• Home
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Fiverr Sinhalen — FUPS

SLMarketer

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන්න ඉගෙනගන්න

Earn Free Bitcoin
  • Social Media Marketing
  • Affiliate Marketing
  • Online Marketing
  • WordPress
  • BlogSpot
  • Blogging
  • SEO
You are here: Home / Online Marketing / සාර්ථක Fiverr Gigs කිහිපයකින් Living Income එකක් හොයන්න

සාර්ථක Fiverr Gigs කිහිපයකින් Living Income එකක් හොයන්න

June 1, 2013 By ෂ්‍යාම් චතුරංග 25 Comments

Fiverr කියලා කිව්වම දැන් දන්නේ නැති කෙනෙක් නැති තරම්නේ, ඉතින් මේ ලියන්න යන්නේ Fiverr ගැන Ultimate Post Series එකේ II ලිපිය. කලින් ලිපිය දාලා අදට මාසයයි දවස් 11ක් ගියා, අද වෙනකන්ම දෙවනි ලිපිය ලියන්න බැරි වුනා, Fiverr එකේ වැඩයි මගේ පෞද්ගලික Projects වගයකුයි හින්ඳා.

ගොඩක් අය Fiverr Ultimate Post Series එකේ පළවෙනි Fiverr Introduction ලිපියට හොන්ද Shares ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒක ගැන ගොඩක් සතුටුයි.

මං කලින් Fiverr Introduction Post එකේ කිව්වේ Fiverr කියන්නේ මොකක්ද, ඇයි අනිත් Professional Freelancer Sites තියෙද්දිත් ඔයා Fiverr කරන්න ඕන කියලා. ඔයා තාමත් ඒක කියෙව්වේ නැත්නම් ඒක කියවන්න මුලින්.

Fiverr කියන්නේ Online Mini MarketPlace එකක් කියලා මං කලින් කිව්වා. ඉතින් Fiverr පටන් ගන්න කැමති නම් ඔයා මුලින්ම කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. හැම දෙයක්ම පටන්ගන්න කලින් හොන්ඳට Plan කරාම ඒකේ Foundation එක ගොඩක් ශක්තිමත්. කිසිම Plan එකක් නැති දෙයක් ලේසියෙන් සාර්ථක වෙන්නේ නැහැ. ඒක නිසා මුලින්ම Plan එක, ඊටපස්සේ ඒක Follow කිර්‍රිම කරන්න.

සාමාන්‍යයෙන් ඔයාට Fiverr පටන්ගන්න ඕන වුනාම ඔයා මුලින්ම කරන්නේ ඉක්මනින් ගිහින් Fiverr Account එකක් හදන එකනේ, ඒත් හොන්ඳට Plan කරලා කරද්දී ඒක නෙමෙයි ඔයා ගන්න ඕන පළවෙනි Step එක. Fiverr Account එකක් හැදුවට වැඩක් නැහැ කරන්නේ මොනාද කියලා කිසිම Idea එකක් නැත්නම්..!

Fiverr Language, Get Used To It

හැබැයි ඒක කියන්න කලින් Fiverr පාවිච්චි කරනකොට අහන්න ලැබෙන දේවල් ගැන ටිකක් කියන්නම්. එතකොට අවුලක් නැතුව වැඩේ කරන්න පුලුවන්. Fiverr එකට සම්බන්ධ පාර්ශවයන් 2යි. මේ කට්ටිය හින්ඳා තමයි Fiverr එක ඇතුලේ Business එකක් වෙන්නේ.

1. Buyers – මේ කියන්නේ ඔයාගේ සේවය හෝ භාණ්ඩය අරගෙන සල්ලි දෙන පුද්ගලයා. අනිත් Freelancer Sites වගේ නෙමෙයි Fiverr එකේ Buyersලට Payment එක කරන්න ලේසියි වගේම වැඩේ කරාට පස්සේ සල්ලි නොදී ඉන්න බැහැ, මොකද මුලින්ම Payment එක කරලා ඉන්න ඕනා වැඩේ බලන්න.

2. Sellers – මේ කියන්නේ සේවය හෝ භාණ්ඩය විකුණන පුද්ගලයා, වෙනත් විදිහකින් කිව්වොත් මේ තමයි ඔයා අයත් වෙන පාර්ශවය. ඔයා විකුණන හැම දෙයක්ම $5 නමුත් ඔයාට ලැබෙන්නේ $4 ඉතුරු $1 Fiverr Service Fee එකක් විදිහට එයාලට කැපෙනවා.

