• Home
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Fiverr Sinhalen — FUPS

SLMarketer

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන්න ඉගෙනගන්න

Earn Free Bitcoin
  • Social Media Marketing
  • Affiliate Marketing
  • Online Marketing
  • WordPress
  • BlogSpot
  • Blogging
  • SEO
You are here: Home / Online Marketing / අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථක ක්‍රම 3ක්

අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථක ක්‍රම 3ක්

March 16, 2013 By ෂ්‍යාම් චතුරංග 9 Comments

අන්තර්ජාලය පවිච්චි කරන ගොඩක් දෙනා දැන් අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් කියලා අහළා ඇති, සමහර විට ඔයා විශ්වාස කරන්නේත් නැතුව ඇති පුලුවන් කියලා, ඔයාට විශ්වාස නැත්නම් ඒක පුලුවන් කියලා මං ඔප්පු කරපු ලිපිය කියවන්න. අන්තර්ජාලයෙන් මුදල් උපයනවා කියන්නේ අන්තර්ජාලය හරහා ව්‍යාපාරයක් කරනවා වගේ දෙයක්. ඒ කියන්නේ ඔයා ඔයාගේම ව්‍යාපාරයක් අන්තර්ජාලය හරහා කරන්න පුලුවන් ක්‍රම ගැනයි දැන් කියවන්න යන්නේ.

අන්තර්ජාලයේ ගොඩක් ලොකුම දේ තමා “දැන්වීම්”. මිනිස්සු දැන්වීම් දාන්නේ මොනා හරි දෙයක් ප්‍රසිද්ධ කරවන්න. එයාලගේ නිශ්පාදන වල හා සේවාවන් වල අලෙවිය ඉහළ දාගන්න. ඒකත් මතක තියාගෙන අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් ක්‍රම මොනාද කියලා බලමු. මේක මතක තියාගන්න කිව්වේ ඔයා දැන් මේ අවශ්‍යතාවය ඉටු කරලා තමා මුදල් හොයන්න යන්නේ. මේ අවශ්‍යතාවය ඉටු කරන්න ක්‍රම ගොඩක් තියෙනවා, හොදට හිතලා බැලුවොත් ඔයාටත් පුලුවන් වෙයි, මේක ඉටු කරන්න පුලුවන් අලුත්ම අදහස්, අනන්‍ය ක්‍රම වගේ දේවල් හොයාගන්න.

1. Blog එකක් මඟින්.

වෙබ්සයිට් එකකයි බ්ලොග් එකකයි අතර වෙනස්කම් ගොඩක් තියෙනවා. ප්‍රධානම එක තමයි බ්ලොග් එක නිතරම අලුත් වෙන දෙයක්. පත්තර නිතරම අලුත් දේවල් දාන නිසා තමයි, පත්තර විකිනෙන්නේ, ඒ පත්තර වල කියවීම, අලෙවිය වැඩි වෙද්දී දැන්වීම වැඩිපුර ලැබෙනවා. ඒවගේම දැන්වීමකට ගන්න ගාස්තුවද වැඩි වෙනවා.

Ways To Make Money Online

අන්තර්ජාලයෙන් මුදල් හොයන්න සාර්ථක ක්‍රම 3ක්

ඒ සංසිද්ධියම බ්ලොග් එකට අදාල කරගන්න පුලුවන්. නිතරම අලුත් වෙන නිසා, කියවන්න කට්ටිය එනවා, කලින් කිව්වා වගේ මිනිස්සු රැස්වෙන තැනක අලෙවිවීමේ හැකියාව ගොඩක් වැඩියි. ඉතින් දැන්වීම් දාන්න ඉල්ලුම ලැබෙනවා. ඔයාගේ බ්ලොග් එකට එන ප්‍රේක්ෂක ගණන වැඩිවෙන කොට ඔයාට දැන්වීම් වල ගාස්තුව වැඩි කරන්න පුලුවන්.
බ්ලොග් එකක් මඟින් මුදල් සේවීමේදි මූලික සිද්ධාන්තය තමයි ඕක. බ්ලොග් එකක් මඟින් මුදල් හොයන්න පුලුවන් ක්‍රම තවත් ගොඩක් තියෙනවා, ඒවා වෙනත් ලිපියකින් දාන්නම්.

2. Freelance Projects කරලා.

මේ කියන්නේ ඔයා දන්න මොකක් හරි වෘත්තිමය දැනුමකින්, වෘත්තිමය අත්දැකීම් වලින් කාගේහරි වැඩ කරලා මුදල් හොයන එක. මෙතනදි වෙන්නේ අවශ්‍යතාවය තියෙන කෙනෙක්ට උදව් කරන එක.

