• Home
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Fiverr Sinhalen — FUPS

SLMarketer

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන්න ඉගෙනගන්න

Earn Free Bitcoin
  • Social Media Marketing
  • Affiliate Marketing
  • Online Marketing
  • WordPress
  • BlogSpot
  • Blogging
  • SEO
You are here: Home / Online Marketing / ඔයාගේ Payoneer Account Fees අඩුකරගන්න මෙහෙම කරන්න

ඔයාගේ Payoneer Account Fees අඩුකරගන්න මෙහෙම කරන්න

April 8, 2013 By ෂ්‍යාම් චතුරංග 15 Comments

Payoneer Card කියන්නේ තවත් එක සමාන්‍ය Master Debit Card එකක් නෙමෙයි, මේක Online Free ගන්න පුලුවන් වටිනා කාඩ් එකක්. දැනට මං Payoneer Card ගැන ගොඩක් දේවල් කියලා තියෙනවා. ඒවා ඔයා තාමත් කියෙව්වේ නැත්නම් ඒවා කියවන්න පහළින් ගිහින්,

  • ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද?

මේ ලිපියෙන් Payoneer Card කියන්නේ මොකක්ද, Payoneer Card වල තියෙන Fees ගැන, Application එක Fill කරන්නේ කොහොමද කියලා තමයි තියෙන්නේ. ඔයාට තාමත් Payoneer Card එකක් නැත්නම් ඔය ලිපිය කියවන්න, එකේ තියෙන විදිහට කරන්න.

  • Payoneer MasterDebit කාඩ් එක මඟින් PayPal Verify කරන්න

මේ ලිපියෙන් ඔයාගේ PayPal Account එක Verify කරගන්න Payoneer Card එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා තමයි තියෙන්නේ. ඒ වගේම තව දැනගතයුතු පොඩි දේවලුත් එක්ක Verify කරාම ලැබෙන වාසි තොගයකුත් තියෙනවා.

  • Payoneer MasterCard හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න

මේක තමයි වැදගත්ම ලිපිය, ඔයාට PayPal වල මුදල් ගන්න බැරුව නම් ඉන්නේ මේක කියවලා US Payment Service Enable කරගෙන PayPal මුදල් Payoneer වලට ගන්න කිසිම කරදරයක් නැතුව.

තවත් දෙයක් මේ බ්ලොග් එක පටන් ගත්තේ මාර්තු 8 2013, එතකොට අද අප්‍රියෙල් 8, ඒ කියන්නේ අද SLMarketer.com බ්ලොග් එකට මාසයයි. ඉතින් මේ මාසය SLMarketer බ්ලොග් එකත් එක්ක හිටපු අය මොනවාහරි වැදගත් දෙයක් ඉගෙනගන්න ඇති කියලා විශ්වාස කරනවා. බ්ලොග් ලිපි අනිත් අයට කියන්න Facebook Share, Twitter Share, Google+ දාපු හැමෝටම Thanks.!

Kill Your Payoneer Card Fees..!

අද කියන්න යන්නෙත් Payoneer Card එක ගැනම තමයි. ගොඩක් අයට Payoneer Card එක ගැන කිව්වම කියන්නේ මේකේ Fees වැඩියි කියලා, ඒත් මේක හරියට පාවිච්චි කරන කොට ගොඩක් Fees අඩු වෙනවා. හරි එහෙනම් අපි Payoneer Card Fees අඩුකරගන්න පුලුවන් Tactics මොනාද කියලා බලමු.

❶Payoneer Card එක ගත්තම ඒක මුලින්ම Activate කරන්න ඕනා. ඔයාට Free Payoneer Card එකට Apply කරන්න පුලුවන්, ඒ වගේම මේ කාඩ් එක ඔයාට Free Ship වෙන්නේ. ඉතින් මේ කාඩ් එකට Activation Fee එක වැඩියි කියලා හිතන්න එපා. ඒ අය කරන්නෙත් ව්‍යාපාරයක්, මේකේ Activation Fees දැක්ක ගමන් කට්ටිය ගොඩක් බය වෙනවා. ඒත් මේ Activation Fee එක කියන්නේ One-Time Only or First Time Only Fee එකක්. ඒ කියන්නේ ඔයා කාඩ් එකට මුදල් දාන පළවෙනි පාර විතරයි ඔය Activation Fee එක කැපෙන්නේ.

