• Home
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Fiverr Sinhalen — FUPS

SLMarketer

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන්න ඉගෙනගන්න

Earn Free Bitcoin
  • Social Media Marketing
  • Affiliate Marketing
  • Online Marketing
  • WordPress
  • BlogSpot
  • Blogging
  • SEO
You are here: Home / Online Marketing / Fiverr Business එකට ගින්දර Boost එකක් දෙන්න SEO වලට පුලුවන්ද?

Fiverr Business එකට ගින්දර Boost එකක් දෙන්න SEO වලට පුලුවන්ද?

October 18, 2013 By ෂ්‍යාම් චතුරංග 29 Comments

ඔයාගේ ජිවීතේ පළවෙනි $4 දැනටමත් ඔයා උපයලා ඇති… ඔව් ඔයා අන්තර්ජාලයෙන් උපයපු ගාණ ගැන තමයි. සමහරවිට ඒ Fiverr වලින් වෙන්නත් පුලුවන්. ඔයා සමහරවිට කලින් කියලාදීපූ උපක්‍රමත් පාවිච්චිකරන්න ඇති, ඒත් දන්නවද … මට Fiverr වල පළවෙනි Sale එක ආවේ ඒ කිසිම දෙයක් නොකර වගේම….

පළවෙනි සතියෙමයි!

Fiverr 1st Sale 1st Week

තවත් දෙයක් තමයි මං අන්තර්ජාලයෙන් මුලින්ම හොයපු $1 එතන තිබුනේ නැහැ. එහෙම කියනකොට ඔයාට හිතෙන්න ඇති ඔයා ඒ හැමදේම කලොත් ඔයාට පළවෙනි සතියේ කොච්චර ලැබෙයිද කියලා.

ඒ ගාණ ගැනනම් මට කියන්න බැහැ ඒත් ඔයාට අනිවාර්යයෙන් Sale එකක් එන එකනම් මට Sure එකටම කියන්න පුලුවන්.

සාර්ථකත්වයේ එක වැදගත් තැනක අත්නොහරින උත්සහය කියලා දෙයක් තියෙනවා, ඉතින් ඒක ඔයා ළඟ තියාගෙන දිගටම උත්සහා කරන්න. ඉතින් කලින් කිව්ව හැමදේම කරලත් ඔයාට තාම ප්‍රථිපළයක් නැතිනම් ඔයාට ඒ දේවල් කරද්දී කොතනද වැරදුනේ කියලා හොයාගෙන එතනට Optimization එකක් දෙන්න.

හරි, ඔයා දැන් කියවන්නේ Ultimate Fiverr Post Series එකනේ, අදත් ඔයාගේ Fiverr Business එක තියෙන තැනින් තව ටිකක් උඩට ගෙනියන්න වැදගත් Strategies ටිකක් දෙන්නම්.

කැමතිද ඔයාගේ Fiverr Business එකට ගින්දර Boost එකක් දෙන්න? මං ඒක තවත් පැහැදිලි කලොත් SEO කියන අකුරු තුනෙන් කියල…?


මුකුත් කියන්න කලින් දෙයක් පෙන්වන්න කැමතියි ඔයා බලන්න කැමතිනම්.

Fiverr SEO Gig Impressions Boost Proof

හම්….! දවස් 7කින් Impressions 12000ක්.

කැමතිද ඔයාගේ Fiverr Business එකටත් ඒ වගේ Boost එකක් දෙන්න, එහෙනම් දිගටම කියවන්න.

Bit of SEO, Load of Exposure

ඔයාගේ Fiverr Gig එක SEO කරන්න මුලින්ම අවශ්‍ය වෙන්නේ Primary Keyword එක හොයාගන්න එක. මෙහෙම හිතන්නකෝ, ඔයා දෙන සේවය මිලදීගන්න ඕන අය මොනවගේ වචනයක් (හෝ දෙකක්) පාවිච්චි කරයිද ඔයාගේ සේවය ගැන හොයන්න.

Example:
ඔයාට Conversion Rate Optimization ගැන Gig එකක් තියෙනවනම් Primary Keyword එක විදිහට, Conversion Optimization කියන එක ගන්න පුලුවන්.