දැන් කියන්නම් Fiverr Language එක ගැන, මේවා දැනගෙන Fiverr පාවිච්චි කරනකොට අවුල් සහගත් තැන් එනවා අඩු වෙයි..!!

➠Gig – ඔයා Fiverr එකේ දෙන භාණ්ඩය හෝ සේවයට තමයි Gig එකක් කියලා කියන්නේ.

➠Featured Gig – Fiverr එක හොන්දට අලෙවිවෙන Gig වලට කැමතියි. ඉතින් ඒ අය Gig එක Featured කරනවා. එහෙම නැත්නම් අපිට ඉල්ලන්නත් පුලුවන්. මෙහෙම කරාම Gig එක නිතරම වගේ Homepage එකේ පළවෙනි Gig Listing 4න් එකකට එනවා. ඒ වගේම Featured Gig Badge එකකුත් ලැබෙනවා Gig එකට. වෙනත් විදිහකින් කිව්වොත් Fiverr Community Trust එක ලැබෙනවා.

Request Gigs Feature of Fiverr Platform

Fiverr Request Gigs

➠Request Gigs – මේ කියන්නේ Fiverr එකේ තියෙන තවත් Feature එකක්. මේක නිසා සමහර අයට Punishment හිටන් ලැබිලා ඇති. මටත් එකක් ලැබුනා, ඒවා මේ Post Series එකේ අන්තිම ලිපිය විදිහට කියන්නම්. මේක තියෙන්නේ දකුණු පැත්තේ Fiverr Sidebar එකේ. මේකෙන් ප්‍රදානවම වෙන්නේ Buyersලට අවශ්‍ය දේවල් කරගන්න ගැලපෙන Sellersලව හොයාගන්න එක. මේකේ දාන ඕන දෙයක් දාන්න පුලුවන් Buyer කෙනෙක්ට විතරයි. ඔයාගේ Fiverr Gigs ගැන කියලා ඕකේ දැම්මොත් ඔයාට Fiverr එකෙන් ප්‍රශ්ණ වෙයි.(Restrictions, Limitations.!!)

➠Fiverr Levels – Fiverr එකේ වැඩ කරන එක ටිකක් Fun වෙන්නත් එක්ක තමයි Fiverr Levels තියෙන්නේ. Fiverr එකේ ප්‍රදානව Levels 4ක් තියෙනවා. Level 1, Level 2, Top Rated Seller & Fiverr Super Seller තමයි Levels ටික. මේවා ගැන වැඩි විස්තර වෙනත් ලිපියකින් කියන්නම්.

➠Gig Extras – කලින් කිව්ව Fiverr Levels ලැබෙනකොට ලැබෙන එක Feature එකක් තමයි Gig Extras කියන්නේ. මේක ලැබුනම ඔයාට පුලුවන් $5ට වඩා ලොකු ගාණකට වැඩකරන්න. $10, $20, $40 වගේම $100 වෙනකනුත් යන්න පුලුවන් උපරිම Levels වලට ගියාම.

➠Fiverr Revenue Card – මේ කියන්නේ Payoneer MasterCard Debit Card එක ගැනම තමයි.

This Gig, That Service, What Product…!!

Fiverr Language එකත් මතක තියාගෙන පළවෙනි Step එක කරන්න. ඔයා Fiverr එකෙන් මුදල් හොයනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේ Step එකෙන්. මෙතනදි ඔයා වැරදි දෙයක් තෝරගත්තොත් ඔයා Fiverr වල සාර්ථක වෙන්නේ නෑ. නමුත් මෙතනදි විතරක් හරියටම නිවැරදි දෙයක් කරලා නිකං බලාගෙන හිටියා කියලත් ඔයා සාර්ථක වෙන්නේ නෑ. ඒක තමයි Challenge එක.

හොන්ද Strong Plan එකක්, Vision එකක් එක්ක, මහන්සි වෙලා වැඩකරන්න පුලුවන් නම් ඔයාට මේක ගින්නක් නෑ.

අද වෙනකොට Fiverr එකේ නැති දෙයක් නැති තරම්, පහළින් තියෙන්නේ දැනට Fiverr එකේ Gig Category Range එක. කෙටියෙන් කිව්වොත් ඔයාට Gig Idea එකක් එහෙමත් නැත්නම් කරන්න පුලුවන් දෙයක් තෝරගන්න ප්‍රදාන වර්ග(Main Categories) 12ක් තියෙනවා. ඒ වගේම මේ ප්‍රදාන වර්ග 12 තවත් උපවර්ග(Sub-Categories) 119ක් බෙදලා තියෙනවා.

