• Home
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Fiverr Sinhalen — FUPS

SLMarketer

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන්න ඉගෙනගන්න

Earn Free Bitcoin
  • Social Media Marketing
  • Affiliate Marketing
  • Online Marketing
  • WordPress
  • BlogSpot
  • Blogging
  • SEO
You are here: Home / Online Marketing / Maximum Optimized Killer Fiverr Gig Creation Tutorial

Maximum Optimized Killer Fiverr Gig Creation Tutorial

July 7, 2013 By ෂ්‍යාම් චතුරංග 24 Comments

අද වෙනකොට ගොඩක් දෙනාගේ එකම අන්තර්ජාල ආදායම Fiverr බවට පත් වෙලා තියෙනවා, ඒ වගේම ගොඩක් අයට මේක පටන්ගන්න ඕනකම තිබුනට පටන්ගන්නේ කොහොමද කියලා දන්නේ නැතුවත් ඉන්නවා. තවත් අය දැනගන්න ඕන දේවල් ඔක්කොමත් වගේ දැනගෙන නොකර ඉන්නවා. ඉගෙනීම කියන්නේ Game එකෙන් භාගයක් විතරයි, ඉතුරු භාගය වෙන්නේ ඔයා ඒ ඉගෙනගත්තු දේ පාවිච්චි කරන එකයි. ඒ නිසා අද දැනගන්න Killer Fiverr Gig Creation Strategies ටික දිගටම පිළිපදින්න.

Learning Is Not Useful Without TAKING ACTION

අන්තිමට කිව්වේ ඔයාගේ දක්ෂතාවය, ආශාව මත කරන්න පුලුවන් දේවල් හොයාගන්නේ කොහොමද කියලා. ඔයා දැන් ඒ System එක පිළිපැදලා හොඳ Gig Ideas ටිකක් ලියාගෙන ඇති කියලා හිතනවා. දැන් ඔයා කරන්න ඕනේ ඒ Filter කරලා අන්තිමට ආපු Gig Ideas List එකෙන් Gig Idea එකක් තෝරගෙන හොඳට Convert වෙන Killer Fiverr Gig එකක් හදන එකයි.

මෙතනදි Convert වෙනවා කියලා කියන්නේ Fiverr Gig එකට හොඳට Sales එන එක. වෙනත් විදිහකින් කිව්වොත් Fiverr Gig එක නිකමට හරි දකින පුද්ගලයෙක්ව – මෙතනදි මෙයා නිකන්ම Fiverr Gig Visitor කෙනෙක් විතරයි, Gig එක කියවලා බැලුවම Customer කෙනෙක් විදිහට වෙනස්(Convert) වෙන එකයි. මේකෙදි බලපාන සාධක කිහිපයක් තියෙනවා. ඒවා Improve කරලා තමයි මේ Conversion Rate එක වැඩි කරන්නේ.

ගොඩක් වෙලාවට අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියන එක පේන්නේ නිකන් මැජික් වගේ ලැබෙනවා කියලා. ඒත් මෙතනදි වෙන්නේ එහෙම මැජික් එකක් නෙමෙයි, මෙතනදි වෙන්නේ Business එකක්. ඔයා මේ මුදල් හොයන්න යන්නේ තවත් කෙනෙකුට සේවයක් පිරිනමලා. ඉතින් කොහොමහරි Fiverr Gig 2-3ක් දාලා Sales එනකන් බලාගෙන ඉන්න එක නෙමෙයි කරන්න ඕනේ. දාන එක Fiverr Gig එක හරි උපරිම විදිහට දාන්නයි ඕනේ.

Key-Points of a Highly Converting Fiverr Gig

ඔයා දාන Gig එක හොඳට Sell වෙන්න නම් සාධක කිහිපයක් බලපානවා, ඉතින් ඔයාට මේ සාධක වලින් පාලනය කරන්න පුලුවන් දේවල් උපරිම විදිහට ඔයාගේ වාසියට පාවිච්චි කලොත් හොඳට Sales ගන්න පුලුවන්.

1. Demand. – කියන්නේ ඉල්ලුමට, කලින් දාපු ලිපියේ කිව්වේ මේක Improve කරන්න පුලුවන් උපරිම විදිහට කරන්නේ කොහොමද කියලා. ඒ වගේම මෙතනදි සැලකිලිමත් වෙන්න ඕනා වැඩිම ඉල්ලුම තියෙන දේ කරන්න ගිහින් අමාරුවේ නොවැටී, ඔයාට කරන්න පුලුවන් දේවල් වල උපරිම ඉල්ලුම තියෙන සේවාවන් දෙන එක.

2. Professionalism. – වැඩක් කරනකොට ඒකේ Mistakes තියන එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. ඔයා පිරිනමන සේවය පිළිබඳව මුල ඉඳලා අගට වෙනකන් දැනගෙන ඉන්න එක ගොඩක් හොඳයි, ඒ වගේම මේක ඔයාට තියෙනවා කියලා Fiverr Gig Visitorට පෙන්වන්න ඕනා.

3. Attractiveness – ලස්සන දේවල් වලට හැමෝම කැමතියි, මේ ලස්සන කියන දේ ඔයාට Fiverr Business එකේදිත් ගොඩාක් වැදගත් වෙනවා, මොකද ඔයා ගණුදෙනු කරන්නේ තවත් මනුස්සයෙක් එක්ක. ඔයාට ලස්සන කියන එක පින්තූර වලින් කෙනෙකුගේ ඇස් වලට දෙන්න පුලුවන්, වචන වලින් හිතට දෙන්න පුලුවන්. මෙතනදී පුලුවන් හැමදේම කරලා Fiverr Gig Visitorගේ අවධානය ඔයාගේ Gig එකට ගන්න එකයි වෙන්නෙ.

දැන් ඔයා මේ 3න් පළවෙනි එක සම්පුර්ණ කරලා ඇති, කලින් ලිපියේ විදිහට කරා නම්. දැන් තියෙන්නේ ඉතුරු 2ක සම්පූර්ණ කරන්න.

