• Home
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Fiverr Sinhalen — FUPS

SLMarketer

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන්න ඉගෙනගන්න

Earn Free Bitcoin
  • Social Media Marketing
  • Affiliate Marketing
  • Online Marketing
  • WordPress
  • BlogSpot
  • Blogging
  • SEO
You are here: Home / Online Marketing / අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඔයාගේ Skill එකෙන් පටන්ගන්න හොඳම තැන

අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඔයාගේ Skill එකෙන් පටන්ගන්න හොඳම තැන

April 21, 2013 By ෂ්‍යාම් චතුරංග 58 Comments

Fiverr කියන්නේ දැන් ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ සයිට් එකක්නේ. ඉතින් මෙතන ඉඳලා Fiverr ගැන ගොඩක් දේවල් කියන්න තමයි දැන් SLMarketer.com පටන්ගන්න හදන්නේ. අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ලේසිම තැන තමයි මේක, ඒ කොහොමද කියලා ඉස්සරහට කියන්නම්. හැබැයි ලේසී කිව්වට කලින් ලිපියේ දාපු වැරදිමත වලින් Fiverr දිහා බලන්න එපා. ඔයා කවදාවත් ඒක කරන්නේ නෑ..!!!

What is Fiverr?

Fiverr කියන්නේ Online Mini MarketPlace එකක්. ඒ කියන්නේ අන්තර්ජාලයේ තියෙන පොළක්, Shopping Complex එකක් වගේ තැනක්. ඔයා Shopping Complex එකකට ගියාම ඒකේ එක එක ජාතියේ භාණ්ඩ හා සේවාවන් තියෙනවා. Shopping Complex එකේ තියෙන හැම භාණ්ඩයක්ම, හැම සේවයක්ම ඔයාට ලැබෙන්නේ යම්කිසි මුදලකට. මුදල් දුන්නේ නැති වුනොත් ඔයාට ඒ දේවල් ලැබෙන්නේ නෑ. ඒ වගේම තමයි Fiverr කියන තැනත්.

Fiverr එකේත් භාණ්ඩ හා සේවාවන් තමයි විකිණෙන්නේ, හැබැයි මාධ්‍ය වෙනස්. ඇත්තම කිව්වොත් Fiverr එකේ විකිණෙන්නේ නැති දෙයක් නැති තරම්. දැන් ඔයා හිතනවා ඇති, මේ Fiverr කියන්නේ Online MarketPlace එකක් නිසා, ඕකේ විකුණන්න පුලුවන් Online හෝ Digital දේවල් විතරයි කියලා, එහෙම එකක් නැහැ. මෙතන කලින් කිව්වා වගේ ඕන දෙයක් විකුණන්න පුලුවන්. Fiverr වල විශේෂත්වය තමයි ඕන දෙයක් $5යි. ඉතින් Fiverr කියන්නේ $5ට වැඩකරන පුද්ගලයා.

උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. දැන් ඔයා යනවා Shopping Complex එකකට. ඒක ඇතුලේ ඉන්න Sellersලා එයාලා විකුණන භාණ්ඩ හා සේවාවන් තියාගෙන ඉන්නවා. එක ඇතුලට ගියපු ඔයා ඒක ඇතුලේ කැරකෙද්දි එක එක ජාතියේ, ලස්සන දේවල් දකිනවා. ඉතින් ඔයා ඒ එක දෙයක් මිලදීගන්නවා. එතනදී ඔයා ගත්තේ Entertainment දෙයක්.

තව ටිකක් ඉස්සරහට යනකොට ඔයාට පේන්වා ඔයා කියවන්න ආසම කරන Sci-Fi Stories, Science ගැන පොත් ටිකක්. ඉතින් ඔයා ඒකෙනුත් එක පොතක් මිල්දීගන්නවා. එතකොට මෙතනදී ඔයා ගත්තේ Valuable Book එකක්.

මං හිතන්නේ දැන් ඔයාට Idea එක තේරෙනවා ඇති. ඔය විදිහට ඔයා Shopping Complex එක වටේ යද්දී ඔයට අවශ්‍ය දේවල් එක එක පේන්න ගන්නවා. ඉතින් ඔයා ඒ දේවල් ගන්නව. මෙතනදි ඔයා ආස දේවල් වගේම ඉගෙනගන්න අවශ්‍ය දේවලුත් ගත්තා. මේ දේම තමයි Fiverr එක ඇතුලෙත් වෙන්නේ. මේ පුන්චි උදාහරණය මෙහෙම කියන්න පුලුවන්.

