• Home
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Fiverr Sinhalen — FUPS

SLMarketer

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන්න ඉගෙනගන්න

Earn Free Bitcoin
  • Social Media Marketing
  • Affiliate Marketing
  • Online Marketing
  • WordPress
  • BlogSpot
  • Blogging
  • SEO
You are here: Home / Archives for Online Marketing

Successful Fiverr Business එකකට සිංහලෙන් Fiverr Terms of Service කියවන්න

June 3, 2013 By ෂ්‍යාම් චතුරංග 7 Comments

Fiverr Terms of Service in Sinhala Language

ඔයා Fiverr හරහා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න නම් යන්නේ, අනිවාර්යෙන් කියවිය යුතු Official Fiverr Page එකක් තමයි Fiverr Terms of Service  කියන්නේ. ඔයා මේක කියවන්නේ නැතුව වැඩේ පටන්ගන්නවා කියන්නේ ඔයා ලොකු Risk එකක් ගන්නවා කියන එක. මොකද බැරිවෙලා හරි ඔයා Fiverr Terms of Service or Fiverr TOS Violate වෙන දෙයක් කරලා අහුවුනොත් ආයේ සමාවක් නම් නෑ. හැබැයි ඉතින් කරලත් අහුනොවී ඉන්න පුලුවන් Smart මිනිස්සුන්ට..!

හරි එහෙමනම් ඔන්න අපි යනවා…

The Squeezed Version

  • Fiverr එකේ පිරිනමන ඕනෑම සේවයකට කියන්නේ Gig එකක් කියලා.
  • Fiverr එකේ පිරිනමන Gigs වල තියෙන්නේ $5 ස්ථීර මිලක්.(ඒ නිසා One Fiver කියලත් කියනවා.)
  • ලියාපදිංචි වුන පුද්ගලයන්ට පමණයි Fiverr හරහා මිලදී ගැනීම් හා විකිණීම කරන්න පුලුවන්. ලියාපදිංචිය නොමිලේ.
  • වෙළෙන්දන්ට ගිණුම් තත්වයන්(Fiverr Levels) පිරිනැමෙනවා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය හා ප්‍රසිද්ධිය හෝ කීර්තිය මත. උසස් තත්වයන්(Fiverr Levels) මගින් ගිණුම් හිමියාට ලබාදෙන ප්‍රතිලාභය වන්නේ, $5ට වඩා වැඩි මුදලකට සේවය පිරිනැමීමට හැකිවීමයි. මෙය කිර්‍රිමට Gig Extras හෝ Multiple Gig Unit Feature එක භාවිතා කර හැක.
  • ඇතැම් Fiverr වෙළෙන්දන් උසස් සේවයන් Gigs කිහිපයකට පිරිනමනු ලැබේ. ඒ ඔවුන්ගේ ගිණුම් තත්වයන්(Levels) මතයි.
  • වෙළෙන්දන් එන සෑම Order or Sale එකක්ම සම්පූර්ණ කළයුතු අතර හේතුවක් නැතුව එක දිගට Cancel නොකළ යුතුය.
  • පාවිච්චි කරන්නා කිසිම විටෙක Fiverr.com එකෙන් හැර වෙනත් ක්‍රමයකින් මුදල් නොගෙවිය යුතු අතර එසේ මුදල් එවිමකට කරන ඇරයුමකට එකඟ නොවිය යුතුය. Order කළ යුත්තේ ‘Order Now’ Button එකෙනි.
  • පාරිභෝගිකයාට භාරදෙන සෑම දෙයකටම සියළුම හිමිකම් හිමිවේ, නමුත් වෙළෙන්දා විසින් සියළුම හිමිකම් ලබාදෙනවා නම් පමණි. එසේම Fiverr.com අලෙවි ප්‍රවර්ධනයට සියළුම භාරදෙන(Deliveries) දෙයක්ම පාවිච්චි කිර්‍රිමට Fiverr සතු අයිතියකි.
  • ඔයා මෙන්න මෙහෙම දකින කොට ‘I will __ for $5’, ඒ කියන්නේ එම වෙළෙන්දා එම සේවය(Gig) $5 ස්ථීර මිලට පිරිනමන බවයි.
  • අපි ඔයාගේ පෞත්ගලිකත්වය ගැන ගොඩක් වදවෙනවා. අපේ පෞත්ගලිකත්වය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය කියවන්න මෙතනින් පුලුවන්. ඒ වගේම ඒක එකේ කොටසක්ද වේ.

Sellers

Basics

  • ඔබ විසින් $5ට විකුණන ඕනෑම Gig එකක් හා සාර්ථකව භාරදීමකදී,  ඔබට $4ක ශුද්ධ අදායමක් ලැබෙනු ඇත.
  • ගැණුම්කරු Fiverr එකට ගෙවනවා Order එක දාද්දී.
  • Order එකක් සම්පූර්ණ කරාම Fiverr විසින් $4 මුදල ගිණුමට බැර කරනවා. පහළ ඇති “Delivered Work & Communication” Section එක බලන්න සම්පූර්ණ Order එකක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න.
  • වෙළෙන්දන්ට ඔවුන්ගේ ආදායම ලබාදී ඇති මුදල් ගැනුම් සේවයකින්(Withdrawal Option) ලබාගත හැක.
  • Order එකක් Cancel කලොත් කුමන හෝ හේතුවකට, මුදල් ආපසු ගැණුම්කරු වෙත යැවෙයි.
  • වෙළෙන්දන්ට පුලුවන් ඔවුන්ගේ කැමැත්ත මත ඔවුන්ගේ ආදායම PayPal ගිණුමට හෝ Fiverr Revenue Card එකට ගන්න.
  • වෙළෙන්දන්ගේ ඇගයීම යැපෙන්නේ කරුණු කිහිපයක් මත, ගැණුම්කරුවන්ගේ ප්‍රතිචාර, Orders ප්‍රමාණය, Cancel කරපු Orders ප්‍රමාණය හා ප්‍රමාද භාරදීම් මෙයට ඇතුලත්.

Seller Statuses

  • Fiverr ගොඩක් උදව් කරනවා වෙළෙන්දන්ට ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න. අපි නිතරම වගේ හොයනවා උසස්ම හා ක්‍රියාකාරීම වෙළෙන්දන්, ඊටපසු ඔවුන්ට Fiverr Business එක වර්ධනය කරගැනීමට විවිධ Features ලබාදෙනවා.
  • තමන්ගේ Orders ප්‍රමාණය ඉහළ දමා ගන්න උත්සහා කරන, නිතරම වගේ ගණුදෙනුකරුව තෘප්තිමත් කරන, වෙලාවට වැඩකරන, උසස් තත්වයේ Rating එකක් තියාගන්න වෙළෙන්දන්ට අලුත් ගිණුම් තත්වයන්(Fiverr Levels) ලැබෙනවා, විවිධ වාසි හා Features සමඟ.

Levels

  • වෙළෙන්දන්ට පුලුවන් ගිණුම් තත්වයන්(Fiverr Level 1, 2) ලබාගන්න ඔවුන්ගේ ක්‍රියාකාරකම් හා ප්‍රසිද්ධිය මත.
  • හැම Level එකක්ම වෙළෙන්දට වැඩිපුර අවස්ථා හා Tools ලබාදෙනවා ඔවුන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න. ඉහළ තත්වයේ Level එකක සිටින වෙළෙන්දන්ට සිද්ධ වෙනවා ඔවුන්ගේ ක්‍රියාකාරකම් හා ප්‍රසිද්ධියට පවත්වාගන්න, ඔවුන් ඒ Level එකේ ඉන්න කැමතිනම්.
  • Fiverr Levels ගැන හොයලා බලන්නේ ස්ව්‍යංක්‍රීය පද්ධතියක් මගින් වෙලාවෙන් වෙලාවට. ඉහළ ඇති වෙළෙන්දන් එතකොටත් $5 Fixed Prize එක තියාගන්න ඕනා. ගිණුමේ Reputation දිගටම පවත්වාගෙන යන්නේ නැති වෙළෙන්දන්ගේ Levels නැති වී යනු ඇත.

Top Rated Sellers

  • Top Rated Sellers කියන්නේ පාලකයන් අතින් තෝරන ලද වෙළෙන්දන්ය. එසේ තෝරන විට සඳහන් කර ඇති සාධක තිබේ දැයි සොයාබැලේ. ජෙ‍ය්ෂ්ඨත්වය, Sales ප්‍රමාණය, අධිකව ඉහළ Rating එක, විශේෂිත වූ ගණුදෙනුකරුවන් ගැන සොයා බැලීම, Top Rated Sellersලට කලින් Levels වලට වඩා උසස් පහසුකම් ලැබෙනු ඇති අතර VIP, Beta Features පහසුකම්ද ලැබේ.

Handling Orders

  • ගැණුම්කරුවෙක් Order එකක් දැම්මම, ඒක ගැන කියලා Email Notification එකක් Sellerට එනවා.
  • වෙළෙන්දන් Gig එක හදද්දී දැම්ම කාල පරාසයට අනුව Order එක Deliver කරන්න ඕනා. එහෙම කරන්න බැරි වෙන එකෙන් ගැණුම්කරුවට පුලුවන් Order එක Cancel කරන්න. එවිට වෙළෙන්දගේ Rating එකට හානියක් වේ.
  • ගැණුම්කරුවට හා වෙළෙන්දා යන දෙදෙනාටම පුලුවන් Order එක දෙදෙනාගේම අනුදැනුම ඇතිව Cancel කරන්න. Mutual Cancellations වලින් සෘණාත්මක බලපෑමක් නෑ. නමුත් ඕනවට වඩා Mutual Cancellation කිරීමෙන් Levels නැතිවීමට හේතුවක් වේ.
  • ප්‍රතිචාර නොදක්වන Mutual Cancellation පැය 48කින් Accept වෙනවා. එවිට ප්‍රතිචාර නොදක්වපු පුද්ගලයාගේ Rating වලට හානියක් වේ.
  • වෙළෙන්දෙක්ට පුලුවන් ගැණුම්කරුවකුගෙන් අහන්නේ නැතුව Order එකක් Cancel(Force Cancellation) කරන්න. නමුත් මෙයින් වෙළෙන්දගේ Rating එකට කෙලින්ම හානියක් වේ.

Stay Out Of Trouble

  • පාවිචිකරන්නන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න, පුද්ගල තොරතුරු නිර්නාමිකව සිදුවිය යුතුයි. ඊමේල් ලිපින, Skype ID , දුරකථන අංක හා වෙනත් සම්බන්ධ කරගැනීමේ තොරතුරු ඉල්ලීම හෝ යැවීම සපුරා තහනම්.
  • සෑම සන්නිවේදනයක්ම, Files හුවමාරු කිරීමක්ම Fiverr.com Messages හරහා කළයුතුය.
  • වැඩිහිටියන්ට පමණක් දෑ, නීත්‍යානුකූල නොවන දෑ, අශිෂ්ඨ දෑ, දූෂිත් දෑ, ප්‍රකාශන අයිතීන් අහුරුවා ඇති දෑ, Spam , විකාර දෑ හා අනිකුත් හොඳ නැති දෑ දැමීම හෝ යැවීම සපුරා තහනම්.

Work Delivery & Communications

  • ඔබ Deliver කරන සෑම එකක්ම Virus Check කිරීම ඔබ සතු වගකීමකි. Fiverr වගකියන්නේ නෑ වෙබ් අඩවිය භාවිතා කිරීමෙන් සිදුවන හානි වලට.
  • වෙළෙන්දෝ වැඩේ සම්පූර්ණ කරා කියලා ඔප්පු කර හැකි දෙයක් Deliver Completed Work Tab එක හරහා ගැණුම්කරු වෙත යැවිය යුතුය.(Order Page එකේ තියෙන්නේ.)
  • ගැණුම්කරුට දවස් 3ක් තියෙනවා Order එකක් කරලා එව්වට පස්සේ ප්‍රතිචාර(Rate) දක්වන්න. ඒ කාලය ඇතුලත ඒසේ නොකළහොත් ඉබේම එය Complete වේ.

Withdrawing Revenues

  • ඔබගේ මුදල් ගන්න නම් අනිවාර්යෙන් එක විදිහකින්වත් ගිණුමක් තියෙන්න ඕනා.
  • ඔබගේ ගිණුමට එක්කළ හැක්කේ එක PayPal Account or Revenue Card එකයි. මේකේ අනිත් පැත්තටත් මේ විදිහටම තමයි.
  • ගිණුමේ ආදායම Withdraw කිරීමට හැක්කේ දවස් 14ක ආරක්ෂිත කාලයකට පසුවයි.
  • Withdraw කිරීමේදී කැපෙන ගාස්තු පාවිච්චි කරන Withdrawal Option එකට අනුව වෙනස් වේ.
  • Withdrawals කියන්නේ අන්තිම ක්‍රියාකාරකමක්. අපිට ආපහු නවත්වන්න වත්, ආපසු ගෙන්වන්න වත් බැහැ.

