SLMarketer

Maximum Optimized Killer Fiverr Gig Creation Tutorial

අද වෙනකොට ගොඩක් දෙනාගේ එකම අන්තර්ජාල ආදායම Fiverr බවට පත් වෙලා තියෙනවා, ඒ වගේම ගොඩක් අයට මේක පටන්ගන්න ඕනකම තිබුනට පටන්ගන්නේ කොහොමද කියලා දන්නේ නැතුවත් ඉන්නවා. තවත් අය දැනගන්න ඕන දේවල් ඔක්කොමත් වගේ දැනගෙන නොකර ඉන්නවා. ඉගෙනීම කියන්නේ Game එකෙන් භාගයක් විතරයි, ඉතුරු භාගය වෙන්නේ ඔයා ඒ ඉගෙනගත්තු දේ පාවිච්චි කරන එකයි. ඒ නිසා අද දැනගන්න Killer Fiverr Gig Creation Strategies ටික දිගටම පිළිපදින්න.

Learning Is Not Useful Without TAKING ACTION

අන්තිමට කිව්වේ ඔයාගේ දක්ෂතාවය, ආශාව මත කරන්න පුලුවන් දේවල් හොයාගන්නේ කොහොමද කියලා. ඔයා දැන් ඒ System එක පිළිපැදලා හොඳ Gig Ideas ටිකක් ලියාගෙන ඇති කියලා හිතනවා. දැන් ඔයා කරන්න ඕනේ ඒ Filter කරලා අන්තිමට ආපු Gig Ideas List එකෙන් Gig Idea එකක් තෝරගෙන හොඳට Convert වෙන Killer Fiverr Gig එකක් හදන එකයි.

මෙතනදි Convert වෙනවා කියලා කියන්නේ Fiverr Gig එකට හොඳට Sales එන එක. වෙනත් විදිහකින් කිව්වොත් Fiverr Gig එක නිකමට හරි දකින පුද්ගලයෙක්ව – මෙතනදි මෙයා නිකන්ම Fiverr Gig Visitor කෙනෙක් විතරයි, Gig එක කියවලා බැලුවම Customer කෙනෙක් විදිහට වෙනස්(Convert) වෙන එකයි. මේකෙදි බලපාන සාධක කිහිපයක් තියෙනවා. ඒවා Improve කරලා තමයි මේ Conversion Rate එක වැඩි කරන්නේ.

ගොඩක් වෙලාවට අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියන එක පේන්නේ නිකන් මැජික් වගේ ලැබෙනවා කියලා. ඒත් මෙතනදි වෙන්නේ එහෙම මැජික් එකක් නෙමෙයි, මෙතනදි වෙන්නේ Business එකක්. ඔයා මේ මුදල් හොයන්න යන්නේ තවත් කෙනෙකුට සේවයක් පිරිනමලා. ඉතින් කොහොමහරි Fiverr Gig 2-3ක් දාලා Sales එනකන් බලාගෙන ඉන්න එක නෙමෙයි කරන්න ඕනේ. දාන එක Fiverr Gig එක හරි උපරිම විදිහට දාන්නයි ඕනේ.

Key-Points of a Highly Converting Fiverr Gig

ඔයා දාන Gig එක හොඳට Sell වෙන්න නම් සාධක කිහිපයක් බලපානවා, ඉතින් ඔයාට මේ සාධක වලින් පාලනය කරන්න පුලුවන් දේවල් උපරිම විදිහට ඔයාගේ වාසියට පාවිච්චි කලොත් හොඳට Sales ගන්න පුලුවන්.

1. Demand. – කියන්නේ ඉල්ලුමට, කලින් දාපු ලිපියේ කිව්වේ මේක Improve කරන්න පුලුවන් උපරිම විදිහට කරන්නේ කොහොමද කියලා. ඒ වගේම මෙතනදි සැලකිලිමත් වෙන්න ඕනා වැඩිම ඉල්ලුම තියෙන දේ කරන්න ගිහින් අමාරුවේ නොවැටී, ඔයාට කරන්න පුලුවන් දේවල් වල උපරිම ඉල්ලුම තියෙන සේවාවන් දෙන එක.