ඊට පස්සේ ආයේ කවදාවත් Activation Fee එකක් කැපෙන්නේ නෑ.මේක හරියටම ඇත්තද කියලා මං දන්නේ නෑ. මගේ යාළුවෙක් $800 අරගෙන එයාට Activation Fee කැපිල තිබුනේ නැහැ. ඉතින් මෙහෙම හිතන්නත් පුලුවන්. ඔයා මුදල් ලොකු ප්‍රමාණයක් Payoneer Card එකට Load කලොත් Activation Fee එකක් නැති වෙන්නත් පුලුවන්, සමහරවිට Payoneer Technical Problem හින්දා යාළුවට කැපුනේ නැද්ද දන්නේත් නෑ. කොහොමවුනත් Try කරලා බලන්න, ඔයාට කිසිම විදිහකින් පාඩුවක් වෙන්නේ නෑ, ඒ කොහොමද කියලා ඉස්සරහට කියන්නම්.

❷ඔයා Payoneer Card එක Load කරන හැම පාරකටම ඔයාට $2 හෝ $5 වියදම් වෙනවා. කලින් ලිපියේ කිව්ව වගේ $2 කියන්නේ Standard Loading Fee එක, ඒ කියන්නෙ ඔයාට දවස් 2කින් තමයි මුදල් Payoneer Card එකට වැටෙන්නේ. ඔයාට හදිස්සියක් නැති හැම වෙලාවෙම ඔයා තෝරන්න ඕන Option එක මේක විතරයි. ඒ වගේම ඔයාට තෝරන්න පුලුවන් වියදම අඩුම Option එකත් මේකයි.

නිතරම ඉස්සරහා ගැන හිතලා බලලා වැඩකරන්න පුරුදුවෙන්න. එතකොට ඔයාට ඉස්සරහට දැනගෙන එන මුදල් හදිස්සියකදී Payoneer Card Fees අඩුකරගන්න පුලුවන්. හැබැයි ඔයාට නොදැන එන හදිස්සියකදීත් Fees අඩුකරගන්න තරම් ලෝභ වෙන්නත් එපා! ඔයාට හදිස්සියක් වුනොතින් කෙලින්ම තෝරන්න $5 Immediate Load Option එක. ඒකෙන් ඔයාට 11minutes වගේ ඇතුලත මුදල් ගන්න පුලුවන්.

❸හිතන්න ඔයාට අවුරුද්දට අන්තර්ජාලයෙන් $12000 අදායමක් එනවා කියලා. එතකොට මාසෙක Average එක වෙන්නේ $1000 ඔයා මුදල් PayPal එකේ හෝ Fiverr හෝ වෙනත් ගිණුමක තියන්නෙත් නෑ, $200, $300 වගේ ආපු ගමන්  Payoneer Card එකට Withdraw කරනවා.  ඔයා $200 වගේ එනකොට Withdraw කලොත් ඔයා මාසෙකට 5ස් පාරක් Withdraw කරනවා. ඒ කියන්නේ $2 Standard Load Option එක හෝ $5 Immediate Load Option එක 5ස් පාරක් කැපෙනවා ඔයාට මාසෙකට.

  • $2 Standard Load Total Fee Per Month – $2 x 5 = $10
    Monthly Income – $1000
    Monthly Profit – $1000 – $10 = $990
  • $5 Immediate Load Total Fee Per Month – $5 x 5 = $25
    Monthly Income – $1000
    Monthly Profit – $1000 – $25 = $975

දැන් ඔයා මාසෙට $1000 හොයනගමන් $200 පිරෙනකොටම Withdraw කලොත් ඔයාට කැපෙන්න පුලුවන් Payoneer Card Fees තමයි ඔය උඩ තියෙන්නේ.  දෙවනි Point එකෙන් කිව්ව දේ වියදම අඩුකරනවා කියලා දැන් ඔයාට පේනවනේ. ඔය විදිහට කැපෙන්නේ ඔයා 5පාරක් Withdraw කලොත් විතරයි, නමුත් ඔයා මාසෙට එක පාරක් Withdraw කලොත් ඒ කියන්නේ කෙලින්ම $1000ම Withdraw කලොත් ඔයාට කැපෙන්නේ $2 හෝ $5 විතරයි මාසෙටම.

