• Home
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Fiverr Sinhalen — FUPS

SLMarketer

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන්න ඉගෙනගන්න

Earn Free Bitcoin
  • Social Media Marketing
  • Affiliate Marketing
  • Online Marketing
  • WordPress
  • BlogSpot
  • Blogging
  • SEO
You are here: Home / Online Marketing / Effective Fiverr Promotion එකක් ගන්න Simple Tips 10ක්

Effective Fiverr Promotion එකක් ගන්න Simple Tips 10ක්

October 16, 2013 By ෂ්‍යාම් චතුරංග 28 Comments

මේ වෙනකන් Fiverr ගැන කිව්ව දේවල් එක්ක ඔයාට Fiverr ගැන ගොඩක් ලොකු අදහසක් ඇති. Fiverr කියන්නේ Online Marketplace එකක් මේ වගේ Marketplace එකක සේවා සපයන පිරිසට කියන්නේ Freelancersලා කියලා. ඉතින් මේ වගේ Marketplace එකකින් ලබන්න පුලුවන් පට්ටම දේ මුදල් නම් නෙමෙයි, ඒ වටිනම දේ එක වචනයකින් කිව්වොත් – Marketing.

ඔයාට හරියට Marketing or Promotion පැත්ත බලාගන්න බැරිනම් එතන මුදල් හොයන්න පුලුවන් හැකියාවක් නෑ.

Effective Fiverr Promotion Marketingගොඩක් Fiverr කරන අය Promotion ගැන හිතන්නේ වත් නෑ, ඉතින් මෙහෙම නොහිතා ඉන්න කට්ටියගෙන් බාගයකටවත් Fiverr Orders එන්නේ නෑ. Marketing ගැන හිතන්නේ නැති ගොඩට දැනට Fiverr වල හොඳ Income එකක් හොයන අයවත් අයත් වෙන්න පුලුවන්. කොහොමවුනත් මේ ගැන හිතන්නේ නැතුව ඉඳලත් සාර්ථකයි කියලා කියන්න පුලුවන් අයට එහෙම වටිනා අවස්ථාවක් ලැබිලා තියෙන්නේ Fiverr වලින් කරන Targeted Promotion එක නිසයි.

මේ Fiverr වලින් නොමිලේම කරන Promotion එක ලබන්න ඔයාට සුදුසුකම් ටිකක් තියෙන්න ඕනා. කිසිම දෙයක් නිකං ලැබෙන්නේ නෑ, හැමදාම Gig එක දාලා නිකං බලාගෙන හිටියොත් සාර්ථක වෙන්න බැහැ. Fiverr කියන්නේ ලොකු Marketplace එකක්, එයාලට බැහැ එයාලගේ Business එකට හානියක් කරගන්න. කෙටියෙන්, Fiverr විසින් මෙහෙම නොමිලේ Promote කරන්නේ කැපවීමක් තියෙන දක්ෂ Fiverr Sellersලව විතරයි.

ඔයාට එන Customer කෙනෙකුට හොඳ තෘප්තිමත් වෙන්න පුලුවන් Service එකක් දෙන්න ඔයාට හැකියාවක් නැත්නම්, එහෙම කෙනෙකුට Promotion එක ලැබිලා තේරුමක් නැහැ වගේම ඒක Fiverr එකට ලොකු Risk එකක්.

මොකද ඒ එන Customer ඔයාගේ වෙන්න කලින් තමයි Fiverr Marketplace එකේ Customer කෙනෙක් වුනේ. වෙනත් විදිහකින් කිව්වොත් ඇතුලෙදි ඔයාගෙන් මොනවහරි Service එකක් ලබන කිසිම කෙනෙක් ඔයාගේ Customer කෙනෙක් නෙමෙයි, ඒ අය Fiverr Marketplace එකේ Customersලා. ඉතින් ඔයාට Fiverr එක එහෙම Promotion එකකින් අරගෙන දෙන කෙනාට උපරිම සේවයක් දෙන්න බැරිනම් එතනදි ඒක Fiverr එකට ලොකු අවුලක් වෙනවා. ඉතින් එන හැම කෙනාටම හොඳ Service එකක් දෙන එක තමයි Fiverr ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ.

ඔයා Professional Fiverr Seller කෙනෙක් කියලා Fiverr System එකට පෙන්වන්න ක්‍රම 10ක් දැන් කියන්නම්. එතකොට ඔයා දැන් ඉන්න Income Level එකට වඩා ඉහළ Income Level එකකට යන්න පුලුවන්.

