• Home
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Fiverr Sinhalen — FUPS

SLMarketer

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන්න ඉගෙනගන්න

Earn Free Bitcoin
  • Social Media Marketing
  • Affiliate Marketing
  • Online Marketing
  • WordPress
  • BlogSpot
  • Blogging
  • SEO
You are here: Home / SEO / Google Authorship මඟින් Blog එකේ Search Rank එක දියුණුකරන්න

Google Authorship මඟින් Blog එකේ Search Rank එක දියුණුකරන්න

January 4, 2014 By ෂ්‍යාම් චතුරංග Leave a Comment

Google එකයි Facebook එකයි නිතරම #1 වෙන්න වෙර දරනවා කියන එක ඔයා දැනටමත් දන්නවා. සමහර වෙලාවට Facebook Alexa Rank එකේ #1 වෙනවා, අනිත් හැම වෙලාවකම වගේ Google තමයි #1 වෙන්නේ. මේ කොහොමවුනත් Youtube කියන්නෙත් Google Service එකක් කියලා අමතක කරන්න බැහැ.

එහෙමනම් හරියටම ලෝකේ #1 වෙන්නේ Google.

දැනට ගොඩක් Google Services අන්තර්ජාලයට නිකුත්කරලා තියෙනවා. මගේ Favoriteම තමයි,

  1. Google Webmaster Tools
  2. Google Analytics
  3. Google Feedburner
  4. Google+
  5. Google Search

මේ Google Services ඔයාට ගොඩක් වැදගත් වෙයි, මොකද ඔයා මේ උත්සහා කරන්නෙ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න.

අන්තර්ජාලයේ ගොඩක් නිවැරදි දේවල් කරන්න Google ඔයාට උදව්කරනවා. කෙටියෙන් කිව්වොත් අවශ්‍ය හැමදෙයක්ම වගේ සපයනවා, ඒ දේවල් නිසියාකාරව පාවිච්චිකරන්න ඔයා ඉගෙනගත්තොත් ලොකු වෙනසක් දකින්න පුලුවන්.

Blogger කෙනෙක් විදිහට ඔයාට වැදගත් වෙන Google Services බොහෝ ප්‍රමාණයක් තියෙනවා, ඒ හැමදේම ගැන Posts 1000ක් ලිව්වත් කියලා ඉවරකරන්න බැරිතරම්. නමුත් මේ Post එක වෙන්වෙන්නේ Google Authorship කියන Google Service එක ගැන කියන්නයි.

Google Authorship

Google Authorship කියන්නේ හොඳ වගේම නරක කරන්න පුලුවන් Service එකක්. ඒකේ හොඳ ප්‍රථිපළ ලැබෙන්නේ ඔයාගේ වැඩ හොඳ වුනොත්. ඒ දේවල් වලට කලින් කියන්නම් G Authorship කියන්නේ මොකක්ද කියලා.

ඔයාගේ Blog එකේ ලියන ඔක්කොම Posts ඔයා විසින් ලියන ලද, ඔයා කතෘ වන බවට Googleට වගේම මුළු ලෝකයටම පෙන්වන්න පුලුවන් අවස්ථාවක් තමයි G Authorship කියන්නේ. ඒක කරන්නේ කොහොමද කියලා LionLK එකේ මම ලියපු දෙවනි Guest Post එකෙන් පුලුවන් වගේම ඒකේ සඳහන් නොවෙන තවත් දේ ගැන මේ Post එකෙන් කියවන්න පුලුවන්.

SLMarketer Google Authorship Test Result

SLMarketer Google Authorship Test Result

Top #5 Benefits of G Authorship

Google Authorship වලින් ගොඩක් Benefits ලැබෙනවා, ඒවා වලින් හොඳම 4 කිව්වොත් කියන්න තියෙන්නේ මේ ටික තමයි.