Buyers

Ordering

  • Credit Card එකකින්, PayPal එකෙන් හෝ වලංගු Fiverr Gift Card එකකින් මිලදී ගන්න පුලුවන්.
  • ගෙවීම තහවුරු කිරීමෙන් පසුව Order එක සෑදෙයි.
  • ඔබගේ Fiverr Shopping ගිණුමේ ධනාත්මක අගයක්($5 or More) ඇත්නම්, ඊළඟ Order එක මිලදී ගැනීමේදී ඒ මුදල් වලින් ගැනේ.
  • ගැණුම්කරුවකු විදිහට ඔබගේ පෞද්ගලිකත්වය නිර්නාමික විය යුතුය. ඊමේල් ලිපින, Skype ID , දුරකථන අංක හා වෙනත් සම්බන්ධ කරගැනීමේ තොරතුරු ඉල්ලීමෙන් හෝ යැවීමෙන් වළකින්න.
  • ඔබ විසින් Fiverr.com හැර වෙනත් ක්‍රමයකින් ගෙවීමක් කිරීමට යෝජනා නොකළ යුතුයි.
  • ඔබට PayPal හරහා ගෙවීමක් කරන්න කියලා ඇරයුමක් ලැබුනහොත් වහාම එය Report කරන්න.
  • PayPal හරහා හෝ ඔබගේ Bank එක හරහා ගෙවීමක් කරපු මුදල් ආපසු ලබාගනීමට යාමෙන් වළකින්න. එසේ කිරීමෙන් ඔබගේ ගිණුම අක්‍රිය වෙනු ඇත.
  • අවුලක් වෙන හැම වෙලාවකම වෙළෙන්දත් එක්ක කතාකරලා විසඳගන්න බලන්න. බැරිම නම් අපව Contact කරන්න.
  • Customer Support එක හරහා Order එකක් Cancel කරන්න පුලුවන් දවස් 10ක් හෝ ඊට අඩු අවස්ථා වල පමණි. ඊට වැඩි අවස්ථාවක අපට එය සිදුකළ නොහැක.

Shipping

  • ඇතැම් Fiverr සේවයන් භෞතික භාණ්ඩ එවනු ලැබේ. මේ වගේ Gig වලට, වෙළෙන්දන් වැඩිපුර අය කරයි Shipping වලට. වෙළෙන්දන්ට පුලුවන් Shipping මුදලක් තොරන්න, විදේශීය හෝ දේශීය.

Important

  • මේ වගේ Gig මිලදීගන්න ගැණුම්කරුවන්ට Shipping Address එකක් යවන්න වේ.
  • වෙළෙන්දා තමයි Shipping Address එක ලැබුනම Shipping වැඩේ ගැන හොයා බලන්න ඕනා.
  • භාණ්ඩෙට වෙන කිසිම අලාභ හානියකට Fiverr.com විසින් වගකියනු නොලැබේ.
  • Tracking Number එකක් කියන්නේ Order Cancel වෙන එක නවත්වන දෙයක්. ඉතින් අපි වෙළෙන්දන්ට කියනවා Tracking Number එකක් දෙන්න කියලා හැකි සෑම වෙලාවකම.

General Terms

  • Fiverr.com වල Terms of Service උල්ලංඝණය කිර්‍රිම ඔබගේ ගිණුම ස්ථීරව අක්‍රිය කිරීමට හේතු වේ.
  • වෙළෙන්දන්ට පුලුවන් අක්‍රිය වුනු ගිණුමකින් මුදල්ගන්න දවස් 45 හෝ 90ක ආරක්ෂිත කාලයකට පසු.
  • Order එක වියවුල් කිරීමේදී Order Page එකේ තිබෙන Dispute Tools(Got Problems) එකෙන් හෝ Fiverr Customer Support එකෙන් කළයුතුය.
  • Fiverr හට ඔබගේ ගිණුම තාවකලිකව නවත්වන්න අයිතිය තියෙනවා මොනයම් හෝ අකටයුත්තක් ගැන තොරතුරු හෙළි වුනොත්. ඒසේ වුවහොත් ඔබට එම ගිණුම තාවකාලිකව පාවිච්චි කිරීමට නොහැක.
  • Fiverr.com කාලෙන් කාලෙට මේ Terms of Service එක වෙනස් කරනවා. එහෙම වෙනස් වුනාම අලුත් Copy එකක් මේ Page එකේ දානවා.
  • Fiverr Terms of Service එක වෙනස්වුන දවසට පසු දවසෙත් ඔබ Fiverr.com පාවිච්චි කරනවනම්, අපට සිදුවෙනවා ඔබ එය පිළිගත් බවට සිතන්න.

Disputes

  • අපි ගැණුම්කරුවන් හා වෙළෙන්දන්ට ඔවුනොවුන් අතර පවතින අවුල් කතාකර විසඳගන්න ලෙස ඉල්ලනවා. කෙසේ වෙතත් මේක හරිගියේ නැත්නම්, ඔබට පුලුවන් Fiverr Customer Support එකට කතාකරන්න.
  • Fiverr Cancel කරපු Order වල මුදල් PayPal එකට යවන්නේ නැහැ. ඒවා යන්නේ Buyer Shopping Balance එකට, ඉතින් ඒවා ඉස්සරහට මිලදීගන්න දේවල් වලට පාවිච්චි වෙනවා.

එහෙමනම් ඔන්න කිව්ව විදිහටම Fiverr Terms of Service සිංහලෙන් දැම්මා. දැන් ඉතින් කලින් දාපු Fiverr Ultimate Post Series දෙවනි ලිපිය ආයෙත් කියවලා ඒකේ තියෙන විදිහට වැඩේ කරගෙන ඉන්න. තුන්වෙනි එක දාපු ගමන් ඔයාට වැඩ කෝටියක් මං දෙනවා.

ඒවා නොකර නම් ඔයාට Living Income එකක් ගන්න එක අපහසු වෙයි. ඒ නිසා ඒ දේවල් ඒ විදිහටම පිළිපදින්න. කලින් දාපු Fiverr Privacy Policy Sinhala ලිපිය වගේ නෙමෙයි, මේකට නම් ගොඩක් වෙලා ගියා. දැන් ඉතින් ඔයාගේ වාරේ. ඔයාගේ යාලුවටත් මේක පෙන්වන්න.

එහෙමත් නැත්නම් ඔයාට සමහර විට Blog එකක් ඇතිනේ. ඉතින් එහෙමනම් ඔයාගේ බ්ලොග් එකෙ මේ ලිපිය පෙන්වන්න පහළ HTML Code එක Copy කරල HTML ලියන Tab එකේ Paste කරන්න.

ඔයාගේ Living Income එක Fiverr හරහා හොයන්න කැමතිද? FUPS එකේ සඳහන් නොවන Fiverr Strategies දැනගන්න ආසද? එහෙනම් ඔයාගේ Email එක ලියලා Subscribe වෙන්න.!

Filed Under: Online Marketing

Fiverr Privacy Policy එක සිංහලෙන් කියවන්න කැමතිද?

June 3, 2013 By ෂ්‍යාම් චතුරංග 1 Comment

Fiverr Privacy Policy Sinhalen

මොනාහරි දෙයක් පටන්ගන්න කොට, කරන්නේ මොකක්ද? කාත් එක්කද කරන්නේ? මොන අවදානම් මතද කරන්නේ කියලා දැනගෙන කරන එක තමයි හොඳ. විශේෂයෙන්ම ව්‍යාපාරයක් පටන්ගනිද්දි ඒ දේවල් ගැන හොයලා බලලා ඉන්න ඕනා. මොකද, ඒ දේවල් නොබැලුවොත් ඔයා කොච්චර හොඳට Plan කලත් ඒ Business එක වැඩි කාලයක් තියෙන්නේ නෑ. වෙනත් විදිහකින් කිව්වොත් අර කිව්ව ප්‍රශ්ණ වලට උත්තර නොදැන කරන්න යන Business, Short-Term Business කියලා කියන්න පුලුවන්.

මේක අන්තර්ජාල අලෙවිකරණයට නැත්නම් අන්තර්ජාලයෙන් මුදල් හොයන එකටත් අදාළයි. ඒ නිසා මේ ලිපියෙන් Fiverr Privacy Policy එක සිංහලෙන් ලියන්නම්.

Fiverr.com එකේදී අපි ඔබගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරනවා. අපි ඔබගේ තොරතුරු තුන්වෙනි පාර්ශවයන්ට විකුණන්නේ නෑ. ඔබට Fiverr.com එකේ සේවය ලබාදෙන්න හැර, ඒ දේවල් අපි අනිත් පුද්ගලයන්ට ප්‍රදර්ශණය කරන්නේ නෑ. තේරුම – ඔබට මිලදී ගන්න, විකුණන්න, වෙබඩවියෙදී ඔබට යවන්න ඕන තොරතුරු යවන්න, භාණ්ඩයක් මිලදී ගන්න වගේම මිලදී ගත් භාණ්ඩය හෝ සේවාව විවේචනය කිරීමට.

අප ඔබගේ පුද්ගලික තොරතුරු රැස්කරන්නේ විවිධ ක්‍රම වලින්. ඒ ඔබ අපිට දැනගන්න සලස්වන තොරතුරු, ඔබ විසින් පාවිච්චි කරන්නෙකුට ඔබගේ කැමැත්තෙන් යවන තොරතුරු හා තවත් සාමාන්‍ය තාක්ෂණික තොරතුරු වන IP Address එක, ඔබගේ Web Browser එකේ තොරතුරු හා ඔබට වෙබඩවිය භාවිතා කිරීමේදී පෞත්ගලික අත්දැකීමක් ලබා දීමට Cookies මගිනි.

ලියාපදිංචි වීමේදී ඔබ විසින් අප වෙත ලබාදෙන සියළුම තොරතුරු රහසිගතව තැන්පත් කර ඇත. – ඔබව සම්බන්ධ කරගැනීමේ තොරතුරුත් මෙයට ඇතුලත්.

ඔබ වෙබ් අඩවියෙහි පළකිරීමට තීරණය කරන සියලුම තොරතුරු (පින්තූර, වීඩියෝ, පාඨ, සංගීත ඛණ්ඩ, විවේච්නය කිරීම් හා යවන අනෙකුත් දෑ) රහසිගත නොවේ.

අපගේ පරිගණක පද්ධති මගින් හෝ තුන්වෙනි පාර්ශවයන්ගේ පද්ධති මගින් ඉබේම ලබාගන්න තාක්ෂණික තොරතුරු වෙබ් අඩවිය ක්‍රියාකිරීමට, ප්‍රශස්තකරණයට, වෙබ් අඩවිය භාවිතයේ තොරතුරු දැනගැනීමට, අන්තර්ගත ප්‍රවර්ධනයට හා භාවිත කරන්නාගේ අත්දැකීම් ඉහල තලයකට ගැනීමට පාවිච්චි කෙරේ.

අප ඔබව සම්බන්ධ කරගැනීමට ඔබගේ තොරතුරු පාවිච්චි කරන – (ඔබගේ ගිණුමේ ක්‍රියාකාරකම් ගැන දැන්වීමට හෝ පිරිනැමීම් හා සාමාන්‍ය තොරතුරු දැන්වීමට) අතර, අන් කිසිවෙකුට ඔබව ඔබගේ Fiverr.com ගිණුමෙන් හැර වෙන ක්‍රමයකින් සම්බන්ධ කරගැනීමට අප ඉඩ නොතබයි.
අප රැස්කරන තොරතුරු, අප විසින් එම තොරතුරු පාවිච්චි කරන ආකාරය වගේම Cookie(නෑ, ඔයාට ඒක කන්න බැහැ..!) එකක් කියන්නේ මොකක්ද කියලත් ඔබට දැනගන්න පුලුවන් අපෙ කම්මැලි හා දිග පෞත්ගලිකත්වය ආරක්ෂකිරීමේ ප්‍රතිපත්තියෙන්.(Long Privacy Policy)

Fiverr Long Privacy Policy එකේ දැනගන්නම ඕන දේවල් ටික තමයි දැන් ලියන්නේ, ඒ නිසා හැම වචනයක්ම සිංහලෙන්ම ලියලා නෑ.

Sharing Personal Information with third parties

අපි ඔබගේ තොරතුරු ඔබගේ වචනය නැතුව වෙනත් කිසිම තුන්වෙනි පාර්ශවයකට විකුණන්නේ නෑ.