1. Check your Fiverr Account Every Second.

ඔයා එක මාසයකට හරි Day Job එකක් කරපු කෙනෙක් නම් ඔයා දන්නවා ඇති එක දවසක් හරි වැඩට නොගියොත් මොන වගේ තත්වයක්ද ඇතිවෙන්නේ කියලා. එහෙමත් නැත්නම් හිතමුකෝ බොහොම සාමාන්‍ය ව්‍යාපාරයක් වන Shop එකක් ඔයා කරනවා කියලා, එක දවසක් Shop එක Open කරේ නැතිවුනොත් කොච්චර ආතල් එකක් ලැබෙනවද ඒකේන්?

මං Ultimate Fiverr Post Series එක පටන්ගනිද්දිම කිව්වා අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියන්නේ Online Business එකක් කරනවා කියලා. ඉතින් උඩ කිව්ව අවස්ථාවත් එක්ක Fiverr සම්බන්ධ කලොත්…

සමහරවිට ඔයාට දැනටමත් Point එක අවබෝධ වුනා. සරලව, හැමදාම Fiverr Account එකට Log වෙන්න පැයක් දෙකක් ඉඳලා Log Out කරන්න එපා, Computer එක On කරලා තියන හැම වෙලාවෙම Fiverr එකේ Log වෙලා ඉන්න. ඒකේන් ඔයා Active Seller කෙනෙක් කියලා ඔප්පු වෙනවා.

2. Reply Every Message Faster Than Lightening

Online Business එකක Key-Factor එකක් තමයි Perfect Communication. ඉතින් මේක හරියට නැත්නම් Fiverr Seller කෙනෙක් විදිහට වැඩ කරන එක අමාරුයි. ගොඩක් අයට English කියන්නේ ටිකක් ලොකු ප්‍රශ්ණයක්නේ, ඒක ප්‍රශ්ණයක් කරගන්න එපා ඔයාගේ English Knowledge එක දියුණු කරගන්න. Internet තිබුනත් වැඩක් නෑ හොඳ English Knowledge එකක් නැත්නම් මොකද English කියන්නේ හැමදේටම වගේ Vital Factor එකක්.

සමහර අය නිතරම කියන්නේ English දන්නේ නෑ කියලා, ඒත ඔයා කරන්න ඕන දන්නේ නෑ කියන එක නෙමෙයි, ඒකට Action එකක් අරගෙන ඉගෙනගන්න එකයි. ඔයාගේ English Perfect වෙන්න ඕන නැහැ Perfect Communication එකක් කරන්න. ඒ කිව්වේ ඔයාට දියුණු කරගන්න අත්‍යවශ්‍යම දේවල් වෙන්නේ Writing, Understanding.

ඔයාගේ Fiverr Account එකට එන හැම Message එකකටම ඉක්මනට Reply කරන්න. මොනාහරි දේකට බලාගෙන ඉන්න එක ටිකක් අමාරු වැඩක්, ඉතින් ඉක්මනින් Reply කරද්දී ඒක අමාරු දෙයක් නෙමෙයි. පුලුවන් තරම් ඔයා Reply කරනකොට Polite වෙන්න, මෙතනදි Polite කියන්නේ බැගෑපත් වෙන එක නෙමෙයි, Professional විදිහට Potential Customerට Respect කරලා Reply කරන එකයි. ඉක්මන් Reply එකක් කියන්නේ Customerට Quick Boost එකක් වගේ දෙයක්.

පුලුවන් තරම් වැඩේ ගැන විස්තර කරන්න, Message එක ලියන්න කම්මැලි වෙන්න එපා. Potential Customerට ඕනම ප්‍රශ්ණයක් අහන්න කියන්න. එයාට ඔයා ගැන Trust එකක් ඇතිකරවන්න මේ දේවල් ප්‍රමාණවත්. ඒ වගේම මේකත් ගොඩක් වැදගත් දෙයක්. Order එකක් ගන්න කලින් තියෙන කැපවීම, ඉක්මන් Reply කිරීම වගේ දේවල් Order එක ගත්තට පස්සෙත් ඒ විදිහටම තියාගන්න. නැත්නම් Order එක Deliver කරන්න කලින් ඒක Cancel වෙයි. ඔයාගේ Gig එක Customer ගත්තට පස්සේ එයාට ඒ වෙනුවෙන් Thank කරන්න.