Killer Fiverr Gig Creation

සාමාන්‍යයෙන් කෙනෙක් Fiverr Gig එකක් දානකොට කොහෙන්හරි Gig Idea එකක් අරගෙන, මොනාහරි Image එහෙකුත් එක්ක පුන්චි Gig Description එකක් ලියලා තමයි දාන්නේ. නමුත් එහෙම හදන Fiverr Gig එකක අඩුපාඩු ගොඩයි, විශේෂයෙන් ඒ වගේ Gig එකක ඉලිප්පිලා පේන්නේ Sellerගේ Concentration එක නැතිකමයි.

ඉතින් ඒ වගේ Gig එකක් විකිණෙයිද..? ඔව් විකිණෙයි, හැබැයි හැමදාම නෙමෙයි ඒ වගේම ඒ First Time Luck එක වගේ දෙයක් හින්දා වෙන්නත් පුලුවන්…!!!

Fiverr Gig එකක් උපරිම විදිහට Optimize කරද්දී ප්‍රධාන අංග ටිකක් තියෙනවා හිතන්න ඕන. ඒවා තමයි,
1. Gig Title.
2. Gig Images.
3. Gig Video.
4. Gig Description.
5. Gig Tags.

ඔය කිව්ව දේවල් වලට තමයි ඔයා වැඩි අවධානය යොදවන්න ඕනා. ඔය අංග 5 Maximum විදිහට Optimize කරන Fiverr Gig එකක් විකිණෙන්නේ නැතිවෙන්න බැහැ. ඉතින් මේ ලිපියෙන් කියන්නේ අර කලින් කිව්ව Gig Filtering Method එකට අනුව හදාගත්ත Gig Ideas List එකේ තියන Ideas 20ටම Maximum Optimized Killer Fiverr Gig 20ක් හදාගන්න හැටියි.

Fiverr Gig Title Creation Technique

ඔයා Gig එකක් දාද්දි මුලින්ම ලියන්න තියෙන්නේ Gig එකේ Title එකයි. Fiverr Gig Optimize කරද්දී හිතන්න ඕන අංග 5න් මුල් තැනක් Fiverr Gig Title එකට හිමිවෙනවා. මොකද ඒක තමයි කෙනෙක් මුලින්ම දකින්නේ, මොනාහරි දෙයක First Impression එක චාටර් නම් ඒක ගැන තව දුරටත් හොයන්න ඔයා පෙළඹෙන්නේ නෑනේ..? ඒ වගේම තමයි ඔයාගේ Gig Title එක අවධානය ගන්න තරම් Powerful නැත්නම්, එතනින් එහාට Visitor කෙනෙක් එන්නේ නෑ කියන එකයි.

Title එකක් ලියද්දී ඔයා හිතන්න ඕනා Buyer කෙනෙක් විදිහට, මොකද ඔයා තාම Online Marketing කරන්න පටන්ගන්නවා නම් ඔයාට හොඳ Attractive Titles ලියලා පුරුදු නැතිව ඇති. ඒත් ඔයාගේ තියෙන Buying Interest එක පාවිච්චි කරලා ‘මේක විකිණෙයි’ කියලා කියන්න පුලුවන් Titles ටිකක් හොයාගන්න පුලුවන් වෙයි. ඒ කොහොම වුනත් නිතරම Fiverr Gig Title එකක් ලියද්දී මේ දේවල් එකේ තියෙනවද කියලා බලන්න.

1. Title එකක් කියන්නේ ලියලා තියෙන දේ ගැන හෝ පිරිනමන සේවය ගැන එක වාක්‍යයකින් විස්තර කරන දෙයක්. ඉතින් ඔයාගේ Gig Title එක ඔයා මොනවද දෙන්නේ කියලා ගොඩක් පැහැදිලි Idea එකක් දෙන්න ඕනා කියවන කෙනාට.

2. ගොඩක් Fiverr Sellersලා දිග Titles ලිව්වා කාලයක්, හැබැයි දැන්නම් එහෙම කරන්න බැහැ. එහෙම කරන්නත් එපා, මොකද Title එකක් කියන්නේ තවත් එක ජේදයක් නෙවෙයි. Fiverr Gig Title එකක් නිතරම කෙටියෙන් හා පැහැදිලිව ලියන්න පුලුවන් නම් එතන තමයි දක්ෂතාවය තියෙන්නේ.

ඔයා Gig Title එකෙන් කරන්න ඕනා කොහොමහරි අවධානය අරගෙන Gig Surferව ඊළඟ Step එකට පොළඹවන එකයි. කියවන කෙනා Title එකට කැමතිනම් එයා ඔයාගේ සේවයේ වැඩි විස්තර කියවන්න ඇතුලට එනවා.

Good Examples:
I will write 500 Word Highly TARGETED Search Optimized Article from $5.

ඇයි මේක හොඳ Title එකක් වෙන්නේ..? මොකද මේ වචන 8 Gig Title එක කියෙව්වම මේ Article Writing Service එක ගැන ලොකු Image එකක් මැවෙනවා. මෙයා දෙන්නේ වචන 500ක Search Engine වල හොඳට Rank කරන්න පුලුවන් Targeted Article එකක්. මෙතනදි Service එක මොකක්ද වගේම Gig Visitorට පොඩි Motivation එකකුත් දීලා තියෙනවා ඇතුලට ඇවිත් බලන්න කියලා.

ACTION POINT: ඔයා හදාගත්තු Gig Ideas 20න් එකක් අරගෙන උඩ කිව්ව විදිහට Gig Title එකක් නෙමෙයි 5ක් විතර හදාගන්න. හැබැයි ඔය 5ම කියෙව්වම Service එක මොකක්ද කියලා තේරෙන්න ඕනා. මේ විදිහට 5ක් ලියන්නේ Fiverr Gig 5ක් දාන්න නෙමෙයි, එක පාරින්ම ලියන දෙයක් Perfect නැති වුනාට එකම දේ 5ස් විදිහකින් ලියන්න ගියාම ගොඩක් හිතලා ලියන නිසා එතනින් 1ක් හරි Perfect Gig Title වෙනවා.

මේ විදිහට අනිත් Gig Ideas 20ටම Titles 5ගානේ ලියාගෙන හොඳම Titles 20 තෝරගන්න.