අප විසින් රැස්කරන තොරතුරු හා වෙනත් Company වලින් අප ලබාගන්න තොරතුරු එක් කොට පෞත්ගලිකත්වයෙන් පිරි සේවයක් ලබාදීමට හා දැන්වීම පෙන්වීමට කටයුතු කරමු. කෙසේවෙතත් ඔබ අපගේ අලෙවිකරණ තොරතුරු දැනගැනීමට අකමැති නම් ඔබට එයින් ඉවත් විය හැක.(UnSubsribe)

අප ඔබගේ පෞත්ගලික තොරතුරු තුන්වෙනි පාර්ශවයන්ට ලබාදෙන්නේ වෙබ් අඩ්විය ක්‍රියාකිරීමට, වංචාවන් හා නීත්‍යානුකූල නොවන ක්‍රියාකාරකම් නැවැත්වීමට පමණයි.

  1. සේවාවන් ප්‍රතිපාදකයාට, විවෘත කිරීම් හා ක්‍රියාකිරීමේ අරමුණින්.
    (example – payment vendors, CRM systems, mailing systems or technical consultants)
  2. සිතාසියකට, උසාවි නියෝගයකට, නීතිමය පියවරකට ප්‍රතිචාර දැක්වීමට.
  3. වංචාවලින්, බලය නොලත් ගණුදෙනු වලින් හා අනිකුත් වගකීම් වලින් ආරක්ෂා වීමට. අප විසින් ඔබගේ Credit Card/Debit Card තොරතුරු රැස්නොකරන අතර ඒවා අපට දැනගැනීමට නොහැක.

Security

අපි ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක් වගේම ගන්නවා වෙබ් අඩවියේ ආරක්ෂාවට, ඔබගේ පෞද්ගලික තොරතුරු වල ආරක්ෂාවට. නමුත් අපට සහතික වෙන්න බැහැ, කවදාවත්ම බල නොලත් ඇතුලත්වීමක්(Unauthorized Access) නොවෙයි කියලා.

වෙබ් අඩවි පාවිචිකරන්නා ගිණුමේ රහස්පදය තුන්වෙනි පාර්ශවයන් සමග බෙදා නොගැනීමට එකඟ වී ඇත.

මේකේනම් ඇත්තටම දැනගන්න වැද්ගත් ගොඩක් දේවල් නැහැ Fiverr Terms of Service(TOS) එකේ වගේ. Terms of Service එකේ සිංහල පරිවර්තනය නම් සම්පූර්ණයෙන් ඒ විදිහටම තව ටිකකින් දාන්නම්. එතකොට English Version එක කියවලා නොතේරුණ අයට හොඳටම තෙරුම් යයි.

ඒ වගේම මේක Fiverr Ultimate Post Series එකේ ලිපියක් නෙමෙයි. මං මේකේ ලියන හැම අතිශය වැදගත් දෙයක්ම කවදාවත් වචන 500න් ඉවර වෙන්නේ නෑ. මේක English අවුල් අයට කරන පුන්චි උදව්වක් විතරයි. අනිත් ලිපියටත් මේ ටිකම තමයි කියන්නේ. හරි එහෙනම් දැන් හොඳට තේරෙන්න ඇතිනේ, තව පැය කිහිපයකින් Fiverr Terms of Service එකේ සිංහළ පරිවර්ථනයත් එක්ක හමුවෙමු.

ඔයාගේ Living Income එක Fiverr හරහා හොයන්න කැමතිද? FUPS එකේ සඳහන් නොවන Fiverr Strategies දැනගන්න ආසද? එහෙනම් ඔයාගේ Email එක ලියලා Subscribe වෙන්න.!

Filed Under: Online Marketing

සාර්ථක Fiverr Gigs කිහිපයකින් Living Income එකක් හොයන්න

June 1, 2013 By ෂ්‍යාම් චතුරංග 25 Comments

Fiverr Gigs Creation

Fiverr කියලා කිව්වම දැන් දන්නේ නැති කෙනෙක් නැති තරම්නේ, ඉතින් මේ ලියන්න යන්නේ Fiverr ගැන Ultimate Post Series එකේ II ලිපිය. කලින් ලිපිය දාලා අදට මාසයයි දවස් 11ක් ගියා, අද වෙනකන්ම දෙවනි ලිපිය ලියන්න බැරි වුනා, Fiverr එකේ වැඩයි මගේ පෞද්ගලික Projects වගයකුයි හින්ඳා.

ගොඩක් අය Fiverr Ultimate Post Series එකේ පළවෙනි Fiverr Introduction ලිපියට හොන්ද Shares ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒක ගැන ගොඩක් සතුටුයි.

මං කලින් Fiverr Introduction Post එකේ කිව්වේ Fiverr කියන්නේ මොකක්ද, ඇයි අනිත් Professional Freelancer Sites තියෙද්දිත් ඔයා Fiverr කරන්න ඕන කියලා. ඔයා තාමත් ඒක කියෙව්වේ නැත්නම් ඒක කියවන්න මුලින්.

Fiverr කියන්නේ Online Mini MarketPlace එකක් කියලා මං කලින් කිව්වා. ඉතින් Fiverr පටන් ගන්න කැමති නම් ඔයා මුලින්ම කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. හැම දෙයක්ම පටන්ගන්න කලින් හොන්ඳට Plan කරාම ඒකේ Foundation එක ගොඩක් ශක්තිමත්. කිසිම Plan එකක් නැති දෙයක් ලේසියෙන් සාර්ථක වෙන්නේ නැහැ. ඒක නිසා මුලින්ම Plan එක, ඊටපස්සේ ඒක Follow කිර්‍රිම කරන්න.

සාමාන්‍යයෙන් ඔයාට Fiverr පටන්ගන්න ඕන වුනාම ඔයා මුලින්ම කරන්නේ ඉක්මනින් ගිහින් Fiverr Account එකක් හදන එකනේ, ඒත් හොන්ඳට Plan කරලා කරද්දී ඒක නෙමෙයි ඔයා ගන්න ඕන පළවෙනි Step එක. Fiverr Account එකක් හැදුවට වැඩක් නැහැ කරන්නේ මොනාද කියලා කිසිම Idea එකක් නැත්නම්..!

Fiverr Language, Get Used To It

හැබැයි ඒක කියන්න කලින් Fiverr පාවිච්චි කරනකොට අහන්න ලැබෙන දේවල් ගැන ටිකක් කියන්නම්. එතකොට අවුලක් නැතුව වැඩේ කරන්න පුලුවන්. Fiverr එකට සම්බන්ධ පාර්ශවයන් 2යි. මේ කට්ටිය හින්ඳා තමයි Fiverr එක ඇතුලේ Business එකක් වෙන්නේ.

1. Buyers – මේ කියන්නේ ඔයාගේ සේවය හෝ භාණ්ඩය අරගෙන සල්ලි දෙන පුද්ගලයා. අනිත් Freelancer Sites වගේ නෙමෙයි Fiverr එකේ Buyersලට Payment එක කරන්න ලේසියි වගේම වැඩේ කරාට පස්සේ සල්ලි නොදී ඉන්න බැහැ, මොකද මුලින්ම Payment එක කරලා ඉන්න ඕනා වැඩේ බලන්න.

2. Sellers – මේ කියන්නේ සේවය හෝ භාණ්ඩය විකුණන පුද්ගලයා, වෙනත් විදිහකින් කිව්වොත් මේ තමයි ඔයා අයත් වෙන පාර්ශවය. ඔයා විකුණන හැම දෙයක්ම $5 නමුත් ඔයාට ලැබෙන්නේ $4 ඉතුරු $1 Fiverr Service Fee එකක් විදිහට එයාලට කැපෙනවා.

දැන් කියන්නම් Fiverr Language එක ගැන, මේවා දැනගෙන Fiverr පාවිච්චි කරනකොට අවුල් සහගත් තැන් එනවා අඩු වෙයි..!!

➠Gig – ඔයා Fiverr එකේ දෙන භාණ්ඩය හෝ සේවයට තමයි Gig එකක් කියලා කියන්නේ.

➠Featured Gig – Fiverr එක හොන්දට අලෙවිවෙන Gig වලට කැමතියි. ඉතින් ඒ අය Gig එක Featured කරනවා. එහෙම නැත්නම් අපිට ඉල්ලන්නත් පුලුවන්. මෙහෙම කරාම Gig එක නිතරම වගේ Homepage එකේ පළවෙනි Gig Listing 4න් එකකට එනවා. ඒ වගේම Featured Gig Badge එකකුත් ලැබෙනවා Gig එකට. වෙනත් විදිහකින් කිව්වොත් Fiverr Community Trust එක ලැබෙනවා.

Request Gigs Feature of Fiverr Platform

Fiverr Request Gigs

➠Request Gigs – මේ කියන්නේ Fiverr එකේ තියෙන තවත් Feature එකක්. මේක නිසා සමහර අයට Punishment හිටන් ලැබිලා ඇති. මටත් එකක් ලැබුනා, ඒවා මේ Post Series එකේ අන්තිම ලිපිය විදිහට කියන්නම්. මේක තියෙන්නේ දකුණු පැත්තේ Fiverr Sidebar එකේ. මේකෙන් ප්‍රදානවම වෙන්නේ Buyersලට අවශ්‍ය දේවල් කරගන්න ගැලපෙන Sellersලව හොයාගන්න එක. මේකේ දාන ඕන දෙයක් දාන්න පුලුවන් Buyer කෙනෙක්ට විතරයි. ඔයාගේ Fiverr Gigs ගැන කියලා ඕකේ දැම්මොත් ඔයාට Fiverr එකෙන් ප්‍රශ්ණ වෙයි.(Restrictions, Limitations.!!)

➠Fiverr Levels – Fiverr එකේ වැඩ කරන එක ටිකක් Fun වෙන්නත් එක්ක තමයි Fiverr Levels තියෙන්නේ. Fiverr එකේ ප්‍රදානව Levels 4ක් තියෙනවා. Level 1, Level 2, Top Rated Seller & Fiverr Super Seller තමයි Levels ටික. මේවා ගැන වැඩි විස්තර වෙනත් ලිපියකින් කියන්නම්.

➠Gig Extras – කලින් කිව්ව Fiverr Levels ලැබෙනකොට ලැබෙන එක Feature එකක් තමයි Gig Extras කියන්නේ. මේක ලැබුනම ඔයාට පුලුවන් $5ට වඩා ලොකු ගාණකට වැඩකරන්න. $10, $20, $40 වගේම $100 වෙනකනුත් යන්න පුලුවන් උපරිම Levels වලට ගියාම.

➠Fiverr Revenue Card – මේ කියන්නේ Payoneer MasterCard Debit Card එක ගැනම තමයි.

This Gig, That Service, What Product…!!

Fiverr Language එකත් මතක තියාගෙන පළවෙනි Step එක කරන්න. ඔයා Fiverr එකෙන් මුදල් හොයනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේ Step එකෙන්. මෙතනදි ඔයා වැරදි දෙයක් තෝරගත්තොත් ඔයා Fiverr වල සාර්ථක වෙන්නේ නෑ. නමුත් මෙතනදි විතරක් හරියටම නිවැරදි දෙයක් කරලා නිකං බලාගෙන හිටියා කියලත් ඔයා සාර්ථක වෙන්නේ නෑ. ඒක තමයි Challenge එක.

හොන්ද Strong Plan එකක්, Vision එකක් එක්ක, මහන්සි වෙලා වැඩකරන්න පුලුවන් නම් ඔයාට මේක ගින්නක් නෑ.

අද වෙනකොට Fiverr එකේ නැති දෙයක් නැති තරම්, පහළින් තියෙන්නේ දැනට Fiverr එකේ Gig Category Range එක. කෙටියෙන් කිව්වොත් ඔයාට Gig Idea එකක් එහෙමත් නැත්නම් කරන්න පුලුවන් දෙයක් තෝරගන්න ප්‍රදාන වර්ග(Main Categories) 12ක් තියෙනවා. ඒ වගේම මේ ප්‍රදාන වර්ග 12 තවත් උපවර්ග(Sub-Categories) 119ක් බෙදලා තියෙනවා.

Gifts

Greeting Cards.
Video Greetings.
Unusual Gifts.
Arts & Crafts.
Handmade Jewelry.
Gifts for Geeks.
Postcards From..
Recycled Formats.
Other.

Graphics & Design

Cartoons & Caricatures.
Logo Design.
Illustration.
eBook Covers & Packages.
Web Design & UI.
Photography & Photoshopping.
Presentation Design.
Flyers & Brochures.
Business Cards.
Banners & Headers.
Architecture.
Landing Pages.
Other.