මිනිස්සුන්ගේ අවශ්‍යතා හා වුවමනා ලස්සනට, අවංකව Fulfill කරනකොට ඒකට ඉල්ලුමක් ඇතිවෙනවා.

ඔයා මොනාහරි දෙයක් කරන්න යනකොට වෙන්නේ මොකක්ද? කොහොමද කරන්නේ? කියලා දැනගෙන පටන්ගන්න. එත්කොට ඔයාට වරදින තැන් ගොඩක් අඩු වෙනවා.
කෙටියෙන්ම කිව්වොත් Fiverr එක ඇතුලේ යන්නේ මිනිසාගේ වුවමනාවන් තෘප්තිමත් කිරීමයි. ඒ නිසා ඔයාට තෘප්තිමත් කරන්න හොන්ද Want එකක් හෝ අඩුම තරමේ Need එකක්වත් මතකයට එන්නේ නැත්නම් මුලින් එකක් මතක් කරගන්න Fiverr එකේ වැඩ කරන්න කලින්.

Why Fiverr..?

ඔයා සමහරවිට දැන් ලෝක ප්‍රසිද්ධ Freelancer, oDesk වගේ සයිට් ගැන දන්නවා ඇති, සමහරවිට ඒවා කරන්න උත්සහා කරනවත් ඇති. මං Post එක පටන්ගනිද්දිම කිව්වා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පටන්ගන්න හොඳම තැන Fiverr කියලා. Fiverr කියන සයිට් එක අනිත් Freelancer, oDesk, Elance වගේ සයිට් වලට වඩා හොඳ වෙන්නේ, පටන්ගන්න ලේසී වෙන්නේ මේ දේවල් නිසා.
➠ $5 එහෙමත් නැත්නම් රු.700 අවදානමේ දාන්න බැරි ගාණක්ද? මං එහෙම හිතන්නේ නැහැ. ඒ වගේම ලෝකේ ගොඩක් දෙනා හිතන්නෙත් එහෙම. ඉතින් මේ $5 කියන පුන්චි ගාන නැතිවුනා කියලා ඒ තරම් පාඩුවක් වෙන්නේ නෑනේ. ඒ නිසා Fiverr Sales වලින් පිරුන තැනක් වෙනවා අයාසයකින් තොරවම.

අපිට පුලුවන් මේ කියන දේ අපේ, ඒ කියන්නේ Fiverr Seller කෙනෙක් විදිහට වාසියට හරවා ගන්න. මේ නිසා තමයි මුලින්ම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පටන්ගන්න කෙනෙකුට වුනත් මේකෙන් ඒතරම් අමාරුවක් නැතුවම සාර්ථක වෙන්න පුලුවන් කියලා කිව්වේ.

➠ චුට්ටක් හිතන්නකෝ, වෘත්තිය මට්ටමේ Freelance Sites වලින් Project එකක් කරගන්න ගියාම යන වියදම. මේ කියන්නේ ඒ යන වියදම වැඩියි කියලා නම් නෙමේ. ඒක තමයි සමාන්‍ය Market Prize එක. ඉතින් ඒ වගේ ගාණක් වියදම් වෙන එක කිසිම අවුලක් නැහැ.

වෘත්තිය මට්ටමේ Freelance සයිට් එක්ක සසඳලා බලද්දී Fiverr කියන්නේ Cheap Online MarketPlace එකක්. මේක තමයි ප්‍රධානම හේතුව Fiverr සාර්ථක වෙන්න බලපාන.

➠ Fiverr වලට වැඩිපුරම එන්නේ Online Marketersලා. මේ අය එයාලගේ ලොකු Project Outsource කරගන්න තමයි Fiverr වලට නිතරම වගේ එන්නේ.

Outsource කියලා කිව්වේ ලොකු Project එකක් පොඩි පොඩි කෑලි වලට කඩලා ලාභෙට කරගන්න එකට කියලා කියන්න පුලුවන්.වෘත්තිය මට්ටමේ Freelance සයිට් එකකින් එකපාර එක Project එකකට ගන්න ගාණ වගේ ගාණක් ලැබෙන්නේ නැති වුනාට $5කට වඩා ගන්න පුලුවන් වෙන්නේ මේ නිසා.