Fiverr Gig Images Creation Technique

Fiverr Gig Images කියන්නේ ගොඩක් අය හරියට පාවිච්චි කරන්නේ නැති වැදගත් දෙයක්. ඔයාට Fiverr Gig එකකට Images 3ක් දාන්න පුලුවන්, ඒ වගේම මේ එක Gig Image එකක Size එක වෙන්නේ 682px * 459px. ඒත් ගොඩක් අය Google එකෙන් Images හොයාගන්න නිසා මේ Size එකටම ගැළපෙන Images ලැබෙන්නේ නෑ. තවත් සමහර අය Images 3ක් දාන්න පුලුවන් වුනත් දාන්නේ 1යි. ඒ විදිහට කරන එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි.

1. හැම Fiverr Gig එකටම 682px * 459px Size එකෙන් Quality Gig Images 3ක් හදලා දාන්න.
2. Fiverr Logo එක, “Exclusively on Fiverr.com” කියන Phrase එක හැම Image එකේම හොඳට පේන තැනකින් දාන්න.
3. Gig Image එක පුලුවන් උපරිමයෙන් ලස්සන කරන්න බලන්න.
4. Fiverr Gig Images 3ම එක සමාන වෙන්න බැහැ, ඒ නිසා ඔයා Service එක ගැන කියන්න ඕන හැමදෙයක්ම Images 3න් කියන්න ඕනා.
5. Gig එකේ ප්‍රධාන Features ටික, ලැබෙන Bonuses මොනාද වගේ දේවල් අනිවාර්යෙන් සඳහන් කරන්න.
6. වැදගත්ම දේවල් ටිකක් Highlight කරන්න.
7. “ඇයි ඔයා මගේ Gig එක ගන්න ඕනා”, “අරගෙන මොනාද කරන්න පුලුවන්”, “මගේ සේවය ගැළපෙන්නේ මොනවගේ අයටද” කියන දේවල් ගැනත් සඳහන් කරන්න.
8. පුලුවන් තරම් ඔයාගේ සේවයේ තියෙන වාසි ගැන වගේම ඔයාගේ Fiverr Gig එක Sell වෙන්න බලපෑමක් ඇතිකරන හැම Point එකක්ම Gig Image එකේ දාන්න බලන්න.

මං Fiverr Gig Images ටික හදනකොට පාවිච්චි කරන්නේ Photoshop තමයි, ඒත් මං Professional Graphic Designer කෙනෙක් නෙමෙයි Blog Post, Fiverr Gig වලට හදාගන්න ඕන නිසාම Photoshop කර කර ඉඳලා දැන් ගොඩක් දේවල් කරගන්න පුලුවන්. සමහරවිට ඔයාට Photoshop ගැන කිසිම දෙයක් නොදන්නවත් ඇති, එහෙම කියලා Gig Images හදන්නේ නැතිව ඉන්න එපා, කොහොමහරි උත්සහා කරලා හදන්න.

Internet තියෙන ලෝකේ කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ කිසිම දෙයක්, ඔයාට පුලුවන් තනියම හොයාගෙන ඉගෙනගන්න.

ACTION POINT: ඔය උඩ කිව්ව හැම ලක්ෂණයක්ම දාලා සුපිරි විදිහේ Fiverr Gig Images 3ක් හදාගන්න. Gig Ideas 20ම Gig Images 60ක් හදාගන්න බලන්න. අනිත් කට්ටිය දාලා තියෙන Fiverr Gig Images බලන්න, ලංකාවේත් ගොඩක් Graphic Designersලා පට්ට Gig Images දාලා තිබුනා, ඒවා මෙතන දැම්මේ නැහැ. කොහොමහරි ලස්සන Design එකක් දාලා උපරිම Details දෙන්න බලන්න.

Fiverr Gig Video Creation Technique

Fiverr එකෙන් Gigs වලට Video එකක් දාන්න පුලුවන් Feature එක Launch කරපු දවසේ ඉඳලා අද වෙනකන්ම මෙයාලා Fiverr Gig එකට Video එකක් දාන්න කියලා පැහැදිලිව විශේෂයෙන් කියලා තියෙනවා. මොකද, ඇත්තටම Video එකකින් Sales වර්ධනය වෙන නිසා.

මුලින්ම මං Gigs වලට Video දැම්මේ නැහැ, ඒක ටිකක් ලොකු වැඩක් වගේ පෙනුන හින්දා, ඒත් දැන්නම් එක පුන්චි වැඩක්.

1. Fiverr Gig Video එකක් හදනකොට ඔයා කැමරාව ඉස්සරහා ඉඳලා ඒක Present කරන්න ඕනම නැහැ. ඒක ටිකක් අවුල් වගේනේ..! ඒත් එහෙම කරන Video එකක් ගොඩක් Personalized වගේම Trust එකකුත් ලැබෙනවා.

2. ඔයාගේ කටහඬින්ම පුන්චි Video Script එකක් හදලා කියන්න බලන්න. Robo Recording දාලානම් වැඩක් නැහැ, Video එක Approve කරන්නේ නැහැ.

3. Gig එක ගැන කියන්න පුලුවන් උපරිම විස්තර සරල විදිහට Video එකේ දාන්න.

4. Fiverr Logo එක, “Exclusively on Fiverr.com” කියන Phrase එක හැම Image එකේම හොඳට පේන තැනකින් දාන්න, නැත්නම් Video එක Deny කරලා එහෙම දාන්න කියලා ඉල්ලනවා.

5. ලස්සන Background Music එකක් හිමීට දාන්න ඔයා Voice Narration කරන අතරේ.

6. Gig Video එක උපරිම තත්පර 45ට විතර හදන්න.

7. Gig Extras එහෙම දෙන්න තියෙනවනම්, ඒවා ගැනත් Video එකේ කියන්න.

මං මගේ ඔක්කොම Internet Marketing වැඩ වලට Videos හදන්න පාවිච්චිකරන්නේ Camtasia Software එක. මේකෙන් ඉක්මනින් Professional Videos හදාගන්න පුලුවන්.

ACTION POINT: ඔයාට හදන්න පුලුවන් උපරිම විදිහට ලස්සනට Fiverr Gig Video එකත් හදන්න හැම Gig එකකටම.

