• Home
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Fiverr Sinhalen — FUPS

SLMarketer

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන්න ඉගෙනගන්න

Earn Free Bitcoin
  • Social Media Marketing
  • Affiliate Marketing
  • Online Marketing
  • WordPress
  • BlogSpot
  • Blogging
  • SEO
You are here: Home / Online Marketing / අන්තර්ජාලයෙන් ඇත්තටම මුදල් හොයන්න, ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්ද..?

අන්තර්ජාලයෙන් ඇත්තටම මුදල් හොයන්න, ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්ද..?

March 11, 2013 By ෂ්‍යාම් චතුරංග 7 Comments

ඔබ මේ ශේස්ත්‍රයට ආදුනිකයෙක් නම්, ඔබ මේ ශේස්ත්‍රය ගැන ලොකු දැනුමක් නැතිනම්, ඔබට මේ ප්‍රශ්ණය තිබෙන්න පුලුවන්. කෙටියෙන්ම මේ ප්‍රශ්ණයට උත්තර දුන්නොත් උත්තරේ තමයි “ඔව්” කියන එක. ඒත් ඔයා මේ ශේස්ත්‍රය ගැන නොදන්නවා නම් මම ඔව් කිව්ව හැටියේ පිළිගන්නේ නැති වෙයි. ඒ හින්දා මේ බ්ලොග් එකේ පළවෙනි පොස්ට් එක මේ ප්‍රශ්නෙට ඔව් කියන උත්තරය ලැබෙන්නේ කොහොමද කියලා පටන් ගන්නම්.

අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කිව්වම ගොඩක් දෙනාගේ මතය වෙන්නේ නොමිලේ, කිසිම දෙයක් කරන්නේ නැතුව, නිකන් ඉඳන් හොයන්න පුළුවන් කියලා. ඒත් මේක එහෙම දෙයක් නෙමෙයි. ඒ අදහස නිසාම මේක වැඩක් නැති ශේස්ත්‍රයක් කියලා සමාජයට යන්නත් පුලුවන්. මේක හරියට කරන කෙනෙක්ට විතරයි මේකේ තියෙන බරපතළකම තේරෙන්නේ. ඒ වගේම තවත් සමහර අය හිතන්නේ PTC or Bux වලට වඩා සාර්ථක දෙයක් මේ ලොකේ නැහැයි කියලා. මේ අය හින්දා අලුතෙන් එන අයත්, ඒ අදහසෙම ඉඳගෙන කාලය නාස්ති කරනවා.

අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියන්නේ ව්‍යාපාරයක් කරනවා වගේ. මේ අදහස නැති අය ඒකයි මේ වැඩේ ටික කාලයක් උත්සහා කරලා අත්හරින්නේ. ඒ වගේම ව්‍යාපාරික මොලයක් තියෙනවනම් මේ වැඩේට තවත් හොදයි. මම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් කියලා කියන්නේ මං හොයළා තියෙන හින්දා, ඒ වගේම තව ලංකාවේ අය හොයළා තියෙන හින්දා, ඒ වගේම වෙනත් රටවල මිනිස්සුත් හොයළා තියෙන නිසයි.

මං මුලින්ම මේ වැඩේ කරන්න පටන් ගත්තේ 2008 අවුරුද්දේ, ඒ අපේ අයියා මේක ගැන කියපු දවස් වල. එදා මං පටන් ගත්තේ PTC වලින්, හැබැයි මුල්ම එක Scam එකක් උනා. ඒ කියන්නේ සල්ලි නොගෙවන Program එකක් උනා. ඒත් අතහැරියේ නෑ, ඒ විදිහට ගොඩක් පාරවල Scam PTC Site වලට අහුවෙලා කාලය නාස්ති කරගත්තා.

කොහොමහරි, මං අවුරුදු 2ක් PTC – Paid-to-Click කටු කාලා හොයාගත්තේ $100 වලට අඩුවෙන්. දැන් ඔයා PTC කරන කෙනෙක් නම් හිතයි, මම හරියට නොකළ නිසා කියලා. මම දන්නවා තවත් කාව හරි අන්ඳලා Referrals ගත්තම හරි කියලා, ඒත් ම්ං එහෙම කරන්න ලොකුවට උත්සහා ගත්තේ නැහැ.

Onbux Scam PTC Site

මේකත් Scam උනා පස්සේ කාලේදී.

ඒ වගේම මේකට අලුත් කෙනෙක් නම් ඔයා හිතන්න පුලුවන් අවුරුදු 2ටම $100 හොයලා මොනාද කරන්න පුලුවන් කියලා. මං මෙකේදී කියලා දෙන්නේ ඒ PTC කරලා හොයන විදිහ නෙවෙයි, ඒක නිසා භය වෙන්න දෙයක් නැහැ.

Neobux PTC Site

මේක නම් තාමත් ගෙවනවා, හැබැයි මේවා කරන්න එපා. මේක දාන්නේ හොයන්න පුලුවන් කියලා ඔප්පු කරන්න විතරයි.

