SLMarketer

Successful Fiverr Business එකකට සිංහලෙන් Fiverr Terms of Service කියවන්න

Terms of Service of Fiverr

ඔයා Fiverr හරහා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න නම් යන්නේ, අනිවාර්යෙන් කියවිය යුතු Official Fiverr Page එකක් තමයි Fiverr Terms of Service  කියන්නේ. ඔයා මේක කියවන්නේ නැතුව වැඩේ පටන්ගන්නවා කියන්නේ ඔයා ලොකු Risk එකක් ගන්නවා කියන එක. මොකද බැරිවෙලා හරි ඔයා Fiverr Terms of Service or Fiverr TOS Violate වෙන දෙයක් කරලා අහුවුනොත් ආයේ සමාවක් නම් නෑ. හැබැයි ඉතින් කරලත් අහුනොවී ඉන්න පුලුවන් Smart මිනිස්සුන්ට..!

හරි එහෙමනම් ඔන්න අපි යනවා…

The Squeezed Version

  • Fiverr එකේ පිරිනමන ඕනෑම සේවයකට කියන්නේ Gig එකක් කියලා.
  • Fiverr එකේ පිරිනමන Gigs වල තියෙන්නේ $5 ස්ථීර මිලක්.(ඒ නිසා One Fiver කියලත් කියනවා.)
  • ලියාපදිංචි වුන පුද්ගලයන්ට පමණයි Fiverr හරහා මිලදී ගැනීම් හා විකිණීම කරන්න පුලුවන්. ලියාපදිංචිය නොමිලේ.
  • වෙළෙන්දන්ට ගිණුම් තත්වයන්(Fiverr Levels) පිරිනැමෙනවා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය හා ප්‍රසිද්ධිය හෝ කීර්තිය මත. උසස් තත්වයන්(Fiverr Levels) මගින් ගිණුම් හිමියාට ලබාදෙන ප්‍රතිලාභය වන්නේ, $5ට වඩා වැඩි මුදලකට සේවය පිරිනැමීමට හැකිවීමයි. මෙය කිර්‍රිමට Gig Extras හෝ Multiple Gig Unit Feature එක භාවිතා කර හැක.
  • ඇතැම් Fiverr වෙළෙන්දන් උසස් සේවයන් Gigs කිහිපයකට පිරිනමනු ලැබේ. ඒ ඔවුන්ගේ ගිණුම් තත්වයන්(Levels) මතයි.
  • වෙළෙන්දන් එන සෑම Order or Sale එකක්ම සම්පූර්ණ කළයුතු අතර හේතුවක් නැතුව එක දිගට Cancel නොකළ යුතුය.
  • පාවිච්චි කරන්නා කිසිම විටෙක Fiverr.com එකෙන් හැර වෙනත් ක්‍රමයකින් මුදල් නොගෙවිය යුතු අතර එසේ මුදල් එවිමකට කරන ඇරයුමකට එකඟ නොවිය යුතුය. Order කළ යුත්තේ ‘Order Now’ Button එකෙනි.
  • පාරිභෝගිකයාට භාරදෙන සෑම දෙයකටම සියළුම හිමිකම් හිමිවේ, නමුත් වෙළෙන්දා විසින් සියළුම හිමිකම් ලබාදෙනවා නම් පමණි. එසේම Fiverr.com අලෙවි ප්‍රවර්ධනයට සියළුම භාරදෙන(Deliveries) දෙයක්ම පාවිච්චි කිර්‍රිමට Fiverr සතු අයිතියකි.
  • ඔයා මෙන්න මෙහෙම දකින කොට ‘I will __ for $5’, ඒ කියන්නේ එම වෙළෙන්දා එම සේවය(Gig) $5 ස්ථීර මිලට පිරිනමන බවයි.
  • අපි ඔයාගේ පෞත්ගලිකත්වය ගැන ගොඩක් වදවෙනවා. අපේ පෞත්ගලිකත්වය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය කියවන්න මෙතනින් පුලුවන්. ඒ වගේම ඒක එකේ කොටසක්ද වේ.