Fiverr Gig Description Creation Technique

Fiverr Gig Description එක තමයි වැදගත්ම දේ මොකද ගොඩක් වෙලාවට Gig Title එක බැලුවට පස්සේ කෙලින්ම බලන්නේ Gig Description එක. ඉතින් මෙතනදි ඔයා හරියට Service එක ගැන කියලා නොතිබුනොත් ඒක ඔයාට Sale එකක් Miss වෙන්න හේතුවක් වෙනවා. කලින් Fiverr Design එකේදී ඔයාගේ Gigs වලට කිසිම විදිහකින් Formatting දාන්න බැරිවුනා, ඒත් අලුත් Fiverr Design එකේ ඔයාට Formatting දාන්න පුලුවන්. ඒ කියන්නේ Gig Description Writing Technique කිහිපයක් තියෙනවා දැන්.

1. අපිට කලින් Fiverr Design එකේදී Paragraph වෙන් කරන්න බැරි නිසා මං Paragraph වෙන් කරේ සමාන ලකුණු(=) පේලියක් එහෙමත් නැත්නම් අඩුකිරිමේ ලකුණු(-) පේළියක් දාලා. පහළින් තියෙන්නේ මං දැනුත් පාවිච්චිකරන Gig Layout එක.

මෙතන ලියන්නේ දෙන Service එකේ වටිනාකම(ගාන නෙමෙයි ).
=====================================================================================================
මෙතන ලියන්නේ දෙන Service එකේ ඔක්කොම Features, Bonuses, ඇතුලත් වන/නොවන දේ ලිස්ට් එකක් විදිහට.
=====================================================================================================
මෙතන ලියන්නේ මගේ Service එක ඇයි ගන්න ඕනා, මගේ Experience, Fiverr Level එක, Complete කරපු Projects ගාන වගේ දේවලුයි, මට වැඩේ පටන්ගන්න Buyerගේන් අවශ්‍ය වෙන දේවල් ගැන.

2. Fiverr v2 Design එකේදී තියෙන මේ Formatting Feature එකත් එක්ක ඔයාට පුලුවන් අකුරු ලොකු කරන්න(Big T), අකුරු පොඩි කරන්න(Small T), Highlight කරන්න(Pen Icon), අකුරු Bold කරන්න(B) වගේම අකුරු Italics කරන්න(I). මේ දීල තියෙන Options පාවිච්චිකරලා ඔයාට පුලුවන් අවශ්‍ය දේවල් හොන්දට Highlight කරන්න.

Fiverr v2 Description Formatting for a Killer Fiverr Gig

Fiverr v2 Description Formatting

Gig Description එක ලියන Layout එක වගේම එකේ ඇතුලත් වෙන්න ඕන දේවල් ලිස්ට් එකක් පහළින් තියෙනවා. මෙතන තියෙන හැම එකක්ම දාන්න ලැබෙන්නේ නැහැ, ඒ නිසා හොඳම ඒවා තෝරගෙන Converting Fiverr Gig Description එක ලියන්න පටන්ගන්න.

  • ඔයාට සම්පූර්ණ Fiverr Gig Description එකේ ලියන්න පුලුවන් අකුරු 1200ක් විතරයි.
  • ඔයාගේ සේවය මොකක්ද කියන එක.
  • ඔයා දෙන සේවය ඇයි අනිත් අය දෙන එකට වඩා වෙනස් එහෙමත් නැත්නම් ඔයාගේ සේවයේ තියෙන Special එක මොකක්ද අනිත් ඒවා එක්ක Compare කරාම.
  • ඔයාගේ සේවයේ තියෙන ප්‍රධාන Features ටික.
  • ඔයාගේ සේවයේ තියෙන ප්‍රධාන වාසි ටික.
  • ඔයා $5ට මොනාද කරන්නේ? තව වැඩි ගණන් වලට මොනාද කරන්නේ?
  • ඔයාගේ සේවය ගත්තම මොනාහරි Free Offers තියෙනවද, Discounts තියෙනවද, Bonuses තියෙනවද වගේ දේවල්.
  • ඔයා ඇයි මේ සේවය පිරිනමන්න සුදුසු?
  • මොන වගේ පිරිසකටද ඔයාගේ සේවය ගැළපෙන්නේ?

ACTION POINT: මේ හැම දෙයක්ම පාවිච්චිකරලා Maximum Optimized Fiverr Gig Description එකක් ලියන්න හැම Gig Idea එකටම.

Fiverr Gig Tags Selection Technique

Fiverr Gig Tags කියන්නේ ඔයාගේ Gig එක Fiverr Search එකේ හොයද්දී උඩට එන්න උදව් වෙන දෙයක්. හැබැයි මේවා විතරක්ම නෙමෙයි Fiverr Search එකේ Gig එක උඩට එන්න බලපාන්නේ, ඒ දේවල් ගැන වෙනත් ලිපියකින් කියන්නම්.

ඔයා තෝරගත්තු Service එකට ගැළපෙන ගහන්න පුලුවන් ඔක්කොම Tags ගහන්න. මෙතනදි ගහන්න පුලුවන් ඔක්කොම කිව්වට ඔයාට ගහන්න පුලුවන් වෙන්නේ 5ක් වගේ තමයි. ඒ නිසා හොඳටම ගැළපෙන ඒවා දාන එක තමයි හොඳ. උදාහරණයක් විදිහට Website Design Service ගත්තොත් පාවිච්චිකරන්න පුලුවන් වෙන්නේ Web Design, Web Developing, Site Creation, Web Graphics etc.

මතක තියාගන්න, ඔයා Gig Title එක, Gig Description එක වගේම Tags ලියද්දී එකම වචනය 3පාරට වඩා ලියන්න එපා. මොකද Fiverr System එකෙන් එහෙම ඒවා තියෙන Gigs Save කරන්න දෙන්නේ නැහැ. දැන් මේ ඔක්කොම දේවල් හැදුවට පස්සේ අන්තිමට එන්නේ Fiverr එකේ ඔයාට දාන්න පුලුවන් Maximum Optimized Fiverr Gig එකක්. ඔයාගේ Gig Ideas ඔක්කොටම මේ විදිහට හදාගන්න, ඊට පස්සේ Fiverr එකේ එකපාර මේ ඔක්කොම දාන්න පුලුවන්.