2. Professionalism. – වැඩක් කරනකොට ඒකේ Mistakes තියන එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. ඔයා පිරිනමන සේවය පිළිබඳව මුල ඉඳලා අගට වෙනකන් දැනගෙන ඉන්න එක ගොඩක් හොඳයි, ඒ වගේම මේක ඔයාට තියෙනවා කියලා Fiverr Gig Visitorට පෙන්වන්න ඕනා.

3. Attractiveness – ලස්සන දේවල් වලට හැමෝම කැමතියි, මේ ලස්සන කියන දේ ඔයාට Fiverr Business එකේදිත් ගොඩාක් වැදගත් වෙනවා, මොකද ඔයා ගණුදෙනු කරන්නේ තවත් මනුස්සයෙක් එක්ක. ඔයාට ලස්සන කියන එක පින්තූර වලින් කෙනෙකුගේ ඇස් වලට දෙන්න පුලුවන්, වචන වලින් හිතට දෙන්න පුලුවන්. මෙතනදී පුලුවන් හැමදේම කරලා Fiverr Gig Visitorගේ අවධානය ඔයාගේ Gig එකට ගන්න එකයි වෙන්නෙ.

දැන් ඔයා මේ 3න් පළවෙනි එක සම්පුර්ණ කරලා ඇති, කලින් ලිපියේ විදිහට කරා නම්. දැන් තියෙන්නේ ඉතුරු 2ක සම්පූර්ණ කරන්න.

Killer Fiverr Gig Creation

සාමාන්‍යයෙන් කෙනෙක් Fiverr Gig එකක් දානකොට කොහෙන්හරි Gig Idea එකක් අරගෙන, මොනාහරි Image එහෙකුත් එක්ක පුන්චි Gig Description එකක් ලියලා තමයි දාන්නේ. නමුත් එහෙම හදන Fiverr Gig එකක අඩුපාඩු ගොඩයි, විශේෂයෙන් ඒ වගේ Gig එකක ඉලිප්පිලා පේන්නේ Sellerගේ Concentration එක නැතිකමයි.

ඉතින් ඒ වගේ Gig එකක් විකිණෙයිද..? ඔව් විකිණෙයි, හැබැයි හැමදාම නෙමෙයි ඒ වගේම ඒ First Time Luck එක වගේ දෙයක් හින්දා වෙන්නත් පුලුවන්…!!!

Fiverr Gig එකක් උපරිම විදිහට Optimize කරද්දී ප්‍රධාන අංග ටිකක් තියෙනවා හිතන්න ඕන. ඒවා තමයි,
1. Gig Title.
2. Gig Images.
3. Gig Video.
4. Gig Description.
5. Gig Tags.

ඔය කිව්ව දේවල් වලට තමයි ඔයා වැඩි අවධානය යොදවන්න ඕනා. ඔය අංග 5 Maximum විදිහට Optimize කරන Fiverr Gig එකක් විකිණෙන්නේ නැතිවෙන්න බැහැ. ඉතින් මේ ලිපියෙන් කියන්නේ අර කලින් කිව්ව Gig Filtering Method එකට අනුව හදාගත්ත Gig Ideas List එකේ තියන Ideas 20ටම Maximum Optimized Killer Fiverr Gig 20ක් හදාගන්න හැටියි.

Fiverr Gig Title Creation Technique

ඔයා Gig එකක් දාද්දි මුලින්ම ලියන්න තියෙන්නේ Gig එකේ Title එකයි. Fiverr Gig Optimize කරද්දී හිතන්න ඕන අංග 5න් මුල් තැනක් Fiverr Gig Title එකට හිමිවෙනවා. මොකද ඒක තමයි කෙනෙක් මුලින්ම දකින්නේ, මොනාහරි දෙයක First Impression එක චාටර් නම් ඒක ගැන තව දුරටත් හොයන්න ඔයා පෙළඹෙන්නේ නෑනේ..? ඒ වගේම තමයි ඔයාගේ Gig Title එක අවධානය ගන්න තරම් Powerful නැත්නම්, එතනින් එහාට Visitor කෙනෙක් එන්නේ නෑ කියන එකයි.

