SLMarketer

ඔයාගේ Payoneer Account Fees අඩුකරගන්න මෙහෙම කරන්න

Payoneer Card Fees Minimization

Payoneer Card කියන්නේ තවත් එක සමාන්‍ය Master Debit Card එකක් නෙමෙයි, මේක Online Free ගන්න පුලුවන් වටිනා කාඩ් එකක්. දැනට මං Payoneer Card ගැන ගොඩක් දේවල් කියලා තියෙනවා. ඒවා ඔයා තාමත් කියෙව්වේ නැත්නම් ඒවා කියවන්න පහළින් ගිහින්,

මේ ලිපියෙන් Payoneer Card කියන්නේ මොකක්ද, Payoneer Card වල තියෙන Fees ගැන, Application එක Fill කරන්නේ කොහොමද කියලා තමයි තියෙන්නේ. ඔයාට තාමත් Payoneer Card එකක් නැත්නම් ඔය ලිපිය කියවන්න, එකේ තියෙන විදිහට කරන්න.

මේ ලිපියෙන් ඔයාගේ PayPal Account එක Verify කරගන්න Payoneer Card එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා තමයි තියෙන්නේ. ඒ වගේම තව දැනගතයුතු පොඩි දේවලුත් එක්ක Verify කරාම ලැබෙන වාසි තොගයකුත් තියෙනවා.

මේක තමයි වැදගත්ම ලිපිය, ඔයාට PayPal වල මුදල් ගන්න බැරුව නම් ඉන්නේ මේක කියවලා US Payment Service Enable කරගෙන PayPal මුදල් Payoneer වලට ගන්න කිසිම කරදරයක් නැතුව.

තවත් දෙයක් මේ බ්ලොග් එක පටන් ගත්තේ මාර්තු 8 2013, එතකොට අද අප්‍රියෙල් 8, ඒ කියන්නේ අද SLMarketer.com බ්ලොග් එකට මාසයයි. ඉතින් මේ මාසය SLMarketer බ්ලොග් එකත් එක්ක හිටපු අය මොනවාහරි වැදගත් දෙයක් ඉගෙනගන්න ඇති කියලා විශ්වාස කරනවා. බ්ලොග් ලිපි අනිත් අයට කියන්න Facebook Share, Twitter Share, Google+ දාපු හැමෝටම Thanks.!

Kill Your Payoneer Card Fees..!

අද කියන්න යන්නෙත් Payoneer Card එක ගැනම තමයි. ගොඩක් අයට Payoneer Card එක ගැන කිව්වම කියන්නේ මේකේ Fees වැඩියි කියලා, ඒත් මේක හරියට පාවිච්චි කරන කොට ගොඩක් Fees අඩු වෙනවා. හරි එහෙනම් අපි Payoneer Card Fees අඩුකරගන්න පුලුවන් Tactics මොනාද කියලා බලමු.

Payoneer Card එක ගත්තම ඒක මුලින්ම Activate කරන්න ඕනා. ඔයාට Free Payoneer Card එකට Apply කරන්න පුලුවන්, ඒ වගේම මේ කාඩ් එක ඔයාට Free Ship වෙන්නේ. ඉතින් මේ කාඩ් එකට Activation Fee එක වැඩියි කියලා හිතන්න එපා. ඒ අය කරන්නෙත් ව්‍යාපාරයක්, මේකේ Activation Fees දැක්ක ගමන් කට්ටිය ගොඩක් බය වෙනවා. ඒත් මේ Activation Fee එක කියන්නේ One-Time Only or First Time Only Fee එකක්. ඒ කියන්නේ ඔයා කාඩ් එකට මුදල් දාන පළවෙනි පාර විතරයි ඔය Activation Fee එක කැපෙන්නේ.

ඊට පස්සේ ආයේ කවදාවත් Activation Fee එකක් කැපෙන්නේ නෑ.මේක හරියටම ඇත්තද කියලා මං දන්නේ නෑ. මගේ යාළුවෙක් $800 අරගෙන එයාට Activation Fee කැපිල තිබුනේ නැහැ. ඉතින් මෙහෙම හිතන්නත් පුලුවන්. ඔයා මුදල් ලොකු ප්‍රමාණයක් Payoneer Card එකට Load කලොත් Activation Fee එකක් නැති වෙන්නත් පුලුවන්, සමහරවිට Payoneer Technical Problem හින්දා යාළුවට කැපුනේ නැද්ද දන්නේත් නෑ. කොහොමවුනත් Try කරලා බලන්න, ඔයාට කිසිම විදිහකින් පාඩුවක් වෙන්නේ නෑ, ඒ කොහොමද කියලා ඉස්සරහට කියන්නම්.