මේ පෝස්ට් එකෙන් ඔයාට කරන්න ගොඩක් දේවල් තියෙනවා, ඉතින් ඒ දේවල් ඔක්කොම කරගෙන ඉන්න, ඊළඟ පෝස්ට් එකෙන් Fiverr Account එක හදලා වැඩ පටන්ගන්නයි තියෙන්නේ.

Fiverr Business ගැන කියන්න දේවල් ගොඩයි, ඉතින් මං මොනාහරි කියන්න ඕනම දෙයක් මඟ ඇරියද? එහෙනම් ඒක Comment එකකින් කියන්න, ඒ දේවල් ගැන වෙනම පෝස්ට් එකකින් කියන්න බලන්නම්.

ඔයාගේ යාළුවටත් මේ ලිපිය ගැන කියන්න අමතක කරන්න එපා..!

ඔයාගේ Living Income එක Fiverr හරහා හොයන්න කැමතිද? FUPS එකේ සඳහන් නොවන Fiverr Strategies දැනගන්න ආසද? එහෙනම් ඔයාගේ Email එක ලියලා Subscribe වෙන්න.!

Tweet
Email

Filed Under: Online Marketing

මේ වගේම තවත් ලිපි

  • Fiverr Business එකට ගින්දර Boost එකක් දෙන්න SEO වලට පුලුවන්ද?Fiverr Business එකට ගින්දර Boost එකක් දෙන්න SEO වලට පුලුවන්ද? (29)
  • Effective Fiverr Promotion එකක් ගන්න Simple Tips 10ක්Effective Fiverr Promotion එකක් ගන්න Simple Tips 10ක් (28)
  • ඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව Publish කරන්නඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව Publish කරන්න (16)
  • Fiverr V2 Features වලින් උපරිම ප්‍රයෝජන ගන්නFiverr V2 Features වලින් උපරිම ප්‍රයෝජන ගන්න (8)
Sovrn
හැම ලිපියම කාටත් කලින් ඔයාගේ ඊ-මේල් එකට එවන්නද..? එහෙමනම් ඔයාගේ ඊ-මේල් එක ඔතන ලියලා Subscribe ඔබන්න. ඔබලා මේල් එකක් එයි, ඒකේ Link එකත් Click කරන්න.

About ෂ්‍යාම් චතුරංග

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 5ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.

Comments

  1. ඇනෝනිමස් says

    July 7, 2013 at 4:49 pm

    හොඳ ලිපියක් ෂ්‍යාම්. ලියන්න ගොඩක් මහන්සි අරං තියෙනවා. සිරාවටම Ultimate Guide 1 වෙයි කියන එකනං ෂුවර්. ඇත්තටම මේ තරම් ක්‍රමවත් ගලායාමක් මම කිසිම සිංහල ලිපියක දැකලා නැහැ.

    හැබැයි දෙයක් මතක් කරන්න ඕන. මීට වඩා ඉක්මනින් ළිපි ලියන්න. නැතිනම් තාම අළුත් පිට නිසා කට්ටිය අතරට යන්න අමාරු වෙයි.

    සුභ පතනවා සුපිරි බ්ලොග් අඩවියක් බිහි කරන්න ලැබෙන්න කියලා.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      July 7, 2013 at 5:45 pm

      ඔව් Posting Frequency එක නම් හොඳටම අවුල් තමයි. ඒත් වැඩ ගොඩක් එක්ක මේ සිංහළ බ්ලොග් එක කරන්නේ. ඉස්සරහට වැඩි කරන්න බලන්නම්. Thanks!

      Reply
  2. Zucker Bug says

    July 8, 2013 at 1:45 am

    patta. dhigatama liyanna.

    Reply
  3. Samith says

    July 8, 2013 at 11:26 am

    Super Article, Welldone machan,

    Reply
  4. සවිඳු රිද්මක says

    July 8, 2013 at 4:18 pm

    සිරාවටම කිව්වොත් Ultimate Post Series එකක්ම තමා ! මේ තරම් ක්‍රමවත් වෙයි කියල මුලදී හිතුවේ නෑ. අවුරුදු දෙකක ඉඳන් Fiverr කෙරුවත් මේ තරම් techniques කලින් අහල නෑ. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. thnx! මේ flow එක දිගටම තියාගෙන යන්න. අවසාන වශයෙන් කිව්වොත් සුපිරි 🙂

    Reply
  5. Ishara Ruwan says

    July 8, 2013 at 5:53 pm

    Shyam yaluwa mata problems tikak thiyenawa mata help karanna please. Mama fiverr eke monthly accounts, monthly bookkeeping gena thamai gig eka create karanna inne. mokada mama assistant accountant kenek. but bookkeeping eka $5 kata kohomatawath karanna be. oyata accounts gena idea ekak thiyenawanam dannawa ethi. lankawe Audit firm ekak monthly bookkeeping ekak karanna minimum $100k wath gannawa. mama hithagena inne muladi kunu kolleta hari orders wediyen karala passe $5 limit eka ain unama rate eka wedi karanna.

    1. ehema passe rate eka wedi kalama mata orders ena eka adu weida?
    2. Mama fiverr account eka hadanna inne USA or UK widiyata. Mama video ekak mama visual wena vidiyata heduwoth mage english pronounsiation ekai mage look ekai balala mama sudu kenek nowana nisa problem ekak weida? mata video creation gena kisima knowledge ekak ne. mata learn karanna kramayak kiyanawada.
    3. mama bookkeeping eka karanna inne Quickbooks kiyana world famous accounting package eken. E software eke logo eka use karala image ekak heduwoth fiverr eken case ekak adida? ehema software logos use karanna puluwanda?

    Problems godakda danne ne. please help me.
    Oyage post eka supiri. Idiri fiverr post enakam iwasanna beriyo………………………….