ඔයා මාසෙට 5පාරක් Withdraw කලොත් ඔයාට අවුරුද්දට $12,000 – ($10 x 12) = $11,880 විතරයි ඉතුරු වෙන්නේ $2 Standard Option එකෙන්, එතකොට $5 Immediate Option එකෙන් ඔයාට ඉතුරු වෙන්නේ $12,000 – ($25 x 12)= $11,700.

ඒත් ඔයා මාසෙට එක පාරක් Withdraw කලොත් ඔයාට ඉතුරු වෙනවා $11,988 $2 Option එකෙන්, එවගේම $11,940 $5 Option එකෙන්. ඉතින් ඔයා මාසෙට, අවුරුද්දට Withdraw කරන පාරවල් අඩු කරන්න, එතකොට ඔයාගේ Payoneer Card Fees ගොඩක් අඩුවෙයි.

❹නිතරම කාඩ් එක පාවිච්චි කරන අයට ගොඩක් Payoneer Card Fees අඩුවෙනවා. මට දැන් $2 Standard Load Option එකට කැපෙන්නේ $1 විතරයි, ATM Withdrawal වලට කැපෙනවා කියලා දාලා තියෙන $3 කැපෙන්නෙත් නෑ. අනිත් Fees නම් ඔක්කොම එකයි.

❺Payoneer Card වලට Fees කිහිපයක් තියෙනවා Optional Fees විදිහට, ඒ කියන්නේ කාඩ් එකේ මුදල් තියෙනවනම් විතරයි මේවා කැපෙන්නේ. ගොඩක් වෙලාවට පහළ තියෙන සමහර Fees ඔයාට නැතුවත් ඇති. Partner Programs වලින් ගන්නේ නැතිවුනාම ගොඩක් Fees අඩුයි.

  1. Monthly Card Account Maintenance  – $3
  2. Monthly Card Account Maintenance – $1
  3. Annual Card Account Maintenance – $29.95

ඔය Fees තුනම කැපෙන්නේ කාඩ් එකේ මුදල් ඉතුරුවෙලා තිබුනොත් විතරයි. ඒවගේම ඔය මුලින්ම තියෙන Fees 2ක කැපෙන්නේ Partner Programs වලින් ගන්න කාඩ් වලට විතරයි. ඔයා කාඩ් එක ගත්තේ Partner Program එකකින් නම් ඔය Fees 2ක කැපෙන එක නවත්වන්න පුලුවන් මෙහෙම. නිතරම කාඩ් එකේ සල්ලි තියන්න එපා. $1 වගේ ඉතුරුකරලා ඉතුරු ඔක්කොම ගන්න.

සමහරවිට ඔයා සල්ලිගන්න කලින් Google එකේ $1 කීයද කියලා බලලා වෙන්න ඇති ගන්න යන්නේ, ඒත් ඔයා බලන්න ඕන Google එකේ නෙමෙයි. ඔයා සල්ලි ගන්න ඉන්න ATM එකේ බැංකුවේ ගන්න ඉන්න දවසේ $1 Buying Rate එක. නිතරම එකේ $ Buying Rate එක බලල ඒ ගනෙන් ඔයාගේ කාඩ් එකේ තියෙන ගාන වැඩි කරලා රුපියල් 200, 300 විතර අඩු කරල ATM එකෙන් ගන්න. එතකොට චූටි ගානක් විතරක් කාඩ් එකේ ඉතුරුවෙයි.

ඔය අන්තිමට තියෙන Fee එක තියෙන්නේ කෙලින්ම ගන්න කාඩ් වලට විතරයි. ඔයා මේ බ්ලොග් එකේ තියෙන Link එකකින් ගිහිල්ලා හදාගත්තා නම් ඔයාට කැපෙන්න තියෙන්නේ ඔය වාර්ෂික එක විතරයි. ඕකත් කැපෙන්නේ කාඩ් එකේ සල්ලි තිබුනොත් විතරයි, ඉතින් කාඩ් එකේ සල්ලි නොතිබුනොත් කැපෙන්නේ නෑ. හැබැයි ඕනවට වඩා කැපෙන Fees නවත්වන්න ගිහිල්ලා Payoneer එකෙන් Contact කරලා ගෙවන්න කියන්නත් බැරි නැහැ. ඒ නිසා වාර්ෂික Fee එකෙන් පොඩ්ඩක් හරි ගෙවන්න චුටි ගානක් ඉතුරු කරලා කාඩ් එකේ.