මේ විදිහට ඔයාගේ Gigs වලටත් Primary keywords තෝරගන්න.

Title, Description, Tags with SEO

Gig Title එක ලියද්දී ඔයා තෝරගත්ත Primary Keyword එකත් ඒකට ඇතුලත් කරන්න ඕනා. ඒ වගේම ඔයාගේ Gig එක Publish(Save) කරපු ගමන් ඒකට Gig URL එකකුත් හැදෙනවා හැබැයි ඔයාට පස්සේ ඒ URL එක වෙනස්කරන්න බැහැ.

මේ Gig URL එක හැදෙන්නේ ඔයාගේ Gig Title එකේ වචන වලින්. පහළ උදාහරණය බලන්නකෝ
Gig Title – I will create highly professional graphic design for $5
Gig URL – http://fiverr.com/leanlifeacademy/create-a-highly-professional-graphic-design
Title in the URL – create-a-highly-professional-graphic-design

කොහොමහරි Gig Title එකෙයි, Gig URL එකෙයි Primary Keyword එක දාගන්න බලන්න.

Gig Description එකේදී මේ Primary Keyword එක උපරිම 2-3 අතර දාන්න ඕනා. සාමාන්‍යයෙන් අකුරු 1200න් ලියන්න පුලුවන් වචන 240ක් වගේ. ඉතින් මේ වචන ගාණට Primary Keyword එක 2-3ක් සඳහන් කරන එක අවුලක් නෑ. මෙතනදි තවත් දෙයක් ගැන සැළකිලිමත් වෙන්න ඕනා ඒ තමයි ඔයා මේ ලියන Description එකේ පළවෙනි වාක්‍ය තමයි Search Result එකේ පෙන්වන්නේ.

ඒ නිසා Primary Keyword එකෙන් පළවෙනි වාක්‍ය පටන්ගන්න පුලුවන් නම් නියමයි.
Gig Tags වලටත් පළවෙනි Tag එක හෝ දෙක විදිහට Primary Keyword එක දාන්න.

Gig Images SEO

Gig Image එකක් SEO කරන්න ක්‍රම 2ක් තියෙනවා, ඒ Image File Name එක වගේම Image Meta Data ටිකයි. මතක ඇතුව ඔයාගේ Primary Keyword එක Gig Images 3නේ File Name එකට දාන්න. ඒක නම් ලේසියි! Image Meta Data දාන්න Photoshop Software එක පාවිච්චි කරන්න පුලුවන්.

තවත් දෙයක් තමයි Image එකේ File Size එක. මේක පුලුවන් උපරිමයෙන් අඩුකරන්න ඒවගේම Photoshop වලින්ම මේ වැඩෙත් කරගන්න පුලුවන් කිසිම අවුලක් නැතුව.

Gig Video SEO

Gig Video එකක් SEO කරන්නත් කලින් කිව්ව ක්‍රම 2ම තමයි පාවිච්චි කරන්නේ ඒ කියන්නේ ඔයාගේ Primary Keyword එකත් Video File Name එකට දාන්න. Video Meta Data දාන්න මං පාවිච්චි කරන්නේ Camtasia Software එක, ඒකෙන් තමයි මගේ හැම Video වැඩක්ම දැනට කරන්නේ.

කලින් Images වලට කලා වගේ Video එකේ Size එකත් අඩුකරන්න, එතකොට SEO වලට වගේම Gig එක බලන කෙනාටත් කරදරයක් නැහැ මොකද Video එක ඉක්මනට Load වෙනවා. ගොඩක් වෙලාවට Camtasia වලින් හදන 45s Videos වල Size එක 20mb පයින්නේ නැහැ.

Possible Category SEO.

හිතන්නකෝ ඔයාගේ Gig එකෙන් ලබාදෙන්නේ Copywriting Service එකක් කියලා ඉතින් මෙතනදි ඔයාගේ Primary Keyword එක ‘Copywriting’ කියලා ගන්න පුලුවන්. එතකොට ඔයාට Categories විදිහට ගන්න පුලුවන් මේ දෙක.

Main Category – Writing & Translation.
Sub Category – Copywriting.

