• Home
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Fiverr Sinhalen — FUPS

SLMarketer

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන්න ඉගෙනගන්න

Earn Free Bitcoin
  • Social Media Marketing
  • Affiliate Marketing
  • Online Marketing
  • WordPress
  • BlogSpot
  • Blogging
  • SEO
You are here: Home / Archives for Online Marketing

Payoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්න

April 2, 2013 By ෂ්‍යාම් චතුරංග 66 Comments

PayPal Verification With Payoneer

PayPal කියන්නේ ලෝකයේ වැඩියෙන්ම අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු වන Online Payment Processor එකක්. නමුත් අපිට මේකේ සමහර Features ගන්න නම් Verify කරන්න ඕනා. ඉතින් මේ ලිපියෙන් PayPal Verify කරන හැටි ලියන්නම්. මං කලින් Payoneer Master කාඩ් එකකට Apply කරන විදිහ ලියපු ලිපියේ කිව්වා PayPal වල සම්පූර්ණ පහසුකම් ලංකාවට ලැබිලා නැහැ කියලා. ඉතින් මේ PayPal Account එක Verify කලා කියලා වත් අපිට ඒ දේවල් ලැබෙන්නේ නෑ. නමුත් PayPal Verify කරාම යම්කිසි දේවල් ටිකක් ලැබෙනවා.

Why Should You Verify..?

Verify කරාම ලැබෙන වාසි මොනවද කියලා කියන්නම් දැන්,

  • eBay භාණ්ඩ ගන්න පුලුවන් වීම. සමහර Sellersලා Verify කරපු PayPal Account වලින් විතරයි ගණුදෙනු කරන්නේ.
  • PayPal Account එකට Verified Status එක ලැබීම.
  • Buyer කෙනෙක් විදිහට Sellerගේ විශ්වාසය ලැබීම.
  • Seller කෙනෙක් විදිහට Buyerගේ විශ්වාසය ලැබීම.
  • Payment එක කරද්දී Recipientගේ Account එක Verifiedද නැද්ද කියලා බලාගන්න පුලුවන්.
  • ඔයාට මුදල් ආවාම, එවපු කෙනා Verifiedද නැද්ද බලාගන්න පුලුවන්.
  • PayPal Community එක තුල විශ්වාසනීයත්වය ලැබීම.
  • PayPal Account එකේ Sending Limits නැතිවීම. – PayPal Account එකකින් යවන්න පුලුවන් උපරිම ගානක් තියෙනවා, ඒක නැති වෙනවා Verify කරාම.
  • බැංකු ගිණුමට, Visa Debit/Credit Card වලට මුදල් ගෙන්වගන්න පුලුවන්.
  • ඕනෑ තරම් මුදල් යවන්නත්(Sending), ගෙන්වන්නත්(Receiving) පුලුවන් වීම.

හිතුවට වඩා වාසි තියෙනවා ඔයා PayPal Account එක Verify කරාම. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ PayPal Account එක Verify කරගන්න. ඔයාට තියෙන්නේ ලංකාවේ PayPal Account එකක් උනත් කමක් නෑ, මොකද ඔයා eBay එහෙම Shopping කරන්න තෝරගන්නවනම් Verified PayPal එකක් තියෙන එක හොදයි.

ඔයාට PayPal Account එක Verify කරන්න කිසිම ගානක් යන්නේ නෑ, PayPal එකෙන් Verification එක කරන්නේ නොමිලේ. නමුත් එයාලා ඔයා සම්බන්ධ කරන Credit/Debit Card හෝ බැංකු ගිණුමෙන් පොඩි මුදලක් ගන්නවා, ඔයා Add කරපු ඒවා Validද කියලා බලන්න. ඒත් ඒක ආපහු ඔයාටම එවනවා.

PayPal Verification Guide With Payoneer

PayPal එකට Credit/Debit කාඩ් Add කරලා Verify කරන්න පහසුකම් දීලා තියෙන නිසා, ඔයාට පුලුවන් ඔයාගේ Payoneer Account එක PayPal Account එකට Add කරලා Verify කරගන්න. PayPal එකෙන් පිළිගන්න Credit/Debit කාඩ් වර්ග තමයි,

  1. Visa Credit/Debit.
  2. MasterCard Credit/Debit.
  3. AmEx Credit/Debit.
  4. Discover Credit/Debit.

ඔයා සමහරවිට Credit, Debit කාඩ් ගැන නොදන්නවත් ඇති. Debit කාඩ් එකක් කියන්නේ ඔයාට බැංකුවකින් ගන්න පුලුවන් කාඩ් එකක්, නමුත් මේ කාඩ් එකේදී ඔයාට ණය නෙමෙයි ලැබෙන්නේ. ඔයාගේ බැංකු ගිණුමෙන් තමයි මේ කාඩ් එකට මුදල් ලැබෙන්නේ. ඒ කියන්නේ ඔයා Debit Card එකක් පාවිච්චි කරනවා නම් ඒවගේම ඒක පාවිච්චි කරලා මොනාහරි දෙයකට මුදල් ගෙව්වොත් එහෙම මුදල් අඩු වෙන්නේ ඔයාගේ බැංකු ගිණුමෙන්. බැංකු ගිණුමේ මුදල් නැති උන ගමන් ඔයාට Debit Card එකෙන් ගෙවන්න බැහැ. ඒත් PayPal මුදල් එහෙම ගෙන්වන්න පුලුවන්. Credit කාඩ් එකක් කියන්නේ ණයට බැංකුවකින් ගන්න පුලුවන් කාඩ් එකක්. මේකේදී ඔයාට ණය දෙන ප්‍රමාණයක් තියෙනවා, ඒක තීරණය වෙන්නේ ඔයාගේ අදායම මත. මේකට ඔයාට මුදල් ගෙන්වන්නත් පුලුවන් ඒක Visa Credit Card එකක් නම්.

