Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න

Fiverr කියන නම ඇහෙනකොටත් ඔයාට ගොඩක් Happy එකක් දැනෙනවා ඇති. සමහරවිට දුකක් දැනෙනවත් ඇති “මට තාමත් Fiverr Sale එකක් නෑනේ” කියලා. ඉතින් ඔයා එහෙම කෙනෙක් නම්, ඔයාට උදව්කරන්න SLMarketerට පුලුවන්.

ඔයා මේ Blog එක එදා ඉඳලම කියවන කෙනෙක්නම්, ඔයාට මතක ඇති Fiverr Ultimate Post Series එක ලියන්න පටන්ගත්තේ April 21st of 2013. ඉතින් April 21st ඉඳලා ඔයාට Fiverr Business එක $0 ඉඳලා හොඳට Sales එන Online Business එකක් කරගන්න විවිධ දේවල් කියලා දුන්නා. ඒ නිසා මම එක ප්‍රෂ්ණයක් අහන්නම්.

ඔයා Fiverr Ultimate Post Series එකේ කිව්ව දේවල් ඇත්තටම කරාද?

මං දන්නවා ගොඩක් අය කරන්නේ නැහැ. ඒත්…

දන්නවද, මොනාහරි දෙයක් ගැන ඔයා දන්නවද නැද්ද කියන එක නෙමෙයි වැදගත්. ඔයා ඒ දන්න දේ පාවිච්චිකරනවද කියන එකයි වැදගත්!

ඒ නිසා, ඔයාගේ කම්මැලිකම පැත්තකින් තියලා ඉගෙනගන්න දෙයින් වැඩක් කරන්න.

කම්මැලිකම පැත්තකින් තියලා මහන්සිවෙලා Fiverr Ultimate Post Series එක ඒ විදිහටම Follow කරපු අය නැත්තේ නෑ. නමුත් ඒ ටික දෙනා නොකරපු අයට වඩා 300% විතර සාර්ථකත්වයකට ගිහිල්ලා තියෙනවා එයාලගේ Fiverr Business එකේ, එයාලගේම කැපවීම නිසා.

එහෙම ටික දෙනෙක් ගැන ඔයාට කියන්නම්, ඒ අයට Fiverr Ultimate Post Series එකේ කිව්ව ඔක්කොම Strategies වැඩකරා නම් ඔයාට වැඩනොකර ඉන්නේ නැහැ නේද?

අද උදේම තාරක කියලා කෙනෙක් Comment කරලා තිබුනා එයාට Fiverr Ultimate Post Series එකෙන් කරන්න පුලුවන් වුන දේ ගැන. මෙන්න ඒ Comment එක එයාගෙම වචන වලින්.


ෂ්‍යාම් අයියෙ මම ඔයාගෙ බ්ලොග් 1 කියවලා එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩාක් කල් ට්‍රයි කලාට මගෙ පරන ෆයිවර් 1ට ඕර්ඩර්ස් ආවෙම නෑ.මම එක අයින් කරල ෆයිවර් එකේ රෙජිස්ටර් වුනා ආයි. ජනවාරි 31 තම රෙගිස්ටර් උනේ.මට පෑය 24ක් යන්න කලින් පලවෙනි ඔර්ඩර් 1 ආවා. ඔයගෙ පොස්ට් ටික නම් ෆයිවර් ගන ලියවුන නියම පොස්ට් ටිකක්. තව හොදට මේ බ්ලොග් 1 කරගෙන යන්න.

බොහොම ස්තූතියි අයියෙ

Pazan Vidumal කියන්නේ FUPS එක Follow කරපු තවත් කෙනෙක්, එයා SLMarketer Facebook Page එකෙන් Message එකක් එවලා කිව්වේ මෙහෙම දෙයක්.

මං ඔයාගේ Blog එකේ තියන විදිහට වැඩ කළා. සුපිරියි. මට $160ක් ආවා දවස් 10කට, තාම එනවා දවසකට 4ක් විතර.

තවත් මේ වගේ අය ඇති, නමුත් මේ දෙන්නා ගැනයි තව කිහිපදෙනෙක් ගැන විතරයි මට දැනගන්න ලැබුනේ. ඉතින් ඔයා තාමත් කියවන එක විතරද කරන්නේ?

එහෙනම් දැන් ඒ Procedure එක වෙනස්කරන්න කාලය හරි. තව දෙයක් තමයි, මේ දෙන්නගේ Fiverr Success Story එක ගැන මේ Post එකේ දාන්නේ ඔයාට FUPS එක Follow කරන්න පුන්චි හරි Motivation එකක් දෙන්නයි.

මාස ගාණකට පස්සේ ආයෙත් Fiverr Ultimate Post Series එකේ ඊළඟ Post එක ලියන්නයි දැන් මේ හදන්නේ. ඔයාට මතකද මේ Year එකේ Publish කරපු මුල්ම Post එකෙන් මං කිව්වා SLMarketer එකට 2014 වර්ෂයේ ලොකු වෙනසක් වෙනවා කියලා.

ඉතින් ඒ වෙනසේ එක දෙයක් විදිහට මේ මාසයේ ඔයා Internet Marketing ගැන ගොඩක් දේවල් ඉගෙනගන්නවා …

Perfect Communication For Fiverr Success

මේ වෙනකොට ඔයාට Fiverr Business එක පටන්ගන්න හැටි, Gig Ideas Brainstorm කරන හැටි, පට්ට Fiverr Gig එකක් හදන හැටි වගේම Publish කරන හැටි, නොමිලේම Fiverr Promotion එකක් ගන්න හැටි වගේම SEO වලින් Boost එකක් දෙන හැටිත් එක්ක Fiverr Business ගැන ඔයා නොදන්න දේවල් ගොඩක් කියලා දුන්නා.

ඔයාට මතක ඇති Fiverr v2 Features ගැන ලියපු Post එකේදි තමයි මම මුලින්ම Perfect Communication ගැන කිව්වේ. ඊට පස්සේ දාපු Post 3කත් Perfect Communication ගැන පුන්චි පුන්චි දේවල් ටිකක් කිව්වා. ඒ මුල්ම Post එකේදී මම කිව්වා Communication ගැන වෙනමම ලිපියකින් ගොඩක් දේවල් කියලා දෙන්නම් කියලා.

ඒ ලිපිය තමයි මේ ලිපිය! ;)

Perfect Communication එකක් කියන්නේ Online Business එකකට වගේම හැම දේකටම අතිශය වැදගත් දෙයක්. ඒත් අවාසනාවට ඇත්ත කතාවක් වගේ ගොඩක් අයට Perfect Communication එකක් නැහැ. ඉතින් ඔයත් එහෙම කෙනෙක් වෙන්න පුලුවන්. එහෙනම් මේ Post එකෙන් පස්සේ ඔයාට නියම Communication එකක් කරන්නේ කොහොමද කියලා පැහැදිළි අදහසක් එයි.

මෙතනදි Online Business කරන අයට වැඩිපුර වැදගත් වෙන්නේ Telephone Communication එක නෙමෙයි, Written Communication එකයි. ඒ වගේම Offline Business කරන කෙනෙක්ට වුනත් Telephone Communication එකට වඩා පුලුවන් තරම් පාවිච්චිකරන්න ඕනා Written Communication එකයි.

මොකද, Phone එකෙන් කතාකරන වචන ටික නිකන්ම වචන ටිකක් වෙන්නත් පුලුවන්. හිතන්න, ඔයයි Potential Customerයි Phone එකකින් Project එකක් ගැන කතාකරලා Agree වෙනවා දෙන්නම. ඒත් පස්සේ දවසක Customerට Agree වුන Project එකේ එක දෙයක් අමතක වෙනවා, ඉතින් එයා කියනවා ඔයාට, මේ දේටත් අපි Agree වුනා කියලා. (නමුත් එදා Telephone Conversation එකේදී ඔයා ඇත්තටම ඒ දේට Agree වෙන්නේ නැහැ.)

