SLMarketer

Fiverr V2 Features වලින් උපරිම ප්‍රයෝජන ගන්න

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න අලුතෙන් එන ගොඩක් අය දැන් Fiverr වලින් එයාලගේ ගමන පටන්ගන්නවා. ඒක ගැන ගොඩක් සතුටුවෙන්න පුලුවන් මොකද Fiverr වලින් පටන්ගන්න අයට ඉක්මනින්ම හොඳ ප්‍රථිපළ ලබාගන්න පුලුවන්. ඒ වුනත් Fiverr කියන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් තවත් එක ක්‍රමයක් විතරයි, මෙහෙම කියන්නේ අන්තර්ජාල අලෙවිකරණය, Fiverr විතරක්ම කියලා ඔයාට හිතුනනම්. මේ ලියන්න යන්නේ Fiverr Ultimate Post Series එකේ තවත් එක වැදගත් පෝස්ට් එකක්.

මාස කිහිපයකට කලින් Fiverr එයාලගේ Marketplace එකට අලුත් පෙනුමක් එක්කම අත්‍යවශ්‍ය Features ටිකකුත් ලබා දුන්නා. සමහරවිට ඔයාට මේ දේවල් වලින් කරන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැතුව ඇති, එක්කෝ ඔයාට ඒ දේවල් වලින් ගන්න පුලුවන් දේ ගන්න අවශ්‍යතාවයක් නැතුව ඇති. මේ කොහොම වුනත් Fiverr V2 Features වලින් ඔයා හිතනවට වඩා දෙයක් කරගන්න පුලුවන්. ඒක කරන්නේ මෙහෙමයි….

තවත් වැදගත් දෙයක් තියෙනවා මාස 3කට කලින් Fiverr තිබුනේ Alexa Rank 300යේ නමුත් එයාලා Fiverr V2 එක්ක ලොකු Marketing Strategy එකකුත් පාවිච්චි කලා. දැන් Alexa Rank වල Fiverr මාස ගාණක් තිස්සේ 130ට අඩුවෙන් තියෙනවා. සමහරවිට ඔයාටම දැන් තේරෙනවා ඇතිනේ කලින් තිබුන Fiverr Revenue Potential එකට වඩා 3න් ගුණයක්වත් මේ වෙනකොට වැඩියි කියලා.

Fiverr V2 Features, Buyer Requests

Fiverr V2 Buyer Requests Feature

Buyer Requests කියන්නේ Fiverr එකට එන Potential Customerට එයාට අවශ්‍ය දේ මේකයි කියලා, ඒ වැඩේට ගැළපෙන කෙනෙක් හොයාගෙන කරගන්න අවස්ථාවක් දීලා තියෙන Feature එකක්.

මේක තමයි Fiverr වල තිබුන හොඳම Feature එක, ඒත් ඒ වටිනාකම Fiverr V2 Launch වෙනවත් එක්කම නැතිවෙලා ගියා. ඔයාට මතකද කලින් Buyer Requests වැඩ කරපු විදිහ, නමුත් දැන් ඒක එහෙම නෙමෙයි. කලින් Buyer Requests වලදි ඔයාට ඕන විදිහට Gig Offer එකට Message කරන්න අවස්ථාව ලැබුනා. අවාසනාවට අලුත් Buyer Requests වලදී ඔයාට බැහැ Offer Message එක ලියන්න, කරන්න තියෙන්නේ ගැළපෙන Gig එක තෝරලා Send Offer Click කරන එක විතරයි.

ඒ විදිහට යවන Offer Message එක කිසිම වැඩක් නැහැ, මොකද එහෙම යවන Message එකේ Conversion Rate එක හොඳටම අඩුයි. මෙහෙම කියන්නේ මං කලින් Buyer Request වලදි යවපු Offer Message 10න් 4ක්වත් Sale එකක් වුන නිසා. ඔයාටම පේනව ඇතිනේ 145 යවලත් 1 Sale එකයි ඇවිල්ලා තියෙන්නේ!