Title එකක් ලියද්දී ඔයා හිතන්න ඕනා Buyer කෙනෙක් විදිහට, මොකද ඔයා තාම Online Marketing කරන්න පටන්ගන්නවා නම් ඔයාට හොඳ Attractive Titles ලියලා පුරුදු නැතිව ඇති. ඒත් ඔයාගේ තියෙන Buying Interest එක පාවිච්චි කරලා ‘මේක විකිණෙයි’ කියලා කියන්න පුලුවන් Titles ටිකක් හොයාගන්න පුලුවන් වෙයි. ඒ කොහොම වුනත් නිතරම Fiverr Gig Title එකක් ලියද්දී මේ දේවල් එකේ තියෙනවද කියලා බලන්න.

1. Title එකක් කියන්නේ ලියලා තියෙන දේ ගැන හෝ පිරිනමන සේවය ගැන එක වාක්‍යයකින් විස්තර කරන දෙයක්. ඉතින් ඔයාගේ Gig Title එක ඔයා මොනවද දෙන්නේ කියලා ගොඩක් පැහැදිලි Idea එකක් දෙන්න ඕනා කියවන කෙනාට.

2. ගොඩක් Fiverr Sellersලා දිග Titles ලිව්වා කාලයක්, හැබැයි දැන්නම් එහෙම කරන්න බැහැ. එහෙම කරන්නත් එපා, මොකද Title එකක් කියන්නේ තවත් එක ජේදයක් නෙවෙයි. Fiverr Gig Title එකක් නිතරම කෙටියෙන් හා පැහැදිලිව ලියන්න පුලුවන් නම් එතන තමයි දක්ෂතාවය තියෙන්නේ.

ඔයා Gig Title එකෙන් කරන්න ඕනා කොහොමහරි අවධානය අරගෙන Gig Surferව ඊළඟ Step එකට පොළඹවන එකයි. කියවන කෙනා Title එකට කැමතිනම් එයා ඔයාගේ සේවයේ වැඩි විස්තර කියවන්න ඇතුලට එනවා.

Good Examples:
I will write 500 Word Highly TARGETED Search Optimized Article from $5.

ඇයි මේක හොඳ Title එකක් වෙන්නේ..? මොකද මේ වචන 8 Gig Title එක කියෙව්වම මේ Article Writing Service එක ගැන ලොකු Image එකක් මැවෙනවා. මෙයා දෙන්නේ වචන 500ක Search Engine වල හොඳට Rank කරන්න පුලුවන් Targeted Article එකක්. මෙතනදි Service එක මොකක්ද වගේම Gig Visitorට පොඩි Motivation එකකුත් දීලා තියෙනවා ඇතුලට ඇවිත් බලන්න කියලා.

ACTION POINT: ඔයා හදාගත්තු Gig Ideas 20න් එකක් අරගෙන උඩ කිව්ව විදිහට Gig Title එකක් නෙමෙයි 5ක් විතර හදාගන්න. හැබැයි ඔය 5ම කියෙව්වම Service එක මොකක්ද කියලා තේරෙන්න ඕනා. මේ විදිහට 5ක් ලියන්නේ Fiverr Gig 5ක් දාන්න නෙමෙයි, එක පාරින්ම ලියන දෙයක් Perfect නැති වුනාට එකම දේ 5ස් විදිහකින් ලියන්න ගියාම ගොඩක් හිතලා ලියන නිසා එතනින් 1ක් හරි Perfect Gig Title වෙනවා.

මේ විදිහට අනිත් Gig Ideas 20ටම Titles 5ගානේ ලියාගෙන හොඳම Titles 20 තෝරගන්න.