3. Surf the Fiverr, Receive the Fiverr Promotion.

මේක ඒ තරම් ලොකු Impact එකක් නැහැ, ඒත් මේකෙනුත් ඔයා Active කෙනෙක් කියලා පේනවා. ඒ වගේම ඔයාට පුලුවන් අනිත් Sellersලා මොනවද කරන්නේ එයාලා Use කරන Strategies මොනවද එහෙම කියලා බලාගන්න. Fiverr Blog එක එහෙම නිතරම කියවලා Comment එකක් එහෙම දාන්න. Fiverr Forum එක කියන්නේ Fiverr Community එකේ Highlight වෙන්න පුලුවන් නියම තැනක්. ඒත් මෙතනින් ලොකුවට Orders එයිද කියලා නම් ලොකු Sure එකක් නැහැ. ඔයා Top Rated Seller වෙන්න සුදුසු නම් මෙතන පොඩ්ඩක් Highlight වුනොත් Top Rated Seller වෙන්නත් Chance එකක් තියනවා.

4. 20 Eggs is Better Than Just 1.

කලින් කියලා දුන්න විදිහට හොඳ Gig Ideas ටිකක් හදාගෙන ඒකෙන් එක Gig එකක් විතරක් දාන්න එපා. එතකොට ලැබෙන Promotion එක ලැබෙන්නේ එක Gig එකකටයි, නමුත් ඔයා 20ක් දැම්මොත් එහෙම ලැබෙන Promotion එක 20ටම ලැබෙනවා. දැන් මොකද කියන්නේ 1ක බිත්තරේද හොඳ, බිත්තර 20ක් දාන එකද හොඳ…?

කවුරුත් Order එකක් ගන්න කැමතියි, ඒවගේම ඒ Order එක 10, 20 හෝ 30ක් කරගන්නත් කැමතියි, ඒත් එහෙම එන්න ගත්තොත් ඔයාට කරගන්න පුලුවන් වෙයිද? එතනයි මට ප්‍රශ්ණය ආවේ. ඉතින් එහෙම ඔයාට එන ඒවා කරගන්න අමාරු වගේ නම් එකම Gig එක වෙනස් විදිහට දාන්න. මෙතනදි පොඩ්ඩක් Tricky වෙන්න වෙනවා මොකද Fiverr CS එකෙන් නැත්නම් Gig එක Deny කරනවා.

ඔයාගේ Gig එකෙන් ලබාගන්න පුලුවන් එක Benefit එකක් නෙමෙයිනේ, නේද? අන්න ඒ Benefit එක එක Gig Title එක කරලා Gig එක හදන්න. ඒ වගේම Description, Title, Videos and Images වගේ හැමදෙයක්ම අලුතෙන්ම ආයේ ලියන්න හදන්න වෙනවා.

5. Kill It With To Do List.

ඊයේ දාපු ලිපියෙන් කිව්වා To Do Page එකේ තියෙන්නේ ඔයා විසින් අනිවාර්යයෙන් කළයුතු කාර්යයන් කිහිපයක් කියලා. ඉතින් මේවා එකක් හරි ඔයා නොකළොත් ඒකේ පාඩුවත් ඔයාටම තමයි. මේ දේවල් ඔයා නොකරද්දි ඒක Fiverr System එකට පේන්නේ ඔයා කිසි වගකීමක් වගේම කැපවීමක් නැති Seller කෙනෙක් කියලා. එහෙම කෙනෙකුට අනිවා Customer කෙනෙක්ව තෘප්තිමත් කරන්න අරමුණක් නැහැනේ.

ඒ නිසා මෙතන පෙන්වන කාර්යයන් ටික කරන්න ඉක්මනින්. ඔයාට බඩගිනි හැදුනම බිස්කට් පැකට් එකක් ඉවර වෙනවා වගේ මේවා එතනට එද්දිම කරලා ඉවර කරන්න.

මෙතන ඉතින් කරන්න කියලා එන්නේ මේ දේවල් තමයි.
1. ඔයාගේ Gig එකක් ගත්තු Customer කෙනෙක්ට Rate කරන්න.
2. ඔයාට ආපු Order එකක් Deliver කරන්න.
3. ඔයාට එන Messages වලට Reply කරන්න.

6. Capture the Buyer Requests.

මේක තාමත් වටින දෙයක් වගේම හැමදාම කළයුතු දෙයක්. නිකමට හැමදාම කරලා බලන්න ඔයාටම තේරුම් යයි Sales එන ගතිය ටිකක් වැඩියි කියලා. මේ කිව්වේ Buyer Requests වලින් යවන කට්ටිය ගන්නවා කියලා නෙමෙයි. ඒ Fiverr එකෙන් කරන Promotion වලින් ලැබෙන Sales තමයි.