මේ වගේ ඔයා තෝරගන්න Primary Keyword එක Category එහෙකත් තියෙනවා නම් ඒක Category එක විදිහට තෝරගන්න.

All Positive Reviews

ඔයා Gig එකකින් ලබාදෙන සේවය මිලදීගන්න කෙනෙක් Google එකේ Search කරනකොට වාසනාවකට වගේ ඔයාගේ Gig එක පේන්න පුලුවන් මෙතනදි ඒ කෙනාට ඔයාගේ Service එකට ලැබිලා තියෙන Rating එක පේනවා පහළ පින්තූරයේ විදිහට. ඉතින් ඔයාගේ ඔක්කොම Customersලා Gig එකට Positive Rate කරලා තිබුනම ඒ කෙනාට පේන්නේ තරු 5හේ සේවයක් විදිහට.

Fiverr SEO Positive Rating

මේ Rating එක කියන්නෙත් Google එකේ Ranking Factor එකක්.

Social Signals for Fiverr Gig SEO

මේ ගැනනම් සමහර අයට හදුන්වලා දෙන්න දෙයක් නැහැ, මොකද ගොඩක් අය Gig එක විදිහට කරන්නෙත් Social Signals විකුණන එකනේ. Social Media Sites කියන්නේ ලෝකයේ ලොකු විශ්වාසයක් තියෙන වගේම මිනිස්සු ගොඩක් ගැවසෙන තැනක්.

ඉතින් මේ වගේ තැනක ඔයාගේ Services ගැන කතාබහක් වෙනවා කියන්නේ ඒක හොඳ දෙයක් වගේම මේ වගේ තැන්වල ඔයාගේ Fiverr Gigs වලට Links තියනවා කියන්නේ Googleට ටිකක් වැදගත් දෙයක්. හැබැයි ගොඩක් අය කරන විදිහට මේකේන් ගන්න පුලුවන් උපරිම දේවල් ගන්න බැහැ.

ඔයාට නිකං ආතල් එකට වගේ හිතුනනම් මොනාහරි Social Signal Exchange Site එකකට Join වෙලා අම්බානෙට මේවා ටිකක් ගන්න, ඒක හිතින් අයින්කරගන්න එක හොඳයි.

ඒ විදිහට ගන්නකොට ඒක Natural දෙයක් නෙමෙයි, Natural නැති දෙයකට Google කැමති නැහැ. ඒ නිසා සාමාන්‍ය ක්‍රමේකින් මේ දේවල් ගන්න එක තමා හොඳ.

හෙමිහිට ඔයාගේ Social Profiles වලින් එක ගාණේ අරගෙන ඔයාගේ යාලුවොන්ගෙත් උදව් අරගන්න. මං නිතරම Target කරන්නේ Social Media Sites 5කට විතරයි.
1. Google+
2. Youtube
3. Facebook
4. Twitter
5. Pinterest

මෙතනින් Google+ වලට සුවිශේෂී තැනක් තියෙනවා ඒ කොහොමවුනත් මේ 5න් ඔයාට පුලුවන් තරම් Shares අරගන්න බලන්න හිමිහිට වගේම ටිකෙන් ටික.

What Next…!

1. මේ කිව්ව අංග ටික හොඳට Optimize කරලම බලන්නකෝ, අනිවා ඔයාට ලොකු Improvement එකක් දැනේවී. එහෙම දැනෙනකොට මෙහෙටත් කියන්නකෝ.

2. ඔයා හිතන්නේ මේ SEO – Search Engine Optimization වලට පුලුවන්වෙයිද ඔයාට හොඳට Fiverr Orders Lot එකක් ගෙනල්ලා දෙන්න?

3. ඔයා වගේම හැමෝම ආසයිනේ හැමදාම එක Fiverr Order එකක් හරි ගන්න. ඉතින් ලෝභනොවී ඒ හැමෝටම උදව්කරන්න කැමතිනම් මේ ලිපියට Google+ එකකුයි, Facebook වලයි Share කරන්න!

ඔයාගේ Living Income එක Fiverr හරහා හොයන්න කැමතිද? FUPS එකේ සඳහන් නොවන Fiverr Strategies දැනගන්න ආසද? එහෙනම් ඔයාගේ Email එක ලියලා Subscribe වෙන්න.!