ඔයා මුකුත් දන්නේ නැහැ කියලා හිතන්න එපා එහෙම කිව්වම. ඔයා දන්න මොකක්ම හරි දෙයකින් මේක කරන්න පුලුවන්. ඔයාට වෙබ්සයිට් හදන්න පුලුවන් නම් ඒක දන්නේ නැති, ඒත් වෙබ්සයිට් එකක් අවශ්‍ය කෙනෙකුට ඒ වැඩේ කරලා දීලා මුදල් හොයන්න පුලුවන්.

ග්‍රැෆික් නිර්මාණය, වෙබ් අඩවි නිර්මාණය, වෙබ් අඩවි දියුණු කිරීම, වීඩියො සංස්කරණය කිරීම, මොනාහරි දෙයක් සම්බන්ධ උපදෙස් ලබාදීම, ලිපි ලිවීම වගේම තව ගොඩක් දේවල් කරලා මුදල් හොයන්න පුලුවන්. මේ වගේ වැඩ අරගෙන කරන්න පුලුවන් සයිට් ටිකක් පහලින් දාන්නම්.

  • Fiverr. – මේ ක්‍රමෙන් පටන් ගන්න ලේසිම තැන මේක.
  • oDesk.
  • Freelancer.
  • ELance.

3. ඔයාගේම භාණ්ඩයක් හෝ සේවාවක් අන්තර්ජාලය හරහා ලබා දීම.

ඔය හැමෝම මේ දේ කරන්නේ නෑ. ඔයාට පුලුවන් ඔයාගෙම eBook එකක් ලියලා විකුණන්න. මේකට eBooks විතරක්ම නෙමෙයි අයත් වෙන්නේ විඩියෝ මගපෙන්වීම්, ලිපි මඟින් මග පෙන්වීම්, ඕඩියෝ මග පෙන්වීම්, සොෆ්ට්වෙයා ආදිය ඔනෑම දෙයක් පාවිච්චි කරන්න පුලුවන්. ඒ කිව්වේ මේ වගේ දෙයක් හදන්න පුලුවන් නම් ගොඩක් ලොකු මාර්කට් එකක් උනත් ඔයා වටේ හදාගන්න පුලුවන්.

මේ වගේ තමන්ගේම දෙයක් විකුණනකොට සම්පූර්ණ ලාභය එන්නේ ඔයාට. ඒ වගේම ඔයා දෙන සේවයේ, නිෂ්පාදනයේ අලෙවිය වැඩි කරගන්න පුලුවන් ක්‍රමත් තියෙනවා. මේ ක්‍රම උපයෝගි කරගන්න කොට ඔයාට ගොඩක් මහන්සි වෙන්න දෙයක් නැහැ. තවත් දෙයක් තමයි, ඔයා එකක් වීඩියෝ මගපෙන්වීම් වගේ දෙයක් නම් විකුණන්නේ, ඒක නිර්මාණය කරන්න තමයි ඔයාට වැඩි කාලයක් යන්නේ, ඊට පස්සේ ඔයාට ඒ තරම් මහන්සි වෙන්න දෙයක් නෑ.

දැන් එහෙම කිව්වා කියලා, නිකන් ඉන්නම ලෑස්ති වෙන්න එපා. අර ක්‍රම, උපායවල් මොනාද කියලා ඉස්සරහට ලියන්නම්.

තව මේ එක එක ක්‍රමෙන් කොහොමද මුදල් හොයන්නේ කියලා ඉස්සරහා ලිපි වලින් දාන්නම්. හරි, එහෙමනම් දැන් ඔයාගේ අදහස යටින් ලියලා දාන්න, ඔයාට මොනාහරි දෙයක් ගැන දැනගන්න ඕන නම් ඒක ගැනත් කියන්න. මේ ලිපිය ඔයාට වගේම තවත් කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවා නම් පහළින් තියෙන බටන් 2-3 ඔබලා අනිත් අයටත් මේක ගැන කියන්න.!!

