• Home
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Fiverr Sinhalen — FUPS

SLMarketer

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන්න ඉගෙනගන්න

Earn Free Bitcoin
  • Social Media Marketing
  • Affiliate Marketing
  • Online Marketing
  • WordPress
  • BlogSpot
  • Blogging
  • SEO
You are here: Home / SEO / Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්

Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්

January 16, 2014 By ෂ්‍යාම් චතුරංග 9 Comments

Search Engine Optimization කියන වචන ටික දැන් Blogging එක්ක ප්‍රබලව කාවැදුනු දෙයක් වෙලා. 2013 Googleගේ Hummingbird Algorithm Update එකත් එක්ක ඔයාගේ Blog එකට Organic Traffic එකක් එන්නේ නැද්ද? නැත්නම් ඔයා හිතන්නේ SEO Dead කියලද?

නැහැ! කවදාවත් SEO ප්‍රථිපළ නොදෙන්නේ නැහැ.

SLMarketer වලින් Search Engine Optimization ගැන ඔයාට තේරුම්ගන්න පුලුවන් හැකියාව දියුණුකරන්න ලංකාවේ හොඳම සිංහළ SEO Definitions List එක ලිව්වා. ඒක ඔයා කියෙව්වද? ඔයා ඒක කියවලා ගන්න ඕනා දේවල් ගන්න ඇති කියලා හිතනවා.

ඒ සිංහළ SEO Glossary එකේ එක තැනක Bounce Rate කියලා වචනයක් තියෙනවා. ඒක ගැන ඔයා මොනවද දන්නේ? කැමතිද ඒක ඔයාගේ වාසියට Use කරලා Organic Traffic ගොඩක් ඔයාගේ Blog එකට ලබාගන්න.

The Thing Called Bounce Rate …

Bounce Rate is just like rubber ballඔයා Bounce Rate කියන දේ හරියටම තේරුම්ගත්තද SEO Definitions ලියපු පෝස්ට් එකේ? කොහොමවුනත්, මේ Post එකෙන් ඔයාට Bounce Rate ගැන ගොඩක් දේවල් කියවන්න පුලුවන්.

ඇත්තටම Bounce Rate කියන දේ කෙටියෙන් කියනවා නම් Rubber Ball එකක් වගේ. ඔයා දන්නවනේ Tennis Ball එකට වඩා Rubber Ball එක Bounce වෙනවා කියලා වැඩියෙන්. ඒ වගේ දෙයක් තමයි SEO වල එන මේ Bounce Rate එකත්. ඔයාගේ Content එකේ වැදිලා විසික්වෙනවා

ඔයා Blog එකේ Posts ලියන්නේ මිනිස්සුන්ට කියවන්න. ඉතින් මේ එන Visitor කෙනෙකුව Reader කෙනෙක් බවට පත්කරන්න බැරි ඕනම Content එකක් Bounce Rate එකට අහුවෙනවා.

ඔයාගේ Blog එකට එන Visitor කෙනෙක් Land කරන Page එක කියවනවා නම්, ඒ Page එකේ ලියලා තියන Content එක එයාට Useful නම් ඒ කෙනා අනිවාර්යයෙන් Reader කෙනෙක් වෙනවා. එහෙම Reader කෙනෙක් නොවී Blog එකට ඇවිල්ලා එක පිටුවක් තත්පර 30ක්වත් බලන්නේ නැතුව Blog එකෙන් පිටවෙලා යන එකට තමයි Bounces කියලා කියන්නේ.

මෙතනදි තත්පර 30 කියන එක Fixed Value එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් Content එක කියවනවානම් විනාඩි කිහිපයක් ඒ Visitor Blog එකේ ඉන්න ඕනා. තත්පර ගාණ ගොඩක් අඩුවෙන් ඇතිවන Bounces ගොඩක් භයානකයි. මොකද, ඒකෙන් කෙලින්ම ඔප්පු වෙන්නේ Visitor ඔයාගේ Content එකට තියා Blog එකටවත් කැමති නැති එකයි.

එහෙනම් Bounce Rate එක කියන්නේ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔයාගේ Blog එකට එන Traffic එකෙන් Satisfy වෙන්නේ නැති පිරිසටයි. ගොඩක් වෙලාවට Targeted Visitors නොවන අය Bounces වෙන්න බලපානවා. ඔයාගේ Blog එකට එන සම්පූර්ණ Traffic එකේ ප්‍රතිශතයක් විදිහට තමයි Bounce Rate එක හදන්නේ.