Tweet
Email

Filed Under: Online Marketing, SEO

මේ වගේම තවත් ලිපි

  • Maximum Optimized Killer Fiverr Gig Creation TutorialMaximum Optimized Killer Fiverr Gig Creation Tutorial (24)
  • Effective Fiverr Promotion එකක් ගන්න Simple Tips 10ක්Effective Fiverr Promotion එකක් ගන්න Simple Tips 10ක් (28)
  • ඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව Publish කරන්නඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව Publish කරන්න (16)
  • Fiverr V2 Features වලින් උපරිම ප්‍රයෝජන ගන්නFiverr V2 Features වලින් උපරිම ප්‍රයෝජන ගන්න (8)
Sovrn
හැම ලිපියම කාටත් කලින් ඔයාගේ ඊ-මේල් එකට එවන්නද..? එහෙමනම් ඔයාගේ ඊ-මේල් එක ඔතන ලියලා Subscribe ඔබන්න. ඔබලා මේල් එකක් එයි, ඒකේ Link එකත් Click කරන්න.

About ෂ්‍යාම් චතුරංග

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 5ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.

Comments

  1. ZuckerBug says

    October 18, 2013 at 7:19 pm

    ela. karalama balanna one 🙂

    Reply
  2. අශාන් says

    October 18, 2013 at 7:50 pm

    නියම පොස්ට් එකක්…. 🙂

    Reply
  3. Isuranga says

    October 19, 2013 at 12:52 am

    Thanks for the info and hope all can do this well. I would like to recommend this and 100% working well. I have tested.

    Reply
  4. mac says

    October 19, 2013 at 4:19 pm

    නියම පෝස්ට් එක​, දිගටම ලියන් යන්න​,

    Reply
  5. Geeth says

    October 23, 2013 at 10:44 am

    Top post එකක්. මේ series එකේ වටිනාම එකක්.

    Reply
  6. Sanju says

    October 27, 2013 at 10:13 am

    පෝස්ට් ටික එක වතාවක් හොඳට කියවගෙන ගියා. ගුරු මුෂ්ටි නැතුවම ලියලා තියනවා. ලෝබ නැතුව ලියපු එක ගොඩාක් වටින දෙයක්. මේක දැක්කම මටත් Fiverr කරන්න ආසාවක් ආවා. තව සැරයක් නිවාඩු පාඩුවෙ කියවලම වැඩේ පටන් ගන්න අදහසක් තියනවා. කියවගෙන යද්දි ගැටලුවක් ඇති උනා. අපි මොනව හරි designing දෙයක් greeting කාඩ් එකක්, photo එකකට පසුඹිමක් වගේ දෙයක් කරනව නම් ඒකට අපිට google වලින්ම හොයාගත්තු පින්තූර, වචන වගේ දේවල් පාවිච්චි කරන්න බැරිද​…? මෙයට පිලිතුරක් බලාපොරොත්තු වෙමි. (කලින් E- money ගැනම බ්ලොග් එකක් ලිව්වේ ඔයා නම් මම ඒකත් කලක් කියෙව්වා මීට අවුරුදු 2 ක ට විතර කලින්.)

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      October 27, 2013 at 10:38 am

      Thanks! මේ දේවල් ඔක්කොම ටික කම්මැලි නැතුව කලොත් දවසට Fiverr Sales 2වත් එනවා.
      එහෙම Google Image Search එකෙන් පින්තූර ගන්න එක ඒතරම් හොඳ දෙයක් නෙමෙයි. අනිත් හැම දේකටම වගේ පින්තූර වලටත් තියනවා License. Copyright Ownerට පුලුවන් පින්තූරේ Personal Usage විතරක් දෙන්න එතකොට ඔයාට ඒ පින්තූරේ Commercial වැඩවලට Use කරන්න බැහැ. ඒ නිසා පුලුවන් තරම් Free දෙන ඒවා Use කරන්න.