Gifts

Greeting Cards.
Video Greetings.
Unusual Gifts.
Arts & Crafts.
Handmade Jewelry.
Gifts for Geeks.
Postcards From..
Recycled Formats.
Other.

Graphics & Design

Cartoons & Caricatures.
Logo Design.
Illustration.
eBook Covers & Packages.
Web Design & UI.
Photography & Photoshopping.
Presentation Design.
Flyers & Brochures.
Business Cards.
Banners & Headers.
Architecture.
Landing Pages.
Other.

Video & Animation

Commercials.
Editing & Post Production.
Animation & 3D.
Testimonials & Reviews by Actors.
Puppets.
Stop Motion.
Intros.
Other.

Online Marketing

Web Analytics.
Article & PR Submission.
Blog Mentions.
Domain Researches.
Fan Pages.
Keywords Research.
SEO.
Bookmarking & Links.
Social Marketing.
Get Traffic.
Video Marketing.
Other.

Writing & Translation

Copywriting.
SEO Keyword Optimization.
Creative Writing & Scripting.
Translations.
Transcripts.
Website Content.
Reviews.
Resumes & Cover Letters.
Speech Writing.
Proofreading & Editing.
Press Releases.
Other.

Advertising

Hold Your Sign.
Flyers & Handouts.
Human Billboards.
Pet Models.
Outdoor Advertising.
Radio.
Music Promotion.
Banner Advertising.
Other.

Business

Business Plans.
Career Advice.
Market Research.
Presentations.
Virtual Assistant.
Business Tips.
Branding Services.
Financial Consulting.
Legal Consulting.
Other.

Programming & Tech

.NET.
C++.
CSS & HTML.
Joomla & Drupal.
Databases.
Java.
Javascript.
PSD to HTML.
WordPress.
iOS, Android & Mobile.
PHP.
QA & Software Testing.
Technology.
Other.

Music & Audio

Audio Editing & Mastering.
Jingle.
SongWriting.
Music Lessons.
Rap Music.
Hip-Pop Music.
Narration & Voice-Over.
Sound Effects & Loops.
Custom Ringtones.
Voicemail Greetings.
Custom Songs.
Other.

Fun & Bizarre

Your Message On..
Extremely Bizarre.
Celebrity Impersonators.
Daredevils & Stunts.
Pranks.
Dancers.
Just For Fun.
Other.

LifeStyle

Animal Care & Pets.
Relationship Advice.
Diet & Weight Loss.
Health & Fitness.
Makeup, Styling & Beauty.
Online Private Lessons.
Astrology & Fortune Telling.
Spiritual & Healing.
Cooking Recipes.
Parenting Tips.
Travel.
Other.

Other

Anything else falls here.

ඉතින් මේ ලෝකේ ඕනම කෙනෙකුට මොනවම හරි කරන්න පුලුවන් දෙයක් ඔය Fiverr Gig Category 131ක ඇතුලේ තියෙනවා. බැලූ බැල්මට ඔයාට පේන්න පුලුවන් ඔයාට කරන්න පුලුවන් දෙයක් නැහැ වගේ, නමුත් හොන්ඳට හිතුවොත් ඕනම කෙනෙකුට කරන්න පුලුවන් දේවල් 10වත් එනවා.

ඔයාට හොන්ඳට Brainstorm කරන්න ලේසි වෙන්නත් එක්ක තමයි ඔක්කොම Fiverr Gig Categories ටික උඩ දාලා තියෙන්නේ. ඒ නිසා ඒකෙන් හොඳ ප්‍රයෝජනක් ගන්න. සමහරවිට ඔයා තවත් කෙනෙක් කරන දෙයක් කරන්න යන්න ඇති, ඒත් ඔයාට ඒක ගැන හොඳ අවබෝධයක් නැතුව දිගටම කරගන්න බැරුව, ඔයා නවත්වන්නත් ඇති. ඔයාට ගැළපෙන Fiverr Category එක එහෙම නැත්නම් Niche එක හොයාගන්න මෙහෙම කරන්න.

1. උඩ දීලා තියෙන Fiverr Category 131න් ඔයාට දැනටම Knowledge එකක් තියෙන, ඔයා ගොඩක් ආසකරන(Passion) ඒවා 20ක් විතර වෙනම ලියාගන්න.

2. දැන් ඔය ලියාගත්තු 20න් එකක් අරගෙන, $5ට දෙන්න පුලුවන් පුන්චි පුන්චි සේවාවන්(Services or Gig Ideas) ටිකක් ලියන්න. උදාහරණයක් විදිහට Online Marketing යටතේ එන Fan Page කියන Category එක ගමුකෝ. මං මෙන්න මේ විදිහේ Services List එකක් ලියනවා මේ Category එකෙන්.