දැන් ඔයා Payoneer කාඩ් එක දාලානේ Verify කරන්න යන්නේ, ඔයා PayPal Account එක Payoneer කාඩ් එක දාලා Verify කරාට ඔයාට මුදල් ගන්න බැහැ. මොකද ඒක Visa Card එකක් නෙමෙයි, ඒක MasterCard එකක්. ඒ නිසයි ඔයා කොච්චර Payoneer කාඩ් එක Add කරන්න ගියත් Add වෙන්නේ නැත්තේ. PayPal එකෙන් මුදල් Withdraw කරන්න ඉඩදීලා තියෙන්නේ Visa කාඩ් වලට විතරයි. නමුත් ඔයාට පුලුවන් අර කිව්ව ඕනම කාඩ් එකක් Add කරලා,

  1. Verify කරගන්න.
  2. Pay කරන්න.

ඔයාට PayPal මුදල් Withdraw කරන්න ඕනනම් ඒකට බැංකු ගිණුමක් Add කරාම හරි, PayPal එකෙන් ගොඩක් රටවල ගිණුම්වලට US Bank Accounts පිළිගන්නවා Withdrawal වලට. ඒක ගැන වැඩි විස්තර ඊළඟ ලිපියෙන් ලියන්නම්.මං දැනටමත් PayPal Verify කරලා තියෙන නිසා ටිකක් වෙනස් විදිහකට තමයි කියලා දෙන්නේ. හරි එහෙනම් Verify කරන විදිහ කියන්නම්.

❶PayPal Account එකට Sign In වෙන්න.
❷මේ Page එකට යන්න මෙහෙම My Account » Profile » Add/Edit Credit Card.
❸Card Type එකෙන් MasterCard එක තෝරන්න.
❹නම, කාඩ් නම්බර් එක, කාඩ් එක Expire වෙන දිනය, CVV එක ලියන්න.
❺Billing Address එකත් ලියන්න.
❻Add Card ඔබන්න.

PayPal Verification With Payoneer

PayPal Card Add Page

ඔයාට ඔය දේවල් හොයාගන්න පුලුවන් කාඩ් එකේ පිටිපස්සෙනුයි, ඉස්සරහා පැත්තෙනුයි. ඒ වගේම මේවත් මතක තියාගෙන වැඩේ කරන්න පටන් ගන්න.

➽ඔයා PayPal එකට Add කරනකොට ඔයාට කාඩ් එකේ Surname එක වෙනස් කරන්න බැහැ ඔයාට ඕන විදිහට, ඒ නිසා ඔයා PayPal Account එක හදනකොට අනිවාර්යයෙන් Last Name එකට ඔයාගේ Surname එක දාන්න. කොහොමහරි ඔයාගේ PayPal Account එකේ හෝ කාඩ් එකේ Surname එක සමාන නොවුනොත් Add කරන්න බැරි වෙයි.

➽ඔයාට Payoneer කාඩ් එකේ Number එක කාඩ් එක ඉස්සරහ පැත්තේ හොයාගන්න පුලුවන්. ඒක ඉලක්කම් 4 ගානේ 16 තියෙන එකක්. මේ නම්බර් එකට යටම තියෙනවා කාඩ් එකේ අයිතිකරුගේ නම, අන්තිමට තියෙන්නේ Surname එක.

➽Card එක Expire වෙන දිනය තියෙන්නෙත් කාඩ් එක ඉස්සරහ පැත්තේ කාඩ් නම්බර් එකටයි අයිතිකරුගේ නමටයි මැද.

➽CVV එක කියන්නේ කාඩ් එකේ Security Number එකක්. ඒක තියෙන්නේ කාඩ් එක පිටිපස්සේ අත්සන් කරන්න තියෙන තැන. එතන දකුණු අත පැත්තේ ඉලක්කම් 19 නම්බර් එකක් තියෙනවා, ඒ නම්බර් එකේ අන්තිමට ඉලක්කම් 3ක් විතරක් ඇති, ඒක තමයි කාඩ් එකේ CVV එක.

➽ඔයා PayPal Account එක හදලා තියෙන්නේ වෙනත් රටක විදිහට උනත් කාඩ් එකේ Billing Address එක ලියන්න ඕනා ඔයාට කාඩ් එක ආපු Address එක. රට වෙනස් කරන්න බැහැ ඒත් අනිත් ඒවා හරියට දාන්න.

හරි දැන් ඔය විදිහට කාඩ් එක Add කරාම Verify වෙන්න ඕනා, මං දැන් ගොඩක් කාලයක් වෙනවා Verify කරලා, ඉතින් මට හරියටම මතක නෑ, ඒ හින්දා Miss උන තැනක් තියෙනවානම් Comment කරන්න. ඒ වගේම මේ ලිපියෙන් ඔයා PayPal Account එක Verify කරගත්තානම් මේ ලිපිය ඔයාට වැදගත් උනානම් ඔයාගේ යාළුවන්ටත් වැදගත් වෙයි, ඉතින් මේ ලිපිය Facebook Share කරන්න, Google +1 එකක් දාන්න…!

Filed Under: Online Marketing

ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද?

March 21, 2013 By ෂ්‍යාම් චතුරංග 91 Comments

අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවට ගන්න පුලුවන්ද කියන ප්‍රශ්ණය ගොඩක් දෙනාට තියෙන එකක්. ඔයා අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවට ගන්න තියෙන ක්‍රම තමයි,
1. Check එකක් මඟින්.
2. Bank Account එකට ගැනීමෙන්.
3. වෙනත් Debit, Credit Card මඟින්.(Visa, MasterCard, AMEX)
3. Payoneer Account එකක් මඟින්.

ඒත් ඔය කියපු හැම ක්‍රමයෙන්ම මුදල් ගන්න නම් බෑ, මොකද, ඔයා සම්බන්ධ වෙලා ඉන්න Program එකෙන් ඉඩ සලස්වලා තියෙන ක්‍රම වලින් විතරයි ඔයාට සල්ලි Withdraw කරන්න පුලුවන්. ලෝකෙම ප්‍රසිද්ධ Online Payment Processor එකක් වන PayPal හරහා තමයි ගොඩක් සයිට් ගණුදෙනු කරන්නේ, නමුත් ලංකාවට එහි තිබෙන සම්පූර්ණ පහසුකම් දීලා නැහැ. ඒ නිසා PayPal හරහා ඔයාට මුදල් ගන්න දැනට නීත්‍යානුකූල ක්‍රමයක් නැහැ. මේ ප්‍රශ්ණය නිසා ලංකාවේ අන්තර්ජාල අලෙවිකරුවන්ට විවිධ ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධවෙනවා.

