං ඔයාගේ Blog එකේ තියන විදිහට වැඩ කළා. සුපිරියි. මට $160ක් ආවා දවස් 10කට, තාම එනවා දවසකට 4ක් විතර.

තවත් මේ වගේ අය ඇති, නමුත් මේ දෙන්නා ගැනයි තව කිහිපදෙනෙක් ගැන විතරයි මට දැනගන්න ලැබුනේ. ඉතින් ඔයා තාමත් කියවන එක විතරද කරන්නේ?

එහෙනම් දැන් ඒ Procedure එක වෙනස්කරන්න කාලය හරි. තව දෙයක් තමයි, මේ දෙන්නගේ Fiverr Success Story එක ගැන මේ Post එකේ දාන්නේ ඔයාට FUPS එක Follow කරන්න පුන්චි හරි Motivation එකක් දෙන්නයි.

මාස ගාණකට පස්සේ ආයෙත් Fiverr Ultimate Post Series එකේ ඊළඟ Post එක ලියන්නයි දැන් මේ හදන්නේ. ඔයාට මතකද මේ Year එකේ Publish කරපු මුල්ම Post එකෙන් මං කිව්වා SLMarketer එකට 2014 වර්ෂයේ ලොකු වෙනසක් වෙනවා කියලා.

ඉතින් ඒ වෙනසේ එක දෙයක් විදිහට මේ මාසයේ ඔයා Internet Marketing ගැන ගොඩක් දේවල් ඉගෙනගන්නවා …

Perfect Communication For Fiverr Success

මේ වෙනකොට ඔයාට Fiverr Business එක පටන්ගන්න හැටි, Gig Ideas Brainstorm කරන හැටි, පට්ට Fiverr Gig එකක් හදන හැටි වගේම Publish කරන හැටි, නොමිලේම Fiverr Promotion එකක් ගන්න හැටි වගේම SEO වලින් Boost එකක් දෙන හැටිත් එක්ක Fiverr Business ගැන ඔයා නොදන්න දේවල් ගොඩක් කියලා දුන්නා.

ඔයාට මතක ඇති Fiverr v2 Features ගැන ලියපු Post එකේදි තමයි මම මුලින්ම Perfect Communication ගැන කිව්වේ. ඊට පස්සේ දාපු Post 3කත් Perfect Communication ගැන පුන්චි පුන්චි දේවල් ටිකක් කිව්වා. ඒ මුල්ම Post එකේදී මම කිව්වා Communication ගැන වෙනමම ලිපියකින් ගොඩක් දේවල් කියලා දෙන්නම් කියලා.

ඒ ලිපිය තමයි මේ ලිපිය! 😉

Perfect Communication එකක් කියන්නේ Online Business එකකට වගේම හැම දේකටම අතිශය වැදගත් දෙයක්. ඒත් අවාසනාවට ඇත්ත කතාවක් වගේ ගොඩක් අයට Perfect Communication එකක් නැහැ. ඉතින් ඔයත් එහෙම කෙනෙක් වෙන්න පුලුවන්. එහෙනම් මේ Post එකෙන් පස්සේ ඔයාට නියම Communication එකක් කරන්නේ කොහොමද කියලා පැහැදිළි අදහසක් එයි.

මෙතනදි Online Business කරන අයට වැඩිපුර වැදගත් වෙන්නේ Telephone Communication එක නෙමෙයි, Written Communication එකයි. ඒ වගේම Offline Business කරන කෙනෙක්ට වුනත් Telephone Communication එකට වඩා පුලුවන් තරම් පාවිච්චිකරන්න ඕනා Written Communication එකයි.

මොකද, Phone එකෙන් කතාකරන වචන ටික නිකන්ම වචන ටිකක් වෙන්නත් පුලුවන්. හිතන්න, ඔයයි Potential Customerයි Phone එකකින් Project එකක් ගැන කතාකරලා Agree වෙනවා දෙන්නම. ඒත් පස්සේ දවසක Customerට Agree වුන Project එකේ එක දෙයක් අමතක වෙනවා, ඉතින් එයා කියනවා ඔයාට, මේ දේටත් අපි Agree වුනා කියලා. (නමුත් එදා Telephone Conversation එකේදී ඔයා ඇත්තටම ඒ දේට Agree වෙන්නේ නැහැ.)