➠ $5 කියන්නේ ගොඩක් පුන්චි ගාණක් විදිහට ඔයාට පේන්න පුලුවන්. ඒත් ඔයා හිතන තරම් $5 පුන්චිත් නැහැ, Fiverr චාටරුත් නැහැ. ඔයා තාමත් Fiverr කරන්න පටන්ගත්තේ නැත්තේ එක වැඩකට $5 ලැබෙන නිසාද?

එහෙනම් මෙහෙම හිතන්නකෝ.ඔයාට එක වැඩකට ලැබෙන්නේ $5. ඔයාට දවසට වැඩ 10ක් එනවා. ඉතින් මාසෙට වැඩ 300 එනවා, ඒ කියන්නේ 300 * 5 = $1500. දැන මොකද ඔයා කියන්නේ? මේ ගාණත් මදිද? මේ වගේ අදායමක් සාමාන්‍ය මනුස්සයෙක්ට ලැබෙන්නේ නැහැ. ඒත් ඔයා සාමාන්‍ය කෙනෙක් වෙලත් Fiverr වලින් මේ වගේ ආදායමක් ගන්න පුලුවන් වෙලා තියෙනවා.

දැන්වත් ඔයාට පේන්වද Fiverr වල තියෙන Potential එක එහෙමත් නැත්නම් Fiverr වලින් හොයාගන්න පුලුවන් ආදායම.

➠ වෘත්තිය මට්ටමේ Freelance සයිට් එකකින් සාර්ථක වෙන්න ටිකක් අමාරුයි. ඒකට Reputation, Portfolio & Profile Completion වගේ දේවල් බලපානවා. අනික Project එක දෙන කෙනාට Risk එකේ දාන බැරි ගාණක් වියදම් කරන්න වෙන නිසා, එයා හොන්දම කෙනාව තමයි තෝරගන්න බලන්නේ.

නමුත් Fiverr වල එහෙම දේවල් අවශ්‍ය නැහැ. පළවෙනි Sale එක 24hr ඇතුලත වුනත් ගන්න පුලුවන්.

හරි එහෙමනම් දැන් ඔයා Fiverr වල වටිනාකම දන්නවනේ, Fiverr ගැන තව ලිපි 10ට වඩා ලියන්න තියෙනවා. ඒ නිසා තව ගොඩක් දේවල් Fiverr ගැන කියන්න බලාපොරොත්තු වෙනවා.

ඔයා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න තාමත් අලුත් කෙනෙක්නම් ඔයාට ලොකු විශ්වාසයක් නැතුව ඇති මේ දේවල් ගැන. ඒත් මං මේ Fiverr ලිපි Set එක ලියන්න දැන් පටන්ගත්තා. මේක පටන්ගත්තු දවසෙම මං ඔයාට දෙයක් ගැන Guarantee වෙනවා. ඔයා මේ ලිපි ඔක්කොම හරියට කියවලා ඒ විදිහට System එක පිළිපැද්දොත් ඔයාට අනිවාර්යෙන් පළවෙනි සතිය ඇතුලත Sales 3වත් එනවා.

දැන් කියන්නම් මගේ Fiverr Career එක ගැන චුට්ටක්, එතකොට ඔයාට මේක කරන්න පුලුවන් දෙයක් කියලා හොඳටම තේරුම් යයි.

මං Fiverr වල මුලින්ම Account එකක් හැදුවේ 2011 ජුනි 11. ඒත් මං එදා නෙමෙයි Fiverr කරන්න පටන්ගත්තේ. ඒ තමයි මං මුලින්ම කරන්න කියලා හිතලා Fiverr Account එකක් හැදුව දවස.

මුලින්ම හැදුව දවසේ Fiverr එකේ Potential තියෙන එක තේරුනේ නැහැ. ඉතින් Gig එකක් දාන්න කම්මැලි හිතුනා, අර තියෙන Form ටික ඔක්කොම පුරවලා. ඒත් ලංකාවේ Blog එකක් වෙන IPlusBlog එකේ යාළුවගේ Revenue Proofs දැක්කට පස්සේ වැඩේ(Potential!) තේරුනා. ඊට පස්සේ ආයේ වෙනම Fiverr ගිණුමක් හැදුවා අනිත් ගිණුම Fiverr Customer Support එකට කියලා අයින්කරගෙන.