      නිකං Google එකෙන් පින්තූර ගන්න එක ඒතරම් අවුලක් නැහැ කියලා තමයි හිතෙන්නේ ඒත් එක ලොකු අවුලක් වෙන්න පුලුවන් අවස්ථා තියෙනවා. ඒ නිසා Free Commercial License තියෙන පින්තූර Use කරන්න.
      (නැහැ! මේ මං සිංහළ බ්ලොග් එකක් ලියන පළවෙනිපාර )

      Best Wishes,
      Shyam.

      Reply
      • Sanju says

        October 28, 2013 at 9:35 am

        ඔබේ වටිනා පිළිතුරට තුති. Google Image Search හා නිකං Google එකෙන් යන දෙකෙහි වෙනස පැහැදිලි කල හැකි නම් ඔබට ස්තූතියි..!

      • ෂ්‍යාම් චතුරංග says

        October 29, 2013 at 9:50 am

        Google Image Search කියන්නේ Google එකේම තවත් Service එකක්. Normal Google Search කරනකොට කියන්නේ Google Web Search කියලා. Google Image Search එකේ හොයන්නේ Images විතරමයි. Web Search එකේ ඔක්කොම Medium(Video, Articles, Images and so on) වලින් හොයලා ගැළපෙනම ඒවා පෙන්වනවා.

  7. viraj ayeshmantha says

    November 2, 2013 at 7:42 am

    maru bn umbe post tika…umbta gdk pin me vage dewal apita kiyala denawata..eth bn ane mata therenne nene mona vage gig eka danna oneda kiyala bn.mokada mta mnwth be.lesi ekak kiyapanko..mn eka igena gannam..plz help me..

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      November 2, 2013 at 8:05 am

      විරාජ්, මේ ලෝකේ කිසිම ලේසි දෙයක් නැහැ. දෙයක් ලේසි වෙන්නේ ඔයා ඒ දේත් එක්ක Familiar වෙන තරමටයි. අනික කිසිම මනුස්සයෙක් මුකුත්ම නොදන්න කෙනෙක් වෙන්නේ නෑ.

      ඔයා මොනවටද දක්ෂ වගේම මොනවටද කැමති කියලා හොයාගන්න එක ඔයාගේ වැඩක්.

      ලස්සන Plan එකක් මේ පෝස්ට් වල තියෙනවා, ඒකට අනුව වැඩ කළොත් සාර්ථක වෙන්න පුලුවන්. මේ පෝස්ට් වල තියෙන්නේ ම්ං Fiverr කරනකොට කරන දේවල්. මේක ගැන මං Guarantee වෙනවා මේක Results පෙන්වන Plan එකක් වගේම Fiverr Ultimate Guide එකක් කියලා.

      Reply
      • viraj ayeshmantha says

        November 4, 2013 at 3:52 pm

        thnx shyam..mta loku gemmak awa umbe oya vachana tikata….gdk pin bn..
        jaya veva…!

  8. viraj ayeshmantha says

    November 6, 2013 at 12:41 pm

    api gig ekak buy kaloth ekata gewanna puluwan venne khmda aiya..?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      November 6, 2013 at 12:59 pm

      Gigs Buy කරද්දී ඔයාගේ Fiverr Balance එකෙන් ගෙවන්න පුලුවන් නැත්නම් PayPal එකෙන් ගෙවන්න පුලුවන්.

      Reply
      • viraj ayeshmantha says

        November 6, 2013 at 7:10 pm

        ok…thanx mchan ayye…
        good luck!

  9. Manoj says

    November 12, 2013 at 2:59 pm

    මම අවුරුද්දක විතර ඉදන් සිංහල බ්ලොග් කියවනවා. Fiverr ගැනත් ගොඩක් කියවල තියෙනවා. අනිවා.. මේක තමයි ලංකාවේ Fiverr ගැන සිංහලෙන් ලියවෙන හොදම post 1. Fiverr එකේවත් නැතුව ඇති මෙතරම් හොද help 1ක්. දෙන තරමට ලැබෙනවා යාළුවා… මම අත්දැකීමෙන් දන්නවා. ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඕන…

    Reply
  10. Ravindu Fernando says

    November 21, 2013 at 5:35 pm

    This web site is superb for New users
    Thank you Bro

    Reply
  11. nuwan says

    November 26, 2013 at 7:53 pm

    මුලින්ම ඔයාගෙ post එකට ස්තුති කරන්න කැමතියි. හරිම වැදගත් මේ ලිපි හැම එකක්ම.