උදාහරණයක් විදිහට අද ඔයාගේ Blog එකට Unique Visitorsලා 1000 එනවා. මේ එන අයගෙන් 100ක් ඔයාගේ Blog එක කියවන්න ආවට ඔයා ලියලා තියන දේ එයාලට වැදගත් නැති අය. ඉතින් මේ 100ම Blog එකට ඇවිල්ලා තත්පර 10න් වගේ පිටවෙලා යනවා.

දැන් එතකොට (100/1000)x100 අද ඔයාගේ Blog එකේ Bounce Rate එක 10% වෙනවා.

If The Thing Is Really High?

දැන් ඔයාට තේරුම් ගිහිල්ලා ඇති Bounce Rate එක කියන්නේ ඔයාගේ Blog එකට හොඳ දෙයක් නෙමෙයි කියලා. ඔව්! ඔයා එහෙම තෙරුම්ගත්තනම් ගොඩක් හොඳයි.

සිංහළ SEO Glossary එකේදිත් මං කිව්වා Bounce Rate එක කියන්නේ Google විසින් Negative Ranking Signal එකක් විදිහට Use කරන OnSite SEO Factor එකක් කියලා. ඒත් මේක Negative Signal එකක් වෙන්නේ නැහැ නිතරම, තවත් විදිහකින් කිව්වොත් මේක Positive Signal එකක් කරන්නත් ඔයාට පුලුවන්.

Google ගේ පරමාර්ථය තමයි එයාලගේ Customersලට උපරිම විදිහට සලකන එක. ඉතින් ඔයාගේ Blog එකට එන අයට ඔයා හොඳට සලකනවද නැද්ද කියලා Googleට පෙන්වන්න පුලුවන් Signal එකක් තමයි Bounce Rate කියන්නේ.

Bounce Rate එක ගොඩක් වැඩියි කියන්නේ ඔයාගේ Blog එක කිසිම වැඩකට නැති Blog එකක් කියන එකයි. නමුත් ඒ කිව්ව වචන ටික වැරදිවෙන්නත් පුලුවන්.

උදාහරණයක් විදිහට ඔයාගේ Blog එකට Un-Targeted Traffic පැමිණීම සඳහන් කරන්න පුලුවන්.

Google Search Engine එක හරහා Search කරන්නේ Googleගේ Usersලා එහෙමත් නැත්නම් Customersලා. ඉතින් Google කැමති නැහැ එයාලගේ Usersලට නීරස අත්දැකීමක් ලබාදෙන්න. Blog එකේ Bounce Rate එක වැඩියි නම්, ඔයාගේ Blog එකට Powerful SEO Strength එකක් තිබුනා කියලා වැඩක් නැහැ, ඔයාට Google එකෙන් එන්න ඕන Organic Traffic ප්‍රමාණය එන්නේ නෑ.

මොකද, SEO Strength එක විතරයි තියෙන්නේ අනිත් දේවල් නැහැ. ඉතින් මොකටද එහෙම Blog එකකට Google ඔවුන්ගේ Usersලව එවන්නේ?

Bounce Rate එක නිතරම 49%ට අඩුවෙන් වගේ තියාගන්න එක හොඳයි. මේ ලොකේ ඉන්න හැම කෙනාවම Satisfy කරන්න ඔයාගේ Blog එකට බැහැ. 😉 නමුත් Satisfy කරන්න පුලුවන් අයව Satisfy නොකර ඉන්න එකෙන් ඔයා අද වෙනකොට කොච්චර Traffic එකක් මඟ ඇරගත්තද? කොච්චර එන්න තිබුන Sales හලා ගත්තද?

ඒක දැන් වෙනස් කරනවද කියන එක ඔයාම තීරණය කරන්න.

Why Bounce Rate Happens … Kill It Instantly!

Bounce Rate එක වැඩිවෙන්න බලපාන විවිධ හේතුසාධක තියෙනවා. ඒවා ගැන ඉගෙනගන ඒ වැරදි ඔයාගේ Blog එකෙනුත් වෙනවානම් හදාගන්න. එහෙම හදාගන්න එකෙන් ඔයාගේ Blog එකේ Bounce Rate එක ගොඩක් පහළ මට්ටමකට ගන්න පුලුවන්. ඒත් සමහර හේතු තියනවා ඔයාට පාලනය කරන්න බැරි.