ඔය පටන් ගත්ත කාලෙම මම බ්ලොගින් ගැන ඉගෙනගන්න පටන් ගත්තා, මොකද AdSense කියන්නේ සාර්ථක එකක් නිසා. එදා ඉඳලා අද වෙනකම්ම මං Blogging ගැන ඉගෙන ගන්නවා. කිසිම දෙයක් එක රැයින් සාර්ථක වෙන්නේ නෑනේ, ඒ වගේම මාත් ගොඩක් පාරවල අසාර්ථක උනා, ඒත් මං නැවැත්තුවේ නෑ, මොකද අනිත් අයට ඒක කරන්න පුලුවන් නම්, මටත් ඒක කරන්න පුලුවන් කියලා මං දැනගෙන හිටියා. ඒ වගේම ඒ උත්සහාය හින්දම අද මං මගේ Goal එක අරන් තියෙනවා.

දැන් ලංකාවේ පත්තරයක් ගත්තම පිටු පුරවලා අන්තර්ජාලයෙන් අච්චර මෙච්චර හොයන්න පුලුවන් කියලා දැන්වීම් තියෙනවා. සමහර විට ඔයත් ඒ වගේ තැනකට ගිහිල්ලා සල්ලි වියදම් කරලා එන්නත් ඇති. පත්තරේ දැන්වීම් වල කියන තරම් ලේසියෙන් මේක කරන්න බැහැ. හැබැයි පත්තරේ දාන 100,000 හෝ 50,000 වගේ ගානකට වඩා ලොකු ආදායමක් උනත් ගන්න පුලුවන්.
මං හැමදේම ඉගෙන ගත්තේ ඔය Course වලට ගිහින් නෙමේ. ඒ වගේම ගිහිපු අය කියන කතා අහද්දි මට කියන්න තියෙන්නේ ඔය Course පවත්වන අය මේක ගැන හොඳටම දන්න අය නෙමෙයි කියලා.

මම දැනට බ්ලොග් එකට ප්ලැන් ගහන ගමන්, Fiverr කරනවා. ඒ නම කිව්වම නම් සමහරවිට ඔයා දන්නවත් ඇති. මේක තමා මේ දවස් වල ලංකාවේ ප්‍රසිද්ධ. ඒ වගේම මේක සාර්ථක ක්‍රමයක් මේ ශේස්ත්‍රයට අලුතෙන් එන අයට පටන් ගන්න. මේකේන් ඇත්තටම මුදල් හොයන්න පුලුවන්, මෙතනින් ඔයාට ව්‍යාපාරයක් පටන් ගන්න පුලුවන්. ඒවා කරන හැටි ඉස්සරහට දාන්නම්.

Fiverr Stats

මගේ අදට Fiverr Account එකේ Screenshot එකක්.

සමහර විට ඔයාට ප්‍රශ්ණයක් තියෙන්න පුලුවන්, ඔය අන්තර්ජාලයෙන් හොයන සල්ලි අතට ගන්න පුලුවන්ද කියලා. පහළ පින්තූරය බලන්න, ඒකේ තියෙන්නේ මං මුලින්ම අන්තර්ජාලයෙන් හෙව්ව සල්ලි Payoneer MasterDebit Card එක හරහා HNB ATM එකෙන් ගත්තු Receipt එක.

පලවෙනි Withdrawal එක

පලවෙනි Withdrawal එක

අන්තර්ජාලයෙන් මුදල් උපයන එක ඔයාගේ ව්‍යාපාරයක් කරනවා වගේ කියලා හිතගෙන කලොත් ඉක්මනින්ම ඔයාටත් මේ විදිහට හොයන්න පුලුවන්.

මං හිතනවා දැන් ඔයා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන්ද කියන ප්‍රශ්ණයේ හිටියනම් හොන්ද උත්තරයක් මේ ලිපියෙන් ලැබෙන්න ඇති කියලා. වෙනත් රටවල අන්තර්ජාල අලෙවිකරුවන් අවුරුද්දට මිලියන ගණනින් මේ දේවල් කරමින් උපයනවා. ඔබත් එලෙසම උපයන්න කැමතිනම් SLMarketer.com වෙබ් අඩවිය සමග දිගටම සම්බන්ධ වී සිටින ලෙස ඉල්ලා සිටිනවා.

දැන් තියෙන්නේ ඔයාගේ අවස්ථාව, ඔයාගේ අදහස මොකක්ද පළවෙනි ලිපිය ගැන. ඊලඟ ලිපිය ඊ-මේල් එකට ගැනීමට පහතින් ඊ-මේල් එක ලියා Subscribe ඔබන්න.

Tweet
Email

Filed Under: Online Marketing

මේ වගේම තවත් ලිපි

  • Fiverr Privacy Policy එක සිංහලෙන් කියවන්න කැමතිද?Fiverr Privacy Policy එක සිංහලෙන් කියවන්න කැමතිද? (1)
  • ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද?ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද? (91)
  • අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථක ක්‍රම 3ක්අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථක ක්‍රම 3ක් (9)
  • SLMarketer වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමිSLMarketer වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමි (4)
Sovrn
හැම ලිපියම කාටත් කලින් ඔයාගේ ඊ-මේල් එකට එවන්නද..? එහෙමනම් ඔයාගේ ඊ-මේල් එක ඔතන ලියලා Subscribe ඔබන්න. ඔබලා මේල් එකක් එයි, ඒකේ Link එකත් Click කරන්න.