Fiverr Gig Images Creation Technique

Fiverr Gig Images කියන්නේ ගොඩක් අය හරියට පාවිච්චි කරන්නේ නැති වැදගත් දෙයක්. ඔයාට Fiverr Gig එකකට Images 3ක් දාන්න පුලුවන්, ඒ වගේම මේ එක Gig Image එකක Size එක වෙන්නේ 682px * 459px. ඒත් ගොඩක් අය Google එකෙන් Images හොයාගන්න නිසා මේ Size එකටම ගැළපෙන Images ලැබෙන්නේ නෑ. තවත් සමහර අය Images 3ක් දාන්න පුලුවන් වුනත් දාන්නේ 1යි. ඒ විදිහට කරන එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි.

1. හැම Fiverr Gig එකටම 682px * 459px Size එකෙන් Quality Gig Images 3ක් හදලා දාන්න.
2. Fiverr Logo එක, “Exclusively on Fiverr.com” කියන Phrase එක හැම Image එකේම හොඳට පේන තැනකින් දාන්න.
3. Gig Image එක පුලුවන් උපරිමයෙන් ලස්සන කරන්න බලන්න.
4. Fiverr Gig Images 3ම එක සමාන වෙන්න බැහැ, ඒ නිසා ඔයා Service එක ගැන කියන්න ඕන හැමදෙයක්ම Images 3න් කියන්න ඕනා.
5. Gig එකේ ප්‍රධාන Features ටික, ලැබෙන Bonuses මොනාද වගේ දේවල් අනිවාර්යෙන් සඳහන් කරන්න.
6. වැදගත්ම දේවල් ටිකක් Highlight කරන්න.
7. “ඇයි ඔයා මගේ Gig එක ගන්න ඕනා”, “අරගෙන මොනාද කරන්න පුලුවන්”, “මගේ සේවය ගැළපෙන්නේ මොනවගේ අයටද” කියන දේවල් ගැනත් සඳහන් කරන්න.
8. පුලුවන් තරම් ඔයාගේ සේවයේ තියෙන වාසි ගැන වගේම ඔයාගේ Fiverr Gig එක Sell වෙන්න බලපෑමක් ඇතිකරන හැම Point එකක්ම Gig Image එකේ දාන්න බලන්න.

මං Fiverr Gig Images ටික හදනකොට පාවිච්චි කරන්නේ Photoshop තමයි, ඒත් මං Professional Graphic Designer කෙනෙක් නෙමෙයි Blog Post, Fiverr Gig වලට හදාගන්න ඕන නිසාම Photoshop කර කර ඉඳලා දැන් ගොඩක් දේවල් කරගන්න පුලුවන්. සමහරවිට ඔයාට Photoshop ගැන කිසිම දෙයක් නොදන්නවත් ඇති, එහෙම කියලා Gig Images හදන්නේ නැතිව ඉන්න එපා, කොහොමහරි උත්සහා කරලා හදන්න.

Internet තියෙන ලෝකේ කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ කිසිම දෙයක්, ඔයාට පුලුවන් තනියම හොයාගෙන ඉගෙනගන්න.

ACTION POINT: ඔය උඩ කිව්ව හැම ලක්ෂණයක්ම දාලා සුපිරි විදිහේ Fiverr Gig Images 3ක් හදාගන්න. Gig Ideas 20ම Gig Images 60ක් හදාගන්න බලන්න. අනිත් කට්ටිය දාලා තියෙන Fiverr Gig Images බලන්න, ලංකාවේත් ගොඩක් Graphic Designersලා පට්ට Gig Images දාලා තිබුනා, ඒවා මෙතන දැම්මේ නැහැ. කොහොමහරි ලස්සන Design එකක් දාලා උපරිම Details දෙන්න බලන්න.

Fiverr Gig Video Creation Technique

Fiverr එකෙන් Gigs වලට Video එකක් දාන්න පුලුවන් Feature එක Launch කරපු දවසේ ඉඳලා අද වෙනකන්ම මෙයාලා Fiverr Gig එකට Video එකක් දාන්න කියලා පැහැදිලිව විශේෂයෙන් කියලා තියෙනවා. මොකද, ඇත්තටම Video එකකින් Sales වර්ධනය වෙන නිසා.

