• Home
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Fiverr Sinhalen — FUPS

SLMarketer

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන්න ඉගෙනගන්න

Earn Free Bitcoin
  • Social Media Marketing
  • Affiliate Marketing
  • Online Marketing
  • WordPress
  • BlogSpot
  • Blogging
  • SEO
You are here: Home / Affiliate Marketing / Payoneer Account එකට මුදල් දැමීමට හැකි ක්‍රම

Payoneer Account එකට මුදල් දැමීමට හැකි ක්‍රම

April 25, 2013 By ෂ්‍යාම් චතුරංග 20 Comments

Payoneer Card එක වටින වගේම නොමිලේ අන්තර්ජාලයෙන්ම ගන්න පුලුවන් අන්තර්ජාතික පිළිගැනීමක් ඇති MasterCard Debit Card පතක්. දැන් මං Payoneer ගැන ගොඩක් දේවල් කිව්වා, ඔයාට Payoneer Card ගැන මොකක් හරි ප්‍රෂණයක් තියෙනවා නම් හෝ Payoneer Card එකකට Apply කරන හැටි කියවන්න අවශ්‍යය නම් පහත ඇති ලිපි කියවන්න.

1. ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද?

2. Payoneer MasterDebit කාඩ් එක මඟින් PayPal Verify කරන්න

3. ඔයාගේ Payoneer Card Fees අඩුකරගන්න මෙහෙම කරන්න

4. Payoneer MasterCard හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න

මේ ලිපිය ලියන්නේ ලැබුනු ප්‍රෂ්ණයකට පිළිතුරක් විදිහට, ඉතින් මේක අනිත් අයටත් වැදගත් වෙයි කියලා දන්න නිසයි මේක මේ විදිහට වෙනම ලිපියකින් ලියන්නේ. අන්තිමට ලියපු Fiverr Introduction ලිපියට ගොඩක් දෙනා කිව්ව විදිහටම Share කරලා තියෙනවා. ඒක ගැන ගොඩක් සතුටුයි. Fiverr ගැන දෙවනි ලිපියත් ඉක්මනින්ම ලියන්නම්. සාමාන්‍ය ලිපියක් වගේ නෙමේ, Ultimate Tutorial ලියද්දි ගොඩක් වෙලාව අරගෙන හොඳට ලියන්න ඕනා.

Load Your Payoneer Card…

Payoneer Card එකට මුදල් දාන්න ක්‍රම කිහිපයක් තියෙනවා, ඕනම එකකින් ඔයාට පුලුවන් මුදල් දාන්න. PayPal account එක Payoneer Card එක දාලා Verify කරගන්න හැටි ලියපු ලිපිය බලලා සමහර අයට Errors ඇවිල්ලා තිබුනා. ඒ Error එක එන්නේ ඔයාගේ Payoneer Card එකේ මුදල් නැතුව PayPal වලට Add කරන්න ගියොත් ඒ නිසා ඒක කරන්න කලින් මේ එක ක්‍රමේකින් මුදල් දාගන්න.

1. ඔයාගේ Personal Credit/Debit Card එකෙන් මුදල් දාන්න.

මේක තමයි Payoneer Card එක Load කරන්න තියෙන ලේසිම ක්‍රමය වෙන්නේ. ඔයාට අන්තර්ජාලයෙන් හොයපු මුදල් නැත්නම් ඔයාට පුලුවන් මේ ක්‍රමයෙන් Payoneer Card එක Load කරගන්න. මේක Payoneer ඇතුලෙම වෙන නිසා ආරක්ෂාව ගැන බයවෙන්නත් ඕනනෑ.

Payoneer Card එක මේ ක්‍රමෙන් Load කරන්න මුලිනම මෙන්න මේ Payoneer Card Loading Page එකට යන්න. ඒකේ ඉල්ලලා තියෙන තොරතුරු දීලා Continue කරන්න. දවස් 2න් මුදල් ඔයාගේ Payoneer Card එකට එනවා.

2. ඔයාගේ Client ගෙන් එන Payments කෙලින්ම Payoneer Card එකට ගැනීම.