I will Create a Professional Timeline Cover for $5.
I will Create a Business Fan Page for your Company, Website for $5.
I will Design a Custom Opt-In Tab in your Facebook page for $5.
and the list goes on….

මං හිතන්නේ දැන් ඔයාට තේරෙනවා කොහොමද කරන්න ඕන කියලා. ඔය විදිහටම අර වෙනම ලියලා තොරගත්තු Fiverr Category 19නුත් Gig Ideas List එකක් ලියන්න. අඩුම තරමේ එක Fiverr Category එකකට 10වත් ලියන්න උත්සහා කරන්න. දැන් ඔයා Category 20න්ම 10 ගානේ ලිව්වනම් ඔක්කොම Gig Ideas 200 තියෙන්න ඕනා. ඔයාට Fiverr Account එකේ දාන්න පුලුවන් Gigs 20යි, ඉතින් ඔය 200ම දාන්න බෑනේ. ඒ නිසා දැන් ඔයා ඒවා ටික Filter කරගන්න ඕනා. ඒක කරන්නේ මෙහෙමයි.

Awesome Gig Filtering Formula

❶ Gig Filter කරද්දී මුලින්ම කරන්න ඕන දේ තමයි මෙන්න මේ Official Fiverr Pages ටික කියවන එක. ඉංග්‍රීසියෙන් තමයි තියෙන්නේ, ඒත් කියවන්න ඕනා.
→ Fiverr TOS
→ Fiverr Privacy Policy

ඔය දෙකේ සිංහළ Version එක වෙනත් ලිපියකින් දාන්නම්, ඒත් ඉතින් English Knowledge එක දියුණු කරගත්තේ නැත්නම් ඔයාටම තමයි පාඩුව වෙන්නේ. හරි, දැන් ඔය දෙකම සම්පූර්ණයෙන් කියෙව්වම ඔයා ලියලා තියෙන Gig Ideas or Services 200න් Terms of Service or Privacy Policy Violate වෙන Gig Ideas or Services කෙලින්ම කපලා දාන්න.
මේ Step එක අනිවාර්යයෙන් කරන්න ඕනා, සමහරවිට මේකේදි අයින් කරන්න පුලුවන් Gig Ideas නැතිවෙන්නත් පුලුවන්, තියෙන්නත් පුලුවන්. කොහොමවුනත් තියෙන ඒවා අයින්කරන එක අනාගතයට හොඳයි.!

❷ පැය 10, 12 වගේ යන ඒවා තියෙනවනම් ඒවත් අයින් කරන්න. මොකද $5ට ඒ වගේ ලොකු වෙලාවක් ගන්නවා කියන්නේ එතන Sales තිබුනට සාර්ථකත්වයක් නැහැ. “Time Is Money” කියලත් තියෙනවනේ, ඉතින් කාලය වැඩියෙන් යොදවන තරමට මුදල් වැඩියෙන් ලැබෙන්න ඕනා. නැතුව $5ට දවසෙම වැඩක් කරන එක නෙමෙයි.

ඒවගේම මේකත් මතක තියාගන්න, මුලින්ම පටන්ගත්තු ගමන් මේ කිව්ව සාර්ථකත්වය හොයන්න යන්න එපා, පටන්ගනිද්දි වැඩි අවධානය තියෙන්න ඕන මුදල් නෙමෙයි, ලැබෙන Sales ගාණ. ඔයාට ලාභ නැතිවුනත් කමක් නෑ, Gigs 3,4ක වැඩක් වුනත් කමක් නෑ. මොකද ඉස්සරහට ඒවත් අල්ලන්න පුලුවන් තරම් Sales එනවා.

❸ සාමාන්‍යයෙන් ඉල්ලුම තියෙන්නේ මොනවටද? සමහරවිට ඔයා කියයි Graphic Designing කියලා, ඔව් Graphic Designing වලට ලොකු ඉල්ලුමක් තියෙනවා, නමුත් ඒක නෙමෙයි ඉල්ලුම තියෙන එකම Industry එක. ඒ වගේම ඒක නෙමෙයි ලොකුම ඉල්ලුම තියෙන Industry එක.