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      July 8, 2013 at 8:18 pm

      Hi Ishara,
      මුලින්ම Thanks කියන්න ඕනා මේ වගේ ප්‍රශ්ණ ටිකක් අහපු එකට. ගොඩක් දෙනාට මේ වගේ ප්‍රශ්ණ එනවා. මට නම් Accounting ගැන දන්නේ නැහැ, ඒත් මට කරන්න පුලුවන් දේවල් හොයාගන්න හැටි Idea එකක් දෙන්න පුලුවන්.

      Monthly Bookkeeping කියන්නේ One-Time-Cost Service එකක් නෙමෙයි, ඒ කියන්නේ ඔයාගෙන් Monthly Bookkeeping Buy එක කරන Customersලට දිගටම ඔයාගෙන් Buy කරන්න වෙනවා නේද? මට Accountantලට තියෙන වැඩ ගැන කිසිම Idea එකක් නැති නිසා මේ වගේ දෙයක් හොඳයිද කියලා කියන්න බැහැ. ඒත් ඔයා දන්නවනේ Accountant කෙනෙක්ට, Assistant Account කෙනෙක්ට මොනවද තියෙන වැඩ කියලා. ඉතින් ඔයාට පුලුවන් ඒ වගේ වැඩ ලිස්ට් එකක් හදාගන්න.

      මං Web Engineering කියන එක අරගෙන උදාහරණයක් කියන්නම්කො. මේ වගේ වැඩ තමයි Web Engineer කෙනෙකුට දෙන්න පුලුවන්.
      1. Website Designing.
      2. Website Testing.
      3. Web Developing.
      4. Web Tools.
      5. And so on.

      ඔය උඩ මං කිව්වේ Web Engineering වල දෙන්න පුලුවන් Main Services ටිකක් විතරයි, අපිට පුලුවන් ඔය ප්‍රධාන Services ටික තවත් පොඩි කෑළි වලට කඩන්න. අපි ඒ විදිහට Website Designing කියන එක Breakdown කලොත් මේ වගේ දේවල් ටිකක් ගන්න පුලුවන්.
      → Web Button Designing.
      → Website Slider Graphic Designing.
      → Website PSD Design.
      → Website HTML Design.
      → Squeeze Page Designing.

      ඔයත් ඒ විදිහට Accountant කෙනෙකුට දෙන්න පුලුවන් පුන්චිම Service එක පවා ලිස්ට් එකට ලියන්න. ඊට පස්සේ ඔයාට පුලුවන් $5ට දෙන්න පුලුවන් Fair Services ටිකක් තෝරගන්න. මුලදි Profit එක ගැන නොහිතා Service එක දෙන්න, පස්සේ Fees වැඩි කරන්න. ඒ වගේම මතක තියාගන්න Customer Satisfy නැත්නම් එයාට Order Cancel කරන්නම අවශ්‍යයි නම් කෙලින්ම Cancel කරලා එයාට එයාගේ $5 දෙන්න. මොකද සදාකාලික(Account එක පවතින තාක්කල්) Negative Reputation එකක් හදාගන්නවට වඩා Order Cancel කරන එක නුවණට හුරුයි.

      1. Fee එක වැඩි කරාම Sales එන එක අඩුවෙන්න බලපෑමක් තියෙනවා, ඒත් ඔයා Professional Service එකක් දෙනවනම් ඒක ප්‍රශ්ණයක් නෙමෙයි.
      2. US, UK වල මිනිස්සුන්ට තියෙන සැලකිල්ල වැඩියි තමයි, ඒත් පෙනුමට වඩා වැදගත් වෙන්නේ Service එකේ Quality එකයි. ඒ නිසා අවුලක් නැතුව පුලුවන් උපරිමෙන් Present කරන්න බලන්න. Voice Narration කරන්න කලින් හොඳට Practice කරන්න, නිතරම English කතා නොකරට නියම English Ascent එහෙකින් ඔයාට Present කරන්න පුලුවන් වෙයි. Pronunciation ගැන වැඩිය හිතන්න එපා, ඒත් එහෙම Pronounce කරනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න.

      Camtasia Software එක Download කරගෙන පොඩ්ඩක් සෙල්ලං පාරක් දාලා බලන්න. ඒකෙන් Video හදන්න හරි ලේසියි, ඉස්සරහට ඒ දේවල් ගැනත් ලියනවා, ඒත් දැන්ම නම් ලියවෙන්නේ නැහැ. ඒක නිසා Youtube එකේවත් Video Tutorial ටිකක් බලන්න.
      3. මේක නම් හරියටම කියන්න දන්නේ නැහැ, 100% Legal විදිහට කරනවනම් QuickBook එකෙන් අහලා බලන්න Logo එක ඔයා හදන Video එකට දැම්මට අවුලක් නැද්ද කියලා. එහෙම අවුලක් වෙන එකක් නැති වෙයි.

      Fiverr කියන්නේ Internet Marketing පටන්ගන්න හොඳ තැනක්, ඒත් ලොකු Projects ඒකේ කරන එක Efficient වැඩක නෙමෙයි. මොකද ගාණ වැඩි වෙනකොට කැපෙන Fee එකත් වැඩි වෙනවා. ඒ නිසා Fiverr එකේ වැඩ කරලා ඔයාගේ Work Portfolio එක හදාගන්න, ඊට පස්සේ ඔයාගෙම Business Website එකක් හදලා ඒක හරහා වැඩ ගන්න ලොකු ගණන්වලට. ඕක තමයි මගේ Plan එක, ඕවා ගැනත් ඉස්සරහට කියනවා, දිගටම කියනවන්නකෝ.

      Best Wishes,
      Shyam.

      Reply
  6. Ishara Ruwan says

    July 8, 2013 at 8:22 pm

    Thanks Shyam yaluwa mata loku idea ekak awa gig proposals gena. Thanks. carry on.