ඒක හරියට මේ ලොකේ ඉන්න හැම කෙනාවම Satisfy කරන්න බැරි කතාව වගේ දෙයක්.

❶ ඔයා Blog එකේ ලියන්නේ මොනවද …? ඔයාට එක Main Niche එකක් තියනවද ලියන්න? ඔයා මේ ප්‍රෂ්ණ දෙකට එක එක දේවල් වලින් උත්තර දෙයි. නමුත් ඔයාට ඇත්තටම විශ්වාසද ඔයාගේ Content එක Useful කියලා? මෙන්න මේ කියන විශ්වාසය ඔයාට ඔයාගේ Blog එක ගැනම නැත්නම් එතන කොස්සක් තියෙනවා.

හැම දෙයකම අතීතයක් තියෙනවා වගේම අනිත් කාල දෙකත් තියෙනවා. ඉතින් Blogging වල තියන ගොඩක් පරණම කතාවක් තමයි Content is King කියන එක.

ඇත්තටම ඔයාගේ Blog එකේ King ඔයාගේ Content එකද? එහෙමත් නැත්නම් වෙනත් කාගේ හරි දෙයක්ද? eg: Pictures, Videos etc.

ඔයාගේ Content එක Useful නැත්නම් Unique නැත්නම් මොන හේතුවද ඒ අයට ඔයාගේ Blog එක බලන්න එන්න තියෙන්නේ? ඒ නිසා මතක තියාගන්න, ඔයා ලියන Post එකට ඔයාගෙම දෙයක් එකතුකරන්න. මේ එකතුකරන දේ ඔයාගේ අදහස වෙන්න පුලුවන්, නැත්නම් ඔයාම Brainstorm කරලා නිපදවපු Strategy එකක් වෙන්න පුලුවන්.

මං හිතන්නේ ඔයාට තේරුනා මං මේ මොකක්ද කියන්නේ කියලා.

❷ ඔයාට Social Media Profiles තියනවද Blog එක වෙනුවෙන්ම හදපුවා, හරියට SLMarketer එකට SLMarketer Twitter Profile එක තියෙනවා වගේ? ඒවානම් ඔයාට අනිවාර්යයෙන් ඇති, ඉතින් මේ Social Media Profiles වලින් කෙරෙන කාර්යය පොඩ්ඩක් ආයේ මතක් කරමුද?

ඔයාගේ Blog එක ඇතුලේ තියන Unique, Useful, High Quality දේවල් වලට කැමති අයට ඒ ගැන කියන්න තමයි Social Media Profile එකක් Use කරන්නේ. එහෙමත් නැත්නම් ඔයා ළඟ තියන ගින්දර Content වගේම Products & Services Promote කරන්න තමයි Social Media Profiles යොදාගන්නේ.

ඉතින් මෙතනදි ලාවට ප්‍රෂ්ණයක් එනවා මෙහෙම. ඔයාට Blog එක ඇතුලේ දෙයක් නැතුව ඔයා Blog එක Profiles වල Promote කරනවා. ඉතින් Visitorsලා එයිද? එන අයට කියවන්න ඇත්තටම දෙයක් තියෙයිද?

නිතරම මතක තියාගන්න ඇතුල හිස්නම් පිටින් ගන්න හදන Marketing එක ඔයාට කිසිම දෙයක් ගෙනල්ලා දෙන්නේ නෑ. නිකමට හරි මේ විදිහට Social Media Profiles වලින් එන අය ගොඩක් වෙලාවට Bounces වෙන්න පුලුවන්.

❸ Website Speed ගැන මම දැන් දේවල් ටිකක් ඔයත් එක්ක කතාකරලා තියෙනවා, ඉතින් තාමත් ඔයාගේ Website Speed එක ගැන හිතුවේ නැද්ද? මෙන්න ඒ ගැන හිතන්න ඕන තවත් හේතුවක්.

අන්තර්ජාලයේ Surf කරන මිනිස්සුන්ට දැන් බලාගෙන ඉන්න එක ගොඩක් අමාරු දෙයක්. තත්පරයක් පරක්කුවුනත් වැඩේ අතඇරලා දාලා යන්න හදනවා. ඉතින් Internet Marketer කෙනෙක් විදිහට මේ නොඉවසීම ඔයාගේ Profits වලට ගොඩක් ලොකු බාදකයක්.