දැන් ඔයාට එහෙම නැහැයි කියන්න Proof එකක් තියනවද?

මගේ Favoriteම Communication Method එක තමයි Written Communication එක. මොකද, කලින් කිව්ව හේතුවත් එක්ක, ඔයාට හොඳට හිතලා බලල Email එක ලියන්න වෙලාව තියනවා.

Fiverr Business එකේදිත් ඔයාට වැදගත් වෙන්නේ Written Communication එකම තමයි. එහෙමනම්, Perfect Communication කියලා මම මෙතනදි අදහස් කරන්නේ Potential Customer කෙනෙක් හෝ Customer කෙනෙක්ව නියම විදිහට Satisfy වෙන්න Communicate කරන එකයි. මේක කරන්න Factors කිහිපයක් බලපානවා, ඒව තව චුට්ටකින් කියන්නම්.

ඊට කලින් දේවල් ටිකක් පෙන්වන්නද …?

දැන් මොකද හිතෙන්නේ? නිකන් පිස්සු වගේද? මේක ඔයාටත් කරන්න පුලුවන් දෙයක්. හරි, දැන් කතාකරමු ඔයා ඒ මොනවද දැක්කේ කියලා.

මම කලින් Perfect Communication ගැන මුලින්ම කතාකරපු Post එකේ කිව්වේ මේ Screenshots ගැන තමයි. මේ ඉන්නේ මට මෙච්චරකල් Fiverr Platform එකෙන් හම්බවුන පට්ටම Customer. ඒ ඇයි කියලා හිතාගන්න පුලුවන්නේ උඩ Numbers බැලුවම.

ඔව්, අද වෙනකොට Customerගෙන් මම $606.00 Revenue විදිහට Earn කරලා තියෙනවා.

ඔයාට Image එක බැලුවම තේරෙනවනේ මේ Customerම තමයි මගේ Gig එක දැකලා එයාගේ Project එක කිව්වේ කියලා. එයා එව්ව Proposal Message එකේ වචන 83ක් තියෙනවා. මේ වචන 83 ඇතුලේ මට Customerගේ තියන Potential එක තේරුනා. ඉතින් මම ලියන්න පටන්ගත්තා මගේ Reply එක.

මං ලියපු Reply එකේ වචන 856ක් තියෙනවා. ඒ Reply එක දැක්කම ඔයාටත් ඒක කරන්න පුලුවන්ද කියලා හිතෙනවා ඇති …

ඔයා සමහරවිට දැන් හිතනවා ඇති, ඔච්චර දිග Reply එකක් ලියන්නේ මොකටද $5 Sale එකක් ගන්න කියලා. එහෙනම්, මං මේ ප්‍රෂ්ණය ඔයාට දෙන්නම් …

මං ඒ Reply එක නැතුව $606.00 Earn කරයි කියලද හිතන්නේ?

නැහැ!, ඒ වගේ Perfect Reply එකක් නැතුව මේ වගේ ගාණක් හොයන්න තියෙන Probability එක ගොඩක් අඩුයි. මොකද, Potential Customerගේ හිතේ මං ගැන Satisfaction එකක් නැතුව Customer කෙනෙක් වෙන එක හිතන්න ටිකක් අමාරුයි.

ඒ Perfect Reply එකේ මං ලිව්වේ මෙන්න මේ දේවල්.