    Reply
  7. Isuru says

    July 9, 2013 at 10:31 am

    Machan mama mulinma godak thanks karanawa me widiyata watina dewal apita dena 1 gana. Ratak widiyata Information technology paththen issarahata yana gamanata mama bokken support denawa.mama dan sathi 2k withara wenawa oyage blog 1 dakala. mama danata sathiyakata kalin fiverr patan gaththa.mama web developer kenek. But thawama igena gannawa. Graphic design karannath puluwan.mama gig damme ewa kiyala.gig 5k withara damma.
    Eth mama images damme mama karapu graphic design walai,web site walai screen shots.logo samples tikakuth damma.ewage fiverr gana design kale ne.ithin Oders awe ne.videos hadala damme ne. Habai mage gig visit karala thiyenewa.mama ehema dapu 1 mage account 1 ta balapanawada? mama ewa ain karanna onada? mata puluwan widiyata reply karanna. Thanks.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      July 9, 2013 at 11:30 am

      Hi Isuru,
      ගොඩක් සතුටුයි Web Developer කෙනෙක් නම්, මොකද මාත් ආසම වැඩේ තමයි Web Engineering කියන්නේ. ඒ වගේම හොඳ ඉල්ලුමක් තියෙන දෙයක්. මට නම් වටිනම Occupation එක වෙන්නේ Web Engineering. මේ වගේ Services දෙනකොට Past Work, Sample Work පෙන්වන එක තමයි වැදගත්ම දේ. ඒත් එක Image එකක හරි අර විදිහට Full Details දාන්න, ඊට පස්සේ අනිත් Images 2කේ Sample Work Screenshot දෙක තුනක් දාන්න.කොහොමහරි Try එකක් දීල ඔක්කොම දේවල් ටික Complete කරගන්න බලන්න.

      ඒත් මේ දේවල් උදව්වක් වෙනවා, නමුත් Self-Promotion කරන්න ගත්තම තමයි හොඳම Results එන්නේ. ඒක ගැන ඉස්සරහට ලියන්න ඉන්නේ. ඔයා Gigs අයින් කරන්න ඕන නැහැ, Service එකට හොඳ Demand එකක් තියෙනවනම් විතරයි. Demand එකක් නැති ඒවා අයින් කරාට අවුලක් නැහැ. Service එකට Demand එකක් තියෙනවා කියන්නේ අනිත් දේවල් කොහොමහරි Optimize කරොත් Sales එනවා කියන එකයි. තව දෙයක් එකට අම්බානෙට Gig Impressions එනවා කියන්නේ Gig එකට Fiverr System එකෙන් හොඳ Support එකක් ලැබෙනවා කියන එක. මගෙත් Gig එකක් තියෙනවා දවසට 3K වගේ Impressions එනවා හැබැයි Sales එන්නේ නැහැ. ඒ නිසා ඔයාගේ ඒ Gig එක අයින් කරන්න එපා, පුලුවන් උපරිමෙන් ඒ Gig එක Optimize කරලා Sales ගන්න.

      නිතරම Fiverr කරද්දී Gig එක දාලා Sales එනකන් බලාගෙන ඉන්න නෙමෙයි, කොහෙන් හරි Sale එකක් ගන්න බලන්න. ටිකක් හිතන්න ඔයාට Gig එක Promote කරන්න පුලුවන් ක්‍රම. මගේ ලිස්ට් එක මං ලඟදිම ලියන්නම්.

      Best Wishes,
      Shyam.

      Reply
      • Isuru says

        July 9, 2013 at 11:47 am

        Thanks machan reply kalata……
        machan mama video 1k hadanakota eka mage voice 1n present karanna onada?nathnam mama music 1k ekka phtos walin eka hadala dammata kamak nedda?
        *anith problem 1 thamai mama account 1 haduwe hotspot sheald walin IP wenas karala USA widiyata.mama Hotspot sheald use nokara mage computer 1n ma log unath mage account 1ta balapamak wenawada? Wena computers walin log wenna epa kiyala mama ahala thiyenawa.
        *anith 1 thamai FB likes ehema denawa kiyana gig 1kata monawage images da danna ona? Please reply…
        Karana waakatauthu dinen dina sarthaka wenna kiyala prarthana karanawa.

        jaya wewa….!!!

  8. Geeth says

    July 13, 2013 at 11:27 am

    ෂා… සෑහෙන මහන්සි වෙලා ලියල තියනවා. ඉතා හොඳ ලිපියක්. වැඩි වැඩියෙන් sales ලැබෙන්න ඕන. Camtasia tips ටිකකුත් දාන්න.

    Reply
  9. sumith says

    July 17, 2013 at 12:35 am

    machan man oyage post okkoma baluwa.kohoma thanks karannada kiyala hithaganna ba.ea nisa man mehema kiyannam? “Thanks X 10000000 ……..”.ethin hithaganna puluwanne.machan mama fiverr karanna wela thama 5 month wage.man graphic design karanne.gig 8k dala thiyenawa,eth gig 5 k vitharay sells wenne. mage gig wala godak adupadu thiyenawa.dan mata ewa hadaganna puluwan.oyata welawak thiyena vidihata pahatha karunu ganath liyanna,
    1.Fiverr Gig twitter/pinterest/google/forum wala promote karanne kohomada?

    2.buyers la nithara gawasena forum monawada?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      July 17, 2013 at 6:02 am

      ගොඩක් සතුටුයි, ඔයා මේ දේවල් කියවලා හරියට කරන එක ගැන. ඒ වගේම මේක නියම Comment එකක්. මොකද ලියන්න අවශ්‍ය දේවල් කියලා තියෙනවා.

      ඔයාට ඔය ක්‍රම 2ක වගේම තව ගොඩක් Strategies කියවන්න ලැබෙයි ළඟදිම. සමහරවිට ඊළඟ පෝස්ට් එකට පස්සේ එකෙන් වගේ පුලුවන් වෙයි. ඒ දේවල් ඔක්කොම කලොත් දවසට Sale එකක්වත් එන්න ඕනා. තව Fiverr System එකේ Safe Zone ගිහින් Fiverr වලින්ම තව Gig එකට Exposure & Sales ගන්නේ කොහොමද වගේ දේවල් එනවා, වෙලාව ආවාම ඒවා Publish වෙයි. 🙂

      Reply
  10. Sanjeewa says

    July 20, 2013 at 11:30 pm

    godak watina deyak oya karanna. loba nathiwa kiyala dena akata godaaaaak thanks. “2.buyers la nithara gawasena forum monawada?” meka gana tikak kiyanna barida. oyata jaya wewa !.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      July 21, 2013 at 7:54 am

      ඔයා Provide කරන Services වලට අනුව තමයි Forum තීරණය කරන්න ඕනා. Online Marketing සම්බන්ධ ඒවට හොඳම එක WarriorForum, මොකද ඒකේ ඉන්නේ Black Hat කාරයෝ නෙමෙයි. ගොඩක් අය White Hat Marketersලා.