Online Marketing Category එකේ Gigs වලට තමයි වැඩිම ඉල්ලුම තියෙන්නේ, උදාහරණයක් විදිහට Writing, Web Designing & Developing, SEO, Social Media Marketing වගේ තමයි වැඩිම ඉල්ලුමක් තියෙන්නේ. මෙතනදි වෙන්න ඕන Highest Demanded Category එකේ Services දෙන එක නෙමෙයි, ඔයා ලියලා තියෙන Gig Ideas 200න් මොන ඒවටද වැඩිම Demand එක තියෙන්නේ කියලා හොයාගන්න එක. ඊට පස්සේ Demand එක අඩු ඒවා අයින්කරලා දාන්න.

Demand එක වැඩි ඒවා හොයාගන්න පුලුවන් Fiverr එකේම චුට්ටක් Surf කරානම්. Order Queue එක එහෙමත් නැත්නම් Gig එකට බලන වෙලාවේ ඇවිල්ලා තියෙන Orders ලිස්ට් එක බැලුවම බලාගන්න පුලුවන්. ඒ වගේම Demand එක තියෙන Category වලම තමයි එක වගේ Gigs ගොඩක් තියෙන්නේ එහෙමත් නැත්නම් Competition එක වැඩිවෙන්නේ Demand එක තියෙන පැත්තේ.

දැන් ඉතින් Competition එක වැඩියි, මට Order එකක් වත් එන එකක් නැති වෙයි කියලා වැඩේ අතාරින්න එපා. Smart මොලයක් තියෙනවා නම් Competition එක ගැන භය වෙන්න දෙයක් නැහැ.

දැන් ඔය Steps 3ම දාලා Gig Filter කරාම, ඔයාට Gig Ideas ටිකක් ඉතුරු වෙයි. ඒවා තමයි Fiverr එකේ ඔයා දෙන්න යන Services වෙන්නේ.

ඔයාටත් පහළ රූපයේ වගේ ටික කාලයක් යද්දී Direct PayPal or Payoneer Orders ගන්න පුලුවන්, මේ Post Series එකේ කියන දේවල් ඒ විදිහටම කලොත්. Direct Orders ගනිද්දී $1 එකට කැපෙන්නේ නෑ(ඒත් PayPal Business Fee එක කැපෙනවා. $10 ගත්තොත් ලැබෙන්නේ $9.31, ඒත් පාඩු නැහැ..!). ඒ කියන්නේ ඔයා $70 Project එකක් Fiverr එකෙන් අරගෙන කලොත් ඔයාට $14 නැති වෙනවා, නමුත් Direct PayPal or Payoneer ගත්තම $14ත් ලැබෙනවා. ඒ වගේම මේ Revenue Proofs දාන්නේ මේවා දකිනකොට ලොකු Motivation, Self Confidence එකක් එන නිසා.

Direct Order Projects on May

May Direct Sales Proof

දැන් මං එහෙම කිව්වා කියලා ඔය විදිහට Direct ගන්න යන්න එපා. හැමදේටම System එකක් තියෙනවා. ඒ දේවල් ඉස්සරහට.!

හරි දැන් එහෙනම් ඔය කිව්ව විදිහට කරලා Filtered Gig Ideas ලිස්ට් එකක් හදාගෙන ඉන්න. ඊළඟ ලිපියෙන් Fiverr Business එක පටන්ගන්න හැටි කියන්නම්. තවත් දෙයක් තියෙනවා, කලින් ලිපියේ වගේම මේකටත් ඔයාගේ උදව් අවශ්‍යයි. ඉතින් මේකට කලින් ලිපියට වඩා Google +1, Facebook Shares දාන්න කියලා ඉල්ලනවා.

ඒ වගේම ඔයා මොකද හිතන්නේ මේ ලිපිය ගැන? මං කියන්න ඕනම දෙයක් මග ඇරියද මේ මාතෘකාව සම්බන්ධව..? දැන් ඉතින් Comments ලියන්න තියෙන්නේ ඔයාටයි…! 🙂

ඔයාගේ Living Income එක Fiverr හරහා හොයන්න කැමතිද? FUPS එකේ සඳහන් නොවන Fiverr Strategies දැනගන්න ආසද? එහෙනම් ඔයාගේ Email එක ලියලා Subscribe වෙන්න.!

Tweet
Email

Filed Under: Online Marketing

මේ වගේම තවත් ලිපි

  • Fiverr Business එකට ගින්දර Boost එකක් දෙන්න SEO වලට පුලුවන්ද?Fiverr Business එකට ගින්දර Boost එකක් දෙන්න SEO වලට පුලුවන්ද? (29)
  • Effective Fiverr Promotion එකක් ගන්න Simple Tips 10ක්Effective Fiverr Promotion එකක් ගන්න Simple Tips 10ක් (28)
  • ඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව Publish කරන්නඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව Publish කරන්න (16)
  • Fiverr V2 Features වලින් උපරිම ප්‍රයෝජන ගන්නFiverr V2 Features වලින් උපරිම ප්‍රයෝජන ගන්න (8)
Sovrn
හැම ලිපියම කාටත් කලින් ඔයාගේ ඊ-මේල් එකට එවන්නද..? එහෙමනම් ඔයාගේ ඊ-මේල් එක ඔතන ලියලා Subscribe ඔබන්න. ඔබලා මේල් එකක් එයි, ඒකේ Link එකත් Click කරන්න.