දැන් එහෙම කිව්වම බය වෙන්න එපා. සල්ලි අතට ගන්න අමාරු එක තමයි ගැටළුව වෙන්නේ. හැබැයි ඒවටත් ක්‍රම තියෙනවා.PayPal වල සම්පූර්ණ පහසුකම් දෙන්නේ නෑ කියන්නේ ලංකාවේ Account වලට සල්ලි එන්නේ නෑ. මොකද ලංකාව තියෙන්නේ Send Only කියන Group එකේ. මේක වෙන්න හේතුව නම් මං තාම දන්නේ නෑ. මේ කොහොම උනත් වෙනත් ක්‍රම වලින් සල්ලි ලංකාවට ගන්න පුලුවන්. ඒ වගේම PayPal වලින් උනත් සල්ලි ලංකාවට ගන්න ක්‍රම තියෙනවා.

Sri Lanka Belongs to Send Only Group In PayPal<

හැබැයි අද මේ පෝස්ට් එකෙන් කියන්න යන්නේ Payoneer ගැන. සමහරවිට ඔයා මේ කාඩ් එක ගැන දන්නවත් ඇති නොදන්නවත් ඇති. ඔයාට මේ පොස්ට් එක ඉවරවෙද්දි Payoneer කාඩ් එකකුත් ලැබෙයි. හැබැයි, එකක් කියන්න ඕනා මුලින්ම, මේ කාඩ් එක ගන්නේ පාවිච්චි කරන්න මිසක් අරගෙන ගෙදර තියන්න නෙමෙයි. මේ අයත් කරන්නේ ව්‍යාපාරයක්, ඒ නිසා ඔයා කාඩ් එක ආවට පස්සේ සල්ලි ඒකට නොදා ඉන්නනම් හදන්නේ මේ කාඩ් එකට Apply කරන්න එපා. එහෙමනම් ඔන්න අපි යනවා..

What Is Payoneer..?

මේකත් සාමාන්‍ය බැංකුවකින් දෙන කාඩ් එකක්. ඒ කියන්නේ සල්ලි ණයට දෙන්නේ නෑ, ඔයාගේ ගිණුමේ තියෙන සල්ලි තමයි ඔයා පාවිච්චි කරන්නේ. මේ Payoneer කාඩ් එක දෙන්නේ Payoneer.com එකෙන්. මෙයාලා 2005 ඉඳලා මේ වෙනකම්ම මේ කාඩ් නිකුත්කරනවා. ඒවගේම Payoneer කාඩ් දෙන්නේ බැංකු කිහිපයක් එක්ක සම්බන්ධ වෙලා, ඒ,
1. Choice Bank.
2. First Covenant Bank.
3. First Century Bank.

මේ Payoneer කාඩ් Apply කරන අයට ඇමරිකාවේ Bank Account එකකුත් ලබාගන්න පුලුවන් ඔය කිව්ව බැංකුවකින්. මේ කාඩ් එක දෙන්නේ Identity Card එකක් තියෙන අයට ඒ කියන්නේ 18ට වැඩි අයට. ඒත් ඔයා තාම 18ට අඩුනම් ඔයාට පුලුවන් ගෙදර වැඩිමල් කෙනෙක්ගේ(තාත්තා, අම්මා, අක්කා, අයියා උනත් ප්‍රශ්ණයක් නැහෑ) නමට කාඩ් එක ගන්න. තවත් දෙයක්, මේ කාඩ් එක ගත්තා කියලා කිසිම ප්‍රශ්ණයක් වෙන්නෙත් නෑ, මේක නීත්‍යානුකූල කාඩ් එකක්.

ඕනම නීත්‍යානුකූල වැඩකට මේක පාවිච්චි කරන්න පුලුවන්. ආහ්.. තවත් දෙයක්, සාමාන්‍යයෙන් කවුරු හරි Debit Card එකක් ගන්නේ මොකක් හරි Bank එකකින්නේ, ඉතින් ලංකාවේ බැංකුවකින් එහෙම ඇහුවොත් Payoneer කාඩ් එකේ බැංකුව මොකක්ද කියලා ඔයා කියන්න ඕනා Choice Bank එක කියලා නැත්නම් බැංකුව මොකක්ද කියලා ඇහුවම දන්නේ නෑ කියලා කිව්වොත් තවත් ප්‍රශ්ණ ඇතිවෙනවා.

Payoneer කාඩ් මුල්ම දවස් වල දුන්නේ එයාලගේ Partner Programs හරහා ගන්න අයට විතරයි, නමුත් දැන් අවුරුද්දක විතර ඉන්දලා මෙයාලා Direct කාඩ් Application බාරගන්නවා.තවත් දෙයක් මේකට Apply කරන්න ඔයාට රුපිලක්වත් යන්නේ නෑ, මේක සම්පූර්ණයෙන්ම Free තමයි දැන් දෙන්නේ, නමුත් මෙයාලා මේ Free දෙන එක කවදා නතර කරයිද කියන්නත් බෑ. මොකද මෙයලා කාලයකට කලින් Partner Programs හරහා බාරගත්තු Applications දැන් Direct බාරගන්නවා, ඒ හින්දා ඔයා ඇතත්ටම මේ කාඩ් එක අරගෙන පාවිච්චි කරනවා නම් විතරක් අදම Apply කරන්න.

Why You Should Get A One..?