ඒ ගොඩක් විශේෂ දවසක. ඒ තමයි 2011 නොවැම්බර් 11. ඉලක්කමෙන් කිව්වොත් 11/11/11
ඔය දවසේ තමයි පළවෙනි Gig එක දාලා වැඩ පටන්ගත්තේ. ඒත් මං හරියටම උනන්දුවෙන් කරන්න පටන්ගත්තේ 2012 අගෝස්තු වල. හැබැයි ඊට කලිනුත් මුකුත් නොකර $68 හෙව්වා. කොහොමහරි 2012 අගෝස්තු වලින් පස්සේ තමයි කතාවේ පට්ටම හරිය පටන්ගත්තේ. පහළින් තියෙන්නේ ජූලි වල ඉඳලා මගේ Fiverr ආදායම.

★1. July – Just only $8 revenue.
★2. August – $20 බැහැලම පටන්ගත්තු මාසය.
★3. September – $28
★4. October – $203
★5. November – $388
★6. December – $322
★7. January(2013) – $332
★8. February – $795
★9. March – $472

ඔන්න නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි මාසවල Income Report එකත් එක්කම. හොන්ද Quality Image එකක් බලන්න රූපය උඩ කරන්න.

Fiverr Revenue Report

November Fiverr Income Report

Fiverr Revenues

December Fiverr Income Report

Fiverr Income

January Fiverr Income Report

Fiverr Income Guide

February Fiverr Income Report

කොහොමද පෙබරවාරි මාසයේ ආදායම? පෙබරවාරි මාසයෙ ආදායම ලංකාවේ මුදල් වලින් 100K පැන්නුවා. මෙන්න මේකත් බලන්නකෝ 2017 දි මම කරපු Fiverr Withdrawal එකක්.

ඉතින් ඔයාටත් ඒ විදිහට හොයන්න ආසද? මේ Fiverr ගැන Post Series එකම ඔයාට තමයි.
මේ එක ලිපියක් ලියන්න මගේ අනිත් වැඩ දවසෙම වගේ නවත්වන්න වෙනවා. සමහර වෙලාවට වැඩ කරන්නත් හොන්ඳ මනසක් අවශ්‍යයි. Mood එක අවුල් වුනාම කරන වැඩෙත් හරියන්නේ නෑ. ඉතින් ඊළඟ ලිපිය ලියන්න ඔයාලගේ උදව් ඕනා.

මේ Fiverr ගැන ලියපු පළවෙනි ලිපිය කියවන හැමෝම Google+, Facebook Share කරලා යාළුවන්ට කියන්න. මේ ලිපියට හොඳ Google+, FB Shares (20-30) ප්‍රමානයක් ලැබුනම අනිත් ලිපිය ලියන්නම්. කියවන හැම කෙනාම Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඊළඟ Fiverr ගැන ලියන ලිපිය ඔයාගේ ඊ-මේල් එකට ගන්න පහළින් Subscribe වෙන්න. කලින් කිව්වා වගේ මේ ලිපි Series එක අවසානයේ ඔයට හොඳ Fiverr Sales ප්‍රමානයක් එනවා..!

ඔයාගේ Living Income එක Fiverr හරහා හොයන්න කැමතිද? FUPS එකේ සඳහන් නොවන Fiverr Strategies දැනගන්න ආසද? එහෙනම් ඔයාගේ Email එක ලියලා Subscribe වෙන්න.!

Tweet
Email

Filed Under: Online Marketing

මේ වගේම තවත් ලිපි

  • Fiverr Business එකට ගින්දර Boost එකක් දෙන්න SEO වලට පුලුවන්ද?Fiverr Business එකට ගින්දර Boost එකක් දෙන්න SEO වලට පුලුවන්ද? (29)
  • Effective Fiverr Promotion එකක් ගන්න Simple Tips 10ක්Effective Fiverr Promotion එකක් ගන්න Simple Tips 10ක් (28)
  • ඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව Publish කරන්නඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව Publish කරන්න (16)
  • Fiverr V2 Features වලින් උපරිම ප්‍රයෝජන ගන්නFiverr V2 Features වලින් උපරිම ප්‍රයෝජන ගන්න (8)
Sovrn
හැම ලිපියම කාටත් කලින් ඔයාගේ ඊ-මේල් එකට එවන්නද..? එහෙමනම් ඔයාගේ ඊ-මේල් එක ඔතන ලියලා Subscribe ඔබන්න. ඔබලා මේල් එකක් එයි, ඒකේ Link එකත් Click කරන්න.

About ෂ්‍යාම් චතුරංග

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 5ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.

Comments

  1. Sandeep Saranga says

    April 21, 2013 at 6:54 pm

    පට්ට මචන් උබට ජය වේවා..!!

