• Home
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Fiverr Sinhalen — FUPS

SLMarketer

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන්න ඉගෙනගන්න

Earn Free Bitcoin
  • Social Media Marketing
  • Affiliate Marketing
  • Online Marketing
  • WordPress
  • BlogSpot
  • Blogging
  • SEO
You are here: Home / Blogging / ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හෝ Internet Marketing වලට නවකයෙක්ද?

ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හෝ Internet Marketing වලට නවකයෙක්ද?

April 13, 2013 By ෂ්‍යාම් චතුරංග 10 Comments

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් බව, ඔයා මේ බ්ලොග් එක කියවනවා නම් දන්නවා ඇතිනේ. ගොඩක් දෙනා අන්තර්ජාලයෙන් මුදල් උපයන එක ගැන වැරදියට හිතාගෙන ඉන්නවා. ඔයත් ඒ වගේ වැරදිමත වල ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්. ඒ වගේම ඔයාට මේ වැරදි අදහස් හින්දා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න බැරි වෙන්නත් පුලුවන්.

සමහරවිට ඔයා තාමත් මේ ක්ශේත්‍රයට අලුත් කෙනෙක්, නවකයෙක් වෙන්නත් පුලුවන්. ඒ නිසා ඔයා මේ මොකක්ද කරන්න යන්නේ කියලා හරියට දැනගෙන පටන් ගන්න එක තමයි හොඳම දේ.

Misconceptions..

ඔයාටත් මේ වැරදි අදහස් තියෙනවනම් අදම මේ දේවල් අයින් කරගෙන මේ ගමන පටන් ගන්න. ඔයා හරියට කරන දේ ගොඩක් කල් පවතිනවා.

1. නොමිලේ මුදල් හොයන්න පුලුවන්.

ඔයාට නොමිලේ මොනාහරි දෙයක් ගැන ඉගෙනගන්න පුලුවන්, නමුත් ඔයාට කවදාවත් නොමිලේ මුදල් හොයන්න බැහැ. සමහරවිට ඔයා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් කියලා මුලින්ම දකින්න ඇත්තේත් නොමිලේ කියන වචනයත් එක්ක වෙන්න ඇති.

දැන්වීමක් ලියද්දී ලියන්නේ එහෙම තමයි, නමුත් ඒ ලිව්ව දේ වැරදි වෙන්නේ ඇත්තටම කරන්න ගියාම. ඔයාට රුපිලක්වත් වියදම් නොකර අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පටන්ගන්න පුලුවන්, ඒ නිසා නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් කියලා කිව්වත්, ඔයාට ඒ දේ කරන්න කාලය වැයකරන්න වෙනවා.

කවුරුවත් ඔයාට නිකං සල්ලි දෙන්නේ නෑ, ඔයා කරන මොකක් හරි වැදගත්කමක් ඇති දේකට තමයි සල්ලි ලැබෙන්නේ. කොහොම නමුත් ඔයා නොමිලේ මුදල් හොයන්න පුලුවන් කියලානම් හිතාගෙන හිටියේ, දැන් ඒ මතය අයින් කරගන්න වෙලාවයි.

2. නිකං ඉඳලා මුදල් සෙවීම.

මේකත් ටිකක් මුලින් කිව්ව දේට සම්බන්ධයි. PTC කරන අය කියන්නේ නිකං ඉඳලා සල්ලි හොයන්න පුලුවන් කියලා. ඒත් එයාලා නිකං බලාගෙන ඉඳලා නෙමෙයි ඒ හොයන සුළු මුදලත් හොයන්නේ, එයාලා Ad Clicking, Viewing වැඩේ කරලයි හොයන්නේ.

කලින් කිව්වා වගේ ඔයාට කවුරුත් නිකං සල්ලි දෙන්නේ නෑ. ඔයා කරන සේවයට, ඔයා නිපදවන නිෂ්පාදනයට තමයි මුදල් ලැබෙන්නේ. ඉතින් ඔයා කවදාහරි නිකං ඉඳලා මුදල් හොයන්න පුලුවන් කියලා හිතාගෙන අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ආවානම්, ඔයා වැඩිකල් යන්නේ නැතුව, මේ ගමන නවත්තනවා.

3. මුකුත් නොදැන මුදල් හොයන්න.

අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් මුකුත් දන්නේ නැති අයට නෙමෙයි, මොනාහරි දෙයක්, ක්ෂේත්‍රයක් ගැන දැනුමක් තියෙන අයට. කලින් කිව්ව වැරදිමත දෙකම නිවැරදිමත වුනානම් මේකත් නිවැරදි වෙන්න තිබුනා. ඒත් කවදාවත් එහෙම වෙන්නේ නෑ.