  1. ප්‍රදානම හේතුවක් විදිහට PayPal වල මුදල් ලංකාවට ගෙන්න ගන්න පුලුවන් නීත්‍යානුකූල විදිහට.
  2. ගොඩක් ප්‍රසිද්ධ සයිට් වලින් අනුමත කරන නිසා, PayPal වලට මුදල් නොගෙන කෙලින්ම Payoneer වලට මුදල් Withdraw කිරීමට හැකි වීම.
  3. සමහර Company වලින් ගෙවන්නේ කෙලින්ම US Bank Account එකකට, ඉතින් ඒ වගේ Company එකකින් උනත් ඔයාට මුදල් Payoneer එකට Withdraw කරගන්න පුලුවන්.
  4. ඔයාට මුදල් හදිස්සියක් ආපුගමන් ලඟම තියෙන ATM එකෙන් මුදල් අතට ගන්න පුලුවන්.
  5. 100% නීත්‍යානුකූල වීම.
  6. ඒ තරම් ලොකු Fees නැති වීම.
  7. Online Shopping කරන්න, Hosting & Domain ගන්න පුලුවන් වීම.
  8. US Bank Account එකක් හිමි කරගැනීමේ අවස්ථාව.

Payoneer Fees

ගොඩක් අයට Payoneer ගැන කිව්වම මේකේ Fees ගැන අහනවා. ඒත් මං කලින් කිව්වා මෙයාලා මේක මුලින්ම දුන්නේ Partner Programs හරහා කියලා. මෙයාලා තාමත් අලුත් Partners ලා ඇතුලත් කරගන්නවා. ඉතින් ඔයා Partner Program එකක් හරහා කාඩ් එක ලබාගත්තොත් ඔයාට වලංගු වෙන Fees වෙන්නේ ඔයා ගන්න Partner Program එකේ Fees.

උදාහරණයක් විදිහට ගමුකෝ Fiverr, ඕකේන් කාඩ් ගත්තු අයට වලංගු වෙන්නේ Fiverr Partner Program එකේ Fees. මං මේ කාඩ් එක ගත්තේ ShareCash එකෙන්, ඉතින් මට වලංගු වෙන Payoneer Fees වෙන්නේ පහලින් තියෙන ඒවා. හැබැයි මේ Feesම නෙමෙයි ඔයාටත් වලංගු වෙන්නේ. නමුත් මේ ගණන් ලොකුවට වෙනස් වෙන්නේ නෑ. පොඩ්ඩක් එහා මෙහා වෙයි. විශ්වාස නැත්නම් මේ දෙක බලන්නකෝ, මේ තියෙන්නේ එකිනෙකට වෙනස් Partner Programs 2ක Fees.

Super Affiliados Card Fees.
Synterra Health Card Fees.

හරි එහෙමනම් දැන් බලමු මට වලංගු වෙන Fees මොනාද කියලා.

→ Card Activation Fee – $12.95
→ Loading Fees

  • සාමාන්‍ය මුදල් දැමීමකදී $1 – දවස් 2කින් තමයි මුදල් ගන්න පුලුවන්. දිගටම මුදල් කාඩ් එකට දාද්දී මේ ගාන $1 වගේ වෙනවා.
  • ඉක්මන් මුදල් දැමීමකදී $5 – මේ ක්‍රමෙන් නම් මං අරන් තියෙන්නේ එක පාරයි. හැබැයි පොරොන්දු වෙන පැය 2කට කලින්ම මට සල්ලි ආවා, විනාඩි 11කින් වගේ.

→ Card Maintenance Fee $3 මේ නඩත්තු කිරීමේ ගාස්තු කැපෙන්නේ ඔයා කාඩ් එකේ මුදල් තිව්වොත් විතරයි, ඒ කියන්නේ කාඩ් එකේ මුදල් නැතිඋනොත් මේවා කැපෙන්නේ නෑ. ඒ නිසා කාඩ් එකේ මුදල් තියන්න එපා.
→ ATM එකෙන් ගාන බලන්න – $1
→ ATM මුදල් ගැනීම් – $3.15
→ Purchase Fees – ඔයා අන්තර්ජාලයෙන් Shopping කරොත් කිසිම Fee එකක් කැපෙන්නේ නෑ. ඒක නොමිලේ.

ඔයාට දැනටමත් කාඩ් එකක් තියෙනවනම් මෙහෙම ගිහින් ඔයාට වලංගු Fees බලාගන්න පුලුවන්, ඔයා දැන් Apply කරනවනම් කාඩ් එක ආවාමත් මෙහෙම Fees බලාගන්න පුලුවන්.

Account Dashboard > General Information > Pricing & Fees.

හරි දැන් ඔයාට Payoneer ගැන මොනාහරි අදහසක් ඇතිනේ, දැන් Apply කරන හැටි කියන්නම්. තවත් දෙයක් මේ දවස් වල Apply කරන අයට $25ක Free Bonus එකක් ලැබෙනවා. හැබැයි ඔයා $1000 වගේ ගාණක් කාඩ් එකට දැම්මට පස්සේ තමයි. මට මෙච්චර කාලයක් කැපුන Fees යටින් බලාගන්න පුලුවන්. ඒ වගේම ATM එකෙන් මුදල් ගත්තු ATM Receipt එකකුත් ඇති.

Few Payoneer Transactions

Few Payoneer Transactions

Payoneer Cash ATM Withdrawal Receipt

Payoneer Cash ATM Withdrawal Receipt

ATM එකෙන් මුදල් ගන්නවා වගේම Payoneer හරහා ඔයාගේ බැංකු ගිණුමටත් මුදල් ගන්න පුළුවන් Fees කියලා දෙයක් ගෙවන්නෙම නැතුව. ඒක කරන හැටි මේ Video එකෙන් බලන්න. වැඩි විස්තර අළුත් ලිපියකින් කියන්නම් වෙලාව ලැබුන ගමන්.

Ultimate Guide to Apply!

ඔන්න එහෙමනම් Payoneer කාඩ් එකකට Apply කරන හැටි පින්තූර වලින්ම, හරියට බලලා Fill කරන්න පටන් ගන්න. පොඩි වැරදීමකින් Payoneer කාඩ් එක නොලැබෙන්න පුලුවන්. පින්තූර වල නොදාපු දේවල් ටිකක් දැන් කියන්නම්. මේවත් මතක තියාගෙන පුරවන්න යන්න.

