SLMarketer

Fiverr Business එකට ගින්දර Boost එකක් දෙන්න SEO වලට පුලුවන්ද?

ඔයාගේ ජිවීතේ පළවෙනි $4 දැනටමත් ඔයා උපයලා ඇති… ඔව් ඔයා අන්තර්ජාලයෙන් උපයපු ගාණ ගැන තමයි. සමහරවිට ඒ Fiverr වලින් වෙන්නත් පුලුවන්. ඔයා සමහරවිට කලින් කියලාදීපූ උපක්‍රමත් පාවිච්චිකරන්න ඇති, ඒත් දන්නවද … මට Fiverr වල පළවෙනි Sale එක ආවේ ඒ කිසිම දෙයක් නොකර වගේම….

පළවෙනි සතියෙමයි!

තවත් දෙයක් තමයි මං අන්තර්ජාලයෙන් මුලින්ම හොයපු $1 එතන තිබුනේ නැහැ. එහෙම කියනකොට ඔයාට හිතෙන්න ඇති ඔයා ඒ හැමදේම කලොත් ඔයාට පළවෙනි සතියේ කොච්චර ලැබෙයිද කියලා.

ඒ ගාණ ගැනනම් මට කියන්න බැහැ ඒත් ඔයාට අනිවාර්යයෙන් Sale එකක් එන එකනම් මට Sure එකටම කියන්න පුලුවන්.

සාර්ථකත්වයේ එක වැදගත් තැනක අත්නොහරින උත්සහය කියලා දෙයක් තියෙනවා, ඉතින් ඒක ඔයා ළඟ තියාගෙන දිගටම උත්සහා කරන්න. ඉතින් කලින් කිව්ව හැමදේම කරලත් ඔයාට තාම ප්‍රථිපළයක් නැතිනම් ඔයාට ඒ දේවල් කරද්දී කොතනද වැරදුනේ කියලා හොයාගෙන එතනට Optimization එකක් දෙන්න.

හරි, ඔයා දැන් කියවන්නේ Ultimate Fiverr Post Series එකනේ, අදත් ඔයාගේ Fiverr Business එක තියෙන තැනින් තව ටිකක් උඩට ගෙනියන්න වැදගත් Strategies ටිකක් දෙන්නම්.

කැමතිද ඔයාගේ Fiverr Business එකට ගින්දර Boost එකක් දෙන්න? මං ඒක තවත් පැහැදිලි කලොත් SEO කියන අකුරු තුනෙන් කියල…?


මුකුත් කියන්න කලින් දෙයක් පෙන්වන්න කැමතියි ඔයා බලන්න කැමතිනම්.

හම්….! දවස් 7කින් Impressions 12000ක්.

කැමතිද ඔයාගේ Fiverr Business එකටත් ඒ වගේ Boost එකක් දෙන්න, එහෙනම් දිගටම කියවන්න.

Bit of SEO, Load of Exposure

ඔයාගේ Fiverr Gig එක SEO කරන්න මුලින්ම අවශ්‍ය වෙන්නේ Primary Keyword එක හොයාගන්න එක. මෙහෙම හිතන්නකෝ, ඔයා දෙන සේවය මිලදීගන්න ඕන අය මොනවගේ වචනයක් (හෝ දෙකක්) පාවිච්චි කරයිද ඔයාගේ සේවය ගැන හොයන්න.

Example:
ඔයාට Conversion Rate Optimization ගැන Gig එකක් තියෙනවනම් Primary Keyword එක විදිහට, Conversion Optimization කියන එක ගන්න පුලුවන්.

මේ විදිහට ඔයාගේ Gigs වලටත් Primary keywords තෝරගන්න.

Title, Description, Tags with SEO

Gig Title එක ලියද්දී ඔයා තෝරගත්ත Primary Keyword එකත් ඒකට ඇතුලත් කරන්න ඕනා. ඒ වගේම ඔයාගේ Gig එක Publish(Save) කරපු ගමන් ඒකට Gig URL එකකුත් හැදෙනවා හැබැයි ඔයාට පස්සේ ඒ URL එක වෙනස්කරන්න බැහැ.