About ෂ්‍යාම් චතුරංග

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 5ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.

Comments

  1. mac says

    June 2, 2013 at 7:58 am

    හොඳ පොස්ට් එකක්. නියමයි! digatama liyanna obata jaya.

    Reply
  2. Dilina Madhusankha says

    June 2, 2013 at 9:11 am

    නියම පොස්ට් එක,දිගටම ලියන්න ,fiverr කරන අලුත් අයට ගොඩක් වැදගත් දේවල් මේ වෙබ් site එකෙන් ඉගෙන ගන්න පුළුවන්,මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත.

    Thanks,
    දිලින මධුසංඛ.

    Reply
  3. Geeth says

    June 2, 2013 at 1:04 pm

    හැමදාම වගේ හොඳ පොස්ට් එකක්. ගොඩක් දේවල් ඉගෙන ගත්ත. දැන් ඒවා apply කරන්න තමයි තියෙන්නේ. ලියල තියෙන රටාවත් ඉතාම හොඳයි. ඊළඟ පොස්ට් එක එනකන් බලන් ඉන්නවා දිගටම ලියන්න.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 2, 2013 at 1:08 pm

      හැමදාම බ්ලොග් එක කියවන එක ගොඩක් හොඳයි. මං පොස්ට් Series එක පටන්ගද්දී කිව්ව දේ අනිවා කරන්න පුලුවන් වෙනවා ඔයාට. 🙂

      Reply
  4. KK says

    June 2, 2013 at 7:02 pm

    හොඳ ලිපියක්. ප්‍රශ්නයක් තියෙනවා. අපිට අපේ දක්ෂතා පෙන්නලා ඒ කියන්නේ හිතන්නකෝ ලෝගෝ කරන කෙනෙක් තමන්ගේ ඩිසයින් පෙන්නලා සයිට් එකක් හැදුවොත්, “මගේ වැඩ මෙතනින් බලාගන්න” කියලා description එකේදී සයිට් එකට ලින්ක් එකක් දෙන්න පුලුවන්ද? එහෙම දෙන්න පුලුවන්නම් බයර්ට අපේ කලින් පොසිටිව් ෆීඩ් නැති උනත් අපේ වැඩ කොහොමද කියලා බලාගන්න පුළුවන් නේද?

    පුළුවන් ඉක්මනින් ලියන්න අපි බලන් ඉන්නවා. ඒ වගේම ඔයාගේ වඩාත් සාර්ථක වෙන්න කියලා පතනවා.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 2, 2013 at 8:09 pm

      ඔව් ඔයාට පුලුවන් ඔයාගේ Portfolio(Past Projects, Sample Work) එක Customerට පෙන්වන්න. ඒත් ඒ හදන Blog එකේ ඔයාගේ Contact Details කිසිම දෙයක් දාන්න බැහැ. ඒ වගේම Youtube Videos වුනත් දෙන්න පුලුවන්.

      කොහොමවුනත් දාන්න කලින් Fiverr Customer Support එකෙන් අහන්න අවුලක් නැද්ද කියලා. නැත්නම් Fiverr Account එකට Restrictions දැම්මොත්.

      Reply
  5. Mohamed says

    June 7, 2013 at 1:20 pm

    Hello chathuranga!
    Oyage hodhe website ekak.
    Oyate kiyanne puluwandhe? Dan mama gigs dapuwain passe mate projects avilla thiyenewadhe kiyela kohomedhe balaganne? Eetepasse mama aa projects karain passe eke kohomedhe buyers late bare dhenne kohomedhe kiyala kiyanne puluwandhe?
    Aa wageme mama fiverr account ekak sign up karanekote mage paypal account eke verify welame tiyenne onedhe?
    Pls i m waiting for ur reply

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 7, 2013 at 3:43 pm

      SLMarketer Blog එකෙන් ඔයාට හොඳ දෙයක් ලැබෙනවා නම් ඔයාගේ යාළුවන්ටත් කියන්න අමතක කරන්න එපා(Hint: Share!). ඔයා අහලා තියෙන දේවල් කෙටියෙන් කිව්වට අලුත්ම කෙනෙකුට තේරෙන්නේ නැති වෙයි. ඒ නිසා ඒ දේවල ගැන දානකොට කියවන්න. නමුත් කෙටියෙන් කියන්නම් මෙතන.