Fiverr V2 Buyer Request Send Offer

ඒත් මේකට පුන්චි දෙයක් කරාම හරි. ඔයා Auto Offer Message එක යවලා ඉවර වුනම ආයෙත් ගිහින් වෙනම Message එකක් යවන්න එතකොට ඒක Sale එකක් වෙන්න ලොකු Possibility එකක් තියෙනවා. මං පාවිච්චි කරන්නේ මේ විදිහේ Offer Message Structure එකක්. ගොඩක් අය Sir කියලා තමයි Customerට ආමන්ත්‍රණය කරන්නේ, නමුත් එතන තියෙන්නේ වාසියක් නෙමෙයි. එහෙම කිව්වම Customerට අපි ගැන විශ්වාසයක්, මෙයා මේ Field එකෙන් Professional කෙනෙක් කියන හැඟීම ඇතිවෙන්නේ නෑ. ඒවගේම සමහර අය Order එක දෙන්න කියලා බැගෑපත් වෙනවා, ඒකත් හොඳ දෙයක් නෙමෙයි. මොකද Professional Online Service Provider කෙනෙක් කවදාවත් Sale එකක් ඉල්ලගෙන පස්සෙන් යන්නේ නෑ. විනීතව තමන්ගේ තැන තියාගෙන Offer Message එකක් යවන එකයි කරන්නේ.

මං මේ කියන්නේ Sir කියලා කියන එක වැරදියි කියලා නෙමෙයි, ඒක පාවිච්චි කරන විදිහයි, අරමුණයි වැරදි. හොඳයි මේ තියෙන්නේ මගේ Structure එක.

Hi [Username],
I saw your Gig Offer of [එයාට ඕන වැඩේ] and I’m willing to help you in getting this done.
[මෙතන ඔයා වැඩේ කරන්නේ කොහොමද කියලා පුන්චි විස්තරයක් දාන්න]
Please let me know, If you’re interested in working with me.

Thank You,
[Your Name]
[Your Position]

Fiverr Sales Analytics

මේක ටිකක් වැදගත් එකක් මොකද Online Marketing වලදී Analytics කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්. කෙටියෙන්ම, මේකේන් වෙන්නේ Fiverr Account එකේ Sales වල විස්තර පෙන්වන එකයි. ඒවගේම ඔයා හොයන මුදල් ප්‍රමාණය, ඔයාගේ Gigs ප්‍රසිද්ධ රටවල් වගේ ගොඩක් දේවල් මේකෙන් පෙන්වනවා.

Fiverr Sales Analytics Information

හරි දැන් වැදගත්ම දේවල් ටික චුට්ටක් විස්තර කරන්නම්

AVG. Selling Prize – මේ කියන්නේ ඔයාට එන සාමාන්‍ය Sale එකක ගාණ. ඔයාගේ Gigs වල තියෙන Gig Extras නිතරම Buy කරනවා නම්, ඔයාට Multiple Gig Unit Sales එනවා නම් මෙතන $5ට වඩා ලොකු ගාණක් තියෙන්න ඕනා.

Delivered Orders – මෙතන පෙන්වන්නේ ඔයා Deliver කරන Orders ගාණ, මේක ඔයාගේ Public Fiverr Profile එකෙත් පෙනවනවා ඒ නිසා පුලුවන් තරම් එන Orders හැමදාම Deliver කරන්න, එක දවසක්වත් නොකර ඉන්න එපා Orders තියෙනවා නම්. මොකද, හැමදාම Deliver කලොත් ඔයාට ලොකු Demand එකක් තියෙනවා කියලා පේනවා.

පුලුවන් හැම වෙලාවෙම ඔයාට එන Order එකක් කිසිම විදිහකින් Cancel වෙන්න දෙන්න එපා. හැබැයි එහෙම කියලා Negative Reviews තියාගෙන ඉන්න එපා. Buyer වැඩේට අකමැතිම නම් සල්ලිත් එපා බඩුත් එපා කියලා පැත්තකට වෙන එක අනාගතේට හොඳයි. කලාතුරකින් තමයි ඒ වගේ Buyersලා එන්නේ.