PTC කරන අය කියන ප්‍රධාන හේතුවක් තමයි, මුකුත් නොදැන මේ දේ කරලා මුදල් හොයන්න පුලුවන් කියලා. ඒත් ඒ අය හැමදාම එකම තැන ඉඳියි, එහෙම හිටියොත්. දන්නේ නැති වෙන්නේ ඔයා ඒ දේ ගැන හොයන්නේ නැති වුනාම. අන්තර්ජාලය තියෙන ලොකේ මොනාද ඔයාට දැනගන්න බැහැයි කියන්න පුලුවන්..? දැනගන්න බැහැයි කියන්න පුලුවන් දේවල් බොහෝම අතලොස්සයි තියෙන්නේ. ඔයා මේ මතයේ හිටියනම් අදම ඔයා කැමති දේ ගැන ඉගෙනගන්න පටන් ගන්න.

4. Living Income එකක් හෙවත් ජීවත්විය හැකි ආදායමක් උපයන්න බැහැ.

මේක තමයි තවත් ලොකුම වැරදිමතයක් වෙන්නේ, ඔයාට තාමත් විශ්වාස කරන්න බැරිද අන්තර්ජාලයෙන් ඔයාට දිගටම ජීවත්විය හැකි තරමේ ආදායමක් ගන්න පුලුවන් කියලා.? ඔයා මේ ක්ෂේත්‍රය ගැන නොදන්න කෙනෙක්නම් ඔයා අනිවාර්යෙන් මේ ප්‍රෂ්ණයට ‘බැහැ’ යන උත්තරය දෙයි.

ඒ ඔයාගේ නොදන්නකම මිසක් ඇත්ත නෙමෙයි. මුලු ලොකේම Internet Marketing වල වර්තමානය ගැන බලනකොට, ඔයාට තනිකරම අන්තර්ජාලයෙන් මුදල උපයලා ජීවත්වෙන මිනිස්සු ලක්ෂයක්වත් හම්බවෙයි. ඉතින් ඒ අයට කරන්න පුලුවන් නම් ඒ දේ, ඇයි ඔයාට කරන්න බැරි. ඒක ඔයාගේ ඕනනැතිකම මිසක් කරන්න බැරි දෙයක් නෙමෙයි.

ඔයා ඔයාගේ හිත පොළඹවාගන්න මේ දේ කරන්න පුලුවන් කියලා. ඔයාට ලොකු ආත්මවිශ්වාසයක් තියෙනවනම් ඉක්මනින් ඕනම ලොකු Goal එකකට ලගාවෙන්න පුලුවන්.

5. අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියන්නේ පට්ට වෘත්තියක් නෙමෙයි.

ඔයාට තැනකට ගිහිල්ලා ඔයාගේ ජීවන වෘත්තිය(Occupation) මොකක්ද කියලා ඇහුවම අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියලා කියන්න බැරිවෙන්න පුලුවන්. ඒත් මේක ඔයා හිතන තරම් චාටර් ජීවන වෘත්තියක් නෙමෙයි කවදාවත්.
හරියට අන්තර්ජාලයෙන් මුදල් හොයන අය මේ දේට කියන්නේ මෙන්න මේ වගේ නම් Internet Marketing, Internet Entrepreneur, Online Marketer. මොකද ඒ නම් ගැළපෙන හින්දා තමයි ඒවා පාවිච්චි කරන්නේ.

ඔයාගේ අසල්වැසියෝ හිතයි, ඔයා රැකියාවක් කරන්නේ නැතුව ගෙදර නිකං ඉන්නවා කියලා, නමුත් ඔයාට පුලුවන් ඒ අයට විස්තර කරල කියන්න ඔයා කරන්නේ මොනවද කියලා. ඕනම අලුත් දෙයක් දිහා මුලින්ම මිනිස්සු බලන්නේ අමුතු විදිහට ඒක ඒ අලුත් දෙහි වරදක් නෙමෙයි, ඒ බලන කෙනාට තියෙන නොදැනීම, නුහුරුකම. මේක Professional Occupation එකක් කියලා මේක හරියට කරනකොට ඔයාට තේරුම් යයි.