Sellers

Basics

  • ඔබ විසින් $5ට විකුණන ඕනෑම Gig එකක් හා සාර්ථකව භාරදීමකදී,  ඔබට $4ක ශුද්ධ අදායමක් ලැබෙනු ඇත.
  • ගැණුම්කරු Fiverr එකට ගෙවනවා Order එක දාද්දී.
  • Order එකක් සම්පූර්ණ කරාම Fiverr විසින් $4 මුදල ගිණුමට බැර කරනවා. පහළ ඇති “Delivered Work & Communication” Section එක බලන්න සම්පූර්ණ Order එකක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න.
  • වෙළෙන්දන්ට ඔවුන්ගේ ආදායම ලබාදී ඇති මුදල් ගැනුම් සේවයකින්(Withdrawal Option) ලබාගත හැක.
  • Order එකක් Cancel කලොත් කුමන හෝ හේතුවකට, මුදල් ආපසු ගැණුම්කරු වෙත යැවෙයි.
  • වෙළෙන්දන්ට පුලුවන් ඔවුන්ගේ කැමැත්ත මත ඔවුන්ගේ ආදායම PayPal ගිණුමට හෝ Fiverr Revenue Card එකට ගන්න.
  • වෙළෙන්දන්ගේ ඇගයීම යැපෙන්නේ කරුණු කිහිපයක් මත, ගැණුම්කරුවන්ගේ ප්‍රතිචාර, Orders ප්‍රමාණය, Cancel කරපු Orders ප්‍රමාණය හා ප්‍රමාද භාරදීම් මෙයට ඇතුලත්.

Seller Statuses

  • Fiverr ගොඩක් උදව් කරනවා වෙළෙන්දන්ට ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න. අපි නිතරම වගේ හොයනවා උසස්ම හා ක්‍රියාකාරීම වෙළෙන්දන්, ඊටපසු ඔවුන්ට Fiverr Business එක වර්ධනය කරගැනීමට විවිධ Features ලබාදෙනවා.
  • තමන්ගේ Orders ප්‍රමාණය ඉහළ දමා ගන්න උත්සහා කරන, නිතරම වගේ ගණුදෙනුකරුව තෘප්තිමත් කරන, වෙලාවට වැඩකරන, උසස් තත්වයේ Rating එකක් තියාගන්න වෙළෙන්දන්ට අලුත් ගිණුම් තත්වයන්(Fiverr Levels) ලැබෙනවා, විවිධ වාසි හා Features සමඟ.

Levels

  • වෙළෙන්දන්ට පුලුවන් ගිණුම් තත්වයන්(Fiverr Level 1, 2) ලබාගන්න ඔවුන්ගේ ක්‍රියාකාරකම් හා ප්‍රසිද්ධිය මත.
  • හැම Level එකක්ම වෙළෙන්දට වැඩිපුර අවස්ථා හා Tools ලබාදෙනවා ඔවුන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න. ඉහළ තත්වයේ Level එකක සිටින වෙළෙන්දන්ට සිද්ධ වෙනවා ඔවුන්ගේ ක්‍රියාකාරකම් හා ප්‍රසිද්ධියට පවත්වාගන්න, ඔවුන් ඒ Level එකේ ඉන්න කැමතිනම්.
  • Fiverr Levels ගැන හොයලා බලන්නේ ස්ව්‍යංක්‍රීය පද්ධතියක් මගින් වෙලාවෙන් වෙලාවට. ඉහළ ඇති වෙළෙන්දන් එතකොටත් $5 Fixed Prize එක තියාගන්න ඕනා. ගිණුමේ Reputation දිගටම පවත්වාගෙන යන්නේ නැති වෙළෙන්දන්ගේ Levels නැති වී යනු ඇත.