  1. ඔයාගේ Blog එකේ පළකරන ලිපිවල අයිතිය ඔයාට ලැබෙනවා. ඒ වගේම Googleම ඒ ලිපිය ඔයාගේ කියලා මුළු ලෝකෙටම කියනවා. මේ නිසා ඔයාගේ ලිපි කවුරුවත් Copy කරාට අයිතිය තියෙන්නෙ ඔයාට කියලා Google දන්නවා.
  2. G Authorship තියන High Quality Content ලියන කෙනෙක් විදිහට ඔයා වැඩකරනවා නම්, Author කෙනෙක් විදිහට ඔයාට ලොකු සැළකිල්ලක් Googleගෙන් ලැබෙනවා. ඔව්, ඒ සැළකිල්ලේ එක තැනකින් ඔයාගේ ලිපිවලට Google Search එකේ ඉහළ ස්ථානයක් ලැබීම පෙන්වන්න පුලුවන්.
  3. දවසෙන් දවස දිගටම වැඩිවෙන Competition එකත් එක්ක අලුත් Bloggersලා බිහිවෙනවා, නමුත් G Authorship තියෙන Blogger කෙනෙක් විදිහට ඔයාට ඒ සාමාන්‍ය Level එකෙන් උඩ Level එකට යන්න පුලුවන්. මොකද, ඔයා කවුද කියලා Googleම Search කරන පුද්ගලයට පෙන්වනවා. ඉතින් ඔයට තියෙන Credibility එක, Trust එක වැඩිවෙනවා.
  4. G Authorship ඔයාගේ Google+ Profile එකත් එක්ක කෙලින්ම සම්බන්ධයි, ඉතින් G+ Profile එකට Targeted Promotion එකක් නිකන්ම ලැබෙනවා, හැබැයි ඒකත් Google එකෙන්ම. මේ නිසා ඔයාට ගොඩක් Google+ Circles වැඩිවෙන්න පුලුවන්. High Quality Content ලියනවානම් මේ Chance එක නිසා G+ Circles ලේසියෙන්ම වැඩිවෙනවා.

Warning: Be Smart! Be Useful!

කලින් කිව්වනේ Google Authorship වලට ඔයාට නරක ප්‍රථිපළ දෙන්නත් පුලුවන් කියලා, ඒ මෙහෙමයි. Google ඉහළින්ම අගයන්නේ High Quality, Useful Content. මෙතනදි High Quality, Useful Content කියලා කියන්නේ Search Engine එකෙන් එන කෙනෙකුගේ අවශ්‍යතාවයට නියම පිළිතුරක්, අදහසක්, උපදෙසක් හෝ සේවයක් දෙන්න පුලුවන් Content වලටයි.

Google වගේම ඔයත් දන්නවා Google Search Engine එක කියන්නේ ලෝකේ තියන තවත් එක System එකක් කියලා. ඒවගේම ඔයා දන්නවා ඇති කිසිම System එකක් මනුස්සයෙක් වගේ නැහැ, මේ නිසා ඕනම System එකක් Trick කරන්න හෝ රවට්ටන්න පුලුවන්.

Blackhat SEO කියන්නේ ඒ වගේ Search Engines Trick කරන්න පාවිච්චිකරන ක්‍රමයි. මේ විදිහට ඔයා Content ලියනවා නම් Google Authorship තියාගෙන, එතනින්ම ඔයාගේ Author Score එක ඉවරවෙනවා.

මොහොතකට හිතන්න, ඔයා Keyword Stuff කරලා සත කාලකටවත් එන පුද්ගලයට වැදගත්කමක් නැති Article එකක් ලියනවා ඔයාගේ නමින් වගේම G Authorship හදාගෙන. එතකොට ඔයා කෙලින්ම Googleට කියනවා ඔයා තමයි මේ චාටර් Article එක ලිව්වේ මෙන්න මේ Keyword එකට Rank කරන්න ඕන නිසා කියලා.

ඔය උඩ කිව්වේ එක අවස්ථාවක් විතරයි GA වලින් ඔයාට වැරදෙන්න පුලුවන්. ඒ නිසා මේක හදාගත්තට පස්සේ Low Quality Content ලියලා Blacklisted Author කෙනෙක් වෙන්න නම් එපා.