මේ Gig URL එක හැදෙන්නේ ඔයාගේ Gig Title එකේ වචන වලින්. පහළ උදාහරණය බලන්නකෝ
Gig Title – I will create highly professional graphic design for $5
Gig URL – http://fiverr.com/leanlifeacademy/create-a-highly-professional-graphic-design
Title in the URL – create-a-highly-professional-graphic-design

කොහොමහරි Gig Title එකෙයි, Gig URL එකෙයි Primary Keyword එක දාගන්න බලන්න.

Gig Description එකේදී මේ Primary Keyword එක උපරිම 2-3 අතර දාන්න ඕනා. සාමාන්‍යයෙන් අකුරු 1200න් ලියන්න පුලුවන් වචන 240ක් වගේ. ඉතින් මේ වචන ගාණට Primary Keyword එක 2-3ක් සඳහන් කරන එක අවුලක් නෑ. මෙතනදි තවත් දෙයක් ගැන සැළකිලිමත් වෙන්න ඕනා ඒ තමයි ඔයා මේ ලියන Description එකේ පළවෙනි වාක්‍ය තමයි Search Result එකේ පෙන්වන්නේ.

ඒ නිසා Primary Keyword එකෙන් පළවෙනි වාක්‍ය පටන්ගන්න පුලුවන් නම් නියමයි.
Gig Tags වලටත් පළවෙනි Tag එක හෝ දෙක විදිහට Primary Keyword එක දාන්න.

Gig Images SEO

Gig Image එකක් SEO කරන්න ක්‍රම 2ක් තියෙනවා, ඒ Image File Name එක වගේම Image Meta Data ටිකයි. මතක ඇතුව ඔයාගේ Primary Keyword එක Gig Images 3නේ File Name එකට දාන්න. ඒක නම් ලේසියි! Image Meta Data දාන්න Photoshop Software එක පාවිච්චි කරන්න පුලුවන්.

තවත් දෙයක් තමයි Image එකේ File Size එක. මේක පුලුවන් උපරිමයෙන් අඩුකරන්න ඒවගේම Photoshop වලින්ම මේ වැඩෙත් කරගන්න පුලුවන් කිසිම අවුලක් නැතුව.

Gig Video SEO

Gig Video එකක් SEO කරන්නත් කලින් කිව්ව ක්‍රම 2ම තමයි පාවිච්චි කරන්නේ ඒ කියන්නේ ඔයාගේ Primary Keyword එකත් Video File Name එකට දාන්න. Video Meta Data දාන්න මං පාවිච්චි කරන්නේ Camtasia Software එක, ඒකෙන් තමයි මගේ හැම Video වැඩක්ම දැනට කරන්නේ.

කලින් Images වලට කලා වගේ Video එකේ Size එකත් අඩුකරන්න, එතකොට SEO වලට වගේම Gig එක බලන කෙනාටත් කරදරයක් නැහැ මොකද Video එක ඉක්මනට Load වෙනවා. ගොඩක් වෙලාවට Camtasia වලින් හදන 45s Videos වල Size එක 20mb පයින්නේ නැහැ.

Possible Category SEO.

හිතන්නකෝ ඔයාගේ Gig එකෙන් ලබාදෙන්නේ Copywriting Service එකක් කියලා ඉතින් මෙතනදි ඔයාගේ Primary Keyword එක ‘Copywriting’ කියලා ගන්න පුලුවන්. එතකොට ඔයාට Categories විදිහට ගන්න පුලුවන් මේ දෙක.

Main Category – Writing & Translation.
Sub Category – Copywriting.

මේ වගේ ඔයා තෝරගන්න Primary Keyword එක Category එහෙකත් තියෙනවා නම් ඒක Category එක විදිහට තෝරගන්න.