දැන් ඔයාට එහෙම නැහැයි කියන්න Proof එකක් තියනවද?

මගේ Favoriteම Communication Method එක තමයි Written Communication එක. මොකද, කලින් කිව්ව හේතුවත් එක්ක, ඔයාට හොඳට හිතලා බලල Email එක ලියන්න වෙලාව තියනවා.

Fiverr Business එකේදිත් ඔයාට වැදගත් වෙන්නේ Written Communication එකම තමයි. එහෙමනම්, Perfect Communication කියලා මම මෙතනදි අදහස් කරන්නේ Potential Customer කෙනෙක් හෝ Customer කෙනෙක්ව නියම විදිහට Satisfy වෙන්න Communicate කරන එකයි. මේක කරන්න Factors කිහිපයක් බලපානවා, ඒව තව චුට්ටකින් කියන්නම්.

ඊට කලින් දේවල් ටිකක් පෙන්වන්නද …?
Perfect Communication For Fiverr Success Proof

දැන් මොකද හිතෙන්නේ? නිකන් පිස්සු වගේද? මේක ඔයාටත් කරන්න පුලුවන් දෙයක්. හරි, දැන් කතාකරමු ඔයා ඒ මොනවද දැක්කේ කියලා.

මම කලින් Perfect Communication ගැන මුලින්ම කතාකරපු Post එකේ කිව්වේ මේ Screenshots ගැන තමයි. මේ ඉන්නේ මට මෙච්චරකල් Fiverr Platform එකෙන් හම්බවුන පට්ටම Customer. ඒ ඇයි කියලා හිතාගන්න පුලුවන්නේ උඩ Numbers බැලුවම.

ඔව්, අද වෙනකොට Customerගෙන් මම $606.00 Revenue විදිහට Earn කරලා තියෙනවා.

ඔයාට Image එක බැලුවම තේරෙනවනේ මේ Customerම තමයි මගේ Gig එක දැකලා එයාගේ Project එක කිව්වේ කියලා. එයා එව්ව Proposal Message එකේ වචන 83ක් තියෙනවා. මේ වචන 83 ඇතුලේ මට Customerගේ තියන Potential එක තේරුනා. ඉතින් මම ලියන්න පටන්ගත්තා මගේ Reply එක.

මං ලියපු Reply එකේ වචන 856ක් තියෙනවා. ඒ Reply එක දැක්කම ඔයාටත් ඒක කරන්න පුලුවන්ද කියලා හිතෙනවා ඇති …

ඔයා සමහරවිට දැන් හිතනවා ඇති, ඔච්චර දිග Reply එකක් ලියන්නේ මොකටද $5 Sale එකක් ගන්න කියලා. එහෙනම්, මං මේ ප්‍රෂ්ණය ඔයාට දෙන්නම් …

මං ඒ Reply එක නැතුව $606.00 Earn කරයි කියලද හිතන්නේ?

නැහැ!, ඒ වගේ Perfect Reply එකක් නැතුව මේ වගේ ගාණක් හොයන්න තියෙන Probability එක ගොඩක් අඩුයි. මොකද, Potential Customerගේ හිතේ මං ගැන Satisfaction එකක් නැතුව Customer කෙනෙක් වෙන එක හිතන්න ටිකක් අමාරුයි.

ඒ Perfect Reply එකේ මං ලිව්වේ මෙන්න මේ දේවල්.

මම මොනාද Project එක සම්බන්ධ Industry එකේ දන්නේ. ඒ කිව්වේ Project එක කරන්න මගේ තියන Knowledge එක, Experience එක ගැන.
දැනට එයාගේ Project එකේ කරල තියන දේවල් වල අඩුපාඩු. කොහොමද ඒ අඩු පාඩු හදාගන්නේ මාත් එක්ක.
එයාගේ Objective එක එහෙමත් නැත්නම් Goal එකට යන්න මගේ Approach එක. ඒ කිව්වේ මං එයාගේ Goal එකට යන්න ගැහුව Plan එක.
අන්තිමට එයාට Action එකක් ගන්න, එයාට තියන ප්‍රෂ්ණ අහන්න වගේම Plan එකට කැමතිද කියලත් ඇහුවා.

ඉතින් මේ ඔක්කොම දේවල් ලිව්වම Potential Customerට පිස්සු හැදෙනවා, “මෙයා Professional Seller කෙනෙක් වගේම මට ඕන වැඩේ කරන්නේ කොහොමද කියලත් Plan කරලා.” ඉතින් මෙයාට මං ගැන ලොකු Trust එකක් ඇතිවෙනවා – Finally a Sale!

170 Fiverr Sale By Perfect Communication Proof
මේක කොහොමද? මේකත් Perfect Communication එක නිසා ගන්න පුලුවන් වුන Fiverr Sale එකක්. ඔයා සමහරවිට Fiverr එකේ Graphic Designing කරනවා ඇති, ඒ නිසා ඔයා හිතයි ඔයාට කොහොමද මේ වගේ Fiverr Sales ගන්නේ කියලා. ඒකත් බැරි නැහැ.

ඒත් මං කරන්නේ Graphic Designing නම් නෙමෙයි, මං කරන්නේ Internet Marketing & Web Engineering කියලා කියන්නම්. ඉතින් හිතාගන්න පුලුවන්නේ $1 ඉඳලා කොච්චර ලොකු Prizes වලට Projects ඇතිවෙන්න පුලුවන් Industries 2ක්ද කියලා.

Graphic Designersලටත් ලොකු Projects ගන්න පුලුවන්, ඒත් Fiverr එකේ ලොකු Projects ගන්නවා කියන්නේ ටිකක් පාඩුයි. ගොඩක් වෙලාවට Fiverr එකේ Buyersලා Project එකේ Market Prize එකට Buy කරන්න කැමති නැහැ. ඔය මං $170ට ගත්තු Project එකට Market Prize එක $250+ වගේ වෙනවා. මෙන්න මේ හේතුව නිසාම තමයි කිසිම Marketplace එකක එල්ලිල Work කරන්න හොඳ නැහැයි කියලා මම කියන්නේ.

ඒක ගැන වෙනත් Post එකකින් විස්තර කියන්නම්.

Designer විදිහට ඔයාට පුලුවන් Web Design PSD හදන්න. ඒ කිව්වේ Website එකකට Unique Design එකක් PSD විදිහට හදලා දෙන එක. මේ වගේ Web Design PSD එකකට හොඳ Market Prize එකක් තියෙනවා. ඒ නිසා $170 Project එක වගේ ඔයාටත් ලොකු Projects ගන්න පුලුවන්. වැඩි විස්තර තනියම හොයාගෙන කියවන්න … ;)

#5 Tips For Perfectness

මෙන්න මේ දේවල් ටික ඔයාගේ ඊළඟ Fiverr Message එකේ ඉඳලා පාවිච්චිකරලා බලන්න වෙනස කොහොමද කියලා. මෙතනින් සමහර ඒවා ඔයාට එක පාරට කරන්න බැරිවෙයි, ඒත් කරන තරමට Experience එනවා කියන එකත් මතක තියාගන්න!