Responsiveness – මේක තමයි මෙතනින් වැදගත්ම දේ. Perfect Communication එකක් නැත්නම් කවදාවත් ඔයාට සාර්ථකව Online Marketing කරන්න බැහැ. මොකද පරක්කු වෙලා Reply යවනවා කියන්නේ Customerගේ උපරිම අවතක්සේරුවට ලක්වෙන දෙයක්. මට ආපු ලොකු Orders පවා Cancel වෙලා තියෙනවා Communication එක Constant Level එකක තියාගන්න බැරිවුන හින්දා.

මෙතන Responsiveness එක ඔයාගේ Public Fiverr Profile එකේ පෙන්වනවා ඒ කියන්නේ ඔයා කොච්චර Communication එක ගැන හිතනවද කියලා ඕන Potential Customer කෙනෙකුට එක තත්පරයකින් හිතාගන්න පුලුවන්. මේකට හොඳම හා එකම විසදුම එන හැම Message එකකටම ඒ වෙලාවෙම Reply කරන එක. මෙතනදි ඔයාගේ Gig එකක් සම්බන්ධව එන Messages වලට තමයි එහෙම ඉක්මනින් Reply කරන්න ඕන. එතකොට මේ Responsiveness එක අඩු වෙයි.

Fiverr Sales Analytics Map & Revenue

Richer Bar – මෙතනදි ඔයා Fiverr එකට Join වුන දවසේ ඉඳලා Earn කරන ගාණ පෙන්වනවා. එකතු කර කර ඉන්න අවශ්‍ය නැහැ ඉක්මනින්ම Total Revenue එක බලාගන්න පුලුවන්.

Pageviews – ඔයාගේ Fiverr Profile එක බලන්න ආපු ගාණ තමයි මෙතන පෙන්වන්නේ. ඔයාගේ Gigs වලට එන Pageviews මෙතනට අදාල නැහැ.

Conversion Rate – මේක තමයි මෙතන වැද්ගත්ම එක. මේ කියන්නේ ඔයාගේ Profile එකට ආපු අයගෙන් කීදෙනෙක් ඔයාගේ Customersලා වුනාද කියලා ප්‍රතිශතයකින්.

ඔයාට පුලුවන් මේ Conversion Rate එක වැඩි කරගන්න හොඳ Quality Gigs, Profile Description වගේම පට්ට OffSite Self-Promotion එකක් කරලා.

Customer Map – ඔය Map එකෙන් පෙන්වන්නේ ඔයාගේ Gigs අරගෙන තියෙන රටවල් ගාණ. සාමාන්‍යයෙන් වැඩියෙන්ම Buy කරන්නේ United States වලින් තමයි.

Fiverr To Do Page

Fiverr V2 To Do List

ඕනම ලොකු Goal එකකට ගමන් කරන පුද්ගලයකුට To-Do List එකක් නැත්නම් ඒ කෙනාගේ ඵළදායිතාව ගැන ප්‍රශ්ණයක් ඇතිවෙනවා. To-Do List එකක් හදාගෙන ඒ අනුව වැඩ කරන කෙනෙකුට හොඳ සාර්ථකත්වයක් ලබාගන්න පුලුවන්. To-Do List එකකින් වාසි ගොඩක් තියෙනවා හැබයි ඒවා වෙනත් පෝස්ට් වලට මාතෘකා නිසා පස්සේ කතා කරමු.