All Positive Reviews

ඔයා Gig එකකින් ලබාදෙන සේවය මිලදීගන්න කෙනෙක් Google එකේ Search කරනකොට වාසනාවකට වගේ ඔයාගේ Gig එක පේන්න පුලුවන් මෙතනදි ඒ කෙනාට ඔයාගේ Service එකට ලැබිලා තියෙන Rating එක පේනවා පහළ පින්තූරයේ විදිහට. ඉතින් ඔයාගේ ඔක්කොම Customersලා Gig එකට Positive Rate කරලා තිබුනම ඒ කෙනාට පේන්නේ තරු 5හේ සේවයක් විදිහට.

මේ Rating එක කියන්නෙත් Google එකේ Ranking Factor එකක්.

Social Signals for Fiverr Gig SEO

මේ ගැනනම් සමහර අයට හදුන්වලා දෙන්න දෙයක් නැහැ, මොකද ගොඩක් අය Gig එක විදිහට කරන්නෙත් Social Signals විකුණන එකනේ. Social Media Sites කියන්නේ ලෝකයේ ලොකු විශ්වාසයක් තියෙන වගේම මිනිස්සු ගොඩක් ගැවසෙන තැනක්.

ඉතින් මේ වගේ තැනක ඔයාගේ Services ගැන කතාබහක් වෙනවා කියන්නේ ඒක හොඳ දෙයක් වගේම මේ වගේ තැන්වල ඔයාගේ Fiverr Gigs වලට Links තියනවා කියන්නේ Googleට ටිකක් වැදගත් දෙයක්. හැබැයි ගොඩක් අය කරන විදිහට මේකේන් ගන්න පුලුවන් උපරිම දේවල් ගන්න බැහැ.

ඔයාට නිකං ආතල් එකට වගේ හිතුනනම් මොනාහරි Social Signal Exchange Site එකකට Join වෙලා අම්බානෙට මේවා ටිකක් ගන්න, ඒක හිතින් අයින්කරගන්න එක හොඳයි.

ඒ විදිහට ගන්නකොට ඒක Natural දෙයක් නෙමෙයි, Natural නැති දෙයකට Google කැමති නැහැ. ඒ නිසා සාමාන්‍ය ක්‍රමේකින් මේ දේවල් ගන්න එක තමා හොඳ.

හෙමිහිට ඔයාගේ Social Profiles වලින් එක ගාණේ අරගෙන ඔයාගේ යාලුවොන්ගෙත් උදව් අරගන්න. මං නිතරම Target කරන්නේ Social Media Sites 5කට විතරයි.
1. Google+
2. Youtube
3. Facebook
4. Twitter
5. Pinterest

මෙතනින් Google+ වලට සුවිශේෂී තැනක් තියෙනවා ඒ කොහොමවුනත් මේ 5න් ඔයාට පුලුවන් තරම් Shares අරගන්න බලන්න හිමිහිට වගේම ටිකෙන් ටික.

What Next…!

1. මේ කිව්ව අංග ටික හොඳට Optimize කරලම බලන්නකෝ, අනිවා ඔයාට ලොකු Improvement එකක් දැනේවී. එහෙම දැනෙනකොට මෙහෙටත් කියන්නකෝ.

2. ඔයා හිතන්නේ මේ SEO – Search Engine Optimization වලට පුලුවන්වෙයිද ඔයාට හොඳට Fiverr Orders Lot එකක් ගෙනල්ලා දෙන්න?

3. ඔයා වගේම හැමෝම ආසයිනේ හැමදාම එක Fiverr Order එකක් හරි ගන්න. ඉතින් ලෝභනොවී ඒ හැමෝටම උදව්කරන්න කැමතිනම් මේ ලිපියට Google+ එකකුයි, Facebook වලයි Share කරන්න!

ඔයාගේ Living Income එක Fiverr හරහා හොයන්න කැමතිද? FUPS එකේ සඳහන් නොවන Fiverr Strategies දැනගන්න ආසද? එහෙනම් ඔයාගේ Email එක ලියලා Subscribe වෙන්න.!