      1. ඔයාට Order or Sale එකක් ආවාම Fiverr එකෙන් Email එකක් එනවා. එහෙමත් නැත්නම් Fiverr Account එකට වුනාම ඇවිල්ලද නැද්ද කියලා බලාගන්න පුලුවන්.

      2. ආයේ මේ ලිපිය කියවන්න, ඒක කරන හැටි මේකේ තියෙනවා.

      3. නැහැ, Fiverr Account එකක් හදන කොට ඔයාට PayPalවත් තියෙන්න ඕන නැහැ. Payoneer Card එකක් ගත්තම හරි. නැත්නම් PP වලට ගන්නත් පුලුවන් කැමතිනම්.

      Reply
  6. Mohamed says

    June 8, 2013 at 7:17 pm

    thank you chathuranga for ur reply!
    mama gig 1k damme oder 1k wath awe na…
    oya kiyane hatiyete gigs 200me danne onede eheme dammoth oders labeidhe?
    anith eke mata are gig filter eke thamai therunnatte thama pls poddak pahadili karanne puluwande ?
    im waiting for ur reply..

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 8, 2013 at 7:30 pm

      නැහැ, ඔයාට හරියට තේරිලා නැහැ වගේ. පළවෙනි පාර කියෙව්වම තේරෙන්නේ නැත්නම්, ආයෙත් කියවන්න. අපි Gig Ideas 200ක් එකතු කලාට, ඒවා Gig Filter Formula එකට දැම්මට පස්සේ එන්නේ චුට්ටයි. සමහර විට 50 වගේ වෙන්නත් පුලුවන් නැත්නම් තවත් අඩු වෙන්නත් පුලුවන්.

      අපිට Fiverr එකේ දාන්න පුලුවන් දැනට Gigs 20. ඉතින් අරම Filter කරලා එන ඒවා 50ක් වගේ ආවොත් ඔක්කොම දානවා. ඒ මෙහෙමයි, Gig 1k දාලා සතියක් Check කරනවා, එක හොන්දට Perform කරනවා නම් දිගටම තියනවා නැත්නම් අයින් කරලා අනිත් එකක් දානවා.

      Gig Filtering Formula එක කෙටියෙන් කිව්වොත් මෙච්චරයි.
      1. Legality.
      2. Quickness.
      3. Demand.

      කොහොමවුනත් ආයේ පෝස්ට් එක කියවන්න.

      Reply
  7. mohamed says

    June 9, 2013 at 9:40 am

    ok thanks for ur reply. Mama aimath kiyewala balannam me post eke.
    Thava monewa hari prashne tibboth ahannam.

    Reply
  8. renuka says

    June 27, 2013 at 3:40 pm

    niyamai . hoda wadak karanne.oyata suba pathanawa.

    Reply
  9. Isuru says

    June 30, 2013 at 7:13 pm

    මචන් උඹ සිරාම කොල්ලෙක්.මේ කරන දේවල් අපිට ගොඩක් වටිනවා.බොහොම ස්තුතියි මචන්.
    මගේ RESPONSIVENESS N/A කියල පෙන්නන්නෙ ඇයි මචන්…

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 30, 2013 at 8:06 pm

      ඔයාගේ Comment එකට Thanks. Fiverr System එක තමයි අපිට එන Sales, Exposure වලට ගොඩක්ම වගකියන්නේ. කෙටියෙන් කිව්වොත් Fiverr System එකට අපි Professional වුනොත් අපිට හොන්ඳ Exposure or Promotion එකක් ලැබෙනවා.

      Responsiveness කියන්නේ Online Business වැඩවලදී ගොඩක් වැදගත් දෙයක්.
      ඔයාගේ Responsiveness එක අඩු කරගන්න එන හැම Message එකකටම Reply කරන්න ආපු ගමන්ම, එන Orders වලට ඉක්මනට Reply Message එකක් යවන්න. එතකොට ඕක හරියයි. 🙂

      Reply
      • Isuru says

        July 1, 2013 at 10:19 pm

        මචන් ඒ කියන්නෙ අපිට දවසකට ගිග් 20ක් දාන්න පුලුවන් කියලද?
        ඒවා දවස් කීයක් තියෙනවද?