Top Rated Sellers

  • Top Rated Sellers කියන්නේ පාලකයන් අතින් තෝරන ලද වෙළෙන්දන්ය. එසේ තෝරන විට සඳහන් කර ඇති සාධක තිබේ දැයි සොයාබැලේ. ජෙ‍ය්ෂ්ඨත්වය, Sales ප්‍රමාණය, අධිකව ඉහළ Rating එක, විශේෂිත වූ ගණුදෙනුකරුවන් ගැන සොයා බැලීම, Top Rated Sellersලට කලින් Levels වලට වඩා උසස් පහසුකම් ලැබෙනු ඇති අතර VIP, Beta Features පහසුකම්ද ලැබේ.

Handling Orders

  • ගැණුම්කරුවෙක් Order එකක් දැම්මම, ඒක ගැන කියලා Email Notification එකක් Sellerට එනවා.
  • වෙළෙන්දන් Gig එක හදද්දී දැම්ම කාල පරාසයට අනුව Order එක Deliver කරන්න ඕනා. එහෙම කරන්න බැරි වෙන එකෙන් ගැණුම්කරුවට පුලුවන් Order එක Cancel කරන්න. එවිට වෙළෙන්දගේ Rating එකට හානියක් වේ.
  • ගැණුම්කරුවට හා වෙළෙන්දා යන දෙදෙනාටම පුලුවන් Order එක දෙදෙනාගේම අනුදැනුම ඇතිව Cancel කරන්න. Mutual Cancellations වලින් සෘණාත්මක බලපෑමක් නෑ. නමුත් ඕනවට වඩා Mutual Cancellation කිරීමෙන් Levels නැතිවීමට හේතුවක් වේ.
  • ප්‍රතිචාර නොදක්වන Mutual Cancellation පැය 48කින් Accept වෙනවා. එවිට ප්‍රතිචාර නොදක්වපු පුද්ගලයාගේ Rating වලට හානියක් වේ.
  • වෙළෙන්දෙක්ට පුලුවන් ගැණුම්කරුවකුගෙන් අහන්නේ නැතුව Order එකක් Cancel(Force Cancellation) කරන්න. නමුත් මෙයින් වෙළෙන්දගේ Rating එකට කෙලින්ම හානියක් වේ.

Stay Out Of Trouble

  • පාවිචිකරන්නන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න, පුද්ගල තොරතුරු නිර්නාමිකව සිදුවිය යුතුයි. ඊමේල් ලිපින, Skype ID , දුරකථන අංක හා වෙනත් සම්බන්ධ කරගැනීමේ තොරතුරු ඉල්ලීම හෝ යැවීම සපුරා තහනම්.
  • සෑම සන්නිවේදනයක්ම, Files හුවමාරු කිරීමක්ම Fiverr.com Messages හරහා කළයුතුය.
  • වැඩිහිටියන්ට පමණක් දෑ, නීත්‍යානුකූල නොවන දෑ, අශිෂ්ඨ දෑ, දූෂිත් දෑ, ප්‍රකාශන අයිතීන් අහුරුවා ඇති දෑ, Spam , විකාර දෑ හා අනිකුත් හොඳ නැති දෑ දැමීම හෝ යැවීම සපුරා තහනම්.

Work Delivery & Communications

  • ඔබ Deliver කරන සෑම එකක්ම Virus Check කිරීම ඔබ සතු වගකීමකි. Fiverr වගකියන්නේ නෑ වෙබ් අඩවිය භාවිතා කිරීමෙන් සිදුවන හානි වලට.
  • වෙළෙන්දෝ වැඩේ සම්පූර්ණ කරා කියලා ඔප්පු කර හැකි දෙයක් Deliver Completed Work Tab එක හරහා ගැණුම්කරු වෙත යැවිය යුතුය.(Order Page එකේ තියෙන්නේ.)
  • ගැණුම්කරුට දවස් 3ක් තියෙනවා Order එකක් කරලා එව්වට පස්සේ ප්‍රතිචාර(Rate) දක්වන්න. ඒ කාලය ඇතුලත ඒසේ නොකළහොත් ඉබේම එය Complete වේ.