Video & Animation

Commercials.
Editing & Post Production.
Animation & 3D.
Testimonials & Reviews by Actors.
Puppets.
Stop Motion.
Intros.
Other.

Online Marketing

Web Analytics.
Article & PR Submission.
Blog Mentions.
Domain Researches.
Fan Pages.
Keywords Research.
SEO.
Bookmarking & Links.
Social Marketing.
Get Traffic.
Video Marketing.
Other.

Writing & Translation

Copywriting.
SEO Keyword Optimization.
Creative Writing & Scripting.
Translations.
Transcripts.
Website Content.
Reviews.
Resumes & Cover Letters.
Speech Writing.
Proofreading & Editing.
Press Releases.
Other.

Advertising

Hold Your Sign.
Flyers & Handouts.
Human Billboards.
Pet Models.
Outdoor Advertising.
Radio.
Music Promotion.
Banner Advertising.
Other.

Business

Business Plans.
Career Advice.
Market Research.
Presentations.
Virtual Assistant.
Business Tips.
Branding Services.
Financial Consulting.
Legal Consulting.
Other.

Programming & Tech

.NET.
C++.
CSS & HTML.
Joomla & Drupal.
Databases.
Java.
Javascript.
PSD to HTML.
WordPress.
iOS, Android & Mobile.
PHP.
QA & Software Testing.
Technology.
Other.

Music & Audio

Audio Editing & Mastering.
Jingle.
SongWriting.
Music Lessons.
Rap Music.
Hip-Pop Music.
Narration & Voice-Over.
Sound Effects & Loops.
Custom Ringtones.
Voicemail Greetings.
Custom Songs.
Other.

Fun & Bizarre

Your Message On..
Extremely Bizarre.
Celebrity Impersonators.
Daredevils & Stunts.
Pranks.
Dancers.
Just For Fun.
Other.

LifeStyle

Animal Care & Pets.
Relationship Advice.
Diet & Weight Loss.
Health & Fitness.
Makeup, Styling & Beauty.
Online Private Lessons.
Astrology & Fortune Telling.
Spiritual & Healing.
Cooking Recipes.
Parenting Tips.
Travel.
Other.

Other

Anything else falls here.

ඉතින් මේ ලෝකේ ඕනම කෙනෙකුට මොනවම හරි කරන්න පුලුවන් දෙයක් ඔය Fiverr Gig Category 131ක ඇතුලේ තියෙනවා. බැලූ බැල්මට ඔයාට පේන්න පුලුවන් ඔයාට කරන්න පුලුවන් දෙයක් නැහැ වගේ, නමුත් හොන්ඳට හිතුවොත් ඕනම කෙනෙකුට කරන්න පුලුවන් දේවල් 10වත් එනවා.

ඔයාට හොන්ඳට Brainstorm කරන්න ලේසි වෙන්නත් එක්ක තමයි ඔක්කොම Fiverr Gig Categories ටික උඩ දාලා තියෙන්නේ. ඒ නිසා ඒකෙන් හොඳ ප්‍රයෝජනක් ගන්න. සමහරවිට ඔයා තවත් කෙනෙක් කරන දෙයක් කරන්න යන්න ඇති, ඒත් ඔයාට ඒක ගැන හොඳ අවබෝධයක් නැතුව දිගටම කරගන්න බැරුව, ඔයා නවත්වන්නත් ඇති. ඔයාට ගැළපෙන Fiverr Category එක එහෙම නැත්නම් Niche එක හොයාගන්න මෙහෙම කරන්න.

1. උඩ දීලා තියෙන Fiverr Category 131න් ඔයාට දැනටම Knowledge එකක් තියෙන, ඔයා ගොඩක් ආසකරන(Passion) ඒවා 20ක් විතර වෙනම ලියාගන්න.

2. දැන් ඔය ලියාගත්තු 20න් එකක් අරගෙන, $5ට දෙන්න පුලුවන් පුන්චි පුන්චි සේවාවන්(Services or Gig Ideas) ටිකක් ලියන්න. උදාහරණයක් විදිහට Online Marketing යටතේ එන Fan Page කියන Category එක ගමුකෝ. මං මෙන්න මේ විදිහේ Services List එකක් ලියනවා මේ Category එකෙන්.

I will Create a Professional Timeline Cover for $5.
I will Create a Business Fan Page for your Company, Website for $5.
I will Design a Custom Opt-In Tab in your Facebook page for $5.
and the list goes on….

මං හිතන්නේ දැන් ඔයාට තේරෙනවා කොහොමද කරන්න ඕන කියලා. ඔය විදිහටම අර වෙනම ලියලා තොරගත්තු Fiverr Category 19නුත් Gig Ideas List එකක් ලියන්න. අඩුම තරමේ එක Fiverr Category එකකට 10වත් ලියන්න උත්සහා කරන්න. දැන් ඔයා Category 20න්ම 10 ගානේ ලිව්වනම් ඔක්කොම Gig Ideas 200 තියෙන්න ඕනා. ඔයාට Fiverr Account එකේ දාන්න පුලුවන් Gigs 20යි, ඉතින් ඔය 200ම දාන්න බෑනේ. ඒ නිසා දැන් ඔයා ඒවා ටික Filter කරගන්න ඕනා. ඒක කරන්නේ මෙහෙමයි.

Awesome Gig Filtering Formula

❶ Gig Filter කරද්දී මුලින්ම කරන්න ඕන දේ තමයි මෙන්න මේ Official Fiverr Pages ටික කියවන එක. ඉංග්‍රීසියෙන් තමයි තියෙන්නේ, ඒත් කියවන්න ඕනා.
→ Fiverr TOS
→ Fiverr Privacy Policy

ඔය දෙකේ සිංහළ Version එක වෙනත් ලිපියකින් දාන්නම්, ඒත් ඉතින් English Knowledge එක දියුණු කරගත්තේ නැත්නම් ඔයාටම තමයි පාඩුව වෙන්නේ. හරි, දැන් ඔය දෙකම සම්පූර්ණයෙන් කියෙව්වම ඔයා ලියලා තියෙන Gig Ideas or Services 200න් Terms of Service or Privacy Policy Violate වෙන Gig Ideas or Services කෙලින්ම කපලා දාන්න.
මේ Step එක අනිවාර්යයෙන් කරන්න ඕනා, සමහරවිට මේකේදි අයින් කරන්න පුලුවන් Gig Ideas නැතිවෙන්නත් පුලුවන්, තියෙන්නත් පුලුවන්. කොහොමවුනත් තියෙන ඒවා අයින්කරන එක අනාගතයට හොඳයි.!

❷ පැය 10, 12 වගේ යන ඒවා තියෙනවනම් ඒවත් අයින් කරන්න. මොකද $5ට ඒ වගේ ලොකු වෙලාවක් ගන්නවා කියන්නේ එතන Sales තිබුනට සාර්ථකත්වයක් නැහැ. “Time Is Money” කියලත් තියෙනවනේ, ඉතින් කාලය වැඩියෙන් යොදවන තරමට මුදල් වැඩියෙන් ලැබෙන්න ඕනා. නැතුව $5ට දවසෙම වැඩක් කරන එක නෙමෙයි.

ඒවගේම මේකත් මතක තියාගන්න, මුලින්ම පටන්ගත්තු ගමන් මේ කිව්ව සාර්ථකත්වය හොයන්න යන්න එපා, පටන්ගනිද්දි වැඩි අවධානය තියෙන්න ඕන මුදල් නෙමෙයි, ලැබෙන Sales ගාණ. ඔයාට ලාභ නැතිවුනත් කමක් නෑ, Gigs 3,4ක වැඩක් වුනත් කමක් නෑ. මොකද ඉස්සරහට ඒවත් අල්ලන්න පුලුවන් තරම් Sales එනවා.

❸ සාමාන්‍යයෙන් ඉල්ලුම තියෙන්නේ මොනවටද? සමහරවිට ඔයා කියයි Graphic Designing කියලා, ඔව් Graphic Designing වලට ලොකු ඉල්ලුමක් තියෙනවා, නමුත් ඒක නෙමෙයි ඉල්ලුම තියෙන එකම Industry එක. ඒ වගේම ඒක නෙමෙයි ලොකුම ඉල්ලුම තියෙන Industry එක.

Online Marketing Category එකේ Gigs වලට තමයි වැඩිම ඉල්ලුම තියෙන්නේ, උදාහරණයක් විදිහට Writing, Web Designing & Developing, SEO, Social Media Marketing වගේ තමයි වැඩිම ඉල්ලුමක් තියෙන්නේ. මෙතනදි වෙන්න ඕන Highest Demanded Category එකේ Services දෙන එක නෙමෙයි, ඔයා ලියලා තියෙන Gig Ideas 200න් මොන ඒවටද වැඩිම Demand එක තියෙන්නේ කියලා හොයාගන්න එක. ඊට පස්සේ Demand එක අඩු ඒවා අයින්කරලා දාන්න.

Demand එක වැඩි ඒවා හොයාගන්න පුලුවන් Fiverr එකේම චුට්ටක් Surf කරානම්. Order Queue එක එහෙමත් නැත්නම් Gig එකට බලන වෙලාවේ ඇවිල්ලා තියෙන Orders ලිස්ට් එක බැලුවම බලාගන්න පුලුවන්. ඒ වගේම Demand එක තියෙන Category වලම තමයි එක වගේ Gigs ගොඩක් තියෙන්නේ එහෙමත් නැත්නම් Competition එක වැඩිවෙන්නේ Demand එක තියෙන පැත්තේ.

දැන් ඉතින් Competition එක වැඩියි, මට Order එකක් වත් එන එකක් නැති වෙයි කියලා වැඩේ අතාරින්න එපා. Smart මොලයක් තියෙනවා නම් Competition එක ගැන භය වෙන්න දෙයක් නැහැ.

දැන් ඔය Steps 3ම දාලා Gig Filter කරාම, ඔයාට Gig Ideas ටිකක් ඉතුරු වෙයි. ඒවා තමයි Fiverr එකේ ඔයා දෙන්න යන Services වෙන්නේ.

ඔයාටත් පහළ රූපයේ වගේ ටික කාලයක් යද්දී Direct PayPal or Payoneer Orders ගන්න පුලුවන්, මේ Post Series එකේ කියන දේවල් ඒ විදිහටම කලොත්. Direct Orders ගනිද්දී $1 එකට කැපෙන්නේ නෑ(ඒත් PayPal Business Fee එක කැපෙනවා. $10 ගත්තොත් ලැබෙන්නේ $9.31, ඒත් පාඩු නැහැ..!). ඒ කියන්නේ ඔයා $70 Project එකක් Fiverr එකෙන් අරගෙන කලොත් ඔයාට $14 නැති වෙනවා, නමුත් Direct PayPal or Payoneer ගත්තම $14ත් ලැබෙනවා. ඒ වගේම මේ Revenue Proofs දාන්නේ මේවා දකිනකොට ලොකු Motivation, Self Confidence එකක් එන නිසා.

Direct Order Projects on May

May Direct Sales Proof

දැන් මං එහෙම කිව්වා කියලා ඔය විදිහට Direct ගන්න යන්න එපා. හැමදේටම System එකක් තියෙනවා. ඒ දේවල් ඉස්සරහට.!

හරි දැන් එහෙනම් ඔය කිව්ව විදිහට කරලා Filtered Gig Ideas ලිස්ට් එකක් හදාගෙන ඉන්න. ඊළඟ ලිපියෙන් Fiverr Business එක පටන්ගන්න හැටි කියන්නම්. තවත් දෙයක් තියෙනවා, කලින් ලිපියේ වගේම මේකටත් ඔයාගේ උදව් අවශ්‍යයි. ඉතින් මේකට කලින් ලිපියට වඩා Google +1, Facebook Shares දාන්න කියලා ඉල්ලනවා.

ඒ වගේම ඔයා මොකද හිතන්නේ මේ ලිපිය ගැන? මං කියන්න ඕනම දෙයක් මග ඇරියද මේ මාතෘකාව සම්බන්ධව..? දැන් ඉතින් Comments ලියන්න තියෙන්නේ ඔයාටයි…! 🙂

ඔයාගේ Living Income එක Fiverr හරහා හොයන්න කැමතිද? FUPS එකේ සඳහන් නොවන Fiverr Strategies දැනගන්න ආසද? එහෙනම් ඔයාගේ Email එක ලියලා Subscribe වෙන්න.!