    මට ‍ගැටලුවක් තියෙනවා. පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
    මගේ fiverr account එකක් දැනට තියෙනවා. මම මුලින්ම ඒක හැදුවේ මීට මාස 3කට විතර කලින්. ඒත් gig හදලා වැඩ කරන්න අරගෙන තාම දවස් තුනයි. මට හිතෙනවා මගේ account එක success නැහැ කියලා. එහෙම fiverr account එකක් delete/inactive කරන්න පුලුවන්ද? ඉන් පස්සේ මට වෙනත් account එකක් හදාගන්න බාධාවක් නැද්ද?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      November 26, 2013 at 8:37 pm

      එහෙම කියන්නේ කොහොමද? Fiverr Account එක හදලා ගොඩක් කල් තිව්වා කියලා කිසිම අවුලක් නැහැ. මොකද ඔයා Seller කෙනෙක් විදිහට Active වෙන්නේ දැන්, ඉතින් ඔයාට Negative Reviews මුකුත් නෑ. මං කියන්නේ දිගටම ඔය Account එකෙන් ගමන යන්න කියලා.

      ඒත් ඔයාට අයින්කරලා අලුතෙන්ම පටන්ගන්න ඕන නම් Fiverr Customer Support එකට කියලා Account එක Remove කරගන්න පුලුවන්.

      Reply
  12. nuwan says

    November 26, 2013 at 8:47 pm

    quick reply … තෑන්ක්ස් Brother… ඇත්තම කියනව නම් ඔයාගෙ මේ පෝස්ට් එක නිසා තමයි මම ආයෙමත් වැඩට බැස්සෙ… Very very thanks for the reply n’ your advice… i’ll continue my old profile… that’s better, know?

    Reply
  13. Harsha says

    December 23, 2013 at 2:26 pm

    ai aiya me blog eka update karanne neththe…???

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      January 3, 2014 at 11:02 am

      ටිකක් Busy වුනා, මේ අවුරුද්දේ ඉඳලා ලොකු වෙනසක් වේවී බ්ලොග් එකට. 😉

      Reply
  14. chirantha says

    April 18, 2014 at 3:15 pm

    මන් මෙහෙමම ඊයේ කල මගේ දවස් 4කට 40ක් තිබ්බ ගිග එකක් ඓන් කරලා ඔය විදිහට කරලා දැම්ම අද බලද්දී 33k. තැන්ක්ස් ගොඩක් පින් ඔයාට මේවා කියල දුන්නට. එත් page views අඩුයි 13 . ඒ හැටිද.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 20, 2014 at 10:35 am

      🙂 දවසින් Pageviews බලන්න එපා. ටික දවසක් බලන්න, ඒත් වැඩිවෙන්නේ නැත්නම් Gig එක ආයෙත් Tweak කරන්න. දිගටම එහෙම Test කරන්න, එතකොට Sure Shot එක ලැබුනම ඒ Gig එක ආයෙත් වෙනස් කරන්න ඕන නැහැ.

      Reply
  15. shalika says

    April 19, 2014 at 7:14 pm

    malli mewa kiyala denawata oyata godak pin. malli mata podi aulak thiyenawa. oyagen ekata help ekak balaporoththu wenawa.malli mama piyoneer card eka applay karala dan 2 month wenawa. thama card eka awe na. fiverr walata debit card ekak hadaganna puluwanda? nathnam mata aluth piyoneer card ekak applay karanna parana card eka cancal karana widiya kiyala denna puluwanda kiyanna malli.plz help me?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 20, 2014 at 10:31 am

      එතකොට ඔයාට Approval or Denied Email එකක් ආවේ නැද්ද Payoneer එකෙන්? ටිකක් Emails Search කරලා බලන්න, කිසිම Email එකක් ඇවිල්ලා නැත්නම් ඔයා Application Fill කරපු දවසේ ආපු Email එකේ Reference Number එකත් අරගෙන Payoneer Live Chat එකෙන් ගිහින් අහන්න මගේ Application එකේ Status එක මොකක්ද කියලා.