Withdrawing Revenues

  • ඔබගේ මුදල් ගන්න නම් අනිවාර්යෙන් එක විදිහකින්වත් ගිණුමක් තියෙන්න ඕනා.
  • ඔබගේ ගිණුමට එක්කළ හැක්කේ එක PayPal Account or Revenue Card එකයි. මේකේ අනිත් පැත්තටත් මේ විදිහටම තමයි.
  • ගිණුමේ ආදායම Withdraw කිරීමට හැක්කේ දවස් 14ක ආරක්ෂිත කාලයකට පසුවයි.
  • Withdraw කිරීමේදී කැපෙන ගාස්තු පාවිච්චි කරන Withdrawal Option එකට අනුව වෙනස් වේ.
  • Withdrawals කියන්නේ අන්තිම ක්‍රියාකාරකමක්. අපිට ආපහු නවත්වන්න වත්, ආපසු ගෙන්වන්න වත් බැහැ.

Buyers

Ordering

  • Credit Card එකකින්, PayPal එකෙන් හෝ වලංගු Fiverr Gift Card එකකින් මිලදී ගන්න පුලුවන්.
  • ගෙවීම තහවුරු කිරීමෙන් පසුව Order එක සෑදෙයි.
  • ඔබගේ Fiverr Shopping ගිණුමේ ධනාත්මක අගයක්($5 or More) ඇත්නම්, ඊළඟ Order එක මිලදී ගැනීමේදී ඒ මුදල් වලින් ගැනේ.
  • ගැණුම්කරුවකු විදිහට ඔබගේ පෞද්ගලිකත්වය නිර්නාමික විය යුතුය. ඊමේල් ලිපින, Skype ID , දුරකථන අංක හා වෙනත් සම්බන්ධ කරගැනීමේ තොරතුරු ඉල්ලීමෙන් හෝ යැවීමෙන් වළකින්න.
  • ඔබ විසින් Fiverr.com හැර වෙනත් ක්‍රමයකින් ගෙවීමක් කිරීමට යෝජනා නොකළ යුතුයි.
  • ඔබට PayPal හරහා ගෙවීමක් කරන්න කියලා ඇරයුමක් ලැබුනහොත් වහාම එය Report කරන්න.
  • PayPal හරහා හෝ ඔබගේ Bank එක හරහා ගෙවීමක් කරපු මුදල් ආපසු ලබාගනීමට යාමෙන් වළකින්න. එසේ කිරීමෙන් ඔබගේ ගිණුම අක්‍රිය වෙනු ඇත.
  • අවුලක් වෙන හැම වෙලාවකම වෙළෙන්දත් එක්ක කතාකරලා විසඳගන්න බලන්න. බැරිම නම් අපව Contact කරන්න.
  • Customer Support එක හරහා Order එකක් Cancel කරන්න පුලුවන් දවස් 10ක් හෝ ඊට අඩු අවස්ථා වල පමණි. ඊට වැඩි අවස්ථාවක අපට එය සිදුකළ නොහැක.

Shipping

  • ඇතැම් Fiverr සේවයන් භෞතික භාණ්ඩ එවනු ලැබේ. මේ වගේ Gig වලට, වෙළෙන්දන් වැඩිපුර අය කරයි Shipping වලට. වෙළෙන්දන්ට පුලුවන් Shipping මුදලක් තොරන්න, විදේශීය හෝ දේශීය.

Important

  • මේ වගේ Gig මිලදීගන්න ගැණුම්කරුවන්ට Shipping Address එකක් යවන්න වේ.
  • වෙළෙන්දා තමයි Shipping Address එක ලැබුනම Shipping වැඩේ ගැන හොයා බලන්න ඕනා.
  • භාණ්ඩෙට වෙන කිසිම අලාභ හානියකට Fiverr.com විසින් වගකියනු නොලැබේ.
  • Tracking Number එකක් කියන්නේ Order Cancel වෙන එක නවත්වන දෙයක්. ඉතින් අපි වෙළෙන්දන්ට කියනවා Tracking Number එකක් දෙන්න කියලා හැකි සෑම වෙලාවකම.