❻Partner Programs වලින් Payoneer කාඩ් එක නොගැනීම. මං මෙහෙම කියන්නේ ඇයි කියලා ඔයාට දැනටමත් තේරෙනවා ඇති. මොකද, Partner Programs වලින් ගන්න Payoneer කාඩ් වලට එක එක ජාතියේ තියෙනවා, නමුත් කෙලින්ම ගන්න කාඩ් වලට තියෙන්නේ බොහොම චුට්ටයි. Direct Payoneer Card එකට Apply කරද්දී තියෙන Fees ටික බලන්න පහළ විදිහට යන්න.

>>> Payoneer Default Card Fees » Pricing & Fees (උඩම තියෙන Menu එකේ 3නි එක.)

ඔයාට තාමත් Payoneer Card එකක් නැත්නම් දැන්ම ගිහින් Apply කරන්න. ඔයාට පිටින් පේනවට වඩා ලාභයක් මේ කාඩ් එකේ තියෙනවා. මේක තමයි ලාභම කාඩ් එක ගන්න පුලුවන්. ඔයා මේ දවස් වල Apply කරනවනම් ඔයාට $25 Bonus එකකුත් ලැබෙනවා. හැබැයි ඔයා $100 වත් කාඩ් එකට දැම්මට පස්සේ තමයි.


Signup For a Payoneer CardSignup For a Payoneer CardSignup For a Payoneer Card

Signup for $25 Included Payoneer Card

Tweet
Email

Filed Under: Online Marketing

මේ වගේම තවත් ලිපි

  • Payoneer Account එකට මුදල් දැමීමට හැකි ක්‍රමPayoneer Account එකට මුදල් දැමීමට හැකි ක්‍රම (20)
  • Payoneer හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්නPayoneer හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න (94)
  • Payoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්නPayoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්න (66)
  • Fiverr V2 Features වලින් උපරිම ප්‍රයෝජන ගන්නFiverr V2 Features වලින් උපරිම ප්‍රයෝජන ගන්න (8)
Sovrn
හැම ලිපියම කාටත් කලින් ඔයාගේ ඊ-මේල් එකට එවන්නද..? එහෙමනම් ඔයාගේ ඊ-මේල් එක ඔතන ලියලා Subscribe ඔබන්න. ඔබලා මේල් එකක් එයි, ඒකේ Link එකත් Click කරන්න.

About ෂ්‍යාම් චතුරංග

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 5ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.

Comments

  1. Amil says

    April 8, 2013 at 10:22 pm

    වෙනදා වාගේම වැදගත් දෙයක් කියලා දිලා තියෙනවා. මටනම් මේ බ්ලොග් එක ගොඩාක් ප්‍රයෝජනවත් වුනා.
    මොකද අපිත් කරන්නේ අපේ රටට ඩොලර්ස් පිටරටවල් වලින් ඇදලා ගන්න එක. ඒක රටේ ආර්ථිකයටත් හොද හයියක්. නමුත් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි paypal මුදල් ලංකාවේ බැංකුවලට ගන්න බැරි එක. මේ පිලිබදව රජයේ අවදානය යොමුවෙනවනම් ගොඩක් හොදයි නේද?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 9, 2013 at 10:03 am

      තව ඉස්සරහට මේවට වඩා වටින දේවල් එනවා, දිගටම SLMarketer බ්ලොග් එකත් එක්ක ඉන්න, යාලුවන්ට මේක ගැන කියන්න. 🙂
      ඔයාට තේරිලා තියෙන්නේ 😀 , මේකට රජයෙන් උදව් ලැබුනොත් ඒක රටේ ආර්ථිකයට ගොඩක් බලපානවා. සමහරවිට රට යන අය ලංකාවට ගෙන්වනවට වඩා ලොකු විදේශ විනිමයක් ලංකාවට එන්නත් පුලුවන්.