    Reply
    • Harsha says

      January 18, 2014 at 2:22 am

      wow මරැ maru

      Reply
  2. Amil says

    April 21, 2013 at 7:00 pm

    ඇත්තටම සහෝ නියම මතෘකාවක් ගැන කථා කරන්නේ. Fiverr කියන්නේ අනිවාර්යයෙන් ඩෝලර්ස් හොයන්න පුළුවන් සයිට් එකක්, හැබැයි තමන් මොනයම් දෙයකට හෝ දක්ෂ වෙන්න ඔනි. හොද Gig එකක් හදලා වැඩේ පටන් ගත්තෝත් අනිවා සල්ලි සුවර්. මමත් fiverr වලින් මාසේකට අඩුම $300ක් වත් හොයනවා..

    Reply
  3. sanjeewa darshana says

    April 21, 2013 at 7:08 pm

    niyamai kolla. digatama karagena yanna. good luck…!!!!

    Reply
  4. radika says

    April 21, 2013 at 7:18 pm

    math help karanum al end wela

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 21, 2013 at 8:20 pm

      හොන්ද වටින පෝස්ට් ලියන්න පුලුවන් නම් Guest Writer කෙනෙක් විදිහට ලියන්න එන්න.

      Reply
  5. thilina says

    April 21, 2013 at 7:42 pm

    matath meka gena dena ganna oni poddak mata help akak denawada man mukuth danne ne

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 21, 2013 at 8:38 pm

      දිගටම SLMarketer එක්ක ඉන්න. Fiverr Post Series එක අවසානය වෙද්දි ඔයාට Fiverr සාර්ථක වෙන්න තරම් දැනුමක් ලැබෙනවා.

      Reply
  6. Zucker Bug says

    April 22, 2013 at 7:49 am

    nice one, keep it up.

    Reply
  7. Geeth says

    April 22, 2013 at 10:51 am

    මාත් IPlus ගෙන් දැනගෙන තමයි පටන්ගත්තේ 2012. හැබැයි තවම orders 9යි $36. ඔයාට තව තවත් earn කරන්න ලැබෙන්න කියල පතනවා. බය නැතිව ඊලංග ලිපිත් ලියන්න. අපි අනිවාර්යෙන් කියවනවා.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 22, 2013 at 10:57 am

      මං කලින් ඉඳලම Fiverr ගැන අහලා තිබුනට Kick එක ආවේ IPlusBlog එකේ Revenue Proofs වලින්. ඔයාට Orders එන්නේ නැහැ වගේ. මේ ලිපි Series එකෙන් පස්සේ ඔයාට අනිවාර්යෙන් Orders එන්න පටන් ගනියි. 🙂

      Reply
  8. nayana says

    April 22, 2013 at 12:57 pm

    jaya wewa

    Reply
  9. Ishan says

    April 26, 2013 at 8:22 pm

    keep it up bro

    Reply
  10. Nilantha Balasooriya says

    April 29, 2013 at 2:40 pm

    mamath fiverr karanawa. eken witarai matath $ hoya ganna puluwan une.

    Reply
  11. apemalanka says

    April 29, 2013 at 8:04 pm

    ela post eka yaluwa….. thawath daanna post… obata jaya

    Reply
  12. Akila says

    April 30, 2013 at 8:29 am

    එල ලිපිය, මේකේ ඊළඟ එකත් ඉක්මණට දාන්න. පුළුවන්නම් blog archive වගේ widget එකක් දාන්නකෝ.

    Reply
  13. Akila says

    April 30, 2013 at 8:32 am

    ඔයාගේ eng blog එක වැඩ කරන්න තව ගොඩක් කල් යනවද????

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 30, 2013 at 9:21 am

      ඔව් ඒක දැන්ම Launch කරන්නේ නැහැ.

      Reply
  14. Chaminda says

    May 12, 2013 at 5:11 pm

    මචං මමත් fiverr කරන්න පටන් ගත්තේ IPlusBlog එකේ තිබුන ලිපි ටික සහ ගීක් එකේ තිබුන ලිපි ටික කියවලා මේ අවුරුද්දේ මුලදී….. තාම මට ඇවිලා තියෙන්නේ ඕඩර් දෙකයි, එකියන්නේ $8ක් වගේ තමයි හොයලා තියෙනේ….