❶ Perfect English

English කියන්නේ හැමදේටම Vital Factor එකක් කියලා මං මීට කලින් Post එකකදිත් කිව්වා. Perfect Communication එකක් කරන්න නම් ඔයාට හොඳ English Skill එකක් තියෙන්න ඕනා. Fiverr වල වැඩකරන්න ඔයාට අවශ්‍යවෙන්නේ Writing & Understanding විතරයි.

ඉතින් මේ දෙකේ ඔයාට තියෙන Skills දියුණුකරගන්න එක ඔයාට ගොඩක් වැදගත් වෙනවා. සමහර අය ලියන Message වලින් තේරුමක් හිතාගන්න බැහැ. හිතන්න එහෙම තේරුම්ගන්න බැරුව ඉන්නේ ඔයාගේ Potential Customer කෙනෙක් කියලා.

එහෙමනම් එයා ඔයාගේ Gig එක ගනියිද?

නිතරම Confuzed මනසක ඉන්නකොට ඒ කෙනා ‘Purchase’ කියන තීරණය ගන්නවා ගොඩක් අඩුයි. ඇයි ඉතින් ඔයාගේ English Skills දියුණුකරගෙන Good English වලින් Message එකක් ලියන්නේ නැත්තේ?

දන්නවද, Fiverr වලට එන්නේ English දන්න මිනිස්සුම නෙමෙයි. වෙනත් රටවල මිනිස්සුත් එනවා. ඉතින් මෙයාල අතිනුත් මේ වැරැද්ද වෙන්න පුලුවන්. එහෙම කෙනෙක්ව Set වුනොත් හිමිහිට මඟ ඇරලා දාන එක හොඳයි.

ඔයාගේ English Knowledge එක දියුණුකරගන්න මේ වගේ දේවල් කරන්න.

  • නිතරම English සිංදු අහන්න, කියන වචන අල්ලගන්න බලන්න.
  • නිතරම English Movies බලන්න. ලස්සන වචන වගේම නියම Phrases අල්ලගන්න පුලුවන්.
  • නිතරම ඝනකම English Blogs කියවන්න. English Language ගැන ලියවුන ඒවම නෙමේ, Internet Marketing ගැන බර වචන දාල ලියන Blog එකක් වුනත් අවුලක් නෑ.
  • මේ කිව්ව ක්‍රම තුනම කරනකොට දන්නේ නැති වචනයක් අහුවුනාම Madura Online Dictionary එකෙන් බලන්න.

❷ Polite Writing

පිටරට මිනිස්සු Polite Communication කියන දේ ගොඩක් අගයනවා. ඉතින් ඔයා Fiverr එකේදී ලියන හැම Message එකක්ම Reply එකක්ම උපරිම Polite විදිහට ලියන එකෙන් එයාලට Satisfaction එකක් දෙන්න පුලුවන්. නිතරම Message එක පටන්ගන්නකොට,

Hello [Name] or [Username],

වගේ Use කරන්න. මෙතනදි Username එක දිහා බැලුවම ඒක එයාගේ නමද, Business Name එකද කියලා බලාගන්න පුලුවන් ගොඩක් වෙලාවට. කෙනෙකුට එයාගේ නමින් කතාකරනකොට Email එකක් ලියනකොට ඒක එයාට නිකන් Personal වගේ හැඟෙනවා. ඒ නිසා නිතරම Message එක යවන්න කලින් එයාගේ Fiverr Profile එකට ගිහින් බලන්න එයාගේ නම Profile Description එකේවත් තියනවද කියලා.

තවත් දෙයක් තමයි, Message එකේ අන්තිමට මේ වගේ දෙයක් ලියන එක.

Let me know if you’re interested in working with me. Also if you have any questions regarding the project, Please let me know.

Thank you,
[Your Name]
[Your Position]

නිතරම කෙනෙකුට Purchase කරන්න ගියාම මොනාමහරි ප්‍රෂ්ණයක් එනවා. ඒකයි ඕනම Online Product or Service එකක FAQs එකක් තියෙන්නේ. උඩ Message එකෙත් කරන්නේ ඒ වගේ දෙයක්. $5ට මොකටද මෙච්චර දඟලන්නේ කියලා කිය කිය ඉන්නේ නැතුව අහන ඕනම ප්‍රෂ්ණයකට අවංකව උත්තර Reply කරන එක හොඳ Seller කෙනෙකුගේ ලක්ෂණයක්.

ඒ වගේම නිතරම Would, Could, Please, Kindly, Willing වගේ වචන Use කරන්න.

❸ Professional Voice

වචනවලින් ගොඩක් දේවල් කරන්න පුලුවන්. මනුස්සයෙක්ව නැගිට්ටන්නත් වචන වලට පුලුවන්, වට්ටලම දාන්නත් පුලුවන්. ඉතින් මේ තරම් Powerful වචනය ඔයාගේ Marketing වලට වගේම Writing වලටත් පාවිච්චිකරන්න පුලුවන්.

නිතරම Potential Customerට Satisfaction එකක්, Motivation එකක් වගේම Trust එකක් දෙන්න පුලුවන් විදිහට Messages ලියන්න. ඒ වගේම Friendly Voice එකක් Use කරන්න. ඒ Friendly Voice එකත් එක්ක ඔයා Industry එකේ Professional කෙනෙක් කියලා පෙන්වන්න පුලුවන් විදිහට Message එක ලියන්න.

නිතරම Grammatically Correct වෙන්නම ඕන නැහැ. මොකද English කතාකරනකොට ඒ තරම් Grammar ගැන හිතන්න අවශ්‍ය නැහැ. එහෙම කිව්ව කියලා සම්පූර්ණයෙන් Grammar අතඇරලා දාන්න බැහැ!

ඔයා එක ලියනකොට Capital Simple ගැන හිතනවද? ඔයා Sentence එකක් පටන්ගන්නකොට Capital වලින් පටන්ගන්නේ නැත්නම්, ඒක මහා Chater Feeling එකක් දෙන්නේ ගොඩක් අයට. ඒක නිසා Capital Simple ගැන හොඳට සැළකිලිමත්වෙන්න ඊළඟ Message එකේ ඉඳලා.

❹ Approach to Work

සමහරවිට Project එක ලොකුවෙන්න පුලුවන්, ඉතින් මේ වගේ වෙලාවක ඔයා ඒ Project එක පුන්චි පුන්චි කෑලිවලට කඩලා කොහොමද මේක කරන්නේ කියලා Plan කරන්න ඕනා. ඒ Plan එකේදී ඔයාට අවශ්‍යවන දේ, කොහොමද කරන්නේ, කොච්චර කාලයක් යනවද & Prize වගේ දේවල් තියෙන්න ඕනා.

Potential Customerගේ හිතේ විශ්වාසයක් ඇතිවෙනවා කියන්නේ Customer කෙනෙකුට Convert වෙන්න ගොඩක් දුරට ලං වෙනවා කියන එකයි.

සමහරවෙලාවට Customer Suggest කරන විදිහට වඩා වෙනස් විදිහකට, කාර්යක්ෂමව කරන්න පුලුවන් විදිහක් ඔයා දන්නවා ඇති. ඉතින් එහෙම වෙලාවට ඒ ගැන කියලා, ඇයි ඒ Suggestion එක Follow කරන්න ඕනා කියලත් කියන්න.

ඔයා Expert කියලා පෙන්වන්න හොන්දම දේවල් තමයි ඔය ටික.

❺ Last Portfolio Samples

Web Engineering, Graphic Designing වගේ වැඩකරනවා නම් ඔයාට හොඳ Portfolio එකක් හදාගන්න පුලුවන්. ඔයාගෙන් වැඩේ ගැන අහන කෙනා සමහරවිට Sample Projects ඉල්ලන්නේ නැතිවෙන්න පුලුවන්, ඒත් ඔයාගේ හොඳම Sample Projects 5ත් යවන්න අමතක කරන්න එපා.