Filed Under: Online Marketing

Payoneer Account එකට මුදල් දැමීමට හැකි ක්‍රම

April 25, 2013 By ෂ්‍යාම් චතුරංග 20 Comments

Loading Method of Payoneer Card

Payoneer Card එක වටින වගේම නොමිලේ අන්තර්ජාලයෙන්ම ගන්න පුලුවන් අන්තර්ජාතික පිළිගැනීමක් ඇති MasterCard Debit Card පතක්. දැන් මං Payoneer ගැන ගොඩක් දේවල් කිව්වා, ඔයාට Payoneer Card ගැන මොකක් හරි ප්‍රෂණයක් තියෙනවා නම් හෝ Payoneer Card එකකට Apply කරන හැටි කියවන්න අවශ්‍යය නම් පහත ඇති ලිපි කියවන්න.

1. ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද?

2. Payoneer MasterDebit කාඩ් එක මඟින් PayPal Verify කරන්න

3. ඔයාගේ Payoneer Card Fees අඩුකරගන්න මෙහෙම කරන්න

4. Payoneer MasterCard හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න

මේ ලිපිය ලියන්නේ ලැබුනු ප්‍රෂ්ණයකට පිළිතුරක් විදිහට, ඉතින් මේක අනිත් අයටත් වැදගත් වෙයි කියලා දන්න නිසයි මේක මේ විදිහට වෙනම ලිපියකින් ලියන්නේ. අන්තිමට ලියපු Fiverr Introduction ලිපියට ගොඩක් දෙනා කිව්ව විදිහටම Share කරලා තියෙනවා. ඒක ගැන ගොඩක් සතුටුයි. Fiverr ගැන දෙවනි ලිපියත් ඉක්මනින්ම ලියන්නම්. සාමාන්‍ය ලිපියක් වගේ නෙමේ, Ultimate Tutorial ලියද්දි ගොඩක් වෙලාව අරගෙන හොඳට ලියන්න ඕනා.

Load Your Payoneer Card…

Payoneer Card එකට මුදල් දාන්න ක්‍රම කිහිපයක් තියෙනවා, ඕනම එකකින් ඔයාට පුලුවන් මුදල් දාන්න. PayPal account එක Payoneer Card එක දාලා Verify කරගන්න හැටි ලියපු ලිපිය බලලා සමහර අයට Errors ඇවිල්ලා තිබුනා. ඒ Error එක එන්නේ ඔයාගේ Payoneer Card එකේ මුදල් නැතුව PayPal වලට Add කරන්න ගියොත් ඒ නිසා ඒක කරන්න කලින් මේ එක ක්‍රමේකින් මුදල් දාගන්න.

1. ඔයාගේ Personal Credit/Debit Card එකෙන් මුදල් දාන්න.

මේක තමයි Payoneer Card එක Load කරන්න තියෙන ලේසිම ක්‍රමය වෙන්නේ. ඔයාට අන්තර්ජාලයෙන් හොයපු මුදල් නැත්නම් ඔයාට පුලුවන් මේ ක්‍රමයෙන් Payoneer Card එක Load කරගන්න. මේක Payoneer ඇතුලෙම වෙන නිසා ආරක්ෂාව ගැන බයවෙන්නත් ඕනනෑ.

Payoneer Card එක මේ ක්‍රමෙන් Load කරන්න මුලිනම මෙන්න මේ Payoneer Card Loading Page එකට යන්න. ඒකේ ඉල්ලලා තියෙන තොරතුරු දීලා Continue කරන්න. දවස් 2න් මුදල් ඔයාගේ Payoneer Card එකට එනවා.

2. ඔයාගේ Client ගෙන් එන Payments කෙලින්ම Payoneer Card එකට ගැනීම.

මේකත් කලින් කිව්ව ක්‍රමේ වගේමයි. හැබැයි මේ ක්‍රමේ ගොඩක් වාසිත් තියෙනවා. මොකද, ඔයාට එන Payments PayPal වලට අරගෙන ආයෙත් Payoneer Card එකට ගන්නකොට PayPal වල Feesයි, Payoneer වල Feesයි දෙකම කැපෙනවා. නමුත් ඔයා කෙලින්ම Payoneer Card එකට Payments ගන්නකොට කැපෙන්නේ එක Fee එකයි වගේම, ඒක ඔයාගේ Business එකේ Profit එකට කෙලින්ම බලපානවා.

මේ විදිහට Client ගෙන් එන Payments Payoneer Card එකට ගන්නත් යන්න ඕනා කලින් කිව්ව Payoneer Card Loading Page එකටම තමයි.

Payoneer Card Loading

Payoneer Card Loading Procedure

1. Clientට දෙන්න ඕනා ඔයා Payoneer Card එක ගත්තු Email Address එක. ඒක දුන්නම ඒක ‘Select a Card to Load’ කියන තැන ලියන්න ඕනා.

2. ඊට පස්සේ Payoneer System විසින් ඔයාගේ Payoneer Card එක Autoම තෝරගන්නවා.

3. ඔයාගේ Clientට බලන්න කියන්න එතන වැටෙන Last Digits 4 ඔයා දෙන Last Digit 4ද කියලා.

4. දැන් ගාන තෝරලා, හේතුවක් තෝරන්න.

5. ඊලඟට තියෙන්නේ Loading Fees කැපෙන්නේ කාගෙන්ද කියලා කියන්න. පළවෙනි එකට Tick එක දැම්මොත් Loading Fees කැපෙන්නේ Clientගෙන්. අනිත් එකට දැම්මොත් කැපෙන්නේ ඔයාට එන ගාණෙන්.

6. දැන් Continue ඔබන්න. ඊට පස්සේ එන Page එකේ Credit/Debit Card Details දීල Finish කරන්න.

7. එච්චරයි..!

මේ ක්‍රමෙන් මුදල් දානකොට ඔයාගේ Clientට Payoneer Card Number එක දෙන්න ඕන නැහැ. ඔයාගේ Email Address එක දුන්නම Payoner System එකෙන් Autoම Payoneer Card එක Select කරගන්නවා. ඒ නිසා Clientට පේන්නේ අන්තිම Number 4 විතරයි.

3. Online Money Making Programs වලින් මුදල් Payoneer Card එකට Withdraw කිරීම.

මේ කාඩ් එක නිතරම වගේ පාවිච්චි කරන්නේ ඉතින් අන්තර්ජාලයෙන් හොයන මුදල් Card එකට ගන්නනේ. ඒ නිසා මේ කාඩ් එක Payout Option එකක් විදිහට යොදාගෙන තියෙන ඕනම Site එකකින් මුදල් ගන්න පුලුවන්.

මේ ලිස්ට් එකට Fiverr, Freelancer වගේ සයිට් වගේම PeerFly, MaxBounty වගේ Affiliate Network වලින් වුනත් මුදල් Withdraw කරගන්න පුලුවන් Card එකට. මේ කාඩ් එක Payout Option එකක් විදිහට යොදාගෙන තියෙන හැම Program(site) එකකටම වගේ Partner Program එකක් තියෙනවා. හැබැයි මේ Partner Program එකෙන්ම ගන්න අවශ්‍ය නැහැ Payoneer කාඩ් එකට මුදල් ගන්න.

Payoneer Customer Support එකට Email එකක් දාන්න ඔයාට මුදල් ගන්න ඕනා මොන සයිට් එකෙන්ද කියලා. එතකොට ඒ අය ඔයාට කරන්න අවශ්‍ය දේ කියයි. හැම Partner Program එකටම මේක අදාලයි.

4. PayPal, eBay, Apple වගේ වලින් මුදල් Withdraw කිරීම.

ඔයා දැන් සමහරවිට දන්නවත් ඇති US Company එකකින් Withdrawal එකක් කරද්දී ගොඩක් වෙලාවට Payoneer Card එකට ගන්න බැහැ කියලා. ඉතින් මේක කරන්න පුලුවන් Payoneer එකේ තියෙන එක Feature එකක් වෙන US Payment Service එක මඟින් ලැබෙන US Bank Account එක හරහා. මේක ගැන වෙනම ලිපියක් මං කලින් ලිව්වා. ඒ PayPal වල මුදල් Payoneer Card එකට ගන්න හැටි. ඉතින් ඒ විදිහටම තමයි අනිත් US Company වලිනුත් මුදල් ගනිද්දී කරන්න තියෙන්නේ.

හරි ඔය ක්‍රම 4න් පුලුවන් ඕනම වෙලාවක ඔයාගේ Payoneer Card එකට මුදල් දාන්න. ඔයාට Card එකට අන්තර්ජාලයෙන් හොයන මුදල් නැතුව වෙන ක්‍රමේකින් දාන්න පුලුවන්ද කියන ප්‍රශ්ණය තිබුනද? එහෙමනම් යටින් පුන්චියට Comment එකක් දාලා පැහැදිලි මදි තැන් කියන්න. ඒ තැන් තව පැහැදිලි කරලා ලියන්නම්.

බ්ලොග් එකක Loyal Readersලා තමයි වටිනාම Asset එක. ඉතින් මට ඔයාව වටිනවා. ඒ වගේම ඔයාට මේ බ්ලොග් එක වටිනවා. ඉතින් ඔයාගේ ප්‍රතිචාර හා උදව්මත තමයි මේ බ්ලොග් එක ඉදිරියටම යන්නේ. ඒ හින්දා ඔයාගේ යලුවටත් කියන්න මේ බ්ලොග් එක ගැන.!
Spread The Word Dude!

Filed Under: Affiliate Marketing, Online Marketing

අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඔයාගේ Skill එකෙන් පටන්ගන්න හොඳම තැන

April 21, 2013 By ෂ්‍යාම් චතුරංග 58 Comments

Fiverr Ultimate Tutorial Sinhala

Fiverr කියන්නේ දැන් ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ සයිට් එකක්නේ. ඉතින් මෙතන ඉඳලා Fiverr ගැන ගොඩක් දේවල් කියන්න තමයි දැන් SLMarketer.com පටන්ගන්න හදන්නේ. අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ලේසිම තැන තමයි මේක, ඒ කොහොමද කියලා ඉස්සරහට කියන්නම්. හැබැයි ලේසී කිව්වට කලින් ලිපියේ දාපු වැරදිමත වලින් Fiverr දිහා බලන්න එපා. ඔයා කවදාවත් ඒක කරන්නේ නෑ..!!!

What is Fiverr?

Fiverr කියන්නේ Online Mini MarketPlace එකක්. ඒ කියන්නේ අන්තර්ජාලයේ තියෙන පොළක්, Shopping Complex එකක් වගේ තැනක්. ඔයා Shopping Complex එකකට ගියාම ඒකේ එක එක ජාතියේ භාණ්ඩ හා සේවාවන් තියෙනවා. Shopping Complex එකේ තියෙන හැම භාණ්ඩයක්ම, හැම සේවයක්ම ඔයාට ලැබෙන්නේ යම්කිසි මුදලකට. මුදල් දුන්නේ නැති වුනොත් ඔයාට ඒ දේවල් ලැබෙන්නේ නෑ. ඒ වගේම තමයි Fiverr කියන තැනත්.

Fiverr එකේත් භාණ්ඩ හා සේවාවන් තමයි විකිණෙන්නේ, හැබැයි මාධ්‍ය වෙනස්. ඇත්තම කිව්වොත් Fiverr එකේ විකිණෙන්නේ නැති දෙයක් නැති තරම්. දැන් ඔයා හිතනවා ඇති, මේ Fiverr කියන්නේ Online MarketPlace එකක් නිසා, ඕකේ විකුණන්න පුලුවන් Online හෝ Digital දේවල් විතරයි කියලා, එහෙම එකක් නැහැ. මෙතන කලින් කිව්වා වගේ ඕන දෙයක් විකුණන්න පුලුවන්. Fiverr වල විශේෂත්වය තමයි ඕන දෙයක් $5යි. ඉතින් Fiverr කියන්නේ $5ට වැඩකරන පුද්ගලයා.

උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. දැන් ඔයා යනවා Shopping Complex එකකට. ඒක ඇතුලේ ඉන්න Sellersලා එයාලා විකුණන භාණ්ඩ හා සේවාවන් තියාගෙන ඉන්නවා. එක ඇතුලට ගියපු ඔයා ඒක ඇතුලේ කැරකෙද්දි එක එක ජාතියේ, ලස්සන දේවල් දකිනවා. ඉතින් ඔයා ඒ එක දෙයක් මිලදීගන්නවා. එතනදී ඔයා ගත්තේ Entertainment දෙයක්.

තව ටිකක් ඉස්සරහට යනකොට ඔයාට පේන්වා ඔයා කියවන්න ආසම කරන Sci-Fi Stories, Science ගැන පොත් ටිකක්. ඉතින් ඔයා ඒකෙනුත් එක පොතක් මිල්දීගන්නවා. එතකොට මෙතනදී ඔයා ගත්තේ Valuable Book එකක්.