ඔයා Payoneer Card එක Load කරන හැම පාරකටම ඔයාට $2 හෝ $5 වියදම් වෙනවා. කලින් ලිපියේ කිව්ව වගේ $2 කියන්නේ Standard Loading Fee එක, ඒ කියන්නෙ ඔයාට දවස් 2කින් තමයි මුදල් Payoneer Card එකට වැටෙන්නේ. ඔයාට හදිස්සියක් නැති හැම වෙලාවෙම ඔයා තෝරන්න ඕන Option එක මේක විතරයි. ඒ වගේම ඔයාට තෝරන්න පුලුවන් වියදම අඩුම Option එකත් මේකයි.

නිතරම ඉස්සරහා ගැන හිතලා බලලා වැඩකරන්න පුරුදුවෙන්න. එතකොට ඔයාට ඉස්සරහට දැනගෙන එන මුදල් හදිස්සියකදී Payoneer Card Fees අඩුකරගන්න පුලුවන්. හැබැයි ඔයාට නොදැන එන හදිස්සියකදීත් Fees අඩුකරගන්න තරම් ලෝභ වෙන්නත් එපා! ඔයාට හදිස්සියක් වුනොතින් කෙලින්ම තෝරන්න $5 Immediate Load Option එක. ඒකෙන් ඔයාට 11minutes වගේ ඇතුලත මුදල් ගන්න පුලුවන්.

හිතන්න ඔයාට අවුරුද්දට අන්තර්ජාලයෙන් $12000 අදායමක් එනවා කියලා. එතකොට මාසෙක Average එක වෙන්නේ $1000 ඔයා මුදල් PayPal එකේ හෝ Fiverr හෝ වෙනත් ගිණුමක තියන්නෙත් නෑ, $200, $300 වගේ ආපු ගමන්  Payoneer Card එකට Withdraw කරනවා.  ඔයා $200 වගේ එනකොට Withdraw කලොත් ඔයා මාසෙකට 5ස් පාරක් Withdraw කරනවා. ඒ කියන්නේ $2 Standard Load Option එක හෝ $5 Immediate Load Option එක 5ස් පාරක් කැපෙනවා ඔයාට මාසෙකට.

දැන් ඔයා මාසෙට $1000 හොයනගමන් $200 පිරෙනකොටම Withdraw කලොත් ඔයාට කැපෙන්න පුලුවන් Payoneer Card Fees තමයි ඔය උඩ තියෙන්නේ.  දෙවනි Point එකෙන් කිව්ව දේ වියදම අඩුකරනවා කියලා දැන් ඔයාට පේනවනේ. ඔය විදිහට කැපෙන්නේ ඔයා 5පාරක් Withdraw කලොත් විතරයි, නමුත් ඔයා මාසෙට එක පාරක් Withdraw කලොත් ඒ කියන්නේ කෙලින්ම $1000ම Withdraw කලොත් ඔයාට කැපෙන්නේ $2 හෝ $5 විතරයි මාසෙටම.

ඔයා මාසෙට 5පාරක් Withdraw කලොත් ඔයාට අවුරුද්දට $12,000 – ($10 x 12) = $11,880 විතරයි ඉතුරු වෙන්නේ $2 Standard Option එකෙන්, එතකොට $5 Immediate Option එකෙන් ඔයාට ඉතුරු වෙන්නේ $12,000 – ($25 x 12)= $11,700.

ඒත් ඔයා මාසෙට එක පාරක් Withdraw කලොත් ඔයාට ඉතුරු වෙනවා $11,988 $2 Option එකෙන්, එවගේම $11,940 $5 Option එකෙන්. ඉතින් ඔයා මාසෙට, අවුරුද්දට Withdraw කරන පාරවල් අඩු කරන්න, එතකොට ඔයාගේ Payoneer Card Fees ගොඩක් අඩුවෙයි.

නිතරම කාඩ් එක පාවිච්චි කරන අයට ගොඩක් Payoneer Card Fees අඩුවෙනවා. මට දැන් $2 Standard Load Option එකට කැපෙන්නේ $1 විතරයි, ATM Withdrawal වලට කැපෙනවා කියලා දාලා තියෙන $3 කැපෙන්නෙත් නෑ. අනිත් Fees නම් ඔක්කොම එකයි.