  1. ඔක්කොම ඔයාගේ ඇත්ත තොරතුරු දන්න.
  2. උපන් දිනේ හරියට දාන්න.
  3. National ID එකේ තියෙන විදිහට නම ලියන්න.
  4. Last Name එකට වාසගම දාන්න.
  5. ගෙදර Address එක හරියට දාන්න.
  6. වැඩකරන දුරකථන අංක 2ක් දාන්න.
  7. Security Question එකට දාන ප්‍රශ්ණය හොඳට මතක තියාගන්න.
  8. Username එකයි, Password එකයි, Security Question එකයි කොහෙහරි ලියාගන්න.
Payoneer Card Application Process 1

Payoneer කාඩ් එකකට Apply කිරීමේ පලමු පියවර

Payoneer Card Application Process 2

Payoneer කාඩ් එකකට Apply කිරීමේ 2 පියවර

Payoneer Card Application Process 3

Payoneer කාඩ් එකකට Apply කිරීමේ 3 පියවර

Filed Under: Online Marketing

අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථක ක්‍රම 3ක්

March 16, 2013 By ෂ්‍යාම් චතුරංග 9 Comments

Ways to make money online

අන්තර්ජාලය පවිච්චි කරන ගොඩක් දෙනා දැන් අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් කියලා අහළා ඇති, සමහර විට ඔයා විශ්වාස කරන්නේත් නැතුව ඇති පුලුවන් කියලා, ඔයාට විශ්වාස නැත්නම් ඒක පුලුවන් කියලා මං ඔප්පු කරපු ලිපිය කියවන්න. අන්තර්ජාලයෙන් මුදල් උපයනවා කියන්නේ අන්තර්ජාලය හරහා ව්‍යාපාරයක් කරනවා වගේ දෙයක්. ඒ කියන්නේ ඔයා ඔයාගේම ව්‍යාපාරයක් අන්තර්ජාලය හරහා කරන්න පුලුවන් ක්‍රම ගැනයි දැන් කියවන්න යන්නේ.

අන්තර්ජාලයේ ගොඩක් ලොකුම දේ තමා “දැන්වීම්”. මිනිස්සු දැන්වීම් දාන්නේ මොනා හරි දෙයක් ප්‍රසිද්ධ කරවන්න. එයාලගේ නිශ්පාදන වල හා සේවාවන් වල අලෙවිය ඉහළ දාගන්න. ඒකත් මතක තියාගෙන අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් ක්‍රම මොනාද කියලා බලමු. මේක මතක තියාගන්න කිව්වේ ඔයා දැන් මේ අවශ්‍යතාවය ඉටු කරලා තමා මුදල් හොයන්න යන්නේ. මේ අවශ්‍යතාවය ඉටු කරන්න ක්‍රම ගොඩක් තියෙනවා, හොදට හිතලා බැලුවොත් ඔයාටත් පුලුවන් වෙයි, මේක ඉටු කරන්න පුලුවන් අලුත්ම අදහස්, අනන්‍ය ක්‍රම වගේ දේවල් හොයාගන්න.

1. Blog එකක් මඟින්.

වෙබ්සයිට් එකකයි බ්ලොග් එකකයි අතර වෙනස්කම් ගොඩක් තියෙනවා. ප්‍රධානම එක තමයි බ්ලොග් එක නිතරම අලුත් වෙන දෙයක්. පත්තර නිතරම අලුත් දේවල් දාන නිසා තමයි, පත්තර විකිනෙන්නේ, ඒ පත්තර වල කියවීම, අලෙවිය වැඩි වෙද්දී දැන්වීම වැඩිපුර ලැබෙනවා. ඒවගේම දැන්වීමකට ගන්න ගාස්තුවද වැඩි වෙනවා.

Ways To Make Money Online

අන්තර්ජාලයෙන් මුදල් හොයන්න සාර්ථක ක්‍රම 3ක්

ඒ සංසිද්ධියම බ්ලොග් එකට අදාල කරගන්න පුලුවන්. නිතරම අලුත් වෙන නිසා, කියවන්න කට්ටිය එනවා, කලින් කිව්වා වගේ මිනිස්සු රැස්වෙන තැනක අලෙවිවීමේ හැකියාව ගොඩක් වැඩියි. ඉතින් දැන්වීම් දාන්න ඉල්ලුම ලැබෙනවා. ඔයාගේ බ්ලොග් එකට එන ප්‍රේක්ෂක ගණන වැඩිවෙන කොට ඔයාට දැන්වීම් වල ගාස්තුව වැඩි කරන්න පුලුවන්.
බ්ලොග් එකක් මඟින් මුදල් සේවීමේදි මූලික සිද්ධාන්තය තමයි ඕක. බ්ලොග් එකක් මඟින් මුදල් හොයන්න පුලුවන් ක්‍රම තවත් ගොඩක් තියෙනවා, ඒවා වෙනත් ලිපියකින් දාන්නම්.

2. Freelance Projects කරලා.

මේ කියන්නේ ඔයා දන්න මොකක් හරි වෘත්තිමය දැනුමකින්, වෘත්තිමය අත්දැකීම් වලින් කාගේහරි වැඩ කරලා මුදල් හොයන එක. මෙතනදි වෙන්නේ අවශ්‍යතාවය තියෙන කෙනෙක්ට උදව් කරන එක.

ඔයා මුකුත් දන්නේ නැහැ කියලා හිතන්න එපා එහෙම කිව්වම. ඔයා දන්න මොකක්ම හරි දෙයකින් මේක කරන්න පුලුවන්. ඔයාට වෙබ්සයිට් හදන්න පුලුවන් නම් ඒක දන්නේ නැති, ඒත් වෙබ්සයිට් එකක් අවශ්‍ය කෙනෙකුට ඒ වැඩේ කරලා දීලා මුදල් හොයන්න පුලුවන්.