ඔයා No Fiverr Level නම් ඔයාට Offer 1ක් යවන්න පුලුවන්. Level 1 නම් 3ක් යවන්න පුලුවන්. Level 2 නම් 5ක් යවන්න පුලුවන්. Top Rated Seller නම් 10ක් යවන්න පුලුවන්. ඒ නිසා යවන්න පුලුවන් උපරිම ගාණ යවන්න Improvement එකක් ඔයාටම පෙනෙයි.

7. Be a Positive Review Lover.

Positive Review එකකට සරලව අවශ්‍ය වෙන්නේ Customerව උපරිම විදිහට තෘප්තිමත් කරන එකයි! මේ දේවල් ගැන ටිකක් හිතන්නකෝ අනිවා ඔයාට Positive Review ගන්න එක ඒතරම් ගේමක් වෙන්නේ නෑ.
1. නිතරම Polite විදිහට Customerට Message කරන්න.
2. Customerට අවශ්‍ය මොකක්ද කියලා තිතටම දැනගන්න, එයාට ඕන දෙයක් අහන්න කියන්න.
3. Customerට අවශ්‍ය දේ ඒ විදිහටම Deliver කරන්න.
4. වැරැද්දක් තියෙනවනම් ඒක හදලා දෙන්න.
5. Deliver කරනකොට Customerට වැදගත් වෙන ලොකු Bonus Package එකක් යවන්න.

මේ ඔක්කොමත් කරලා Customerට වැඩේ Satisfy නැත්නම් කෙලින්ම Order එක Reject කරලා Customerට Mutual Cancellation එකක් එවන්න කියන්න. මේ අවස්ථාවේදී ඔයා ගොඩක් ඉවසීමෙන් තමයි Message කරන්න ඕනා මොකද ඔයාට තදවුනා කියලා මුකුත් කරන්න බැහැ. කොහොමහරි Customer ඉන්නේ කතාකරලා අර විදිහට Mutual Cancellation එකක් එවන්න පුලුවන් තත්වෙක නෙමෙයි නම් කෙලින්ම Fiverr Customer Support එකට කතාකරලා කියන්න ඔයා පුලුවන් හැමදේම කරා ඒත් Customer Satisfy නැති නිසා Order Refund කරන්න ඕන කියලා.

මෙතනදි ඔයාට සල්ලි නැතිවුනත් Reputation එක නැතිවුනේ නැහැ. සල්ලි වලට වඩා වැදගත් වෙන්නේ ඒ දේවල් තමයි!

8. Never Cancel an Order.

ඔයාට Fiverr Order එකක් Cancel කරන්න පුලුවන් ක්‍රම 4ක් තියෙනවා, හැබැයි ඒ එක ක්‍රමේකින් වත් Cancel කරන එක අනුමත කරන්න බැහැ. මොකද එන Customer කෙනෙකුව Satisfy කරන්න බැරි එක ගොඩක් වෙලාවට Sellerගේ වැරැද්දක්. ඔව්, Customerගේ වැරදිත් තියෙනවා ඒත් Seller Smart නම් වැරදි තියන කෙනෙක්ව උනත් Satisfy කරන්න පුලුවන්.

ඒත් එහෙම කියලා එන හැම Customerවම Satisfy කරන්න බැහැ, ඒ වගේ අවස්තාවල ඔයාට Cancel කරන්නම වෙනවා.

ඒ නිසා හොඳ කෙනෙක් නම් කොහොමහරි උත්සහා කරලා ඒයාව Satisfy කරන්න බලන්න. බැරිම නම් විතරක් Cancel කරන්න. පහළ තියෙන්නේ Cancel කරන්න තියෙන ක්‍රම 4.
1. ඔයා විසින් Force Cancel කිරීම – මේක බරපතල වැඩියි.
2. Customer විසින් Force Cancel කිරීම – හොන්ඩටම බරපතලයි.
3. ඔයා විසින් Mutual Cancellation කිරීම – මේකත් අවුල්.
4. Customer විසින් Mutual Cancellation කිරීම – ඒ තරම් අවුලක් නැහැ.

9. Create a Killer Fiverr Gig.

ඔයාට මං නියම Tutorial එකක් දුන්නනේ කොහොමද Killer Fiverr Gig එකක් හදන්නේ කියලා ඉතින් ඒකේ විදිහට Gig එක හදනවනම් මේ Strategy එක කොහොමත් ඔයා කරලා ඉවරයි. මෙතනදි Gig Images හා Gig Video එක ගැන හොඳට හිතන්න.