Boosting Qualifications

අද ලංකාවේ ගොඩක් දෙනා කියන්නේ තමන්ට English දන්නේ නෑ, කරන්න මොකක් හරි දෙයක් දන්නේ නැහැ කියලා නමුත් ඔයාට අන්තර්ජාලය තියෙනවා කියන්නේ මුලු ලොකේම ඔයා ලඟ වගේ. ඒ මුලු ලොකේටම යන්න ඔයාට අවශ්‍ය වෙන්නේ English විතරයි. දැනුම ඔයා ලඟට එන්නේ නෑ, ඔයා දැනුම හොයාගෙන යන්න ඕනා. ඔයා මුකුත්ම නොදන්න දැන් ඉපදුන බබෙක් නෙමෙයිනේ. ඉතින් ඔයාට හොයාගෙන යන්න බැරි වෙන්නේ නෑනේ.

ඔයාට English දැනුම මදියි නම් මෙන්න මේ දේවල් කරලා බලන්න. ඔයාට අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් තරම් English දැනුමක් ලැබෙයි.
1. English සිංදු අහන්න නිතරම.
2. English සිංදු වල Lyrics අරගෙන කියවන්න.
3. ඒවා ඔයාට දැනට තියෙන English දැනුමෙන් තේරුම්ගන්න බලන්න.
4. තේරෙන්නේ නැති වචනයක් ආවාම Dictionary එකෙන් බලන්න.
5. ඔයාට තේරුනේ නැතිවුනත් කමක් නැහැ අන්තර්ජාලයෙන් මුදල් හොයන හැටි කියාදෙන English බ්ලොග් කියවන්න.
6. තේරෙන්නේ නැති තැනක් ආවම ඒක දන්න කාගෙන්හරි අහගන්න, Dictionary එකෙන් බලන්න.
7. English උප සිරැසි එක්ක English Movies බලන්න.

කෙටියෙන්ම කිව්වොත් නිතරම English එක්ක ඉන්න, ඔයාට ඉබේම හොන්ද English දැනුමක් එයි. ඔයාට හොන්ද වාක්‍ය ඛණ්ඩ(Phrases) හොයාගන්න පුලුවන් මේ විදිහට කලාම. ඔයාට දන්න English වලින් නොදන්න English ඉගෙනගන්න පුලුවන්. ගොඩක් දෙනා සිංහල Forum වල පුන්චි දේ පවා අහනවා, ඒත් ඔයාට ඇයි බැරි ඒ දේවත් Google එකේ හොයලා තනියම ඉගෙනගන්න? ඒකෙන් ඔයාගේ English දැනුම වැඩිවෙනවා, Google එකේ හොයන හැටි අත්දැකීම එනවා.

English දන්නවනම්, අන්තර්ජාලයත් ලඟ තියෙනවනම් ඔයාට කැමති දේ ඔයාට ඕන විදිහට ඉගෙනගන්න පුලුවන්. අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියලා මුකුත් නොදැන කරන්න බැරි බව ඔයා දැන් දන්නවනේ. ඉතින් ඔයා ඉගෙනගන්න ආස, කැමති විෂය ඉගෙනගන්න පටන්ගන්න අදම අන්තර්ජාලය හරහා.

ඔයා Web Design, Developing වලට කැමතිවෙන්න පුලුවන්, ඒක ඉගෙනගන්න ඔයාට Course එකක් කරන්නම් ඕන නැහැ. අන්තර්ජාලයෙන් හොයලා ඉගෙනගන්න පුලුවන්. මං කලින් ලිපියකිනුත් කිව්වනේ දැනුම Monetize කරන්න පුලුවන් ක්‍රම ගොඩක් තියෙනවා කියලා, ඉතින් ඔයා ඒ ඉගෙනගන්න දේ පාවිච්චි කරලා ඔයාට අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන්.

ඒ නිසා මුලදි කිව්ව වැරදි අදහස් අයින්කරගෙන, English දැනුම වර්ධනය කරගන්න. ඊටපස්සේ ඔයාගේ Passion එක තියෙන විෂය ඉගෙනගන්න පටන්ගන්න. ඉගෙනගන්න දේවල් පාවිච්චි කරලා වැදගත් දෙයක් කරන්න. එතකොට සල්ලි ඔයාගේ පස්සෙන් එයි.

Tweet
Email

Filed Under: Blogging

මේ වගේම තවත් ලිපි

  • SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාවSEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව (11)
  • Payoneer හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්නPayoneer හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න (94)
  • ඔයාගේ Payoneer Account Fees අඩුකරගන්න මෙහෙම කරන්නඔයාගේ Payoneer Account Fees අඩුකරගන්න මෙහෙම කරන්න (15)
  • Website Speed ගැන ඔයා දැනගතයුතුම දේවල් කිහිපයක්Website Speed ගැන ඔයා දැනගතයුතුම දේවල් කිහිපයක් (2)
Sovrn
හැම ලිපියම කාටත් කලින් ඔයාගේ ඊ-මේල් එකට එවන්නද..? එහෙමනම් ඔයාගේ ඊ-මේල් එක ඔතන ලියලා Subscribe ඔබන්න. ඔබලා මේල් එකක් එයි, ඒකේ Link එකත් Click කරන්න.