මම මොනාද Project එක සම්බන්ධ Industry එකේ දන්නේ. ඒ කිව්වේ Project එක කරන්න මගේ තියන Knowledge එක, Experience එක ගැන.
දැනට එයාගේ Project එකේ කරල තියන දේවල් වල අඩුපාඩු. කොහොමද ඒ අඩු පාඩු හදාගන්නේ මාත් එක්ක.
එයාගේ Objective එක එහෙමත් නැත්නම් Goal එකට යන්න මගේ Approach එක. ඒ කිව්වේ මං එයාගේ Goal එකට යන්න ගැහුව Plan එක.
අන්තිමට එයාට Action එකක් ගන්න, එයාට තියන ප්‍රෂ්ණ අහන්න වගේම Plan එකට කැමතිද කියලත් ඇහුවා.

ඉතින් මේ ඔක්කොම දේවල් ලිව්වම Potential Customerට පිස්සු හැදෙනවා, “මෙයා Professional Seller කෙනෙක් වගේම මට ඕන වැඩේ කරන්නේ කොහොමද කියලත් Plan කරලා.” ඉතින් මෙයාට මං ගැන ලොකු Trust එකක් ඇතිවෙනවා – Finally a Sale!


මේක කොහොමද? මේකත් Perfect Communication එක නිසා ගන්න පුලුවන් වුන Fiverr Sale එකක්. ඔයා සමහරවිට Fiverr එකේ Graphic Designing කරනවා ඇති, ඒ නිසා ඔයා හිතයි ඔයාට කොහොමද මේ වගේ Fiverr Sales ගන්නේ කියලා. ඒකත් බැරි නැහැ.

ඒත් මං කරන්නේ Graphic Designing නම් නෙමෙයි, මං කරන්නේ Internet Marketing & Web Engineering කියලා කියන්නම්. ඉතින් හිතාගන්න පුලුවන්නේ $1 ඉඳලා කොච්චර ලොකු Prizes වලට Projects ඇතිවෙන්න පුලුවන් Industries 2ක්ද කියලා.

Graphic Designersලටත් ලොකු Projects ගන්න පුලුවන්, ඒත් Fiverr එකේ ලොකු Projects ගන්නවා කියන්නේ ටිකක් පාඩුයි. ගොඩක් වෙලාවට Fiverr එකේ Buyersලා Project එකේ Market Prize එකට Buy කරන්න කැමති නැහැ. ඔය මං $170ට ගත්තු Project එකට Market Prize එක $250+ වගේ වෙනවා. මෙන්න මේ හේතුව නිසාම තමයි කිසිම Marketplace එකක එල්ලිල Work කරන්න හොඳ නැහැයි කියලා මම කියන්නේ.

ඒක ගැන වෙනත් Post එකකින් විස්තර කියන්නම්.

Designer විදිහට ඔයාට පුලුවන් Web Design PSD හදන්න. ඒ කිව්වේ Website එකකට Unique Design එකක් PSD විදිහට හදලා දෙන එක. මේ වගේ Web Design PSD එකකට හොඳ Market Prize එකක් තියෙනවා. ඒ නිසා $170 Project එක වගේ ඔයාටත් ලොකු Projects ගන්න පුලුවන්. වැඩි විස්තර තනියම හොයාගෙන කියවන්න … 😉

#5 Tips For Perfectness

මෙන්න මේ දේවල් ටික ඔයාගේ ඊළඟ Fiverr Message එකේ ඉඳලා පාවිච්චිකරලා බලන්න වෙනස කොහොමද කියලා. මෙතනින් සමහර ඒවා ඔයාට එක පාරට කරන්න බැරිවෙයි, ඒත් කරන තරමට Experience එනවා කියන එකත් මතක තියාගන්න!

❶ Perfect English

English කියන්නේ හැමදේටම Vital Factor එකක් කියලා මං මීට කලින් Post එකකදිත් කිව්වා. Perfect Communication එකක් කරන්න නම් ඔයාට හොඳ English Skill එකක් තියෙන්න ඕනා. Fiverr වල වැඩකරන්න ඔයාට අවශ්‍යවෙන්නේ Writing & Understanding විතරයි.