      Application එක Mis වෙලානම් ඊටපස්සේ ඔයාට Approval or Denied Email එකක් එයි.
      Direct ගන්න Payoneer Card එක Fiverr Account එකට Link කරන්න පුලුවන්.

      Thanks අක්කේ ඔයාගේ Comments වලට 🙂

      Reply
  16. Channa says

    May 9, 2014 at 7:53 pm

    Uba deiyek kollaaa. Suppa Post set eka. Niyamai..

    Reply
  17. yashan says

    June 2, 2014 at 12:17 am

    http://www.fiverr.com/anderson10/give-you-real-2000-twitter-followers
    අයියේ මේ මගේ ගිග් එක..තාම order එකයි ආවේ.මට seo කරන හැටි තේරෙන්නේ නැ.. 🙁 තාම Impression 207යි

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 2, 2014 at 12:49 pm

      ඔයාගේ Gig එකේ අඩුපාඩු ගොඩයි, ඒ වගේම ඔයා කරන්නේ Fake Social Media Marketing Service එකක්. ආයෙත් FUPS එක මුල ඉඳලා කියවලා බලන්න, ඔයාට මොනවද මඟ හැරුනේ කියලා. SEO ගැන හොඳට Post එකේ කියලා තියෙනවනේ, එක පාරක් කියවලා තේරුම්ගන්න බැරිනම්, ආයෙත් පාරක් කියවන්න. Best Wishes!

      Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Email Newsletter!

අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හැටි හා එම ව්‍යාපාරය නිවැරදිව සාර්ථක කරගන්න හැටි කියවන්න කැමතිද?

ඒ වගේම Internet Marketing ගැන SLMarketer විසින් ලියවෙන හැම ලිපියක්ම ඔයාගේ Inbox එකට ගන්න කැමතිද?

එහෙනම් SLMarketer Email Newsletter එකට දැන්ම Join වෙන්න.

Fiverr Success

What’s Your Passion?

ඔයාගෙන් මම ඇහුවොත් ඔයා කියවන්න ආසම කරන Topic එක මොකක්ද කියලා, ඔයා මොකක්ද දෙන උත්තරය? SLMarketer එක ඔයත් මීට කලින් එකපාරක් හරි කියවලා ඇති.


දිගටම ඔයා අන්තර්ජාල අලෙවිකරණය ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ Survey එක Fill කරලා ඒක ගැන අපට කියන්න.


→ Tell Us Your Passion NOW
Get Targeted Traffic, Increase Sales! Get Your Own Domain Name Shrink Your Links Get Your Payoneer Card With $25 Earn by Sharing Internet Earn Free Crypto Get Your Crypto Wallet on Coinbase Get Your Crypto Wallet on Binance

සම්බන්ධ වෙමුද?


Follow @SLMarketer

SLMarketer RSS Feed Subscription!

ජනප්‍රිය ලිපි

  • අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඔයාගේ Skill එකෙන් පටන්ගන්න හොඳම තැන
  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Payoneer හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න
  • ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද?
  • ඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව Publish කරන්න
  • අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථක ක්‍රම 3ක්
  • Payoneer Account එකට මුදල් දැමීමට හැකි ක්‍රම
  • සාර්ථක Fiverr Gigs කිහිපයකින් Living Income එකක් හොයන්න
  • Payoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්න
  • ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හෝ Internet Marketing වලට නවකයෙක්ද?

හොඳම Shared Hosting!

HostGator Discount

අලුත්ම ලිපි

  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්
  • High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න
  • SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

කර්තෘ ගැන…

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 6ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.   Read More…

Email Newsletter

විශේෂ ලිපි, ඊ-පොත්, වීඩියෝ මග පෙන්වීම් ආදිය හා පළවන සෑම ලිපියක්ම ඔබේ ඊ-මේල් එකටම ගෙන්වා ගන්න.

හොයන්න

[footer_backtotop]

Copyright © 2025 SLMarketer.com • අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සින්හලෙන් ඉගෙනගන්න.
සියලුම අන්තර්ගතයේ අයිතිය SLMarketer.com අඩවිය සතුය. · A Site By ScorpionGod Lair