මේකත් කලින් කිව්ව ක්‍රමේ වගේමයි. හැබැයි මේ ක්‍රමේ ගොඩක් වාසිත් තියෙනවා. මොකද, ඔයාට එන Payments PayPal වලට අරගෙන ආයෙත් Payoneer Card එකට ගන්නකොට PayPal වල Feesයි, Payoneer වල Feesයි දෙකම කැපෙනවා. නමුත් ඔයා කෙලින්ම Payoneer Card එකට Payments ගන්නකොට කැපෙන්නේ එක Fee එකයි වගේම, ඒක ඔයාගේ Business එකේ Profit එකට කෙලින්ම බලපානවා.

මේ විදිහට Client ගෙන් එන Payments Payoneer Card එකට ගන්නත් යන්න ඕනා කලින් කිව්ව Payoneer Card Loading Page එකටම තමයි.

Payoneer Card Loading

Payoneer Card Loading Procedure

1. Clientට දෙන්න ඕනා ඔයා Payoneer Card එක ගත්තු Email Address එක. ඒක දුන්නම ඒක ‘Select a Card to Load’ කියන තැන ලියන්න ඕනා.

2. ඊට පස්සේ Payoneer System විසින් ඔයාගේ Payoneer Card එක Autoම තෝරගන්නවා.

3. ඔයාගේ Clientට බලන්න කියන්න එතන වැටෙන Last Digits 4 ඔයා දෙන Last Digit 4ද කියලා.

4. දැන් ගාන තෝරලා, හේතුවක් තෝරන්න.

5. ඊලඟට තියෙන්නේ Loading Fees කැපෙන්නේ කාගෙන්ද කියලා කියන්න. පළවෙනි එකට Tick එක දැම්මොත් Loading Fees කැපෙන්නේ Clientගෙන්. අනිත් එකට දැම්මොත් කැපෙන්නේ ඔයාට එන ගාණෙන්.

6. දැන් Continue ඔබන්න. ඊට පස්සේ එන Page එකේ Credit/Debit Card Details දීල Finish කරන්න.

7. එච්චරයි..!

මේ ක්‍රමෙන් මුදල් දානකොට ඔයාගේ Clientට Payoneer Card Number එක දෙන්න ඕන නැහැ. ඔයාගේ Email Address එක දුන්නම Payoner System එකෙන් Autoම Payoneer Card එක Select කරගන්නවා. ඒ නිසා Clientට පේන්නේ අන්තිම Number 4 විතරයි.

3. Online Money Making Programs වලින් මුදල් Payoneer Card එකට Withdraw කිරීම.

මේ කාඩ් එක නිතරම වගේ පාවිච්චි කරන්නේ ඉතින් අන්තර්ජාලයෙන් හොයන මුදල් Card එකට ගන්නනේ. ඒ නිසා මේ කාඩ් එක Payout Option එකක් විදිහට යොදාගෙන තියෙන ඕනම Site එකකින් මුදල් ගන්න පුලුවන්.

මේ ලිස්ට් එකට Fiverr, Freelancer වගේ සයිට් වගේම PeerFly, MaxBounty වගේ Affiliate Network වලින් වුනත් මුදල් Withdraw කරගන්න පුලුවන් Card එකට. මේ කාඩ් එක Payout Option එකක් විදිහට යොදාගෙන තියෙන හැම Program(site) එකකටම වගේ Partner Program එකක් තියෙනවා. හැබැයි මේ Partner Program එකෙන්ම ගන්න අවශ්‍ය නැහැ Payoneer කාඩ් එකට මුදල් ගන්න.

Payoneer Customer Support එකට Email එකක් දාන්න ඔයාට මුදල් ගන්න ඕනා මොන සයිට් එකෙන්ද කියලා. එතකොට ඒ අය ඔයාට කරන්න අවශ්‍ය දේ කියයි. හැම Partner Program එකටම මේක අදාලයි.