ග්‍රැෆික් නිර්මාණය, වෙබ් අඩවි නිර්මාණය, වෙබ් අඩවි දියුණු කිරීම, වීඩියො සංස්කරණය කිරීම, මොනාහරි දෙයක් සම්බන්ධ උපදෙස් ලබාදීම, ලිපි ලිවීම වගේම තව ගොඩක් දේවල් කරලා මුදල් හොයන්න පුලුවන්. මේ වගේ වැඩ අරගෙන කරන්න පුලුවන් සයිට් ටිකක් පහලින් දාන්නම්.

  • Fiverr. – මේ ක්‍රමෙන් පටන් ගන්න ලේසිම තැන මේක.
  • oDesk.
  • Freelancer.
  • ELance.

3. ඔයාගේම භාණ්ඩයක් හෝ සේවාවක් අන්තර්ජාලය හරහා ලබා දීම.

ඔය හැමෝම මේ දේ කරන්නේ නෑ. ඔයාට පුලුවන් ඔයාගෙම eBook එකක් ලියලා විකුණන්න. මේකට eBooks විතරක්ම නෙමෙයි අයත් වෙන්නේ විඩියෝ මගපෙන්වීම්, ලිපි මඟින් මග පෙන්වීම්, ඕඩියෝ මග පෙන්වීම්, සොෆ්ට්වෙයා ආදිය ඔනෑම දෙයක් පාවිච්චි කරන්න පුලුවන්. ඒ කිව්වේ මේ වගේ දෙයක් හදන්න පුලුවන් නම් ගොඩක් ලොකු මාර්කට් එකක් උනත් ඔයා වටේ හදාගන්න පුලුවන්.

මේ වගේ තමන්ගේම දෙයක් විකුණනකොට සම්පූර්ණ ලාභය එන්නේ ඔයාට. ඒ වගේම ඔයා දෙන සේවයේ, නිෂ්පාදනයේ අලෙවිය වැඩි කරගන්න පුලුවන් ක්‍රමත් තියෙනවා. මේ ක්‍රම උපයෝගි කරගන්න කොට ඔයාට ගොඩක් මහන්සි වෙන්න දෙයක් නැහැ. තවත් දෙයක් තමයි, ඔයා එකක් වීඩියෝ මගපෙන්වීම් වගේ දෙයක් නම් විකුණන්නේ, ඒක නිර්මාණය කරන්න තමයි ඔයාට වැඩි කාලයක් යන්නේ, ඊට පස්සේ ඔයාට ඒ තරම් මහන්සි වෙන්න දෙයක් නෑ.

දැන් එහෙම කිව්වා කියලා, නිකන් ඉන්නම ලෑස්ති වෙන්න එපා. අර ක්‍රම, උපායවල් මොනාද කියලා ඉස්සරහට ලියන්නම්.

තව මේ එක එක ක්‍රමෙන් කොහොමද මුදල් හොයන්නේ කියලා ඉස්සරහා ලිපි වලින් දාන්නම්. හරි, එහෙමනම් දැන් ඔයාගේ අදහස යටින් ලියලා දාන්න, ඔයාට මොනාහරි දෙයක් ගැන දැනගන්න ඕන නම් ඒක ගැනත් කියන්න. මේ ලිපිය ඔයාට වගේම තවත් කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවා නම් පහළින් තියෙන බටන් 2-3 ඔබලා අනිත් අයටත් මේක ගැන කියන්න.!!

Filed Under: Online Marketing

අන්තර්ජාලයෙන් ඇත්තටම මුදල් හොයන්න, ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්ද..?

March 11, 2013 By ෂ්‍යාම් චතුරංග 7 Comments

Fiverr Account Stats

ඔබ මේ ශේස්ත්‍රයට ආදුනිකයෙක් නම්, ඔබ මේ ශේස්ත්‍රය ගැන ලොකු දැනුමක් නැතිනම්, ඔබට මේ ප්‍රශ්ණය තිබෙන්න පුලුවන්. කෙටියෙන්ම මේ ප්‍රශ්ණයට උත්තර දුන්නොත් උත්තරේ තමයි “ඔව්” කියන එක. ඒත් ඔයා මේ ශේස්ත්‍රය ගැන නොදන්නවා නම් මම ඔව් කිව්ව හැටියේ පිළිගන්නේ නැති වෙයි. ඒ හින්දා මේ බ්ලොග් එකේ පළවෙනි පොස්ට් එක මේ ප්‍රශ්නෙට ඔව් කියන උත්තරය ලැබෙන්නේ කොහොමද කියලා පටන් ගන්නම්.

අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කිව්වම ගොඩක් දෙනාගේ මතය වෙන්නේ නොමිලේ, කිසිම දෙයක් කරන්නේ නැතුව, නිකන් ඉඳන් හොයන්න පුළුවන් කියලා. ඒත් මේක එහෙම දෙයක් නෙමෙයි. ඒ අදහස නිසාම මේක වැඩක් නැති ශේස්ත්‍රයක් කියලා සමාජයට යන්නත් පුලුවන්. මේක හරියට කරන කෙනෙක්ට විතරයි මේකේ තියෙන බරපතළකම තේරෙන්නේ. ඒ වගේම තවත් සමහර අය හිතන්නේ PTC or Bux වලට වඩා සාර්ථක දෙයක් මේ ලොකේ නැහැයි කියලා. මේ අය හින්දා අලුතෙන් එන අයත්, ඒ අදහසෙම ඉඳගෙන කාලය නාස්ති කරනවා.

අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියන්නේ ව්‍යාපාරයක් කරනවා වගේ. මේ අදහස නැති අය ඒකයි මේ වැඩේ ටික කාලයක් උත්සහා කරලා අත්හරින්නේ. ඒ වගේම ව්‍යාපාරික මොලයක් තියෙනවනම් මේ වැඩේට තවත් හොදයි. මම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් කියලා කියන්නේ මං හොයළා තියෙන හින්දා, ඒ වගේම තව ලංකාවේ අය හොයළා තියෙන හින්දා, ඒ වගේම වෙනත් රටවල මිනිස්සුත් හොයළා තියෙන නිසයි.