10. Don’t Pass The Red Mark

ඔයා Gig එක හදනකොට හොඳට හිතලා බලලනේ Duration or Deliver Date එක දාන්නේ. ඉතින් එන Order එකක ඔයා මේ Guarantee වුන Delivery Date එක පයින එක ඒ තරම් හොඳ ලක්ෂණයක් නෙමෙයි. නිතරම වෙලාවට වැඩකරන්න වගේම වෙලාවට Deliver කරන්න පුරුදුවෙන්න. ඔයා එක Order එකක් හරි Late වුනොත් ආයේ සමාවක් නැහැ ඒ වගේම ඔයාටම තේරේවී Orders එන එක හොඳටම අඩු වෙනවා කියලා.

Delivery Date එකට කලින් Deliver කරන හැමෝටම වගේ හොඳ Income එකකට ලේසියෙන්ම යන්න පුලුවන් OffSite Fiverr Promotion කරන්නෙම නැතුව. හැබැයි ඊටත් වඩා පට්ට තැනකට යන්න පුලුවන් OffSite Fiverr Promotion කලොත්. කැමතිද ඒවත් දැනගන්න? යටින් Comment කරන්නකෝ මගේ Private ලිස්ට් එක ඔයාටත් කියවන්න පුලුවන්!

ඔයාගේ Living Income එක Fiverr හරහා හොයන්න කැමතිද? FUPS එකේ සඳහන් නොවන Fiverr Strategies දැනගන්න ආසද? එහෙනම් ඔයාගේ Email එක ලියලා Subscribe වෙන්න.!

Tweet
Email

Filed Under: Online Marketing

මේ වගේම තවත් ලිපි

  • Fiverr Business එකට ගින්දර Boost එකක් දෙන්න SEO වලට පුලුවන්ද?Fiverr Business එකට ගින්දර Boost එකක් දෙන්න SEO වලට පුලුවන්ද? (29)
  • ඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව Publish කරන්නඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව Publish කරන්න (16)
  • Fiverr V2 Features වලින් උපරිම ප්‍රයෝජන ගන්නFiverr V2 Features වලින් උපරිම ප්‍රයෝජන ගන්න (8)
  • Fiverr v2 එක්ක Long-Term Fiverr Business එක පටන්ගන්නFiverr v2 එක්ක Long-Term Fiverr Business එක පටන්ගන්න (33)
Sovrn
හැම ලිපියම කාටත් කලින් ඔයාගේ ඊ-මේල් එකට එවන්නද..? එහෙමනම් ඔයාගේ ඊ-මේල් එක ඔතන ලියලා Subscribe ඔබන්න. ඔබලා මේල් එකක් එයි, ඒකේ Link එකත් Click කරන්න.

About ෂ්‍යාම් චතුරංග

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 5ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.

Comments

  1. Sameera says

    October 16, 2013 at 1:05 pm

    Thank you for your valuable service.Your articles are very clear.

    Reply
  2. Ishara Ruwan says

    October 18, 2013 at 1:23 pm

    Yaluwa article eka super. mamath gig 2k dala masa 2kata wedi. orders 3i thama e tikath awe pahugiya dawas 3di. matath denaganna one fiverr offsite promotion tips. Puluwanda kiyala denna?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      October 18, 2013 at 6:20 pm

      ඔයාට ආපු Orders 3ට වඩා ගොඩක් Orders ඉක්මනින් ගන්න පුලුවන් ඔක්කොම Promotion Strategies ටික කලොත්. තව ටිකක් කට්ටියගෙන් ඉල්ලුමක් ආවොත් ඒක ඉක්මනටම දානවා. ඒක Real Plan එකක්, හැබැයි කරන්න ලේසියි වගේම දවසට Orders 3වත් එනවා ඔක්කොම කලොත්. ඒ Plan එක තමා මේ Post Series එකේ වැදගත්ම එක වෙන්නේ.

      Reply
  3. ZuckerBug says

    October 18, 2013 at 7:36 pm

    niyamai machan. godak siyum dhewal pawa hodhata wisthara karala thiyenawa. ubata marketing gana mara dhanumak ne thiyenne 🙂

    Reply
  4. Geeth says

    October 21, 2013 at 3:11 pm

    ඔයානම් මේ field එකේ expert කෙනෙක් වගෙයි. super post එකක්. කැමතියි OffSite Fiverr Promotion ගැන දැනගන්න. මොකක්ද අර ඔයාගේ Private ලිස්ට් එක කියවන්න පුලුවන් කියල දාල තිබ්බේ ?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      October 21, 2013 at 3:19 pm

      🙂 ඔව් ඒ මගේ Private List එකක් මංම Brainstorm කරලා හදාගත්තු Fiverr Gig Promotion කරන්න.