4. PayPal, eBay, Apple වගේ වලින් මුදල් Withdraw කිරීම.

ඔයා දැන් සමහරවිට දන්නවත් ඇති US Company එකකින් Withdrawal එකක් කරද්දී ගොඩක් වෙලාවට Payoneer Card එකට ගන්න බැහැ කියලා. ඉතින් මේක කරන්න පුලුවන් Payoneer එකේ තියෙන එක Feature එකක් වෙන US Payment Service එක මඟින් ලැබෙන US Bank Account එක හරහා. මේක ගැන වෙනම ලිපියක් මං කලින් ලිව්වා. ඒ PayPal වල මුදල් Payoneer Card එකට ගන්න හැටි. ඉතින් ඒ විදිහටම තමයි අනිත් US Company වලිනුත් මුදල් ගනිද්දී කරන්න තියෙන්නේ.

හරි ඔය ක්‍රම 4න් පුලුවන් ඕනම වෙලාවක ඔයාගේ Payoneer Card එකට මුදල් දාන්න. ඔයාට Card එකට අන්තර්ජාලයෙන් හොයන මුදල් නැතුව වෙන ක්‍රමේකින් දාන්න පුලුවන්ද කියන ප්‍රශ්ණය තිබුනද? එහෙමනම් යටින් පුන්චියට Comment එකක් දාලා පැහැදිලි මදි තැන් කියන්න. ඒ තැන් තව පැහැදිලි කරලා ලියන්නම්.

බ්ලොග් එකක Loyal Readersලා තමයි වටිනාම Asset එක. ඉතින් මට ඔයාව වටිනවා. ඒ වගේම ඔයාට මේ බ්ලොග් එක වටිනවා. ඉතින් ඔයාගේ ප්‍රතිචාර හා උදව්මත තමයි මේ බ්ලොග් එක ඉදිරියටම යන්නේ. ඒ හින්දා ඔයාගේ යලුවටත් කියන්න මේ බ්ලොග් එක ගැන.!
Spread The Word Dude!

Tweet
Email

Filed Under: Affiliate Marketing, Online Marketing

මේ වගේම තවත් ලිපි

  • ඔයාගේ Payoneer Account Fees අඩුකරගන්න මෙහෙම කරන්නඔයාගේ Payoneer Account Fees අඩුකරගන්න මෙහෙම කරන්න (15)
  • Payoneer හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්නPayoneer හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න (94)
  • Payoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්නPayoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්න (66)
  • Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක් Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක් (9)
Sovrn
හැම ලිපියම කාටත් කලින් ඔයාගේ ඊ-මේල් එකට එවන්නද..? එහෙමනම් ඔයාගේ ඊ-මේල් එක ඔතන ලියලා Subscribe ඔබන්න. ඔබලා මේල් එකක් එයි, ඒකේ Link එකත් Click කරන්න.

About ෂ්‍යාම් චතුරංග

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 5ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.

Comments

  1. Samith says

    April 26, 2013 at 8:50 am

    Niyama lipiyak.. Digatama liyaanna..
    Jaya wewa….

    Reply
  2. Geerh says

    April 26, 2013 at 8:58 am

    ඔන්න මේ post එකට පලවෙනි comment එක මගෙන්. 2 ක්‍රමය තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද ?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 26, 2013 at 9:20 am

      ඔන්න දෙවනි ක්‍රමය ගැන තව චුට්ටක් පැහැදිලි කරලා, කරන්න ඕන විදිහ දැම්මා. 🙂

      Reply
      • Geeth says

        April 26, 2013 at 9:16 pm

        ඒකියන්නේ client තමයි බලය තියෙන්නේ Loading Fees කැපෙන්නේ කාගෙන්ද කියලා තීරණය කරන්න. නේද ?

      • ෂ්‍යාම් චතුරංග says

        April 26, 2013 at 9:42 pm

        Ya.!

  3. Samith says

    April 26, 2013 at 12:35 pm

    මචන්, මම මගේ paypal account එක හදලා තියෙන්නේ UAE ඉදලා. රට විදියට තියෙන්නේ එක්සත් අරාබි එමිර්. මම මේ අකවුන්ට් එකට මගේ Fiver payoneer card එක ඇඩ් කරලා වෙරිෆයි කරලා තියෙන්නේ. මට දැන් පුළුවනිද මගේ මේ paypal එකේ තියෙන සල්ලි Withdraw funds to your card කියන option එක හරහා මේ payoneer card එකට ගන්න.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 26, 2013 at 1:14 pm

      බැහැ. Payoneer Card එක කියන්නේ Visa Card එකක් නෙමෙයි. ඒ නිසා PayPal වල සල්ලි Payoneer Card එකට ගන්න බැහැ. ඒත් US Bank Account එක Add කරලා සල්ලි ගන්න පුලුවන්.