    ඔයාට තව තවත් ඕඩර් එන්න කියලා ප්‍රර්ථනා කරනවා…. ඉක්මනට මේ ගැන ඉතිරි ලිපි ටික දාන්න අපි බලන් ඉන්නවා ඒ ටිකත් කියවන්න

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      May 12, 2013 at 5:34 pm

      මේ ටිකේම මුකුත් ලියන්න බැරි වුනා, මේ මාසේ Fiverr ටිකක් Busy වැඩියි. වෙලාව ලැබුන ගමන් ලියන්නම්.

      Reply
  15. malith says

    July 11, 2013 at 4:20 pm

    macho, fiverr gena posts okkoma thina tag eka mokakda me site eke.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      July 11, 2013 at 4:49 pm

      මේකේ උඩම තියෙන ටික Fiverr ගැන – Online Marketing

      Reply
  16. Yasith says

    July 24, 2013 at 10:18 pm

    Gig එකක් නිවැරදිව දාන විදිය කියල දෙනවද ? ඕඩර්ස් වැඩියෙන් ලැබෙන විදියට..
    මම අද රෙජිස්ටර් උනේ මේක කියවලා.. ඔයාට ගොඩක් ස්තූතියි

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      July 25, 2013 at 9:53 am

      Gig එකක් දාන හැටි වගේම අලුත් Fiverr v2 Features & Tools වලින් උපරිම වැඩ ගන්න හැටි ඊළඟ පෝස්ට් එකෙන් කියන්නම්. මං දානකං ඉන්න එපා, ඔයා චුට්ටක් හිතලා පටන්ගන්න, මොකද මං සම්පූර්ණයෙන් Ultimate Post Series එක ලියලා ඉවර වෙනකොට ටික කාලයක් ගිහිල්ලා…

      ඉක්මනින්ම ඊළඟ ලිපිය ලියන්න බලන්නම්. මට හොඳටම Internet Slow වෙලා තියෙන්නේ දැන් 🙁

      Reply
  17. ZerO-TecH says

    July 31, 2013 at 3:45 am

    පට්ට මචං

    Reply
  18. Roshane says

    September 20, 2013 at 7:31 pm

    Ela Machn.. Mamath Fiverr eke wada patan gatte iplusblog.com eke posts tika kiyawala.. Danata Maasayak wenawa.. loku sarthakathwayak naa.. shape eke 1st month revenue $12 … Thanks for sharing your knowledge!!!

    Reply
  19. sangeeth says

    October 13, 2013 at 9:28 am

    meke chek ekakin chashout karanna puluwandha?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      October 13, 2013 at 10:50 am

      Check withdrawal option ekak Fiverr eke tama naha.

      Reply
  20. Lahiru says

    October 18, 2013 at 9:06 am

    Fiverr gana tyna oyage blog post tika piliwelata hayaganna bahane… help meee

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      October 18, 2013 at 9:48 am

      Sidebar එකේ අලුත්ම ලිපි වල එක දිගට තියෙන්නේ Fiverr ගැන ලියපු ඒවා තමයි. එච්චර අමාරු වෙන්න විදිහක් නැහැ මොකද අන්තිමට Publish කරලා තියෙන්නේ Fiverr ගැන විතරයි.

      Reply
  21. usitha says

    October 22, 2013 at 7:34 pm

    niyamai kolla…………..

    Reply
  22. Dimuth Tharindu says

    November 23, 2013 at 5:48 pm

    මම අද ඉදන් කරන්න පටන් ගන්නවා.PTC වගේ දේවල් try කරලා කරලා එපා වෙලා තිබුනේ..
    තැන්ක්ස් ඔයාට.

    Reply
  23. pubba says

    November 28, 2013 at 2:12 am

    good job bro!

    Reply
  24. harsha says

    December 10, 2013 at 10:17 am

    machan maru. mare maru!
    oyata puluwanda mata Fiverr gena mula idala igana ganna site ekak Denna???

    Thank you!
    Harsha.

    Reply
  25. Madhawa Habarakada says

    January 12, 2014 at 9:54 pm

    හොඳ, වටිනා ලිපි පෙළක්.

    Reply
  26. irishsanhome says

    January 22, 2014 at 8:54 pm

    I’m in Fiverr Level 1. I want to achieve other levels. but it’s no easy. I want to earn more on fiver.
    Thanks

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      January 24, 2014 at 12:06 pm

      ඔයාගේ නමින්ම Comment කරන්න පුරුදුවෙන්න.