මොකද, Message එකෙන් Convert වෙන්නේ නැත්නම් Samples දැක්කමහරි Convert වෙනවා. කෙනෙකුගේ විශ්වාසය ලබාගන්න එක ඒතරම් ලේසී නැහැ. ඒ නිසා කරන්න පුලුවන් හැමදේම කරන එක හොඳයි. නමුත් එක පුන්චි Mistake එකකින් ඒ විශ්වාසය බිමටම පාත්වෙන්න පුලුවන් කියලත් අමතක කරන්න එපා.

ඔයා මොකද හිතන්නේ Perfect Communication ගැන? මේක ඔයාගේ Online Business එකට පාවිච්චිකලොත් ඔයාගේ Sales වැඩි වෙයිද? ඉතින් ඔයාගේ අදහසත් Comment කරලා Post එක Share කරලා යන්න …

Comments

  1. says

    ලොවෙත් නෑ.

    මචං ශ්‍යාම්, උබේ blog එක නිතර follow කරන එකෙක් විදිහට මට කියන්න තියෙන්නේ “පට්ට” කියලා විතරයි! මෙච්චර කාලෙකට උබ ලිව්ව දේවල් වලින් සිරාම post එක තමයි මේ. ගොඩක් ආසාවෙන් කියෙව්වා.

    පොඩි idea පාරක් දෙනවා නම්, Copy Writing ගැනත් Ultimate Post එකක් ලියන්න. උඹ තමයි ඒකට සුදුසුම කෙනා.

    තවත් දෙයක්, අපි set එක එකතු වෙලා සිංහලෙන්Forex කියලා අළුත් වැඩක් පටන් ගත්තා! Test Match එකක් play කරන්න යන්නේ. ඉස්සරහට බලමුකෝ ;)

    • ෂ්‍යාම් චතුරංග says

      එළකිරි Comment එකට පට්ට Thanks ආ … Copywriting ගැන දැන්ම Ultimate එකක් ලියන්න තරම් සුපිරි දෙයක් තාම කරලා නැහැ. ඉස්සරහට ඒක ගැනත් ලියනවා. එකේදීනම් Brian Clark ගැන මතක්කරන්නේ නැතුව ඉන්න බැහැ. ඔයා දන්නවනේ ඒක. ;)

      ආහ්, මං දැක්කා SinhalenForex එකේ Publish කරනවා මේ දවස් ටිකේ. මං ඉතින් Forex ගැන උනන්දුවක් නැතිනිසා Comment එකක් දැම්මෙත් නැහැ. දිගටම කරමු. :)

      • says

        පිස්සුද? අනිවා, උඹ සිංහලෙන් Copy Writing ගැන ලියන්න.

        තවත් දෙයක්, නිකන් ඉන්න ගමන් twitter account එක පැත්තේ රවුමක් දාන්නත් අමතක කරන්න එපා! සමහර tweets බලන් ඉන්නවා! :D

        අපිට ළඟදීම HootSuite වගේ සීන් එකක් ඕනේ වෙයි වගේ මචෝ!

        අන්තිමට කියන්න තියෙන්නේ, Forex Trading ඉගෙන ගනින් බං! lol! :D

  2. says

    මචං, දැන් දැක්ක ගමන් කියන්න හිතුනේ: ඔයාගේ මේ තියෙන Theme එකට Nested Comments 2 කට වඩා ඔරොත්තු දෙන්නේ නෑ.

    Discussion Settings වල Enable threaded (nested) comments “2″ Levels Deep වලට හැදුවොත් හොඳයි වගේ.

    • ෂ්‍යාම් චතුරංග says

      ඒ වගේ දෙයක් හිතුවෙම නැහැ. දැන් හරි!

  3. udayanga says

    ඔයා කිව විදියට ඔක්කොම කලා.මට order එකක් අව එකට හොද coment එකක් ටිබුන එක කොහොමඩ sample එකක් විඩිහට gig එක තියෙන තෑන දාපුවම sample කියල diplay වෙලා අර comment එක display වෙන්ඩ දාන්නෙ කොහොමද ? ara tranparent widihata. oyata godak pin me widihata inhalen apita kiala denawata. thanks ayyya

    • ෂ්‍යාම් චතුරංග says

      ආහ්! ඒකත් වටින දෙයක් ඒත් ඒක ගැන කියන්න අවස්ථාවක් ආවේ නෑ. ඔයා Deliver කරන හැම Order එකකටම 682 x 459 Dimension එකට Delivery Image එකක් හදන්න. මේ Delivery Image එක ඔයා Deliver කරන හැම Order එකකටම Attach කරලා යවන්න.

      එතකොට Customer Rate කරාම, ඒ පින්තූරෙත් එක්ක තමයි Feedback එක වැටෙන්නේ. මේ නිසා එහෙම Feedbacks ඔක්කොම Gig Portfolio Slider එකටත් එනවා.

  4. Luminda Saranga says

    machoooo uba nam maara ekek ban. kiyanna wachana naa ban.. habay fiverr gana nathuwa wena hoda emoney web site ekakuth dannakoo plzzzzz…..
    oyage facebook name ekath kiyannakooo.

    • ෂ්‍යාම් චතුරංග says

      ;) ඉස්සරහට Fiverr ගැන නෙමෙයි එන්නේ. වෙනත් Marketplaces ගැනත් නෙමෙයි. තමන්ගෙම Business Site එකක් හදලා Online Marketing කරන්නේ කොහොමද කියලා. අන්න ඒක තමයි කියවන්න ඕනා. Fiverr වගේ Site වල වැඩකරනකොට Business එක Stable නැහැ, ඒ නිසා Living Income එක Fiverr වගේ Site එකක් මත තියනවා කියන්නේ ඕනවටත් වඩා Risk එකක්.

      Mama Shyam Chathuranga

  5. udayanga says

    godaaak thanks mehema apita kiala denawata….e kianne ape order ekama 682 x 459 size ekata hadala order ekath ekkama upload karanda neda ?

    • ෂ්‍යාම් චතුරංග says

      ඔව්, Graphic Designing කරනවානම් Sample පෙන්වන එක අවුලක් නෑනේ.

    • ෂ්‍යාම් චතුරංග says

      Fiverr Site එකේ අවුල්වලට Answers දෙන්න මට බැහැ. ඒක Fiverr CS එකට කියන්න!!

  6. pradeep says

    Thanks Shyam…

    මම fiverr එකට සම්බන්ධ වෙලා තාම මාස 5යි.. මුල ඉඳන් හැමදේම ඉගෙනගත්තේ ඔයාගේ මේ ලිපි ටික කියවලා.. පළවෙනි order එක ආවෙ ටිකක් පරක්කු වෙලා.. කොහොමහරි මාසෙකට විතර පස්සේ level 01 වුනා.. level 02 වුනේ ගිය දෙසැම්බර් 17.. level 02 වෙලා හරියටම මාසයක් යනකොට (ජනවාරි 17 වෙනකොට) මම $1000ක විතර හොයලා තිබුණා.. ජනවාරි 1 – 31 ආදායම $1300ක් විතර වුනා.. දැන් කරගන්න බැරිතරම් orders එනවා.. මගේ gig 5ක්ම HIT වෙලා දැන්.. කොහොමත් දැන් දවසකට $100කට වඩා හොයනවා.. ඔයාට පිං සිද්ධවෙන්න.. :) ඒත් හැමදාටම Fiverr ගැන විශ්වාසයක් තියාගන්න බෑ.. (මේ වෙලාවෙත් Fiverr site එකේ problem එකක්) ස්ථීර online අදායම් මාර්ගයක් ගැන කියල දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්…

    Thanks again..