      Reply
  4. NipunaLanka says

    May 2, 2013 at 7:52 pm

    machan me card eka active karanne nathuwa apita use karanna bayida machan .eka mata ahanna bari unane ban

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      May 3, 2013 at 11:18 am

      Payoneer Card Activate කරන්නේ නැතුව පාවිච්චි කරන්න බැහැ. සල්ලි නොදා පාවිච්චි කරන්න බැහැ.

      Reply
  5. Dil says

    July 8, 2013 at 9:47 pm

    අද මට payoneer card එක ලැබුණා, ඒත් ඒ ලිපියේ 4 digit PIN number එකක් තිබුනේ නෑ. මම​ PIN එක දැනගන්නේ කොහොමද​?… මට HNB බැංකුවේ account එකක් තිබුණත් තවම debit card එකක් apply කලේ නෑ. Debit card එක apply කරලා ලැබෙනකල් payoneer card එක කොච්චර කාලයක් active නොකර තියාගන්න පුලුවන්ද?… Card එක Active කරන්න HNB account එකේ කොච්චර මුදලක් තියෙන්න ඕනද​?.. debit card එකෙන් payoneer card එකට මුදල් දමා active කරගන්නේ කොහොමද​ කියලා තව පොඩ්ඩක් කියලා දෙනවාද​?… ස්තූතියි

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      July 8, 2013 at 10:01 pm

      ඔයාට PIN එක Payoneer එකෙන් නෙමෙයි එවන්නේ. දැන් ඔයා Payoneer Account එකට ලොග් වෙලා Payoneer Card එක ආවා කියලා Confirm කරද්දී ඔයාට PIN එකක් ගහන්න එනවා. එතකොට ඔයා කැමති PIN එකක් ගහන්න, හැබැයි ඒක මතක තියාගන්න.

      ඔයාට Payoneer Card එක Load කරන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියෙනවා, HNB Visa Debit Card එකෙන්ම වෙන්න ඕන නැහැ. Card එක Activate කරන්න $24 යනවා. ඒත් එක්කම ඔයා $100 විතර දැම්මොත් එහෙම ඔයාට Activation එක FREE කරගන්න පුලුවන් මොකද $25 නොමිලේ ලැබෙනවා.

      පෝස්ට් එකේ තිබුන Load Page එකට ගිහිල්ලා, Details ටික Fill කරන්න. ඊට පස්සේ දවස් 3න් සල්ලි Account එකට එනවා, සල්ලි ආවට පස්සේ Activation Fee එක කැපෙයි. ඊටපස්සේ හරි, ඔයාට ඔක්කොම Card Transactions ගැන විස්තර Payoneer Account එකට ලොග් වෙලා බලාගන්න පුලුවන්.

      Reply
  6. Geeth says

    July 22, 2013 at 12:27 pm

    Dan aluth userslata Private Loading disable karla thiyenne.

    Reply
    • Melrin says

      July 23, 2013 at 2:33 pm

      “It only becomes active when you are using the card to receive payments from partners or via the US payment service regularly”
      මන් ඕක ඇහුවම ඔන් දුන්න answer එක….දැන් ඉතින් එකත් ලේසි නැහැ..

      paypal USA ලින්ක් කරලත් ඉවරයි වගේ…paypal එකට call එකක් දෙන්න වෙනවා….active කර ගන්න…කෝල් කරලා මොනවා කියන්නද අපේ මලයාසියා එකවුන්ට් එක්ක 🙁

      අපායටත් කලින් යන්න ඕනනේ 😛

      Reply
  7. superReader says

    July 24, 2013 at 2:42 pm

    Good job machan
    thanx

    Reply
  8. Harsha says

    December 5, 2013 at 9:11 pm

    “Private loads are not supported for this card,” mehema error massege ekak enne ei?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      December 6, 2013 at 9:57 am

      අලුතෙන් ගන්න Card වලට මේ Feature එක Disabled කරලා තියෙන්නේ. මුලින්ම Online Site එකකින් Payment එකක් අරගෙන ඉන්න ඕනා ඒක Active කරගන්න.