Tweet
Email

Filed Under: Online Marketing

මේ වගේම තවත් ලිපි

  • Fiverr Privacy Policy එක සිංහලෙන් කියවන්න කැමතිද?Fiverr Privacy Policy එක සිංහලෙන් කියවන්න කැමතිද? (1)
  • ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද?ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද? (91)
  • අන්තර්ජාලයෙන් ඇත්තටම මුදල් හොයන්න, ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්ද..?අන්තර්ජාලයෙන් ඇත්තටම මුදල් හොයන්න, ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්ද..? (7)
  • SLMarketer වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමිSLMarketer වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමි (4)
Sovrn
හැම ලිපියම කාටත් කලින් ඔයාගේ ඊ-මේල් එකට එවන්නද..? එහෙමනම් ඔයාගේ ඊ-මේල් එක ඔතන ලියලා Subscribe ඔබන්න. ඔබලා මේල් එකක් එයි, ඒකේ Link එකත් Click කරන්න.

About ෂ්‍යාම් චතුරංග

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 5ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.

Comments

  1. lakmal says

    April 3, 2013 at 3:04 pm

    mama danata fiverr karanawa. mata AdSense karanna blog ekak patan ganna oni. eth post liyanna hakiyawa na (kadda madi). Fiverr eken blog post liyaganna haduwe. mata upades tikak denna puluwanda.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 3, 2013 at 4:46 pm

      ඔයා අරගෙන තියන තීරණය ගොඩක් දුරට හොදයි. මොකද Fiverr වගේ Freelance සයිට් වල වැඩකරන දවසට විතරයි සල්ලි ලැබෙන්නේ, ඒත් බ්ලොග් එකක Income එක එක පාරට එහෙම නැතිවෙන්නේ නෑ, ටිකෙන් ටික අඩුවෙලා යනවා විතරයි(බ්ලොග් එක නැවැත්තුවොත්)
      Adsense කියන්නේ හොන්දම AdNetwork එක, ඉතින් ඒක ගැන කියන්න දේවල් ගොඩායි. ඒත් ඔයාට English අවුල් කිව්වනේ, ඒ නිසා ඔයා English Knowledge එක හදාගන්න බලන්න ටිකක් මහන්සි වෙලා. මිනිස්සුන්ට වැදගත් වෙන Niche එකක් තෝරගන්න. ඊට පස්සේ Fiverr එකෙන් Articles ගන්න, ඒත් Long Term(Authority) බ්ලොග් එකකට Fiverr එකෙන් Articles ගන්න එක ඒතරම් හොන්ද දෙයක් නෙමෙයි. නමුත් MiniSites වගේ Article කිහිපයක් තියෙන සයිට් වලට අවුලක් නැහැ. මොකද එක හොන්ද වචන 800 වගේ තියෙන Article එකක් $5 වගේ වෙනවා. Long Term Blog එකකට මාසෙට ලිපි 30වත් දාන එක තමයි හොන්ද, ඒ නිසා ඔයාම ලියන්න Try එකක් දෙන්න. ඒ නිසා English හදාගන්න මේ දේවල් කරන්න.
      1. English සිංදු අහන්න නිතරම Lyrics එක්ක.
      2. English Movies බලන්න නිතරම Subtitles එක්ක. අලුත් Phrases අල්ලගන්න පුලුවන්.
      3. තේරුනේ නැති උනත් English Blog කියවන්න. දන්නේ නැති වචනයක් ආවාම Madura Dictionary එකේ බලන්න.

      ඔය දේවල් වලින් English Knowledge එක ගොඩක් වැඩිවෙනවා.
      Good Luck!
      Shyam

      Reply
      • lakmal says

        April 5, 2013 at 10:21 am

        Thank you Sham, mage plan eka tiken tika blog eka diyunu karaganna. Habai ithin copy paste nathuwa unique article liyana seller kenek alla ganna eka thamai amaru. aye uwamana unoth contact karannam. I wish you a happy blogging life.

      • ෂ්‍යාම් චතුරංග says

        April 5, 2013 at 3:14 pm

        Best Wishes Lakmal.!

  2. Manjula says

    March 14, 2014 at 10:11 am

    ෂ්‍යාම්

    මම Probux දැන් මාස 8ක් විතර කලා මේ වෙනකොට $50ක් වගේ හොලා තියෙනවා ඒත් මට ඒක කරන එක ටිකක් අමාරුයි වගේ RR ලා Maintain කරලා වැඩේ කරන කොට අපි හෙයන සල්ලි අයෙත් එයාලාටම දෙන්න වෙනවා…Fiverr ගැන මට දැනගන්න ඕනේ

    අනේ මට උදව් කරන්න ෂ්‍යාම්

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      March 14, 2014 at 10:16 am

      Probux කියන්නේ PTCනේ. දැන් ඉඳලා PTC or Bux අතහරින්න. Fiverr පටන්ගන්න හැටි, කරගෙන යන හැටි වගේ ගොඩක් දේවල් Fiverr Ultimate Post Series එකෙන් කියවන්න පුලුවන්. Fiverr ගැන තව Posts 2-3 තියෙනවා ඊට පස්සේ FUPS එක Complete වෙනවා.