මොකද, ඔයාගේ Blog එක Load වෙන්න ටිකක් පරක්කුවුනත් වැඩේ අතැරලා දාලා වෙනත් තැනකට යනවා. මේ විදිහට ඉක්මන් Load වීමක් බලාපොරොත්තුවන කෙනෙක් ඔයාගේ Blog එකට ඇවිල්ලා ඔයාගේ Blog එක ඉක්මනින් Load වුනේ නැතිවුනොත් ඒක Bounce එකක් වෙන්න ලොකු Chance එකක් තියනවා.

❹ සමහර වෙලාවට ඔයා Blog එක ලස්සන කරන්න කියලා ලෝකේ නැති ඒවත් හදලා දානවා. නමුත් බොහෝ වෙලාවට මේ කරන්න හදන ලස්සන අවලස්සනක් වෙනවා. මෙහෙම අවලස්සන වෙනවත් එක්කම Visitor කෙනෙක්ට ආපු ගමන් මේ මොන ජාතියේ දෙයක්ද කියලා හොයාගන්න බැරිවෙනවා.

එහෙමත් නැත්නම් මේ Blog එක මට වැදගත් වෙන්නේ කොහොමද, අරවා මේවා හැමතැනම තියෙනවා. ඉතින් Visitorව නිකන්ම Confuze වෙනවා. ඉතින් Visitorට පැහැදිළි අදහසක් ගන්න බැරිවුනාම ඔයාගේ Blog එක මොනවගේ එකක්ද කියලා එතන ආයෙත් ඇතිවෙන්නේ Bounce එකක් කියලා අමුතුවෙන් කියන්න ඕනා නෑ.

Bounce Rate එක ගැන ඔයාට මොනවද හිතෙන්නේ? ඔයාගේ Bounce Rate එකේ තත්වේ දැන් කොහොමද? තවත් දෙයක් තමයි Bounce Rate එක බලන්න විශ්වාසවන්තම විදිහ තමයි Google Analytics හෝ වෙනත් Popular Analytics System එකක් හරහා.

මේ ගැන මම කියන්න ඕනම දෙයක් මඟ ඇරියද? ඒ හැම දෙයක් ගැනම Comment එකකින් කියන්න දැන් ඔයාට පුලුවන්. ඒ වගේම ඊළඟ ලිපිය Publish කරාම ඔයාගේ Inbox එකට එන්න SLMarketer Email Newsletter එකට Subscribe වෙන්න.

Tweet
Email

Filed Under: SEO

මේ වගේම තවත් ලිපි

  • ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හෝ Internet Marketing වලට නවකයෙක්ද?ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හෝ Internet Marketing වලට නවකයෙක්ද? (10)
  • SLMarketer වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමිSLMarketer වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමි (4)
  • සාර්ථක Fiverr Gigs කිහිපයකින් Living Income එකක් හොයන්නසාර්ථක Fiverr Gigs කිහිපයකින් Living Income එකක් හොයන්න (25)
  • Fiverr v2 එක්ක Long-Term Fiverr Business එක පටන්ගන්නFiverr v2 එක්ක Long-Term Fiverr Business එක පටන්ගන්න (33)
Sovrn
හැම ලිපියම කාටත් කලින් ඔයාගේ ඊ-මේල් එකට එවන්නද..? එහෙමනම් ඔයාගේ ඊ-මේල් එක ඔතන ලියලා Subscribe ඔබන්න. ඔබලා මේල් එකක් එයි, ඒකේ Link එකත් Click කරන්න.

About ෂ්‍යාම් චතුරංග

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 5ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.

Comments

  1. Yoshan Sanjaya says

    January 16, 2014 at 11:09 pm

    another great post (y)

    Reply
  2. ලක්ෂාන් says

    January 18, 2014 at 7:06 pm

    ලොවෙත් නෑ බං!
    සිරාවටම පට්ට! 😀

    Reply
  3. තරිදු says

    January 19, 2014 at 5:13 pm

    එල ලිපියක්

    Reply
  4. Tharaka says

    February 2, 2014 at 5:31 am

    ශයාම් අයියෙ මම ඔයාගෙ බ්ලොග් 1 කියවලා එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩාක් කල් ට්‍රයි කලාට මගෙ පරන ෆයිවර් 1ට ඕර්ඩර්ස් ආවෙම නෑ.මම එක අයින් කරල ෆයිවර් එකේ රෙජිස්ටර් වුනා ආයි. ජනවාරි 31 තම රෙගිස්ටර් උනේ.මට පෑය 24ක් යන්න කලින් පලවෙනි ඔර්ඩර් 1 ආවා. ඔයගෙ පොස්ට් ටික නම් ෆයිවර් ගන ලියවුන නියම පොස්ට් ටිකක්. තව හොදට මෙ බ්ලොග් 1 කරගෙන යන්න.