මුලින්ම මං Gigs වලට Video දැම්මේ නැහැ, ඒක ටිකක් ලොකු වැඩක් වගේ පෙනුන හින්දා, ඒත් දැන්නම් එක පුන්චි වැඩක්.

1. Fiverr Gig Video එකක් හදනකොට ඔයා කැමරාව ඉස්සරහා ඉඳලා ඒක Present කරන්න ඕනම නැහැ. ඒක ටිකක් අවුල් වගේනේ..! ඒත් එහෙම කරන Video එකක් ගොඩක් Personalized වගේම Trust එකකුත් ලැබෙනවා.

2. ඔයාගේ කටහඬින්ම පුන්චි Video Script එකක් හදලා කියන්න බලන්න. Robo Recording දාලානම් වැඩක් නැහැ, Video එක Approve කරන්නේ නැහැ.

3. Gig එක ගැන කියන්න පුලුවන් උපරිම විස්තර සරල විදිහට Video එකේ දාන්න.

4. Fiverr Logo එක, “Exclusively on Fiverr.com” කියන Phrase එක හැම Image එකේම හොඳට පේන තැනකින් දාන්න, නැත්නම් Video එක Deny කරලා එහෙම දාන්න කියලා ඉල්ලනවා.

5. ලස්සන Background Music එකක් හිමීට දාන්න ඔයා Voice Narration කරන අතරේ.

6. Gig Video එක උපරිම තත්පර 45ට විතර හදන්න.

7. Gig Extras එහෙම දෙන්න තියෙනවනම්, ඒවා ගැනත් Video එකේ කියන්න.

මං මගේ ඔක්කොම Internet Marketing වැඩ වලට Videos හදන්න පාවිච්චිකරන්නේ Camtasia Software එක. මේකෙන් ඉක්මනින් Professional Videos හදාගන්න පුලුවන්.

ACTION POINT: ඔයාට හදන්න පුලුවන් උපරිම විදිහට ලස්සනට Fiverr Gig Video එකත් හදන්න හැම Gig එකකටම.

Fiverr Gig Description Creation Technique

Fiverr Gig Description එක තමයි වැදගත්ම දේ මොකද ගොඩක් වෙලාවට Gig Title එක බැලුවට පස්සේ කෙලින්ම බලන්නේ Gig Description එක. ඉතින් මෙතනදි ඔයා හරියට Service එක ගැන කියලා නොතිබුනොත් ඒක ඔයාට Sale එකක් Miss වෙන්න හේතුවක් වෙනවා. කලින් Fiverr Design එකේදී ඔයාගේ Gigs වලට කිසිම විදිහකින් Formatting දාන්න බැරිවුනා, ඒත් අලුත් Fiverr Design එකේ ඔයාට Formatting දාන්න පුලුවන්. ඒ කියන්නේ Gig Description Writing Technique කිහිපයක් තියෙනවා දැන්.

1. අපිට කලින් Fiverr Design එකේදී Paragraph වෙන් කරන්න බැරි නිසා මං Paragraph වෙන් කරේ සමාන ලකුණු(=) පේලියක් එහෙමත් නැත්නම් අඩුකිරිමේ ලකුණු(-) පේළියක් දාලා. පහළින් තියෙන්නේ මං දැනුත් පාවිච්චිකරන Gig Layout එක.

මෙතන ලියන්නේ දෙන Service එකේ වටිනාකම(ගාන නෙමෙයි ).
=====================================================================================================
මෙතන ලියන්නේ දෙන Service එකේ ඔක්කොම Features, Bonuses, ඇතුලත් වන/නොවන දේ ලිස්ට් එකක් විදිහට.
=====================================================================================================
මෙතන ලියන්නේ මගේ Service එක ඇයි ගන්න ඕනා, මගේ Experience, Fiverr Level එක, Complete කරපු Projects ගාන වගේ දේවලුයි, මට වැඩේ පටන්ගන්න Buyerගේන් අවශ්‍ය වෙන දේවල් ගැන.