    Pradeep

    • ෂ්‍යාම් චතුරංග says

      එළකිරි. ඒක තමයි ප්‍රදීප් මම කියන්නේ Stable Online Business එකක් ගැන හිතන්න ඕන කියලා. ඒක ගැන ඉස්සරහට කියන්නම්. මටත් Case එක එන්න පටන්ගත්තේ එන Orders කරගන්න බැරුව. Comment කරාට Thanks ආ…

  7. udayanga says

    ayya mekatath mokada karanne kianna…mata order apu gig ekak tiyenawa e unata eka pageviwes gana ehema 50k witara tiyenne kochchara tags ehema wenas kalath eka wedi wenne ne ay ehema wenne.eka wedi karaganna berida…

    • ෂ්‍යාම් චතුරංග says

      Gig Pageviews වැඩිවෙන්නේ නැත්නම් Gig එකේ Images වල Videos වල අවුලක් ඇති. Attractive නැතුව ඇති. Killer Fiverr Gig Creation Post එක ආයෙත් කියවන්න.

  8. Rasa says

    ඔයා කියන කථාව සහතික ඇත්ත​, ඔයාගේ post ටික නිසා මමත් දවසට order 10+ ($50+) වගේ ගන්නවා. ඒ වගේම Buyer කෙනෙක්ගෙන් තමන්ට කරන්න පුලුවන් නම් විතරක් project බාර ගන්න​, බැරි නම් direct බෑ කියනන්න​. අනික කවදාවත් Buyer කෙනෙක් නිතර නිතර message කරලා GIG එක ගැන තියන පොඩි පොඩි ප්‍රශ්න​ ඇහුවට​ කරදරයක් කියලා හිතන්න එපා, පොඩි question එකක් ඇහුවත් reply කරන්න​.

    අනික තමා, Buyer කෙනෙක් Message එකක් එවුවහම කලබල වෙන්නේ නැතුව හොදට කියවලා බලලා, පුලුවන් තරම් ඉක්මනට reply කරන්න​, අපි message වලට reply කරන්න යන TIME එක directly අපේ SALES වලට 200% බලපානවා, ශ්‍යාම්ට දිගට මේ blog එක සාර්තක කරගන්න ලැබෙන්න කියලා සුභ පතනවා, ශ්‍යාම්ගේ post ටික එක දිගට කියවලා, එකේ තියන දේවල් හරියට follow කරපු කෙනෙක්ට FIVERR එකෙන් E-MONEY හොයන එක තව දුරටත් හීනයක් නෙමෙයි! :)

    • ෂ්‍යාම් චතුරංග says

      මෙච්චර කාලෙකට සිංහළ Blog එකක මට ලැබුන හොඳම Comment එක. හැමෝම වගේ ප්‍රෂ්ණ අහන එකනේ කරන්නේ. මං කැමතියි, කියවන අය මේ වගේ එයාලත් දන්න දේවල් Comment කරන එකට.

      ඔයා කියන කතාව ඇත්ත. කෙලින් කතාකරන්න පුලුවන් වෙන එකත් හොඳ දෙයක්. මොකද, කෙලින් කතාකරන තරමට Customer කරේ නගින්න එන්නේ නෑ.

      මේ වගේ නියම Comment එකක් දැම්මට Thanks!

  9. pradeep says

    ඔයා දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ රටට කරන්නේ ලොකු සේවයක්.. 100%ක්ම ඔයා නිසා අද මේ රටට, මාසෙකට USD ලක්ෂ ගානක් ගලාගෙන එනවා.. අතේ සතේ නැතුව හිටපු ලොකු පිරිසකට අත දිග ඇරලා වියදම්කරන්න පුලුවන්වෙලා තියෙනවා..

    internet වලින් මුදල් හම්බකරන්න කියල දෙනවා කියලා, අසාර්ථක ක්‍රම දෙක තුනක් කියල දීලා මිනිස්සුන්ගෙන් සල්ලි ගසා කන වංචාකාරයො ඉන්න රටක, නොමිළේ කරන මේ සේවයට ඔයාව අදහන්න ඕනේ ෂාම්.. මම රජයේ සේවකයෙක්..

    අතේ රුපියල් 10 නැති නිසා අසරණ වුන අවස්ථා මට තිබිල තියෙනවා.. ඒත් ඉස්සර මාසයක් කට්ට කාලා, job එක කරල හම්බ කරපු වටිනාකම දැන් මම දවසෙන් හොයනවා.. ඒ වෙනුවෙන් නිදි මරාගෙන කට්ටක් කනව තමයි.. ඒත් ලැබෙන ආදායම ගැන හිතනකොට ඒක කට්ටක් නෙවෙයි.. මූල්‍යමය නිදහස කියන දේ හිතට දැනෙන කොට ඇතිවෙන සතුට කියන්න වචන නෑ.. මං වගේම තවත් ලොකු පිරිසකට ඒ නිදහස ඇති කරල දුන්න ෂාම්, ඔයාට අනිත් හැමෝම වෙනුවෙන් සිය දහස් වාරයක් ස්තූතිවන්ත වෙනවා… all the best.. හිත හොඳ මිනිස්සුන්ට වරදින්නෙ නෑ..

    • udayanga says

      ekanam aniwa aththa Shyam me karala tiyena weden godak denek goda yanna ati..hithe kuhaka kamak nathuwa me widihata danna de beda ganna aya dan adui..eheam minuissu athara oya elakiri kollek…idiriyatath mewage weda kadaana labewa oyata…

      fiverr ekata yanda be neda ada re..

    • ෂ්‍යාම් චතුරංග says

      ඔව්, ගොඩක් අය කරන්නේ eMoney කියාගෙන වැදගත්කමක් නැති දෙයක් හරි, වැදගත්කමක් තියන දෙයක් නොගැළපෙන විදිහට හරි දෙන එක. ඒකෙන් වෙන්නේ Internet Marketing වලට කැත නමක් එන එක විතරයි.

      හරියටම හරි! Financial Freedom එක දැනෙනකොට මාරම Fun එකක් තියෙන්නේ. මිනිස්සු සල්ලි හොයන්න මෙයිට වඩා කට්ට කනවා. පිටරට මිනිස්සු Day Job එකෙන් අයින් වෙන්න මහ රෑ නිදිමරාගෙන මේවා කරනවා. ඉතින් ඒ වගේ කට්ටක් කන එක කිසිම අවුලක් නෑ.

      ඉස්සරහට ඒ කට්ට කන්නේ නැතුව Online Business කරන හැටි SLMarketer වලින් කියවන්න පුලුවන්. හැබැයි එතනට යන්න ඔය කන කට්ට අවුරුදු ගාණක් කන්න වෙනවා.

      @Udayanga ඔව්, Fiverr වල හෙනම අවුලක් ගිහිල්ලා වගේ. Official Twitter Profile එකෙන් බලාගෙන පුලුවන්.

      දෙන්නටම Comment කලාට Thanks. :)

  10. says

    adai man ube site eka gana dana gaththe. super! mata thiyena thiyana duka thama ai mata ube blog eka mita kalin kiyawanna hamba une naththe kiyala. Good Luck!

    • ෂ්‍යාම් චතුරංග says

      ඔයා වගේම තවත් අය ඉන්නවා. ඉතින් ඒ අයටත් මේ Blog එක ගැන කියන්න. HINT: Share Some Love!