      Level 1 වලට ආවනම්, Level 2 යන එක අමාරුවක් නැහැ. මේ Fiverr Ultimate Post Series එකේ දැනට ලියලා තියෙන ඔක්කොම ටික කියවන්න. ගින්නක් නැතුව Level 2 වලට යන්න පුලුවන්. මේ Series එකට තව 3-4ක් වගේ එන්න තියෙනවා. ඒවා ආවම අනිවා අනිත් Levels වලට යන්න පුලුවන් ඔයාට.

      Reply
  27. Kanishka says

    February 16, 2014 at 12:32 pm

    mama blog eke post okkoma kiyewwa machan thanks a lot.Freelancer ganath puluwannam post liyahanko 😀

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      February 16, 2014 at 2:02 pm

      මේ Fiverr Ultimate Post Series එකෙන් ඕනම Freelance Marketplace එකක වැඩකරන්න පුලුවන්. මොකද, Strategies ඔක්කොම වගේ එකයි, Interface එක පොඩ්ඩක් වෙනස් එච්චරයි. Freelancer වලත් මේ දේවල් Try කරලා බලන්න. 🙂

      Reply
  28. Lakshan Karunaratne says

    February 18, 2014 at 9:01 pm

    බොහොම ස්තුතියි සහෝදරයා මේ කරන උදව් වලට. උබ නිසා මමත් ගොඩ ගියා.
    මමත් බ්ලොගියක්‌ කරනවා මේ ටොපික් එක ගැන, පොඩ්ඩක් එකත බලන්න.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      February 18, 2014 at 9:05 pm

      මේකට මම කලින් ගිහින් තියෙනවා. මේක Zucker Bug ගේ නේද?(FB eke)

      Reply
  29. Priyantha says

    February 21, 2014 at 5:21 pm

    මේ විෂය ගැන සිංහලෙන් කියවන්න ලිපි ඇත්තේම නැති තරම්. ඒ නිසාම මේක ඔයා අපට කරන ලොකු මෙහෙවරක්. දැනුම තියෙන අයත් මෙහෙම නිතම්ම දීල දාන්නෙ නෑනෙ. ඒ අතිනුත් මාර great…! wish you all the best brother.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      February 28, 2014 at 11:13 pm

      Thanks Priyantha. ඔයත් යාලුවන් එක්ක Blog එක Share කරලා පොඩි Support එකක් දෙන්න. 🙂

      Reply
  30. Chinthaka says

    February 25, 2014 at 10:16 am

    ස්තුතියි දැනුවත් කරාට.

    Reply
  31. Buddhika Gayashan says

    February 28, 2014 at 10:58 pm

    Wede niyamai… Digatama liyanna…

    Reply
  32. chathu says

    February 28, 2014 at 11:02 pm

    i’m new comer.try to success.wish u too.. 🙂

    Reply
  33. Gayan Dulantha says

    March 2, 2014 at 9:17 pm

    Shyam aiye niyama post ekak
    Thanks!!

    Reply
  34. Duminda Deshapriya says

    March 5, 2014 at 4:10 pm

    umba nam shira porak… danna de loba nathuwa denawa…eka machan ela

    Reply
  35. janaka says

    March 28, 2014 at 9:23 pm

    Elzzz…

    Reply
  36. Janitha Kumara says

    March 30, 2014 at 2:10 pm

    mama meka gena kisima deyak danne na kohomada wisthara dana ganne?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 1, 2014 at 9:19 am

      SLMarketer එකේ Fiverr ගැන Post Series එකක් ලියලා තියෙන්නේ. FUPS කියවන්න.

      Reply
  37. Isuru Kalinga says

    April 30, 2014 at 2:46 pm

    mama kamathi oya waga fiver site ekan money gana.ekata oya dana saport ekata mama oyata hugak thanks karana kamathi.oyata suba anagathayak.

    Reply
  38. nimashi sathsarani says

    May 2, 2014 at 1:45 pm

    mama kamathi oya wage fiver site aka margayen salli hamba karanna gedarata wela nikam enna akane. oya dena support 1ta v, thanx ok all the best

    Reply
  39. chanaka says

    May 4, 2014 at 11:34 pm

    ela mcn niyama post akak!!!!!!!

    Reply
  40. Channa says

    May 6, 2014 at 11:47 am

    Elada bara Gal debara,,, Jayawewa kolla, Suppaaaa

    Reply
  41. Sanjaya says

    May 18, 2014 at 5:33 pm

    නියම ලිපි ටික , හොදට පැහැදිලිව ලියල තිබ්බා. ඔයගේ Earning ගැන ගොඩක් සතු‍ටුයි තව වැඩි වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..