      Reply
  5. ravindu says

    October 22, 2013 at 9:20 pm

    mata account ekak hadana hati kiyla dennko.mta meka hodata vaduna.mn gdk asai me side ekaata.ekai.plzz help mee

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      October 23, 2013 at 8:23 am

      මේක කියවන්න >> https://www.slmarketer.com/fiverr-v2-design-walkthrough/

      Reply
  6. Pranath says

    November 3, 2013 at 10:31 pm

    machan mamath Fiverr karanawa August wala wage thamai mama patangaththe…patangaththa dawas walama wage eka order ekak aawa Australian Customer kenekgen..uuta wade satisfied nisa thawa ekak dunna…passe kaalayak orders nathuwa indala October anthimedi aawa Gig order ekak…dial ekata nam maaara happy mata dan gig 12 ka order ekak deyi wage..thawa orders 4k dunna..normally patangannakota me wage situation ekakda machan thiyenne?? mama ada thamai umbe blog eka dakke…mama karanne Article Writing…thawa issarahata jobs set weida? mama ara SEO gena denagena hitiye na dan mama e widiyata gig eka optimize karaa…thanks! ara umbe private listing kathaawa genath poddak kiyapanko..

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      November 4, 2013 at 8:00 am

      Hi Pranath,
      Article Writing කියන්නේ හොඳ Demand එක තියෙන වැඩක්. දිගටම කරගෙන යන්න ඉස්සරහට ඔයාට නිකන් ඉන්න කාලයක් නැතිවෙයි. Gig එක දාලා එන Orders ටික විතරක් කරලා හිටියම ඒ වගේ තමයි.

      මං කලින් කියපු Tips 10 එහෙම හරියට වෙනවා නම් හොඳයි. Article Writing වලදී Unlimited Repeated Customersලා ඇතිවෙන්න පුලුවන්. ඒක අනිත් Services වලට වඩා තියන වාසියක්. ඒත් Article Writing වලටත් වඩා පට්ටයි Copywriting කරානම්.

      Copywriting දන්නවනම් ඒකෙනුත් Gig එකක් දාන්න. දවස ගානේ අලුත් Products & Services එළියට එනවා.

      Best Wishes,
      Shyam.

      Reply
  7. GD2012 says

    November 11, 2013 at 11:24 pm

    Thanks wenawa machan me adahas tikata… thanks again and again. man Level 1 unata me tike jobs nathuwa htye.. Dan podi wenasak karala balanna one.. 😀

    Reply
  8. dilz says

    November 14, 2013 at 11:42 pm

    Super mchan! fatta post eka.. math thama online marketng ekata aluth.. fiverr gena nodath godak dewal me post eken dena gaththa..puluwan nam offsite fiverr promotion eka genath post ekak demmoth godak wativee… thanks..

    Reply
  9. max says

    November 17, 2013 at 7:06 pm

    patta machn. digatama mehema karagena yanna. thanx 🙂

    Reply
  10. Sumith says

    November 30, 2013 at 1:46 am

    Malli oya fiverr gana liyala thiyena post ethamath pahadiliy,visistay.math fiverr karanna wela masa 8 k vithara wenawa.man fiverr graphic design karanne.mama fiverr gana kisima deyak danagena newey account eka haduwe.ea nisa mata hugak than waraduna.krame ahu wenakota samahara dewal niwaradi karannath bari wela thiyenawa.oyage post meta kalin hamba unanam kiyala wadak na.oya kiyala thiyena hama dema aththa.hugak denek fiverr gana post liyanne kole wahala.ewa balala thamay mata waradune.man thama level 2.harinam me wenakota ‘Top rate’ inna one.oya kiyala thiyena vidihata aluth aya fiverr patan gaththoth,aniaryen 6 month wenakota Top rate wenna puluwan.mage gig walath edit karanna hugak dewal thiyenawa.

    1.ara oya kiuwa neda “Fiverr Marketplace eken ena Customer kenekge order ekak api Cancel karoth orders hodatama adu wenawa kiyal” eka matath una.adata 1 week wenawa kochchara buyer request kalath order 1k awe na.

    2.thawa hugak dewal yhiyenawa kiyanna eth wela na.

    *matath oyage Private List denna. obata jaya.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      November 30, 2013 at 8:44 am

      Thanks. තවත් නියම Comment එකක්. Order එකක් Cancel කරලා වැඩේ අවුල් කරගත්තම ටිකක් අමාරුයි. ඒත් ඔයාට Level 2 Account එකක් තියෙනවා. ඒකට ඔයාට උදව්කරන්න පුලුවන් Limit එකක් තියෙනවා. කොහොමහරි Buyer Requests වලට යවලා Order එකක් ගන්න, ඊට පස්සේ ආයෙත් එන්න ගනීවී.