      • ෂ්‍යාම් චතුරංග says

        July 2, 2013 at 7:02 am

        ඔයාට එක Account එකකින් දාන්න පුලුවන් Gig 20යි. ඒවා හැමදාම තියෙනවා.

      • Isuru says

        July 2, 2013 at 9:31 am

        Thanks machoo…

  10. Roshane says

    September 20, 2013 at 11:46 pm

    Aluth deyak igana gaththa.. Apita fiverr account 1kata wada thiyaganna barida? mama dannawa legally baha kiyala, namuth ekama paypal account ekata email address dekathunak link karala.. ae email address fiverr accounts walata deela withdraw karaddi maattu weida?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      October 13, 2013 at 10:42 am

      Ehema Withdraw karaddi aulak naha, eath oyata Accounts 2ka use karaddi aulak daganne natuva use karanna puluvan nam vitaray.

      Reply
  11. Dasantha says

    December 5, 2013 at 5:37 pm

    මචන් අපිට එක fiverr account එකක category 1 කට වඩා තෝරන්න බැරිද ?
    Graphic සහ video 2 කම වගේ
    ඊට පස්සෙ ඒවට gigs බැරි ද?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      December 6, 2013 at 9:56 am

      ඒක අවුලක් නෑ. Category දෙක තුනක විවිධ Gigs දාන්න පුලුවන්.

      Reply
  12. Ayomi says

    February 23, 2014 at 1:31 pm

    I’m a new comer to online earning. so ur post is vry valuble for me. thank u vry much . waiting for the next posts…:)

    Reply
  13. Irshad says

    March 28, 2014 at 2:28 pm

    Nice post friend

    Reply
  14. janaka says

    March 29, 2014 at 6:34 am

    බොහොම ස්තුතියි……

    Reply
  15. Channa says

    May 6, 2014 at 12:35 pm

    Supiri Kolla Supiri.. Issarahatath me wage post danna one.. Jaya ho!!!

    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Email Newsletter!

අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හැටි හා එම ව්‍යාපාරය නිවැරදිව සාර්ථක කරගන්න හැටි කියවන්න කැමතිද?

ඒ වගේම Internet Marketing ගැන SLMarketer විසින් ලියවෙන හැම ලිපියක්ම ඔයාගේ Inbox එකට ගන්න කැමතිද?

එහෙනම් SLMarketer Email Newsletter එකට දැන්ම Join වෙන්න.

Fiverr Success

What’s Your Passion?

ඔයාගෙන් මම ඇහුවොත් ඔයා කියවන්න ආසම කරන Topic එක මොකක්ද කියලා, ඔයා මොකක්ද දෙන උත්තරය? SLMarketer එක ඔයත් මීට කලින් එකපාරක් හරි කියවලා ඇති.


දිගටම ඔයා අන්තර්ජාල අලෙවිකරණය ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ Survey එක Fill කරලා ඒක ගැන අපට කියන්න.


→ Tell Us Your Passion NOW
Get Targeted Traffic, Increase Sales! Get Your Own Domain Name Shrink Your Links Get Your Payoneer Card With $25 Earn by Sharing Internet Earn Free Crypto Get Your Crypto Wallet on Coinbase Get Your Crypto Wallet on Binance

සම්බන්ධ වෙමුද?


Follow @SLMarketer

SLMarketer RSS Feed Subscription!

ජනප්‍රිය ලිපි

  • අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඔයාගේ Skill එකෙන් පටන්ගන්න හොඳම තැන
  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Payoneer හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න
  • ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද?
  • ඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව Publish කරන්න
  • අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථක ක්‍රම 3ක්
  • Payoneer Account එකට මුදල් දැමීමට හැකි ක්‍රම
  • සාර්ථක Fiverr Gigs කිහිපයකින් Living Income එකක් හොයන්න
  • Payoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්න
  • ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හෝ Internet Marketing වලට නවකයෙක්ද?

හොඳම Shared Hosting!

HostGator Discount

අලුත්ම ලිපි

  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්
  • High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න
  • SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

කර්තෘ ගැන…

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 6ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.   Read More…

Email Newsletter

විශේෂ ලිපි, ඊ-පොත්, වීඩියෝ මග පෙන්වීම් ආදිය හා පළවන සෑම ලිපියක්ම ඔබේ ඊ-මේල් එකටම ගෙන්වා ගන්න.

හොයන්න

[footer_backtotop]

Copyright © 2025 SLMarketer.com • අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සින්හලෙන් ඉගෙනගන්න.
සියලුම අන්තර්ගතයේ අයිතිය SLMarketer.com අඩවිය සතුය. · A Site By ScorpionGod Lair