  11. udayanga says

    ayya prana gig eka pagevives adui eka nisa aluth ekak lassanata haduwa eth parana gig ekata order ekak awith hoda comment ekak tibuna eka nisa eka delet karannath be..aluthin hadapu eka ara gig ekata dammoth pageviws wedi weyda.?..nattam meka aluth gig ekak widihatama dana ekada hoda ?

    • ෂ්‍යාම් චතුරංග says

      Order එකක් නැති අලුත් එකකට වඩා Order එකක් ආපු Old Gig එක වටිනවා. ඒ නිසා අලුත් එක මකලා, Order එක ආපු Gig එකට Optimization එක දෙන්න. අලුත් Gig එකත් අර Order එක ආපු Gig එක වගේමනම් අලුත් Gig එකේ දේවල් ටික Order එක ආපු Old Gig එකට දාන්න.

  12. liyan says

    ෂ්‍යාම් මේ සයිට් එකනම් සුපිරි…………දිගටම කරගෙන යන්න සුභ පතනවා…!!
    මම fiverr පටන්ගෙන දැන් මාස 4ක් විතර ඇති දැන් මාසෙකට විතර කලින් මම level 2 seller කෙනෙක් වුනා…..ඊට පස්සේ ඉදන් orders 3ක් විතරයි ආවේ ෂ්‍යාම් ඔයා මොකද හිතන්නේ මේකට හේතුව විදියට
    මම order එන ගිග් එකට video එකකුත් හදලා දැම්මා එදාට පහුවදා 2ක් ආවා එච්චරයි දැන් වේලෙනවා හෙදාටම
    තව දෙයක් මාසෙකට විතර කලින් කරපු වැඩකට දැන් negativeඑකක් දාලනේ…මොනද මම කරන්න ඕනේ

    • ෂ්‍යාම් චතුරංග says

      Sales එන්නේ නැත්තේ Negative Rating එකක් ආපු නිසා. ඒක Customer එක්ක කතාකරලා විසඳගන්න බලන්න. නැත්නම් Fiverr CS එකත් එක්ක වගේම Customer එක්කත් කතාකරලා Refund එකක් දෙන්න බලන්න. :)

  13. liyan says

    Thank you…very much…ඔයාගේ පිළීතුරැ වලට නෙගටිව් එකක් වැටුනේ දවස් 4කට විතර කලින් එත් ඕඩර්ස් නැතිව දැන් මාසයක් විතර වෙනවනේ

    • ෂ්‍යාම් චතුරංග says

      මොකක්ම හරි අවුලක් වෙන්න ඇති ඔයාගේ අතින්. Orders කිහිපයක් Late වෙන්න ඇති. Customerට හරියට Message කරන්නේ නැතුව ඇති. එක්කෝ Gig එක ටිකක් Illegal ඇති නැත්නම් Fiverr Editor කෙනෙක්ට Note වෙන්න ඇති Gig එකේ Commercial Quality එක අඩුයි වගේ දෙයක්.

      මේ කිසිම දෙයක් නැතුව Orders එන්නේ නැත්නම්, Gigs වල Traffic Stats බලන්න. ඒවත් හැමදාම එකම වගේනම් OffSite Fiverr Promotion ටිකක් කරන්න. ඒක ගැන Post එකක් ළඟදීම එයි. එතකොට අනිවා Order එකක් ගන්න පුලුවන්.

  14. pradeep says

    Hi friends….

    ෂ්‍යාම් චතුරංග වෙනුවෙන් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා හැමෝගෙන්ම.. මටනම් හිතෙන්නේ ෂ්‍යාම් කියන්නේ සල්ලි හම්බකරන්න කියල දෙන ගුරුවරයෙක් කියලා.. චුට්ටක් එයාගෙ Comments කියවලා බලන්න.. එයා ඔයාලගෙ ප්‍රශ්නවලට උත්තර දෙද්දි කොතනකදිවත් උඹ, මචං, බං වගේ වචන පාවිච්චි කරලා නෑ.. අපිත් ෂ්‍යාම් චතුරංග කියන ගුරුවරයාට පොඩ්ඩක් හරි ගෞරවයකින් කථාකරොත් හොඳයි කියලයි මගේනම් අදහස.. විශේෂ ගෞරවයක් නැතත් අඩුම තරමෙ උඹ, මචං, බං වගේ වචන භාවිතා නොකර ඉමු..

    Thanks
    ප්‍රදීප්

  15. Thisara says

    මම මේ පෝස්ට් සීරිස් එක මුල ඉඳන්ම කියෙව්වා. බොරු කියන්න ඕනෙ නෑනේ ෆයිවර් ගැන තව බ්ලොග් ගොඩාක් කියෙව්වා. සෑහෙන කාලයක් ටික ටික තේරුම් අරගෙන තමා වැඩට බැස්සේ. මේ තියෙන්නෙ මුල්ම ගිග් එක. ඒත් තාම සේල්ස් නෑ. අඩුපාඩුවක් තියනවනම් පෙන්නල දීලා ටිකක් ප්‍රමෝට් කලල දෙනවද? ලයික් එක්ස්චේන්ජ් එකකින් ගිග් එකට ලයික් ගන්න පුළුවන්නම් ඒ ගැනත් කියනවද? සෝෂල් සයිට්ස්වල දාලා අන්ලයික් කළොත් කියලයි එහෙම දැම්මෙ නැත්තේ? ලොකු උදව්වක් ඔබට.

    • ෂ්‍යාම් චතුරංග says

      ඔයාගේ Fiverr Account එක හදලා තියෙන්නේ පැය 9ට කලින් වගේම Gig එක දාලා තියෙන්නේ පැය 8ට කලින්. Fiverr Ultimate Post Series එක මුල ඉඳලා කියෙව්වට කිසිම දෙයක් කරලා නැහැ නේද? ඉතින් අඩු පාඩු පෙන්වන්න දෙයක් නැහැ. ඒ දේවල් හරියට කරන්න Try එකක් දෙන්න.

      තවත් දෙයක් තමයි, ඔයා ඔය දෙන්න යන Service එක. ඒක High Quality Service එකක් නෙමෙයි. Likes 2500 පැය 24න් Manual දෙන්න නම් ඔයාට Advertising Campaign එකක් කරන්න වෙනවා. ඔයා මේ Service එක දෙනවද කියලා ආයෙත් හිතන්න.

      Best Wishes,
      Shyam

      • Thisara says

        ස්තුතියි. නැවත උත්සහ කරන්නම්. ඒත් ඒ වගේ ගිග් ගොඩක් සෙල් වෙලා තියනව දැක්කා.

      • ෂ්‍යාම් චතුරංග says

        ඔව්, දන්නේ නැති මිනිස්සු ගන්නවා. ඒත් Customer බලාපොරොත්තුවන දේ ඔය විදිහේ Gig වලින් දෙන්නේ නැහැ. මොකද, Like Exchange Site වලින්, Follow to Follow System වලින් ගන්න Social Presence එක කිසිම වැඩක් නැහැ!

  16. udayanga says

    mage gig thunama Denied kiala watila ada. ay ehema wela tiyenne ayya….mokuth karanda be delete karanda witarai puluwan

    • ෂ්‍යාම් චතුරංග says

      එහෙම වෙන්න නම් Gig එකේ මොනාමහරි අවුලක් වෙන්න ඕනා. (eg: Copyright Infringement, Illegal, Low Quality) ඔයාට Email එකක් ඇවිල්ලා ඇතිනේ. හදන්න පුලුවන් වැරැද්දක්නම් හදන්න.

  17. udayanga says

    mail ekak awith ne order ehema apu gig hitan tibba…custermer center eken ahawwanam hari neda mokakda awula kiala….thanks mehema anwer denawata ikmanata oya….