    Reply
  42. Darshana says

    June 10, 2014 at 4:01 pm

    “කොහොමද පෙබරවාරි මාසයේ ආදායම? පෙබරවාරි මාසයෙ ආදායම ලංකාවේ මුදල් වලින් 100K පැන්නුවා.” Meke February wala 100K pannuwa kiwata mata eka pahadili ne.Fiveer walin hamba wela thiyane $408 neda.ethakota paypal walatai payneer walinui kohomada salli awe.total eka $795 une kohomada.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 10, 2014 at 4:11 pm

      FUPS එක ඉස්සරහට කියවගෙන යනකොට මං කියලා තියෙනවා PayPal වලට Direct Orders ගන්න එක ගැන ටිකක්. ඒ විදිහට තමයි PayPal වල ගාණ හැදෙන්නේ. ඒ වගේම ඔතන PayPal වල තියෙන ගාණට Fiverr එකේ සල්ලි ඇතුලත් නෑ.

      PayPal වලට සල්ලි ගන්නවා වගේම Payoneer Account වලටත් Customerට කියලා සල්ලි Load කරගන්න පුලුවන්, ඒ විදිහට ගත්තු ගාණ තමයි Payoneer Screenshot එකේ තියෙන්නේ.

      ඔයාට HD Screenshot එක බලාගන්න පුලුවන් Image එක Click කරාම. FUPS එකේ ඉස්සරහට Publish වෙන්න තියෙන Postsවල Fiverr එකෙන් අල්ලගන්න Customersලගෙන් PayPal Direct Orders ගන්න හැටි ගැන තව විස්තර කියන්න්න ඉන්නේ. 🙂

      Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Email Newsletter!

අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හැටි හා එම ව්‍යාපාරය නිවැරදිව සාර්ථක කරගන්න හැටි කියවන්න කැමතිද?

ඒ වගේම Internet Marketing ගැන SLMarketer විසින් ලියවෙන හැම ලිපියක්ම ඔයාගේ Inbox එකට ගන්න කැමතිද?

එහෙනම් SLMarketer Email Newsletter එකට දැන්ම Join වෙන්න.

Fiverr Success

What’s Your Passion?

ඔයාගෙන් මම ඇහුවොත් ඔයා කියවන්න ආසම කරන Topic එක මොකක්ද කියලා, ඔයා මොකක්ද දෙන උත්තරය? SLMarketer එක ඔයත් මීට කලින් එකපාරක් හරි කියවලා ඇති.


දිගටම ඔයා අන්තර්ජාල අලෙවිකරණය ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ Survey එක Fill කරලා ඒක ගැන අපට කියන්න.


→ Tell Us Your Passion NOW
Get Targeted Traffic, Increase Sales! Get Your Own Domain Name Shrink Your Links Get Your Payoneer Card With $25 Earn by Sharing Internet Earn Free Crypto Get Your Crypto Wallet on Coinbase Get Your Crypto Wallet on Binance

සම්බන්ධ වෙමුද?


Follow @SLMarketer

SLMarketer RSS Feed Subscription!

ජනප්‍රිය ලිපි

  • අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඔයාගේ Skill එකෙන් පටන්ගන්න හොඳම තැන
  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Payoneer හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න
  • ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද?
  • ඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව Publish කරන්න
  • අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථක ක්‍රම 3ක්
  • Payoneer Account එකට මුදල් දැමීමට හැකි ක්‍රම
  • සාර්ථක Fiverr Gigs කිහිපයකින් Living Income එකක් හොයන්න
  • Payoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්න
  • ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හෝ Internet Marketing වලට නවකයෙක්ද?

හොඳම Shared Hosting!

HostGator Discount

අලුත්ම ලිපි

  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්
  • High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න
  • SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

කර්තෘ ගැන…

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 6ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.   Read More…

Email Newsletter

විශේෂ ලිපි, ඊ-පොත්, වීඩියෝ මග පෙන්වීම් ආදිය හා පළවන සෑම ලිපියක්ම ඔබේ ඊ-මේල් එකටම ගෙන්වා ගන්න.

හොයන්න

[footer_backtotop]

Copyright © 2025 SLMarketer.com • අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සින්හලෙන් ඉගෙනගන්න.
සියලුම අන්තර්ගතයේ අයිතිය SLMarketer.com අඩවිය සතුය. · A Site By ScorpionGod Lair