Fiverr V2 වලදී To Do Page එකේ පෙන්වන්නේ ඔයා විසින් අනිවාර්යයෙන් කළයුතු දේවල් ලිස්ට් එකක්. ඔයා එතන පෙන්වන එකක් හරි නොකරොත් ඒක ඔයාට ලැබෙන OnSite Fiverr Promotion එකට බලපානවා. වෙනත් විදිහකින් කිව්වොත් ඔයාට ලේසියෙන් Sales ලැබෙන්නේ නැහැ. මෙතන ඉතින් කරන්න කියන්නේ එන Messages වලට Reply යවන්න, Rate කරපු Customerට Rate කරන්න, ආපු Orders Deliver කරන්න වගේ දේවල් තමයි.

Fiverr Gigs Stats

Fiverr V2 Gig Stats

මෙතන තමයි ඔයාගේ එක එක Fiverr Gig එකේ Performance බලාගන්න පුලුවන් හොඳම තැන. මෙතන මෙන්න මේ දේවල් තමයි පෙන්වන්නේ.

1. Impressions – මේ කියන්නේ ඔයාගේ Gig එක Fiverr Site එක ඇතුලේ කොහේ හරි(eg. homepage, search listing) පෙන්වපු වාර ගාණ. වැඩි ගාණක් පෙන්වනවා කියන්නේ Fiverr System එකෙන් Gig එකට Support කරනවා කියන එකයි.

2. Clicks – මෙතන පෙන්වන්නේ එහෙම Gig එක පෙන්වපු වෙලාවලදී ඒක Click කරපු ගාණ. ඇත්තටම Gig එක බැලුවත් නැතත් මෙතන Click එක Count වෙනවා.

3. Pageviews – මේ තීරුවේ පෙන්වන ගාණ කලින් එකට වඩා අඩු වෙන්න ඕනා නිතරම, මොකද අර විදිහට Gig එක Click කරලා එන හැම කෙනාම Gig එකත් එක්ක Engage වෙන්නේ නෑ. ඒ කියන්නේ එහෙම එන කෙනා වැඩි වෙලාවක් Gig Page එකේ ඉන්නේ නැතුව ඉක්මනින් ගියාම ඒක Pageviews වලට අයත් වෙන්නේ නෑ. කෙටියෙන්, ඒවා තමයි Bounces කියන්නේ.

4. Purchases – Pageviews වලට අයත්වෙන කෙනෙක් තමයි අනිවාර්යයෙන් ඔයාගේ Customer කෙනෙක් වෙන්නේ ඉතින් එහෙම ඔයාගේ Customersලා වෙන ගාණ තමයි මෙතන පෙන්වන්නේ. එක Pageview එකක් ඇවිල්ලා ඕන තරම් Purchases වෙන්න පුලුවන් මොකද Gig Extras හා Multiple Gig Units කියන දේවල් තියෙන නිසා.

5. Conversion Rate – මේ තියෙන්නේ Gig එක බලන(Pageviews) කට්ටියගෙන් ඔයාගේ Customer කෙනෙක් වෙන ප්‍රතිශතය. මේක වැඩියි කියන්නේ ඔයා Fiverr Gig එක හදනකොට පට්ට වැඩක් කරලා තියෙනවා කියන එකයි.

ඔයා Gig එකට කරන හැම Tweak එකකින්ම ප්‍රථිපලයක් තියෙනවද කියලා මේ තොරතුරු වලින් තීරණය කරන්න පුලුවන්.

Fiverr ගැන කියන්න දේවල් තව එකක් තියෙනවා, ඉක්මනින්ම ඒවත් ලියන්නම්.
ඔයා කලින් මේ දේවල් මොනවද, ගන්න පුලුවන් ප්‍රයෝජන ගැන දැනගෙන හිටියද? එහෙමත් නැත්නම් ඔයා පුලුවන් උපරිමයෙන් මේවා පාවිච්චි කරනවද? Comment එකකින් ඔයාගේ අදහසත් කියලා යන්න අමතක කරන්න එපා.

ඔයාගේ Living Income එක Fiverr හරහා හොයන්න කැමතිද? FUPS එකේ සඳහන් නොවන Fiverr Strategies දැනගන්න ආසද? එහෙනම් ඔයාගේ Email එක ලියලා Subscribe වෙන්න.!