      Reply
  11. kasun charitha says

    November 29, 2013 at 11:12 pm

    Iplus,vimasum lagen passe kiyawapu supirima supiri gindara blog eka. aye eke dekak na… supirima practical blog eka. loke tiyena lokuma pina karanne uba tama… taman danna deya abamal renuwaktaramwath nosagawa an ayata kiyadeema. digatama liyanna anik aya wage maga nawattanna epa…patta watinawa.
    kataragama dewi hamuduruwange pihita arakshaawa laba dinen dina diyunuwata pathwewa……..

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      November 29, 2013 at 11:30 pm

      Thanks! දිගටම ලියනවා. ඔයාටත් පුලුවන් ඒකට පොඩි Support එකක් දෙන්න යාළුවන්ටත් මේ Blog එක ගැන කියලා. eg: Giving a +1.

      Reply
  12. Sumith says

    November 29, 2013 at 11:22 pm

    Best post.Thank you very very good.

    Reply
  13. janaka says

    March 29, 2014 at 4:00 pm

    Nice post…..

    mama me lagadi thama fiverr walata awe,matath podi aulak thiyenawa.a thama api gen Gig akak dala iawara wela apita aka lebena kiyamuko mama aka karala ita passe oder karapu kenata aka kala kiyala pennanne kohomada? api proof akak vidiyata yawanna one monawada? mata a gen tkak kiyala dennako kohomada hariyatama wede iwara wenne kiyala
    thank You.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 1, 2014 at 9:22 am

      ඔයා කරන දේ අනුව යවන්න ඕන Proofs ටික වෙනස්වෙනවා. Order එකක් ආවාම Order Page එකේ තියෙනවා උඩම “Deliver Now” කියලා කොළපාටින්. වැඩේ කරලා ඉවරවුනාම ඒක Click කරලා Files Attach කරල යවන්න පුලුවන්.

      ඕක ගැන වැඩි විස්තර වෙනම පෝස්ට් එකකින් ලියන්නම්.

      Reply
  14. Channa says

    May 6, 2014 at 11:58 pm

    Patta Pata pata pata pata pata paaaaataaaa

    Reply
  15. Narmada Gamage says

    May 15, 2014 at 11:00 am

    Oyage post kiyawala godak dewal denagatta.. math fiverr ekata aluten log una kenek. gig ekak create karaddi, image add karanna denne eka image ekai, 1st image eka add karala anik images 2 add karanna plus mark eka click kalata popup eka enne naha. man use chrome browser eka, a gana poddak kiyanwada ? eka common issue ekakda?
    Thank you.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      May 15, 2014 at 11:09 am

      සමහර වෙලාවට Fiverr එකේ PopUps එහෙම වැඩ කරන්නෙ නැහැ. දෙපාරක් තුන්පාරක් Click කරන්න වෙනවා. එහෙම කරලා බලන්න. ඒත් හරියන්නේ නැත්නම් Firefox Use කරන්න. මට නම් Chrome අල්ලන්නෙම නෑ. නැත්නම් First Time Gig එක Save කරලා ආයෙත් edit ගිහින් Images Upload කරන්න.

      Thanks ඔයාගේ Comment එකට

      Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Email Newsletter!

අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හැටි හා එම ව්‍යාපාරය නිවැරදිව සාර්ථක කරගන්න හැටි කියවන්න කැමතිද?

ඒ වගේම Internet Marketing ගැන SLMarketer විසින් ලියවෙන හැම ලිපියක්ම ඔයාගේ Inbox එකට ගන්න කැමතිද?

එහෙනම් SLMarketer Email Newsletter එකට දැන්ම Join වෙන්න.

Fiverr Success

What’s Your Passion?

ඔයාගෙන් මම ඇහුවොත් ඔයා කියවන්න ආසම කරන Topic එක මොකක්ද කියලා, ඔයා මොකක්ද දෙන උත්තරය? SLMarketer එක ඔයත් මීට කලින් එකපාරක් හරි කියවලා ඇති.


දිගටම ඔයා අන්තර්ජාල අලෙවිකරණය ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ Survey එක Fill කරලා ඒක ගැන අපට කියන්න.


→ Tell Us Your Passion NOW
Get Targeted Traffic, Increase Sales! Get Your Own Domain Name Shrink Your Links Get Your Payoneer Card With $25 Earn by Sharing Internet Earn Free Crypto Get Your Crypto Wallet on Coinbase Get Your Crypto Wallet on Binance

සම්බන්ධ වෙමුද?


Follow @SLMarketer

SLMarketer RSS Feed Subscription!

ජනප්‍රිය ලිපි

  • අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඔයාගේ Skill එකෙන් පටන්ගන්න හොඳම තැන
  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Payoneer හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න
  • ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද?
  • ඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව Publish කරන්න
  • අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථක ක්‍රම 3ක්
  • Payoneer Account එකට මුදල් දැමීමට හැකි ක්‍රම
  • සාර්ථක Fiverr Gigs කිහිපයකින් Living Income එකක් හොයන්න
  • Payoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්න
  • ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හෝ Internet Marketing වලට නවකයෙක්ද?

හොඳම Shared Hosting!

HostGator Discount

අලුත්ම ලිපි

  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්
  • High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න
  • SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

කර්තෘ ගැන…

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 6ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.   Read More…

Email Newsletter

විශේෂ ලිපි, ඊ-පොත්, වීඩියෝ මග පෙන්වීම් ආදිය හා පළවන සෑම ලිපියක්ම ඔබේ ඊ-මේල් එකටම ගෙන්වා ගන්න.

හොයන්න

[footer_backtotop]

Copyright © 2025 SLMarketer.com • අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සින්හලෙන් ඉගෙනගන්න.
සියලුම අන්තර්ගතයේ අයිතිය SLMarketer.com අඩවිය සතුය. · A Site By ScorpionGod Lair