මං හිතන්නේ දැන් ඔයාට Idea එක තේරෙනවා ඇති. ඔය විදිහට ඔයා Shopping Complex එක වටේ යද්දී ඔයට අවශ්‍ය දේවල් එක එක පේන්න ගන්නවා. ඉතින් ඔයා ඒ දේවල් ගන්නව. මෙතනදි ඔයා ආස දේවල් වගේම ඉගෙනගන්න අවශ්‍ය දේවලුත් ගත්තා. මේ දේම තමයි Fiverr එක ඇතුලෙත් වෙන්නේ. මේ පුන්චි උදාහරණය මෙහෙම කියන්න පුලුවන්.

මිනිස්සුන්ගේ අවශ්‍යතා හා වුවමනා ලස්සනට, අවංකව Fulfill කරනකොට ඒකට ඉල්ලුමක් ඇතිවෙනවා.

ඔයා මොනාහරි දෙයක් කරන්න යනකොට වෙන්නේ මොකක්ද? කොහොමද කරන්නේ? කියලා දැනගෙන පටන්ගන්න. එත්කොට ඔයාට වරදින තැන් ගොඩක් අඩු වෙනවා.
කෙටියෙන්ම කිව්වොත් Fiverr එක ඇතුලේ යන්නේ මිනිසාගේ වුවමනාවන් තෘප්තිමත් කිරීමයි. ඒ නිසා ඔයාට තෘප්තිමත් කරන්න හොන්ද Want එකක් හෝ අඩුම තරමේ Need එකක්වත් මතකයට එන්නේ නැත්නම් මුලින් එකක් මතක් කරගන්න Fiverr එකේ වැඩ කරන්න කලින්.

Why Fiverr..?

ඔයා සමහරවිට දැන් ලෝක ප්‍රසිද්ධ Freelancer, oDesk වගේ සයිට් ගැන දන්නවා ඇති, සමහරවිට ඒවා කරන්න උත්සහා කරනවත් ඇති. මං Post එක පටන්ගනිද්දිම කිව්වා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පටන්ගන්න හොඳම තැන Fiverr කියලා. Fiverr කියන සයිට් එක අනිත් Freelancer, oDesk, Elance වගේ සයිට් වලට වඩා හොඳ වෙන්නේ, පටන්ගන්න ලේසී වෙන්නේ මේ දේවල් නිසා.
➠ $5 එහෙමත් නැත්නම් රු.700 අවදානමේ දාන්න බැරි ගාණක්ද? මං එහෙම හිතන්නේ නැහැ. ඒ වගේම ලෝකේ ගොඩක් දෙනා හිතන්නෙත් එහෙම. ඉතින් මේ $5 කියන පුන්චි ගාන නැතිවුනා කියලා ඒ තරම් පාඩුවක් වෙන්නේ නෑනේ. ඒ නිසා Fiverr Sales වලින් පිරුන තැනක් වෙනවා අයාසයකින් තොරවම.

අපිට පුලුවන් මේ කියන දේ අපේ, ඒ කියන්නේ Fiverr Seller කෙනෙක් විදිහට වාසියට හරවා ගන්න. මේ නිසා තමයි මුලින්ම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පටන්ගන්න කෙනෙකුට වුනත් මේකෙන් ඒතරම් අමාරුවක් නැතුවම සාර්ථක වෙන්න පුලුවන් කියලා කිව්වේ.

➠ චුට්ටක් හිතන්නකෝ, වෘත්තිය මට්ටමේ Freelance Sites වලින් Project එකක් කරගන්න ගියාම යන වියදම. මේ කියන්නේ ඒ යන වියදම වැඩියි කියලා නම් නෙමේ. ඒක තමයි සමාන්‍ය Market Prize එක. ඉතින් ඒ වගේ ගාණක් වියදම් වෙන එක කිසිම අවුලක් නැහැ.

වෘත්තිය මට්ටමේ Freelance සයිට් එක්ක සසඳලා බලද්දී Fiverr කියන්නේ Cheap Online MarketPlace එකක්. මේක තමයි ප්‍රධානම හේතුව Fiverr සාර්ථක වෙන්න බලපාන.

➠ Fiverr වලට වැඩිපුරම එන්නේ Online Marketersලා. මේ අය එයාලගේ ලොකු Project Outsource කරගන්න තමයි Fiverr වලට නිතරම වගේ එන්නේ.

Outsource කියලා කිව්වේ ලොකු Project එකක් පොඩි පොඩි කෑලි වලට කඩලා ලාභෙට කරගන්න එකට කියලා කියන්න පුලුවන්.වෘත්තිය මට්ටමේ Freelance සයිට් එකකින් එකපාර එක Project එකකට ගන්න ගාණ වගේ ගාණක් ලැබෙන්නේ නැති වුනාට $5කට වඩා ගන්න පුලුවන් වෙන්නේ මේ නිසා.

➠ $5 කියන්නේ ගොඩක් පුන්චි ගාණක් විදිහට ඔයාට පේන්න පුලුවන්. ඒත් ඔයා හිතන තරම් $5 පුන්චිත් නැහැ, Fiverr චාටරුත් නැහැ. ඔයා තාමත් Fiverr කරන්න පටන්ගත්තේ නැත්තේ එක වැඩකට $5 ලැබෙන නිසාද?

එහෙනම් මෙහෙම හිතන්නකෝ.ඔයාට එක වැඩකට ලැබෙන්නේ $5. ඔයාට දවසට වැඩ 10ක් එනවා. ඉතින් මාසෙට වැඩ 300 එනවා, ඒ කියන්නේ 300 * 5 = $1500. දැන මොකද ඔයා කියන්නේ? මේ ගාණත් මදිද? මේ වගේ අදායමක් සාමාන්‍ය මනුස්සයෙක්ට ලැබෙන්නේ නැහැ. ඒත් ඔයා සාමාන්‍ය කෙනෙක් වෙලත් Fiverr වලින් මේ වගේ ආදායමක් ගන්න පුලුවන් වෙලා තියෙනවා.

දැන්වත් ඔයාට පේන්වද Fiverr වල තියෙන Potential එක එහෙමත් නැත්නම් Fiverr වලින් හොයාගන්න පුලුවන් ආදායම.

➠ වෘත්තිය මට්ටමේ Freelance සයිට් එකකින් සාර්ථක වෙන්න ටිකක් අමාරුයි. ඒකට Reputation, Portfolio & Profile Completion වගේ දේවල් බලපානවා. අනික Project එක දෙන කෙනාට Risk එකේ දාන බැරි ගාණක් වියදම් කරන්න වෙන නිසා, එයා හොන්දම කෙනාව තමයි තෝරගන්න බලන්නේ.

නමුත් Fiverr වල එහෙම දේවල් අවශ්‍ය නැහැ. පළවෙනි Sale එක 24hr ඇතුලත වුනත් ගන්න පුලුවන්.

හරි එහෙමනම් දැන් ඔයා Fiverr වල වටිනාකම දන්නවනේ, Fiverr ගැන තව ලිපි 10ට වඩා ලියන්න තියෙනවා. ඒ නිසා තව ගොඩක් දේවල් Fiverr ගැන කියන්න බලාපොරොත්තු වෙනවා.

ඔයා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න තාමත් අලුත් කෙනෙක්නම් ඔයාට ලොකු විශ්වාසයක් නැතුව ඇති මේ දේවල් ගැන. ඒත් මං මේ Fiverr ලිපි Set එක ලියන්න දැන් පටන්ගත්තා. මේක පටන්ගත්තු දවසෙම මං ඔයාට දෙයක් ගැන Guarantee වෙනවා. ඔයා මේ ලිපි ඔක්කොම හරියට කියවලා ඒ විදිහට System එක පිළිපැද්දොත් ඔයාට අනිවාර්යෙන් පළවෙනි සතිය ඇතුලත Sales 3වත් එනවා.

දැන් කියන්නම් මගේ Fiverr Career එක ගැන චුට්ටක්, එතකොට ඔයාට මේක කරන්න පුලුවන් දෙයක් කියලා හොඳටම තේරුම් යයි.

මං Fiverr වල මුලින්ම Account එකක් හැදුවේ 2011 ජුනි 11. ඒත් මං එදා නෙමෙයි Fiverr කරන්න පටන්ගත්තේ. ඒ තමයි මං මුලින්ම කරන්න කියලා හිතලා Fiverr Account එකක් හැදුව දවස.

මුලින්ම හැදුව දවසේ Fiverr එකේ Potential තියෙන එක තේරුනේ නැහැ. ඉතින් Gig එකක් දාන්න කම්මැලි හිතුනා, අර තියෙන Form ටික ඔක්කොම පුරවලා. ඒත් ලංකාවේ Blog එකක් වෙන IPlusBlog එකේ යාළුවගේ Revenue Proofs දැක්කට පස්සේ වැඩේ(Potential!) තේරුනා. ඊට පස්සේ ආයේ වෙනම Fiverr ගිණුමක් හැදුවා අනිත් ගිණුම Fiverr Customer Support එකට කියලා අයින්කරගෙන.

ඒ ගොඩක් විශේෂ දවසක. ඒ තමයි 2011 නොවැම්බර් 11. ඉලක්කමෙන් කිව්වොත් 11/11/11
ඔය දවසේ තමයි පළවෙනි Gig එක දාලා වැඩ පටන්ගත්තේ. ඒත් මං හරියටම උනන්දුවෙන් කරන්න පටන්ගත්තේ 2012 අගෝස්තු වල. හැබැයි ඊට කලිනුත් මුකුත් නොකර $68 හෙව්වා. කොහොමහරි 2012 අගෝස්තු වලින් පස්සේ තමයි කතාවේ පට්ටම හරිය පටන්ගත්තේ. පහළින් තියෙන්නේ ජූලි වල ඉඳලා මගේ Fiverr ආදායම.

★1. July – Just only $8 revenue.
★2. August – $20 බැහැලම පටන්ගත්තු මාසය.
★3. September – $28
★4. October – $203
★5. November – $388
★6. December – $322
★7. January(2013) – $332
★8. February – $795
★9. March – $472

ඔන්න නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි මාසවල Income Report එකත් එක්කම. හොන්ද Quality Image එකක් බලන්න රූපය උඩ කරන්න.

Fiverr Revenue Report

November Fiverr Income Report

Fiverr Revenues

December Fiverr Income Report

Fiverr Income

January Fiverr Income Report

Fiverr Income Guide

February Fiverr Income Report

කොහොමද පෙබරවාරි මාසයේ ආදායම? පෙබරවාරි මාසයෙ ආදායම ලංකාවේ මුදල් වලින් 100K පැන්නුවා. මෙන්න මේකත් බලන්නකෝ 2017 දි මම කරපු Fiverr Withdrawal එකක්.

ඉතින් ඔයාටත් ඒ විදිහට හොයන්න ආසද? මේ Fiverr ගැන Post Series එකම ඔයාට තමයි.
මේ එක ලිපියක් ලියන්න මගේ අනිත් වැඩ දවසෙම වගේ නවත්වන්න වෙනවා. සමහර වෙලාවට වැඩ කරන්නත් හොන්ඳ මනසක් අවශ්‍යයි. Mood එක අවුල් වුනාම කරන වැඩෙත් හරියන්නේ නෑ. ඉතින් ඊළඟ ලිපිය ලියන්න ඔයාලගේ උදව් ඕනා.

මේ Fiverr ගැන ලියපු පළවෙනි ලිපිය කියවන හැමෝම Google+, Facebook Share කරලා යාළුවන්ට කියන්න. මේ ලිපියට හොඳ Google+, FB Shares (20-30) ප්‍රමානයක් ලැබුනම අනිත් ලිපිය ලියන්නම්. කියවන හැම කෙනාම Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඊළඟ Fiverr ගැන ලියන ලිපිය ඔයාගේ ඊ-මේල් එකට ගන්න පහළින් Subscribe වෙන්න. කලින් කිව්වා වගේ මේ ලිපි Series එක අවසානයේ ඔයට හොඳ Fiverr Sales ප්‍රමානයක් එනවා..!

ඔයාගේ Living Income එක Fiverr හරහා හොයන්න කැමතිද? FUPS එකේ සඳහන් නොවන Fiverr Strategies දැනගන්න ආසද? එහෙනම් ඔයාගේ Email එක ලියලා Subscribe වෙන්න.!