      Reply
  2. Geeth says

    April 9, 2013 at 6:22 pm

    Payoneer පාවිච්චි කරන හැමෝටම වැදගත් post එකක්. ඇත්තටම මේ ගැන රජයේ අවධානය යොමුවුනනම්, අද මේකත් පිළිගත් ඉහල පෙලේ රැකියාවක්. දිගටම ලියන්න. අපි හැමදාම SLMarketer බ්ලොග් එකත් එක්ක ඉන්නව.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 9, 2013 at 8:07 pm

      ඔව් මේක Professional Job, Business එකක් කියලා පිටින් බලන කෙනෙක්ට පේන්නේ නෑ, ඒ අය හිතන්නේ නිකන් ඉඳන් නිකමෝ වගේ සල්ලි හොයනවා කියලා. මේ ක්ෂේත්‍රයට මීට වඩා රජයේ අවදානය යොදන දවස වෙනකම් බලාගෙන ඉන්න තමයි අපිට තියෙන්නේ.

      Reply
  3. anura says

    April 9, 2013 at 9:25 pm

    ebay sell account ekata payoneer card eka denna puluwanda

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 9, 2013 at 10:51 pm

      eBay එකේ ගන්න පුලුවන් PayPal එකට විතරයි වගේ. මං eBay එකේ Sell කරලා නැහැ, ඉතින් හරියටම දන්නේ නෑ.

      Reply
  4. LASANTHA says

    April 12, 2013 at 7:05 am

    Mata kiyanna mage payoneer card eka topup karaganne kohomada? step eken step ekata kiyala dennako.. godak pin. eken withdraw karaganna puluwan koi banks walinda? apita shopping karaddi me card eka credit card ekak widiyata use karanna puluwanda kiyala..

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 12, 2013 at 8:08 am

      මට පලවෙනි එක තේරුනේ නැහැ. Payoneer Card එකේ තියෙන සල්ලි ඕනම Bank එකක MasterCard Logo ගහලා තියෙන ATM වලින් Withdraw කරන්න පුලුවන්. මේක Internationally ACcepted MasterCard Debit එකක්, ඒ නිසා ඔයාට පුලුවන් Online භාණ්ඩ ගන්න, ලංකාවේ Food City, Cargils, Hotels වලට වුනත් ගෙවන්න පුලුවන් මේ කාඩ් එකෙන්.

      Reply
  5. Sakuna says

    April 26, 2013 at 11:57 am

    bro, mata commercial bank eke debit card ekata paypal link karanna puluwan kiyala podi information tikak hambuna, e ganath podi lipiyak daanna, honda lipiyak 😀

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 26, 2013 at 12:26 pm

      PayPal වලට Commercial Bank Visa Debit Card එකක් වුනත් Add කරන්න පුලුවන්. ඒත් ඒක Legal නැහැ. ඒක කරන්නෙත් එකම විදිහට, මං දැන් පොස්ට් එකක් ලියලා තියෙන්නේ PayPal වලට Payoneer Add කරන හැටි. ඒ විදිහට කරන්න.

      හැබැයි, මේක Illegal කියලා මතක තියාගන්න.

      Reply
  6. NipunaLanka says

    April 28, 2013 at 2:54 am

    machan podi case ekak.api paypal eka verify karanna kiyala payoneer card ekata keeyak danna oneda?ethakota card eken mona monawa hari kapa ganiyida?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 28, 2013 at 8:12 am

      Payoneeer කාඩ් එකට දාන්න ඕනා $10 වගේ, PayPal එකෙන් කපන්නේ $4ට අඩුවෙන්, ඒත් එකත් PayPal Balance එකට ආයේ එනවා Verify කරාම.

      Reply
  7. pubudu says

    August 22, 2013 at 7:46 pm

    “මේක හරියටම ඇත්තද කියලා මං දන්නේ නෑ. මගේ යාළුවෙක් $800 අරගෙන එයාට Activation Fee කැපිල තිබුනේ නැහැ. ඉතින් මෙහෙම හිතන්නත් පුලුවන්. ඔයා මුදල් ලොකු ප්‍රමාණයක් Payoneer Card එකට Load කලොත් Activation Fee එකක් නැති වෙන්නත් පුලුවන්, සමහරවිට Payoneer Technical Problem හින්දා යාළුවට කැපුනේ නැද්ද දන්නේත් නෑ.”