    • ෂ්‍යාම් චතුරංග says

      එහෙම එකක් නැත්නම් Fiverr Dashboard එකේ හරි ඒ ගැන Notification එකක් තියෙන්න ඕනා. එහෙමත් නැත්නම් Fiverr CS එකෙන් අහන්න Polite විදිහට.

  18. udayanga says

    oyata tama me hama dekatama thanks karanda one…payoneer cad ekakth ada awa.oya kiyala duuna widihatama tama damme.enna tibba dinayatath satiyakata kalin awa…oyage site eka dakala lagadi tama fiverr join une tawa masayakwath giye ne..mage fiverr eke 21$ tama tiyenne..withdraw karanda meke ganak ekathu wenakam hitiyoth cad eka cancel weyda ?

    • ෂ්‍යාම් චතුරංග says

      නැහැ Cancel වෙන්නේ නෑ. ඒත් ඉක්මනින් Load කරේ නැතිවුනොත් DeActivate වෙයි. ඒක Payoneer CS එකට කියලා හදාගන්න පුලුවන්.

  19. Dinu_Sri says

    මේ බ්ලොග් එක මන් දකින්න අවුරුද්දකට කලින් මම ෆිවර් සෙට් වෙලා හිටියේ.එත් ඔර්ඩර් ආවේ 3යි.එපා වෙලා ඉද්දි ආයෙත් ට්‍රයි කරන්න හිතිලා පොඩ්ඩක් සර්ච් කලාම මේ බ්ලොග් එක හම්බුනා.කියවපුවහාම ඇත්තටම මෙකේ දෙයක් තියෙනවා කියලා හිතුනා.ගිග් ටික ආපහු හදලා වැඩ ටික කරා.සතියෙන් විතර ඔර්ඩර් 1ක් ආවා.බයර්ලාත් එක්ක හොදට කතා කරලා වැඩ බැ නොකියා කරලා දුන්නා.එහේම සෙට් උන එකම බයර්ගෙන් මන් මේ දවස් 25ට 8000කට වඩා හෙව්වා.සෙරම 20000ක් විතර මේ මාසෙට.ඇත්තටම මචන්,සිරාවටම ගොඩක් පින්.දන්න දැනුමෙන් කියක් හරි හොයන් ගෙදරට බරක් නොවි ඉන්න පුලුවන්.දිගටම ලියන්න..පුලුවන් ඔන හෙල්ප් එකක් දෙන්නම්..all the best machan..

    • ෂ්‍යාම් චතුරංග says

      එළ! Thanks ඔයාගේ සාර්ථකත්වය ගැන කිව්වට. :)

  20. Varuna says

    Shyam,
    Mage fiverr gigs wala mokak hari aulak thiyanawa. mul dawas deka thune gigs wala “impressions from fiverr” loku agayak pennuwata dawas 3 kata passe eka 3. 4 k wage une. Sales aweth na. e kiyanne mage gigs home page ekewath search result walawath na kiyana ekakne.
    mama Fiver CS ekata meka gena kiwahama egollo kiuwa, fiverr walin impressions dena eka sahathika wenna beha, mama fiverr ekata buyers la pitin genwanna ona kiyala. eda edan masa 3k yanakan No sales, No impressins. Thamath ehema thama. Hebay lagadi mata UK company ekakin orders 4 k awa. ( eth impressions hinda nam wenna ba)

    Fiverr walin dena impression decline karala pitin buyers la genwanna kiyanne mona wage hethuwak nisa kiya kiyann puluwanda ?

    • ෂ්‍යාම් චතුරංග says

      Fiverr වලින් Impressions එන්න පුලුවන් Fiverr Gig එක Homepage එකේ තිබුනොත්, Category Page එකක තිබුනොත්, Search Results වලට අහුවුනොත්. ඉතින් Fiverr Gig Impressions අඩුවුනා කියලා ඔයාට Sure එකටම කියන්න බැහැ Homepage එකෙනුයි Search Results වලිනුයි ඔයාගේ Gig එක අයින්වෙලා කියලා.

      කොහොමත් අලුත් Gig එකකට Fiverr එකෙන් ටිකක් ලොකු Support එකක් දෙනවා ටික දවසකට, ඒ Support එකේදී ඔයාට Sales ආවේ නැත්නම් ඔයාට Normal Support එක ලැබෙනකොට ඔය විදිහට Gig Impressions අඩුවෙනවා. ඕක සාමාන්‍ය දෙයක්, ඒකට මෙහෙම දේවල් කරන්න පුලුවන්.

      1. Buyer Requests Use කරලා Sales ගන්න පුලුවන්.
      2. Social Media වල Gigs Promote කරලා Sales ගන්න පුලුවන්.
      3. තව ඔය වගේ Off-Site Fiverr Promotion ගොඩක් තියෙනවා, වෙලාව ලැබුන ගමන් ඒ දේවල් ලියනවා.

  21. Varuna says

    Thanks, Shyam

    Kohomahari mage gigs walata dan labenne normal support ekek thamay.
    Manual Traffic Exchange walin traffic aran dunnoth poddak imprssions wadi wenawa.

  22. liyan says

    ශ්‍යාම්,
    මම දැනට fiverr එකෙන් $ withdrew කරන්නේ paypal හරහා (පිලිපීන් ගිණුමක් හරහා)නමුත් එහි අවදානමක් ඇති නිසා මම payneer card එකක් fiverr හරහා ඕර්ඩර් කරා

    මට දැනගන්න අවශ්‍යයි payneer card එක partner program එක හරහා ගැනීම නිසා එහි වාසියක් තිබේ ද..?
    නැත්නම් direct payneer site එකෙන් card ගැනීමේ දී වාසියක් තිබේ ද..?

    වෙනස කුමක්ද .?

  23. liyan says

    ෂ්‍යාම්,
    direct sales ගන්න විදියත් කියන්න පුලුවන්ද.?

    • ෂ්‍යාම් චතුරංග says

      මේ ගැන ඉස්සරහට ලිපියක් එයි. දැනට පුන්චි Tip එකක් විදිහට මෙහෙම කරන්න. Website Related වැඩ කරන අයට අනිවා Customerගේ Email එක බලාගන්න පුලුවන්. ඉතින් එහෙම වැඩනම් ඔයා කරන්නේ, ඒ විදිහට Email එක අරගෙන Customerට Email එකක් ලියලා කියන්න Order එක සම්බන්ධ දෙයක් හරි, ඔයාගේ තව තියන Services මොනාද වගේ දේවල්.

      මෙහෙම කරාම Fiverr එකට මුකුත්ම කියන්න බැහැ. මොකද එයාලගේ නීතීය Valid වෙන්නේ එයාලගේ වත්තේ විතරයි. ;) ඒත් එහෙම Email එක ලැබුනා කියලා වැඩක් නෑ, ඔයා දක්ෂයි වගේම විශ්වාසවන්ත කෙනෙක් කියලා ඔයාගේ Message වලින් එයාට පෙන්වන්න ඕනා. Good Luck!