Filed Under: Online Marketing

ඔයාගේ Payoneer Account Fees අඩුකරගන්න මෙහෙම කරන්න

April 8, 2013 By ෂ්‍යාම් චතුරංග 15 Comments

Payoneer Card Fees Minimization

Payoneer Card කියන්නේ තවත් එක සමාන්‍ය Master Debit Card එකක් නෙමෙයි, මේක Online Free ගන්න පුලුවන් වටිනා කාඩ් එකක්. දැනට මං Payoneer Card ගැන ගොඩක් දේවල් කියලා තියෙනවා. ඒවා ඔයා තාමත් කියෙව්වේ නැත්නම් ඒවා කියවන්න පහළින් ගිහින්,

  • ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද?

මේ ලිපියෙන් Payoneer Card කියන්නේ මොකක්ද, Payoneer Card වල තියෙන Fees ගැන, Application එක Fill කරන්නේ කොහොමද කියලා තමයි තියෙන්නේ. ඔයාට තාමත් Payoneer Card එකක් නැත්නම් ඔය ලිපිය කියවන්න, එකේ තියෙන විදිහට කරන්න.

  • Payoneer MasterDebit කාඩ් එක මඟින් PayPal Verify කරන්න

මේ ලිපියෙන් ඔයාගේ PayPal Account එක Verify කරගන්න Payoneer Card එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා තමයි තියෙන්නේ. ඒ වගේම තව දැනගතයුතු පොඩි දේවලුත් එක්ක Verify කරාම ලැබෙන වාසි තොගයකුත් තියෙනවා.

  • Payoneer MasterCard හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න

මේක තමයි වැදගත්ම ලිපිය, ඔයාට PayPal වල මුදල් ගන්න බැරුව නම් ඉන්නේ මේක කියවලා US Payment Service Enable කරගෙන PayPal මුදල් Payoneer වලට ගන්න කිසිම කරදරයක් නැතුව.

තවත් දෙයක් මේ බ්ලොග් එක පටන් ගත්තේ මාර්තු 8 2013, එතකොට අද අප්‍රියෙල් 8, ඒ කියන්නේ අද SLMarketer.com බ්ලොග් එකට මාසයයි. ඉතින් මේ මාසය SLMarketer බ්ලොග් එකත් එක්ක හිටපු අය මොනවාහරි වැදගත් දෙයක් ඉගෙනගන්න ඇති කියලා විශ්වාස කරනවා. බ්ලොග් ලිපි අනිත් අයට කියන්න Facebook Share, Twitter Share, Google+ දාපු හැමෝටම Thanks.!

Kill Your Payoneer Card Fees..!

අද කියන්න යන්නෙත් Payoneer Card එක ගැනම තමයි. ගොඩක් අයට Payoneer Card එක ගැන කිව්වම කියන්නේ මේකේ Fees වැඩියි කියලා, ඒත් මේක හරියට පාවිච්චි කරන කොට ගොඩක් Fees අඩු වෙනවා. හරි එහෙනම් අපි Payoneer Card Fees අඩුකරගන්න පුලුවන් Tactics මොනාද කියලා බලමු.

❶Payoneer Card එක ගත්තම ඒක මුලින්ම Activate කරන්න ඕනා. ඔයාට Free Payoneer Card එකට Apply කරන්න පුලුවන්, ඒ වගේම මේ කාඩ් එක ඔයාට Free Ship වෙන්නේ. ඉතින් මේ කාඩ් එකට Activation Fee එක වැඩියි කියලා හිතන්න එපා. ඒ අය කරන්නෙත් ව්‍යාපාරයක්, මේකේ Activation Fees දැක්ක ගමන් කට්ටිය ගොඩක් බය වෙනවා. ඒත් මේ Activation Fee එක කියන්නේ One-Time Only or First Time Only Fee එකක්. ඒ කියන්නේ ඔයා කාඩ් එකට මුදල් දාන පළවෙනි පාර විතරයි ඔය Activation Fee එක කැපෙන්නේ.

ඊට පස්සේ ආයේ කවදාවත් Activation Fee එකක් කැපෙන්නේ නෑ.මේක හරියටම ඇත්තද කියලා මං දන්නේ නෑ. මගේ යාළුවෙක් $800 අරගෙන එයාට Activation Fee කැපිල තිබුනේ නැහැ. ඉතින් මෙහෙම හිතන්නත් පුලුවන්. ඔයා මුදල් ලොකු ප්‍රමාණයක් Payoneer Card එකට Load කලොත් Activation Fee එකක් නැති වෙන්නත් පුලුවන්, සමහරවිට Payoneer Technical Problem හින්දා යාළුවට කැපුනේ නැද්ද දන්නේත් නෑ. කොහොමවුනත් Try කරලා බලන්න, ඔයාට කිසිම විදිහකින් පාඩුවක් වෙන්නේ නෑ, ඒ කොහොමද කියලා ඉස්සරහට කියන්නම්.

❷ඔයා Payoneer Card එක Load කරන හැම පාරකටම ඔයාට $2 හෝ $5 වියදම් වෙනවා. කලින් ලිපියේ කිව්ව වගේ $2 කියන්නේ Standard Loading Fee එක, ඒ කියන්නෙ ඔයාට දවස් 2කින් තමයි මුදල් Payoneer Card එකට වැටෙන්නේ. ඔයාට හදිස්සියක් නැති හැම වෙලාවෙම ඔයා තෝරන්න ඕන Option එක මේක විතරයි. ඒ වගේම ඔයාට තෝරන්න පුලුවන් වියදම අඩුම Option එකත් මේකයි.

නිතරම ඉස්සරහා ගැන හිතලා බලලා වැඩකරන්න පුරුදුවෙන්න. එතකොට ඔයාට ඉස්සරහට දැනගෙන එන මුදල් හදිස්සියකදී Payoneer Card Fees අඩුකරගන්න පුලුවන්. හැබැයි ඔයාට නොදැන එන හදිස්සියකදීත් Fees අඩුකරගන්න තරම් ලෝභ වෙන්නත් එපා! ඔයාට හදිස්සියක් වුනොතින් කෙලින්ම තෝරන්න $5 Immediate Load Option එක. ඒකෙන් ඔයාට 11minutes වගේ ඇතුලත මුදල් ගන්න පුලුවන්.

❸හිතන්න ඔයාට අවුරුද්දට අන්තර්ජාලයෙන් $12000 අදායමක් එනවා කියලා. එතකොට මාසෙක Average එක වෙන්නේ $1000 ඔයා මුදල් PayPal එකේ හෝ Fiverr හෝ වෙනත් ගිණුමක තියන්නෙත් නෑ, $200, $300 වගේ ආපු ගමන්  Payoneer Card එකට Withdraw කරනවා.  ඔයා $200 වගේ එනකොට Withdraw කලොත් ඔයා මාසෙකට 5ස් පාරක් Withdraw කරනවා. ඒ කියන්නේ $2 Standard Load Option එක හෝ $5 Immediate Load Option එක 5ස් පාරක් කැපෙනවා ඔයාට මාසෙකට.

  • $2 Standard Load Total Fee Per Month – $2 x 5 = $10
    Monthly Income – $1000
    Monthly Profit – $1000 – $10 = $990
  • $5 Immediate Load Total Fee Per Month – $5 x 5 = $25
    Monthly Income – $1000
    Monthly Profit – $1000 – $25 = $975

දැන් ඔයා මාසෙට $1000 හොයනගමන් $200 පිරෙනකොටම Withdraw කලොත් ඔයාට කැපෙන්න පුලුවන් Payoneer Card Fees තමයි ඔය උඩ තියෙන්නේ.  දෙවනි Point එකෙන් කිව්ව දේ වියදම අඩුකරනවා කියලා දැන් ඔයාට පේනවනේ. ඔය විදිහට කැපෙන්නේ ඔයා 5පාරක් Withdraw කලොත් විතරයි, නමුත් ඔයා මාසෙට එක පාරක් Withdraw කලොත් ඒ කියන්නේ කෙලින්ම $1000ම Withdraw කලොත් ඔයාට කැපෙන්නේ $2 හෝ $5 විතරයි මාසෙටම.

ඔයා මාසෙට 5පාරක් Withdraw කලොත් ඔයාට අවුරුද්දට $12,000 – ($10 x 12) = $11,880 විතරයි ඉතුරු වෙන්නේ $2 Standard Option එකෙන්, එතකොට $5 Immediate Option එකෙන් ඔයාට ඉතුරු වෙන්නේ $12,000 – ($25 x 12)= $11,700.

ඒත් ඔයා මාසෙට එක පාරක් Withdraw කලොත් ඔයාට ඉතුරු වෙනවා $11,988 $2 Option එකෙන්, එවගේම $11,940 $5 Option එකෙන්. ඉතින් ඔයා මාසෙට, අවුරුද්දට Withdraw කරන පාරවල් අඩු කරන්න, එතකොට ඔයාගේ Payoneer Card Fees ගොඩක් අඩුවෙයි.

❹නිතරම කාඩ් එක පාවිච්චි කරන අයට ගොඩක් Payoneer Card Fees අඩුවෙනවා. මට දැන් $2 Standard Load Option එකට කැපෙන්නේ $1 විතරයි, ATM Withdrawal වලට කැපෙනවා කියලා දාලා තියෙන $3 කැපෙන්නෙත් නෑ. අනිත් Fees නම් ඔක්කොම එකයි.

❺Payoneer Card වලට Fees කිහිපයක් තියෙනවා Optional Fees විදිහට, ඒ කියන්නේ කාඩ් එකේ මුදල් තියෙනවනම් විතරයි මේවා කැපෙන්නේ. ගොඩක් වෙලාවට පහළ තියෙන සමහර Fees ඔයාට නැතුවත් ඇති. Partner Programs වලින් ගන්නේ නැතිවුනාම ගොඩක් Fees අඩුයි.

  1. Monthly Card Account Maintenance  – $3
  2. Monthly Card Account Maintenance – $1
  3. Annual Card Account Maintenance – $29.95

ඔය Fees තුනම කැපෙන්නේ කාඩ් එකේ මුදල් ඉතුරුවෙලා තිබුනොත් විතරයි. ඒවගේම ඔය මුලින්ම තියෙන Fees 2ක කැපෙන්නේ Partner Programs වලින් ගන්න කාඩ් වලට විතරයි. ඔයා කාඩ් එක ගත්තේ Partner Program එකකින් නම් ඔය Fees 2ක කැපෙන එක නවත්වන්න පුලුවන් මෙහෙම. නිතරම කාඩ් එකේ සල්ලි තියන්න එපා. $1 වගේ ඉතුරුකරලා ඉතුරු ඔක්කොම ගන්න.

සමහරවිට ඔයා සල්ලිගන්න කලින් Google එකේ $1 කීයද කියලා බලලා වෙන්න ඇති ගන්න යන්නේ, ඒත් ඔයා බලන්න ඕන Google එකේ නෙමෙයි. ඔයා සල්ලි ගන්න ඉන්න ATM එකේ බැංකුවේ ගන්න ඉන්න දවසේ $1 Buying Rate එක. නිතරම එකේ $ Buying Rate එක බලල ඒ ගනෙන් ඔයාගේ කාඩ් එකේ තියෙන ගාන වැඩි කරලා රුපියල් 200, 300 විතර අඩු කරල ATM එකෙන් ගන්න. එතකොට චූටි ගානක් විතරක් කාඩ් එකේ ඉතුරුවෙයි.

ඔය අන්තිමට තියෙන Fee එක තියෙන්නේ කෙලින්ම ගන්න කාඩ් වලට විතරයි. ඔයා මේ බ්ලොග් එකේ තියෙන Link එකකින් ගිහිල්ලා හදාගත්තා නම් ඔයාට කැපෙන්න තියෙන්නේ ඔය වාර්ෂික එක විතරයි. ඕකත් කැපෙන්නේ කාඩ් එකේ සල්ලි තිබුනොත් විතරයි, ඉතින් කාඩ් එකේ සල්ලි නොතිබුනොත් කැපෙන්නේ නෑ. හැබැයි ඕනවට වඩා කැපෙන Fees නවත්වන්න ගිහිල්ලා Payoneer එකෙන් Contact කරලා ගෙවන්න කියන්නත් බැරි නැහැ. ඒ නිසා වාර්ෂික Fee එකෙන් පොඩ්ඩක් හරි ගෙවන්න චුටි ගානක් ඉතුරු කරලා කාඩ් එකේ.

❻Partner Programs වලින් Payoneer කාඩ් එක නොගැනීම. මං මෙහෙම කියන්නේ ඇයි කියලා ඔයාට දැනටමත් තේරෙනවා ඇති. මොකද, Partner Programs වලින් ගන්න Payoneer කාඩ් වලට එක එක ජාතියේ තියෙනවා, නමුත් කෙලින්ම ගන්න කාඩ් වලට තියෙන්නේ බොහොම චුට්ටයි. Direct Payoneer Card එකට Apply කරද්දී තියෙන Fees ටික බලන්න පහළ විදිහට යන්න.