General Terms

  • Fiverr.com වල Terms of Service උල්ලංඝණය කිර්‍රිම ඔබගේ ගිණුම ස්ථීරව අක්‍රිය කිරීමට හේතු වේ.
  • වෙළෙන්දන්ට පුලුවන් අක්‍රිය වුනු ගිණුමකින් මුදල්ගන්න දවස් 45 හෝ 90ක ආරක්ෂිත කාලයකට පසු.
  • Order එක වියවුල් කිරීමේදී Order Page එකේ තිබෙන Dispute Tools(Got Problems) එකෙන් හෝ Fiverr Customer Support එකෙන් කළයුතුය.
  • Fiverr හට ඔබගේ ගිණුම තාවකලිකව නවත්වන්න අයිතිය තියෙනවා මොනයම් හෝ අකටයුත්තක් ගැන තොරතුරු හෙළි වුනොත්. ඒසේ වුවහොත් ඔබට එම ගිණුම තාවකාලිකව පාවිච්චි කිරීමට නොහැක.
  • Fiverr.com කාලෙන් කාලෙට මේ Terms of Service එක වෙනස් කරනවා. එහෙම වෙනස් වුනාම අලුත් Copy එකක් මේ Page එකේ දානවා.
  • Fiverr Terms of Service එක වෙනස්වුන දවසට පසු දවසෙත් ඔබ Fiverr.com පාවිච්චි කරනවනම්, අපට සිදුවෙනවා ඔබ එය පිළිගත් බවට සිතන්න.

Disputes

  • අපි ගැණුම්කරුවන් හා වෙළෙන්දන්ට ඔවුනොවුන් අතර පවතින අවුල් කතාකර විසඳගන්න ලෙස ඉල්ලනවා. කෙසේ වෙතත් මේක හරිගියේ නැත්නම්, ඔබට පුලුවන් Fiverr Customer Support එකට කතාකරන්න.
  • Fiverr Cancel කරපු Order වල මුදල් PayPal එකට යවන්නේ නැහැ. ඒවා යන්නේ Buyer Shopping Balance එකට, ඉතින් ඒවා ඉස්සරහට මිලදීගන්න දේවල් වලට පාවිච්චි වෙනවා.

එහෙමනම් ඔන්න කිව්ව විදිහටම Fiverr Terms of Service සිංහලෙන් දැම්මා. දැන් ඉතින් කලින් දාපු Fiverr Ultimate Post Series දෙවනි ලිපිය ආයෙත් කියවලා ඒකේ තියෙන විදිහට වැඩේ කරගෙන ඉන්න. තුන්වෙනි එක දාපු ගමන් ඔයාට වැඩ කෝටියක් මං දෙනවා.

ඒවා නොකර නම් ඔයාට Living Income එකක් ගන්න එක අපහසු වෙයි. ඒ නිසා ඒ දේවල් ඒ විදිහටම පිළිපදින්න. කලින් දාපු Fiverr Privacy Policy Sinhala ලිපිය වගේ නෙමෙයි, මේකට නම් ගොඩක් වෙලා ගියා. දැන් ඉතින් ඔයාගේ වාරේ. ඔයාගේ යාලුවටත් මේක පෙන්වන්න.

එහෙමත් නැත්නම් ඔයාට සමහර විට Blog එකක් ඇතිනේ. ඉතින් එහෙමනම් ඔයාගේ බ්ලොග් එකෙ මේ ලිපිය පෙන්වන්න පහළ HTML Code එක Copy කරල HTML ලියන Tab එකේ Paste කරන්න.

ඔයාගේ Living Income එක Fiverr හරහා හොයන්න කැමතිද? FUPS එකේ සඳහන් නොවන Fiverr Strategies දැනගන්න ආසද? එහෙනම් ඔයාගේ Email එක ලියලා Subscribe වෙන්න.!