    මම 799$ ලෝඩ් කලා පලවෙනි සැරේ මගෙන් පීස් කැපුන ඒක නිසා ඒක ටෙක්නිකල් අවුලක් වෙන්න ඇති

    ලෝඩ් කරන්න යන ගාන සේප් වෙනව කාගෙ හරි රිපරල් එකකින් කාඩ් එක ගත්තනම් කාඩ් එකට 100$ ලෝඩ් කලාම දෙන්නටම 25$ ගානෙ බෝනස් එනව

    මචන් මම ඩිරෙක්ට් පයනියර් කාඩ් එක ගත්තෙ මම සතියක් විතර කට්ට කෑව ඕක පීවර් එකට ලින්ක් කරන්න
    මම හිතනව ගොඩක් කට්ටියට ඔය අවුල ඇති ඒක කරන්නෙ මෙහෙමයි.
    1. මුලින්ම පයනියර් සීඑස් එකට ටිකට් එකක් දාන්න මගේ ඩිරෙක්ට් ගත්ත කාඩ් එකක් තියෙනව ඒක පීවර් එකට ඇඩ් කරන්න ඕන කියල
    2. දැන් රිප්ලයි එකක් එයි පීවර් එකවුන්න්ට් එකට ගිහින් රිවනියු ගිහින් අලුත් ඇප්ලිකේසන් එකක් පුරවන්න අලුත් ඊ්මේල් එකකින් ඒකට එන එිපරන්ස් නම් එක ටිකට් එකට ර්ප්ලයි කරන්න කියල
    3. දැන් පරන පයනියර් එකට පින් එකක් එයි
    4.ඒක අර ටිකට් එකට රිප්ලයි කරන්න කියල

    මට ඕය ටික කරගන්න සතියක් ගියා එයාලගෙ ඕන්ලයින් චැට් එකට ගිහින් කිව්වම ඉක්මනින් කර ගන්න පුලුවන් වෙයි

    Reply
  8. yasitha nadeeshan says

    September 7, 2013 at 8:10 am

    නියම ලිපියක්. ඉගනගන්න ගොඩක් දේවල් තියනවා මේ ලිපියන්. මට මේ site එක හම්බවුනේ ඊයේ පෙරේදා මට තව ලිපි ගොඩාක් කියන්නන තියනවා මේ site එකේ. කතෘට බොහොම ස්තුති මේ දේවල් ගැන කියලා දෙනවට.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      October 13, 2013 at 10:33 am

      Digatama kiyavanna aluth deval godak lagadima enava. Vada godak ekka karana nisa tikak amaruy!

      Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Email Newsletter!

අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හැටි හා එම ව්‍යාපාරය නිවැරදිව සාර්ථක කරගන්න හැටි කියවන්න කැමතිද?

ඒ වගේම Internet Marketing ගැන SLMarketer විසින් ලියවෙන හැම ලිපියක්ම ඔයාගේ Inbox එකට ගන්න කැමතිද?

එහෙනම් SLMarketer Email Newsletter එකට දැන්ම Join වෙන්න.

Fiverr Success

What’s Your Passion?

ඔයාගෙන් මම ඇහුවොත් ඔයා කියවන්න ආසම කරන Topic එක මොකක්ද කියලා, ඔයා මොකක්ද දෙන උත්තරය? SLMarketer එක ඔයත් මීට කලින් එකපාරක් හරි කියවලා ඇති.


දිගටම ඔයා අන්තර්ජාල අලෙවිකරණය ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ Survey එක Fill කරලා ඒක ගැන අපට කියන්න.


→ Tell Us Your Passion NOW
Get Targeted Traffic, Increase Sales! Get Your Own Domain Name Shrink Your Links Get Your Payoneer Card With $25 Earn by Sharing Internet Earn Free Crypto Get Your Crypto Wallet on Coinbase Get Your Crypto Wallet on Binance

සම්බන්ධ වෙමුද?


Follow @SLMarketer

SLMarketer RSS Feed Subscription!

හොඳම Shared Hosting!

HostGator Discount

අලුත්ම ලිපි

  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්
  • High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න
  • SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

කර්තෘ ගැන…

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 6ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.   Read More…

Email Newsletter

විශේෂ ලිපි, ඊ-පොත්, වීඩියෝ මග පෙන්වීම් ආදිය හා පළවන සෑම ලිපියක්ම ඔබේ ඊ-මේල් එකටම ගෙන්වා ගන්න.

හොයන්න

[footer_backtotop]

Copyright © 2026 SLMarketer.com • අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සින්හලෙන් ඉගෙනගන්න.
සියලුම අන්තර්ගතයේ අයිතිය SLMarketer.com අඩවිය සතුය. · A Site By ScorpionGod Lair