ඉතින් මේ දෙකේ ඔයාට තියෙන Skills දියුණුකරගන්න එක ඔයාට ගොඩක් වැදගත් වෙනවා. සමහර අය ලියන Message වලින් තේරුමක් හිතාගන්න බැහැ. හිතන්න එහෙම තේරුම්ගන්න බැරුව ඉන්නේ ඔයාගේ Potential Customer කෙනෙක් කියලා.

එහෙමනම් එයා ඔයාගේ Gig එක ගනියිද?

නිතරම Confuzed මනසක ඉන්නකොට ඒ කෙනා ‘Purchase’ කියන තීරණය ගන්නවා ගොඩක් අඩුයි. ඇයි ඉතින් ඔයාගේ English Skills දියුණුකරගෙන Good English වලින් Message එකක් ලියන්නේ නැත්තේ?

දන්නවද, Fiverr වලට එන්නේ English දන්න මිනිස්සුම නෙමෙයි. වෙනත් රටවල මිනිස්සුත් එනවා. ඉතින් මෙයාල අතිනුත් මේ වැරැද්ද වෙන්න පුලුවන්. එහෙම කෙනෙක්ව Set වුනොත් හිමිහිට මඟ ඇරලා දාන එක හොඳයි.

ඔයාගේ English Knowledge එක දියුණුකරගන්න මේ වගේ දේවල් කරන්න.

❷ Polite Writing

පිටරට මිනිස්සු Polite Communication කියන දේ ගොඩක් අගයනවා. ඉතින් ඔයා Fiverr එකේදී ලියන හැම Message එකක්ම Reply එකක්ම උපරිම Polite විදිහට ලියන එකෙන් එයාලට Satisfaction එකක් දෙන්න පුලුවන්. නිතරම Message එක පටන්ගන්නකොට,

Hello [Name] or [Username],

වගේ Use කරන්න. මෙතනදි Username එක දිහා බැලුවම ඒක එයාගේ නමද, Business Name එකද කියලා බලාගන්න පුලුවන් ගොඩක් වෙලාවට. කෙනෙකුට එයාගේ නමින් කතාකරනකොට Email එකක් ලියනකොට ඒක එයාට නිකන් Personal වගේ හැඟෙනවා. ඒ නිසා නිතරම Message එක යවන්න කලින් එයාගේ Fiverr Profile එකට ගිහින් බලන්න එයාගේ නම Profile Description එකේවත් තියනවද කියලා.

තවත් දෙයක් තමයි, Message එකේ අන්තිමට මේ වගේ දෙයක් ලියන එක.

Let me know if you’re interested in working with me. Also if you have any questions regarding the project, Please let me know.

Thank you,
[Your Name]
[Your Position]

නිතරම කෙනෙකුට Purchase කරන්න ගියාම මොනාමහරි ප්‍රෂ්ණයක් එනවා. ඒකයි ඕනම Online Product or Service එකක FAQs එකක් තියෙන්නේ. උඩ Message එකෙත් කරන්නේ ඒ වගේ දෙයක්. $5ට මොකටද මෙච්චර දඟලන්නේ කියලා කිය කිය ඉන්නේ නැතුව අහන ඕනම ප්‍රෂ්ණයකට අවංකව උත්තර Reply කරන එක හොඳ Seller කෙනෙකුගේ ලක්ෂණයක්.

ඒ වගේම නිතරම Would, Could, Please, Kindly, Willing වගේ වචන Use කරන්න.

❸ Professional Voice

වචනවලින් ගොඩක් දේවල් කරන්න පුලුවන්. මනුස්සයෙක්ව නැගිට්ටන්නත් වචන වලට පුලුවන්, වට්ටලම දාන්නත් පුලුවන්. ඉතින් මේ තරම් Powerful වචනය ඔයාගේ Marketing වලට වගේම Writing වලටත් පාවිච්චිකරන්න පුලුවන්.