About ෂ්‍යාම් චතුරංග

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 5ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.

Comments

  1. shanaka Wijesooriya says

    April 3, 2013 at 3:45 am

    Digatama liyanna machan.api asawen inne me gena hodin igena ganna.oyage English blog ekath kiyawala thiyenawa.sinhala blog ekak patan gaththu ekanam godak watinawa.digatama liyanna obata jaya.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 3, 2013 at 9:56 am

      Woo..! Thanks බ්ලොග් දෙකම ලියන්න ඉන්නේ දැන් Fiverr චුට්ටක් Limit කරලා.

      Reply
  2. සිහින ඉසව්ව says

    October 31, 2013 at 1:51 pm

    නියම වැඩක් සහෝ..මමත් වැඩේ පාන් ගන්න හදන්නේ.උදව් කරයි කියලා හිතනවා…ජය වේවා..දිගටම ලියමු.

    Reply
  3. Shashi Kamal says

    December 1, 2013 at 11:23 am

    Godak Sathutui Shyam,

    Oya godak hondata pehadili karala thiyenawa. mamath me field ekata aluth. Online wedak karanna asai. Kisi deyak danne nethuwa andure atha patha gaanna bene. Me welawe oyage blog eka aalokayak wage api wage ayata. Wish u 4 ur future n dis ability of educating us,

    Gud luck Bro,

    Reply
  4. Manjula says

    March 14, 2014 at 10:07 am

    ඔව් මටත් දැනෙන්නේ මේ ලිපි වල වටිනාකම මට නම් කියලා නිම කරන්න බෑ

    Reply
  5. anuruddika bulathsinhala says

    April 30, 2014 at 11:26 am

    Dear sir, I am disable girl can you help me please give me job Thank you

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 30, 2014 at 11:31 am

      Sorry! මම Job දෙන්නේ නෑ, ඒත් ඔයාට පුලුවන්නම්, Blog එකේ තියෙන දේවල් කියවලා වැඩකරන්න. job එකකට වඩා තමන්ගෙම Small Business එකක් කරන එක වටිනවා. 🙂

      Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Email Newsletter!

අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හැටි හා එම ව්‍යාපාරය නිවැරදිව සාර්ථක කරගන්න හැටි කියවන්න කැමතිද?

ඒ වගේම Internet Marketing ගැන SLMarketer විසින් ලියවෙන හැම ලිපියක්ම ඔයාගේ Inbox එකට ගන්න කැමතිද?

එහෙනම් SLMarketer Email Newsletter එකට දැන්ම Join වෙන්න.

Fiverr Success

What’s Your Passion?

ඔයාගෙන් මම ඇහුවොත් ඔයා කියවන්න ආසම කරන Topic එක මොකක්ද කියලා, ඔයා මොකක්ද දෙන උත්තරය? SLMarketer එක ඔයත් මීට කලින් එකපාරක් හරි කියවලා ඇති.


දිගටම ඔයා අන්තර්ජාල අලෙවිකරණය ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ Survey එක Fill කරලා ඒක ගැන අපට කියන්න.


→ Tell Us Your Passion NOW
Get Targeted Traffic, Increase Sales! Get Your Own Domain Name Shrink Your Links Get Your Payoneer Card With $25 Earn by Sharing Internet Earn Free Crypto Get Your Crypto Wallet on Coinbase Get Your Crypto Wallet on Binance

සම්බන්ධ වෙමුද?


Follow @SLMarketer

SLMarketer RSS Feed Subscription!

ජනප්‍රිය ලිපි

  • අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඔයාගේ Skill එකෙන් පටන්ගන්න හොඳම තැන
  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Payoneer හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න
  • ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද?
  • ඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව Publish කරන්න
  • අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථක ක්‍රම 3ක්
  • Payoneer Account එකට මුදල් දැමීමට හැකි ක්‍රම
  • සාර්ථක Fiverr Gigs කිහිපයකින් Living Income එකක් හොයන්න
  • Payoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්න
  • ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හෝ Internet Marketing වලට නවකයෙක්ද?

හොඳම Shared Hosting!

HostGator Discount

අලුත්ම ලිපි

  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්
  • High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න
  • SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

කර්තෘ ගැන…

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 6ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.   Read More…

Email Newsletter

විශේෂ ලිපි, ඊ-පොත්, වීඩියෝ මග පෙන්වීම් ආදිය හා පළවන සෑම ලිපියක්ම ඔබේ ඊ-මේල් එකටම ගෙන්වා ගන්න.

හොයන්න

[footer_backtotop]

Copyright © 2025 SLMarketer.com • අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සින්හලෙන් ඉගෙනගන්න.
සියලුම අන්තර්ගතයේ අයිතිය SLMarketer.com අඩවිය සතුය. · A Site By ScorpionGod Lair