    බොහොම ස්තූතියි අයියෙ

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      February 2, 2014 at 7:56 am

      එළම තමයි. Fiverr ගැන තවත් Post එකක් මේ මාසේ Publish වෙයි. දිගටම Ultimate Fiverr Post Series එකේ දේවල් කරන්න. මේ Comment එක Ultimate Fiverr Post Series එකේ Post එකක දැම්මනම් තමයි නියම!

      Reply
  5. Pathum says

    February 2, 2014 at 10:59 am

    නියම පෝස්ට් එකක් කියල වැඩක් නෑ

    Reply
  6. shalika says

    April 20, 2014 at 9:08 am

    godak hodai aththatama malli. oyata thawath shakthiya labenna ona me aluth dewal hoyaganna.

    Reply
  7. kalindu says

    May 23, 2014 at 9:57 am

    yaluwa,oyage fiver post tika mula idalama balanna ona mata.eth oyage site eke hoyaganna amaruy ne mula idalama balanna.. 🙁

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      May 23, 2014 at 11:50 am

      තාම FUPS එක ලියන නිසා Dedicated Page එකක් හැදුවේ නෑ. දැනට මේකෙන් බලන්න.
      >> https://www.slmarketer.com/tag/fiverr/

      Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Email Newsletter!

අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හැටි හා එම ව්‍යාපාරය නිවැරදිව සාර්ථක කරගන්න හැටි කියවන්න කැමතිද?

ඒ වගේම Internet Marketing ගැන SLMarketer විසින් ලියවෙන හැම ලිපියක්ම ඔයාගේ Inbox එකට ගන්න කැමතිද?

එහෙනම් SLMarketer Email Newsletter එකට දැන්ම Join වෙන්න.

Fiverr Success

What’s Your Passion?

ඔයාගෙන් මම ඇහුවොත් ඔයා කියවන්න ආසම කරන Topic එක මොකක්ද කියලා, ඔයා මොකක්ද දෙන උත්තරය? SLMarketer එක ඔයත් මීට කලින් එකපාරක් හරි කියවලා ඇති.


දිගටම ඔයා අන්තර්ජාල අලෙවිකරණය ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ Survey එක Fill කරලා ඒක ගැන අපට කියන්න.


→ Tell Us Your Passion NOW
Get Targeted Traffic, Increase Sales! Get Your Own Domain Name Shrink Your Links Get Your Payoneer Card With $25 Earn by Sharing Internet Earn Free Crypto Get Your Crypto Wallet on Coinbase Get Your Crypto Wallet on Binance

සම්බන්ධ වෙමුද?


Follow @SLMarketer

SLMarketer RSS Feed Subscription!

ජනප්‍රිය ලිපි

  • අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඔයාගේ Skill එකෙන් පටන්ගන්න හොඳම තැන
  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Payoneer හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න
  • ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද?
  • ඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව Publish කරන්න
  • අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථක ක්‍රම 3ක්
  • Payoneer Account එකට මුදල් දැමීමට හැකි ක්‍රම
  • සාර්ථක Fiverr Gigs කිහිපයකින් Living Income එකක් හොයන්න
  • Payoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්න
  • ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හෝ Internet Marketing වලට නවකයෙක්ද?

හොඳම Shared Hosting!

HostGator Discount

අලුත්ම ලිපි

  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්
  • High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න
  • SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

කර්තෘ ගැන…

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 6ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.   Read More…

Email Newsletter

විශේෂ ලිපි, ඊ-පොත්, වීඩියෝ මග පෙන්වීම් ආදිය හා පළවන සෑම ලිපියක්ම ඔබේ ඊ-මේල් එකටම ගෙන්වා ගන්න.

හොයන්න

[footer_backtotop]

Copyright © 2025 SLMarketer.com • අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සින්හලෙන් ඉගෙනගන්න.
සියලුම අන්තර්ගතයේ අයිතිය SLMarketer.com අඩවිය සතුය. · A Site By ScorpionGod Lair