නිතරම Potential Customerට Satisfaction එකක්, Motivation එකක් වගේම Trust එකක් දෙන්න පුලුවන් විදිහට Messages ලියන්න. ඒ වගේම Friendly Voice එකක් Use කරන්න. ඒ Friendly Voice එකත් එක්ක ඔයා Industry එකේ Professional කෙනෙක් කියලා පෙන්වන්න පුලුවන් විදිහට Message එක ලියන්න.

නිතරම Grammatically Correct වෙන්නම ඕන නැහැ. මොකද English කතාකරනකොට ඒ තරම් Grammar ගැන හිතන්න අවශ්‍ය නැහැ. එහෙම කිව්ව කියලා සම්පූර්ණයෙන් Grammar අතඇරලා දාන්න බැහැ!

ඔයා එක ලියනකොට Capital Simple ගැන හිතනවද? ඔයා Sentence එකක් පටන්ගන්නකොට Capital වලින් පටන්ගන්නේ නැත්නම්, ඒක මහා Chater Feeling එකක් දෙන්නේ ගොඩක් අයට. ඒක නිසා Capital Simple ගැන හොඳට සැළකිලිමත්වෙන්න ඊළඟ Message එකේ ඉඳලා.

❹ Approach to Work

සමහරවිට Project එක ලොකුවෙන්න පුලුවන්, ඉතින් මේ වගේ වෙලාවක ඔයා ඒ Project එක පුන්චි පුන්චි කෑලිවලට කඩලා කොහොමද මේක කරන්නේ කියලා Plan කරන්න ඕනා. ඒ Plan එකේදී ඔයාට අවශ්‍යවන දේ, කොහොමද කරන්නේ, කොච්චර කාලයක් යනවද & Prize වගේ දේවල් තියෙන්න ඕනා.

Potential Customerගේ හිතේ විශ්වාසයක් ඇතිවෙනවා කියන්නේ Customer කෙනෙකුට Convert වෙන්න ගොඩක් දුරට ලං වෙනවා කියන එකයි.

සමහරවෙලාවට Customer Suggest කරන විදිහට වඩා වෙනස් විදිහකට, කාර්යක්ෂමව කරන්න පුලුවන් විදිහක් ඔයා දන්නවා ඇති. ඉතින් එහෙම වෙලාවට ඒ ගැන කියලා, ඇයි ඒ Suggestion එක Follow කරන්න ඕනා කියලත් කියන්න.

ඔයා Expert කියලා පෙන්වන්න හොන්දම දේවල් තමයි ඔය ටික.

❺ Last Portfolio Samples

Web Engineering, Graphic Designing වගේ වැඩකරනවා නම් ඔයාට හොඳ Portfolio එකක් හදාගන්න පුලුවන්. ඔයාගෙන් වැඩේ ගැන අහන කෙනා සමහරවිට Sample Projects ඉල්ලන්නේ නැතිවෙන්න පුලුවන්, ඒත් ඔයාගේ හොඳම Sample Projects 5ත් යවන්න අමතක කරන්න එපා.

මොකද, Message එකෙන් Convert වෙන්නේ නැත්නම් Samples දැක්කමහරි Convert වෙනවා. කෙනෙකුගේ විශ්වාසය ලබාගන්න එක ඒතරම් ලේසී නැහැ. ඒ නිසා කරන්න පුලුවන් හැමදේම කරන එක හොඳයි. නමුත් එක පුන්චි Mistake එකකින් ඒ විශ්වාසය බිමටම පාත්වෙන්න පුලුවන් කියලත් අමතක කරන්න එපා.

ඔයා මොකද හිතන්නේ Perfect Communication ගැන? මේක ඔයාගේ Online Business එකට පාවිච්චිකලොත් ඔයාගේ Sales වැඩි වෙයිද? ඉතින් ඔයාගේ අදහසත් Comment කරලා Post එක Share කරලා යන්න …

ඔයාගේ Living Income එක Fiverr හරහා හොයන්න කැමතිද? FUPS එකේ සඳහන් නොවන Fiverr Strategies දැනගන්න ආසද? එහෙනම් ඔයාගේ Email එක ලියලා Subscribe වෙන්න.!