මං මුලින්ම මේ වැඩේ කරන්න පටන් ගත්තේ 2008 අවුරුද්දේ, ඒ අපේ අයියා මේක ගැන කියපු දවස් වල. එදා මං පටන් ගත්තේ PTC වලින්, හැබැයි මුල්ම එක Scam එකක් උනා. ඒ කියන්නේ සල්ලි නොගෙවන Program එකක් උනා. ඒත් අතහැරියේ නෑ, ඒ විදිහට ගොඩක් පාරවල Scam PTC Site වලට අහුවෙලා කාලය නාස්ති කරගත්තා.

කොහොමහරි, මං අවුරුදු 2ක් PTC – Paid-to-Click කටු කාලා හොයාගත්තේ $100 වලට අඩුවෙන්. දැන් ඔයා PTC කරන කෙනෙක් නම් හිතයි, මම හරියට නොකළ නිසා කියලා. මම දන්නවා තවත් කාව හරි අන්ඳලා Referrals ගත්තම හරි කියලා, ඒත් ම්ං එහෙම කරන්න ලොකුවට උත්සහා ගත්තේ නැහැ.

Onbux Scam PTC Site

මේකත් Scam උනා පස්සේ කාලේදී.

ඒ වගේම මේකට අලුත් කෙනෙක් නම් ඔයා හිතන්න පුලුවන් අවුරුදු 2ටම $100 හොයලා මොනාද කරන්න පුලුවන් කියලා. මං මෙකේදී කියලා දෙන්නේ ඒ PTC කරලා හොයන විදිහ නෙවෙයි, ඒක නිසා භය වෙන්න දෙයක් නැහැ.

Neobux PTC Site

මේක නම් තාමත් ගෙවනවා, හැබැයි මේවා කරන්න එපා. මේක දාන්නේ හොයන්න පුලුවන් කියලා ඔප්පු කරන්න විතරයි.

ඔය පටන් ගත්ත කාලෙම මම බ්ලොගින් ගැන ඉගෙනගන්න පටන් ගත්තා, මොකද AdSense කියන්නේ සාර්ථක එකක් නිසා. එදා ඉඳලා අද වෙනකම්ම මං Blogging ගැන ඉගෙන ගන්නවා. කිසිම දෙයක් එක රැයින් සාර්ථක වෙන්නේ නෑනේ, ඒ වගේම මාත් ගොඩක් පාරවල අසාර්ථක උනා, ඒත් මං නැවැත්තුවේ නෑ, මොකද අනිත් අයට ඒක කරන්න පුලුවන් නම්, මටත් ඒක කරන්න පුලුවන් කියලා මං දැනගෙන හිටියා. ඒ වගේම ඒ උත්සහාය හින්දම අද මං මගේ Goal එක අරන් තියෙනවා.

දැන් ලංකාවේ පත්තරයක් ගත්තම පිටු පුරවලා අන්තර්ජාලයෙන් අච්චර මෙච්චර හොයන්න පුලුවන් කියලා දැන්වීම් තියෙනවා. සමහර විට ඔයත් ඒ වගේ තැනකට ගිහිල්ලා සල්ලි වියදම් කරලා එන්නත් ඇති. පත්තරේ දැන්වීම් වල කියන තරම් ලේසියෙන් මේක කරන්න බැහැ. හැබැයි පත්තරේ දාන 100,000 හෝ 50,000 වගේ ගානකට වඩා ලොකු ආදායමක් උනත් ගන්න පුලුවන්.
මං හැමදේම ඉගෙන ගත්තේ ඔය Course වලට ගිහින් නෙමේ. ඒ වගේම ගිහිපු අය කියන කතා අහද්දි මට කියන්න තියෙන්නේ ඔය Course පවත්වන අය මේක ගැන හොඳටම දන්න අය නෙමෙයි කියලා.

මම දැනට බ්ලොග් එකට ප්ලැන් ගහන ගමන්, Fiverr කරනවා. ඒ නම කිව්වම නම් සමහරවිට ඔයා දන්නවත් ඇති. මේක තමා මේ දවස් වල ලංකාවේ ප්‍රසිද්ධ. ඒ වගේම මේක සාර්ථක ක්‍රමයක් මේ ශේස්ත්‍රයට අලුතෙන් එන අයට පටන් ගන්න. මේකේන් ඇත්තටම මුදල් හොයන්න පුලුවන්, මෙතනින් ඔයාට ව්‍යාපාරයක් පටන් ගන්න පුලුවන්. ඒවා කරන හැටි ඉස්සරහට දාන්නම්.

Fiverr Stats

මගේ අදට Fiverr Account එකේ Screenshot එකක්.

සමහර විට ඔයාට ප්‍රශ්ණයක් තියෙන්න පුලුවන්, ඔය අන්තර්ජාලයෙන් හොයන සල්ලි අතට ගන්න පුලුවන්ද කියලා. පහළ පින්තූරය බලන්න, ඒකේ තියෙන්නේ මං මුලින්ම අන්තර්ජාලයෙන් හෙව්ව සල්ලි Payoneer MasterDebit Card එක හරහා HNB ATM එකෙන් ගත්තු Receipt එක.

පලවෙනි Withdrawal එක

පලවෙනි Withdrawal එක

අන්තර්ජාලයෙන් මුදල් උපයන එක ඔයාගේ ව්‍යාපාරයක් කරනවා වගේ කියලා හිතගෙන කලොත් ඉක්මනින්ම ඔයාටත් මේ විදිහට හොයන්න පුලුවන්.

මං හිතනවා දැන් ඔයා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන්ද කියන ප්‍රශ්ණයේ හිටියනම් හොන්ද උත්තරයක් මේ ලිපියෙන් ලැබෙන්න ඇති කියලා. වෙනත් රටවල අන්තර්ජාල අලෙවිකරුවන් අවුරුද්දට මිලියන ගණනින් මේ දේවල් කරමින් උපයනවා. ඔබත් එලෙසම උපයන්න කැමතිනම් SLMarketer.com වෙබ් අඩවිය සමග දිගටම සම්බන්ධ වී සිටින ලෙස ඉල්ලා සිටිනවා.