Get Google Authorship Within 60 Seconds

ඔව්! බොරුවක් නම් නෙමෙයි, ඔයාට පුලුවන් G Authorship වලට අවශ්‍ය දේවල් විනාඩියකින් ලෑස්තිකරගන්න. කැමතිද ඒක කරන්නේ කොහොමද කියලා කියවන්න? සමහරවිට ඔයා කැමති ඇති හරියටම ඔයාට මේක ලැබෙයිද කියලා දැනගන්නත්. ඒකටත් Google එකෙන්ම Testing Tool එකක් නිකුත්කරලා තියෙනවා, LionLK එකේ ලියපු මගේ දෙවනි Guest Post එකෙන් මේ ඔක්කොම දේවල් දැනගන්න පුලුවන්.

ඒකත් කියවලම කියන්නකෝ කොහොමද කියලා.

UPDATE: 2014 වර්ෂයේ අගෝස්තු මාසයේ සිට Google Authorship සම්පූර්ණයෙන්ම නවතාදමා ඇත.

Tweet
Email

Filed Under: SEO

මේ වගේම තවත් ලිපි

  • Effective Fiverr Promotion එකක් ගන්න Simple Tips 10ක්Effective Fiverr Promotion එකක් ගන්න Simple Tips 10ක් (28)
  • ඔබගේ ළඟ ඇති ජංගම උපකරණය හරහා අන්තර්ජාල අලෙවිකරණය කිරීමඔබගේ ළඟ ඇති ජංගම උපකරණය හරහා අන්තර්ජාල අලෙවිකරණය කිරීම (3)
  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්නPerfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න (59)
  • Payoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්නPayoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්න (66)
Sovrn
හැම ලිපියම කාටත් කලින් ඔයාගේ ඊ-මේල් එකට එවන්නද..? එහෙමනම් ඔයාගේ ඊ-මේල් එක ඔතන ලියලා Subscribe ඔබන්න. ඔබලා මේල් එකක් එයි, ඒකේ Link එකත් Click කරන්න.

About ෂ්‍යාම් චතුරංග

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 5ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Email Newsletter!

අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හැටි හා එම ව්‍යාපාරය නිවැරදිව සාර්ථක කරගන්න හැටි කියවන්න කැමතිද?

ඒ වගේම Internet Marketing ගැන SLMarketer විසින් ලියවෙන හැම ලිපියක්ම ඔයාගේ Inbox එකට ගන්න කැමතිද?

එහෙනම් SLMarketer Email Newsletter එකට දැන්ම Join වෙන්න.

Fiverr Success

What’s Your Passion?

ඔයාගෙන් මම ඇහුවොත් ඔයා කියවන්න ආසම කරන Topic එක මොකක්ද කියලා, ඔයා මොකක්ද දෙන උත්තරය? SLMarketer එක ඔයත් මීට කලින් එකපාරක් හරි කියවලා ඇති.


දිගටම ඔයා අන්තර්ජාල අලෙවිකරණය ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ Survey එක Fill කරලා ඒක ගැන අපට කියන්න.


→ Tell Us Your Passion NOW
Get Targeted Traffic, Increase Sales! Get Your Own Domain Name Shrink Your Links Get Your Payoneer Card With $25 Earn by Sharing Internet Earn Free Crypto Get Your Crypto Wallet on Coinbase Get Your Crypto Wallet on Binance

සම්බන්ධ වෙමුද?


Follow @SLMarketer

SLMarketer RSS Feed Subscription!

හොඳම Shared Hosting!

HostGator Discount

අලුත්ම ලිපි

  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්
  • High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න
  • SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

කර්තෘ ගැන…

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 6ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.   Read More…

Email Newsletter

විශේෂ ලිපි, ඊ-පොත්, වීඩියෝ මග පෙන්වීම් ආදිය හා පළවන සෑම ලිපියක්ම ඔබේ ඊ-මේල් එකටම ගෙන්වා ගන්න.

හොයන්න

[footer_backtotop]

Copyright © 2026 SLMarketer.com • අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සින්හලෙන් ඉගෙනගන්න.
සියලුම අන්තර්ගතයේ අයිතිය SLMarketer.com අඩවිය සතුය. · A Site By ScorpionGod Lair