About ෂ්‍යාම් චතුරංග

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 5ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.

Comments

  1. Amil says

    April 13, 2013 at 8:38 pm

    හැමදාම වගේ ඇත්ත කථාවක් කියලා තියෙනවා. අන්තර්ජාලයෙ කියන්නේ තමන්ගේ හැකියාවෙන් මුදල් හම්බ කරන්න පුළුවන් ලේසිම මගක් තමයි, සහෝ කිව්ව වගේ අනිවාර්යයෙන් තමන් කුමන හෝ දේ කට දක්ෂ වෙන්න ඕනි. මමත් මුලදි නම් පට්ට කාලයක් කාගෙන ඇඩ් ක්ලික් කරා. මම නම් හිතන්නේ ඒක මහා මොඩ වැදක් කියලා. අපරාදේ කාලේ කනවා. නමුත් අද මම මගේ හැකියාව පාවිච්චි කරලා මාසේකට ඩොලර්ස් 300කට වඩා උපයනවා. මා මේ පිලිබදව ගොඩාක් ස්තුතිවන්ත වෙනවා iplusblog.com එකේ සහෝදරයට.

    ඔබත් දැන් කරන්නේත් ඒවගේම වටිනා කාර්්‍යක්. මම ඔබටත් සුබ පතනවා දිගටම බ්ලොග් එක ලියන්න කියලා

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 13, 2013 at 8:46 pm

      ඔව් IPlusBlog එක හින්දා ගොඩක් අය කාලේ කන PTC කරන්නේ නැතුව Fiverr කරනවා. PTC වලට වඩා එහා ගිය දේවල් ලියවෙන තව බ්ලොග් ඇතිවෙනවා නම් PTC කරන අය වුනත් අර්ථවත් දෙයක් කරන්න පෙළඹවෙයි. කොහොමවුනත් ඔයා ගැන සතුටුයි. ඔයාගේ Business තව දියුණුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙂

      Reply
  2. Geeth says

    April 14, 2013 at 10:31 am

    Internet එකෙන් සල්ලි හොයන්න උත්සහ කරන, internet එකෙන් සල්ලි හොයන්න බලාපොරොත්තු වෙන හැමෝටම ඉතාමත් වැදගත් ලිපියක්. මමත් Fiverr කරන්න පටන් ගත්තේ Iplus blog එක නිසා. ඔයා පලවෙනි topic එකෙන් අදහස් කලේ මුදල් ආයෝජනයක් නොකර Internet එකෙන් සල්ලි හොයන්න බැහැ කියන එකද ?
    තව දෙයක් අන්තර්ජාලයෙන් මුදල් හොයන හැටි කියාදෙන English blog කියවන කොට සිංහල blog කියවනවා වගේ නෙමෙයි සෑහෙන අවදානයෙන් බලන්න ඕන. මොකද තමන්ගේ මොකක් හරි Clickbank product එකක් විකුණගන්න සුරංගනා කතා කියන අය ගොඩක් ඉන්නවා. ඒක නිසා නිසා නියම Internet Marketing blogs හොයාගන්න ඕන.
    අනික අනිත් ය කිව්වට කරන්නේ නැතිව, තමන්ට ඒ ගැන ඇත්තටම interest එකක් තියෙනවනම් තමයි කරන්න ඕන.
    ඇත්තටම English කියන්නේ අද අලුත් දැනුම සොයාගෙන යන යට අත්‍යවශ්‍ය දෙයක්. ඔයා සඳහන් කරපු ක්‍රම මාත් පාවිච්චි කළා. තවමත් පාවිච්චි කරනවා. ඇත්තටම ඒවා ගොඩක් සාර්ථක ක්‍රම. ඊට අමතරව මම හොඳ English radio channels වලටත් සවන්දුන්න. තව දෙයක් තමන් ආස කරන English සින්දුවක්, English Movie එකකින් එහෙම වඩා පහසුවෙන් යමක් ඉගෙන ගන්න පුළුවන්.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 14, 2013 at 2:16 pm

      මේ ක්‍රම ඔයත් පාවිච්චි කරනවනම් හොන්දයි. ආයෝජනයක් නොකර කරන්න පුලුවන්, ඒත් මුදල් වලින් ආයෝජනයක් නොකර විතරයි, කාලය ආයෝජනය කරන්න වෙනවා. ඒකයි මං කියන්න හැදුවේ.