Payoneer Card වලට Fees කිහිපයක් තියෙනවා Optional Fees විදිහට, ඒ කියන්නේ කාඩ් එකේ මුදල් තියෙනවනම් විතරයි මේවා කැපෙන්නේ. ගොඩක් වෙලාවට පහළ තියෙන සමහර Fees ඔයාට නැතුවත් ඇති. Partner Programs වලින් ගන්නේ නැතිවුනාම ගොඩක් Fees අඩුයි.

  1. Monthly Card Account Maintenance  – $3
  2. Monthly Card Account Maintenance – $1
  3. Annual Card Account Maintenance – $29.95

ඔය Fees තුනම කැපෙන්නේ කාඩ් එකේ මුදල් ඉතුරුවෙලා තිබුනොත් විතරයි. ඒවගේම ඔය මුලින්ම තියෙන Fees 2ක කැපෙන්නේ Partner Programs වලින් ගන්න කාඩ් වලට විතරයි. ඔයා කාඩ් එක ගත්තේ Partner Program එකකින් නම් ඔය Fees 2ක කැපෙන එක නවත්වන්න පුලුවන් මෙහෙම. නිතරම කාඩ් එකේ සල්ලි තියන්න එපා. $1 වගේ ඉතුරුකරලා ඉතුරු ඔක්කොම ගන්න.

සමහරවිට ඔයා සල්ලිගන්න කලින් Google එකේ $1 කීයද කියලා බලලා වෙන්න ඇති ගන්න යන්නේ, ඒත් ඔයා බලන්න ඕන Google එකේ නෙමෙයි. ඔයා සල්ලි ගන්න ඉන්න ATM එකේ බැංකුවේ ගන්න ඉන්න දවසේ $1 Buying Rate එක. නිතරම එකේ $ Buying Rate එක බලල ඒ ගනෙන් ඔයාගේ කාඩ් එකේ තියෙන ගාන වැඩි කරලා රුපියල් 200, 300 විතර අඩු කරල ATM එකෙන් ගන්න. එතකොට චූටි ගානක් විතරක් කාඩ් එකේ ඉතුරුවෙයි.

ඔය අන්තිමට තියෙන Fee එක තියෙන්නේ කෙලින්ම ගන්න කාඩ් වලට විතරයි. ඔයා මේ බ්ලොග් එකේ තියෙන Link එකකින් ගිහිල්ලා හදාගත්තා නම් ඔයාට කැපෙන්න තියෙන්නේ ඔය වාර්ෂික එක විතරයි. ඕකත් කැපෙන්නේ කාඩ් එකේ සල්ලි තිබුනොත් විතරයි, ඉතින් කාඩ් එකේ සල්ලි නොතිබුනොත් කැපෙන්නේ නෑ. හැබැයි ඕනවට වඩා කැපෙන Fees නවත්වන්න ගිහිල්ලා Payoneer එකෙන් Contact කරලා ගෙවන්න කියන්නත් බැරි නැහැ. ඒ නිසා වාර්ෂික Fee එකෙන් පොඩ්ඩක් හරි ගෙවන්න චුටි ගානක් ඉතුරු කරලා කාඩ් එකේ.

Partner Programs වලින් Payoneer කාඩ් එක නොගැනීම. මං මෙහෙම කියන්නේ ඇයි කියලා ඔයාට දැනටමත් තේරෙනවා ඇති. මොකද, Partner Programs වලින් ගන්න Payoneer කාඩ් වලට එක එක ජාතියේ තියෙනවා, නමුත් කෙලින්ම ගන්න කාඩ් වලට තියෙන්නේ බොහොම චුට්ටයි. Direct Payoneer Card එකට Apply කරද්දී තියෙන Fees ටික බලන්න පහළ විදිහට යන්න.

>>> Payoneer Default Card Fees » Pricing & Fees (උඩම තියෙන Menu එකේ 3නි එක.)

ඔයාට තාමත් Payoneer Card එකක් නැත්නම් දැන්ම ගිහින් Apply කරන්න. ඔයාට පිටින් පේනවට වඩා ලාභයක් මේ කාඩ් එකේ තියෙනවා. මේක තමයි ලාභම කාඩ් එක ගන්න පුලුවන්. ඔයා මේ දවස් වල Apply කරනවනම් ඔයාට $25 Bonus එකකුත් ලැබෙනවා. හැබැයි ඔයා $100 වත් කාඩ් එකට දැම්මට පස්සේ තමයි.