  24. Chathura says

    ෂ්‍යාම්,
    මම ඔයා කියපු විදිහට මගේ පලවෙනි fiverr account එක හදල $124 ක් හෙව්වා. එත් ඒ සල්ලි ගන්න කලින් මගේ account එක ban කළා. මං multiple accounts use කලාලු. එත් මං එහෙම කලේ නෑ. මං account එකට දුන්නු නමේ අව්ලක් නිසා මට ඒ සල්ලිවත් ගන්න හම්බුනේ නෑ.
    ඊට පස්සේ මං අයෙමත් අලුත් account එකක් හදල sells පටන් ගත්ත. ඒකෙන මං හොයපු $80 ක් මං ගිය සතියේ cash out කළා. ඒ ඉතිං ඔයාට පින් සිද්දවෙන්න. දැන් ආයෙමත් මගේ account එක restrict කරලා. Fiverr CS කියන්නේ මං multiple accounts use කලාලු. එත් මං එහෙම කරලා නෑ.
    මට අලුතෙන් account එකක් හදන්න දැන් තියන account එක close කරලා දෙන්න කිව්වම Fiverr CS එක මගේ account එක close කරලා කියනවා, මට අයේ account හදන්න දෙන්න බෑ කියල. මං හේතුවක් ඇහුව එත් reply නැහැ. මං ආයෙත් account එකක් හැදුවොත් අව්ලක් වෙයිද? මේ ගැන උපදෙසක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.

    • ෂ්‍යාම් චතුරංග says

      ඇත්තටම ඔයා Accounts 2 හැදුවේ නැහැ කියලා Sure නේද? නැත්නම් ඔයා Public Computer එකකින්ද වැඩ කරන්නේ? කොතනහරි වැරැද්දක් වෙලා තියෙනවා. වැරැද්දවෙලා තියෙන්නේ ඔයාගෙන්ද, Fiverr CS එකෙන්ද කියලා හොයාගන්න බලන්න.

      2නි Account එකත් Restrict වුන නිසා, මුකුත් නොකර ආයේ Account එකක් හැදුවොත් අවුලක් එන්න බැරි නැහැ. මේවා කරලා Try කරන්න.
      1. Browser එකේ ඔක්කොම දේවල් History, Cache, Cookies මකන්න. නැත්නම් Fiverr.com එකට අදාල ඒවා විතරක් මකලම දාන්න.
      2. කලින් Fiverr Accounts වලට Use කරපු Name, Emails, PayPal Emails, Graphics අලුත් එකට Use කරන්න එපා.
      3. ඔයාගේ Net Connection එකේ Static IP එකක් නෙමෙයි නෙද? කැමතිනම් IP Hide කරලා New Account එක හදන්න.
      4. Old Fiverr Accounts වලට ආයේ Log වෙන්න එපා. Fiverr CS එකට Support Tickets දාන්න එප වැඩිය. දාන්නම ඔනනම් කලින් Use කරපු නම Use කරන්න එපා.

      කොහොමහරි වැරැද්ද නිවැරදි කරගන්න.
      Good Luck!

  25. Chathura says

    Thank you ශ්‍යාම්. මම දෙවෙනි account එක හැදුවේ පලවෙනි එක restrict වුනාට පස්සේ. ඒ හැදුවෙත් CCleaner වලින් browser history සේරම clear කරලා. මං use කරන්නේ Hutch package එකක්. මං HideMyAss වගේ එකකින් IP hide කලාට අවුලක් නැනේ? ඔයා කිව්ව් විදිහට මම ආයෙමත් මුල ඉඳන් පටන් ගන්නම්.
    මං වෙනත් නමකින් අලුත් Fiverr account එක හැදුවොත් මට ඒ නමටම අලුත් Payoneer card එකක් ගන්න වෙනවා නේද? මොකද මගේ පළවෙනි account එකේ සල්ලි මට ගන්න බැරි උනේ ඔය නම් දෙකේ වෙනසක් නිසා.
    ඔයාට ගොඩක් ස්තුතියි ශ්‍යාම් මේ දෙන උපදෙස් වලට.

    • ෂ්‍යාම් චතුරංග says

      හ්ම්ම්.. IP Hide කලාට අවුලක් නෑ.

      නැහැ! Fiverr Account එකේ නම වැදගත් නෑ Payoneer Card එකට Withdraw කරන්න. ඔයාගේ තියෙන Payoneer Card එක අලුත් Fiverr Account එකට Link කරගන්න Payoneer CS එකට කියලා.

  26. Ravi says

    ෂ්‍යාම් මම ඔයාගේ ලිපි කියවන්න පටන් ගත්තේ අද. ඉහළින්ම අවංකව අගය කරනවා, ගරු කරනවා ඔයා කරන සේවය..පට්ට.!!! ඉදිරියේදී අදහස්, ගැටලු, යෝජනා ඉදිරිපත් කරන අපේක්ෂාවෙන් මට තියෙන ප්‍රශ්නයක් අහන්නම්.
    රැකියාවක් කරන කෙනෙක් විදිහට මුළු දවසම Fiverr කරන්න නොහැකි වෙන නිසා අමතර වෙලාවට, ඒ කියන්නෙ වැඩ ඇරිලා ඇවිත් පමණක් Fiverr කරලා සාර්ථක වෙන්න පුළුවන්ද.?

    • ෂ්‍යාම් චතුරංග says

      ඔව් සාර්ථක වෙන්න පුලුවන්, ඒත් ඉක්මනින් නෙමෙයි. ඒ වගේම ඔයා කරන්න තෝරගන්න Services එහෙමත් ඔයාට ඉක්මනින් කරන්න පුලුවන් ඒවා වෙන්න ඕනා. 9-5 Job එකක් කරනවා කියන්නේ Part Time විදිහටවත් Fiverr කරන්න අමාරුයි කියන එක.

      මං හිතනවා ඔයාට Weekend එකේ නිවාඩු ඇති කියලා. ඒ වගේම මහන්සියයි, කම්මැලිකමයි අතහැරලා වැඩ කරන්න පුලුවන් නම් සාර්ථක වෙන්න පුලුවන්.

      ඔයාට පුලුවන් රෑට වැඩකරන්න, ඒවගේම Weekends වලත් පුලුවන් ඇති කියලා හිතනවා. ඔයාට රෑට වැඩ කරන්න බැරිනම් එතන Case එකක් වෙනවා. මොකද, Orders එන්න ගත්තම දිගටම එනවා. එන ඒවා Cover කරගන්න බැරිවුනොත් ඒක ප්‍රෂ්ණයක් වෙනවා.

      කරගන්න බැරි තරමට Orders එනකොට ඔයාට පුලුවන් Vacation Mode On කරන්න. එතකොට අවුලක් නැතුව කරන්න පුලුවන්. දැන් තියෙන්නේ – ඉක්මනින් කරන්න පුලුවන් – Customerට ගොඩක් වැදගත් වෙන – ඔයාටත් කරන්න පුලුවන් දෙයක් – හොයාගෙන FUPS එක Follow කරන එක තමයි. :)

  27. says

    ෂ්‍යාම් ,
    මම ඔයගේ Post එකට 1000% ටත් වඩා Agree වෙනවා මොකද මමට් ඔය විදියටම කරන නිසා අහම්බෙන් දැකපු ලිපියක්, උඩ ඉදන් කියවන්න ගත්තාම අගටම කියවන්න හිතුන නියමට ලියලා තියනවා සුබ පතනවා මචන් දිගටම අපේ උන්ට උදව් කරන්න, මමත් මේ වගෙ ගේමක් ගහනවා මේතන කියන එක හරි නැහැනේ, එහෙනම් පස්සෙ සෙට් වෙමු

    මේ ඉන්නේ මට මගේ ජීවිතේ ලැබුනු හොඳම Customer- Total – over $5000 With One Year One Customer.
    http://i1068.photobucket.com/albums/u457/desklk/sh_zps19d9f3a2.jpg

    • ෂ්‍යාම් චතුරංග says

      Thanks Ami ඔයාගේ Comment එකට, ඒවගේම ඔයාව අඳුරගන්න ලැබීමත් සතුටක්. වෙලාව ලැබුන ගමන් ආයෙත් Posts ලියන්න පටන්ගන්න ඕනා. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>