      දැන් Fiverr එකෙන් Auto යවන Gig Offer එක පට්ටම චාටර් ඒ නිසා ඔයා ආයෙත් විස්තර කියලා ඒ කෙනාට Message එකක් දාන්න.

      Fiverr වලින් Promotion ගන්න බැරිනම් Outside Fiverr Promotion එකක් ගන්න බලන්න. ඊළඟට ලියන පෝස්ට් එක තමයි මේ Ultimate Series එකේ වැදගත්ම එක වෙන්නේ, මොකද ඒකේ ලියන දේවල් Fiverr එකට වගේම ඔනම දෙයකට පාවිච්චි කරන්න පුලුවන්.

      කම්මැලි නැතුව ඒ ලිස්ට් එකේ දේවල් කලොත් දවසට Orders 10උනත් ගන්න පුලුවන්. හැබැයි ඉතින් අරගෙන කරන්න පුලුවන් නම් විතරයි. 😉

      Reply
      • Sumith says

        November 30, 2013 at 12:53 pm

        ok.man ehemawath karala balannam.thanks

  11. thimeth says

    December 13, 2013 at 4:50 pm

    සිර පොස්ට් එකක්. මත් මාසයක් දෙකක් කටබලියන් හිටිය මේ වගේ වැදගත් කිසිම දෙයක් මගේ ගිග් වලට නොකර. අපරෙදේ කියල හිතෙනවා දැන් ඒ කාලේ.. මේ ගැන මට ආසාවක් අවේ උඹේ මේ බ්ලොග් එක කියවල. මාරු. ඇත්තටම සුපිරි. ඉතින් මන් මේකෙන් ඉගනගතපු දේවල් මගේ ගිග් වලට යෙදුවා, එත් තවම buyer කෙනෙක් සෙට් උනේනම් නැ. එත් මන් උත්සාහය අතහරින්නේ නැ.fiverr ගැන තවත් දේවල් අපිට කියල දෙන්න කියල උඹට බොක්කෙන්ම මතක් කරනවා. ජය වේවා!!

    Reply
  12. Sanjaya says

    January 5, 2014 at 1:04 pm

    මම එකේ බැලුවා Medical service විකුනන්න පුලුවන්ද කියලා ඒත් එව්ව එච්ච්‍ර ජනප්‍රිය නැහැ වගේ නේද..?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      January 5, 2014 at 3:05 pm

      නැහැ, අපිට එහෙම හිතන්න බැහැ හරියටම. සමහරවිට ඔයාගේ Gig Potential Customersලට අහුවෙන්නේ නැතුව ඇති. එහෙමත් නැත්නම් ඔයාට ආපු gig Idea එකට Demand එක අඩු ඇති. මේ කොහොමවුනත් වැඩේ අත්හරින්න එපා.

      Health & Fitness සම්බන්ධ Medical Services වලට නම් දැනට Market එකේ ලොකු ඉල්ලුමක් තියෙනවා. Example එකක් විදිහට Weight Loss දෙන්න පුලුවන්.

      Reply
  13. thushan says

    January 29, 2014 at 3:56 pm

    machan mama fiverr gig 2 k damma mulin orders 5k wage awa.eth dan enne nahane.anthima eka nam delay una yawanna…ayeth orders ganna vidiyak kiyapanko machan.
    mata tawa account ekak mage pc ekema hadala 2 ma use karanna puluwanda ?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      January 29, 2014 at 4:00 pm

      Delay විතරද වුනේ නැත්නම් Negative Review එකකුත් ලැබුනද? මොන අවුල ආවාත් ආයෙත් Sales ගන්න පුලුවන්, මේ Series එකේ කියලා තියෙන දේවල් කරන්න. අනිවා Sales එනවා. මුලින්ම කම්මැලිකම අයින්කරලා මේ දේවල් ඒ විදිහටම Follow කරන්න.

      Account 2ක් හදලා අහුවුනොත් Banned තමයි!

      Reply
  14. රො‍ෂාන් says

    January 31, 2014 at 5:06 pm

    maxxxxxx thank you bro..!