      English බ්ලොග් වල Sales Pitch කියවලා Buy කරන්න සල්ලි තියෙන්නත් එපැයි. කොහොම වුනත් ඉස්සරහට Affiliate Marketing ගැන ලියන කොට Sales Pitch ගැනත් ඉගෙනගමු. 🙂

      Reply
  3. radika says

    April 21, 2013 at 6:58 pm

    maxxa post shyamin

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 21, 2013 at 8:13 pm

      Mama Shyam bn..! Shyamin nemei 😛

      Reply
  4. sachi rasanjali says

    May 4, 2013 at 9:13 am

    හොඳ post එකක්. දිගටම ලියන්න ලැබෙන්න කියලා සුබ පතනවා. මාත් Iplus blog එකට පින්සිද්ධ වෙන්න මාසෙට $140 වගේ හොයනවා, ඒත් මන් කැමති ඔයාගේ ඉතිරි ලිපිත් කියවලා ඒ ආදායම වැඩි කරන්න.​
    ජය​!!!!!!.!!!

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      May 4, 2013 at 10:50 am

      Thanks!. හොන්ඳ Goal 1ක් තියෙනවා. මං දිගටම මේ බ්ලොග් එක ලියනවා. මේ දවස් වල ටිකක් වැඩ වැඩිවුනා. ඉක්මනින්ම අලුත් පොස්ට් එකක් ලියන්න ඉන්නෙ. 🙂

      Reply
  5. Dimuth Tharindu says

    November 23, 2013 at 4:42 pm

    Iplus blog
    මේ blog එක දැන් නැද්ද..?
    මම Internet Marketing වලට නවකයෙක්.
    දිගටම බ්ලොග් එක ලියන්න …….

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      November 23, 2013 at 6:50 pm

      නැහැ, ඒක දැන් අතඇරලා දාලා වගේ.

      Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Email Newsletter!

අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හැටි හා එම ව්‍යාපාරය නිවැරදිව සාර්ථක කරගන්න හැටි කියවන්න කැමතිද?

ඒ වගේම Internet Marketing ගැන SLMarketer විසින් ලියවෙන හැම ලිපියක්ම ඔයාගේ Inbox එකට ගන්න කැමතිද?

එහෙනම් SLMarketer Email Newsletter එකට දැන්ම Join වෙන්න.

Fiverr Success

What’s Your Passion?

ඔයාගෙන් මම ඇහුවොත් ඔයා කියවන්න ආසම කරන Topic එක මොකක්ද කියලා, ඔයා මොකක්ද දෙන උත්තරය? SLMarketer එක ඔයත් මීට කලින් එකපාරක් හරි කියවලා ඇති.


දිගටම ඔයා අන්තර්ජාල අලෙවිකරණය ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ Survey එක Fill කරලා ඒක ගැන අපට කියන්න.


→ Tell Us Your Passion NOW
Get Targeted Traffic, Increase Sales! Get Your Own Domain Name Shrink Your Links Get Your Payoneer Card With $25 Earn by Sharing Internet Earn Free Crypto Get Your Crypto Wallet on Coinbase Get Your Crypto Wallet on Binance

සම්බන්ධ වෙමුද?


Follow @SLMarketer

SLMarketer RSS Feed Subscription!

ජනප්‍රිය ලිපි

  • අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඔයාගේ Skill එකෙන් පටන්ගන්න හොඳම තැන
  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Payoneer හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න
  • ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද?
  • ඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව Publish කරන්න
  • අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථක ක්‍රම 3ක්
  • Payoneer Account එකට මුදල් දැමීමට හැකි ක්‍රම
  • සාර්ථක Fiverr Gigs කිහිපයකින් Living Income එකක් හොයන්න
  • Payoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්න
  • ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හෝ Internet Marketing වලට නවකයෙක්ද?

හොඳම Shared Hosting!

HostGator Discount

අලුත්ම ලිපි

  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්
  • High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න
  • SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

කර්තෘ ගැන…

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 6ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.   Read More…

Email Newsletter

විශේෂ ලිපි, ඊ-පොත්, වීඩියෝ මග පෙන්වීම් ආදිය හා පළවන සෑම ලිපියක්ම ඔබේ ඊ-මේල් එකටම ගෙන්වා ගන්න.

හොයන්න

[footer_backtotop]

Copyright © 2025 SLMarketer.com • අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සින්හලෙන් ඉගෙනගන්න.
සියලුම අන්තර්ගතයේ අයිතිය SLMarketer.com අඩවිය සතුය. · A Site By ScorpionGod Lair