දැන් තියෙන්නේ ඔයාගේ අවස්ථාව, ඔයාගේ අදහස මොකක්ද පළවෙනි ලිපිය ගැන. ඊලඟ ලිපිය ඊ-මේල් එකට ගැනීමට පහතින් ඊ-මේල් එක ලියා Subscribe ඔබන්න.

Filed Under: Online Marketing

SLMarketer වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමි

March 9, 2013 By ෂ්‍යාම් චතුරංග 4 Comments

SLMarketer.com යනු නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි බව පෙන්වාදෙන, ඒ පිළිබඳව සිංහලෙන් උගන්වන වෙබ් අඩවියකි. මෙය ලංකාවේ එකම හා සම්පූර්ණ අන්තර්ජාල අලෙවිකරණය නොමිලේ කියාදෙන වෙබ් අඩවියක් ලෙස දැකිය හැකියි කියා සිතන්න පුළුවන, මන්ද දැනට ඇති වෙබ් අඩවි අතලොස්සක් ඇරෙන්න අන්තර්ජාලයෙන් මුදල් සේවීමට කියාදෙන Blog නැති බැවිනි.

දැනට තිබෙනා Blog වැඩි ප්‍රමාණයක තිබෙන්නේ මිත්‍යාවන් පමණකි. මෙම අඩවියෙන් ඔබට උගන්වන්නේ ජීවත් වීමට ප්‍රමාණවත් මුදලක් සොයා ගැනීමට බව සඳහන් කළ යුතුය. එම නිසා මෙහි අසාර්ථක ක්‍රමය වන PTC or Bux වලට පෙළඹවීමක් නැත. මෙම අඩවියේ ප්‍රදාන අරමුණක් වන්නේ, ඔබව PTC or Bux වලින් හැකි තාක් ඈත් කර තැබීමයි. මන්ද එය යල් පැන ගිය Business Model එකක් වන නිසාය.

මම ෂ්‍යාම් චතුරංග, අවුරුදු 6ක දැනුම හා අත්දැකීම් ඔබට නොමිලේ දීමට බලාපොරොත්තු වන අතර, මෙම ශේස්ත්‍රයේ ඉහළ සාර්ථකත්වයක් ළගා කර ගැනීමට හැකි අයුරින් උපකාර කිරීමට බලාපොරොත්තු වෙමි.
ඒ අනුව මෙම අඩවියෙන් ඔබට පහත ඇති ප්‍රදාන මාතෘකා ඉගෙනීමට හැක.

  1. Affiliate Marketing – වෙනත් කෙනෙකුගේ නිෂ්පාදනයක් අලෙවි කරදීමෙන් මුදල් සෙවීම.
  2. Online Marketing – අන්තර්ජාලයේ තමන්ගේම නිෂ්පාදනයකින් මුදල් සෙවීම.
  3. Social Media Marketing – සමාජජාල වෙබ් අඩවි මඟින් අලෙවිය වර්ධනය කරගැනීම.
  4. Blogging – තවත් කෙනෙකුට කියවන්න වැදගත් යමක් ලිවීමෙන් මුදල් සෙවීම.
  5. SEO – වෙබ් අඩවි සෙවුම් යන්ත්‍ර සමඟින් සෑහීමට ගත යුතු ක්‍රියාමාර්ග.
  6. WordPress & Blogspot – වෙබ් අඩ්වියක් ආරම්භ කිරීමට ඇති ප්‍රදාන සේවයන් 2ක්.

ඉදිරියේදී තවත් මතෘකා ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන අතර එයට ඔබගේ සහය අපේක්ෂා කරනු ලැබේ. පෞද්ගලික වැඩත් සමඟ මෙය කරගෙන යන බැවින් සතියට ලිපි 1-2 අතර පළකිරීමට උත්සහා කරමි.

Filed Under: Online Marketing

  • « Previous Page
  • 1
  • 2
  • 3

Email Newsletter!

අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හැටි හා එම ව්‍යාපාරය නිවැරදිව සාර්ථක කරගන්න හැටි කියවන්න කැමතිද?

ඒ වගේම Internet Marketing ගැන SLMarketer විසින් ලියවෙන හැම ලිපියක්ම ඔයාගේ Inbox එකට ගන්න කැමතිද?

එහෙනම් SLMarketer Email Newsletter එකට දැන්ම Join වෙන්න.

Fiverr Success

What’s Your Passion?

ඔයාගෙන් මම ඇහුවොත් ඔයා කියවන්න ආසම කරන Topic එක මොකක්ද කියලා, ඔයා මොකක්ද දෙන උත්තරය? SLMarketer එක ඔයත් මීට කලින් එකපාරක් හරි කියවලා ඇති.


දිගටම ඔයා අන්තර්ජාල අලෙවිකරණය ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ Survey එක Fill කරලා ඒක ගැන අපට කියන්න.


→ Tell Us Your Passion NOW
Get Targeted Traffic, Increase Sales! Get Your Own Domain Name Shrink Your Links Get Your Payoneer Card With $25 Earn by Sharing Internet Earn Free Crypto Get Your Crypto Wallet on Coinbase Get Your Crypto Wallet on Binance

සම්බන්ධ වෙමුද?


Follow @SLMarketer

SLMarketer RSS Feed Subscription!

හොඳම Shared Hosting!

HostGator Discount

අලුත්ම ලිපි

  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්
  • High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න
  • SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

කර්තෘ ගැන…

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 6ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.   Read More…

Email Newsletter

විශේෂ ලිපි, ඊ-පොත්, වීඩියෝ මග පෙන්වීම් ආදිය හා පළවන සෑම ලිපියක්ම ඔබේ ඊ-මේල් එකටම ගෙන්වා ගන්න.

හොයන්න

[footer_backtotop]

Copyright © 2026 SLMarketer.com • අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සින්හලෙන් ඉගෙනගන්න.
සියලුම අන්තර්ගතයේ අයිතිය SLMarketer.com අඩවිය සතුය. · A Site By ScorpionGod Lair