    Reply
  15. sotthi says

    February 22, 2014 at 12:05 pm

    machan fiverr gena thiyena serama article tika kiyawanne kohomada kiyala kiyannako

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      February 28, 2014 at 11:11 pm

      මේකට ළඟදීම වෙනම Page එකක් එයි. දැනට මේකෙන් බලන්න.
      >> https://www.slmarketer.com/tag/fiverr/

      Late Reply එකට ටිකක් Sorry ආහ්.

      Reply
  16. shalika says

    March 14, 2014 at 11:48 pm

    malli mama thama godakma aluth.oyage private list eka matath dennako.aththama kiyanne gig ekak danna a kisima deyak mama danne na. oyata puluwanda kiyala denna mata.ekko karanna ona monada kiyala mata therum karala denna malliyo. godak thanks oyat.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      March 20, 2014 at 2:34 pm

      Fiverr පටන්ගන්න හැටි SLMarketer – Fiverr Ultimate Post Series එකෙන් ඉගෙනගන්න පුලුවන්. යාළුවන්ටත් කියන්න FUPS එක ගැන.

      >> https://www.slmarketer.com/tag/fiverr/

      Reply
  17. janaka says

    March 29, 2014 at 10:25 am

    Fatta…..

    Reply
  18. Shakya says

    May 9, 2014 at 7:36 pm

    මචන් උඹට ගොඩාක් ස්තූතියි මේ කරන දේට. මම කිසිම INCOME එකක් නැතුව ඔහේ මොනවද කරන්නේ කියල හිත හිත ඉන්නකොටි මේ SITE එක ගැන ආරංචි වුනේ. මේකේ ගොඩක් දේවල් ඉගන ගත්තා. හරිම පැහැදිලි විදිහට තියෙන්නේ. මම අද ඉදන් ෆිවෙර්ර් ACCOUNT එකක් හදල වැඩේට බහින්නයි ඉන්නේ. දිගටම ලියපන්. උඹට ජය. මචන් අර PRIVATE ලිස්ට් එක ගැනත් කියපන්.

    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Email Newsletter!

අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හැටි හා එම ව්‍යාපාරය නිවැරදිව සාර්ථක කරගන්න හැටි කියවන්න කැමතිද?

ඒ වගේම Internet Marketing ගැන SLMarketer විසින් ලියවෙන හැම ලිපියක්ම ඔයාගේ Inbox එකට ගන්න කැමතිද?

එහෙනම් SLMarketer Email Newsletter එකට දැන්ම Join වෙන්න.

Fiverr Success

What’s Your Passion?

ඔයාගෙන් මම ඇහුවොත් ඔයා කියවන්න ආසම කරන Topic එක මොකක්ද කියලා, ඔයා මොකක්ද දෙන උත්තරය? SLMarketer එක ඔයත් මීට කලින් එකපාරක් හරි කියවලා ඇති.


දිගටම ඔයා අන්තර්ජාල අලෙවිකරණය ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ Survey එක Fill කරලා ඒක ගැන අපට කියන්න.


→ Tell Us Your Passion NOW
Get Targeted Traffic, Increase Sales! Get Your Own Domain Name Shrink Your Links Get Your Payoneer Card With $25 Earn by Sharing Internet Earn Free Crypto Get Your Crypto Wallet on Coinbase Get Your Crypto Wallet on Binance

සම්බන්ධ වෙමුද?


Follow @SLMarketer

SLMarketer RSS Feed Subscription!

ජනප්‍රිය ලිපි

  • අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඔයාගේ Skill එකෙන් පටන්ගන්න හොඳම තැන
  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Payoneer හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න
  • ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද?
  • ඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව Publish කරන්න
  • අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථක ක්‍රම 3ක්
  • Payoneer Account එකට මුදල් දැමීමට හැකි ක්‍රම
  • සාර්ථක Fiverr Gigs කිහිපයකින් Living Income එකක් හොයන්න
  • Payoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්න
  • ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හෝ Internet Marketing වලට නවකයෙක්ද?

හොඳම Shared Hosting!

HostGator Discount

අලුත්ම ලිපි

  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්
  • High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න
  • SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

කර්තෘ ගැන…

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 6ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.   Read More…

Email Newsletter

විශේෂ ලිපි, ඊ-පොත්, වීඩියෝ මග පෙන්වීම් ආදිය හා පළවන සෑම ලිපියක්ම ඔබේ ඊ-මේල් එකටම ගෙන්වා ගන්න.

හොයන්න

[footer_backtotop]

Copyright © 2025 SLMarketer.com • අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සින්හලෙන් ඉගෙනගන්න.
සියලුම අන්තර්ගතයේ අයිතිය SLMarketer.com අඩවිය සතුය. · A Site By ScorpionGod Lair