>>> Payoneer Default Card Fees » Pricing & Fees (උඩම තියෙන Menu එකේ 3නි එක.)

ඔයාට තාමත් Payoneer Card එකක් නැත්නම් දැන්ම ගිහින් Apply කරන්න. ඔයාට පිටින් පේනවට වඩා ලාභයක් මේ කාඩ් එකේ තියෙනවා. මේක තමයි ලාභම කාඩ් එක ගන්න පුලුවන්. ඔයා මේ දවස් වල Apply කරනවනම් ඔයාට $25 Bonus එකකුත් ලැබෙනවා. හැබැයි ඔයා $100 වත් කාඩ් එකට දැම්මට පස්සේ තමයි.


Signup For a Payoneer CardSignup For a Payoneer CardSignup For a Payoneer Card

Signup for $25 Included Payoneer Card

Filed Under: Online Marketing

Payoneer හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න

April 5, 2013 By ෂ්‍යාම් චතුරංග 94 Comments

Payoneer US Payment Service With PayPal

ලංකාවේ අන්තර්ජාල අලෙවිකරුවන්ට Payoneer කියන්නේ ගොඩක් වටින දෙයක්. PayPal ලංකාවට නැති වුනත් ඒකත් ඔයාට වටිනවා. ඉතින් PayPal ලංකාවට මුදල් එවන්නේ නැතිවුනත් ඔයාට පුලුවන් මේ Payoneer කාඩ් එක හරහා ඒ මුදල් ලංකාවට ගෙන්වන්න. ඔයා Payoneer හරහා ලංකාවට මුදල් ගෙන්වද්දී ඒක නීත්‍යානුකූල ගණුදෙනුවක් වෙනවා. ඒ නිසා ඔයාට බය වෙන්න කිසිම හේතුවක් නැහැ.

Payoneer එක ගැන ගොඩක් දේවල් මං කලින් ලිපිවලදී කිව්වනේ, අන්තිමට ලියපු ලිපියෙන් කිව්වා PayPal මුදල් ලංකාවට ගන්න හැටි කියනවා කියලා. මේකට ඔයාට අනිවාර්යයෙන් Payoneer Account එකක් තියෙන්න ඕනා, ඔයාට තාමත් Payoneer Account එකක් නැත්නම් එකකට Apply කරන හැටි ලියපු ලිපිය කියවන්න.

හරි ඔයාට දැනටමත් Payoneer Account එකක් තියෙනවනම වැඩේ කරමු. මෙතනදී ඔයා මුදල් ගන්න යන්නේ සාමාන්‍ය විදිහට කාඩ් එක Link කරලා නෙමෙයි, ඔයාට එහෙම කරන්න බැහැ. ඒකට හේතුව මං කලින් ලිපියේ කිව්වා. සාමාන්‍ය විදිහට Link එක කරලා ඔයාට මුදල් ගන්න බැරි, PayPal මුදල් එවන්නේ Visa Card වලට විතරක් නිසා. Payoneer කාඩ් එක කියන්නේ Visa Card එකක් නෙමෙයි, Payoneer කාඩ් එක MasterCard එකක්, ඒක ඔයාට Payoneer කාඩ් එකෙන්ම බලාගන්න පුලුවන් MasterCard Logo එක තියෙන හින්දා.
ඔයා දැන් එහෙමනම් කොහොමද PayPal සල්ලි ගන්නේ කියලා හිතනවා ඇති. Payoneer කාඩ් ගන්න අයට නොමිලේ US Bank Account එකකට Apply කරන්න පුලුවන් කියලා මං කලින් Payoneer ගැන ලියපු පළවෙනි ලිපියේ කිව්වනේ. ඉතින් ඔයා ඒ US Bank Account එක Link කරලා තමයි දැන් PayPal මුදල් Payoneer වලට ගන්නේ.

ඔයාට පුලුවන් Partner Programs වලින් කාඩ් ලබාගන්නත්, කෙලින්ම Payoneer සයිට් එකෙන් Apply කරලා ලබාගන්නත්. ඔයාට දැනටමත් Partner Program එකකින් ගත්තු කාඩ් එකක් තියෙනවනම් ඔයාට US Bank Account ලැබිලා නැතුව ඇති. නමුත් ඔයා කෙලින්ම Payoneer සයිට් එකෙන් Apply කරලා ගත්තු කෙනෙක්නම් ඔයාට US Bank Account තියෙන්න ඕනා. මොකද කෙලින්ම Apply කරන අයට තියෙන්නේ පුන්චි Tick එකක් දාන්න විතරයි Apply කරද්දී.

Apply For US Payment Service

US Payment Service නැති අයට මෙහෙම කරාම US Bank Account එකක් ගන්න පුලුවන්, හැබැයි මේකට ඔයාගේ National ID Copy(Scanned or Picture) එකක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒකත් ලෑස්ති කරගෙන වැඩේ කරන්න පටන් ගන්න.

Payoneer US Payment Service

Payoneer US Payment Filling Guide

❶මුලින්ම මේකට යන්න → http://www.payoneer.com/emailform.aspx
❷ඔයා කාඩ් එක ගත්තු නම, ඊමේල් එක, කාඩ් එකේ අන්තිම ඉලක්කම් 4 අවශ්‍ය තැන්වල පුරවන්න.
❸අනිත් දේවල් ඔය පින්තූරේ තියෙන විදිහට දාන්න. අන්තිමට ලියන දේ අනිවාර්යයි.

**මං ඔය අන්තිමට English වලින් ලියලා තියෙන එකට එහෙම කලේ හේතුවක් ඇතුවයි. මං දන්නවා ඔයාට ඒ දේවත් ලියාගන්න English Knowledge එකක් නැතිවෙන්න පුලුවන් කියලා. ඒත් එහෙම කියලා Payoneer එකට ලංකාවෙන් එන Application වලට Red Flag එකක් උස්සන්න මට අවශ්‍ය නැහැ. ඕක මං සම්පූර්ණයෙන් පේන්න දැම්මොත් English Knowledge එකක් නැති අය තනිකර ඔය ටිකම කොපි කරලා යවයි, ඔය ටිකම ගොඩක් දෙනෙක් යවද්දී ඉතින් මොකද වෙන්නේ කියලා තේරෙනවා ඇතිනේ. ඒ නිසා ගෙදර English දන්න කාටමහරි කියලා ඒක ලියාගන්න.

ඔයා මුලින්ම යවන්න ඕනා ඔයාට US Payment Service එකට Apply කරන්න ඕනා. ඔයා දන්න තරමින් අවශ්‍ය Identity Copy එකක්, ඒක ඔයා Attach කලා කියලා(මතක ඇතුව ඒක යවන්න Attach කරලා). ඊට පස්සේ එන විදිහට යවලා අවශ්‍ය Documents ටික යවලා වැඩේ කරගන්න. මේකට මාසයක් විතර යන්න පුලුවන්, මට මාසයකට වඩා ගියා පොඩි පෞත්ගලික අවුලකුත් හින්දා.
කොහොමහරි අන්තිමට US Payment Service Approve උනාම මෙන්න මේ වගේ Email එකක් එනවා. මේ මේල් එකේ තමයි US Bank Account එකේ විස්තර තියෙන්නේ.

US Payment Service Approved Email

US Payment Service Approved Email

Withdrawing Funds From PayPal to Payoneer

ඔය මේල් එක ආවට පස්සේ තමයි ඉතුරු වැඩේ තියෙන්නේ, දැන් ඉතින් ඔය ව්ස්තර ටිකත් අරගෙන PayPal එකට Log වෙන්න. ඊටපස්සේ පහළ විදිහට යන්න. ආහ්.. තවත් දෙයක්, ඔයාට කලින් ඉඳලම US Payment Service තියෙනවනම්, ඒ ආපු Approved මේල් එක හොයාගන්න බැරිනම් ඔයාට මෙහෙම ගිහින් ඒ විස්තර හොයාගන්න පුලුවන් ඕනම වෙලාවක.
Member Dashboard » Services » US Payment Service.

හරි එහෙනම් PayPal එකට US Bank Account එක Link කරමු.
❶My Account » Profile » Add/Edit Bank Account.
❷ඔයා කාඩ් එක ගත්තු නම, ඊමේල් එක, කාඩ් එකේ අන්තිම ඉලක්කම් 4 අවශ්‍ය තැන්වල පුරවන්න.
❸ඊට පස්සේ Country එක විදිහට United States තෝරන්න.
❹දැන් Account Type එක Checking කියලා තෝරලා, අනිත් ඒවා ඔයාට ආපු මේල් එකේ හෝ කලින් කිව්ව විදිහට ගියාම තියෙන විස්තර Bank Name, Routing Number, Account Number වලට පුරවලා Continue කරන්න. එතකොට US Bank Account එක Add වෙන්න ඕනා.

දැන් ඔයාට පුලුවන් PayPal මුදල් ඔයාගේ Payoneer එකට ගෙන්නගන්න. ඒකට මෙතනට My Account ➠ Withdraw ➠ Withdraw to your Bank Account ගිහින් කැමති ගානක් දීලා Continue කරන්න. දවස් 3-4 වගේ යයි, පහළින් තියෙන්නේ මං Payoneer එකට ගත්තු මුදල් වල පින්තූරයක්.

PayPal To Payoneer Transfer Through US Payment Service.

PayPal Funds To Payoneer

ගොඩක් අය මේ Post එක ඉක්මනින් දාන්න කිව්වා, ඉතින් මං හිතනවා ඒ අයට මේ ලිපිය වැදගත් උනා වගේම තවත් අයට මේක වැදගත් වෙයි කියලා. මේ ලිපිය අනිත් යාලුවන්ට දැනගන්න මේල් කරන්න, Facebook, Twitter, Google Plus Share කරන්න කියලා ඉල්ලනවා. මොකද PayPal වල සල්ලි තියාගෙන ගන්න විදහක් නැතුව ඉන්න අය තව ගොඩක් ඇති ඔයා වගේම. ඊළඟ ලිපිය ඊමේල් එකට ගැනීමට පහළින් Subscribe වෙන්න.

UPDATE: 2014 ඉඳලා මේ ක්‍රමය PayPal එකෙන් Block කරලා තිබුනේ, ඒත් මමත් ඇතුලුව තව ටික දෙනෙක් සාර්තකව Payoner US Bank Account එක PayPal එකට Link කරලා 2020දී මුදල් අරගන තියෙනවා. වැඩි විස්තර මාත් තවම හොයන ගමන් …

Filed Under: Online Marketing

  • « Previous Page
  • 1
  • 2
  • 3
  • Next Page »

Email Newsletter!

අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හැටි හා එම ව්‍යාපාරය නිවැරදිව සාර්ථක කරගන්න හැටි කියවන්න කැමතිද?

ඒ වගේම Internet Marketing ගැන SLMarketer විසින් ලියවෙන හැම ලිපියක්ම ඔයාගේ Inbox එකට ගන්න කැමතිද?

එහෙනම් SLMarketer Email Newsletter එකට දැන්ම Join වෙන්න.

Fiverr Success

What’s Your Passion?

ඔයාගෙන් මම ඇහුවොත් ඔයා කියවන්න ආසම කරන Topic එක මොකක්ද කියලා, ඔයා මොකක්ද දෙන උත්තරය? SLMarketer එක ඔයත් මීට කලින් එකපාරක් හරි කියවලා ඇති.


දිගටම ඔයා අන්තර්ජාල අලෙවිකරණය ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ Survey එක Fill කරලා ඒක ගැන අපට කියන්න.


→ Tell Us Your Passion NOW
Get Targeted Traffic, Increase Sales! Get Your Own Domain Name Shrink Your Links Get Your Payoneer Card With $25 Earn by Sharing Internet Earn Free Crypto Get Your Crypto Wallet on Coinbase Get Your Crypto Wallet on Binance

සම්බන්ධ වෙමුද?


Follow @SLMarketer

SLMarketer RSS Feed Subscription!

හොඳම Shared Hosting!

HostGator Discount

අලුත්ම ලිපි

  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්
  • High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න
  • SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

කර්තෘ ගැන…

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 6ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.   Read More…

Email Newsletter

විශේෂ ලිපි, ඊ-පොත්, වීඩියෝ මග පෙන්වීම් ආදිය හා පළවන සෑම ලිපියක්ම ඔබේ ඊ-මේල් එකටම ගෙන්වා ගන්න.

හොයන්න

[footer_backtotop]

Copyright © 2026 SLMarketer.com • අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සින්හලෙන් ඉගෙනගන්න.
සියලුම අන්තර්ගතයේ අයිතිය SLMarketer.com අඩවිය සතුය. · A Site By ScorpionGod Lair