      Reply
  3. Manjula says

    March 14, 2014 at 11:15 am

    මොකකද් ෂ්‍යාම් FUPS කියන්නේ අනේ මට ඒක වැටහුනේ නම් නෑ

    Ok..Sure මම Fiverr Ultimate Post Series දැනු මුල ඉන්දලා කියවනවා…
    මට ප්‍රශ්නයක් අවොත් Help කරන්න… Pls

    Reply
  4. isuru says

    April 16, 2014 at 12:18 pm

    yaluwa,samhara web site tiyanawa api mudalak deposit kalama,sathiyakin 180% labayak return karanawa kiyala.eyala e gollonge rank eka tiyana link ekakuth dila tiyanawa.me wege sites sure karanna puluwanda?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 20, 2014 at 10:41 am

      මම ඔය Business Model එක ගැන හොයන්නේ නැහැ. ඒ නිසා ටිකක් හොයලා බලන්න. කොහොමවුනත් ඕකට කියන්නේ Online Investment කියලා. එයාලට 180% ROI එකක් දෙන්න පුලුවන් වෙන්නේ කොහොමද කියලා හොයන්න. ගොඩක් වෙලාවට ඔය වගේ Sites හොර ඒවා.

      මම නම් කියන්නේ තියෙන සල්ලි Invest නොකර Online සල්ලි හොයන්න කියලා. ඒකට කාලය වගේම ගොඩක් මහන්සිවෙන්න ඕනා. ඒත් පස්සට පසුතැවිලි වෙන්න දෙයක් වෙන්නේත් නෑ. 🙂

      Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Email Newsletter!

අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හැටි හා එම ව්‍යාපාරය නිවැරදිව සාර්ථක කරගන්න හැටි කියවන්න කැමතිද?

ඒ වගේම Internet Marketing ගැන SLMarketer විසින් ලියවෙන හැම ලිපියක්ම ඔයාගේ Inbox එකට ගන්න කැමතිද?

එහෙනම් SLMarketer Email Newsletter එකට දැන්ම Join වෙන්න.

Fiverr Success

What’s Your Passion?

ඔයාගෙන් මම ඇහුවොත් ඔයා කියවන්න ආසම කරන Topic එක මොකක්ද කියලා, ඔයා මොකක්ද දෙන උත්තරය? SLMarketer එක ඔයත් මීට කලින් එකපාරක් හරි කියවලා ඇති.


දිගටම ඔයා අන්තර්ජාල අලෙවිකරණය ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ Survey එක Fill කරලා ඒක ගැන අපට කියන්න.


→ Tell Us Your Passion NOW
Get Targeted Traffic, Increase Sales! Get Your Own Domain Name Shrink Your Links Get Your Payoneer Card With $25 Earn by Sharing Internet Earn Free Crypto Get Your Crypto Wallet on Coinbase Get Your Crypto Wallet on Binance

සම්බන්ධ වෙමුද?


Follow @SLMarketer

SLMarketer RSS Feed Subscription!

ජනප්‍රිය ලිපි

  • අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඔයාගේ Skill එකෙන් පටන්ගන්න හොඳම තැන
  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Payoneer හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න
  • ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද?
  • ඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව Publish කරන්න
  • අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථක ක්‍රම 3ක්
  • Payoneer Account එකට මුදල් දැමීමට හැකි ක්‍රම
  • සාර්ථක Fiverr Gigs කිහිපයකින් Living Income එකක් හොයන්න
  • Payoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්න
  • ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හෝ Internet Marketing වලට නවකයෙක්ද?

හොඳම Shared Hosting!

HostGator Discount

අලුත්ම ලිපි

  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්
  • High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න
  • SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

කර්තෘ ගැන…

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 6ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.   Read More…

Email Newsletter

විශේෂ ලිපි, ඊ-පොත්, වීඩියෝ මග පෙන්වීම් ආදිය හා පළවන සෑම ලිපියක්ම ඔබේ ඊ-මේල් එකටම ගෙන්වා ගන්න.

හොයන්න

[footer_backtotop]

Copyright © 2025 SLMarketer.com • අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සින්හලෙන් ඉගෙනගන්න.
සියලුම අන්තර්ගතයේ අයිතිය SLMarketer.com අඩවිය සතුය. · A Site By ScorpionGod Lair