      Reply
      • harsha says

        December 10, 2013 at 10:09 am

        thawa poddak meka wisthara karala denawada?

  9. pathum says

    December 14, 2013 at 8:02 pm

    මමත් කාඩ් එකක් ගත්ත තවම ඇක්ටිව් කරේ නෑ NordFX (forex) වලින් කාඩ් එක ඇක්ට්වි කරන්න පුලුවන්ද කොහොමද එක කරන්නේ

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      January 3, 2014 at 11:11 am

      NordFX වලින් Payoneer Card එක Withdrawal Option එකක් විදිහට දීලා තියෙනවද? එහෙම දීලා තියෙනවානම් කෙලින්ම Withdraw කරන්න පුලුවන්. එහෙම නැත්නම් PayPal එකට අරගෙන තමයි ගන්න වෙන්නෙ.

      Reply
  10. isuru kalinga says

    July 12, 2014 at 8:13 pm

    machan Private loads are not supported for this card,kiyala massage ekak anawa.help ekak danawada.

    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Email Newsletter!

අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හැටි හා එම ව්‍යාපාරය නිවැරදිව සාර්ථක කරගන්න හැටි කියවන්න කැමතිද?

ඒ වගේම Internet Marketing ගැන SLMarketer විසින් ලියවෙන හැම ලිපියක්ම ඔයාගේ Inbox එකට ගන්න කැමතිද?

එහෙනම් SLMarketer Email Newsletter එකට දැන්ම Join වෙන්න.

Fiverr Success

What’s Your Passion?

ඔයාගෙන් මම ඇහුවොත් ඔයා කියවන්න ආසම කරන Topic එක මොකක්ද කියලා, ඔයා මොකක්ද දෙන උත්තරය? SLMarketer එක ඔයත් මීට කලින් එකපාරක් හරි කියවලා ඇති.


දිගටම ඔයා අන්තර්ජාල අලෙවිකරණය ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ Survey එක Fill කරලා ඒක ගැන අපට කියන්න.


→ Tell Us Your Passion NOW
Get Targeted Traffic, Increase Sales! Get Your Own Domain Name Shrink Your Links Get Your Payoneer Card With $25 Earn by Sharing Internet Earn Free Crypto Get Your Crypto Wallet on Coinbase Get Your Crypto Wallet on Binance

සම්බන්ධ වෙමුද?


Follow @SLMarketer

SLMarketer RSS Feed Subscription!

ජනප්‍රිය ලිපි

  • අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඔයාගේ Skill එකෙන් පටන්ගන්න හොඳම තැන
  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Payoneer හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න
  • ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද?
  • ඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව Publish කරන්න
  • අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථක ක්‍රම 3ක්
  • Payoneer Account එකට මුදල් දැමීමට හැකි ක්‍රම
  • සාර්ථක Fiverr Gigs කිහිපයකින් Living Income එකක් හොයන්න
  • Payoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්න
  • ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හෝ Internet Marketing වලට නවකයෙක්ද?

හොඳම Shared Hosting!

HostGator Discount

අලුත්ම ලිපි

  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්
  • High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න
  • SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

කර්තෘ ගැන…

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 6ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.   Read More…

Email Newsletter

විශේෂ ලිපි, ඊ-පොත්, වීඩියෝ මග පෙන්වීම් ආදිය හා පළවන සෑම ලිපියක්ම ඔබේ ඊ-මේල් එකටම ගෙන්වා ගන්න.

හොයන්න

[footer_backtotop]

Copyright © 2025 SLMarketer.com • අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සින්හලෙන් ඉගෙනගන්න.
සියලුම අන්තර්ගතයේ අයිතිය SLMarketer.com අඩවිය සතුය. · A Site By ScorpionGod Lair