2. Fiverr v2 Design එකේදී තියෙන මේ Formatting Feature එකත් එක්ක ඔයාට පුලුවන් අකුරු ලොකු කරන්න(Big T), අකුරු පොඩි කරන්න(Small T), Highlight කරන්න(Pen Icon), අකුරු Bold කරන්න(B) වගේම අකුරු Italics කරන්න(I). මේ දීල තියෙන Options පාවිච්චිකරලා ඔයාට පුලුවන් අවශ්‍ය දේවල් හොන්දට Highlight කරන්න.

Fiverr v2 Description Formatting

Gig Description එක ලියන Layout එක වගේම එකේ ඇතුලත් වෙන්න ඕන දේවල් ලිස්ට් එකක් පහළින් තියෙනවා. මෙතන තියෙන හැම එකක්ම දාන්න ලැබෙන්නේ නැහැ, ඒ නිසා හොඳම ඒවා තෝරගෙන Converting Fiverr Gig Description එක ලියන්න පටන්ගන්න.

ACTION POINT: මේ හැම දෙයක්ම පාවිච්චිකරලා Maximum Optimized Fiverr Gig Description එකක් ලියන්න හැම Gig Idea එකටම.

Fiverr Gig Tags Selection Technique

Fiverr Gig Tags කියන්නේ ඔයාගේ Gig එක Fiverr Search එකේ හොයද්දී උඩට එන්න උදව් වෙන දෙයක්. හැබැයි මේවා විතරක්ම නෙමෙයි Fiverr Search එකේ Gig එක උඩට එන්න බලපාන්නේ, ඒ දේවල් ගැන වෙනත් ලිපියකින් කියන්නම්.

ඔයා තෝරගත්තු Service එකට ගැළපෙන ගහන්න පුලුවන් ඔක්කොම Tags ගහන්න. මෙතනදි ගහන්න පුලුවන් ඔක්කොම කිව්වට ඔයාට ගහන්න පුලුවන් වෙන්නේ 5ක් වගේ තමයි. ඒ නිසා හොඳටම ගැළපෙන ඒවා දාන එක තමයි හොඳ. උදාහරණයක් විදිහට Website Design Service ගත්තොත් පාවිච්චිකරන්න පුලුවන් වෙන්නේ Web Design, Web Developing, Site Creation, Web Graphics etc.

මතක තියාගන්න, ඔයා Gig Title එක, Gig Description එක වගේම Tags ලියද්දී එකම වචනය 3පාරට වඩා ලියන්න එපා. මොකද Fiverr System එකෙන් එහෙම ඒවා තියෙන Gigs Save කරන්න දෙන්නේ නැහැ. දැන් මේ ඔක්කොම දේවල් හැදුවට පස්සේ අන්තිමට එන්නේ Fiverr එකේ ඔයාට දාන්න පුලුවන් Maximum Optimized Fiverr Gig එකක්. ඔයාගේ Gig Ideas ඔක්කොටම මේ විදිහට හදාගන්න, ඊට පස්සේ Fiverr එකේ එකපාර මේ ඔක්කොම දාන්න පුලුවන්.

මේ පෝස්ට් එකෙන් ඔයාට කරන්න ගොඩක් දේවල් තියෙනවා, ඉතින් ඒ දේවල් ඔක්කොම කරගෙන ඉන්න, ඊළඟ පෝස්ට් එකෙන් Fiverr Account එක හදලා වැඩ පටන්ගන්නයි තියෙන්නේ.

Fiverr Business ගැන කියන්න දේවල් ගොඩයි, ඉතින් මං මොනාහරි කියන්න ඕනම දෙයක් මඟ ඇරියද? එහෙනම් ඒක Comment එකකින් කියන්න, ඒ දේවල් ගැන වෙනම පෝස්ට් එකකින් කියන්න බලන්නම්.

ඔයාගේ යාළුවටත් මේ ලිපිය ගැන කියන්න අමතක කරන්න එපා..!

ඔයාගේ Living Income එක Fiverr හරහා හොයන්න කැමතිද? FUPS එකේ සඳහන් නොවන Fiverr Strategies දැනගන්න ආසද? එහෙනම් ඔයාගේ Email එක ලියලා Subscribe වෙන්න.!